PDA

View Full Version : සීගිරිය

Amalka101
05-05-2010, 08:23 AM
සීගිරිය ගැන එලකිරි එකේ ඕන තරම් කතා වෙලා ඇති අපි ..... ඒ වෙනුවෙන් සවිස්තරාත්මක සටහනක් තබන්නයි යන්නෙ. මේක මට තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි ...... ඒක නිසා ඔයාලත් දන්න තොරතුරු, පැන නඟින ගැටළු (සීගිරිය ගැන හොඳේ ;)) මෙතනදි සාකච්ඡා කරමු.

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya242.jpg

කස්සපයන්ගේ මාලිගය ලෙස දැනට හැඳින්වෙන සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් විවිධ අවස්ථාවල අපි අතර කතාබහට ලක්වෙන්නට ඇති. සීගිරි ඉතිහාසය සොයා යද්දි එය කෝනාගම බුදුන්ගේ සමය දක්වා දිවෙන බවට තොරතුරු ලැබුණත් ඊටත් එහා ඉතිහාසයක් ඊට තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබේ.

කතරගම මහසෙන් රජ සමයේ සීගිරිය සිහමුඛ, සිහනාග නම් පාලකයන් යටතේ තිබුණ බවත් පසුව එම වකවානුවේම කළුතර රාජ්‍ය කල තාරක රජු විසින් ආක්‍රමණය කල බවත් සදහන් වෙයි.

තවත් තැනෙක සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට මය නම් අසුර ප්‍රධානියෙක් හැඳින්වෙනවා. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙන් බවත් සඳහන්. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව විස්තර සදහන් වෙයි. මෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ රාවන මෙහෙසිය මන්දෝදරියගේ පියාද මය නම් අසුර පාලකයෙක් වීමයි. එහෙත් මෙම දෙදෙනාම එක් පුද්ගලයෙකු බව අසන්නට ලැබී නැත. ආලකමන්දාව, චිත්‍රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක සීගිරියේ විසූ රාවනයන් සතු වෙනවා.

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya312.jpg

නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකු‍ට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?

ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය රාක්ෂ ගෝත්‍රයේ කාන්තාවක් බවත් අහන්ට ලැබෙනවා. කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි කියලයි). කෙසේ වෙතත් මේ වනවිට, සීගිරිය යනු ඉතිහාසය පුරාවටම යකුන්ට උරුමව තිබූ බලකොටුවක් බව ප්‍රත්‍යක්ශ වී ඇත.

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya48-Fresco42.jpg

සීගිරි පර්වතයේ සිටින සුරූපී අප්සරාවන්ගේ සිතුවම්ද ඈත අතීතයේ පටන්, එනම් කාශ්‍යප යුගයට පෙර සිට එහි වූ බවට තොරතුරු ලැබෙන අතර, කාශ්‍යප රජ සමයේදී, රජුගේ දියණියන් වූ බෝධි සහ උත්පලවණ්නා විසින් මෙම සිතුවම් ප්‍රතිසංස්කරණය කල බවත් අසන්නට ලැබේ. මේ අතර සීගිරිය අසල පිහිටි පිදුරන්ගල (රනින් පිදූ ගල) විහාරයද කාශ්‍යප රජු විසින් කරවන ලද්දක් බව සඳහන්ය.

මෙහිදී අප විසින් සැලකිය යුතු තවත් කරුණක් නම් මුගලන් කුමරුට සහය පතා ඉන්දියාවට පලා යාමට සිදුවීමයි. ඉන් සනාථ වන්නේ ලක්වැසියන්ගේ සහය කාශ්‍යප රජු වෙත තිබුණ බව නොවේද? ඇරත් පියරජු ඝාතනය කලානම් ජනතා සහය කස්සප රජුට ලැබේද? රටවැසියන් කැරලි ගැසූ බවක්වත් සඳහන් නොවන්නේ මන්ද? එමෙන්ම රටින් පලායන මුගලන්ට කාශ්‍යප රජු සමඟ සටනකට එන්නට වසර 18 ක්ම ගතවේ. වංසකතාවල සඳහන් පරිදි කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් ලෙස රටවැසියන්ගෙන් කොන්වී සිහගිරට වී සිටියේ නම් 18 වසරක් රාජ්‍ය කරනට තරම් ශක්තියක් ලැබේද? අප විසින් නැවත සිතා බැලිය යුතු, තතු සොයාගෙන නිරවුල් කරගත යුතු දෑ බොහෝය. වංශකතාකරුවා විසින් පීතෘ ඝාතක හංවඩුව ගසන ලද මේ මහා පඬිවරයාගේ, කලාකරුවාගේ සැබෑ තතු අප විසින් සොයා ගත යුතු කාලය එළැඹ ඇත.

උපුටා ගැනීම - http://i571.photobucket.com/albums/ss158/Dilhini/1_13_02_09_11_24_31-Copy.jpg

Kasem
05-05-2010, 08:24 AM
Thank you!:yes:

Amalka101
05-05-2010, 08:28 AM
Thank you!:yes:
wait ...... there is more to come :)

Kasem
05-05-2010, 08:30 AM
wait ...... there is more to come :)

Okey:)

MAXPAYNE1
05-05-2010, 08:31 AM
mama O/L history fail

Amalka101
05-05-2010, 08:33 AM
http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya27-PitaDiyaAgala3.jpg
පිටදිය අගල

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya20-Maanelpokuna82.jpg
මානෙල් පොකුණ

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya2322.jpg
සීගිරි නගරය

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya26-Wathuramal32.jpg
වතුර මල්

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya33-Sthupa2.jpg
ස්ථූපය

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya34-Bodhigaraya2.jpg
බෝධිඝරය

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya35-Deraniyagalaguhaawa42.jpg
දැරණියගල ගුහාව
අතීතයේ මුළු සීගිරි පර්වතය වටා සිතුවම් තිබුණ බවට තවත් සාධකයක්.

Kasem
05-05-2010, 08:34 AM
මම ළගදි සීගිරි ගිය වෙලේ ගත්ත පිංතූර තියනවා..මම ඒක මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් දෙන්නං..:yes:

Amalka101
05-05-2010, 08:39 AM
http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya48-Fresco102.jpg
බිතු සිතුවම්

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya49-Ketapathpawra52.jpg
කැටපත් පවුර සහ සීගිරි කුරුටු ගී

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya50-Sinhakata32.jpg
සිංහ කට

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya51-BambaraWadha2.jpg
බඹර වද (දැන්නම් මේවා නෑලු :( )

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya54-Summit112.jpg
ගල මුදුනේ ඇති උයන

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya54-Summit122.jpg
පැමිණි මාවත ගල මුදුනට පෙනෙන අයුරු
මාර්ගය දෙපස සමමිතික ගොඩනැගිලි වලින් සැදි අපූරු නගර සැලසුම

Chamal Chamikara
05-05-2010, 08:40 AM
ela wadak keep it up

Amalka101
05-05-2010, 08:45 AM
මම ළගදි සීගිරි ගිය වෙලේ ගත්ත පිංතූර තියනවා..මම ඒක මේ ත්‍රෙඩ් එක වෙනුවෙන් දෙන්නං..:yes:
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

Savyna
05-05-2010, 08:55 AM
i dont know what the sinhala is saying. but the pictures are cool and it seems like these are historical sites for your country...really cool =)

Kasem
05-05-2010, 08:56 AM
i dont know what the sinhala is saying. but the pictures are cool and it seems like these are historical sites for your country...really cool =)

It is about Sigiriya (http://en.wikipedia.org/wiki/Sigiriya):)

Kasem
05-05-2010, 09:16 AM
http://img693.imageshack.us/img693/6306/dscn0783n.jpg

:P:P:P

http://img512.imageshack.us/img512/1091/dscn0781v.jpg

:rolleyes::rolleyes::rolleyes:

http://img26.imageshack.us/img26/2233/dscn0806k.jpg

;););)

http://img200.imageshack.us/img200/960/dscn0771t.jpg

:cool::cool:

http://img72.imageshack.us/img72/6240/dscn0757e.jpg

:D:D

http://img52.imageshack.us/img52/2992/dscn0758u.jpg

:shocked::shocked:

http://img27.imageshack.us/img27/5361/dscn0759q.jpg

http://img406.imageshack.us/img406/2035/dscn0766c.jpg

:):)

Zeus
05-05-2010, 09:25 AM
Well these are the things to b posted in EK :yes: :D
බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ මේ හැම විස්තරයකටම :D
මේ ගැන වැඩිදුර කතා කරන්න අමිල අයියත් හිටියනම් :oo:

Kasem
05-05-2010, 09:26 AM
Well these are the things to b poted in EK

:rolleyes::rolleyes:

Amalka101
05-05-2010, 09:30 AM
ස්තුතියි Kasem

nadun07
05-05-2010, 09:31 AM
thnx :D
mama passe wisthara tikak add karannam

Amalka101
05-05-2010, 09:31 AM
Well these are the things to b poted in EK :yes: :D
බොහෝම ස්තූතියි අමල්ක අක්කෙ මේ හැම විස්තරයකටම :D
මේ ගැන වැඩිදුර කතා කරන්න අමිල අයියත් හිටියනම් :oo:
හැබෑව හැබෑව :cool: :sorry:

Kasem
05-05-2010, 09:32 AM
ස්තුතියි Kasem

:D:D:D

Savyna
05-05-2010, 09:34 AM
It is about Sigiriya (http://en.wikipedia.org/wiki/Sigiriya):)
ooo thanks alot for the information...it's really cool. i hope i can visit someday =)

Hayao
05-05-2010, 09:35 AM
Nice post akka :)

Zeus
05-05-2010, 09:37 AM
:rolleyes::rolleyes:
:P:P
හැබෑව හැබෑව :cool: :sorry:

:(

Kasem
05-05-2010, 09:37 AM
ooo thanks alot for the information...it's really cool. i hope i can visit someday =)

yes!..it is not expensive..:yes:

migaramk
05-05-2010, 09:59 AM
good work sis....
but do not post from other sites, it's against rules
the watermark is proven to be a spam....

Amalka101
05-05-2010, 10:08 AM
good work sis....
but do not post from other sites, it's against rules
the watermark is proven to be a spam....
Don't worry ......... I wrote the article & the photos are also taken by me ..... Therefore, I am posting my work, not someone else's :)

migaramk
05-05-2010, 10:13 AM
Don't worry ......... I wrote the article & the photos are also taken by me ..... So I am posting my work, not someone else's :)

I don't want 2 argue....
watermark is a web address it's bad,

Amalka101
05-05-2010, 10:18 AM
I don't want 2 argue....
watermark is a web address it's bad,
yaa .... So do I

If we are sharing some info form another site or a blog, we are suppose to give the reference right? ..... by the way you must see that I haven't linked any pic to the very site.

wug
05-05-2010, 10:23 AM
Machan sigiri yana wedeya keyapanko colombo wala edan vehicle akaka. Godak punchi kala geya nesa dan mata mathaka na.

lucky_lakshitha
05-05-2010, 11:06 AM
http://www.lankadeepa.lk/2010/05/04/front_news/09.htm

Kasem
05-05-2010, 11:19 AM
Machan sigiri yana wedeya keyapanko colombo wala edan vehicle akaka. Godak punchi kala geya nesa dan mata mathaka na.

කොළඹ ඉදන් නුවර පාරෙ ඒ කිව්වෙ A1 පාරෙ අඹේපුස්ස හන්දිය දක්වා ගිහින් එතනින් A6 (අඹෙපුස්ස-ත්‍රිකුණාමලය) පාරට හරවන්න..ඒ පාර දිගේ පොල්ගහවෙල, කුරුණෑගල පසුකරමින් දඹුල්ල දක්වා ගමන් කරලා දඹුල්ලෙන් A9 පාරට(උතුරු දෙසට) හරවන්න..ටික දුරක් උතුරට ගියාට පස්සෙ තවත් තුන්මංසන්ධියක් එනවා..(මිරිස්ගෝනිඔය වගේ නමක්..) ඒකෙන් නැවතත් ත්‍රිකුණාමලය පාරට හරවන්න ඕනි..ඒ පාරෙ ඉනාමලුව හන්දිය දක්වා ගියාම ඉනාමලුව හන්දියෙන් සීගිරියට යන්න දකුණට හැරෙන්න..කෙලින්ම සීගිරිය..!:D

Suvin1122
05-05-2010, 11:25 AM
honda wadak...

Suvin1122
05-05-2010, 11:25 AM
mata puluwannam eke wathura genihin thiyena widiya gana wistharayak karannako...:D

one_genuine
05-05-2010, 11:27 AM
හරිම අගනා විස්තරයක්...
මතක ඇති කාලෙක යන්න බැරි උනා, පොඩි කාලෙ ගියාට පස්සෙ
බොහොමත්ම ස්තූතියි අපිත් සමග බෙදාගත්තාට...

කාසිම් ලඟදි සීගිරියේ නැගලා තියෙනව වගේ..;)

Kasem
05-05-2010, 11:36 AM
කාසිම් ලඟදි සීගිරියේ නැගලා තියෙනව වගේ..;)

:P:P:P

lasa_dal
05-05-2010, 11:48 AM
good thread sis http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif (http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10)http://content.sweetim.com/sim/cpie/emoticons/000204AE.gif (http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=10)

(http://www.sweetim.com/s.asp?im=gen&lpver=3&ref=12)

asankanp
05-05-2010, 12:04 PM
Fatta Thread!!!!!!!!:D:D:D:D:D:D:D:D

Fire_Bird
05-05-2010, 12:08 PM
mama O/L history fail

math hithan hitiye kelawuna thamai kiyala eth B ekak thiyenawa.

Myth
05-05-2010, 12:52 PM
http://img219.imageshack.us/img219/7042/53603680.jpg (http://img219.imageshack.us/i/53603680.jpg/)

http://img80.imageshack.us/img80/6941/11838138.jpg (http://img80.imageshack.us/i/11838138.jpg/)

http://img42.imageshack.us/img42/2861/67788823.jpg (http://img42.imageshack.us/i/67788823.jpg/)

http://img340.imageshack.us/img340/3263/68508638.jpg (http://img340.imageshack.us/i/68508638.jpg/)

http://img27.imageshack.us/img27/8383/81917094.jpg (http://img27.imageshack.us/i/81917094.jpg/)

wug
05-05-2010, 01:50 PM
කොළඹ ඉදන් නුවර පාරෙ ඒ කිව්වෙ A1 පාරෙ අඹේපුස්ස හන්දිය දක්වා ගිහින් එතනින් A6 (අඹෙපුස්ස-ත්‍රිකුණාමලය) පාරට හරවන්න..ඒ පාර දිගේ පොල්ගහවෙල, කුරුණෑගල පසුකරමින් දඹුල්ල දක්වා ගමන් කරලා දඹුල්ලෙන් A9 පාරට(උතුරු දෙසට) හරවන්න..ටික දුරක් උතුරට ගියාට පස්සෙ තවත් තුන්මංසන්ධියක් එනවා..(මිරිස්ගෝනිඔය වගේ නමක්..) ඒකෙන් නැවතත් ත්‍රිකුණාමලය පාරට හරවන්න ඕනි..ඒ පාරෙ ඉනාමලුව හන්දිය දක්වා ගියාම ඉනාමලුව හන්දියෙන් සීගිරියට යන්න දකුණට හැරෙන්න..කෙලින්ම සීගිරිය..!:D
Thanks machan

smallvilleclerk50
05-05-2010, 06:33 PM
:P ඉහි ඉහි. නයිස් ත්‍රෙඩ් බ්‍රෝ;):shocked:

Kasmadumala
05-05-2010, 06:52 PM
නොදත් දෙත්, නොදැක ඇති දේත් මේ තුලින් සිතට ගත හැකි වේවි....
බොහොම අගෙයි නගා..පුලුවන් උදව්වක් අපෙනුත්....:D

Amalka101
05-05-2010, 07:04 PM
http://img219.imageshack.us/img219/7042/53603680.jpg (http://img219.imageshack.us/i/53603680.jpg/)

http://img80.imageshack.us/img80/6941/11838138.jpg (http://img80.imageshack.us/i/11838138.jpg/)

http://img42.imageshack.us/img42/2861/67788823.jpg (http://img42.imageshack.us/i/67788823.jpg/)

Thanx Myth :)

Amalka101
05-05-2010, 07:07 PM
:P ඉහි ඉහි. නයිස් ත්‍රෙඩ් බ්‍රෝ;):shocked:

බ්‍රෝ කිව්වා? :baffled: කොහෙද ඔළුව වද්දගත්තෙ? :eek:

YasasSudaraka
05-05-2010, 08:01 PM
බඹර වද ටිකත් නෑ. වද හින්ද බේරුණ lift එකත් ගොඩක් කල් නෑ.‍
සීගිරියෙ මුල් පදිංචි කරුවො ගැන කියවෙන්නෙම නැ.
නිකමට හිතල බලන්න අපි මේ සීගිරිය කියල කියන ගල් ගෙඩිය වටේ තියෙන අදට ඉතිරිවෙලා තියෙන ගඩොල්
පාදම් ටික මනසින් සීගිරියෙ උසට උස්සල බලන්න.
හිතාගන්නවත් පුලුවන්ද .
අක්කර ගානක ලොකු වපසරියක් එක්ක එච්චර ලොකු බිත්ති ජල අගල් ජල පද්ධති එක්ක මෙච්චර සංකීර්ණ
ප්ලෑනක් ගහන්න අද ආකිටෙක්ට් කෙනෙක්ට දුන්නෙත් අවුරුදු කියක් ගනීද. තනියෙන් නං කීයට වත් නෑ.

මේව හැදුවෙ කවුරුවත් හිටියෙ තව කවුරුවත් හොයාගත්තෙ තවත් කවුරුවත් ඒ උනාට මේ පාරාදීසෙ airport හදන්න නම් කට්ටිය ගොඩයි. :(

ronsilva
05-05-2010, 09:29 PM
වටිනා අදහස් හා තොරතුරු රැසකින් අපේ මතකය අවදි කිරීම ගැන පලමුව ඔබට ස්තුතිය පුද කරමි..

අපේ ජන ජීවිතවලින් ගව් ගනනක් ඈතට ගෙන ගොස් සඟවා තිබෙන මේ ඓතිහාසික තොරතුරු අපි ස්පර්ශ කල යුත්තේ සොයා බැලිය යුත්තේ භාවනාවක සමවැදී හිත එකලස් කරගන්නා අයුරිනි.

මේ අපේ ප්‍රෞඨ ඉතිහාසයයි... මේ අපේ මුතුන් මිත්තන්ගේ නොමැකෙන පිය සටහන් ගොන්නයි..

පාට පාට සිහිනවලම වෙලී වල්පල් ලියමින් හා දොඩමින් ගෙවනා අරුත් සුන් කාලයට හා මනසට කල්යල් බලා දුන් රජ ඔසුවක්..

තව විස්තර දිගටම ලියා අප දැනුවත් කරන්න..

එය ඔබේත් මගේත් ජාතික වගකීමයි.....

maxi boy
05-05-2010, 10:22 PM
සීගිරි සිතුවම් විනාශය (1967)

සීගිරි සිතුවම් පිළිබදව කතා කිරීමේදී ඉතාම කනගාටුදායක සිදුවීම නම් 1967 වසරේදී කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විනාශකාරී ක්‍රියාවයි. මෙහිදී සිතුවම් කීපයක තාර ආලේප කර තිබූ අතර තවත් සිතුවම් දෙකක් නැවත ප්‍රතිසංස්කරනය කළ නොහැකි ලෙස උල් ආයුධයකින් ඇන විනාශ කොට තිබුනි. තාර ආලේප කර තිබූ සිතුවම් නැවත ප්‍රතිසංස්කරනය කළ අතර එය සිදුකරන ලද්දේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී " ලුසියානෝ මරෙන්සි " විසිනි. එවකට මෙම සිදුවීම ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ දෑසින් කදුළු කඩා හැලුනු බව කියවේ.

විනාශ කරනු ලැබූ සිතුවම් කීපයක්

http://i40.tinypic.com/vet3s5.jpg

http://i41.tinypic.com/20t2u7a.jpg

http://i44.tinypic.com/2u6cihe.jpg

http://i42.tinypic.com/2v2bfkg.jpg

http://i40.tinypic.com/2ircjr.jpg

http://i44.tinypic.com/x0xim1.jpg

maxi boy
05-05-2010, 10:31 PM
ප්‍රතිසංස්කරනය කරන ලද සිතුවම් කීපයක්

http://i40.tinypic.com/16lxwjp.jpg

http://i43.tinypic.com/s279xc.jpg

ඉහත සිතුවමේ ඇති විශේෂත්වය නම් සුරතේ මල් වෙනුවට සුවද විලවුන් මංජුසාවක් වැනි යමක් දරා සිටීමයි.

http://i43.tinypic.com/feht06.jpg

dil@online
05-05-2010, 10:46 PM
Godak hoday..Thanks me information walata.
Ape hotel ekak thiyenawa sigiriye. oya ehe gihin nawathila thawa thorathuru tikak hoyagannko.
:D:D
I'll send you some infor later

smallvilleclerk50
05-05-2010, 11:08 PM
බ්‍රෝ කිව්වා? :baffled: කොහෙද ඔළුව වද්දගත්තෙ? :eek:
:eek:;)නෑ ඉතින් දි** නේ සිස්. උයා බ්‍රෝ:shocked::shocked::lol::lol::rolleyes::rolley es:

එනිවේ ත්‍රෙඩ් එක නම් පට්ටා. මමත් සීගිරි ගිහින් තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් 1 තියෙන සමහර චිත්‍ර, කරුණු එහෙම ගැන දැන ගත්තෙත් අදමයි. සීගිරියෙදිවත් මේවා ගැන මෙච්චර දැන ගන්න ලැබුනේ නෑ.

මට තව දැනගන්න දෙයක් තියෙනවා
1. කවුද අර සීගිරි චිත්‍ර විනාශ කරපු අය?? ඒකට හේතුව මොකක්ද??
2. සීගිරි නගරය නිර්මානය කරන්න හේතුව මොකක්ද?? කුවේරගේ ආශිර්වාදය ගන්නද?? ආරක්ශාවටද?? නැත්නම් වෙනත් හේතුවක් ද?
3. අර ඉතාලි ජාතිකයට උදව් කරපු සිංහල කෙනෙකුත් හිටියා කියලා අහලා තියෙනවා. එයා ගැන තොරතුරු නැත්ද??:confused:

Amalka101
05-05-2010, 11:57 PM
:eek:;)නෑ ඉතින් දි** නේ සිස්. උයා බ්‍රෝ:shocked::shocked::lol::lol::rolleyes::rolley es:
හෆොයි .......... මං හිතුවෙ දෙන්නම එක්කෙනෙක් කියලා :P

එනිවේ ත්‍රෙඩ් එක නම් පට්ටා. මමත් සීගිරි ගිහින් තියෙනවා. ඒත් මේ ත්‍රෙඩ් 1 තියෙන සමහර චිත්‍ර, කරුණු එහෙම ගැන දැන ගත්තෙත් අදමයි. සීගිරියෙදිවත් මේවා ගැන මෙච්චර දැන ගන්න ලැබුනේ නෑ.
අපිත් එක්ක ට්‍රිප් ගියානම් දැනගන්න තිබ්බා :cool:
සීගිරියෙ අපි යන්නෙ එක පැත්තකට විතරනෙ ....... අනික් පැත්තෙ කැලේ වැවිලා තියෙන කොටසට ගියොත් තවත් චිත්‍ර දැකගන්න පුළුවන් ...... ඒත් එහෙට ලේසියෙන් යන්න බෑ ...... තුවක්කු බැඳල, ඒ නිසා දන්න කෙනෙක් හොයාගන්න ඕනෙ

Amalka101
05-05-2010, 11:59 PM
1. කවුද අර සීගිරි චිත්‍ර විනාශ කරපු අය?? ඒකට හේතුව මොකක්ද?? සීගිරි චිත්‍ර විනාශ කලා කියන විදේශිකයා මානසික ආබාධයක් නිසා එහෙම කලා කියන එක තමා ප්‍රසිද්ධ උනේ. ඒ හැර හේතු උපකල්පනය කරනව නම්, සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ. ඒ පලාතෙ ගම්වල පැරණි උදවියගෙන් ඇහුවොත් කියාවි විස්තරේ. අනික තමා රත්තරන් වලින් හදපු සෝපානය ..... ඒක තිබුණෙත් සිංහ කට ගාවමයි.

ලොකුම විනාශය කලේ සහ කරන්නෙ අපේ පුරාවිද්‍යාඥයින් ....... ඇත්ත හංගලා

2. සීගිරි නගරය නිර්මානය කරන්න හේතුව මොකක්ද?? කුවේරගේ ආශිර්වාදය ගන්නද?? ආරක්ශාවටද?? නැත්නම් වෙනත් හේතුවක් ද?සීගිරි නගරය (අලකාපුරය ;)) නිර්මාණය කරන්න විශේෂ හේතුවක් කියන්න බෑ. සරලව කිව්වොත් එයාලත් අද අපි වගේම ලස්සනට පාරවල්, උයන් හදලා, වතුර මල් දාගෙන ලස්සනට ඉඳලා තියෙනවා. අපිට වටින්නෙ ඒ තාක්ශණය. කුවේර කියන්නෙත් වෛශ්‍රවණටම තවත් නමක්නෙ. වෛශ්‍රවණ කියන්නෙ රාවනයන්ගෙ වැඩිමල් සහෝදරයා. ආශිර්වාදය ගන්න කතාවක් නම් මම අහල නෑ, ආරක්ශාව අතින් නම් සීගිරියෙ පිහිටීම ගොඩක් බලපාන්න ඇති. ඒ පලාතටම තියෙන එකම ගල සීගිරිය විතරයිනෙ. ගල මුදුනට මුළු රාජධානියම හොදට පේනවා. යක්ෂ ගෝ‍ත්‍රිකයො බලකොටුවක් විදිහට සීගිරිය භාවිතා කලේ ඒ නිසා වෙන්න ඇති.

3. අර ඉතාලි ජාතිකයට උදව් කරපු සිංහල කෙනෙකුත් හිටියා කියලා අහලා තියෙනවා. එයා ගැන තොරතුරු නැත්ද??:confused: ඒ ගැන නම් මම කියන්න දන්නෙ නැහැ සහෝ

Amalka101
05-06-2010, 12:00 AM
සීගිරි සිතුවම් විනාශය (1967)

සීගිරි සිතුවම් පිළිබදව කතා කිරීමේදී ඉතාම කනගාටුදායක සිදුවීම නම් 1967 වසරේදී කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ විනාශකාරී ක්‍රියාවයි. මෙහිදී සිතුවම් කීපයක තාර ආලේප කර තිබූ අතර තවත් සිතුවම් දෙකක් නැවත ප්‍රතිසංස්කරනය කළ නොහැකි ලෙස උල් ආයුධයකින් ඇන විනාශ කොට තිබුනි. තාර ආලේප කර තිබූ සිතුවම් නැවත ප්‍රතිසංස්කරනය කළ අතර එය සිදුකරන ලද්දේ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී " ලුසියානෝ මරෙන්සි " විසිනි. එවකට මෙම සිදුවීම ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ දෑසින් කදුළු කඩා හැලුනු බව කියවේ.

විනාශ කරනු ලැබූ සිතුවම් කීපයක්

http://i40.tinypic.com/vet3s5.jpg

http://i44.tinypic.com/2u6cihe.jpg

http://i40.tinypic.com/2ircjr.jpg

ස්තුතියි සහෝ

smallvilleclerk50
05-06-2010, 12:30 AM
හෆොයි .......... මං හිතුවෙ දෙන්නම එක්කෙනෙක් කියලා :P

:P ඒකත් එහෙමද??

අපිත් එක්ක ට්‍රිප් ගියානම් දැනගන්න තිබ්බා :cool:
සීගිරියෙ අපි යන්නෙ එක පැත්තකට විතරනෙ ....... අනික් පැත්තෙ කැලේ වැවිලා තියෙන කොටසට ගියොත් තවත් චිත්‍ර දැකගන්න පුළුවන් ...... ඒත් එහෙට ලේසියෙන් යන්න බෑ ...... තුවක්කු බැඳල, ඒ නිසා දන්න කෙනෙක් හොයාගන්න ඕනෙ

:eek::eek: මරු නේ. සිරාවට අපි අර පේන ටිකේ විතරයි ඇවිදින්නේ, ඒත් වැඩිපුරම කරන්නේ ෆොටෝ ගන්න එක. ඊලග පාර ටිකක් සබ්ජෙක්ට් එකේ ඉන්න කෙනෙක් එක්ක යන්න ඕන:yes::yes:

සීගිරි චිත්‍ර විනාශ කලා කියන විදේශිකයා මානසික ආබාධයක් නිසා එහෙම කලා කියන එක තමා ප්‍රසිද්ධ උනේ.

ඒක කරේ විදේශිකයෙක් ද??:shocked::shocked: ඌව අමුවෙන් කන්න ඕන

හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ. ඒ පලාතෙ ගම්වල පැරණි උදවියගෙන් ඇහුවොත් කියාවි විස්තරේ. අනික තමා රත්තරන් වලින් හදපු සෝපානය ..... ඒක තිබුණෙත් සිංහ කට ගාවමයි.

එතකොට ඇයි පරණවිතාන මහත්තයලා ඒ බැම්ම අයින් නොකරේ?? කෝ ඒ සෝපානේ දැන්??:confused::confused:

පී ඇස් - මේ ත්‍රෙඩ් 1 අප් කරලා තියා ගන්න,ඉඩ තියෙන වෙලාවට මේ වගේ අෆි දන්නේ නැති දේවල් දාන්න. තැන්කියු වේවා සහෝ

Amalka101
05-06-2010, 01:40 AM
:P ඒකත් එහෙමද??
එහෙමළු :P

එතකොට ඇයි පරණවිතාන මහත්තයලා ඒ බැම්ම අයින් නොකරේ?? කෝ ඒ සෝපානේ දැන්??:confused::confused:
පරණවිතාන මහත්මයට තිබුණ ලොකුම ඉශූ එක බඹරුනෙ ..... ඒක නිසා එයා සීගිරියෙ වැඩිදුර කැණීම් කලේ නෑ. වැඩිදුර කිව්වෙ මහාවංශෙන් එහාට. ඒ වගේම තමයි ගිලුණු ඇට්ලාන්ටිස් නගරය ගැන හොයන්න ආපු විදේශික පුරාවිද්‍යාඥයො පිරිසකුත් සීගිරිය අවට කැණිම් කර කර ඉඳලා එක පාරටම කැණීම් නවත්තලා අකුලගෙන ගියා ....... කොහොමත් ඇත්ත ඉතිහාසෙ හොයන්න මහන්සි වෙන පිරිසට වඩා ඇත්ත හංගන්න මහන්සි වෙන පිරිස ගොඩාක් වැඩියි.
අපේ මිනිස්සු නොදන්න ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා ....... ඉතිහාසෙ කියන්නෙ අපේ අනන්‍යතාවය, ඕක නැති කරන්න වෙහෙසෙන අයගෙ කීමට, එයාලා විසි කරන නෝට්ටු මිටියට අහු උණාම බැම්මක් අයින් නොකරන එක ගේමක් නෙමේනෙ. මෙච්චර කල් හොයාගත්තු තොරතුරු එක්ක මට නම් තත්වය ගම්‍ය උනේ එහෙමයි. :nerd: :(

සෝපානය තාම තියෙනවා ...... කලිනුත් කිව්ව වගේ සිංහකට ගාවින් ඇතුලටම යනකොට තමා සෝපානය තිබිල තියෙන්නෙ. ගල ඇතුලෙන් මුදුනට යන්න. ඒක තනි රනින් කරපු නිසා ඕක ගලවලා නැවක පටවලා අරං ගියාලු මහා බ්‍රිතාන්‍යයට :frown: ඒ උනාට ලංකාවෙ මුහුදු සීමාවෙන් පිට වෙන්නත් කළින්, කුඩා රාවනා කොටුවෙ හැපිල නැව ගිලුනලු ....... තාම මුහුද යට තියෙනව කියලා තමයි කියවෙන්නෙ.

ඊට ටික කාලෙකට පස්සෙ තමා අපේ රටට වර්ණ චිත්‍රපට ලැබෙන්නෙ. රන්මුතු දූව කරන්න අවශ්‍ය සියළු පහසුකම් එක්ක එහෙන් එවපු කිමිදුම් කරුවො ෆිල්ම් එක රූගත කරන අතර ඒ මුවාවෙන් වෙනම ඔය ගිළුන නැව හෙව්වයි කියලා කතාවකුත් තියෙනවා ...... මේ ගැන නම් ඇත්ත නැත්ත මම දන්නෑ. කොහොමත් සෝපානය තවම ලංකාවෙ දේශසීමාව ඇතුලෙ තියෙන බව නම් දන්නවා.

පී ඇස් - මේ ත්‍රෙඩ් 1 අප් කරලා තියා ගන්න,ඉඩ තියෙන වෙලාවට මේ වගේ අෆි දන්නේ නැති දේවල් දාන්න. තැන්කියු වේවා සහෝ
http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

amilapriyankara.dsc
05-06-2010, 01:32 PM
Nice Post akki....;)

tdevinda
05-07-2010, 12:44 PM
හරි ඔන්න මාත් එනවා ආයිත් ගේමට... කලින් Thread එක එක්ක ඉන්න බැරි උණා.

අමල්කා කියනවා (හරි අපි කියමු කොහෙන් හරි Paste කලාට එයා කිව්වා කියල) කාශ්‍යප කුමාරයට පියා මැරුව නම් ජනතා ප්‍රසාදය නෑ කියල. එතකොට මේ කතාවත් යක් පරම්පරාවට නිගා කරල ඉන්දියානු බලපෑම් කරන්න ගොතපු එකක් ද?

"සිටුවා පස් ගසවා මා මැරුමට, කවුරුද පුතු සිත බින්දේ?"
ඒ කිව්වට එහෙම දෙයක් කළේ පාහර හිඟන ඉන්දියන් කාරයොද?

අනිත් එක, සීගිරියෙ කැණීම් කරද්දි සමාන පැති 2ක් තිබ්බ නිසා එක පැත්තක විතරක් කැණීම් කළා කියන්නෙ ඇත්තද?
ඇත්තටම ආලකමන්දාවෙ පැති 2ම සමානද?

tdevinda
05-07-2010, 12:50 PM
:P ඒකත් එහෙමද??

ඒක කරේ විදේශිකයෙක් ද??:shocked::shocked: ඌව අමුවෙන් කන්න ඕන

අපි බලු මස් නොකා මේ වැඩෙ කරමු. නැත්තං උඹට බඩේ ගාය හැදිල POST කරන්නත් බැරි වෙයි!

එතකොට ඇයි පරණවිතාන මහත්තයලා ඒ බැම්ම අයින් නොකරේ?? කෝ ඒ සෝපානේ දැන්??:confused::confused:

පරණවිතාන මහත්තය කොයි වගේ ආකල්ප තිබුණ කෙනෙක්ද කියල ඇත්තටම මට හිතා ගන්න බෑ!
සමහර ඉතිහාස කරුණු එතුමට නොපෙණුනා වෙන්න බෑ! මම කලින් රාවණා ගැන YASAS දාපු Thread එකේ කිව්ව ව‍ගේ, එක්කො එයා හිතා මතා ඒක කළා, නැත්තං ජීවිතේට තියන බය නිසා නොදැක්ක වගේ හිටිය!

anrdeknyke
05-07-2010, 12:55 PM
වටින ත්‍රෙඩ් එකක් සිස්
ස්තූතියි

smallvilleclerk50
05-07-2010, 09:27 PM
එහෙමළු :P

පරණවිතාන මහත්මයට තිබුණ ලොකුම ඉශූ එක බඹරුනෙ ..... ඒක නිසා එයා සීගිරියෙ වැඩිදුර කැණීම් කලේ නෑ. වැඩිදුර කිව්වෙ මහාවංශෙන් එහාට. ඒ වගේම තමයි ගිලුණු ඇට්ලාන්ටිස් නගරය ගැන හොයන්න ආපු විදේශික පුරාවිද්‍යාඥයො පිරිසකුත් සීගිරිය අවට කැණිම් කර කර ඉඳලා එක පාරටම කැණීම් නවත්තලා අකුලගෙන ගියා ....... කොහොමත් ඇත්ත ඉතිහාසෙ හොයන්න මහන්සි වෙන පිරිසට වඩා ඇත්ත හංගන්න මහන්සි වෙන පිරිස ගොඩාක් වැඩියි.
අපේ මිනිස්සු නොදන්න ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා ....... ඉතිහාසෙ කියන්නෙ අපේ අනන්‍යතාවය, ඕක නැති කරන්න වෙහෙසෙන අයගෙ කීමට, එයාලා විසි කරන නෝට්ටු මිටියට අහු උණාම බැම්මක් අයින් නොකරන එක ගේමක් නෙමේනෙ. මෙච්චර කල් හොයාගත්තු තොරතුරු එක්ක මට නම් තත්වය ගම්‍ය උනේ එහෙමයි. :nerd: :(

සෝපානය තාම තියෙනවා ...... කලිනුත් කිව්ව වගේ සිංහකට ගාවින් ඇතුලටම යනකොට තමා සෝපානය තිබිල තියෙන්නෙ. ගල ඇතුලෙන් මුදුනට යන්න. ඒක තනි රනින් කරපු නිසා ඕක ගලවලා නැවක පටවලා අරං ගියාලු මහා බ්‍රිතාන්‍යයට :frown: ඒ උනාට ලංකාවෙ මුහුදු සීමාවෙන් පිට වෙන්නත් කළින්, කුඩා රාවනා කොටුවෙ හැපිල නැව ගිලුනලු ....... තාම මුහුද යට තියෙනව කියලා තමයි කියවෙන්නෙ.

ඊට ටික කාලෙකට පස්සෙ තමා අපේ රටට වර්ණ චිත්‍රපට ලැබෙන්නෙ. රන්මුතු දූව කරන්න අවශ්‍ය සියළු පහසුකම් එක්ක එහෙන් එවපු කිමිදුම් කරුවො ෆිල්ම් එක රූගත කරන අතර ඒ මුවාවෙන් වෙනම ඔය ගිළුන නැව හෙව්වයි කියලා කතාවකුත් තියෙනවා ...... මේ ගැන නම් ඇත්ත නැත්ත මම දන්නෑ. කොහොමත් සෝපානය තවම ලංකාවෙ දේශසීමාව ඇතුලෙ තියෙන බව නම් දන්නවා.

http://www.elakiri.com/forum/images/icons/sq/11.gif

තැන්කියු වේවා බ්‍රෝ;):P

හරි ඔන්න මාත් එනවා ආයිත් ගේමට... කලින් Thread එක එක්ක ඉන්න බැරි උණා.

අමල්කා කියනවා (හරි අපි කියමු කොහෙන් හරි Paste කලාට එයා කිව්වා කියල) කාශ්‍යප කුමාරයට පියා මැරුව නම් ජනතා ප්‍රසාදය නෑ කියල. එතකොට මේ කතාවත් යක් පරම්පරාවට නිගා කරල ඉන්දියානු බලපෑම් කරන්න ගොතපු එකක් ද?

"සිටුවා පස් ගසවා මා මැරුමට, කවුරුද පුතු සිත බින්දේ?"
ඒ කිව්වට එහෙම දෙයක් කළේ පාහර හිඟන ඉන්දියන් කාරයොද?

අනිත් එක, සීගිරියෙ කැණීම් කරද්දි සමාන පැති 2ක් තිබ්බ නිසා එක පැත්තක විතරක් කැණීම් කළා කියන්නෙ ඇත්තද?
ඇත්තටම ආලකමන්දාවෙ පැති 2ම සමානද?

අපි බලු මස් නොකා මේ වැඩෙ කරමු. නැත්තං උඹට බඩේ ගාය හැදිල POST කරන්නත් බැරි වෙයි!

පරණවිතාන මහත්තය කොයි වගේ ආකල්ප තිබුණ කෙනෙක්ද කියල ඇත්තටම මට හිතා ගන්න බෑ!
සමහර ඉතිහාස කරුණු එතුමට නොපෙණුනා වෙන්න බෑ! මම කලින් රාවණා ගැන YASAS දාපු Thread එකේ කිව්ව ව‍ගේ, එක්කො එයා හිතා මතා ඒක කළා, නැත්තං ජීවිතේට තියන බය නිසා නොදැක්ක වගේ හිටිය!

මේ කතන්දරේ ගැන දන්න දේවල් තියෙනව නම් අපිටත් දැන ගන්න පෝස්ට්ක් කරන්නකෝ සහෝ:)

Amalka101
05-07-2010, 10:01 PM
හරි ඔන්න මාත් එනවා ආයිත් ගේමට... කලින් Thread එක එක්ක ඉන්න බැරි උණා.
වෙල්කම් වෙල්කම් .......... ඕඕඕඕ අන්න එහෙම ඉන්න, මැදදි අතුරුදහන් නොවී :P

අමල්කා කියනවා (හරි අපි කියමු කොහෙන් හරි Paste කලාට එයා කිව්වා කියල) කාශ්‍යප කුමාරයට පියා මැරුව නම් ජනතා ප්‍රසාදය නෑ කියල. එතකොට මේ කතාවත් යක් පරම්පරාවට නිගා කරල ඉන්දියානු බලපෑම් කරන්න ගොතපු එකක් ද?

"සිටුවා පස් ගසවා මා මැරුමට, කවුරුද පුතු සිත බින්දේ?"
ඒ කිව්වට එහෙම දෙයක් කළේ පාහර හිඟන ඉන්දියන් කාරයොද?
වෙන කොහෙන් පේස්ට් කරන්නද රාවන ත්‍රෙඩ් එකේ මම දාපු පෝස්ට් වලින්ම මිසක්.:cool:

යක්ෂ ගෝත්‍රයේ කුමාරවරුන්ට මහාවන්ශෙනුත් කුඩම්මගෙ සැලකිලි ලැබුණෙ. එහෙම නොවුණෙ දුටුගැමුණුට විතරයි (දුටු ගැමුණු යකෙක් වෙන හැටි පස්සෙ කතා කරමු). කොහොමත් මහානාම හාමුදුරුවොත් ඉන්දියවෙන් ආපු නිසා ඉන්දුයානුවො කල වැඩක් කියන්න පුළුවන්. පීතෘ ඝාතක අජාසත්ත කුමාරයගෙ කතාව ආදර්ශෙට අරං ලංකාවෙනුත් කතාවක් ගෙතුව වෙන්න බැරිද?

අනිත් එක, සීගිරියෙ කැණීම් කරද්දි සමාන පැති 2ක් තිබ්බ නිසා එක පැත්තක විතරක් කැණීම් කළා කියන්නෙ ඇත්තද?
ඇත්තටම ආලකමන්දාවෙ පැති 2ම සමානද?
එහෙම තමා කියන්නෙ, පැති 2ම සමාන නිසා කැණීම් කලේ නෑ කියලා. ඔව් අනික් පැත්තත් අපි දකින පැත්ත වගේමයිලු. ඒ කියන්නෙ ගල වටේ උද්‍යානය, එන පාර එහෙම සමානයිලු. ඒ වගේම බිතු සිතුවම් තියෙනව ඒ පැත්තෙත්.

මට නම් තාම අනික් පැත්තට යන්න ලැබුණෙ නෑ ...... හැබැයි යාළුවො ගිහින් තිබ්බා. එයාල තමා විස්තරේ කිව්වෙ.

Amalka101
05-07-2010, 10:03 PM
තැන්කියු වේවා බ්‍රෝ;):P

වෙල්කම් ....සිස් ;) :P

K.D
05-07-2010, 10:13 PM
Mata thawaama Sigiri yanna bariwuna ne.:(

Me paara lankawata giyahama man Sigiri yanawa:) Photos tikakuth
Aragena ennamko.

smallvilleclerk50
05-07-2010, 10:18 PM
වෙල්කම් ....සිස් ;) :P
:growl::growl::growl:

Kasem
05-08-2010, 01:39 AM
වෙල්කම් ....සිස් ;) :P

:lol::lol::lol:

Amalka101
05-08-2010, 01:50 AM
:growl::growl::growl:
:D

YasasSudaraka
05-08-2010, 01:41 PM
අයියෝ දැක්කද සිද්ද වෙලා තියෙන දේ

nUrd mekakSfuka miq lDñhd iS.sßhg mekakdo@

iÔj úfÊùr

iS.sßfha nUr jo bj;a lsÍu fya;=fjka tys Ñ;% j,g ydks lrk lDñ úfYaIh j¾Okh jkakg we;ehs mßir fõ§yq o i;a;aj úoHd m¾fhaIlfhda o iel m< lr;s' tys nUr jo bj;a flf<a ur;= uq,oSh

jir ish .Kkla iS.sß m¾j;fha Ôj;a jQ nUrekaf.a jo tu ia:dkfhka bj;a lsÍu ksid iS.sßh yd ta wjg mßir moaO;sfha ;=,H;dj ì£ hdu wksjd¾hfhkau isÿjkakla nj mßir fõ§yq fmkajd fo;s' ,laI .Kkla yQ nUreka bj;a lsÍfuka nUreka ksid md,kh ù isá fjk;a Ôù úfYaIhlg ;u wdydr" jdiia:dk ,eîu;a i;=rd fkdue;s ùu;a fya;=fjka .yK >k;ajh jeäùh isÿúh yels nj o Tjqyq lsh;s'

zzÑ;% we| ;sfnk noduhg ydks isÿ lrkafka l=U,a úfYaIhla' Tjqka t;ekska ueá /f.k ;u ckmo idok nj fmfkkakg ;sfnkjd' jydu fï lDñhd u¾okh fldg Ñ;% fírd.ekSug lghq;= l< hq;=hs' óg by; wjia:dj,§;a fujeks l=U¨kaf.ka ydks isÿjqKd' m%:u j;djg iS.sß Ñ;% msgm;a lrk wjia:dfõ§;a l=U,a ydks olakg ,eî ;sfnkjd' zz

mqrdúoHd mYapd;a Wmdê wdh;kfha úoHd m¾fhaIl fukau i;a;aj úoHd .fõIlhl= o jk jika; je,swx. uy;d tfia mjihs' nUreka jeks i;=kaf.a YÍrfhka ksl=;aajk ridhksl fydafudak fya;=fjka tu f.da;%fhau fjk;a i;=kag nUrekaf.a rdcOdks mj;sk ia:dkj, myiqfjka Ôj;a úh fkdyels nj;a fï ridhkslhka ksid tjeks fjk;a i;a;aj úfYaI j,ska iq¿ .yKhla Ôj;a jqk;a Tjqka nUreka isák m%foaYfhka wE;aj isák nj;a ta wkqj fujeks ydks isÿlrk l=U¨kaf.a .yKh nUreka ksid md,kh jkakg we;s nj;a Tyq fmkajd fohs'

zzfï ydksh isÿlrkafka nUreka wh;ajk f.da;%h jk yhsfkdmafgrd f.da;%fhau ;j;a i;a;ajfhla' th l=U,a úfYaIhlazz

YasasSudaraka
05-08-2010, 01:43 PM
මෙහි ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත් පතේ පළ වි තිබුනා.
පුලුවන් කෙනෙක් මෙහි පළ කරන්න. අතිශය සෝචනීයයි.
අපේ බත් කන හරක් ටික බඹරු අයින් කරා සුද්දට සීගිරිය මාකට් කරන්න.
දැන් ඉතින් ඔය හම්බෙලා තියෙන්නෙ.
අම්මප මේ ***ගෙ පුතාලට කියන්න වචන නෑ මට නං.

jkadithya
05-08-2010, 01:50 PM
come and share with us....by EK TRAVELER (http://www.elakiri.com/forum/showthread.php?t=660405)

Zeus
05-08-2010, 01:51 PM
මෙහි ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත් පතේ පළ වි තිබුනා.
පුලුවන් කෙනෙක් මෙහි පළ කරන්න. අතිශය සෝචනීයයි.
අපේ බත් කන හරක් ටික බඹරු අයින් කරා සුද්දට සීගිරිය මාකට් කරන්න.
දැන් ඉතින් ඔය හම්බෙලා තියෙන්නෙ.
අම්මප මේ ***ගෙ පුතාලට කියන්න වචන නෑ මට නං.

බඹරු ටික අයින් කළේ සුද්දට මාකට් කරන්නද නැත්නං චිත්‍ර ටික බේරාගැනීමෙ යහපත් අරමුණින්ද කියන්න අපි දන්නෙ නෑ නෙ යපස් අයියෙ ?

ඒගොල්ලො කරපු වැරැද්ද දේ දුර දිග නොබල මේ වගේ පියවරක් ගත්තු එක විතරයි.
අනික් අතට මේ විදියට සමතුලිත වෙලා තියෙන පරිසර පද්ධතියක එක පැත්තකින් ( සුද්දට විකිණිමට හෝ)චිත්‍ර බේරගන්න එකත්
පරිසරයේ සමතුලිතයත් රැකෙන විදියට තීරණයක් ගන්න එක ඒ තරම් ලේසි නතුව ඇතිනෙ.
වැඩ වැරදුනාට පස්සෙ බණින එකනං ඕං ලේසියි ;)

ඔය තරම් ආවේගශීලි වෙන්න ඕනෙද ? :confused:

lucky_lakshitha
05-08-2010, 03:26 PM
අයියෝ දැක්කද සිද්ද වෙලා තියෙන දේ

nUrd mekakSfuka miq lDñhd iS.sßhg mekakdo@

iÔj úfÊùr

iS.sßfha***********************
******************************
************************

හොද වෙලාට ලංකාදීප ෆොන්ට් එක දාල නෑ:lol::lol::lol::lol::lol:

Gang
05-08-2010, 03:28 PM
Great Post :)

Amalka101
05-08-2010, 06:49 PM
අයියෝ දැක්කද සිද්ද වෙලා තියෙන දේ

nUrd mekakSfuka miq lDñhd iS.sßhg mekakdo@

iÔj úfÊùr

iS.sßfha nUr jo bj;a lsÍu fya;=fjka tys Ñ;% j,g ydks lrk lDñ úfYaIh j¾Okh jkakg we;ehs mßir fõ§yq o i;a;aj úoHd m¾fhaIlfhda o iel m< lr;s' tys nUr jo bj;a flf<a ur;= uq,oSh

jir ish .Kkla iS.sß m¾j;fha Ôj;a jQ nUrekaf.a jo tu ia:dkfhka bj;a lsÍu ksid iS.sßh yd ta wjg mßir moaO;sfha ;=,H;dj ì£ hdu wksjd¾hfhkau isÿjkakla nj mßir fõ§yq fmkajd fo;s' ,laI .Kkla yQ nUreka bj;a lsÍfuka nUreka ksid md,kh ù isá fjk;a Ôù úfYaIhlg ;u wdydr" jdiia:dk ,eîu;a i;=rd fkdue;s ùu;a fya;=fjka .yK >k;ajh jeäùh isÿúh yels nj o Tjqyq lsh;s'

බඹරා පැන්නීමෙන් පසු කෘමියා සීගිරියට පැන්නාද?

සජීව විජේවීර

සීගිරියේ බඹර වද ඉවත් කිරීම හේතුවෙන් එහි චිත‍්‍ර වලට හානි කරන කෘමි විශේෂය වර්ධනය වන්නට ඇතැයි පරිසර වේදීහු ද සත්ත්ව විද්‍යා පර්යේෂකයෝ ද සැක පළ කරති. එහි බඹර වද ඉවත් කෙළේ මාර්තු මුලදීය

වසර සිය ගණනක් සීගිරි පර්වතයේ ජීවත් වූ බඹරුන්ගේ වද එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සීගිරිය හා ඒ අවට පරිසර පද්ධතියේ තුල්‍යතාව බිඳී යාම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පරිසර වේදීහු පෙන්වා දෙති. ලක්ෂ ගණනක් හූ බඹරුන් ඉවත් කිරීමෙන් බඹරුන් නිසා පාලනය වී සිටි වෙනත් ජීවී විශේෂයකට තම ආහාර, වාසස්ථාන ලැබීමත් සතුරා නොමැති වීමත් හේතුවෙන් ගහණ ඝනත්වය වැඩිවීය සිදුවිය හැකි බව ද ඔවුහු කියති.

‘‘චිත‍්‍ර ඇඳ තිබෙන බදාමයට හානි සිදු කරන්නේ කුඹල් විශේෂයක්. ඔවුන් එතැනින් මැටි රැුගෙන තම ජනපද සාදන බව පෙනෙන්නට තිබෙනවා. වහාම මේ කෘමියා මර්දනය කොට චිත‍්‍ර බේරාගැනීමට කටයුතු කළ යුතුයි. මීට ඉහත අවස්ථාවලදීත් මෙවැනි කුඹලූන්ගෙන් හානි සිදුවුණා. ප‍්‍රථම වතාවට සීගිරි චිත‍්‍ර පිටපත් කරන අවස්ථාවේදීත් කුඹල් හානි දක්නට ලැබී තිබෙනවා. ‘‘

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ විද්‍යා පර්යේෂක මෙන්ම සත්ත්ව විද්‍යා ගවේෂකයකු ද වන වසන්ත වැලිඅංග මහතා එසේ පවසයි. බඹරුන් වැනි සතුන්ගේ ශරීරයෙන් නිකුත්්වන රසායනික හෝමෝන හේතුවෙන් එම ගෝත‍්‍රයේම වෙනත් සතුන්ට බඹරුන්ගේ රාජධානි පවතින ස්ථානවල පහසුවෙන් ජීවත් විය නොහැකි බවත් මේ රසායනිකයන් නිසා එවැනි වෙනත් සත්ත්ව විශේෂ වලින් සුළු ගහණයක් ජීවත් වුනත් ඔවුන් බඹරුන් සිටින ප‍්‍රදේශයෙන් ඈත්ව සිටින බවත් ඒ අනුව මෙවැනි හානි සිදුකරන කුඹලූන්ගේ ගහණය බඹරුන් නිසා පාලනය වන්නට ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

‘‘මේ හානිය සිදුකරන්නේ බඹරුන් අයත්වන ගෝත‍්‍රය වන හයිනොප්ටෙරා ගෝත‍්‍රයේම තවත් සත්ත්වයෙක්. එය කුඹල් විශේෂයක්‘‘

Amalka101
05-08-2010, 06:56 PM
මෙහි ඡායාරූප ඉරිදා ලංකාදීප පුවත් පතේ පළ වි තිබුනා.
පුලුවන් කෙනෙක් මෙහි පළ කරන්න. අතිශය සෝචනීයයි.
අපේ බත් කන හරක් ටික බඹරු අයින් කරා සුද්දට සීගිරිය මාකට් කරන්න.
දැන් ඉතින් ඔය හම්බෙලා තියෙන්නෙ.
අම්මප මේ ***ගෙ පුතාලට කියන්න වචන නෑ මට නං.
ඕක තමා අපි වේලස්සනම කිව්වෙ. සීගිරියෙත් බඹරු ඇවිස්සෙන්නෙ නිකන්ම නෙමෙයිනෙ, ඒවටත් ඔය බලන්න යන අය කරන වැඩ බලපෑවා. අවුරුදු දහස් ගණන් පැවතුන දේවල් දවසින් දෙකෙන් විනාස කරලා හැමදේම වෙනස් කලහම සොබාදහමෙන් ලැබෙන රිටර්න් එක ඊට වඩා දරුණුයි. බඹරවද පුච්චලා තාම මාස 3ක් නෑ නේද?

http://www.elakiri.com/forum/showthread.php?t=577268

(http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=7095506)

YasasSudaraka
05-08-2010, 10:15 PM
බඹරු ටික අයින් කළේ සුද්දට මාකට් කරන්නද නැත්නං චිත්‍ර ටික බේරාගැනීමෙ යහපත් අරමුණින්ද කියන්න අපි දන්නෙ නෑ නෙ යපස් අයියෙ ?

ඒගොල්ලො කරපු වැරැද්ද දේ දුර දිග නොබල මේ වගේ පියවරක් ගත්තු එක විතරයි.
අනික් අතට මේ විදියට සමතුලිත වෙලා තියෙන පරිසර පද්ධතියක එක පැත්තකින් ( සුද්දට විකිණිමට හෝ)චිත්‍ර බේරගන්න එකත්
පරිසරයේ සමතුලිතයත් රැකෙන විදියට තීරණයක් ගන්න එක ඒ තරම් ලේසි නතුව ඇතිනෙ.
වැඩ වැරදුනාට පස්සෙ බණින එකනං ඕං ලේසියි ;)

ඔය තරම් ආවේගශීලි වෙන්න ඕනෙද ? :confused:

ඔන් ඔය වෙලාවට තමයි ඉතින් දෙයිය එක්ක පුෂ්පය විධාරණය වෙන්න ගන්නෙ.:angry:
සුද්දො ටික ආවම බඹරුන්ට අදින කෝට් එකක් දුන්න. ලංකාවෙ එවුන් ගියාම කුඩම්මගෙ සැළකිලි. බල්ලෙක් වත් බලන්නෙ නෑ ගියාම. තුවාල උනාම ඉස්පිරිතාලෙට නං උස්සං යනව.
සුද්දො හැමෝම අදින ඒව අදින්න බෑ කිව්වම සංචාරක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරා හැම සුදු මහත්තයටම
එක කෝට් එක ගානෙ ඩිස්පෝසබල් කෝට් ඉම්පෝට් කොරන්ට කියල. මුන් කල්පනා කරා ඊට වැඩිය ලේසියි
බඹරු ටික අයින් කරන එක නිසා, බඹරුන්ට ගේම දුන්න.
මම නං දන්න විදියට ඇත්ත කතාව ඕකයි මල්ලි ( let's say from a internal sources :nerd:)

චිත්‍ර ගැන සාංකාවක්වත් හිතේ තිබුණද කියල සැකයි බඹරු අයින් කරනකොට.
පරිසරයේ සමතුලිත බව ගැන හිතනවනං අවුරුදු දහස් ගණනක් තිස්සෙ ස්ථාවර පරිසර පද්ධතියක එක්
සංඝඨකයක් නිශේධ බලයෙන් ඉවත් කරාම දකින්නට ලැබෙන ප්‍රති විපාක මීට වැඩිය හිතන්න තිබුන.
:frown::frown:

Zeus
05-08-2010, 10:30 PM
ඔන් ඔය වෙලාවට තමයි ඉතින් දෙයිය එක්ක පුෂ්පය විධාරණය වෙන්න ගන්නෙ.:angry:
:lol:
සුද්දො ටික ආවම බඹරුන්ට අදින කෝට් එකක් දුන්න. ලංකාවෙ එවුන් ගියාම කුඩම්මගෙ සැළකිලි. බල්ලෙක් වත් බලන්නෙ නෑ ගියාම. තුවාල උනාම ඉස්පිරිතාලෙට නං උස්සං යනව.
සුද්දො හැමෝම අදින ඒව අදින්න බෑ කිව්වම සංචාරක මණ්ඩලයෙන් ඉල්ලීමක් කරා හැම සුදු මහත්තයටම
එක කෝට් එක ගානෙ ඩිස්පෝසබල් කෝට් ඉම්පෝට් කොරන්ට කියල. මුන් කල්පනා කරා ඊට වැඩිය ලේසියි
බඹරු ටික අයින් කරන එක නිසා, බඹරුන්ට ගේම දුන්න.
මම නං දන්න විදියට ඇත්ත කතාව ඕකයි මල්ලි ( let's say from a internal sources :nerd:)

Damn
ඒ කියන්නෙ අපිට සීගිරියට යද්දි කෝට් මහගෙන යෑමක් තියෙන්නෙ මේ කියන විදියට:oo:

චිත්‍ර ගැන සාංකාවක්වත් හිතේ තිබුණද කියල සැකයි බඹරු අයින් කරනකොට.
පරිසරයේ සමතුලිත බව ගැන හිතනවනං අවුරුදු දහස් ගණනක් තිස්සෙ ස්ථාවර පරිසර පද්ධතියක එක්
සංඝඨකයක් නිශේධ බලයෙන් ඉවත් කරාම දකින්නට ලැබෙන ප්‍රති විපාක මීට වැඩිය හිතන්න තිබුන.
:frown::frown:

දැන් ඉතිං ඒ සමතුලිතය ඇති කරන්න ආමාරුයිනෙ.
දැන්වත් ප්‍රතිවිපාක ගැන හිතල බලල කෘමි ටිකත් වඳ කරල දාන්න තමා තියෙන්නෙ. හැබැයි ඒව පරිසරයේ අනික් සත්තුන්ට බලපාන හැටි, ගස් කොලං වලට බලපාන හැටි හිතල බලල සෑහෙන්න ගේමක් දීලතමා කරන්න වෙන්නෙ

කොටින්ම
ඇදගත්තනං දැං නාගන්නයි තියෙන්නෙ :eek:

Climax
05-08-2010, 10:33 PM
Wimal Weerawansata Email kalanam hari......:rolleyes::rolleyes::rolleyes::rolleyes: :rolleyes::rolleyes:

Amalka101
05-08-2010, 10:40 PM
හිතට ලොකු ආවේගයක් එනවා වෙච්ච දේ පේනකොට. මුල ඉඳන්ම සීගිරිය බලන්න එන අයට බඹර ප්‍රහාර එල්ල වෙනකොට සීගිරිය තාවකාලිකව වහන්න යෝජනා උනා. ඒත් ටික දවසකින් ආයෙම සංචාරකයන්ට විවෘත කලා.

බඹරුන්ට වැඩේ දුන්න කියල ආරංචි උනහම මෙහෙම දෙයක් වෙයි කියලා අපි බලාපොරොත්තු උනත් මෙච්චර ඉක්මණට චිත්‍ර වලට හානි වෙයි කියල හිතුවෙ නෑ.
දැන්නම් පුදුම තරහක් තියෙන්නෙ. උගත් විද්වතුන් මෙහෙම ගොංකම් කරනවනම් අපිටත් ඉගෙන ගෙන වැඩක් නෑනෙ ....... මොකද අපිත් ඉගෙන ගෙන ඔය තැන් වලට ගිහිං ගොන් වැඩ කලොත්. :baffled:

මේ අතරෙ තව සැකයක් පහල වෙනවා ........ චිත්‍ර වලට හානි කරන්නම කල වැඩක් ද කියලත්. මහලොකු පරිසරවේදීන්ට පරිසරයෙ සමතුලිත බවයි අරකයි මේකයි පැහැදිලි වෙන්නෙ ඔක්කොම සිද්ධ උනාට පස්සෙද? ....මේගොල්ලො මෙච්චරටම තොත්ත බබාලා වෙන්න බැහැනෙ.

Climax
05-08-2010, 10:50 PM

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: parisarawedin kalin qwa ewa mathuwenne mehema deyak unama thamai...natnam ewa boru pacha kiyala ain karanawane..ekai මහලොකු පරිසරවේදීන්ට පරිසරයෙ සමතුලිත බවයි අරකයි මේකයි පැහැදිලි වෙන්නෙ ඔක්කොම සිද්ධ උනාට පස්සෙද prashneta uttare

lucky_lakshitha
05-09-2010, 06:12 AM
බඹරා පැන්නීමෙන් පසු කෘමියා සීගිරියට පැන්නාද?

සජීව විජේවීර

සීගිරියේ බඹර වද ඉවත් කිරීම හේතුවෙන් එහි චිත‍්‍ර වලට හානි කරන කෘමි විශේෂය වර්ධනය වන්නට ඇතැයි පරිසර වේදීහු ද සත්ත්ව විද්‍යා පර්යේෂකයෝ ද සැක පළ කරති. එහි බඹර වද ඉවත් කෙළේ මාර්තු මුලදීය

වසර සිය ගණනක් සීගිරි පර්වතයේ ජීවත් වූ බඹරුන්ගේ වද එම ස්ථානයෙන් ඉවත් කිරීම නිසා සීගිරිය හා ඒ අවට පරිසර පද්ධතියේ තුල්‍යතාව බිඳී යාම අනිවාර්යයෙන්ම සිදුවන්නක් බව පරිසර වේදීහු පෙන්වා දෙති.
*******************************************
*******************************************
*******************************************

පරිවර්තනයට තැන්කිවු වේවා:yes:

tdevinda
05-09-2010, 09:22 AM
මම නැති වෙනකං ඉඳල Thread එක දුවනවා!! :(

මට තව ගැටළුවක් තිබ්බා සීගිරි ගිහිපු පලවෙනි දවසෙම. රජ කෙනෙක් මෙහෙම ගල උඩට බඩගාගෙන යයිද කියන එක. ඒත් දැන් සෝපානයෙ කතාව එක්ක ඒක ටිකක් සමනය උණත්, කවුරු හරි කියනවද ගල උඩට යන්න ගල වටේ පඩි හරි වෙන පාරක් හරි තිබුණ කියල කොහේ හරි කියවෙනවද?

නැත්තං එහෙම එකක් පේන්න තියනවද?

tdevinda
05-09-2010, 09:28 AM
මෙන්න සුද්දො සීගිරිය දිහා බලල කට ඇරන් ඉන්න හැටි!

http://urbantoronto.ca/showthread.php?2026-The-eight-wonder-of-the-World-SIGIRIYA-%28Sri-Lanka%29

කාශ්‍යප කාලයයි බිතු සිතුවම් වල කාලයයි Mismatch වෙන එකට උන්ට මොන්ගල් වගේ!!!

laknath123
05-09-2010, 09:46 AM
නියම Thread එකක් දිගමට යමු...
:yes::yes:

laknath123
05-09-2010, 10:01 AM
තවත් මම දන්න කරුණක් කියන්නද........ මෙ තොරතුර මට හම්බ වුනේ සිතුමිණ කියන අපේ පරණ පුවත්පතකින් (1950 වගේ ).....ඔය සීගිරිය රාවණා රජතුමා පාලනය කරන කාලේ මුදුනේ විශාල මාලිගා සංකීර්ණයක් තිබුනාය කියන එක...... ඒ කාලේ ඔය පර්වතය සුදු පාටින් වලාකුලු ආකාරයට වර්න ගන්වලා තිබුනලු ......එතකොට ඇතින් බලනකොට සීගිරිය පෙනුනේ අහසේ පාවෙන මාලිගාවක් වගේය කියලා ඒ පත්තරේ තිබනා.(ඇස් දෙක පියාගෙන මවාගන්න බලන්න.).... ඒ වගේම ඔය පර්වතය තුල උමං රැසකුත් තිබුනා කියල කියවෙනවා..... මෙ ගැන හරියටම නොදන්න කාශ්‍යප රජුගේ සේවකයන්ගේ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙල නිසා ඒවා බොහොමයක් වැහිලා ගියා කියලත් සඳහන්.......

Amalka101
05-09-2010, 05:55 PM
මම නැති වෙනකං ඉඳල Thread එක දුවනවා!! :(
:lol:

මට තව ගැටළුවක් තිබ්බා සීගිරි ගිහිපු පලවෙනි දවසෙම. රජ කෙනෙක් මෙහෙම ගල උඩට බඩගාගෙන යයිද කියන එක. ඒත් දැන් සෝපානයෙ කතාව එක්ක ඒක ටිකක් සමනය උණත්, කවුරු හරි කියනවද ගල උඩට යන්න ගල වටේ පඩි හරි වෙන පාරක් හරි තිබුණ කියල කොහේ හරි කියවෙනවද?

නැත්තං එහෙම එකක් පේන්න තියනවද?
මාලිගාව තියෙන්නෙ ගල ඇතුලෙ කියනව නේද? ...... උඩ තිබිල තියෙන්නෙ උද්‍යානයක් විතරයි කියලත් තියෙනවා. මං කලිනුත් කීවා වගේ H.C.P. බෙල් ගෙ කාලෙ තමයි සිංහකටෙන් ඇතුලට යන එක අවහිර කරන්නෙ. ඊට කලින් ඔතනින් ඇතුලට ගිහිං මාලිගය දැකබලාගත්තු මිනිස්සු කියපු කතා අදටත් ඒ පලාතෙ ඉන්න අය කියනවා.

රාවන රජ්ජුරුවො, වෛශ්‍රවණ එහෙමනම් කෙලින්ම විමානෙකින් ඇවිත් ගල මුදුනෙ ලෑන්ඩ් කරන්න ඇති.:cool: කාශ්‍යප රජ්ජුරුවො ගැන තමා හොයාගන්න වෙන්නෙ ....... කොහොමත් ඉස්සර කපපු ගල් පඩි පෙලකුත් තියෙනවනෙ

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya532.jpg

Amalka101
05-09-2010, 06:06 PM
තවත් මම දන්න කරුණක් කියන්නද........ මෙ තොරතුර මට හම්බ වුනේ සිතුමිණ කියන අපේ පරණ පුවත්පතකින් (1950 වගේ ).....ඔය සීගිරිය රාවණා රජතුමා පාලනය කරන කාලේ මුදුනේ විශාල මාලිගා සංකීර්ණයක් තිබුනාය කියන එක...... ඒ කාලේ ඔය පර්වතය සුදු පාටින් වලාකුලු ආකාරයට වර්න ගන්වලා තිබුනලු ......එතකොට ඇතින් බලනකොට සීගිරිය පෙනුනේ අහසේ පාවෙන මාලිගාවක් වගේය කියලා ඒ පත්තරේ තිබනා.(ඇස් දෙක පියාගෙන මවාගන්න බලන්න.).... ඒ වගේම ඔය පර්වතය තුල උමං රැසකුත් තිබුනා කියල කියවෙනවා..... මෙ ගැන හරියටම නොදන්න කාශ්‍යප රජුගේ සේවකයන්ගේ ප්‍රතිසංස්කරණ වැඩපිළවෙල නිසා ඒවා බොහොමයක් වැහිලා ගියා කියලත් සඳහන්.......

සීගිරි ගලේ සුදුහුණු ගාලා තිබුණයි කියන කතාව මමත් අහලා තියෙනවා. උමං මාර්ග ගැන නම් පුදුම වෙන්නෙ නෑ ...... ඉස්සර කාලෙ ගොඩක් ගමන් කලේ උමං මාර්ග වල නිසා. විශේෂයෙන්ම කඳුකරයෙ ඉඳලා රටේ හැම ප්‍රධාන නගරයකටම උමං තිබුණා. ඒ වගේම දළදා වහන්සෙ වැඩ සිටින පන්සලටත් උමං මාර්ගයක් අනිවාර්‍යයෙන් තිබුණා සතුරු ආක්‍රමනයකදි දළදාව විහාරයෙන් පිටතට වැඩමවන්න. සීගිරිය රටේ වැදගත් ස්ථානයක් විදිහට කාලයක් භාවිතා වුණ නිසා අවට නගර වලට යන්න දියුණු උමං පද්ධතියක් තියෙන්නම ඕනෙ.

බොහොම ස්තුතියි විස්තර වලට.

m3pium
05-09-2010, 06:44 PM
බොහොම ස්තූතියි අමා මේ වටින කරුණු හැමෝම අතරේ බෙදාගන්නවට....
ඒ වගේම මේ ත්‍රෙඩ් එකට දායක වෙන හැමෝටමත් ගොඩක් ස්තූතියි....:yes::)
++ බෑලු :(

cspmaxx
05-09-2010, 06:47 PM
බොහොම වටින ට්‍රෙඩ් එකක්

Climax
05-09-2010, 07:50 PM
:lol::lol::lol::lol::lol:Dan Rupawahini news wala qwe chitra walata haani karapu kathawa boru kiyala.......babaru elewwe Rajaye un hinda un rajaye redi hodanawa:lol::lol::lol::lol::lol::lol::lol::lol:

anrdeknyke
05-09-2010, 07:54 PM
මුල ඉඳලම බලාගෙන එන්නේ
ගොඩක් ස්තුතියි

laknath123
05-09-2010, 08:13 PM
සීගිරි ගලේ සුදුහුණු ගාලා තිබුණයි කියන කතාව මමත් අහලා තියෙනවා. උමං මාර්ග ගැන නම් පුදුම වෙන්නෙ නෑ ...... ඉස්සර කාලෙ ගොඩක් ගමන් කලේ උමං මාර්ග වල නිසා. විශේෂයෙන්ම කඳුකරයෙ ඉඳලා රටේ හැම ප්‍රධාන නගරයකටම උමං තිබුණා. ඒ වගේම දළදා වහන්සෙ වැඩ සිටින පන්සලටත් උමං මාර්ගයක් අනිවාර්‍යයෙන් තිබුණා සතුරු ආක්‍රමනයකදි දළදාව විහාරයෙන් පිටතට වැඩමවන්න. සීගිරිය රටේ වැදගත් ස්ථානයක් විදිහට කාලයක් භාවිතා වුණ නිසා අවට නගර වලට යන්න දියුණු උමං පද්ධතියක් තියෙන්නම ඕනෙ.

බොහොම ස්තුතියි විස්තර වලට.

:yes::yes::yes:

tdevinda
05-10-2010, 09:33 AM
:lol:

මාලිගාව තියෙන්නෙ ගල ඇතුලෙ කියනව නේද? ...... උඩ තිබිල තියෙන්නෙ උද්‍යානයක් විතරයි කියලත් තියෙනවා. මං කලිනුත් කීවා වගේ H.C.P. බෙල් ගෙ කාලෙ තමයි සිංහකටෙන් ඇතුලට යන එක අවහිර කරන්නෙ. ඊට කලින් ඔතනින් ඇතුලට ගිහිං මාලිගය දැකබලාගත්තු මිනිස්සු කියපු කතා අදටත් ඒ පලාතෙ ඉන්න අය කියනවා.

රාවන රජ්ජුරුවො, වෛශ්‍රවණ එහෙමනම් කෙලින්ම විමානෙකින් ඇවිත් ගල මුදුනෙ ලෑන්ඩ් කරන්න ඇති.:cool: කාශ්‍යප රජ්ජුරුවො ගැන තමා හොයාගන්න වෙන්නෙ ....... කොහොමත් ඉස්සර කපපු ගල් පඩි පෙලකුත් තියෙනවනෙ

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya532.jpg

නංගි මේ පඩිපෙළ පාවිච්චි කලේ රජ කෙනෙක් කියල මට නං හිතෙන්නෙම නෑ. සමහර විට මම වැරදි ඇති!

Amalka101
05-10-2010, 09:50 AM
නංගි මේ පඩිපෙළ පාවිච්චි කලේ රජ කෙනෙක් කියල මට නං හිතෙන්නෙම නෑ. සමහර විට මම වැරදි ඇති!
මමත් කාල වකවානු හරියටම දන්නෑ අයියෙ
ඒත් සීගිරි ගල පුරාම තැනින් තැන ඔය වගේ පඩි පෙලවල් දකින්න පුළුවන්, හැම පැත්තටම. ඒවා කොහෙන් මතු වෙනවද, කොහාට යන්න කපපු පඩිද කියලා හිතාගන්න බෑ වෙලාවකට.
රජ කෙනෙක් නොගියත් ආරක්ෂකයො, සේවකයො වගේ අයවත් භාවිතා කරන්න ඇති මේ මාර්ග. කොහොමත් මෑතකදි කරපුව නොවෙන බව නම් පැහැදිලියි. අනික ගලින් වැඩ ගත්තෙ වැඩිහරියක්ම යක්කුයි කියනවනෙ.

tdevinda
05-10-2010, 10:07 AM

ඔව් ඒක වෙන්න පුළුවන්.

bohokal
05-10-2010, 12:23 PM
very good thread

Suvin1122
05-10-2010, 02:57 PM
:(:(

http://img227.imageshack.us/img227/7702/011sc.jpg

http://img217.imageshack.us/img217/7125/021nl.jpg

ZurieL
05-10-2010, 05:38 PM
සීගිරි බිතු සිතුවම්

අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.
බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී.

සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.

සීගිරි සිතුවම් පිලිබඳ අදහස්

සීගිරි සිතුවම් වලට තේමාවී තිබෙන්නේ වළාකුළු අතරින් මතුවී එන ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිරි සුරූපී ලලනාවනේ උඩුකය රූපය.

http://lankapura.com/wp-content/uploads/2008/12/lion_rock_cave_paintings.jpg

01. සීගිරි සිතුවම් පිළිබඳව ආචාර්ය එම්.සී.පී බෙල් මහතාගේ මතය වූයේ මෙම කාන්තාවන් සීගිරියට නුදුරින් ඇති පිදුරංගල විහාරයට බුදුන් වැඳීම පිණිස මල් ඇතැතිව ගමන් කරන බවය.

02. එහෙත් ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ දිව්‍ය අප්සරාවන් ඔවුන්ගේ සේවිකාවන් සමඟ සීගිරියට පැමිණ මල් වැසි වස්සන බවය.

03. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඉහත සඳහන් මතවලට වඩා වෙනස් අරුතක් දෙමින්, මෙහි රන්වන් ලඳුන් විජ්ජු කුමාරි හෙවත් විදුලියද, තද පැහැති ලඳුන් මේඝලතා හෙවත් වළාකුළු වශයෙන්ද පෙන්නා දෙන ලදී.

සිතුවම් ඇඳීම

සිතුවම් ඇඳීමේ පළමු පියවර ලෙන් බිත්ති තලය ඔප මට්ටම්ව සකස්කර ගැනීමය. මේ සඳහා දහයියා, වැලි, මැටි, හුණු සහ දිවුල් මැලියම් මිශ්‍රණයක් යොදාගෙන ඇත. මිශ්‍රණයෙන් කපලාරුව කරගත් බිත්ති තලය මත සුදු මකුල් මැටි ආලේපනයක් තවරා ගන්නා ලදී. එසේ සුදු පාටින් පිළියෙල කරගත් තලය මත අවශ්‍ය රූප අඳින ලදී . පළමුව රේඛාවෙන් සලකුණු කරගත් රූප පසුව වර්ණයෙන් සරසන ලදී.

ඇතැමෙකුගේ මතය වන්නේ චිත්‍ර තෙත බිත්ති මත අඳින ලද බවයි. චිත්‍ර බොහෝ කාලයක් වර්ණ නෙවෙනස්ව පැවතීමත්, වැරදුන රේඛා එසේ පැවතීමත් ඉහත සඳහන් අදහසට හේතුව විය හැකිය.
" ප්‍රෙස්කෝ බුවනෝ" නමින් හඳුන්වන්නේ එවැනි සිතුවම්ය. සුදු කහ රතු කොළ සහ කළු යන වර්ණවල ප්‍රභේද යොදාගනිමින් සීගිරි සිත්තරා තම සිතුවම් ත්‍රිමාණ ලක්ෂණ මතුවන සේ නිරූපණය කිරීමට සමත් වූ බව පෙනේ.

තවද විද්වතුන්ගේ අදහස් වලට අනුව අනුරාධපුර යුගයට අයත් සීගිරි බිතුසිතුවම් වල ශෙලිය හා වර්ණ ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමානය. අජන්තාවේ අංක 01 දරණ ගුහාවේ ඇඳ ඇති
" පද්මපාණි බෝධිසත්වයෝ " සිතුවම් කලා ලක්ෂණ සීගිරි සිතුවම් වලට ඉතාම සමීප බව පෙන්වා දිය හැකිය.

දේශීය චිත්‍ර කලාව ගැන විමසන විටද සීගිරි සිතුවම් හා පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි සිතුවම් බොහෝ දුරට සමානකම් දක්වයි.

තවද මෑත කාලයේදී පළමුවරට සීගිරි සිතුවම් පිටපත් කරන ලද්දේ ප්‍රසිද්ධ වැඩ දෙපර්තමේන්තුවේ ඉන්ජිනේරුවකුව සිටි "මරේ " නම් මහතා විසිනි. තවද, කලකට ඉහතදී අවාසනාවන්ත අන්දමින් විනාශයට පත්වූ සීගිරි සිතුවම් යථා තත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික " ලුසියානෝ මරන්සි" මහතා විසිනි.

සීගිරි සිතුවම් ( කලා ලක්ෂණ )

"දිමුත් වරලසේ නිල්දුල්වන්
මල් ගවසමින පැහැබර තමා සිනවින් රන්වන්
අවන් සිත්ගත්"

" රන්වන් තැනැත්තිය දීප්තිමත් නිල් කෙස් වැටියෙන් බබළන පැහැ ඇති මල් ගවසමින් තමාගේ පැහැබර සිනහවෙන් පැමිණියවුන් සිත් ගත්තාය "

මෙහි කුමාරිකාවන් රන්වන් පැහැයෙන්ද; සේවිකාවන් තරමක් අඳුරු පැහැයෙන්ද යුක්තය. තවද කුමාරිකාවන් උඩුකය දුහුල් සැට්ටයකින් සරසා ඇත. එහෙත් සේවිකාවන්ගේ උඩුකය තන පටියකින් යුක්තය. දෙපිරිසම යටිකය වසාගෙන සිටින්නේ කහ, රතු, කොළ පාට වැටුන වස්ත්‍ර වලිනි.

http://lankapura.com/wp-content/uploads/2008/12/sigiri_fresco.jpg

තවද, සේවිකාවන් මල් කූඩා අතැතිව තම කුමාරිකාවන් පසුපස ගමන් කරන අතර එක් කුමාරියක් මල් පොපියවන්නා සේද, තවත් කුමාරියක් මල් ගෙන ඒවා වළාකුළු අතර රඳවන්නට යන්නාසේද නිරූපණය කරයි. මේ අතර සන්ගීත භාණ්ඩයක් වැනි යමක් අතින් ගෙන සිටින අප්සරාවක්ද වෙයි.

http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_frescoes.jpg

සීගිරි අප්සරාවන් ස්ත්‍රී ලාලිත්‍යයෙන් යුක්තය. ඔවුන්ගේ දිගටි නෙත්- මද සිනහව-සුන්දර බැල්ම-පුන් පියයුරු-සිහිනිඟ-පුළුල් උකුල-ශෝභන අත්පා මෙයට සාධකයන්ය. තවද ස්ත්‍රීන්ගේ හිස සරසන ආභරණ-තෝඩු-මාල සහ මල් ගවසා ගත් වරලසද ස්ත්‍රීන්ගේ සුන්දරත්වයට හේතු වී ඇත.

http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_fresco.jpg

තවද සීගිරි චිත්‍ර ශිල්පියා මහා රසවින්දනයකින් සහ ශිල්පීය දක්ෂතාවයකින්ද පිරිපුන් අයෙකි. ඔහුගේ රේඛා ශෙලීය ජීවයෙන් පිරී ඇත. චිත්‍රයේ රේඛා හසුරුවා තිබෙන්නේ ත්‍රිමාණ ලක්ෂණ මතු කෙරෙන පිළිවෙලටය. මෙහි හැඟීම් ප්‍රකාශනය රසවත්ය. වර්ණයන්ගේ අඩුවැඩි භාවයත් ජීවමාන රේඛාවත් නිසා රූපවල ත්‍රිමාණ ලක්ෂණ වඩාත් හොඳින් මතු වී පෙනෙයි. එය ශිල්පීය දක්ෂතාවයකි.

උපුටා ගැනීම

" චිත්‍ර කලාව සඳහා කලා ඉතිහාසය " කෘතිය
ලාල් පෙරේරා

සිතුවම් ගත්තේ මෙතැනින් (http://www.google.lk/imgres?imgurl=http://lankapura.com/wp-content/uploads/2008/12/sigiriya_fresco.jpg&imgrefurl=http://lankapura.com/2008/08/rock-art-at-lion-rock-sigiriya-ceylon/&usg=__KvO-jyDMiyfm-8DMqxlj3QeeWi0=&h=410&w=520&sz=55&hl=en&start=1&itbs=1&tbnid=8fhag_9B6K-9lM:&tbnh=103&tbnw=131&prev=/images%3Fq%3Dsigiriya%2Bart%26hl%3Den%26gbv%3D2%26 tbs%3Disch:1)

kasun1986
05-10-2010, 05:41 PM
[CENTER]සීගිරි බිතු සිතුවම්

niyamai akke thawa update karanna :cool::cool:

asankanp
05-10-2010, 05:42 PM
:):):):)

ZurieL
05-10-2010, 05:47 PM
niyamai akke thawa update karanna :cool::cool:

tnx kasu

Amalka101
05-10-2010, 05:48 PM
සීගිරි බිතු සිතුවම්

අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.
බු.ව. 5 වන සියවසදී පළමුවන කාශ්‍යප රජතුමා විසින් මෙහි බලකොටුවක් ඉදිකරමින් පර්වතය මුදුනේ මාලිගාවක්ද ඉදිකරවීය.මාලිගයට පිවිසෙන ප්‍රධාන දොරටුව සිංහ මුඛයක් තුලින් වූ බැවින් සීගිරියට සීගිරිය යන නාමය තබන ලදී. තවද කලා ලැදි කාශ්‍යප රජතුමා සීගිරිය පාමුල ජල උද්‍යාන, දියමල්, පොකුණු, රාජසභා මණ්ඩපය, මහල් උයන්, දිය අගල් සහ ආරක්ෂක පවුරුද සීගිරි පර්වතයේ බටහිර පැත්ත බිතුසිතුවම් වලින්ද සරසන ලදී.

සීගිරි අප්සරා රූප ගණනින් 500 කට අධිකව තිබූ බව එහි කැටපත් පවුරේ ලියවුන ගීයකින් පෙන්නා දෙයි. එහෙත් අද ඇත්තේ බිතුසිතුවම් පමණි. ක්‍රි.ව. 8-9 වන සියවස් තුළ ලියවුන කුරුටු ගී වලින් සීගිරි ලඳුන් ගැන අදහස් සහ වර්ණනා ගෙන එයි.

හරිම වටින විස්තරයක් සූරි, බොහොම ස්තුතියි

ZurieL
05-10-2010, 05:54 PM
[/CENTER]
හරිම වටින විස්තරයක් සූරි, බොහොම ස්තුතියි

ඒක සුළු දෙයක් අමා,
පුලුවන් විදියට ලැබෙන විස්තර දාන්නම් , අපේ ඉතිහාසය අපි දැනගන්න එක ලොකුම දෙයක්නේ. මොකද අද කාලෙ අපෙ ඉතිහාසය, අපෙ උරුමය බල්ලන්ට ගිහින්නේ.

ස්තුතියි ඔයාට මේ වාගෙ දෙයක් පටන් ගත්තට.
ඔය මේක පටන් ගත්ත දවසෙමයි මම හිතුවෙ මොනවහරි වැදගත් දෙයක් කරන්න ඕන කියලා.

tdevinda
05-10-2010, 07:13 PM
අති රමණීය සෞන්දර්යාත්මක වටිනාකමින් පිරි සීගිරිය ලාංකිකයා සතු දායාදයක් ලෙස පෙන්වා දිය හැකිය.

නියමයි!

lucky_lakshitha
05-10-2010, 09:03 PM
http://www.lankadeepa.lk/2010/05/10/front_news/04.html

Amalka101
05-10-2010, 10:37 PM
http://www.lankadeepa.lk/2010/05/10/front_news/04.html

සීගිරි බඹරු දඹුලු එති

රන්ගිරි දඹුල්ල උයන්වත්ත රජ මහා විහාරයේ ස්වර්ණවර්ණ බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ අතක ද විහාර මන්දිරයේ ද බඹර වද හතරක් බැඳ ඇත.

සීගිරි පර්වතයේ බඹර වද විනාශ කිරීමෙන් පසුව බඹරුන් අවට ආරක්‍ෂක ස්ථාන කරා යන බව මින් පෙනෙතියි වැඩිහිටියෝ කියති.

:D

ZurieL
05-11-2010, 09:52 AM
නියමයි!

ස්තුතියි ඔබට

accessuser
05-11-2010, 10:04 AM
wow machnz mekanam niyamama niyama wadak :)

tdevinda
05-11-2010, 10:27 PM
මේක හරියට දැක්කම තමා සිද්දිය තේරෙන්නෙ! හොඳට බලන්න මෙතන සිංහ පාද දෙක අතර තියන බිත්තිය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! අමල්කා නංගිට මම කියපු චාටර් පඩි පටන් ගන්නෙ මෙතනින්! මේ වෙනකන් උඩට යන්න තියෙන්නේ ඕනම තරාතිරමක රජෙක්ට ගැලපෙන පාරක්. හැබැයි මීට පස්සෙ තියන පඩි වල යන්න අමාරුයි!

http://i300.photobucket.com/albums/nn15/tdevinda/sigiriya_lionsplatform.jpg

හරි සෝපානයක් තිබුණ නම් ඒක උඩට මතු වෙන්නෙ කොහෙන්ද? ගලේ මෙතනට අනුපාත වෙන ගල උඩ ඡායාරූපයක් තියනද කා ගාව හරි?

මේක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොම මට මතක් උණේ ඊජිප්තුවෙ තියන ස්පින්ක්ස් රූපෙ! ඒකෙත් කකුල් ටිකක් මේකට සමානයි! (බැබිලෝනියාව හැදුවෙ අහසින් පැමිණි සිංහ මිනිස්සු උපදෙස් දීපු විදියට කියනවනෙ! ඒකත් ඇඳල දුන්නද දන්නෙ නෑ ආ ඕං ලස්සනට වහල්ලු දාල හදා ගනිං කියල!)

Sphinx ගෙ ඇතුලව යන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම් කොතනින්ද?? ගියපු අය ඉන්නවද???

අම්මප මේ ගල් බැම්ම ගලවන්න ඇත්තං! අර පින්තූර වල තාර ගාපු එකා මම දැනන් හිටියනං මම යවනවා, "මචං, අර ගල් බැම්ම ගැලෙව්වොත් ගොඩක් හානි වෙනව" කියල හොඳ ලණුවක් කවල..

tdevinda
05-11-2010, 10:42 PM
හරි.! මගේ ප්‍රශ්ණ 2ට මම ම උත්තර කියල හිතෙන 2ක් හොයා ගත්තා!

Sphinx ගෙ ඇතුළට යන්න බෑ ලු!

අර පඩිපෙලට සමපාත වෙන්නෙ උඩ මාළිඟාවෙ තියන උසටම ඉතුරු වෙලා තියන කෑල්ල! google map එකේ චුට්ටක් පේනවා. photo තියනවනං එළකිරි.කොම් තමා!

hemalsilva
05-11-2010, 10:51 PM
සීගිරි ගී

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

1.
එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

2. ස්වස්ති-
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

3.
සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.

4. ගීය
නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

5. ගීය
සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.

56. ගීය
ස්වස්ති
තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
තොප සුර බව.

64. ගීය
ස්වස්ති
අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
103. ගීය
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී

106. ගීය
……….ල සමන ගී
සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්

190. ගීය
යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු

334. ගීය
ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්

492. ලීය
මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක් හින්දෙ ලී
(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
දක්නා සෙ ගෙති

86. ගීය
නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස

306. ගීය
(‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්

hemalsilva
05-11-2010, 11:00 PM
සීගිරිය හැදුවෙ කාශ්‍යප , එත් එක හොයාගත්තෙ කවුද ?

මේජර් ජොනතන් ෆොර්බෙස් කියන ඒංගලන්ත ජාතිකයා 1831 දී.

hemalsilva
05-11-2010, 11:06 PM
ජොනතන් ෆොර්බෙස් හොයගත්ත සිගිරිය මුලින්ම පරීක්ශනය කලෙ H.C.P Bel 1890.

Amalka101
05-12-2010, 09:09 AM
සීගිරිය හැදුවෙ කාශ්‍යප , එත් එක හොයාගත්තෙ කවුද ?

මේජර් ජොනතන් ෆොර්බෙස් කියන ඒංගලන්ත ජාතිකයා 1831 දී.

:) ස්තුතියි යාළුවා දායකත්වයට ..... මේ ගැනත් අපි ඉස්සරහට කතා කරමු.

Akiisha
05-12-2010, 01:36 PM
this is so nice machan...........
wish you all the best ........

lucky_lakshitha
05-13-2010, 05:20 AM
http://www.lankadeepa.lk/2010/05/12/front_news/06.htm

YasasSudaraka
05-13-2010, 10:07 AM
මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි.

නැත්තං මේ ලින්ක් එකට යන්න. http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6567:2010-05-13-04-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63

ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප‍්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි. මෙම වැසිකිලි පෙළ මධ්‍යම සංස්කෘතික අරමුදල හා ජපානයේ ආයතනයක් එක්ස සිදු කරන අතර, මෙහි විමර්ශන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී මධ්‍යම පළාත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඩි.ඩි.විජේපාල මහතා පවසා ඇත්තේ මෙම වැසිකිලි පෙළ ඉදිකිරීම සම්බන්ධයෙන් තීන්දුව ගනු ලැබුවේ 2007 වසරේදී බවත්, එයට මුදල් වෙන්වීමෙන් පසු මෙලෙස වැඩ ඇරඹු බවත්ය.

කෙසේ වෙතත් මෙම ඉදිරිකිරීම සම්බන්ධයෙන් මතුවන විරෝධය නොතකා සිදු කරමින් පවතින අතර, මෙම ඉදිකිරීම මගින් ලෝක උරුමයේ සංස්කෘතික වටිනාකම අහිමි වී යන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති. මේ ආකාරයෙන්ම මීට පෙර සීගිරි ගලේ සිටි බඹරුන් විනාශ කිරීමේ අමනෝඥ තීරණයක් රජය විසින් ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන්ද ප්‍රදේශවාසීහු සිය විරෝධය දැක්වූ නමුත් එය කිසිදු සැලකිල්ලකට නොගෙන බඹර වද ඉවත් කළ බවත්, එහි අනිටු විපාක මාස තුනක් ඉක්ම යාමට ප්‍රථමයෙන් දැකගන්නට ලැබී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් පවසන්නේ ‍සීගිරි පරිවතය සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ පරම්පරාගත අත්දැකීම් බවත්, එම අත්දැකීම් මත තමන් නගන විරෝධය නොතකා රජය සිදු කරන අමනෝඥ ක්‍රියාකාරකම්වල ප්‍රතිපලය වන්නේ මෙම ලෝක උරුමය අනාගතයට අහිමි වීම පමණක් බවයි.

කෙසේ වෙතත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත සිදු කරන මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සංස්කෘතික ඇමැතිනී ප්‍රවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය හෝ සංස්කෘතික අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම අවාසනාවට කරුණකි

http://www.lankatruth.com/sin/images/photos/historical_places/Sigiriya/Toilet01.jpg
http://www.lankatruth.com/sin/images/photos/historical_places/Sigiriya/Toilet02.jpg

tdevinda
05-13-2010, 10:09 AM
http://www.lankadeepa.lk/2010/05/12/front_news/06.htm

මුන්ට පිස්සුද? වැසිකිළි හදන්න පුරා විද්‍යා බිමක?

මේව අනුමත කරපු කාළකණ්නි හැත්ත පණපිටිං පුච්චන්න ඕන!

Amalka101
05-13-2010, 10:17 AM
මේ ෆොන්ට් එක පේනවද දන්නෙ නෑ හැබැයි.

නැත්තං මේ ලින්ක් එකට යන්න. http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6567:2010-05-13-04-11-41&catid=35:2008-10-13-08-30-14&Itemid=63

ලෝක උරුමයක් වන සීගිරියේ සිංහපාදය අසල වැසිකිළි පෙළක් ඉදිකිරීම අරඹා ඇති අතර, ප‍්‍රදේශවාසීහු මෙයට දැඩි විරෝධය පළ කර ඇත. ප්‍රදේශවාසීහු විමසා සිටිය්යේ සීගිරි පර්වතයේ මෙවැනි ඉදිකිරීමකට ඇති අයිතිය කුමක් ද යන්නයි.

හරිම අමාරුවෙන් කටට එන ඒවා මෙතන ටයිප් නොකර ඉන්නෙ. :baffled:
අනෙ අම්මප මුංගෙ ලෝකෙ හිනස්සන වැඩ ...... ඕකට පොකුණෙන් වතුර ගත්තත් ඒත් මම නම් පුදුම වෙන්නෑ ...... මෙහෙමත් කෝළම් :frown: :rofl:

YasasSudaraka
05-13-2010, 05:40 PM
හරිම අමාරුවෙන් කටට එන ඒවා මෙතන ටයිප් නොකර ඉන්නෙ. :baffled:
අනෙ අම්මප මුංගෙ ලෝකෙ හිනස්සන වැඩ ...... ඕකට පොකුණෙන් වතුර ගත්තත් ඒත් මම නම් පුදුම වෙන්නෑ ...... මෙහෙමත් කෝළම් :frown: :rofl:
සිරාවට.
අපි මේ සීගිරි බලන්න යන්නෙ දුර කතර ගෙවාගෙන බර හෑල්ලු කරගන්නනෙ :shocked::baffled:
අනික ඔය වැඩේ සිංහ පාද ලග කරාම මාර අමුතු ගැම්මක් එනවැති ඇගට. අනෙ මගෙ කට.
මුන්ගෙ ඔලු ගෙඩි ටික ඔබන්න ඕන ඔය වැසිකිලි වල හැදුවට පස්සෙ.

chamara_
05-13-2010, 09:10 PM
mage nuth photo ekak onna

http://www.freeimagehosting.net/uploads/203111dd11.jpg (http://www.freeimagehosting.net/)

(http://www.freeimagehosting.net/)

Amalka101
05-14-2010, 01:15 AM
ස්තුතියි චාමර

Elcid
05-14-2010, 02:41 PM
නියම ත්‍රෙඩ් එකක්...
ස්තූතියි

මුලින්ම මේ ගැන පරීක්ෂණය කලේ බෙල් තමා.. සීගිරිය ගැන ගොඩාක්ම පරීක්ෂණ කරල ඒක ලෝක උරුමයක් කරන්න දායක උනේ සෙනරත් පරණවිතාන මහතා තමයි.. එතුමා ජීවිත කාලයෙන් වැඩි හරියක්ම පරීක්ෂන කලේ සීගිරිය ගැන.. ගොඩක් අය කියන්නෙ එතුමා ආදරේ කලෙත් සීඟිරි ළඳුන්ට කියලයි.. ඒ තරම්ම එතුමා සීගිරියට ආදරේ කලා. වෙන එකක් තබා එතුමා මිය යනකොටත් සීගිරියෙ කුරුටු ගී ඇතුලත් ඡායා රූපයක් අතැතිවලු මිය ගියේ.

Mal Baba
05-14-2010, 02:52 PM
hoda thred ekak aape atheetha sri wibuu thiya penwana niyama wedak elakiri elakiri
isarahatama aran yamu

http://www.elakiri.com/forum/showthread.php?t=666050

chamara_
05-14-2010, 07:32 PM
onna thawa ekak

http://www.freeimagehosting.net/uploads/ea055aed02.jpg (http://www.freeimagehosting.net/)

chamara_
05-14-2010, 07:41 PM
sigiriyata awidan yana para

http://www.freeimagehosting.net/uploads/744ce4de64.jpg (http://www.freeimagehosting.net/)

chamara_
05-14-2010, 07:47 PM
sigiriya gana

http://www.freeimagehosting.net/uploads/0fe5edfdbb.jpg (http://www.freeimagehosting.net/)

chamara_
05-14-2010, 08:29 PM
piyagata pela

http://www.freeimagehosting.net/uploads/bc151e7ba8.jpg (http://www.freeimagehosting.net/)

bokasimon
05-16-2010, 04:14 PM
good thawa dapan :) ;)

laknath123
05-16-2010, 04:17 PM
water mark eka podiyata daapanko..........

Amalka101
05-17-2010, 11:16 AM
මේක හරියට දැක්කම තමා සිද්දිය තේරෙන්නෙ! හොඳට බලන්න මෙතන සිංහ පාද දෙක අතර තියන බිත්තිය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! අමල්කා නංගිට මම කියපු චාටර් පඩි පටන් ගන්නෙ මෙතනින්! මේ වෙනකන් උඩට යන්න තියෙන්නේ ඕනම තරාතිරමක රජෙක්ට ගැලපෙන පාරක්. හැබැයි මීට පස්සෙ තියන පඩි වල යන්න අමාරුයි!
ඒකනෙ ..... හරි නම් සිංහකට ගාවින් ඇතුලට යන්නයි තියෙන්නෙ ඕනෙ ..... ඔහොම ඉහලට පඩි හදන්න නම් සිංහ රූපෙ කැපුවෙ ඇයි? අනික ඕකට සිංහකට කියන නම වැටුණෙ කොහොමද? ඒ කියන්නෙ විවරයක් තිබුණා කියන එකනෙ.

එතන ඉඳලා ගල මුදුනට යන පාරනම් සුද්දගෙ කාලෙ වැඩක්ම තමා. ගඩොල් බැම්මත් බෙල්ගෙ ලුනෙ. ඔය සිංහකට ගාවින් ඇතුලට යන තැන කොන්ක්‍රීට් දාලා වැහුවයි කියනවා. ඊට පස්සෙලු ගඩොල් බැම්ම බැඳලා ඉහලට යන්න චාටර් පඩි ටික හදන්නෙ. ඇතුලෙ කැණිම් කරන්න ගිහිං බඹරු ඇවිස්සිලා මිනිස්සු මැරුණයි කියල කතාවක් මං අහලා තියෙනවා. ඊට පස්සෙලු බෙල් ඔය වැඩේ කලේ. හැබැයි බෙල්ගෙ කාලෙ ඉඳලා අද වෙනකොට මහ ලොකු කාලයක් ගිහිං නෑ අපේ ඉතිහාසෙ එක්ක සන්සන්දනය කරද්දි. ඉතිං මේ සුළු කාලය තුල ගල ඇතුලෙ මාළිගය අපට අමතක කරවලා මුදුනෙ මාළිගයක් තිබ්බ කියන එක අපේ මිනිස්සුන්ට ඒත්තු ගන්වලත් ඉවරයිනෙ. :(

මේක දිහා ටිකක් වෙලා බලන් ඉන්නකොම මට මතක් උණේ ඊජිප්තුවෙ තියන ස්පින්ක්ස් රූපෙ! ඒකෙත් කකුල් ටිකක් මේකට සමානයි! (බැබිලෝනියාව හැදුවෙ අහසින් පැමිණි සිංහ මිනිස්සු උපදෙස් දීපු විදියට කියනවනෙ! ඒකත් ඇඳල දුන්නද දන්නෙ නෑ ආ ඕං ලස්සනට වහල්ලු දාල හදා ගනිං කියල!)
හැබෑටම Sphinx මතක් උනේ දේවින්ද අයිය කීවට පස්සෙ තමා.

අම්මප මේ ගල් බැම්ම ගලවන්න ඇත්තං!
:yes: :D

chamara_
05-17-2010, 08:12 PM
sinha kata

http://www.freeimagehosting.net/uploads/723f9359fb.jpg (http://www.freeimagehosting.net/)

chamara_
05-17-2010, 08:16 PM
sinha kata mudunai idan

http://www.freeimagehosting.net/uploads/6af4cd1143.jpg (http://www.freeimagehosting.net/)

tdevinda
05-17-2010, 09:20 PM
ස්තුතියි පින්තූර වල‍ට!
මෙතනත් මට ඕක කරන පින්තූරෙ නෑ!!
මට ඕන හරියටම සිංහ කටට උඩින් තියන මාළිඟාව උඩ පින්තූරයක්. ඔයා ගාව ඇති මගෙ හිතේ. තියනවනං දාන්න.

Amalka101
05-17-2010, 09:43 PM
http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya53722.jpg

මේකත් උඩට නඟින අතරමඟ දි ගත්තු එකක්, පහලින් පේන්නෙ සිංහකටේ කොටසක් ....... අපි හොයන view එක මේකෙත් නෑ වගේ

DJ ASHAN
05-17-2010, 09:45 PM
http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya53722.jpg

මේකත් උඩට නඟින අතරමඟ දි ගත්තු එකක්, පහලින් පේන්නෙ සිංහකටේ කොටසක් ....... අපි හොයන view එක මේකෙත් නෑ වගේ

sha niyamay akki...
menna meakath balanna
http://www.elakiri.com/forum/showthread.php?t=668122

lucky_lakshitha
05-17-2010, 09:51 PM
මේකත් උඩට නඟින අතරමඟ දි ගත්තු එකක්, පහලින් පේන්නෙ සිංහකටේ කොටසක් ....... අපි හොයන view එක මේකෙත් නෑ වගේ

මොනවද ඔච්චර පණ දාගෙන හොයන්නේ......:eek:

lucky_lakshitha
05-17-2010, 09:52 PM
ඇයි පින්තූර වලට වෝටර් මාක් දාන්නෙ...:eek: මම දැක්ක එක මෝඩයෙක් අලි වෝටමාක් කියලා ලොකු අකුරින් තමන්ගේ නේම් එක ගහපු පින්තූර නම් දාල තියනවා පින්තූරෙ හරි මැදින්ම...ලොල්:frown: චා***** කියන එක්කෙනාට කියන්න තියෙන්නෙ නම නම් ලස්සනයි කියලා:eek: පින්තූරෙනම් මෙලෝ රහක් නෑ....:no: ඔහොම වෝටමාක් දානකොට.. පින්තූර බලන්නවත් හිතෙන්නෙ නෑ:frown::yes: (අනික දාන්නෙ වෝට මාක් යැ... අලි ඇහැට තමන්ගේ නමනේ. පාට අකුරින්. වෝට මාක් කියන්නෙ ඕව නෙමෙයි බොල)

Amalka101
05-17-2010, 10:00 PM
මේක හරියට දැක්කම තමා සිද්දිය තේරෙන්නෙ! හොඳට බලන්න මෙතන සිංහ පාද දෙක අතර තියන බිත්තිය කොහෙත්ම ගැලපෙන්නෙ නෑ! අමල්කා නංගිට මම කියපු චාටර් පඩි පටන් ගන්නෙ මෙතනින්! මේ වෙනකන් උඩට යන්න තියෙන්නේ ඕනම තරාතිරමක රජෙක්ට ගැලපෙන පාරක්. හැබැයි මීට පස්සෙ තියන පඩි වල යන්න අමාරුයි!

http://i300.photobucket.com/albums/nn15/tdevinda/sigiriya_lionsplatform.jpg

හරි සෝපානයක් තිබුණ නම් ඒක උඩට මතු වෙන්නෙ කොහෙන්ද? ගලේ මෙතනට අනුපාත වෙන ගල උඩ ඡායාරූපයක් තියනද කා ගාව හරි?

අර පඩිපෙලට සමපාත වෙන්නෙ උඩ මාළිඟාවෙ තියන උසටම ඉතුරු වෙලා තියන කෑල්ල! google map එකේ චුට්ටක් පේනවා. photo තියනවනං එළකිරි.කොම් තමා!

මොනවද ඔච්චර පණ දාගෙන හොයන්නේ......:eek:
ඔන්න ඕක තමා අපි හොයන්නෙ ..... පුළුවන්නම් ෆොටෝස් හොයලා මෙතනට දාන්න :)

hemalsilva
05-17-2010, 10:05 PM
ඔන්න ඕක තමා අපි හොයන්නෙ ..... පුළුවන්නම් ෆොටෝස් හොයලා මෙතනට දාන්න :)

http://1.bp.blogspot.com/_CoM8eYzbrf0/R5sN_SiW6BI/AAAAAAAABbE/loy9SOGLjPM/S1600-R/sigiriya%25204.jpg

hemalsilva
05-17-2010, 10:06 PM
http://naerairtravels.com/images/Sigiriya-Ro.jpg

hemalsilva
05-17-2010, 10:06 PM
http://www.travel-magazine-uk.com/images/Sri-Lanka-Sigiriya-Rock.jpg

http://madhushikakaushalya.files.wordpress.com/2009/07/sri-lanka-sigiriya1.jpg

hemalsilva
05-17-2010, 10:07 PM
http://www.phy-astr.gsu.edu/qwip2006/sigiriya2.jpg

hemalsilva
05-17-2010, 10:09 PM
http://upload.wikimedia.org/wikipedia/commons/3/39/Sigiriya-escales_descendents2.jpg

Amalka101
05-17-2010, 10:10 PM
ස්තුතියි hemal

hemalsilva
05-17-2010, 10:11 PM
විශාල කර බැලීමට පින්තුරය උඩ ක්ලික් කරන්න.

http://xs.to/thumb-EA08_4BF1761A.jpg (http://xs.to/image-EA08_4BF1761A.jpg)

h

Amalka101
05-17-2010, 10:13 PM
http://1.bp.blogspot.com/_CoM8eYzbrf0/R5sN_SiW6BI/AAAAAAAABbE/loy9SOGLjPM/S1600-R/sigiriya%25204.jpg
මේක Zoom කරගන්න තිබ්බනම් හරි

hemalsilva
05-17-2010, 10:19 PM
මේක Zoom කරගන්න තිබ්බනම් හරි

anthimata dapu pic eka balanna

Amalka101
05-17-2010, 10:47 PM
anthimata dapu pic eka balanna
ඒකත් නියමයි .... ඒත් හරියටම සිංහකට කෙලින් මුදුන බලාගන්නයි මං හිතන්නෙ හොයන්නෙ

ස්තුතියි යාලුවා මේ පින්තූර ටිකට ..... ගොඩාක් වටිනවා

රෙප් එකක් දෙන්න බෑලුනෙ

hemalsilva
05-17-2010, 10:53 PM
ඒකත් නියමයි .... ඒත් හරියටම සිංහකට කෙලින් මුදුන බලාගන්නයි මං හිතන්නෙ හොයන්නෙ

ස්තුතියි යාලුවා මේ පින්තූර ටිකට ..... ගොඩාක් වටිනවා

රෙප් එකක් දෙන්න බෑලුනෙ

ZOOM KALA. DEN BALANNA CLICK KARALA

http://xs.to/thumb-C1F8_4BF17F36.jpg (http://xs.to/image-C1F8_4BF17F36.jpg)

hemalsilva
05-17-2010, 11:08 PM
http://upload.wikimedia.org/wikipedia/si/b/b9/Sigiriya_6.jpg

Amalka101
05-17-2010, 11:38 PM
ZOOM KALA. DEN BALANNA CLICK KARALA

http://xs.to/thumb-C1F8_4BF17F36.jpg (http://xs.to/image-C1F8_4BF17F36.jpg)
නියමයි

http://i571.photobucket.com/albums/ss158/Dilhini/sigiriya204.jpg

මට ඕනෙ කලේ ඔය ලකුණු කරලා තියෙන තැන පැහැදිලිව බලාගන්න. දැන් මතකයි ....... එතන තිබුණෙ පුංචි පොකුණක්. හැබැයි ඉතිං පොකුණක් කියලා අතහරින්න නරකයි...... දිගටම හොයන්න වෙනවා. දැන් ඉතිං එතනට යන්න තිබුණනම් හරි :)

tdevinda
05-18-2010, 02:07 PM
හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!

හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!

අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද? :(

**dulan**
05-18-2010, 02:19 PM
ela +rep

tdevinda
05-18-2010, 08:22 PM
මෙන්න මට හිතෙන විදියට ඇන්දා! පරිමාණය හරිද මන්ද!

http://i300.photobucket.com/albums/nn15/tdevinda/path.jpg

hemalsilva
05-18-2010, 08:29 PM
හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!

හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!

අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද? :(

THANKS FOR INFO BRO :D

hemalsilva
05-18-2010, 09:08 PM
http://www.goonabreak.com/gt/discover/images/sigiriya.jpg

රාවණා රඡ්ජුරුවන්ගේ දඬුමොණර යන්ත්‍රය තියෙන්නේ සීගිරිය ගල ඇතුලේ. තව ඇතෙක්‌ බරට වස්‌තුවත් සීගිරිය ගල ඇතුළේ තියෙනවා. දැන් මේවාට ඇතුල්වන දොර පවා සොයගෙන තිබෙන්නේ. මෙතරම් වටිනාකමක්‌ ඇති අපේ සිංහල උරුමය ගැන අද කැණීම් කරන්නේ විදේශිකයින්. ජපනුන්, කොරියන්කාරයන්. මේ අය කැණීම් කරන මුවාවෙන් සීගිරි ගලේ ඇති නිධන් සෙවීමට උත්සාහ දරන බවටද ඩීමන් ආනන්ද ඇතුළු සීගිරිය ගම්වාසීහු සැකපහළ කරති. ඒ නිසා මේගැන වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසත්, සීගිරි පර්වතය විනාශ කිරීම වහාම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඔවුහු තවදුරටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

උපුටා ගැනීම ::http://www.divaina.com/2010/03/08/feature01.html

hemalsilva
05-18-2010, 09:10 PM
http://www.island.lk/2002/10/20/sigiriya2.jpg

සිගිරියේ මේ ස්ථානය මොකක්ද ?

chamara_
05-18-2010, 09:15 PM
ඇයි පින්තූර වලට වෝටර් මාක් දාන්නෙ...:eek: මම දැක්ක එකමෝඩයෙක් අලි වෝටමාක් කියලා ලොකු අකුරින් තමන්ගේ නේම් එක ගහපු පින්තූර නම් දාල තියනවා පින්තූරෙ හරි මැදින්ම...ලොල්:frown: චා***** කියන එක්කෙනාට කියන්න තියෙන්නෙ නම නම් ලස්සනයි කියලා:eek: පින්තූරෙනම් මෙලෝ රහක් නෑ....:no: ඔහොම වෝටමාක් දානකොට.. පින්තූර බලන්නවත් හිතෙන්නෙ නෑ:frown::yes: (අනික දාන්නෙ වෝට මාක් යැ... අලි ඇහැට තමන්ගේ නමනේ. පාට අකුරින්. වෝට මාක් කියන්නෙ ඕව නෙමෙයි බොල)

ubala wagai eka modayak hityaha hodatama athi.kawda kiwai මි හරකට :shocked:oya water mark kiyala?mama gathu photo eka mama kamathi widihatai mama dannai.nikan kohada yana වල් හරකට ona widihata namai:no:.anika ubata melo rahak nath nam topiyak kapan ethakota rasa danavi topiyai:yes:.ubala hadanai photo mankolla kanna.api ganna photo walata ubala wada danna.anika meka ubagai tread eka namai nai.tread eka patan gathu aya onnam aran davi.uba නිකන් කහින්නැතුව හිටපන්:baffled:

Teena@
05-18-2010, 09:16 PM
gr8 post Thanks..

chamara_
05-18-2010, 09:21 PM
http://www.island.lk/2002/10/20/sigiriya2.jpg

සිගිරියේ මේ ස්ථානය මොකක්ද ?

නයි පෙන ගල කියලා

Mal Baba
05-18-2010, 09:25 PM
සීගිරියේ සිංහපාදය ලග මහ නරක විදියට කවුදෝ කට්ටියක් වැසිකිලි වගයක් හදගෙන යනවා එකෙන් සිගිරියෙ ලස්සනට වගේ ම සීගිරියට හානි ගෙනදෙනවා කියල පොට් එකට ආරන්චි උනා

suranga84
05-18-2010, 09:28 PM
මං ත්‍රෙඩ් එක ඔක්කොම බැලුවේ නම් නෑ..සමහරවිට මේවා Repost වෙන්න ඇති...ඒකට සමා වෙන්න..:sorry:
තිබ්බ size එකටමයි දැම්මේ..ඕනිනම් පොඩි කරන්නම්..

http://img248.imageshack.us/img248/7698/58545165.jpg

http://img153.imageshack.us/img153/8848/25851106.jpg

http://img687.imageshack.us/img687/6539/70095756.jpg

http://img12.imageshack.us/img12/6601/87828095.jpg

තව ෆොටෝස් තියෙනවා..ඒවා ටිකක් පොඩි...

hemalsilva
05-18-2010, 09:30 PM
මේකද බලන්න ඔය කියන පොකුණ.
පිතුරය උඩ ක්ලික් කරන්න.

http://xs.to/thumb-919D_4BF2BD24.jpg (http://xs.to/image-919D_4BF2BD24.jpg)

suranga84
05-18-2010, 09:34 PM
http://img140.imageshack.us/img140/2383/sigiriya.jpg

http://img195.imageshack.us/img195/9900/rocksteps.jpg

http://img696.imageshack.us/img696/376/stoneseat.jpg

chamara_
05-18-2010, 09:57 PM
නියමයි

http://i571.photobucket.com/albums/ss158/Dilhini/sigiriya204.jpg

මට ඕනෙ කලේ ඔය ලකුණු කරලා තියෙන තැන පැහැදිලිව බලාගන්න. දැන් මතකයි ....... එතන තිබුණෙ පුංචි පොකුණක්. හැබැයි ඉතිං පොකුණක් කියලා අතහරින්න නරකයි...... දිගටම හොයන්න වෙනවා. දැන් ඉතිං එතනට යන්න තිබුණනම් හරි :)

මම හිතන්නෙ ඔය පෙන්නන්නෙ මෙ photo ඒක වෙන්න ඔනෙ

http://www.freeimagehosting.net/uploads/6a85d56fc3.jpg (http://www.freeimagehosting.net/)

Amalka101
05-19-2010, 01:53 AM
http://www.island.lk/2002/10/20/sigiriya2.jpg

සිගිරියේ මේ ස්ථානය මොකක්ද ?

නයි පෙන ගල කියලා

නයි පෙන ගල/ නයි පෙන ගුහාව කියලා මෙතන හඳුන්වනවා. මෙතන තියෙන සෙල්ලිපියක් නිසා සැකයක් පවතිනවා. සීතා ලංකාවෙ හිටපු කාලයේ සීගිරිය ආශ්‍රිතව ජීවත් උනාද කියලත්. (අවුරුදු 12ක්ම හිටිය එකේ කොහෙ කොහෙ හිටියද දන්නෑනෙ)

මේ තියෙන්නෙ ඒ සෙල්ලිපිය

http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya56-NaiPenaGuhawa22.jpg

"පරුමක නගුලිය ලෙණෙ"
ප්‍රමුඛ නගුලිය ගේ ලෙන කියන තේරුම තමයි එන්නෙ.

සීතට නඟුලිය කියලත් කිව්ව කියන එක අපි අහලා තියෙනවා. ඒත් "පරුමක" කියන වචනය භාවිතා උනේ නායකයෙක්, පාලකයෙක් වගේ කෙනෙකුටයි. නමුත් සීතා ලංකාවෙ කොහෙවත් පාලනය කලේ නැති නිසා අපට එක පාරටම මෙතන නගුලිය කියලා හැඳින්වෙන්නෙ සීතමයි කියලා කියන්න බැහැ.

Amalka101
05-19-2010, 02:14 AM
හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!

හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!

අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද? :(

මගෙ පරණ පෝස්ට් එකක්ම උස්සන් ආවලු ;)

ලොවපුරා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් මවිත කරවන සීගිරිය බලකොටුවේ සෝපානය ලබාගන්නටත් බොහෝදෙනා අදටත් වෙර දරනවා. මෙය ලී වලින් කල සෝපානයක් (කර්කටක යන්ත්‍රය) බව සදහන් වෙන අතර සමහර තැන්වල තනි රනින් කල සෝපානයක් බවත් සදහන්.
බොහෝ දුරට මෙතන තියෙන්නෙ ඇත්තෙ සරල ලීවර ක්‍රමයකින් ක්‍රියා කල සෝපානයක් වෙන්න ඕනෙ. මිනිස් ශ්‍රමය යොදාගන්නත් ඇති සමහර විට. කොහොමත් කිව්වත් වගේ ගලින් කල එකක් වෙන්න බෑ. සෝපානය ගල ඇතුලෙ ඉදන් ක්‍රියා කෙරෙව්ව කියලා මටත් හිතෙනවා. ගල මුදුනෙ යමක් තිබුණත් ඉතිං මේ වෙද්දි විනාශ වෙලා හෝ කැණිම් වලදි එහාට මෙහාට වෙලා ඇති.

කෙසේ වෙතත් සිංහකට අසලින් ඉහලට දිවෙන සේ නිර්මාණය කරලා තියෙන කුහරය තුල මේ සෝපානය තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි.
මේ කතාවට අනුව ඇතුලෙන් කුහරයක් තියෙන බව නම් පැහැදිලියි. ඒ වගේම ගල ඇතුලෙ මාලිඟාව ගැනත් පුංචි ඉඟියක් දෙනවා (මේ විස්තරේ කියෙව්වෙ කොහෙන්ද කියලා මතක නෑනෙ :( ) මුදුනෙන් සෝපානයේ exit එක තියෙන්නෙ කොතනද කියලා හොයාගන්න පුළුවන් ඔය පොකුණ අවට පරීක්ෂා කලොත්. අදහසක් නම් තියෙනවා ...... මෙහෙම ත්‍රෙඩ් එකක කියන්න හොඳ නෑ ...... වෙලාවක කරලම බලනවා මිසක්. :baffled:

Amalka101
05-19-2010, 02:37 AM
මේකද බලන්න ඔය කියන පොකුණ.
පිතුරය උඩ ක්ලික් කරන්න.

http://xs.to/thumb-919D_4BF2BD24.jpg (http://xs.to/image-919D_4BF2BD24.jpg)

ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ. :nerd: ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ :baffled:

මම හිතන්නෙ ඔය පෙන්නන්නෙ මෙ photo ඒක වෙන්න ඔනෙ

මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ....... හැබැයි අපි ඇත්තටම හොයන එක මේකද දන්නෙත් නැහැ.

Amalka101
05-19-2010, 02:45 AM
http://img140.imageshack.us/img140/2383/sigiriya.jpg

http://img195.imageshack.us/img195/9900/rocksteps.jpg

http://img696.imageshack.us/img696/376/stoneseat.jpg

ස්තුතියි සුරන්ග සහෝ :)

tdevinda
05-19-2010, 01:14 PM
ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ. :nerd: ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ :baffled:

මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ....... හැබැයි අපි ඇත්තටම හොයන එක මේකද දන්නෙත් නැහැ.

බලමු අපි වැඩේ බාර දුන්න මල්ලියා photo ටික කොටාගෙන ආවොත් හරි!

මොකද්ද thread එකේ දාන්න බැරි කරන්න හදන වැඩේ? ඕකට ගල් බෝර එහෙම දාන්න ගිහිං පොලිසි ගානෙ යන්න නං එපා!!! :lol::lol::lol::lol:

ඇතුළෙ කුහරයක් ද බලන්න මොකෝ ඕක අපි වතුරෙ ඔබන්නද! අර පොකුණට පැනල බැලුවොත් නං හරි. හැබැයි ඕක කරන්න අපේ තාත්තයි තව අඳුරන කොල්ලො 2,3 කුයි විතරක් අරන් යන්න වෙනවා! අම්මල එහෙම දැන ගත්තොත් කුරුණෑගලින් එහාට යන්න වෙන්නෙ Visa අරන්, ඉන්දියාව පැත්තෙන් තමා!

slaker_123
05-19-2010, 01:16 PM
ela :D

jkadithya
05-19-2010, 01:20 PM
nice one..thnx

just give me some help

http://www.elakiri.com/forum/showthread.php?t=660405

chamara_
05-19-2010, 03:44 PM
ඒ වගේ ...... මේ පින්තූර ටික දිහාම බලන් ඉඳලා දැන්නම් මටත් ශුවර් නෑ නෑ වගේ. :nerd: ඔව්නේ ...... ගල මුදුනෙ වෙන ඔය වගේ පොකුණක් පේන්න නෑ :baffled:

මේකනම් අපි උඩ ලකුණු කරලා තිබ්බ පොකුණ වෙන්න බෑ නේද? ...... මොකද පෙනුමෙන් මේක ඊට වඩා පොඩි පාටයි. කලින් කියපු එකේ පුංචි සොරොව්වක් හිටන් තියෙනවා, ....... හැබැයි අපි ඇත්තටම හොයන එක මේකද දන්නෙත් නැහැ.

lakunu karapu eka meka thamai.mama sigiri giya 2010/4/26 mama gathu photo
thamai mama dammai.meka sure karala kiyanawa, kiwwa kotuwa meka thamai.anith pokunath mama laga thiyanawa.mama dannam.mama video kara
ewath dannam.habi mata time eka thamai problem eka.ida labunu gama dannam.

anith pokuna

http://www.freeimagehosting.net/uploads/934eb593d5.jpg (http://www.freeimagehosting.net/)

tdevinda
05-19-2010, 03:53 PM
පේන විදියට අපිට සීගිරි ගිහින් හරියට මේ ටික බලා ගන්න නං අම්බානෙක පායන කාලෙක යන්න වෙයි!

Amalka101
05-19-2010, 06:20 PM
බලමු අපි වැඩේ බාර දුන්න මල්ලියා photo ටික කොටාගෙන ආවොත් හරි!

මොකද්ද thread එකේ දාන්න බැරි කරන්න හදන වැඩේ? ඕකට ගල් බෝර එහෙම දාන්න ගිහිං පොලිසි ගානෙ යන්න නං එපා!!! :lol::lol::lol::lol:

ඇතුළෙ කුහරයක් ද බලන්න මොකෝ ඕක අපි වතුරෙ ඔබන්නද! අර පොකුණට පැනල බැලුවොත් නං හරි. හැබැයි ඕක කරන්න අපේ තාත්තයි තව අඳුරන කොල්ලො 2,3 කුයි විතරක් අරන් යන්න වෙනවා! අම්මල එහෙම දැන ගත්තොත් කුරුණෑගලින් එහාට යන්න වෙන්නෙ Visa අරන්, ඉන්දියාව පැත්තෙන් තමා!
අම්මෝ ..... ගල් බෝර දාන්න යන්නෑ, අපි එහෙම කරන්නෑනෙ පුරාවස්තු වලට (හොඳ ළමයිනෙ) :D ..... ඔක්කොමත් හරි ගෙවල් වලින් පර්මිශන් ගන්න එක තමා ටිකක් අමාරු :rofl: . ඒත් ඉතිං මට නම් ආයෙ කාලෙකට ඔය පැත්තෙ එන්න වෙන්නෑනෙ. නැත්නම් ට්‍රිප් එකක් organize කරන්නත් තිබ්බා ලබන මාසෙ දිහාටවත් :(

ෆොටෝස් ටික ආවම බලමුකො

Amalka101
05-19-2010, 06:22 PM
lakunu karapu eka meka thamai.mama sigiri giya 2010/4/26 mama gathu photo
thamai mama dammai.meka sure karala kiyanawa, kiwwa kotuwa meka thamai.anith pokunath mama laga thiyanawa.mama dannam.mama video kara
ewath dannam.habi mata time eka thamai problem eka.ida labunu gama dannam.

anith pokuna

ඕඕඕඕ ..... මේක තමා ලකුණු කල පොකුණ. කලින් දාලා තිබ්බෙ වෙන එකක් නේද?
බොහොම ස්තුතියි යාළුවාගෙ කැපවීමට ........ නිවාඩු තියෙන විදිහට තව පින්තූර දාන්න.

dilexman
05-19-2010, 06:28 PM
අතීතයේ සිංහයා සම්පූර්ණයෙන්ම හිටියා කියන කතාව ඇත්තද?

9dimuthu
05-19-2010, 06:40 PM
මම අහලා තියෙනවා සීගිරිය ගල ඇතුලට යන්න රහස් දොරක් සිංහ පාදය ගාව තියෙනවා කියලා. මේක ඇත්තක්ද. මට කියනවාද.

tdevinda
05-19-2010, 09:39 PM
මම අහලා තියෙනවා සීගිරිය ගල ඇතුලට යන්න රහස් දොරක් සිංහ පාදය ගාව තියෙනවා කියලා. මේක ඇත්තක්ද. මට කියනවාද.

ඔන්න ඔන්න මල්ලි කම්මැලි වෙලා මේ වැඩේ කරන්න බෑ! කියවමු බලන්න මුල සිට අගට thread එක!;);):lol::lol::lol::lol:

tmal
05-19-2010, 09:46 PM
niyama wadak sahodaraya
mewa thamai karanna ona wada
mamath yakku gana sahena thora thuru hoyanawa
"Apith Hoda yakku thama"

tmal
05-19-2010, 10:35 PM
හේමාල් ගෙ පින්තූර නං නියමයි!
අමල්කා, ඔය පේන පොකූණ වෙන්න ඕන shaft එකේ මුදුන!

හැබැයි සෝපානයකින් බිමට බහින්න නං ඒක පොළව මට්ටමින් උඩට එසවෙන්න ඕන. ඒ කියන්නෙ එසවුම් පුලි පද්ධතිය ඊටත් උඩින් තියෙන්න ඕන නේද? මගේ හිතේ ඕවයි ගොඩක් කෑලි ලී වලින් තියෙන්න ඇති!
සෝපානය වුණත් රන් එබ්බුවාට කොටසක් ලී වෙන්න ඇති! නැත්තං ඕක ඔසවන්න තිබ්බ ක්‍රමය ඔතන ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒ තරම් විශාල කුහරයක යන ගල් සෝපානයක් ඔසවන්න ලී පුලියකට අමාරුයි!

අනිත් දේ තමා, සෝපානයක අත්‍යාවශ්‍යම අංගය, Counter Balance එක. ගොඩාක් බර සෝපානයකට අති විශාල counter balance එකක් ඕන වෙනවා! කිව්වත් වගේ කෝ ඒ counter balance කරපු ගල් ගෙඩිය? ඒකත් කුහරෙ ඇතුළෙද? :(

samawenna ona sinhala akuru nathi unata
ape "Dadu monare" (shakuna vimane) use kale mecury vortex eng ekak kiyala kiyannawa.
Wariya pola ekiyanne wathyen gaman kala rathaya nawathu thana.
warthamane api kata karana karmika dewal (sarala yanthra,puli,dathi roda) nathuwa wena kramayak bawitha kala wenna barida?
wathaye ganathwa wenasakin "dadumonare" giya kiyanwa e kramema meka yodagattada danne na.

Amalka101
05-19-2010, 11:37 PM

මමත් අහලා තියෙන විදිහට වායු බලයෙන් මෙන්ම රසදිය බලයෙන් භාවිතා කල විමාන ඉස්සර තිබිලා තියෙනවා.

නමුත් මෙතනදි මට හිතෙනවා ලීවර ක්‍රම භාවිතා වෙන්න ඇති කියලත්. ඒ වගේම අපි සෝපානය තිබුණයි කියලා දැනට සැක කරන තැන තියෙන්නෙ පොකුණක්. ඒ ගැන මොකද හිතෙන්නෙ යාළුවට?

අපි හිතාගෙන ඉන්න විදිහ සත්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. මේ විදිහට හැමෝගෙම අදහස් එකතු වෙන තරමට අපේ වැඩේ සාර්ථකයි.

tmal
05-20-2010, 08:00 PM

mekai sigiriya haduwe "RAVANA " maha rajjuruwonge kale nam, e kale thakshanaya gana salakaddi livera kramayak thibuna kiyala mata hitanna ba.Ravana ge putha "Indrajith" hadata gihin ramage hamudawata pahara dunna kiyala katawak kiyawenawa.
Lokayak diyanuwenna thiyana ekama krame api me bawitha karana leevara,roda nowennna puluwan neda??
mage viswase e kale bawith karapu krama adata wada sahena wenas athi kiyala mokada ekyala "nature" ekath ekka jiwath wela thiyanwa.
Sinhayage kakul deke thiyana finishing eka balanna gal katuwakin kadala
oya wage deyakk karanna baneda.
api gal melek karalu ne ko ada e thakshanaya? e wage mekath wenas deyak wenna puluwan.
sigiriye wathuramal wada karana hatit tama api danne nane
Ko kawuruth e gana kata karala nane?????

tdevinda
05-21-2010, 09:16 AM

ඇත්තම කියනවනං මට වතුර මල් ගැන ඒ තරම් දැනුමක් නෑ! සමහර විට නඟා දන්නව ඇති!

Amalka101
05-21-2010, 09:29 AM
ඇත්තම කියනවනං මට වතුර මල් ගැන ඒ තරම් දැනුමක් නෑ! සමහර විට නඟා දන්නව ඇති!
නඟාත් වැඩි යමක් දන්නෑ :nerd:

අවට ජලාශ වල (මං හිතන්නෙ මේ කියන්නෙ පිට දිය අගල සහ සීගිරි වැව ගැන වෙන්න ඕනෙ) ජල මට්ටම ඉහල ගියහම (වහින කාලෙට) වතුර මල් ක්‍රියාත්මක වෙනවලු.

තව කතාවක් තියෙනවා .....

මෑතකදි, (ඒ කියන්නෙ වැඩිම උනොත් අවුරුදු 10 ඇති) කල කැණිම් වලින් පස්සෙලු ඔය වතුර මල් ආයෙම ක්‍රියාත්මක උනේ. (මට වැඩි මතකයක් නෑ ඒ දවස් වල ගොඩක් පොඩියිලු මං). ඊට කලිනුත් ජලාශ වල වතුර මට්ටම අවශ්‍ය ප්‍රමාණයට හෝ ඊටත් වඩා ඉහල ගියත් මෙම වතුර මල් ක්‍රියාත්මක වෙලා නෑ. කැණිම් වලින් පස්සෙලු ආයෙම වැඩ කලේ. ඒ කියන්නෙ ඒ කැණීම් සීගිරියෙ system එකට effect වෙලා තියෙනවා.

භාවිතා කල තාක්ශණය ගැන නම් මටත් දැනුමක් නෑ ....... මේ අංශය ගැන දැනුම තියෙන අය එහෙම මේ ත්‍රෙඩ් එකේ ඉන්නව නම් ඔන්න චාන්ස් එක.

DRUGS
05-21-2010, 09:49 AM
ertyuibj2345676

DRUGS
05-21-2010, 10:02 AM
KIZlano
eature

pissu_buwa
05-21-2010, 10:09 AM
Mata matha sigiri kurutu geeyak liyanam. Ape parana withana mahathaya kiywapu ekak

SIYOWA AMI.............. SIGIRI BALEEMI......... BOHODANA GEE LIUWEN MAMA NILEEMI.....

9dimuthu
05-21-2010, 11:34 AM
ඔන්න ඔන්න මල්ලි කම්මැලි වෙලා මේ වැඩේ කරන්න බෑ! කියවමු බලන්න මුල සිට අගට thread එක!;);):lol::lol::lol::lol:
;)
හරි යාලුමා මම කියෙවුවා. මේක නියම් thread එකක්.

chamara_
05-21-2010, 07:32 PM
onna mama video ekak damma mekada thana?

http://www.youtube.com/watch?v=a1Jh612Vypo

Amalka101
05-21-2010, 08:34 PM
onna mama video ekak damma mekada thana?

http://www.youtube.com/watch?v=a1Jh612Vypo

a1Jh612Vypo

tdevinda
05-24-2010, 08:05 PM
ඔයා දාල තියෙන වීඩියෝ එකෙත් තියෙන්නෙ අර පොඩි චතුරස්‍රය. ඒත් අපි කියන්නෙ ඒකට වඩා ලොකු අනිත් පොකුණ ගැන!

මේක නං ගිහිල්ලම බලන්න ඕන!

chamara_
05-31-2010, 04:37 PM
gate eka laga

http://www.youtube.com/watch?v=R5s1dDj8X34
(http://www.youtube.com/watch?v=eK7S0ddkiJc&layer_token=a574ddb7e77e0c0c)

lucky_lakshitha
05-31-2010, 04:52 PM
අමල්කට මේ ත්‍ර්ඩ් එක අමතක උනාවත්ද...?

chamara_
05-31-2010, 06:25 PM
අමල්කට මේ ත්‍ර්ඩ් එක අමතක උනාවත්ද...?

kiyanna dan na machan .mama magai kotasa karanawa

lucky_lakshitha
06-02-2010, 08:20 AM
kiyanna dan na machan .mama magai kotasa karanawa

එල එල.. අමල්කා මේ දවස් වල බිසී ඇති. :rolleyes::)
කීප් ඉට් අප්:D

key100
06-02-2010, 08:27 AM
lankawe peranima kawi " sigiri kurutu gee"..mewaye wisheshathwaya nam prashashthi men wyaja warnana walin yuktha nowwemai.mema kawi walin sigiriya balannata pemini minisunge jeewa thathwa pamanak nowa,owunge gam,nam adiyada haduna gatha hakiya.ekthara kawiyeku sadahan kara aththe mema landun ha sesadeemedi thamage birida mee denaku weni bawai :D :D :D

- sinahala saha janasanniwedana adyayananshaya,
Sri Jayawadhenepura sarasaviya....:D

nadun07
06-04-2010, 06:36 PM
thread එක ගොඩක් දුර ගිහින් නිසා repost ද දන්නෙ නෑ.. blog එකකින් හම්බවුන විස්තර ටිකක් :) SOURCE (http://arumaya.blogspot.com/2009/04/blog-post.html)

කොළඹ සිට කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලූව හන්දියෙන් හැරී කිලෝ මීටර 10 ක් පමණ ගමන් කළ විට සීගිරි පර්වතය හමුවේ. සිංහ රුවක ආකාරයට තැනූ මාළිගාව නිසා එම පර්වතය සීගිරිය නම් වී ඇත.

අනුරාධපුරයේ රජකළ ධාතුසේන රජුට යකඩ දෝලියකගෙන් ලත් කාශ්‍යප නම් කුමරුවකු හා අභිෂේක බිසවගෙන් ලත් මුගලන් නම්වූ පුත්තු දෙදෙනෙක් ද දුවණියක ද වූහ.. රජු තම නැගණියගේ පුත් සෙන්පති මිගාරට ඇය විවාහ කර දුන්නාය. මිගාර දිනක් තම දියණියට අමානුෂික ලෙස පහරදුන්නේ යැයි කිපුණු රජු තම සොහොයුරිය වූ මිගාරගේ මව නිරුවත් කොට පුළුස්සා මරා දමන්නට නියෝග කළේය. රජුගෙන් පළිගන්නට සිතූ මිගාර කාශ්‍යප කුමරුන් රාජ්‍ය ගැනීමට පෙළඹවූවේය. මුගලන් සේනා සංවිධානය කොට රාජ්‍යය ගැනීමෙී් අපේක්ෂාවෙන් ඉන්දියාවට පලා ගියේය.

මුගලන් වෙනුවෙන් ධාතුසේන රජු ධනය තැන්පත් කර ඇතැයි කාශ්‍යපට කියමින් මිගාර ධාතුසේන රජු කෙරෙහි තවදුරටත් බිඳැවීය. තැන්පත් ධනය ගැන ප්‍රශ්න කළ විට ධාතුසේන රජු කාශ්‍යපට කියා සිටියේ ඒ ධනය කලා වැව බවයි. ඉන් කිපුණු කාශ්‍යප සිය පිය රජු නිරුවත් කොට කලා වැවේ බැම්මට තබා මැටිගස්සවා මරා දැමීමට නියෝග කළේය.

සිය පියා මැරූ පලිය ගැනීමට සහෝදරයා වූ මුගලන් කුමරු කෙදිනක හෝ යුද්ධයට එතිැයි බියෙන් කාශ්‍යප සීගිරිය බළකොටු රාජ්‍යය ගොඩනැගූ බව ඉතිහාසය සාක්කි දරයි.ප්‍රාකාර, දිය අගල්, උයන්වතු, ජල උද්‍යාන සේම මහා කලාගාරයක් බඳු රූකම් ද ඇති සීගිරිය ලෝක උරුමයකි. මෙහි ඇති අපූර්වත්වය හේතුවෙන්ම මෙය නිල නොලත් අටවැනි ලෝක පුදුමයැයි ද දෙස් විදෙස් හි ප්‍රචලිතය.

අද අප දකින සීගිරිය ඉතිහාසයට එක්වන්නේ කි්‍රස්තු වර්ෂ 477 දී කාශ්‍යප රජු සිය මාළිගාව සීගිරි පර්වත මස්තකයේ තැනීමෙනි. පුරාවිද්‍යාත්මක සාක්කි අනුව සීගිරියේ ඉතිහාසය ඉන් බොහෝ ඈත අතීතයකට යයි. රාවණ රජුගේ මාළිගාවක් සීගිරියේ වීයැයි මතයක් ඇතත් එය සනාථ කිරීමට මෙතෙක් කිසිදු සාක්කිියක් හමුවී නැත. එහෙත් හමුවූ සෙල්ලිපි රැසකින් පැවැසෙන්නේ දෙවනපෑතිස් යුගයේදී පවා සීගිරිය ආර්ය ජනාවාසයක් වූ බවයි. සීගිරිය අවට කැණීම් වලදී අතීතයේ භාවිතා කළ ඉතාමත් දියුණු යකඩ තාක්ෂණයක අවශේෂ හමුවී තිබේ.

සීගිරි පර්වතය මත ඉදිකැර ඇති රජ මාළිගය සහ අනෙකුත් ගොඩනැගිලි ශී්‍ර ලංකාවේ පැවැති දියුණු ගෘහ නිර්මාණ ශිල්පයට මනා සාක්කියක් වී ඇත. ඉතා සමමිතික ආකාරයෙන් නිමවා ඇති ජල උද්‍යානයත් එහි ඇති ජලවහන පද්ධතියත් නූතන ඉංජිනේරුවන් මවිත කරවන නිර්මාණයන්ය. වැසි වැටුණු විට තවමත් කි්‍රයාත්මක වන ජලමල් පද්ධතිය සීගිරි යුගයේ සිටි හෙළ නිර්මාණ කරුවන්ගේ විශ්මිත හැකියාව පෙන්වයි.

සීගිරිය ප්‍රසිද්ධවූයේ බිතු සිතුවම් හේතුවෙනි. එහි ඇත්තේ ශී්‍ර ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර නිර්මාණ බව විද්වතුන්ගේ මතයයි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුතු කාන්තා රූප 22 ක් දැනට එහි දක්නට ඇත. ස්වර්ණ වර්ණ කතුන් අන්තඃපුර ස්තී්‍රන් බවත්, නීල වර්ණයෙන් දක්වා ඇත්තේ සේවිකාවන් බවත් ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.ඛෙල් පවසයි. මේ කතුන් මල් රැගෙන පිදුරංගල වන්දනා කරන්නට යන බවද ඔහු පවසා ඇත.

පුරාවිද්‍යා කොමසාරිස් ඉන් පසු එම තනතුරට ආ සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ විජ්ජු ලතා සහ මේඝ ලතා සංකේතවත් කරමින් මේ කතුන් ඇඳ ඇති බවයි.

සීගිරියේ තවත් අපූර්වතම නිර්මාණයක් වන කැටපත් පවුරේ සටහන් තබා ඇත්තේ ඉන් පසු සීගිරියට පැමිණි විවිධ තරාතිරමේ පුද්ගලයන් විසිනි. අද එහි පැහදිලිව හඳුනාගත හැකි ගී 700 ක් පමණ තිබේ. අතීත භාෂාවත්, ඔවුන්ගේ රසාඥතාව හා සිංහල භාෂාව ක්‍රමිකව විකාශය වූ ආකාරයත් මෙී කුරුටු ගී පෙන්වයි.

ක්‍රමයෙන් වනාන්තරයෙන් වැසී ගිය සීගිරිය නැවත සොයාගෙන ඇත්තේ 1831 දී මේජර් එච්. පෝර්බ්ස් විසිනි. යළි 1833 දී පෝර්බ්ස් සීගිරියේ කැටපත් පවුර සහිත මාර්ගය දක්වාම ගොස් ඇතත් පර්වතය මතට නැගීමට නොහැකිවී ඇත. ඇත්තේ ඒ..වයි..ඇඩම්ස් සහ ෙජ්.බේලි යන තරුණ සිවිල් නිලධරයන් දෙදෙනා 1853 දී එහි මුළින්ම නැගුණු බව කියති.1894 දී එච්.සී.පී.ඛෙල් සීගිරිය එළි පෙහෙළි කොට එහි පුරාවිද්‍යාත්මක ගවේෂණ ආරම්භ කළේය.

පැරණි ශී්‍ර ලාංකිකයාගේ අතිශය විශ්මිත නිර්මාණයක් වූ සීගිරිය ලාංකික සංස්කෘතිය හා ඔවුනගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපූර්වත්වය සමස්ත ලෝකයා හමුවේ තබන අති දැවැන්ත නිර්මාණයකි.

සීගිරියේ බටහිර දොරටුව කැණීම් සිදුකර තිබේ. ඒ අනුව එහි ජල උද්‍යානයේ බොහෝ කොටස් මතුකරගෙන ඇත. නැගෙනහිර දොරටුව දෙසින් කැණීම් සිදුකර නැතත් ඒ ප්‍රදේශයේ කරන ලද ගවේෂණඅනුව පෙනී ගොස් ඇත්තේ නැගෙනහිර දෙසින් ඇති ගොඩනැගිලි ඉදිකිරීම් අතරමග නවතා දමා තිබූ බවයි. මුගලන් යුද්ධයට එනවිට නැගෙනහිර දෙසින් නගර නිර්මාණය කරමින් තිඛෙන්නට ඇත. එම ප්‍රදේශය විශාල ප්‍රමාණයේ රථ වාහන පර්වතය ආසන්නටයට ගත හැකි ආකාරයෙන් නිර්මාණය වී තිඛෙන බවද බොහෝ විට ඒවා ඇත් කරත්ත වැනි වාහන විය හැකි බවද පුරාවිද්‍යාඥයෝ පවසති.

18 වසරකට පසු සේනා රැස්කරගත් මුගලන් කාශ්‍යප සමග යුද්දයට පැමිණියේය. යුද්ධයට ගිය කාශ්‍යප මඩ වළකින් එතෙරවීමට නොහැකිව තම ඇතු ආපසු හැරවූ මොහොතේ රජු පලා යති යි සිතූ සේනාව හිස් ලු ලු අත දිවගියෙන් තනිවූ කාශ්‍යප සියතින් ගෙළ සිඳගෙන මියගිය බව වංශ කථා වල දැක්වේ. කාශ්‍යප මියගිය පසු රාජ්‍යය ගත් මුගලන් සිය සොහොයුරාට රජකුට සුදුසු අවමංගල උත්සවයක් පවත්වා භෂමාවශේෂ තැන්පත් කර සෑයක් ද කරවා ඇත. එම සෑය පිදුරංගල විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් සීගිරිය භික්ෂූන් වහන්සේලාට භාරකොට නැවත අනුරාධපුරයට ගොස් ඇත.

nadun07
06-04-2010, 06:38 PM
http://mbsaman.files.wordpress.com/2009/11/226998-sigiriya-11.jpg

diland3
01-24-2011, 10:30 PM
ඇයි මේක මෙතනින් නතර කලේ මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුව කෝ කට්ටිය.
කවුද බයික් වල colombo වල ඉදන් සිගිරි යන්න එන්නේ එන අය කියන්න මම ඕන වෙලාවක රෙඩි.

MAXPAYNE1
01-26-2011, 06:40 AM
bump

MAXPAYNE1
01-26-2011, 06:40 AM
ඇයි මේක මෙතනින් නතර කලේ මම මේ ත්‍රෙඩ් එක මුල ඉදන් බැලුව කෝ කට්ටිය.
කවුද බයික් වල colombo වල ඉදන් සිගිරි යන්න එන්නේ එන අය කියන්න මම ඕන වෙලාවක රෙඩි.
ube ne mata + rep dunne thanku aaa:rofl::P

diland3
01-26-2011, 09:22 PM
ube ne mata + rep dunne thanku aaa:rofl::P

Hodai neda???????
mama me tread ekata bump ekak dunne

kaido
01-31-2011, 04:02 AM
elaazz..

dakshinasd
02-19-2011, 11:03 AM
මේ thread එක මම අද මුල ඉඳන් එක දිගටම කියෙව්වා. බොහොම වටිනා වගේම නොදැන සිටි රසවත් තොරතුරු සෑහෙන ප්‍රමාණයක් ඉගෙන ගත්තා. කරුණාකරලා මේ thread එක දිගටම continue කරන්න. මොකද මේ වගේ හරවත් මාතෘකාවක් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ සංවාදයක් ඇතිවෙනවා දැක්කේ සෑහෙන කාලයකට පස්සේ.

ප.ලි:- Elakiri එකේ account එක හදලා අවුරුදු තුනක කාලයක් උනත් සෑහෙන කාලයක් log වුනේ නෑ. ඒත් මේ thread එක දැක්කට පස්සේ අමතක වුන password එකත් recover කරගෙන තමයි මේ reply එක දාන්නේ.

wagfriends
03-21-2011, 11:05 AM
සිගිරියෙ ජලමල් වල තියෙන්නෙ සමන්ය තක්ශනයක්. එක පට්ටකින් එන ලොකු ජල පහරක් අනිත් පෑත්තෙන් පිට වෙන්නෙ පොඩි සිතුරකින්.එතකොට ඒ සිඩුර නිස එටිවෙන පීඩනය නිසා මඩ තියෙන හුනු ගල් වල සිඩුරුවලින් ඉහලට ජලය විදිනවා.

මට තියෙන ප්‍රශ්නෙ ඈයි පහුගිය කලෙ වෙස්සට වතුර මල් වෙඩ නොකලෙ කියන එක. තක්ශනය හරි උනට සස්කෘටික ත්‍රිකොනෙ මොන හරි හොරයක් තියෙනව මෙ සම්බන්දයෙන්.එක්කො මු මෙක කලෙ වතුර බට හයි කරල. මොන උනත් මෙකෙ එ විඩිහට හරි පවතවගෙන යන්වනම් එකත් හොඩ.අඩුම ගනෙ මෙ විඩිහෙ තක්ශනයක් ටිබ්බ කියල හරි මිනිස්සු දෙන ගනී එතකොට..

wagfriends
03-21-2011, 12:46 PM
mekata pintura add karann ekomadaneeeee?

dakshinasd
03-27-2011, 08:38 PM
mekata pintura add karann ekomadaneeeee?
Meke guide ekak thibuna machan Images and Videos post karana hati. Eka poddak balanna.

ruwche
12-28-2011, 08:40 PM
niyamai

wagfriends
12-29-2011, 07:31 AM
ha..ha....mata bike padinnanam baha......eth...sigiriyatay...wasgamuwatay yanna ona........mama sigiriye jalamal gana study ekak karanawa......wasgamuwe duwegala sel lipiya ganay....yala wanodyane palatupana sellipiya ganay hoyanawa.....yanna widihak tama set une nehe.........support ekak ganna puluwan widihak tiyenama....kauru hari denna podi idea ekak......