PDA

View Full Version : ණය ගැනීම් 150‍% කින් ඉහළට -ශ්‍රි ලංකා මහ බැංකුව


lkdood
04-06-2010, 03:33 PM
පසුගිය වර්ෂයේදි විදේශ වාණිජ ණය ගැනීම් 150‍% කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකුව අද අනාවරණය කළේය. මහ බැංකුව පෙන්වා දෙන්නේ 2009 වර්ෂයේදි රාජ්‍ය ණය සේවා දර්ශක පසුබෑමකට ලක්ව ඇති බවය. වාර්ෂික ණය ගැනීම් ඉහළ යාමත් ඒවාට ගෙවිය යුතු පොලිය ඉහළ යාමත් එයට බලපා ඇතැයි මහ බැංකුව නිකුත් කළ 2009 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

ලබාගත් ණය සදහා අදාළ වාරික සහ පොලිය ඇතුළු සමස්ථ ගෙවීම් ණය සේවාකරන වියදම් ලෙස හැදින්වේ. පසුගිය වසරේදි එම ණය සේවාකරන වියදම් රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස 118‍% ක් ඉහළ යෑම විශේෂත්වයකි. වාර්ෂික ණය වාරික හා පොලිය ගෙවීමට සමස්ථ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇති බව එම දර්ශකය පෙන්වා දෙන්නේය.

මහ බැංකු වාර්තාවේ සදහන් වන්නේ පසුගිව වර්ෂය අවසන්වන විටදී රජය නොගෙවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 4,161 දක්වා ඉහළ ගිය බවය. වසර තුළදි මුළු විදේශ ණය ප්‍රමාණය 22‍% කින් ඉහළ ගොස් තිබේ. මහ බැංකුව පෙන්වා දෙන්නේ 2009 වසර තුළදි සහනදායි නොවන ණය ගැනීම් 37‍% කින් ඉහළ ගිය බවය. විදේශ වාණිජ ණය ගැනීම් 150‍%කින් ඉහළ ගිය බව ද ශ්‍රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

පාර්ලිමේන්තු පනතට අනුව 2013 දී සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 60‍% ක් දක්වා අඩු කළ යුතු බව ද මහ බැංකු වාර්තාවේ සදහන් වේ. එම අනුපාතය මේ වනවිට 86‍% ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පෙන්වා දෙන්නේය.

LT