PDA

View Full Version : සුදු පිටි කා සුදුමැළි වෙමු!


shammee
05-13-2010, 11:13 PM
අහෝ ලකි මවුනි!
පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස්වයංපෝෂිතව සිටි,මහා යෝධයන් උපන්,විශ්මිත නිර්මාණ ස්ව බුද්ධියෙන් බිහිකල විශ්මිත ජාතියක ඉරණම බලන්න!:(
අපි වසරකට තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා පමණක්‌ රුපියල් මිලියන 20,000 ක්‌ වැය කරමු. එම විදේශ විනිමයෙන් 50% ක්‌ ඉතිරි කර ගත හොත් නිසරු බිම් අක්‌කර 60,000 ක්‌ ප්‍රයෝජනයට ගත හැකි, ලක්‍ෂයකට සෘජු රැකියා සැපයිය හැකි, විදුලිය මෙගාවොට්‌ 75 ක්‌ නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක්‌ සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක්‌ නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක්‌ පිහිටුවිය හැකිය. ජාතියක්‌ ලෙස අපට සිදු වී ඇති අභාග්‍ය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය වේද?(ඒ කියන්නේ සීනි කර්මාන්ත ශාලා 3කින් පමණක් ගත හැකි මෙහහෙවරේ තරමයි)
------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාව ශුද්ධ ආහාර ආනයනය කරන රටකි. ඒ සඳහා අප වසරකට දළ වශයෙන් ඩොලර් බිලියන 1.5 කට අධික විදේශ මුදල් ප්‍රමාණයක්‌ වැය කරයි. ඒ මුදල අප රටේ පාලකයන් පිටරැටියන්ට දස අතේ වැඳ නමස්‌කාර කර ඉල්ලා ගන්නා ණය මුදලට වඩා වැඩිය. අප තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා වසරකට වැය කරන මුදලින් හම්බන්තොට වරායේ වැඩ නිම කළ හැක.එක මාසයක මුදලින් මහවැලිය නිම කල හැකිය. එපමණක්‌ නොවේ. අප නවසීලන්තයට පමණක්‌ නවසීලන්ත ඩොලර් 600 ක්‌ යවා කිරිපිටි ගෙන්වා ගනියි. ඒ මුදල අපේ ගොවියා අතට ලැබෙන්නේ නම් අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට ගතවන්නේ කන්න දෙකක කාලයක්‌ පමණි.
--------------------------------------------------------------------------------------------------
අපේ රටේ මෑත ඉතිහාසය ගත්තද අප ප්‍රධාන වශයෙන් ශාක වර්ග 150 ක්‌ පමණ බහුලව ආහාරයට ගැනීමට හුරු වී සිටි ජාතියකි. නමුත් අද වන විට යම් පමණකට හෝ ප්‍රධාන ආහාර ලෙස ගන්නා ශාක ලයිස්‌තුව 30 දක්‌වා අඩු වී ඇත.
(මේ ලිපියට පාදක කරුනු අන්තර්ජාලයෙනි.නොතේරෙන වචන තිබෙනවාද?)

maxi boy
05-13-2010, 11:33 PM
අදහස් නම් ඇත්ත. නමුත් ගැටළුව ඇති වෙන්නෙ ඕවා ක්‍රියාත්මක කරන්න යද්දි තමයි.මම නම් හිතන්නෙ නෑ මේ දේවල් කරන්න ඉදිරිපත් වන රටට ආදරේකරන ඇමතිවරුන්ගෙන් යුතු බුද්ධිමත් රජයක් මේ කපේදි ලංකාවෙ බිහිවෛයි කියලා.
:no::no::(:(

smaldeniya
05-13-2010, 11:34 PM
මෙතන ප්‍රධාන ප්‍රශ්නය දේශපාලනය බව ඇත්ත රටේ ගොවියා තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව එක කන්නයක වහ බොන්නෙත් අනික් කන්නයේදී බලාපොරොත්තු උන අස්වැන්න නොමැති නිසා වහ බොන්නේත් පාලන තන්ත්‍රයේ තියෙන වැරැද්ද නිසායි
අඩියෙන් අඩිය තිබෙන බාර් වසන ඒත් රෙස්ටුරන් අරින ආණ්ඩුවට ලංකාවේ සෙක්ස් සයිට් නැවැත්තුවා වාගේ පාන් කන එකද එක රැයකින් නවත්තන්න හැකියාවක් නැත්තේ විය නොහැක ඉස්සර අපේ ආච්චිලාගේ සීයලාගේ කාලයේදී පාන් කනවා යනු නින්දා සහගත දෙයක් විය "අපි තුන්වේලම බත් කන්නේ" කියන වදන් ඔවුන්ගේ මුවින් පිට ඌයේ මහත්වූ අභිමානයකිනි ඒත් අද ඒ සියල්ල කන පිට පෙරළිලාය කස්ටිය පාන් කන්නේ පාන්වල තියෙන රහකටද එහෙමත් නැත්තන් හාල් වලින් බතක් උයන්න තියෙන කම්මැලිකමකටද යන්න සැක සහිතය
සුද්දා විසින් එවන නිවුඩ්ඩ හූරන ලද කිසිම ප්‍රයෝජනයක් නැති පිෂ්ඪය පමණක් තිබෙන තිරිගු පිටි මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව ඇත

ඒත් අපේ රටේ ආහාර ආනයනය නැවැත්වීමෙන් පමණක්ම ගැටලුව විසදෙන්නේ නැත දැන් මේ රැකියාවෙන් ලැබෙන ආර්ථික ලාභයක් නැති තරම් ම නිසා කුඹුරු වැඩ කරන ගොවීන් වෙන වෙන රස්සා කිරීමට යොමු වී ඇත එදා මඩ සෝදා ගත් කල රජ කමටත් සුදුසු වූ ගොවියා අද අනුන්ගේ කුලී වැඩක්කර එදාවේල ගැටගහ ගන්න පෙළඹී අවසන්ය
අද එදා රන්වන් පා‍ටට ගොයමින් පිරුණු කෙත් යායවල් යාය පිටින්ම පුරන් වී ‍කුඹුරු වැඩ අත්හැර දමා ඇත එදා ගොයමින් ලෙල දුන කුඹුරු යායවල් අද වල් වැදී ඇත ඉතින් කුඹුරෙන් ඈත් ව සිටින ගොවියා නැවත කුඹුරට බැස්ස වීමටද ආණ්ඩුවට සෑහෙන දෙයක් කිරීමට සිදුවන බව මෙයින් පෙනේ

shammee
05-14-2010, 12:41 AM
අදහස් නම් ඇත්ත. නමුත් ගැටළුව ඇති වෙන්නෙ ඕවා ක්‍රියාත්මක කරන්න යද්දි තමයි.මම නම් හිතන්නෙ නෑ මේ දේවල් කරන්න ඉදිරිපත් වන රටට ආදරේකරන ඇමතිවරුන්ගෙන් යුතු බුද්ධිමත් රජයක් මේ කපේදි ලංකාවෙ බිහිවෛයි කියලා.
:no::no::(:(
හෘද ශාක්‍ෂියේ මාලිමාව කියෙව්වද?:rolleyes:

methsri
05-14-2010, 01:03 AM
heheh :) oye thirigu piti scene eke yaanthan dan tikak hari palanaya wela thiyenewa ... naththan issara ambaneka thirigu piti lankawata awa .... ae unta piti gulima kawanne ...

sampoorneyenma cntrl wela na eth sahenna pramanayak nathara una .... dan hospital wela leddunta piti ahara laba denewa adui ... issara wage newei ....
eka hoda pera nimiththak .....

meka ethin 30 years wela edan kapu ratak ... balamu ... meka goda yannath eda thiyenewa ;)

tdevinda
05-14-2010, 09:14 AM
ඉතින් අපිට තියෙන්නෙ තුන් වේලටම බත් කන්න! මම නං තුන් වේලටම බත්!
හැමෝම එහෙම කළා නං දේසපාලුවො ඕන නෑ රට පිටි වලින් බේර ගන්න. අපිට ඕනකමක් නැත්තං වෙන රටවල් වල උන්ට කොහේ අමාරුවද ?

Chemal
05-14-2010, 09:25 AM
yaaaaaaaaaaaaaa

mottaya
05-14-2010, 09:47 AM
, විදුලිය මෙගාවොට්‌ 75 ක්‌ නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක්‌ සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක්‌ නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක්‌ පිහිටුවිය හැකිය.
:eek::eek::eek::eek::eek::eek::baffled:

Mr Dilshan
05-14-2010, 09:51 AM
හෘද ශාක්‍ෂියේ මාලිමාව කියෙව්වද?:rolleyes:

Eka liyapu ekata ehema 1k thiyenawad danne

shammee
05-14-2010, 11:06 AM
ඉතින් අපිට තියෙන්නෙ තුන් වේලටම බත් කන්න! මම නං තුන් වේලටම බත්!
හැමෝම එහෙම කළා නං දේසපාලුවො ඕන නෑ රට පිටි වලින් බේර ගන්න. අපිට ඕනකමක් නැත්තං වෙන රටවල් වල උන්ට කොහේ අමාරුවද ?:)ඔයාගෙ අදහසට ස්තුතියි! .බත් අල බතල කමින් හිටි රටක පාන් පිටිවලට ඇබ්බැහි වෙන්නෙ නිකංම නෙවෙයි නේ?අද දක්වාත් පැහැදිලි විසඳුමක් නෑ.මේකට වගකියන්න ඕන පාලකයෝ.මොකද මිනිස්සුන්ට තනියෙන් තිරිඟුපිටි ගේන්න බෑනේ?එනිසා දේශපාලුවොත්-විදේශ අතකොලුත් මේකට සෑහෙන දුරට වගකියන්න වෙනවා.අද පවතින බොහෝ ක්‍රමවේද කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගැලවෙන්න බැරි විදිහට අටවපු උගුල්.
අනික් කාරනය,බත් කන්න හෝ විකල්ප ආහාර සුලබ කරන තාක් මේ අධිවේගී සමාජයේ උඩුගම් බලා යන්නත් අමාරුයි නේ?

shammee
05-14-2010, 11:09 AM
Eka liyapu ekata ehema 1k thiyenawad danne:lol:මම ඒ උත්තරය ලිව්වෙ දේශීය ආර්ථිකයක් ගැන කියවන-අනවශ්‍ය විදේශ ආනයනවලට තරයේ විරුද්ධව ඒ සහෝදර ඇමැති ලියලා තිබුන නිසා.කියන කොට එහෙමයි.කරනකොට කොහොම වෙයිද කියලා බලමු.;)

thilangr8
05-19-2010, 03:47 PM
මේකට හැමෝම අඩු වැඩි විදියට වගකියන්න ඕනේ

ප්‍රධාන වශයෙන්ම දේශපාලුවේ
:frown:

coolsoul_k
05-19-2010, 03:58 PM
Confessions of an Economic Hit Man - kiyawala balanna danawadi ratawal api wage podi ratawal gonata andana hati !!!!!

prasadty
05-19-2010, 04:12 PM
දේශපාලුවෝ රට කාලා ඉවරයි... ඇත්ත වශයෙන් මේ විනාශයට වග කියන්න ඔනේ ‍දේශපාලුවෝ ම විතරක් කියලා මම හිතන්නේ නෑ මොකද අපේ රටේ පාරිබෝගික ජනතාව තිරිගු පිටි ආශ්‍රිත කෑම සදහා අධික ලෙස අබ්බැහි වී සිටිනවා...

shammee
05-19-2010, 04:49 PM
දේශපාලුවෝ රට කාලා ඉවරයි... ඇත්ත වශයෙන් මේ විනාශයට වග කියන්න ඔනේ ‍දේශපාලුවෝ ම විතරක් කියලා මම හිතන්නේ නෑ මොකද අපේ රටේ පාරිබෝගික ජනතාව තිරිගු පිටි ආශ්‍රිත කෑම සදහා අධික ලෙස අබ්බැහි වී සිටිනවා... වැඩියෙන්ම පාන් පිටි ගිළ දාන්නේ වතුකරයේ දමිළ ජනතාවලු!:dull:
තුන් වේලම රොටී හෝ පාන්!:eek:

prasadty
05-19-2010, 06:41 PM
වැඩියෙන්ම පාන් පිටි ගිළ දාන්නේ වතුකරයේ දමිළ ජනතාවලු!:dull:
තුන් වේලම රොටී හෝ පාන්!:eek:

ඇයි කොළඹ පුස් ඌරෝ කන්නේ බත් ද?