View Full Version : මිනිසා
heshi32
03-30-2010, 09:50 AM
හැමෝටම වැදගත්වෙයි කියලා හිතලා මිනිස් සිරුර පිළිබඳව ජීව විද්යාත්මක තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා
http://i43.tinypic.com/24lsj1k.jpg
Science & Mathz Society (http://www.elakiri.com/forum/group.php?groupid=119)
post දාන්න කලින් මේක ගැන ඔයාලගේ අදහස් ටිකක් දැනගන්න එක හොඳයි කියලා හිතෙනවා.
මේ ගැන ඔයාලගේ අදහස් දෙන්න.එවා සලකා බලලා post දාන්නම්...
nelik
03-30-2010, 11:45 AM
hodai machan me dewal walata kauruth kamathiiii....
karagena yanna ela wedak machan :top:
Dhamatrix
03-30-2010, 11:50 AM
බොහොම හොදයි :)
අපිත් පුලුවන් උදවුවක් දෙන්නම් :yes:
Science & Mathz Society (http://www.elakiri.com/forum/group.php?groupid=119)
mad1357
03-30-2010, 11:58 AM
එල වැඩේ නියමයි
Elcid
03-30-2010, 02:21 PM
හොද වැඩක් මචන්. අපේ සහයෝගය.:):)
mensoft2003
03-30-2010, 04:07 PM
Elama Kiri Apith set wennam :)
udithag
03-30-2010, 05:35 PM
wadenam hondai.:):) A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei:):):)
yashika
03-30-2010, 08:40 PM
hodai machan me dewal walata kauruth kamathiiii....
A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei
හොද වැඩක් මචන්. අපිත් පුලුවන් උදවුවක් දෙන්නම්
heshi32
03-30-2010, 09:18 PM
මුලින්ම මම මිනිසාගේ ශ්වසන පද්ධතිය පිලිබඳ තොරතුරු ටිකක් කියන්නම්.
ඔයාල පොඩි කාලේ ඉඳලා දන්නවා ඇතිනේ ශ්වසන පද්ධතිය මේ වගේ කියලා.
http://www.umm.edu/respiratory/images/respiratory_anatomy.jpg
http://www.shands.org/health/graphics/images/en/9828.jpg
http://www.drugdevelopment-technology.com/projects/antisomas/images/1-respiratory-system.jpg
මුලින්ම බලමු ශ්වසනය කියන්නේ මොකද්ද කියලා
ශ්වසනයට ප්‍රධාන කොටස් 2ක් අයිති වෙනවා
1.ආශ්වාසය(හුස්ම ගැනීම)
2.ප්‍රශ්වාසය(හුස්ම පිට කිරීම)
ඊලඟට බලමු මේ පද්ධතියට අයත් වන කොටස් මොනවද කියලා
නාසය
නාස් කුහරය
ග්‍රසනිකාව-උගුර
ස්වරාලය
ශ්වාස නාළය
ශ්වාස නාළිකා
අණු ශ්වාස නාළිකා
ගර්ත(සාමාන්ය විවහාරයේ පෙනහලු ලෙසද හැඳින්වේ.)
මෙම ශ්වසන පද්ධතිය මගින් සිදු කරන්නේ කුමක්ද?
මිනිස් සිරුරේ ඇති සියලුම සෛල වලට අවශ්ය වන ඔක්සිජන් වායුව සැපයීමත් සෛල වල නිපදවන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් බැහැර කිරිමත් යන ක්‍රියාවලියයි.
ආරම්භයක් විදියට මූලික කරුණු ටිකක් තමයි දැම්මේ.ඔයාලගේ ප්‍රතිචාර බලලා තවදුරටත් පොස්ට් දාන්නම්.
ඔයාලට තේරනවා නම් තව ටිකක් ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නම්.
thx for the comments:):)
anuru_1
03-30-2010, 09:27 PM
Good post rep+
yashika
03-30-2010, 09:31 PM
nice bro. keep going, maxxa sup from us :)
elakitiya
03-30-2010, 09:46 PM
:)
Elcid
03-30-2010, 09:54 PM
මුලින්ම මම මිනිසාගේ ශ්වසන පද්ධතිය පිලිබඳ තොරතුරු ටිකක් කියන්නම්.
ඔයාල පොඩි කාලේ ඉඳලා දන්නවා ඇතිනේ ශ්වසන පද්ධතිය මේ වගේ කියලා.
http://www.umm.edu/respiratory/images/respiratory_anatomy.jpg
http://www.shands.org/health/graphics/images/en/9828.jpg
http://www.drugdevelopment-technology.com/projects/antisomas/images/1-respiratory-system.jpg
මුලින්ම බලමු ශ්වසනය කියන්නේ මොකද්ද කියලා
ශ්වසනයට ප්‍රධාන කොටස් 2ක් අයිති වෙනවා
1.ආශ්වාසය(හුස්ම ගැනීම)
2.ප්‍රශ්වාසය(හුස්ම පිට කිරීම)
ඊලඟට බලමු මේ පද්ධතියට අයත් වන කොටස් මොනවද කියලා
නාසය
නාස් කුහරය
ග්‍රසනිකාව-උගුර
ස්වරාලය
ශ්වාස නාළය
ශ්වාස නාළිකා
අණු ශ්වාස නාළිකා
ගර්ත(සාමාන්ය විවහාරයේ පෙනහලු ලෙසද හැඳින්වේ.)
මෙම ශ්වසන පද්ධතිය මගින් සිදු කරන්නේ කුමක්ද?
මිනිස් සිරුරේ ඇති සියලුම සෛල වලට අවශ්ය වන ඔක්සිජන් වායුව සැපයීමත් සෛල වල නිපදවන කාබන්ඩයොක්සයිඩ් ශරීරයෙන් බැහැර කිරිමත් යන ක්‍රියාවලියයි.
ආරම්භයක් විදියට මූලික කරුණු ටිකක් තමයි දැම්මේ.ඔයාලගේ ප්‍රතිචාර බලලා තවදුරටත් පොස්ට් දාන්නම්.
ඔයාලට තේරනවා නම් තව ටිකක් ගැඹුරු කරුණු ඉදිරිපත් කරන්නම්.
thx for the comments:):)
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifRep ekakuth dammalu.Thawa digatama danna.:):)
coollifestyle4u
03-30-2010, 10:05 PM
මO හිතාගෙන හිටියේ මේ වෑඩෙ කරන්නේ මO විතරයි කියලා. :)
යහලුවාගේ වෑඩේ නියමයී.
දිගටම කරගෙන යමු.
Rep +5
heshi32
03-30-2010, 10:19 PM
hodai machan me dewal walata kauruth kamathiiii....
karagena yanna ela wedak machan :top:
බොහොම හොදයි :)
අපිත් පුලුවන් උදවුවක් දෙන්නම් :yes:
Science & Mathz Society (http://www.elakiri.com/forum/group.php?groupid=119)
එල වැඩේ නියමයි
හොද වැඩක් මචන්. අපේ සහයෝගය.:):)
Elama Kiri Apith set wennam :)
wadenam hondai.:):) A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei:):):)
hodai machan me dewal walata kauruth kamathiiii....
A/L walata bio karapu ayath setunoth wade niyameta karagena yanda puluwan wei
හොද වැඩක් මචන්. අපිත් පුලුවන් උදවුවක් දෙන්නම්
Good post rep+
thx for all:):)
heshi32
03-30-2010, 10:20 PM
thx for the comments
geethq
03-30-2010, 10:26 PM
එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D
ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
අලින්ට හොදට පීනන්න පුළුවන් :P
කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
Elcid
03-30-2010, 10:40 PM

අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව රිලවුන්ය :P
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් යුගල 5කි , කැරපොත්තාට හදවත් 13කි :shocked:
අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
අලින්ට හොදට පීනන්න පුළුවන් :P
කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P

Mama nam maths kale.:)
But Maxxa details tikak bro.:):)
udithag
03-30-2010, 11:07 PM

sirawatama patta info tikak hithagandawath ba samahara ewa mare maru :shocked::shocked::shocked::shocked:
heshi32
03-30-2010, 11:10 PM
හොඳයි කලින් එක තේරුන හින්ද තව ඉස්සරහට යමු...
මිනිසාට පෙනහලු 2ක් දක්නට ලැබෙනවා.ඒවා පිහිටා තිබෙන්නේ උරස් කුහරය තුලයි.ඒවා මහා ප්‍රාචීරයට ඉහලින් පර්ශු වලට වහාම ඇතුලතින් හර්දය දෙපස වම් සහ දකුනු පැත්තේ පිහිටා තිබෙනවා.හැඩයෙන් කේතු ආකරයක් ගන්නවා.
http://saltyandsweet.files.wordpress.com/2008/05/heart-and-lungs.jpg
වම් සහ දකුණු පෙනහැල්ල පිලිවලින් කොටස් 2කට හා 3කට බෙදි තිබේ.ඒවා කන්ඩිකා ලෙස හැඳින්වේ.
http://www.virtualmedicalcentre.com/uploads/VMC/TreatmentImages/1101_Lobectomy3.jpg
දැන් අපි බලමු නාසයෙන් ඇතුලට ගන්නා වාතය ගමන් ගන්නා මාර්ගය පිලිබඳව.
නාසය-->නාස් කුටීරය-->ග්‍රසනිකාව-->ස්වරාළය-->ශ්වාසනාළය-->ශ්වාසනාළිකා--> අනුශ්වාසනාළිකා-->ගර්තික ප්‍රනාල-->ගර්ත
<object width="384" height="313"><param name="movie" value="http://www.youtube.com/v/sU_8juD3YzQ&hl=en_US&fs=1"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed src="http://www.youtube.com/v/sU_8juD3YzQ&hl=en_US&fs=1" type="application/x-shockwave-flash" width="384" height="313" allowscriptaccess="always" allowfullscreen="true"></embed></object>
වාත හුවමාරුව සිදුවන්නේ පෙනහලුවල ඇති ගර්ත හා ගර්තික ප්‍රනාල හරහාය.
මෙම කුඩා ගර්ත පිලිබ්ඳව වැඩිදුර අධයනය කිරීම වටි
heshi32
03-30-2010, 11:12 PM
එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D
ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව රිලවුන්ය :P
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් යුගල 5කි , කැරපොත්තාට හදවත් 13කි :shocked:
අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
අලින්ට හොදට පීනන්න පුළුවන් :P
කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
ela ela bro.samahara ewai podi podi weradi thiye.but ela:):)
geethq
03-30-2010, 11:19 PM
ela ela bro.samahara ewai podi podi weradi thiye.but ela:):)
එක අවුලක් තිබිල හැදුව රිලව නෙවෙයි චිම්පන්සිය අපිට පරිණාමිකව කිට්ටුම :D වෙන අවුල් නම් නෑ කොල්ලො :D
yashika
03-30-2010, 11:32 PM
ela ela bro.samahara ewai podi podi weradi thiye.but ela:):)
weradi tika daapanko bun, balamu monawada kyala.
anyway maxxa thread bro
heshi32
03-30-2010, 11:58 PM
karapoththata heart 13k ne.heart 1i.chamber 13i.1st 3 uras kuharaye.anik 10 udara kuharaye.
http://image.tutorvista.com/content/circulation-animals/cockroach---circulatory-system.jpeg
yashika
03-31-2010, 12:04 AM
karapoththata heart 13k ne.heart 1i.chamber 13i.1st 3 uras kuharaye.anik 10 udara kuharaye.
http://image.tutorvista.com/content/circulation-animals/cockroach---circulatory-system.jpeg
ekane, weda kaarayaata boru baa kyanawane.. ela ela tanx bro
geethq
03-31-2010, 12:05 AM
karapoththata heart 13k ne.heart 1i.chamber 13i.1st 3 uras kuharaye.anik 10 udara kuharaye.
http://image.tutorvista.com/content/circulation-animals/cockroach---circulatory-system.jpeg
අහ්හ් ඔව් ඒක නම් මටත් පස්සෙ මීටර් උනේ හදවත් 13 නෙවෙයි කුටීර 13 වෙන්න ඔනි :D
ela_eluwa120
03-31-2010, 02:04 AM
good thread:)
ela_eluwa120
03-31-2010, 02:17 AM
How the Casualties of Snake Bites can Effectively be Managed within the Limited Health Resources in Sri Lanka (http://vanceofprincouver.blogspot.com/2010/01/how-casualties-of-snake-bites-can.html)
here is another good article if you are studying biology:)
pradeeplk1025
03-31-2010, 02:22 AM
Whoa! Maxxa ne, niyamai machan.. Digetama karagena yanna... :)
Elcid
03-31-2010, 02:23 AM
How the Casualties of Snake Bites can Effectively be Managed within the Limited Health Resources in Sri Lanka (http://vanceofprincouver.blogspot.com/2010/01/how-casualties-of-snake-bites-can.html)
here is another good article if you are studying biology:)
:nerd::nerd:
good work
http://www.elakiri.com/forum/images/icons/sq/7.gif
ela_eluwa120
03-31-2010, 02:24 AM
:nerd::nerd:
good work
http://www.elakiri.com/forum/images/icons/sq/7.gif
thx..;) spam neme neda...:rolleyes:
Elcid
03-31-2010, 02:27 AM
thx..;) spam neme neda...:rolleyes:
:no::no:ඕක ලන්කාවෙ link එකක් නෙමෙයි නේද? කමක් නෑ ඉස්පෑම් උනත් හොද නම්.:nerd::nerd:
heshi32
03-31-2010, 07:14 AM
thx for the comments:):):):)
ac2000
03-31-2010, 07:22 AM
Ela..ela...:D
sbuddhikad
03-31-2010, 07:42 AM
good one keep it up dude................................
heshi32
03-31-2010, 09:26 AM
ගර්ත
http://www.ambulancetechnicianstudy.co.uk/images/alveoli.gif
http://learningat.ke7.org.uk/scienceweb/alevel/biology/AS%20Interactive/e-a-level/10/alveoli.jpg
මිදි පොකුරක් වැනි හැඩයක් ඇත.වැඩුනු පුද්ගලයෙකුගේ හර්දයේ මිලියන 300ක් පමණ ගර්ත දක්නට ලැබේ.මෙම ගර්ත සියල්ලේහිම වර්ගපලය ටෙනිස් පිටියක වර්ගපලයට පමණ සමානවේ.රුධිරය සමඟ වායු හුවමාරුව සිදු කරන්නේ මෙම ගර්ත සහ ගර්තික ප්‍රනාලයි.වායු හුවමාරුව කාර්යක්ශම වීම සඳහා ගර්ත වටා විශාල වශයෙන් රුධිර කේශ නාලිකා දක්නට ලැබේ.
http://www.cartage.org.lb/en/themes/Sciences/LifeScience/GeneralBiology/Physiology/RespiratorySystem/HumanRespiratory/humrespsys3.gif
http://chickscope.beckman.uiuc.edu/explore/embryology/day15/graphics/alveoli.gif
තනි සෛල ස්තරයකින් සෑදි ඇති මෙම ගර්ත තුල තරලයක් අන්තර්ගත වේ.මෙය ගර්තික තරලය ලෙස හැඳින්වේ.මෙමගින් පහත කාර්යන් සිදුකරයි.
1.ප්‍රශ්වාසයේදි ගර්ත බිත්ති එකිනෙක ඇලිම වලක්වයි
2.ආශ්වාසයේදී ගර්ත තුලට දේහ තරලය ඇතුල් වීම වලක්වයි(ආස්‍රැති පීඩන සමාන කිරිම මගින්)
3.ගර්ත බිත්තිය හරහා වායු හුවමාරුව පහසු කරයි.
ගර්තික තරලය ස්‍රාවය කරනු ලබන්නේ ගර්ත බිත්තියේ ඇති විශේෂ ලිපිඩ්ස්‍රාවී සෛලයක් මගිනි.මෙම තරලයේ ඇති surfactant ලෙස හැඳින්වෙන තරලය මගින් වාත-තරල අතුරු මුහුණතේ ඇති පෘෂ්ඨික ආතතිය අඩු කරනු ලබයි.
මේකේදි ටිකක් අමුතු වචන ටිකක් යෙදුනා.කරන්න දෙයක් නැ.පුලුවන් තරම් සරලව තමා දැම්මේ.තේරෙන්නේ නැතිදෙයක් තියෙයි නම් අහන්න.
thilzz
03-31-2010, 09:36 AM
ඉතාම වටිනා ත්‍රෙඩ් එකක්, ගොඩක් ස්තූතියි :D
Elcid
03-31-2010, 09:38 AM
Keep it up dude:)
delmar
03-31-2010, 09:39 AM
Niyamai
rep +
nelik
03-31-2010, 09:40 AM
best machan... keep it up !!
Malinga
03-31-2010, 09:41 AM
ගොඩක් අයට ප්‍රයොජනවත් විය හැකි වැදගත් කරුණූවලින් සමන්විත ත්‍රේඩ් එකක්. දිගට ම කරගෙන යන්න.
ela_eluwa120
03-31-2010, 09:51 AM
ගර්ත
http://www.ambulancetechnicianstudy.co.uk/images/alveoli.gif
http://learningat.ke7.org.uk/scienceweb/alevel/biology/AS%20Interactive/e-a-level/10/alveoli.jpg
මිදි පොකුරක් වැනි හැඩයක් ඇත.වැඩුනු පුද්ගලයෙකුගේ හර්දයේ මිලියන 300ක් පමණ ගර්ත දක්නට ලැබේ.මෙම ගර්ත සියල්ලේහිම වර්ගපලය ටෙනිස් පිටියක වර්ගපලයට පමණ සමානවේ.රුධිරය සමඟ වායු හුවමාරුව සිදු කරන්නේ මෙම ගර්ත සහ ගර්තික ප්‍රනාලයි.වායු හුවමාරුව කාර්යක්ශම වීම සඳහා ගර්ත වටා විශාල වශයෙන් රුධිර කේශ නාලිකා දක්නට ලැබේ.
http://www.cartage.org.lb/en/themes/Sciences/LifeScience/GeneralBiology/Physiology/RespiratorySystem/HumanRespiratory/humrespsys3.gif
http://chickscope.beckman.uiuc.edu/explore/embryology/day15/graphics/alveoli.gif
තනි සෛල ස්තරයකින් සෑදි ඇති මෙම ගර්ත තුල තරලයක් අන්තර්ගත වේ.මෙය ගර්තික තරලය ලෙස හැඳින්වේ.මෙමගින් පහත කාර්යන් සිදුකරයි.
1.ප්‍රශ්වාසයේදි ගර්ත බිත්ති එකිනෙක ඇලිම වලක්වයි
2.ආශ්වාසයේදී ගර්ත තුලට දේහ තරලය ඇතුල් වීම වලක්වයි(ආස්‍රැති පීඩන සමාන කිරිම මගින්)
3.ගර්ත බිත්තිය හරහා වායු හුවමාරුව පහසු කරයි.
ගර්තික තරලය ස්‍රාවය කරනු ලබන්නේ ගර්ත බිත්තියේ ඇති විශේෂ ලිපිඩ්ස්‍රාවී සෛලයක් මගිනි.මෙම තරලයේ ඇති surfactant ලෙස හැඳින්වෙන තරලය මගින් වාත-තරල අතුරු මුහුණතේ ඇති පෘෂ්ඨික ආතතිය අඩු කරනු ලබයි.
මේකේදි ටිකක් අමුතු වචන ටිකක් යෙදුනා.කරන්න දෙයක් නැ.පුලුවන් තරම් සරලව තමා දැම්මේ.තේරෙන්නේ නැතිදෙයක් තියෙයි නම් අහන්න.
http://img715.imageshack.us/img715/4771/56195705.png
yashika
03-31-2010, 10:05 AM
ela ela, thawa monawada thyenne??
mata online bio igena ganna puluwan mehema giyoth
maxxa
heshi32
03-31-2010, 10:06 AM
http://img715.imageshack.us/img715/4771/56195705.png
elakiri machan keep posting:):):)
ela_eluwa120
03-31-2010, 10:06 AM
elakiri machan keep posting:):):)
SEM pictures දෙක පට්ට නේද බ්‍රෝ..:rolleyes:
yashika
03-31-2010, 10:39 AM
ඔන්න මාත් එහෙන් මෙහෙන් පොඩ්ඩක් හොයා ගත්තා. :)
1)සාමාන්‍ය වෙලාවලට මිනිහෙක් අඩුම තරමේ 14-16 පාරක්වත් විනාඩියකට හුස්ම ගන්නවලු. exercise කරපු වෙලාවක නම් ඒක 60 ක් වෙනකම් වෙඩි වෙන්නත් පුලුවන්ලු. :nerd:
2)ඉපදුන ගමන් ළමයෙක් විනාඩියට 40 වතාවක් විතර හුස්ම ගත්තත් අවුරුදු 5 වෙනකොට ඒක 25 ට විතර අඩුවෙනවලු.
3)ශරීරය අතුලෙ තියෙන, වතුරෙ පාවෙන එකම ඉන්ද්‍රිය පෙනහලු ලු.:rolleyes:
4)දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා පොඩ්ඩක් ලොකුයිලු. :baffled:
5)ශ්වසනය මගින් දවසකට වතුර ලීටර් බාගයක් විතර අපෙ ඇඟෙන් ඉවත් වෙනවලු. :no:
6)මෙච්චර කාලෙකට වාර්තා වෙලා තියෙන speed එක වැඩිම කිවිසුමේ වේගය 90 miles per hour ලු. :oo::oo:
thawa passe daannam
ransing
03-31-2010, 10:43 AM
ela.....
heshi32
03-31-2010, 12:09 PM

maxxa bro.keep it up!:):):)
bandara77
03-31-2010, 12:12 PM
Good work Keep it up
Elcid
03-31-2010, 12:14 PM
Niyamai..Update karana ayata godak thanks.:)
anuru_1
03-31-2010, 01:55 PM
Ah mewa nan poddak mathkai... ela ela keep it up.....
hodai machan me dewal walata kauruth kamathiiii....
karagena yanna ela wedak machan :top:
:):):)
KrAzY_iN_LuV
03-31-2010, 02:00 PM
Good work bro..
keep it up...!
heshi32
04-01-2010, 10:42 AM
3)ශරීරය අතුලෙ තියෙන, වතුරෙ පාවෙන එකම ඉන්ද්‍රිය පෙනහලු ලු.:rolleyes:
අද කතාව මෙතනින් පටන්ගන්න හිතුවා.
ඔව්.මේක ඇත්ත.එත් පෙනහලු තියෙන්නේ ජලයේ නම් නෙමි. ප්ලුරා ලෙස හැඳින්වෙන තරලයකින් වට වෙලා තමා පෙනහලු පිහිටන්නේ.එත් ඔයාලට හිතෙයි ඒ මොකටද කියලා. ඇත්තටම කිව්වොත් මේ තරලය නැත්නම් අපිට හුස්ම ගන්න බැ.එ මොකද කියලා පස්සේ තේරෙවි.
http://content.answers.com/main/content/img/oxford/Oxford_Sports/0199210896.pleura.1.jpg
http://wdwbobbie.files.wordpress.com/2009/06/pleura.jpg
ඔයාලට පේනවා ඇති මේ ප්ලුරා තරලය පිහිටන්නේ පටල 2කින් වටවූ අවකාශයක කියලා.ඒ කියන්නේ අන්තරන්ග ප්ලුරා පටලය හා බාහිර ප්ලුරා පටලය කියන පටල 2කින් වට වෙලා තීයෙනවා.
මේ ප්ලුරා තරලයේ අවශයතාව ශ්වසන යාන්ත්‍රණයේදී තේරේවි.:):)
heshi32
04-01-2010, 11:25 AM
ශ්වසනය සිදුවන ආකාරය
http://www.myschoolhouse.com/courses/c/3/Images/brain.gif
ඉස්සේල්ලම වෙන්නේ සුෂුම්නා ශීර්ශකයේ(medulla) ඇති ශ්වස්න පාලක මධයස්ථානය ඉබේ උත්තේජනය වෙන එකයි. මේමගින් ඇතිවන ආවේග බාහිර අන්නර් පර්ශුක පේශි වලටත් මහා ප්‍රාචීරයේ පේශි වලටත් යවනවා.
http://fotosa.ru/stock_photo/MedicalRF/p_2110275.jpg
http://image.tutorvista.com/content/respiration/expiration-or-exhalation.jpeg
මේ ආවේග නිසා ම්හා ප්‍රාචීරය හා බාහිර අන්ත‍්ර පර්ශුක පේශි සංකෝචනය වෙන්න පටන්ගන්නවා.මේ නිසා උරස් කූඩුව තුල පරිමාව වැඩි වෙනවා.මේ නිසා ඊට සම්බන්ධව තියෙන ප්ලුරා පටලයෙත් පරිමාව වැඩි වෙනවා.මේ නිසා ප්ලුරා තරලයේ පීඩනය අඩුවෙලා අන්තරංග ප්ලුරා පටලයත් එකට ඇදලා ගන්නවා.මේ නිසා පෙනහලු තුල බාහිර පීඩනයට වඩා අඩුවෙලා පීඩන අන්තරය 0 වෙනකන් වාතය ඇතුලට ඇදෙනවා.පේශි සංකෝචයනය වෙන්න ශක්තිය අවශ්ය නිසා ආශ්වාසය ශක්තිය වැයවන ක්‍රියාවලියක් ලෙස හඳුන්වනවා
දැන් ඔයාලට තේරෙනවා ඇති ප්ලුරා තරලයේ වැදගත්කම. ප්ලුරා පටලයේ හිලක් තීයේ නම් ඒ අයට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වෙනවා
ප්‍රශ්වාසයේදි සුෂුම්නා ශීර්ශකය මගින් ලබාදුන් ආවේගය නවත්වනවා.මේ නිසා ම්හා ප්‍රාචීරය හා බාහිර අන්ත‍්ර පර්ශුක පේශි ඉහිල් වීමෙන් පෙර ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය සිදුවීමෙන් ප්‍රශ්වාසය සිදුවෙනවා
http://media-2.web.britannica.com/eb-media/36/92936-034-8881E781.jpg
Matti PuuSa
04-01-2010, 03:38 PM
“Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.”
Albert Abasingha
“The religion of the future will be a cosmic religion. The religion which based on experience, which refuses dogmatic. If there's any religion that would cope the scientific needs it will be Buddhism....”
Albert Edirisingha
heshi32
04-01-2010, 08:58 PM

aiyoo mama hituwe me thread1kata wath religion gewichcha nethi comment1k dawi kiyala.koheda ithin...:angry::angry::angry::oo::oo::oo:
d3v13
04-01-2010, 09:08 PM
@heshi- therune naa :( :(
heshi32
04-01-2010, 09:10 PM
@heshi- therune naa :( :(
ela.kiyala dennam.uyata kothanada therune neththe?:oo:
d3v13
04-01-2010, 09:28 PM
wachana tika therunaata pictures ekka process eka galapa ganna bariuna.
sinhala word eka issaraha picture eke english wordekath dammanam hari
Anyway im trying to understand this. keep posting elaaz
heshi32
04-01-2010, 09:31 PM
wachana tika therunaata pictures ekka process eka galapa ganna bariuna.
sinhala word eka issaraha picture eke english wordekath dammanam hari
Anyway im trying to understand this. keep posting elaaz
ok bro.eelanga post walata ehema karannam.me dapu ewage theren nethi onama deyak ahanna
darshaka85
04-01-2010, 09:41 PM
woOW maxxaa keep it up man nice work ;)
Dhamatrix
04-01-2010, 09:50 PM
Keep the good work up :D
++
Teena@
04-01-2010, 09:52 PM
wow
nice post
anrdeknyke
04-02-2010, 12:30 AM
තමන්ගේ දැනුම අපිත් එක්ක බෙදාගෙන මේ කරන වැඩේ නම් නියමයි බ්‍රෝ..මම ඔක්කොම කියෙව්වා..වැඩිය දන්නෙ නැති උනත් උවමනාවෙන් කියෙව්ව:):)..ගොඩක් ස්තූතියි ..දිගටම කරන් යමු බ්‍රො..ජය වේවා :):):):):)
Elcid
04-02-2010, 12:43 AM
Keep this up bro.:):)
Udperi
04-02-2010, 07:15 AM
එළ මචන්
අපිත් උදව් කරන්නම්
dulajs
04-02-2010, 07:26 AM
කාන්තා සිරුර ගැන කියල දෙන්නෙ නැද්ද?? :rolleyes:;)
heshi32
04-02-2010, 09:49 AM
ඊලඟට රුධිර සංසරණය ගැන කතා කරන්න හිටියත් කට්ටියට ස්නායු පද්ධතිය පිළිබඳ කුතුහලයක් තිබුන නිසා ඒක ගැන කතා කරන්න හිතුවා.
ස්නායු පද්ධතිය ගැන කියන්න කලින් ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලික ඒකකය ගැන කියලා දෙන්නම්.
දේහයේ අනික් හැම තැනම වගේ ස්නායු පද්ධතියත් හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල වලට විශේෂ නමක් කියනවා.ඒ තමයි නියුරෝන කියන නම.
http://www2.cedarcrest.edu/academic/bio/hale/bioT_EID/lectures/tetanus-neuron.gif
http://www.web-books.com/eLibrary/Medicine/Physiology/Nervous/neuron.jpg
මේ තියෙන්නේ සාමාන්ය නියුරොනයක හැඩය.
නියුරොනයක ප්‍රධාන කොටස් 2ක් පවතිනවා.ඒ තමයි සෛල දේහය(cell body) හා ඉන් පැනනගින ප්‍රසර.ප්‍රසර ද නැවත කොටස් 2කට බෙදෙනවා.දිගින් අඩු ප්‍රසර අනුශාඛිකා(dendrites) ලෙසත් දිගින් වැඩි ප්‍රසරය(Axon) ලෙසත් හඳුන්වනවා.
සාමාන්යෙන් නියුරෝනයකට එක් අක්සනක් ද අනුශඛිකා කීපයක්ද දක්නට ලැබෙනවා.නියුරොන වල සෛල දේහයේ කේන්ද්‍රිකා ලෙස හැඳින්වෙන සෛල බෙදීමට අවශය කොටස නැති බැවින් නියුරොන වලට බෙදීමට නොහැකි බව විශ්වාස කරනවා.මේ නිසා මොලයේ ඇති නියුරොන විනාශ වුවහොත් නැවත ඇති නොවේ.
අනුශඛිකා වලට සාපේක්ශව දිගින් වැඩි අක්සන වටා මයලින් නම් මේද ස්තරයක් තැන්පත්ව තිබෙනවා.මෙමගින් ස්නායු ආවෙග වල වේගය වැඩි කරනවා.මෙම මයලින් ස්‍රාවය කරනු ලබන්නේ ශ්වාන් සෛල නම් සෛල වලින්.මෙම මයලින් කොපු අක්සන වටා එති පවතිනවා.නමුත් එක දිගටම අඛණ්ඩව දක්නට ලැබෙන්නේ නැ. මයලින් කොපු 2ක් අතර ඇති ඉඩ රැන්වියර් ගැට ලෙස හඳුන්වනවා
මෙම නියුරොන වල කාර්යය වන්නේ ආවේග රැගෙන යාමයි.නියුරොනයක් හරහා ආවෙග ගමන් කරන්නේ අනුශාඛිකා දෙස සිට අක්සන දෙසටයි.
නියුරොන හරහා ආවේග ගමන් කරන අයුරු පසුව සලකා බලමු.
heshi32
04-02-2010, 09:50 AM
කාන්තා සිරුර ගැන කියල දෙන්නෙ නැද්ද?? :rolleyes:;)
oyata monawada danaganna ona:oo::oo:
ela_eluwa120
04-02-2010, 09:55 AM
http://img265.imageshack.us/img265/7373/82713806.png
නියුරෝනයක් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ඡායාරූපයක්..
එක් නියුරෝනයක සෛල දේහයත් ඊට සම්බන්ධ වන තවත් නියුරෝනයක උපාගාම කුඩුම්බිත් මෙහි දැක්වේ.:rolleyes:
ela_eluwa120
04-02-2010, 09:59 AM
oyata monawada danaganna ona:oo::oo:
ලොල්..
Teena@
04-02-2010, 10:06 AM
http://www.drugdevelopment-technology.com/projects/xarelto/images/1-human-heart.jpg
heshi32
04-02-2010, 10:47 AM
http://img265.imageshack.us/img265/7373/82713806.png
නියුරෝනයක් ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂීය ඡායාරූපයක්..
එක් නියුරෝනයක සෛල දේහයත් ඊට සම්බන්ධ වන තවත් නියුරෝනයක උපාගාම කුඩුම්බිත් මෙහි දැක්වේ.:rolleyes:
http://www.drugdevelopment-technology.com/projects/xarelto/images/1-human-heart.jpg
thx.keep posting
Wthilina
04-02-2010, 12:50 PM
Valuable Thread......... Maxxa.
Mr PERERA
04-02-2010, 01:28 PM
Honda wadak wage
amila_90210
04-02-2010, 02:35 PM
එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D
ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
අලින්ට හොදට පීනන්න පුළුවන් :P
කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
ජිරාෆ්ට ග්‍රෛවී කශේරුකා 7 කි. අනෙක් ක්‍ෂීරපායින්ටද බෙල්ලේ කශේරුකා 7කි.:nerd:
ඩොල්ෆින් මසුන් හුස්ම ගන්නේ වාතයෙනි.ඒ නිසා උන්ට වැඩි වෙලාවක් වතුර යට ඉන්න බෑ..කොහොමද වතුරෙ ගිලිලා මැරිච්ච ඩොල්ෆින් කෙනෙක් හම්බුනොත් :rofl:
පැස්බර බිත්තරය කිකිළි බිත්තර 30කට වඩා ලොකුයි.තැම්බුවොත් පැය 2 ක් යනවා :rolleyes:
udithag
04-02-2010, 06:21 PM
Ela ela wade nam niyamai :):)mamath hama ekama wage kiyawanawa :)digatama karagana yanda O/L A/L kattiyata godak prayojanawath wei:):)
yashika
04-02-2010, 06:55 PM
ඊලඟට රුධිර සංසරණය ගැන කතා කරන්න හිටියත් කට්ටියට ස්නායු පද්ධතිය පිළිබඳ කුතුහලයක් තිබුන නිසා ඒක ගැන කතා කරන්න හිතුවා.
ස්නායු පද්ධතිය ගැන කියන්න කලින් ස්නායු පද්ධතිය හැදිලා තියෙන මූලික ඒකකය ගැන කියලා දෙන්නම්.
දේහයේ අනික් හැම තැනම වගේ ස්නායු පද්ධතියත් හැදිලා තියෙන්නේ සෛල වලින්. මේ සෛල වලට විශේෂ නමක් කියනවා.ඒ තමයි නියුරෝන කියන නම.
http://www2.cedarcrest.edu/academic/bio/hale/bioT_EID/lectures/tetanus-neuron.gif
http://www.web-books.com/eLibrary/Medicine/Physiology/Nervous/neuron.jpg
මේ තියෙන්නේ සාමාන්ය නියුරොනයක හැඩය.
නියුරොනයක ප්‍රධාන කොටස් 2ක් පවතිනවා.ඒ තමයි සෛල දේහය(cell body) හා ඉන් පැනනගින ප්‍රසර.ප්‍රසර ද නැවත කොටස් 2කට බෙදෙනවා.දිගින් අඩු ප්‍රසර අනුශාඛිකා(dendrites) ලෙසත් දිගින් වැඩි ප්‍රසරය(Axon) ලෙසත් හඳුන්වනවා.
සාමාන්යෙන් නියුරෝනයකට එක් අක්සනක් ද අනුශඛිකා කීපයක්ද දක්නට ලැබෙනවා.නියුරොන වල සෛල දේහයේ කේන්ද්‍රිකා ලෙස හැඳින්වෙන සෛල බෙදීමට අවශය කොටස නැති බැවින් නියුරොන වලට බෙදීමට නොහැකි බව විශ්වාස කරනවා.මේ නිසා මොලයේ ඇති නියුරොන විනාශ වුවහොත් නැවත ඇති නොවේ.
අනුශඛිකා වලට සාපේක්ශව දිගින් වැඩි අක්සන වටා මයලින් නම් මේද ස්තරයක් තැන්පත්ව තිබෙනවා.මෙමගින් ස්නායු ආවෙග වල වේගය වැඩි කරනවා.මෙම මයලින් ස්‍රාවය කරනු ලබන්නේ ශ්වාන් සෛල නම් සෛල වලින්.මෙම මයලින් කොපු අක්සන වටා එති පවතිනවා.නමුත් එක දිගටම අඛණ්ඩව දක්නට ලැබෙන්නේ නැ. මයලින් කොපු 2ක් අතර ඇති ඉඩ රැන්වියර් ගැට ලෙස හඳුන්වනවා
මෙම නියුරොන වල කාර්යය වන්නේ ආවේග රැගෙන යාමයි.නියුරොනයක් හරහා ආවෙග ගමන් කරන්නේ අනුශාඛිකා දෙස සිට අක්සන දෙසටයි.
නියුරොන හරහා ආවේග ගමන් කරන අයුරු පසුව සලකා බලමු.
ස්නායු පද්ධති වැඩේ නැගල යනෝ. ආවේග යන හැටිත් ඉක්මනට දාපන්zzzz. එල එල:)
heshi32
04-03-2010, 02:15 PM
ස්නායු පද්ධති වැඩේ නැගල යනෝ. ආවේග යන හැටිත් ඉක්මනට දාපන්zzzz. එල එල:)
thx bro.menna demma....thx for all...
හරි..මේක කියන්න කලින් පොඩි වචන ටිකක් තියෙනො මතක තියාගන්න...
ධ්‍රෑවණය-නියුරෝනයක සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් පැවතීම.(ආවේගයක් නොලැබෙන අවස්ථාවේ.)
විධ්‍රෑවණය-ආවේගයක් ලැබුනු මොහොතේ සෛල පටලයේ පිටත - විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව + විභවයකුත් ඇතිවීම.
ප්‍රතිධ්‍රෑවණය-ආවේගය ගමන් කිරීමේන් පසුව නැවතත් සෛල පටලයේ පිටත + විභවයකුත් ඇතුලත ඊට සාපේක්ශව - විභවයකුත් ඇතිවීම.
දැන් හරි.මෙන්න කතාව...
නියුරෝන සෛලයක සෛල පටලය ඇතුල් පැත්තේ වැඩිපුර පොටැසියම් අයන(K+) හා කාබනික ඇනායන දක්නට ලැබේ.සෛල පටලයට පිටින් ඇත්තේ සොඩියම් අයන(Na+) හා ක්ලොරයිඩ් අයනයි(Cl-).මෙම සෛල පටලය Na+ වලට ඉහල පාරගම්යතාවක් දක්වයි.මේ නිසා ආවේගයක් නොමැති සැම මොහොතකම සෛලය තුලට එන Na+ ශක්තිය වැය කර නැවත සෛලයෙන් පිටතට යවයි.අනෙක් අයන දක්වන්නේ Na+ට වඩා අඩු පාරගම්යතාවකි.
එසේම මෙහි ආවේගයක් ගමන් නොකරන විට ඇතුල් පැත්තේ පොටැසියම් අයන වලට වඩා කාබනික ඇනායන දක්නට ලැබේ.පිට පැත්තේ ක්ලොරයිඩ් අයන වලට වඩා වැඩියෙන් සොඩියම් අයනද දක්නට ලැබේ.මේ නිසා පිටතට සාපේක්ශව ඇතුලත - විභයක් ගනී.ආවේගයක් ගමන් නොකරන විට මෙම වෝල්ටියතා වෙනස -70 mV පම්ණ වේ. මෙය ධ්‍රෑවණය යි.
http://images.suite101.com/800735_com_restingpot.png
සංවේදී අවයවයකට ආවේගයක් ලැබුන පසු එක වරම ඊට සම්බන්ධ නියුරෝනයේ අවයවයට ආසන්නතම කෙලවරේ
ධ්‍රෑවීයතාව වෙනස් වේ.එනම් එක්වරම නියුරොනයේ සෛල පටලයේ Na+ තිබු බාධාව නැති වේ.මේ නිසා වේගයෙන් සෛලය තුලට Na+ ඇතුල් වේ.නමුත් ඊට සාපේක්ශව K+ පිටතට යන්නේ ඉතා අඩුවෙනි.මේ නිසා සෛල පටලය තුල විභවය වැඩි වේ.මෙය +40mV පම්ණ වේ.මෙම විභවය ක්‍රියා විභවය(action potential) ලෙස හැඳින්වේ.මෙම සිදුවීම විධ්‍රෑවණයයි.
http://www.anselm.edu/homepage/jpitocch/genbio/actpot.JPG
රූපයේ 1 කොටසේ පරිදි නියුරොනයේ එක් තැනක ක්‍රියා විභවයක් ජනිතවේ.මේ නිසා එම කොටසේ සෛලය තුල + විභවයක් ඇතිවේ.නමුත් ඊට යාබද කොටසේ සෛලය තුල - විභවයක් ඇත.මේ නිසා + සිට - ට ස්ථානිය ධාරාවක් ඇතිවේ.මේ ආකාරයට සංවේදි අවයවයේ සිට ස්නායු පද්ධතිය දක්වා ආවේගය ගමන් ගනී.
2 හා 3 කොටස් වල පරිදි ආවේගය ඉදිරියට සම්ප්‍රෙශණය වූ විට නියුරොනයේ සෛල පටලය නැවත පෙර පරිදිම අයන හුවමාරුව සිදුවී -70 mV විභවය පවත්වාගනී.මෙසේ නැවත මුල් පිහිටුමට පත් වීම ප්‍රතිධ්‍රෑවණය ලෙස හැඳින්වේ.
yashika
04-03-2010, 10:39 PM

Tanx again bro, mata cls nogihin bio igena ganna puluwan ela ela
anrdeknyke
04-08-2010, 04:23 PM

නියමයි සහෝ...ගොඩක් ස්තූතියි ...ගොඩක් වැදගත් :yes: :) :)
shenat
04-08-2010, 06:36 PM
එල එල මචන් ඔහොම යන් :D මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ :P
මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම් :D
ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත :oo:
අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය :P
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි :shocked:
අපේ ඇඟේ අස්ති 206 කි :rolleyes:
අලින්ට හොදට පීනන්න පුළුවන් :P
කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න :P
ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි. :oo:
ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත :D
සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත :shocked:
මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත :(
http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif
vBulletin® v3.8.6, Copyright ©2000-2012, Jelsoft Enterprises Ltd.