danny01
03-28-2010, 06:34 PM
දිළිඳුකම නිසා ඇති දැඩි කිරීමට මඟක් නැතිය කියමින් සිය මෑණියන් විසින් කළු ගඟට විසි කරනු ලැබූ අමිල සඳරුවන් ළදරුවා දින කිහිපයක් අසාධ්ය තත්ත්වයෙන් සිට සෙනසුරාදා රිජ්වේ ආර්යා රෝහලේදී අවසන් හුස්ම හෙළුවේය. එදිනම රාත්රී ඔහු මෙරට බොහෝ දෙනකුගේ සිහිනයන්හි අනාරාධිතව පෙනී සිටිමින් ප්රශ්න ගණනාවක් ඇසුවේය. ඉන් සමහරක් මෙසේය.
[සිය මවගෙන්]
අනේ ඇයි රත්තරං අම්මෙ මාව ගඟට විසි කළේ? උස්සගෙන ගෙදර යන්න බර වැඩි වුනාවත්ද?
[සිය පියාගෙන්]
අනේ ඇයි රත්තරං තාත්තෙ, කන්න දෙන්න බැරිනම් මාව මේ ලෝකෙට බිහි කළේ? මාව බිහි නොකර වින්දනයක් ගන්න කොන්ඩෝම් එකක් වත් හොයා ගන්න බැරි වුනාද?
[ජනාධිපති මහින්ද රාජපක්ෂ "ආඩම්බර තාත්තා" ගෙන්]
ආඩම්බර මාම මහින්ද චින්තනයෙ කියපු විදියට අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් තුන් දාහක් දීල, සමෘද්ධි දීමනාව 50% කින් වැඩි කරල, ළමයකුට අවුරුදු පහ පිරෙනකල් කිරි ගන්න මාසෙකට රුපියල් දෙසීයකුත් දුන්න නම් අපේ අම්මට මාව කළු ගඟට වීසි කරන්න හිතෙන එකක් නෑ නේද මාමෙ? එහෙම උනා නම් ආඩම්බර මාමගෙ ආඩම්බර පුතාල තුන්දෙනාට වගේම මටත් ‘සුභ අනාගතයක්’ උදාවෙන්න තිබුන නේද? මාම මාව ‘කුක්කු පැටියා’ කියලා උස්සගෙන ඉන්න ෆොටෝ එකකුත් සුදත් අංකල්ට ගන්න තිබුන නේද එහෙනම්?
[විපක්ෂ නායක රනිල් වික්රමසිංහගෙන්]
මං ඉස්පිරිතාලෙ ඇඳේ පණ අදින වෙලාවෙ අංකල් රෝයල් තෝමියන් බිග් මැච් එකට ගිහින් නටල සිංදු කියල පොඩි සොමියක් ගත්ත කියල ආරංචියි. දැන් සන්තෝසද? දරු සෙනෙහෙ දැනෙන්න ළමයි හදන්නම ඕනැද? දුප්පත්කම තේරෙන්න දුප්පත්වෙලා ඉපදෙන්න ඕනැමද අංකල්?
[මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙන්]
රටේ ආර්ථිකය බලා ඉඳිද්දි දියුණු වෙලා, ඒක පුද්ගල ආදායම දෙගුණ වෙලා, අපේ රට මධ්යම ආදායම් ලබන රටක් වෙලා තියෙද්දිත් දුප්පත්ය කියලා මාව ගඟට වීසි කරන්න අපේ අම්මට පිස්සුද අංකල්?
[සෝමා එදිරිසිංහ ගෙන් හා ස්වර්ණවාහිණි පාලනාධිකාරයෙන්]
කල්ල මරේ නේද? මං මැරුණෙ නැත්නම් තව ටිකක් විකුණගෙන කන්න තිබුණ නේද ඇන්ටි?
[සිද්ධිය රූ ගත කළ දික්වැල්ලේ තරුණයාගෙන්]
අයියට කොච්චර හම්බ වුනාද ස්වර්ණවාහිණියෙන්?
[තිලංග සුමතිපාලගෙන්]
අපේ තාත්ත දවස ගානෙ අතට හම්බවෙන සොච්චම දිය කලේ අංකල්ගෙ බුකියෙ. අංකල් ඡන්දෙන් දිනුවමවත් ඔය කාලකණ්ණි බුකී වහනවද?
[සිද්ධිය තලුමරමින් වැලඳු සියළු සත් ගුණවත් ලාංකීය පුරවැසියන්ගෙන්]
මම මැරුණා. දැන් ඒක ඉවරයි. දැන් අයි.ටී. එන්. එකට චැනල් මාරු කරල ‘ඉතිං ඊට පස්සෙ’ බලන්න කාලෙ හරි නේද?