PDA

View Full Version : ලොව අටවන පුදුමය-නාවක්කන්නි ළිඳ


sudunone
04-04-2010, 06:48 PM
ලොව අටවන පුදුමය විය යුතු නාවක්‌කන්නි ළිඳ

http://www.divaina.com/2010/04/04/p11.jpghttp://www.divaina.com/2010/04/04/p10.jpg
http://www.divaina.com/2010/04/04/p12.jpgසාමයේ හිරු කිරණ උතුරු පොළෝ තලය සිසාරා පැතිර යමින් තිබේ. දසක තුනක්‌ තිස්‌සේම ඉරි තැලී ගිය එම බිම අද යළි එකතු වෙමින් ඇත. උතුරේ අයත් දකුණේ අයත් ඒ අසිරිය විඳින්නේ වදනින් විස්‌තර කිරීමට අපහසු තරම් ප්‍රබෝධයකිනි. යුද්ධය නිසා යාපන අර්ධද්වීපයේ බොහෝ ඓතිහාසික, සංස්‌කෘතික, ආගමික මෙන්ම බොහෝ ස්‌වභාවික ස්‌ථාන ද ජන මනසින් අමතක වී තිබිණි. දසක තුනකට මෙපිට නූතන පරම්පරාව ඒවා නොහඳුන අය බවට පත්වී ඇත.

ඒ සාපලත් යුගය දැන් නිමවී තිබේ. එක ධජයක්‌ යට මෙම මව් රටේ සංචාරය කිරීම දැන් බාධාවක්‌ නැතිවම සිදු කළ හැකිය.

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සාධකය සාමයට කැමැති කිසිවකුටත් යළිත් අවශ්‍ය නොවන්නකි. වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ඉපිදී ඔහු කළ විනාශකාරී දේ අපමණය. ඒ නිසා අද ඔහු ද එම විනාශයේම ගොදුරක්‌ බවට පත්වී ඇත.

නමුත් අප මෙම සටහන තබන්නේ ප්‍රභාකරන් ගැන හෝ වැල්වැටිතුරේ ගැන කතා කරන්නට නොවේ. වැල්වැටිතුරෙයි යන අතරමඟදී නෙත ගැටෙන ලෝකයේ ගැඹුරුතම ළිඳක්‌ යෑයි සැලකෙන ස්‌ථානය පිළිබඳ පවසන්නය.

යාපනයේ සිට වැල්වැටිතුරෙයි යන අතර මගදී "නිලාවරිගම" නෙත ගැටෙයි. චුන්නාගම් හන්දියෙන් හැරී ගමට යා යුතුය. දුංකොළ වගාව මෙන්ම ගොවිතැනින් ජීවත් වන දෙමළ ජනතාව වාසය කරන මේ ප්‍රදේශය පුරා පැතිර ඇත්තේ සරුසාර පොළෝ තලයකි. එහෙත් දැඩි හිරු රශ්මිය විසින් ජන ජීවිත කටුකකොට ඇති සෙයකි. ප්‍රභාකරන්ගේ ව්‍යසනකාරී ත්‍රස්‌තවාදය විසින් එය දෙගුණ, තෙගුණ කොට තිබේ.

නිලාවරි ගම කඩමණ්‌ඩිය සමීපව පිහිටා තිබෙන "නාවක්‌කන්නි ළිඳ සොබා දහමෙත්, සංස්‌කෘතියෙත් අපූරු නිර්මාණයකි. ශ්‍රී ලංකාවේ තබා ලොවේ කොතැනකවත් එවැනි ළිඳක්‌ නම් හමු නොවේ. ඒ ඇත්නම් නාවක්‌කන්නි ළිඳම පමණකි.

නාවක්‌කන්නි ළිඳ පිහිටි සීමාව අඩි පනහක පමණ සාමාන්‍ය දිග පළලකින් යුතුය. එම ළිඳ වට කර ළිං බැම්මක්‌ ඉදිකොට ඇත. එක්‌ පැත්තකින් ළිඳට බැසීමට පඩි පෙළක්‌ වෙයි. එම පඩි පෙළ දිගේ අඩි විස්‌සක්‌ පමණ බැසීමෙන් ජලය පිරී ඇති ගැඹුරට යැමට හැක. එය ඉතා බියකරුම අත්දැකීමකි.

නාවක්‌කන්නි ළිඳ මිනිස්‌ ශ්‍රමයෙන් හාරා ඇති බවක්‌ නොමැත. එසේ සිතීමට පවා නුපුළුවන. නිල් දිය පිරුණු පිරිසිදු ජලය ඇති එම ළිඳෙහි ඉතිහාසය ක්‍රි. පූ. යුගයේ ඉතිහාසගතව දිව යයි. නමුත් ඒ ලිත සාධක මත නම් නොවේ. ජනප්‍රවාද තොරතුරු අනුවය.

මහා භාරතයේ සඳහන් රාම - රාවණා පුවතට සම්බන්ධ ලංකා රාජධානිය ලෙස විශ්වාස කරන්නේ ශ්‍රී ලංකාවයි. ලංකාවේ රාවණා රජු විසින් පැහැර ගෙන එන ලද්දේ අයෝධ්‍යාවේ රාම කුමරුගේ බිරීඳ සීතා කුමරියයි. මේ නිසා ලංකාවේදී ඇතිවූ දරුණු සටන්වලින් රාම කුමරු ජය ලබා සීතා කුමරිය යළි තමා සතු කර ගනියි.

රාම කුමරුන් සීතා කුමාරියත් මෙම යුද්ධය අතරවාරයේ යාපනය නිලාවරි ගම පිsහිටි ප්‍රදේශයේද නතර වී සිට ඇත. එහි දී සීතා දේවියට දිය පිපාසයක්‌ ඇතිවිය. රාම කුමරු දිය ලබා ගැනීම සඳහා තම අත තිබූ ත්‍රිශූලය බිම ඇන ඇත. එහිදී හෑරුනු ළිඳ අද "නාවක්‌කන්නි ළිඳ" ලෙසට ඇතමෙක්‌ විශ්වාස කරති.

එමෙන්ම බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කිරීමෙන් පසුව මෙම ස්‌ථානයේද මඳක්‌ විවේක ගත් බවට විශ්වාසයක්‌ පවතී, බුදුන් වහන්සේට පැන් සැකසීම පිණිස බුද්ධානුභාවයෙන් මෙම ළිඳ කනිනු ලැබූ බව ද ජනප්‍රවාද පවසයි. කෙසේ වෙතත් මෙම ස්‌ථානය අවට බෞද්ධ විහාරයක නෂ්ඨාවශේෂ තවමත් දක්‌නට ඇත. එහි තිබූ බුදු පිළිමය යාපන කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

මෙම නවාක්‌කන්නි ළිඳ සමීපව වර්තමානයේ කුඩා හින්දු කෝවිලක්‌ද ඉදිකොට තිබේ. ප්‍රදේශවාසී හින්දු බැතිමත්හු ඊට පුද පූජා පවත්වති.
නාවක්‌කන්නි ළිඳට පතුලක්‌ නොමැති බව කියෑවේ. එනම් සොයා ගැනීමට නොහැකි තරම් ළිඳ ගැඹුරුය.

ඇමරිකන් ජාතිකයන් පිරිසක්‌ විසින් මෙම ළිඳ පිළිබඳ පරීක්‍ෂණයක්‌ කොට තිබේ. අඩි 280 ක්‌ යනතුරුම එහි පතුලක්‌ සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙය ලෝකයා මවිත කරවනසුලු ළිඳක්‌ බවට එම තහවුරු කිරීම ද එක්‌ හේතුවක්‌ බවට පත්වී තිබේ.

නාවක්‌කන්නි ළිඳට ජලය ගලා එන්නේ මහ පොළොව යටින් ගලන ගංගාවකිනි. කි. මී. 300 ක පමණ දුරකින් පිහිටි මාතලේ සුදු ගඟේ ජලයත් මෙම ළිඳෙහි ජලයත් එක සමාන බව ද කියෑවේ. එම නිසා විශ්වාස කෙරෙන්නේ සුදු ගඟේ ජලය මෙම අරුම පුදුම ළිඳට උල්පත වී ඇති බවකි.

කන්කසන්තුර පාර් පන්නාලෙයි හන්දියෙන් හැරී යන විට හමුවන ඓතිහාසික කීරමලෙයි පොකුණෙන් මුහුදට ගලා යන්නේ මෙම නාවක්‌කන්නි ළිඳෙහි ජලය බවට විශ්වාස කෙරේ. නාවක්‌කන්නි ළිඳෙහි දිය කපා පොල් කැබලි, දෙහි ගෙඩි ආදී පූජා ද්‍රව්‍ය දැමූවිට එම තීරමලෙයි පොකුණෙන් හමුවන බව ජනතාව විශ්වාස කරන තවත් අදහසකි.

අවුරුද්දේ සෑම දිනකම එක ලෙසම පිරී පවතින නාවක්‌කන්නි ළිඳෙහි ජලය අච්චුවේලි, වන්වත්ත, වාදරාවත්ත, විරාවානි සහ වල්ල ආදී ප්‍රදේශ රැසකටම ජල සම්පාදන මණ්‌ඩලය විසින් පොම්ප කොට බෙදා හරිනු ලබයි. එම ජලය ජනතාව පරිභෝජනය කරන්නේ එලෙසින්ය.

නාවක්‌කන්නි ළිඳ ඔබ මවිත කළ ද එය බියකරුය. එහි ළිං බැම්ම උස නොමැති අතර ඊට එබී බැලීමද ඉතා කල්පනාවෙන් සිදු කළ යුතුය. ළිං ඉවුරු කඩා වැටීම නිසා එහි ජලය ස්‌පර්ශ කිරීමට පහතට බැසීම ද අනතුරුදායකය.

සාමය උදාවීමත් සමඟ යාපන සංචාරයේ යෙදෙන ඔබට ඉතා නවමු අද්දැකීමක්‌ විය හැකි නාවක්‌කන්නි නමැති ලොව ගැඹුරුතම ළිඳෙහි අසිරිය විඳිය යුත්තේ ඉතා පරෙස්‌සමින්, කල්පනාකාරීවය.


දෙනගම ධම්මික රණවීර

pavithra_uk
04-04-2010, 06:51 PM
aha. mama meka adamai ahuwe. thanks bro.

+rep added

sudunone
04-04-2010, 06:54 PM
මම යාපනේ ගිහිල්ලවත් මේක බලන්න වුණේ නෑනෙ. අපි එතකොට දැනන් හිටියෙ නෑ මේ ගැන. :(

sudunone
04-04-2010, 06:54 PM
aha. mama meka adamai ahuwe. thanks bro.

+rep added

Thanks bro

wmsaneera
04-04-2010, 07:10 PM
බොහොම වටිනා තවත් අපේ ජාතික උරුමයක්.
මේ පිලිබද අපසැම දැනුවත් කිරීම ගැන ඔබට මාගේ තුති!