PDA

View Full Version : දුක හිතිලද මේ තරම් මාව ඉඹින්නේ


pubudu2008
07-15-2010, 11:03 PM
දුක හිතිලද මේ තරම් මාව ඉඹින්නේ

http://i26.tinypic.com/xeph8z.jpg

ඇයි අම්මේ මට අයියලා වගේ හිට ගන්න බැරි? අම්මට දුක හිතිලද මේ තරම් මාව ඉඹින්නේ? මාව කොහෙට ද එක්කගෙන යනවා කිව්වේ? මට අම්මා ළඟ ඉන්න ලැබෙන්නේ නැද්ද?” මේ ඌරු පැටියාට එහෙම හිතෙන්න ඇති. එක් දිනක් වයසැති මේ ඌරු පැටියා ආබාධිතයෙක්. එයාගේ අම්මට මෙවර පැටවුන් රැසක් ලැබිලා. ඒ නිසා මේ ආබාධිත පැටියා ගොවිපොළෙන් වෙන් කරන්න ගොවිපළ හිමියා තීරණය කළා.
මේ ආබාධිත පැටියා අනාථ පැටවුන් රැකබලා ගන්නා තැනකට භාර දුන්නා. දැන් මේ පැටියා ශක්තිමත්ව හොඳින් වැඩෙමින් සිටිනවා.


කවුද එන්නෙ අපිත් එක්ක සෙල්ලම් දාන්න

http://i30.tinypic.com/206bxh5.jpg


එක දවසක්ද? දෙකක්ද? අපේ වැඩේ හැමදා ම සර්ෆින් පුහුණු වෙන එකයි. කාටද පුළුවන් මේ වගේ රැල්ලක් එක්ක සෙල්ලං දාන්න. හරි, කාටහරි පුළුවන් නම් අපිත් එක්ක තරග කරලා බලමු.” මේ ඩොල්ෆින් රංචුව කැමරාවට හසුකරගෙන තිබෙන්නේ දකුණු අපි‍්‍රකානු මුහුදු තීරයෙන්. උඩ පනිමින්, ලිස්සා යමින් රැල්ලට මුහුණ දෙන්න ඩොල්ෆින්ලා හරි ම හපන්නු. ඒකයි එයාලත් එක්ක සර්ෆින් කරලා කාටවත් දිනන්න බෑ කියලා අභියෝග කරන්නේ.




අපි දෙන්නා ඉන්නේ හරිම ආදරෙන්


http://i25.tinypic.com/33xfnnd.jpg


කී දවසකින් ද මට ඔයාගේ අත අල්ලන්න ලැබුණේ? අද කොහොමද ගෙදරින් පැන ගත්තේ? අම්මා ඇහුවේ නැද්ද කොහෙද යන්නේ කියලා.” “ඇහුවා, ඇහුවා, මම කිව්වා යහළුවොත් එක්ක මී වද කඩන්න යනවා කියලා. අත අල්ල අල්ල ඉඳලා හරි යන්නේ නෑ. අද නම් මට මී වදයක් කඩලා දෙන්න ම ඕන.”
මේ දෙන්නා කතා කරන්නේ ඒ ගැනද? මේ ඉන්නේ අතිනත් පටලවාගෙන යන වලස් පෙම්වතුන් යුවලක් කියලා ඔබටත් හිතෙන්න පුළුවන්. ඒත් ඇත්ත කතාව තමයි මේ ඉන්නේ වළස් කොල්ලෝ දෙන්නෙක්. වයස තාම මාස හතයි.




කොහොමද මම හැඩද


http://i27.tinypic.com/14e8gi8.jpg


මාව අඳුරාගන්න බැරි වුණාද? මගේ ඇඳුම ඒ තරම් ම ලස්සනද? මේක අපේ ගෙදර ලොකු අයියාගේ පරණ ඇඳුමක්නේ. ඒත් මේක මට නම් අලුත්. ඊටත් වඩා මේ ඇඳුමවත් නොතිබුණා නම් මේ ශීතල මම කොහොම දරා ගන්නද?” මේ උතුරු ඉන්දියාවේ එළුවෙක්. ශීත ඍතුවේදීත් වසන්ත සෘතුව ආරම්භයේදීත් උතුරු ඉන්දියාවේ පවතින්නේ දැඩි ශීත කාලගුණයක්. ඒ නිසා මිනිසුන් තම පරණ ඇඳුම් ඉවත් කර ශීතලට ඔරොත්තු දෙන ඇඳුම්වලට මාරු වෙනවා.
එසේ ඉවත් කරන පරණ ඇඳුම් එළුවන්ට අන්දවනවා. මෙයාට මේ ඇඳුම ලැබුණේ ඒ විදිහටයි.






බඩගින්නේ බෑ?


http://i28.tinypic.com/34eesxw.jpg



අද දවස නම් මහ මුස්පේන්තු දවසක්. මේ පෙන්ගුයින් රැළ කොහේ ගිහින් ද මන්දා. අඩු ගාණේ සීල් මාළුවෙක්වත් නෑ. මං හොයා ගන්නම්කෝ උන් කොහෙද ගියේ කියලා. මගෙන් ගැළවිලා කොහෙ හැංගෙන්නද?” මෙයා නම් ඒ තරම් ම නපුරෙක්. මේ කොටි සීල් මත්ස්‍යයෙක්. සාමාන්‍යයෙන් කොටි සීල් මත්ස්‍යයෙක් අඩි 12 කටත් වඩා දිගින් යුතු වන අතර රාත්තල් 1000කට වඩා බරකින් යුතුයි.
ඌ ගොදුරු අල්ලාගෙන කන සත්වයෙක්. කොටි සීල් මත්ස්‍යයන්ගේ කටේ නිතර ම පාහේ පෙන්ගුයින්ලගේ හා අනෙකුත් සීල් මත්ස්‍යයන්ගේ ලේ තැවරී තිබෙනවා. මෙයාගේ නපුරුකම ඒකෙන් හිතාගන්න පුළුවන්.

pubudu2008
07-15-2010, 11:30 PM
..

prageeth119lk
07-16-2010, 12:33 AM
niyamai:D

pubudu2008
07-16-2010, 12:36 AM
niyamai:D

Thanks machan

thilzz
07-16-2010, 06:00 AM
:P:D ශෝක් , thnx

thilan##
07-16-2010, 08:07 AM
nice.thnx:)

srimalleiton
07-16-2010, 08:25 AM
patta macha rep +

pubudu2008
07-16-2010, 02:36 PM
:P:D ශෝක් , thnx

patta macha rep +

nice.thnx:)


http://www.elakiri.com/forum/images/icons/sq/11.gifhttp://www.elakiri.com/forum/images/icons/sq/11.gif Thanks Machanla

♥-Aurora-♥
07-16-2010, 02:43 PM
නයිස්!
රෙප්++

pubudu2008
07-16-2010, 03:03 PM
නයිස්!
රෙප්++
:cool::cool::cool:

pubudu2008
07-16-2010, 07:05 PM
:cool:

pubudu2008
07-17-2010, 12:16 PM
..

kansa malli
07-17-2010, 12:21 PM
අර උඩින්ම ඉන්න පිග් මල්ලිනම් පව් මචං

DJU9
07-17-2010, 12:37 PM
elaz.......

pubudu2008
07-17-2010, 11:59 PM
elaz.......

Tnxxxxxxxxxxx

rasithaudayanga
07-18-2010, 12:14 AM
ela

rauxz
07-18-2010, 04:11 AM
ela macho..rep+

pubudu2008
07-18-2010, 11:40 AM
ela macho..rep+

Thanks Machan

nrjayasinghe
07-20-2010, 06:01 AM
Thanks machan

You must spread some Reputation around before giving it to pubudu2008 again.

kingdewi
07-20-2010, 06:34 AM
elaz