Anteros
07-28-2010, 06:54 PM
ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා ශිල්ප
අශෝක රජු සමයේ සිට පැමිණ අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් නව ජීවයක් ලැබු හෙළ කලා ශිල්ප ඉන් පසුව ලක්දිව රජවු රජ දරුවන්ගේ වීරබාහු තුලින් ඔපවත් වී ගොඩනැගුනි.ඒ අනගි කලා දායාද අද පවා හෙළ කලාකරුවන්ගේ සුවිශේෂ නිපුනත්වය ලොවට හඩගා කියාපාන නිහඩ සාක්ෂිව පවතින්නේය.
(1)අනුරාධපුර යුගය
පෙර අපේ රජදරුවන්ගේ නිර්මාණශීලී බවෙහි ස්වර්ණමය යුගය වු අනුරාධපුර යුගය සිරිලක කලා නිර්මාණවල ආරම්භක යුගය යැයි සැලකිය හැක. ලාංකික කලාකරුවාගේ නිර්මාන තුලින් බිහිවු විශිෂ්ට නිර්මාණයක් වන අනුරාධපුර බිසෝ මාලිගයේ සදකඩපහන අදද අපේ සිත් පහන් කරවන මනරම් දසුනකි. කඨෝර ගලක ඉතා සියුම් ලෙස ගැඹුරට කැටයම් කර ඇති අඩ පියුමකි.ඵ් වටා කවාකාර පටිවලින් ලියවැලක්ද, හංස පේලියක්ද නැවත ඵවැනිම විසිතුරැ ලියවැලක්ද ඵකිනෙකා පිටුපස වමේ සිට දුවන ඇත්, අස්, ගව, සිංහ පේලිද අවසානයේ මනරම් ගිනිදැල් මාලාවක්ද දක්නට ලැබෙයි. අනුරාධපුර සමයේ විසු ලක්දිව බුදුසමය වැලදගත් පළමු නරපතියා වන දෙවන පෑතිස් නිරිඳුන්‍ගේ කලා දායාදයක් වන ඉසුරැමුනි පෙම් යුවල අද අපේ කලා ශිල්ප අතර වැදගත් තැනක් ගනී.
කි.පු.4 වන සියවසේ තැනු මෙය ඉසුරුමුනි විහාරයට අයත්ව ඇත.ඉතා වටිනා ගල් කැටයමක් වන මේ පෙම් යුවල ලෝකවාසී කලාකාමීන්‍ගේ ගෞරවයට ලක් වී ඇත.මීට අමතරව අනුරාධපුරයේ විශිෂ්ට කලා නිර්මාණ ලෙස අනුරාධපුර යුගයේ මැද භාගයේ ඉදිවු කුට්ටම් පොකුණ, සමාධි පිලිමය, මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ මුල් තැනක් ගනී. ඉතා අලංකාර චිත්‍ර සමූහයකින් සමන්විත ලොව viii වැනි පුදුමය ලෙස සැලකෙන කාශ්‍යප රජු තැනූ සීගිරිය අපේ හෙළ කලාදායාද වල අපූර්වතම නිර්මාණයකි. අව් වැසි වලින් ආරක්ෂා වන ලෙස ඇද ඇති මෙම චිත්‍ර ඉන්දියාවේ අජන්තා ලෙනෙහි දක්නට ඇති සිතුවම් වලට සමානය
http://img705.imageshack.us/img705/2276/anura.jpg
(2)පොලොන්නරු යුගය
මුලු රටට සශ්‍රීකත්වයේ සංකේතයක් බවට පත් කළ,දහසක් වැව් බැදි රජරට පෝෂණය කල පොලොන්නරුව යුගය කලා ලොවට දුන් දායාද ඉමහත්ය.ඵ් අතර පොලොන්නරුවේ විසූ 1 වන පරාක්‍රමබාහු නිරිදුන්ගේ අනුගහය යටතේ ඉදිකල උත්තරාරාමය හෙවත් ගල් විහාරය වැදගත්ම අංගයකි. බුදුන් වහන්සේගේ හිටි පිළිමයක්, හිදි පිළිමයක් හා සැතපෙන පිළිමයක් ලෙස මෙය සමන්විතය. ස්වභාවික කළුගල් පර්වතයක් විශ්මිත බුදුපිළිම තුනක් බවට පත් කිරීමට හෙළ කලාකරුවාගේ රන් දෑත කොතරම් සියුම් ලෙස හසුරැවා ඇත්ද යන්න දැන ගැනීමට අපට තවත් සාක්ෂි අවශ්‍ය නැත.ඵතරම් අපගේ හෙළ කලා දායාද නිර්මාණශීලීය.පොලොන්නරු යුගයේ ඉදිවූ තවත් කලා අංගයක් වන තිවංක පිළිම ගෙයද වැදගත් ස්ථානයක් ගන්නා කලා නිර්මාණයකි.බොකු වහලයකින් යුක්ත මෙය බුදු පිළිම තැන්පත් කිරීමට යොදාගෙන ඇත.මෙය අලංකාර කැටයම් මූර්ති රාශියකින් යුක්තය. සිව හා පාර්වතී ලෝකඩ පිළිමද පොලොන්නරු යුගයේ වැදගත් නිර්මාණ වේ. තවද නිශ්ශංකමල්ල රජුගේ දම්සභා මණ්ඩපය වන නිශ්ශංකලතාණ්ඩපයද,පොලොන්නරු යුගයේ වැදගත් ස්ථානයකි. මෙහි ඇති කුළුණු මත අඩක් පිපුණු නෙළුම් මල්,ලියවැල් ,හා පලාපෙති අලංකාර ලෙස කැටයම් කර ඇත.පොලොන්නරු යුගයේ තවත් නිර්මාණ ලෙස ශිව දේවාලය, ලංකාතිලක විහාරය හැදින්විය හැක. දඹදෙණි යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා කලාශිල්ප අනුරාධපුර පොලොන්නරු කලාශිල්ප වලට වඩා වෙනස් කමක් ගත්තේය. ඊට හේතුව රාජධානි නිතර නිතර මාරැවීම හා හින්දු ආගමික බලපෑමය.
http://img153.imageshack.us/img153/3632/polonn.jpg