PDA

View Full Version : ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

Anteros
08-03-2010, 10:27 PM
වැවේ ප්‍රභවය

කිසියම්‍ පහත් කඳු වැටියක කපොල්ලක් තුළින් ගංගා,ඇළ,දොළ,පිහිටා තිබු අතර ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ඒ කඳුවැටියෙහි නෙරුදෙක ඵකට සම්බන්ධ කරමින් පැරණි සිංහලයෝ වැව් නිර්මාණය කළහ.

වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දැක්වේ. වාරිමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරු සමඟ අනුරාධ ඇමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.

මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය
වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
අඹන් ගග සහ මහවැලි නදී පද්ධතිය

රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වූ වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වැදගත්ය.
කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ග‍බෝධ් රජු මහවැලි ගඟ මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවෙන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවැලි ගගේ ශාඛාවක් වූ කඵ ගග හරහා හත්තොට අමුණ බැඳීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුඹුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.

වැව් වර්ග

1.ගම් වැව්
2.මහ වැව්
3.කුළු වැව්

වැවක අංග

http://img825.imageshack.us/img825/4439/82390667.jpg

1.ඉහත්තාව

2.තාවුල්ල

3.පිට වාන

4.වැවු (ජල) තලය

5.බිසෝ කොටුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි.බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

1.වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්

11.ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්

111.ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.

සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යයි

6.ඇළ

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.

1.වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.

11.ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය

111.බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය

ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.

7.වෑ කන්ද (වැව් බැම්ම)

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.

8.සොරොව්ව / බිසෝ‍‍කොටුව
වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.

1.සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.

11.ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද

111.ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්

source-wikipedia

ඔබ දන්නවාද??? මම මේ කියන්න හදන දේ අහල පුදුම වෙයි ඔයාල :confused: සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවෙයි :rolleyes: එහෙනම් අහන්නකෝ. මේකත් වැව් ගැනම තමා....ඔය අපි කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා..ඉස්සර එහේ ශුෂ්ක කලාපයට තමා අයිති වෙලා තියෙන්නේ..ඒ කියන්නේ වහින කාල වගේම නියං සමයනුත් තියෙනවා.ඒ උනාට කෘශිකර්මාන්තයට කියාපු පසනේ..:D

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:

RLR
08-03-2010, 10:32 PM
නියමායි යාලුවා....මම හිමීට කියවන්නම්කෝ...:D:D:D
කියවලා ආපහු ප්‍රතිචාර දක්වන්නම්....:yes::yes::yes:

Anteros
08-03-2010, 10:36 PM
නියමායි යාලුවා....මම හිමීට කියවන්නම්කෝ...:D:D:D
කියවලා ආපහු ප්‍රතිචාර දක්වන්නම්....:yes::yes::yes:

ඕව් ආස අයටනම් ගොඩක් වැදගත්වෙයි සහෝදරයා.....ඔයාගේ අදහස් වටිනවා :D

Anteros
08-03-2010, 10:38 PM
බලන කවුරු උනත් කම්මෙන්ට් එකක් දාල යනවනම් ගොඩක් වටිනවා..එතකොට තමා ආයිත් මේ වගේ පෝස්ට් දාන්න හිතෙන්නේ....:D:D

KrAzY_iN_LuV
08-03-2010, 10:38 PM
හොද වටිනා තොරතුරු තියෙන ත්‍රෙඩ් එකක්!!
ගොඩක් ස්තූතියි මචං අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තට !!

rajitha_ks
08-03-2010, 10:40 PM
bookmarked :)

RLR
08-03-2010, 11:24 PM
ඉස්සර O/L පන්තියේ ඉගෙන ගත්ත දේවල් ආපහු මතක් උනා...
ඒ කාලේ ඉතිහාසය කරාට දැන්නම් ඉතිහාසය ගැන මෙලෝ දෙයක් මතක නැහැ...
රජවරු, ඓතිහාසික සිදුවීම් මේ දේවල් සේරම අමතක වෙලා දැන්....
මට මන් ගැනම ලැජ්ජයි...:no::no::no:

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:

මේකනම් පිස්සු හැදෙනවා....යාලුවා කොහෙන්ද මේ තොරතුර හොයාගත්තේ...?

ඔයා මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියලා තියෙනවා...
අගය කරන එක අපේ යුතුකම...

Good luck bro...Keep up the good work...!!! :yes::yes::yes:

Rusiru2008
08-03-2010, 11:32 PM
අති විශිෂ්ටයි....මේක පුලුවන් තරම් එලකිරි එකේ ඉන්නO/L කරන අය එක්ක බෙදාගන්න බලන්න.....
මමත් කොපියක් අරගෙන මගේ මල්ලි කෙනෙක්ට මේල් කරා.

බොහෝම ස්තූතියි මිත්‍රයා

Chooty malli
08-04-2010, 07:45 AM
මේ වගේ වැදගත් තොරතුරක් අපිත් එක්ක බෙදාගත්තට යාලුවට බොහොම ස්තුතියි.
ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල් කොච්චර පාඩම් කලාද.
ඒත් දැන් ඒ මතකේ නැත්තටම නැතුව ගිහින්.

You must spread some Reputation around before giving it to Anteros again.

Samantha567
08-04-2010, 07:54 AM
WOW.. Good Post bro

wasangaama
08-04-2010, 08:08 AM
Very Good Post.............................................. ...........

Tharaka1220
08-04-2010, 08:33 AM
ela

thilzz
08-04-2010, 08:35 AM
ස්තූතියි :)

sanddun
08-04-2010, 10:09 AM
වටිනා ලිපියක්
:D:D:D

HareendraS
08-04-2010, 10:16 AM
Gr8 post macho
thnx 4 sharing with us

rep+

Anteros
08-04-2010, 10:34 AM
ඉස්සර O/L පන්තියේ ඉගෙන ගත්ත දේවල් ආපහු මතක් උනා...
ඒ කාලේ ඉතිහාසය කරාට දැන්නම් ඉතිහාසය ගැන මෙලෝ දෙයක් මතක නැහැ...
රජවරු, ඓතිහාසික සිදුවීම් මේ දේවල් සේරම අමතක වෙලා දැන්....
මට මන් ගැනම ලැජ්ජයි...:no::no::no:

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:

මේකනම් පිස්සු හැදෙනවා....යාලුවා කොහෙන්ද මේ තොරතුර හොයාගත්තේ...?

ඔයා මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියලා තියෙනවා...
අගය කරන එක අපේ යුතුකම...

Good luck bro...Keep up the good work...!!! :yes::yes::yes:

මම ඔය පැරණි තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කරනවා විනෝදාංශයක් විදිහට.මට හමුවුනා ඔය survey එකේ හිටපු මිනින්දෝරුවෙක්. එයාලත් ව්‍යාපෘතියකට තමා survey එක කරල තියෙන්නේ. ඔය කියන අගය ඇවිත් තියෙන්නේ නූතන ගණිත ක්‍රම වලින් (අනුකලනය,අවකලනය වගේ) එයාලත් පුදුම උනාලු. ඔය වගේ තව ගොඩක් කරුණු තියෙනවා කිවුවා ඒත් වෙලාව තිබුනේ නෑ කතා කරන්න :( .

තවත් එකක් කියන්නම්කෝ.ඔය රුවන්වැලි සෑයෙ තියෙන හැඩය ගැන. සාමාන්‍යයෙන් ඔයවගේ විශාල ස්තූපයක් අර්ධ ගෝලාකාරව හැදුවොත් http://img191.imageshack.us/img191/3594/59479991.jpg සමීකරණයට අනූව, පෘශ්ඨය මත යෙදෙන shear stress(සිංහලෙන්නම් දන්නෑ) නිසා පෘශ්ඨය බිඳියාමකට ලක්වෙනවා.නමුත් රුවන් වැලි සෑයෙ එහෙම වෙලා නෑ.

තවත් දෙයක් ඔය හැඩය පරාවලයක් http://img843.imageshack.us/img843/6530/64115288.jpg (paraboloid) හෝ ඉලිප්සයක http://img132.imageshack.us/img132/3200/ellipse2.jpg (ellipsoid) සමීකරණ වල පිහිටන්නෙත් නෑලු. පිටරට ගණිත විද්‍යාඥයන් පවා තාම ඒකෙ සමීකරණය හොයාගෙන නෑ කියල තමා කියන්නේ.

අනික තමා ඔය රුවන් වැලි සෑය තමා ලංකාවෙ ස්ථාවරම තැන භූමිකම්පාවකදි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඒව ආවට ගියාට හදපු නිර්මාණ කියලා :yes: :yes:

Nalith
08-04-2010, 10:41 AM
nice post bro! rep+

Djram
08-04-2010, 10:43 AM
very good post bro
5+

( i'll read it later bro..bookmarked )

bohokal
08-04-2010, 11:19 AM
good post buddy

northtech
08-04-2010, 11:27 AM
Good Post !!!

BLACK HAT
08-04-2010, 11:37 AM
VERY GOOD POST...

*danushka*
08-04-2010, 11:45 AM
thanks a lot macho good post......

ColdBreath
08-05-2010, 12:48 PM
මම ඔය පැරණි තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කරනවා විනෝදාංශයක් විදිහට.මට හමුවුනා ඔය survey එකේ හිටපු මිනින්දෝරුවෙක්. එයාලත් ව්‍යාපෘතියකට තමා survey එක කරල තියෙන්නේ. ඔය කියන අගය ඇවිත් තියෙන්නේ නූතන ගණිත ක්‍රම වලින් (අනුකලනය,අවකලනය වගේ) එයාලත් පුදුම උනාලු. ඔය වගේ තව ගොඩක් කරුණු තියෙනවා කිවුවා ඒත් වෙලාව තිබුනේ නෑ කතා කරන්න :( .

තවත් එකක් කියන්නම්කෝ.ඔය රුවන්වැලි සෑයෙ තියෙන හැඩය ගැන. සාමාන්‍යයෙන් ඔයවගේ විශාල ස්තූපයක් අර්ධ ගෝලාකාරව හැදුවොත් http://img191.imageshack.us/img191/3594/59479991.jpg සමීකරණයට අනූව, පෘශ්ඨය මත යෙදෙන shear stress(සිංහලෙන්නම් දන්නෑ) නිසා පෘශ්ඨය බිඳියාමකට ලක්වෙනවා.නමුත් රුවන් වැලි සෑයෙ එහෙම වෙලා නෑ.

තවත් දෙයක් ඔය හැඩය පරාවලයක් http://img843.imageshack.us/img843/6530/64115288.jpg (paraboloid) හෝ ඉලිප්සයක http://img132.imageshack.us/img132/3200/ellipse2.jpg (ellipsoid) සමීකරණ වල පිහිටන්නෙත් නෑලු. පිටරට ගණිත විද්‍යාඥයන් පවා තාම ඒකෙ සමීකරණය හොයාගෙන නෑ කියල තමා කියන්නේ.

අනික තමා ඔය රුවන් වැලි සෑය තමා ලංකාවෙ ස්ථාවරම තැන භූමිකම්පාවකදි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඒව ආවට ගියාට හදපු නිර්මාණ කියලා :yes: :yes:

Every Buddha has a special sthoopa called 'Maha Sthoopa' and Ruwan Weli Seya is the Maha Stupa of Gauthama Buddha.

Neither King Dutugamunu nor the Ruwan Weli sthoopa are coincidences. All that happened was according to the words of lord buddha. I will submit a thread on this in the near future.

WwW.lk
08-05-2010, 12:52 PM
neiayam passe thama kiyawanna wenne kiyawala balala hoda da kiyannam thanx

laka007
08-05-2010, 01:09 PM
bookmarked :)
:yes::yes::yes:

suse
08-05-2010, 01:29 PM
ජාතියේ ශ්‍රේෂ්ඨත්වය වත්මන් පරපුරේ හදවතට දනවන මේ විස්තරය ඉතාම විශිෂ්ඨයි. භූ විෂමතාව පිළිබඳ කතාව දැනගෙන හිටියත් වැව් 457 කතාව දැන ගත්තෙ අදයි. ස්තූතියි ඔබට

RLR
08-05-2010, 03:09 PM
මම ඔය පැරණි තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කරනවා විනෝදාංශයක් විදිහට.මට හමුවුනා ඔය survey එකේ හිටපු මිනින්දෝරුවෙක්. එයාලත් ව්‍යාපෘතියකට තමා survey එක කරල තියෙන්නේ. ඔය කියන අගය ඇවිත් තියෙන්නේ නූතන ගණිත ක්‍රම වලින් (අනුකලනය,අවකලනය වගේ) එයාලත් පුදුම උනාලු. ඔය වගේ තව ගොඩක් කරුණු තියෙනවා කිවුවා ඒත් වෙලාව තිබුනේ නෑ කතා කරන්න :( .

තවත් එකක් කියන්නම්කෝ.ඔය රුවන්වැලි සෑයෙ තියෙන හැඩය ගැන. සාමාන්‍යයෙන් ඔයවගේ විශාල ස්තූපයක් අර්ධ ගෝලාකාරව හැදුවොත් http://img191.imageshack.us/img191/3594/59479991.jpg සමීකරණයට අනූව, පෘශ්ඨය මත යෙදෙන shear stress(සිංහලෙන්නම් දන්නෑ) නිසා පෘශ්ඨය බිඳියාමකට ලක්වෙනවා.නමුත් රුවන් වැලි සෑයෙ එහෙම වෙලා නෑ.

තවත් දෙයක් ඔය හැඩය පරාවලයක් http://img843.imageshack.us/img843/6530/64115288.jpg (paraboloid) හෝ ඉලිප්සයක http://img132.imageshack.us/img132/3200/ellipse2.jpg (ellipsoid) සමීකරණ වල පිහිටන්නෙත් නෑලු. පිටරට ගණිත විද්‍යාඥයන් පවා තාම ඒකෙ සමීකරණය හොයාගෙන නෑ කියල තමා කියන්නේ.

අනික තමා ඔය රුවන් වැලි සෑය තමා ලංකාවෙ ස්ථාවරම තැන භූමිකම්පාවකදි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඒව ආවට ගියාට හදපු නිර්මාණ කියලා :yes: :yes:

ඔව්...අපේ දාගැබ් නිර්මාණය අති විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයට හොඳම උදාහරණයක්...
මිසරයේ පිරමීඩ වලටත් නොදෙවෙනි නිර්මාණ ඒවා...
ගෝලාකාර, වක්‍ර හැඩ නියමාකාරයෙන් පවත්වාගැනීම, දාගැබක කොතෙහි චූඩා මාණික්‍යය හරියටම පාදමේ කේන්ද්‍රයේ පිහිටා තිබීම වගේ ඒවා පුදුමසහගතයි.

අතීතයේදී කරපු සියලුම නිර්මාණ වලට අනිවාර්යයෙන්ම පැහැදිලි ලෙස විද්‍යාත්මක වගේම ගණිතමය පසුබිමක් තියෙනවා...
මේවා පිලිබඳව පර්යේෂණ කරලා අපේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ ගෙනහැර පෑම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකම...

ඔයාගේ අධ්‍යන කටයුතු වලට මම සුබ පතනවා...!

prasadty
08-05-2010, 03:18 PM
ela ne machan mara widihata watinawa kollaa

cd_akhila
08-05-2010, 03:27 PM
වටිනා තොරතුරු ටිකක් දැනගත්තා, වැව් බැඳි රාජ්ජයේ කතාව කලින් අහල තිබුණෙ නෑ.
බොහොම ස්තුතියි.
rep+

king_pandukabaya
08-05-2010, 03:51 PM
niyamai :)

Anteros
08-05-2010, 08:34 PM
nice post bro! rep+

VERY GOOD POST...

thanks a lot macho good post......

Good Post !!!

good post buddy

:yes::yes::yes:

ela ne machan mara widihata watinawa kollaa

niyamai :)

බොහොම ස්තුති ඔයාල හැමෝටම :) :) :)

Chemal
08-05-2010, 08:43 PM
coool

Anteros
08-05-2010, 09:03 PM
neiayam passe thama kiyawanna wenne kiyawala balala hoda da kiyannam thanx

very good post bro
5+

( i'll read it later bro..bookmarked )

ඔයාලා දෙන්නගේම අදහස් බලාපොරොත්තු වෙනවා :yes::yes:

Anteros
08-05-2010, 09:23 PM
Every Buddha has a special sthoopa called 'Maha Sthoopa' and Ruwan Weli Seya is the Maha Stupa of Gauthama Buddha.

Neither King Dutugamunu nor the Ruwan Weli sthoopa are coincidences. All that happened was according to the words of lord buddha. I will submit a thread on this in the near future.

බොහොම ස්තුති සහෝදරයා අදහස් එක් කලාට :) :)

මමත් ඔය කතාව අහල තියෙනවා සහෝ මම සඳහන් කරන්න බැලුවේ ගණිතමය
පැත්තෙන් එහි තිබෙන සුවිශේෂි බව :yes:

තවත් දෙයක් සඳහන් වෙනවා රහතන් වහසේලා රුවන්වැලිසෑයේ පාදම(foundation)
ස්ථාවර වන තෙක් ගිල්වූ බව ... එම නිසා පස අධික තදවීමකට ලක්වෙලා තියෙනවා
(by doing this,compaction/Bearing capacity of soil was increased )
මේ නිසා තමා ලොකු භූමිකම්පාවකදි පවා ස්තූපය ස්ථාවරව පවතින්නේ....

Anteros
08-05-2010, 09:34 PM
ඔව්...අපේ දාගැබ් නිර්මාණය අති විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණයට හොඳම උදාහරණයක්...
මිසරයේ පිරමීඩ වලටත් නොදෙවෙනි නිර්මාණ ඒවා...
ගෝලාකාර, වක්‍ර හැඩ නියමාකාරයෙන් පවත්වාගැනීම, දාගැබක කොතෙහි චූඩා මාණික්‍යය හරියටම පාදමේ කේන්ද්‍රයේ පිහිටා තිබීම වගේ ඒවා පුදුමසහගතයි.

අතීතයේදී කරපු සියලුම නිර්මාණ වලට අනිවාර්යයෙන්ම පැහැදිලි ලෙස විද්‍යාත්මක වගේම ගණිතමය පසුබිමක් තියෙනවා...
මේවා පිලිබඳව පර්යේෂණ කරලා අපේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ ගෙනහැර පෑම සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම යුතුකම...

ඔයාගේ අධ්‍යන කටයුතු වලට මම සුබ පතනවා...!

ඒ විතරක්ම නෙමේ සහෝ ඒ කාලේ අපේ ආධ්‍යාත්මක දියුණුවත් මනාව පිළිඹිඹු කරනවා
එවැනි නිර්මාණ තුලින්.

ග්ලැඩියේටර් සටන් කරන මණ්ඩපය ගැන සිතන්න ඒකත් අපූරු නිර්මාණයක් උනාට එහි
සිදුවන්නේ මිනිස්සු සත්තු වගේ අමු අමුවේ මරා දැමීම..:no:
ඒ කියන්නේ ඒකෙ ආධ්‍යාත්මක පැත්ත අන්තිමයි :yes::yes:

Teena@
08-05-2010, 09:39 PM
godak watina post ekak aiya..:D
Thanks..

lgask
08-05-2010, 09:49 PM
අපේ දේවල් ගැන හිතල මේ වගෙ දෙවල් අනිත් අයට කියල දෙන එකත් හරිම හොදයි සහොදරය........

Anteros
08-05-2010, 10:06 PM
අපේ දේවල් ගැන හිතල මේ වගෙ දෙවල් අනිත් අයට කියල දෙන එකත් හරිම හොදයි සහොදරය........

ගොඩක් ස්තූති සහෝදරයා ඔයාගේ අදහස් දැක්වීමට

LifetogO
08-08-2010, 07:55 PM
Elaz.....

Ashawari
08-08-2010, 08:02 PM
Its gud to post this kind of valuable things

LifetogO
08-08-2010, 08:03 PM
Its gud to post this kind of valuable things

:yes: :yes:

Anteros
08-08-2010, 08:42 PM
වටිනා පෝස්ට් ටිකක් මැදිනුත් දාල තියෙනවා ඒවත් කියවන්න :)

dilrasan
11-11-2010, 03:21 PM
nice post:D

diland3
01-24-2011, 06:01 PM
ආඩම්බර අතීතයක් තිබ්බ නිසා අපිටත් ආඩම්බර විදිහට ඒවා කතා කරන්න පුළුවන් වෙලා තියනවා.ඉතින් ඒ ආඩම්බර කම හැමදාටම තියා ගන්න අනාගතය වෙනුවෙන් ඒවා රැක ගැනීම තමයි හැමෝගෙම යුතුකම විය යුත්තේ .

බොහොම පින් හැමෝටම කියල දුන්නට මේ දේවල්

kaido
01-31-2011, 04:02 AM
ela ela..

goest
02-02-2011, 10:38 AM
මේක බලල මට හොදටම තරහ ගියා.
ඒක හින්දම මේවගෙ වැඩ ආයෙ නොකරන්න
උඹට රෙපක් දෙනව.:growl:
:lol::lol::lol:

great ace
02-02-2011, 11:41 AM
woooowww,,,maxxxaaaaaa,,,elaaaa,,,,,,,,,,,,,,,,,,, ,rep+

jontyc
02-02-2011, 12:36 PM
thankzz machan

minipura
02-02-2011, 12:53 PM
thnx bro...rep+

astroboy
02-10-2011, 01:28 PM
සුපිරි ලිපියක්. හුඟක් වැදගත් කරුණු තියෙනව. මගෙන් සුබ පැතුම් . දිගටම මේ වගේ ලංකාවෙ තිබුණු තාක්ශනය ගැන ලියන්න

rolecoaster
02-10-2011, 01:30 PM
good post

Kumara456
02-10-2011, 01:59 PM
maru.. +reppd

mgmunasinghe
02-10-2011, 03:18 PM
නියම පොස්ට් එකක් මචං

sudasingha
02-11-2011, 08:04 AM
ලOකාවේ අතීතයේ තිබුන තාක්ෂණය ලෝකයම මවිත කල එකක්. අපේම තිබුන දුර්වලකම් නිසා එවා අපෙන් සදහටම දුරස්වෙල ගියා. උදාහරණයක් තමයි ගුරුමුෂ්ටිය. ඒකාලෙ හිටපු හුඟක් ගුරුවරු ගෝලයන්ට දැනුම දුන්නෙ කොටසක් හන්ගගෙන (ඒවටත් හේතු තිබුනා). ඒකෙන් උනේ තිබුන දැනුම ටිකෙන් ටික අඩුවෙලා නැත්තටම නැතිවෙලා ගිය එක. අද උනත් පැරණි පුද්ගලයන් අතර ඉතිරිවුනු දැනුමක් නැතිවාම නෙවේ. ඒත් එම දැනුම එකතු කරල ප්‍රයොජනයට ගන්න කිසිම කෙනෙකුට උව්මනාවක් නැහැ. තව ටික දවසකින් අපිට ලිඳක් කපා ගන්න අවශ්ය තාක්ෂණයත් පිටින් ගෙන්නන වෙනව. කාලයක් ගියහම අපෙ අනාගත දරුවො කියයි වැව් බැන්දෙ පිටසක්වල ජීවීන්ගෙ උදව්වෙන් කියල. (හරියට අර පිරමිඩ ගැන කියනව වගෙ.):angry:

sajithdilhan
02-18-2011, 07:43 PM
ela ela

laknath123
05-07-2011, 07:11 AM
wow...niyamai kollo...............:D

ajabenda
05-07-2011, 08:50 AM
Thanks for the information.......................

Java00
05-07-2011, 09:07 AM
වටින නූලක් මචන්. දිගටම ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව. ස්තුතියි කිවුව

croshanlg
05-07-2011, 09:08 AM
බොහොම ස්තූතියි...

++++

chanaka chana
05-14-2011, 11:41 PM
O/L mathak una ban..:(