PDA

View Full Version : Sudda - Sinhala - English


lkdood
04-01-2010, 08:04 PM
මේ ආණ්ඩුව සුද්දට සිංහලෙන් බැනල ඉංග්‍රීසියෙන් වඳිනවා - දඹර අමිල නාහිමි

http://i42.tinypic.com/15dmnar.jpg

වත්මන් ආණ්ඩුවේ සිටිනා දේශප්‍රේමී යැයි කියාගන්නා පුද්ගලයින්ම සිය වියදමින් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලංකාවට කැඳවාගෙන ඇති බවත්, එම විදේශිය ක්‍රමන්ත්‍රණවලට සිංහලෙන් බැන වැදී ඉංග්‍රීසියෙන් වඳින මේ ආණ්ඩුවේ සිටිනා ආකාරයේ දේශප්‍රේමීන් සිටින්නේ ලංකාවේ පමණක් බව ජාතික භික්ෂු පෙරමු‍‍ණේ සභාපති පූජ්‍ය දඹර අමිල නාහිමියෝ පැවසූහ. ඊයේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙම අදහස් පැවසූ දඹර අමිල නාහිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.

"මේ ජාත්‍යන්තර පිසාචයන්ට අවශ්‍ය පුළුටු මෙහේ බදිනවා. ඒ සුවඳට පිසාචයන් ලංකාවට එනවා. මාධ්‍ය නිදහස නැති කිරීම නමැති බිත්තර මෙහේ බදිනවා. විපක්‍ෂයේ නායකයන් අත්අඩංගුවට ගැනීම නමැති කරවල බදිනවා. මේ පුළුටු ගඳට ජාත්‍යන්තර පිසාචයන් අපේ රටට කෙළ හලනවා. මේ සෑම ප්‍රතිවිපාකයක්‌ම කැන්දාගෙන එන්නේ ආණ්‌ඩුවයි. මේ ආණ්‌ඩුව තමයි පැස්‌කෝලාව ගෙන්වා ගත්තේ. ඒ පැස්‌කෝලාට එන්න එපා කියලා ගුවන්තොටුපොළ ළඟ උද්ඝෝෂණය කරන්නේත් මේ ආණ්‌ඩුවමයි. අවසානයේ පැස්‌කෝගේ ගමන් වියදම් දරලා තියෙන්නෙත් මේ දේශප්‍රේමී අණ්‌ඩුවමයි. ඉංග්‍රීසියෙන් සුද්දට වඳින ආණ්‌ඩුව සිංහලෙන් ගිරිය පුප්පාගෙන සුද්දට බනිනවා. මේ ආකාරයේ විකට දේශප්‍රේමීන් ඉන්නේ ලංකාවේ විතරයි. ආණ්‌ඩුව මේ කරන්නේ ජනතාව ගොනාට අන්දවන එකයි. මේ විදිහට ජනතාව රවටන්න වෙන්නේ බොහෝම කෙටි කාලයයි. ජනතාව සත්‍ය තේරුම් ගත්දාට ආණ්‌ඩුවට යන්න එන්න තැනක්‌ නැතිවේවි.

සරත් ෆොන්සේකා මහතාට කරන විනාශය අද කිසිම කෙනෙක්‌ අනුමත කරන්නේ නැහැ. සරත් ෆොන්සේකා මහතා රෝගි තත්ත්වයට පත්වෙමින් එන්න එන්නම දුර්වල වෙන්න ඉඩ හරිනවා. මේ නරක ඉරණමෙන් ඔහු බේරාගත යුතුයි. යම් හෙයකින් සිරකුටිය තුළදී ෆොන්සේකා මහතා මිය ගියොත් අප අවසන් ගමන් යද්දීත් ඒ අවාසනාවන්ත සිදුවීම සිහිපත් වේවි. එවිට අපේ ඊළඟ ආත්මයත් නරක එකක්‌ වේවි. එනිසා සියලුම දේශමාමක භික්‍ෂූන් වහන්සේලාගෙන් ඇතුලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ ජීවිතය බේරාගැනීමට කළ හැකි සියල්ල කරන්න කියා."

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජාතික භික්‍ෂු පෙරමුණේ ජාතික සංවිධායක කලවැල්ගල චන්දාලෝක හිමි, ජාතික භික්‍ෂු පෙරමුණේ ගම්පහ දිස්‌ත්‍රික්‌ ලේකම් අළුදෙනියේ සුමනරතන හිමි, ජාතික භික්‍ෂු පෙරමුණේ උප සභාපති ලුණුගම්වෙහෙර කල්‍යාණරංසි හිමි ද සහභාගි වූහ.

LT

Suddata sinhalen kiyana ewa translate karala enawa :rofl:

Sudda modaya newei :lol:

Suba anagathyakata sudda modaya karan na baha :lol:

Janathawath hamadama modaya karan nath baha :lol:

sri_lion
04-01-2010, 08:09 PM
Sudda modaya newei :lol:

http://online.wsj.com/article/SB126102247889095011.html :lol:

lkdood
04-01-2010, 09:24 PM
http://online.wsj.com/article/SB126102247889095011.html :lol:
:lol: lame

the vulnerability is now fixed

no machine is perfect

twisted
04-01-2010, 09:27 PM
O bloody ell

sri_lion
04-02-2010, 08:23 AM
:lol: lame

the vulnerability is now fixed

no machine is perfect

I agree that no machine is perfect...

I'm just giving an example that they can be stupid too, that wasn't child's play.. it was a multi-million project!

Sudda modaya nemei! :lol::lol::rofl: