PDA

View Full Version : යන එන මග කියාදෙන සැටලයිට් නැවිගේෂන් සිස්ට


kaac11
09-21-2010, 08:24 AM
තාක්ෂනය කියන්නේ කාලෙන් කාලෙට නෙවී මිනිත්තුවෙන් මිනිත්තුවට වෙනස් වෙන දෙයක්. උදාහරණයක් විදියට මොබයිල් ෆෝන් ගැන සළකලා බැලුවොත් පසුගිය අවුරුදු කීපයේදී මොන තරම් නම් දියුණු වුනාද? කැමරා ෆෝන්, ඉන්ටර්නෙට් බලන්න පුලුවන් ෆෝන්, වීඩියෝ රෙකෝඩින් කරන්න පුලුවන් ඒවා, එෆ්.එම්. රේඩියෝ අහන්න පුලුවන් ඒවා, ඒ විතරක් නෙවෙයි ටී.වී බලන්න පුලුවන් ඒවා ඔන්න ඔය විදියට එක එක ඔප්ෂන් තියෙන මොබයිල් ෆෝන් වෙළදපොලට ආව. ආව විතරක් නෙවී වැඩි ගාණකට ගත්ත පරණ ෆෝන් එක අඩුගානකට විකුනල ඊට වඩා අලුත් ඔප්ෂන් තියෙන එකක් ගන්න තමයි බොහෝ දෙනෙක් උනන්දු වුනෙත්. ඉතින් මේ දවස් වල ලංකාවේ සීග්‍රයෙන් තවත් එකක් තාක්ෂණික උන්මාදයක් පැතිරීගෙන් යනවා. ඇත්තෙන්ම මේ කියන්න යන දේ අලුතින්ම හදුන්වලා දුන්න දෙයක් නොවුනත් ලංකාවට නම් මේ දේ ටිකක් විතර අලුත්. සැටලයිට් නැවිගේෂන් සිස්ටම් ගැන තමයි අද මම කථා කරන්න යන්නේ. ජී.පී.එස් තාක්ෂණයේම තවත් එක් ප්‍රභේදයක් තමයි මේ සැටලයිට් නැවිගේෂන් සිස්ටම් එකක් කියලා හදුන්වන්නේත්. නමුත් මේ උපකරණ බොහෝ විට ඉලක්ක කරලා තියෙන්නේ වාහන හිමියන්ව තමයි.

http://2.bp.blogspot.com/_RH-Uv-f34Yg/TJZVD7cqWVI/AAAAAAAAANc/KR8LNTvvYAs/s400/satnav.jpg

මේ වගේ සැටලයිට් නැවිගේටර් එකක් වාහනේ ඩෑෂ් බෝඩ් එකේ සවි කරගත්ත නම් ඉතින් කවදාවත්ම පාර නම් වරදින්නේ නෑ. අපි ඉන්න තැන හැම වෙලේම බලාගන්න පුලුවන් වෙනවා වගේම අපිට යන්න ඕනි තැන එහෙමත් නැත්නම් ගමනාන්තය සදහන් කලාම ඉන්න තැන ඉදලා ගමනාන්තය දක්වාම ඊතලයකින් පාර පෙන්නන එකත් මේ උපකරණයට සිම්පල් වැඩක්.ඒ වගේම තමයි මේ වගේ උපකරණයකට ඇතුලත් කරලා තියෙන ක්‍රමලේකන වැඩසටහන අනුව මංසන්දි, වංගු සගිත ස්ථාන වැනි මාර්ග වල විවිධ වෙනස්කම් සම්බන්ධයෙන්, අදාල ස්ථානයට ලගා වෙන්න පෙරම ඕඩියෝ මැසේජ් එකක් විදියට දැනුම් දීමේ ක්‍රමවේදයනුත් අන්තර්ගතවෙලා තියෙනවා. ඒ වගේම වාහානය ගමන් කරන වේගය ඉතා නිවැරදිව ලබාදෙනවා සේම අදාල ගමනාන්තයට ලගාවිය හැකි වෙලාවත් දළ වශයෙන් නිශ්චය කරලා ලබා දෙනවා. Blue Tooth, FM Radio වැනි අමතර සේවාවනුත් බොහෝවිට මේවායේ අන්තර්ගතයි.ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ මෙවැනි සේවාවන් නොමිලේ ලබා ගත හැකි බව සදහන් කරතත් ජී.පී.එස් ගැන මම මීට කලින් සාකච්චා කරලා තියෙන නිසා ඒ සම්බන්ධයෙන් නැවතත් පැහැදිලි කරන්න යන්නේ නැහැ.

http://4.bp.blogspot.com/_RH-Uv-f34Yg/TJZYVgshyDI/AAAAAAAAAN0/X19OgXs0Zuo/s320/prosat.JPG

සැටලයිට් නැවිගේෂන් සිස්ටම් එකක දර්ශන තිරය බොහෝ විට ජී.පී.එස් එකකට වඩා විශාලත්වයෙන් වැඩියි. ඒ වගේම බොහෝ වෙලාවට මල්ටිමීඩියා ප්ලෙයර් එකක් ලෙසත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ මැප් එක බලන ගමන්ම ඕනි නම් එම්.පී.ත්‍රී එකක් රසවිදන්නත් පුලුවන්. ඒ වගේම වීඩියෝ ප්ලේයර් එකක් විදියටත් භාවිත කිරීමේ හැකියාවත් තියෙනවා. ඒ වගෙම මිනි එස්.ඩී කාඩ් සවි කිරීමේ හැකියාවත් තියෙනවා. නමුත් සැටලයිට් නැවිගේටර් එකක් ගැනීමේ මූලික පරමාර්ථය ඉතින් පාර හොයා ගන්න එකනේ. ලංකාවේ මැප් ගැන කථා කරනවා නම්, ඒවා යාවත්කාලීන වෙලා නැහැ කියන දේ නම් අනිවාර්යෙන්ම කිව යුතු කරුණක්. හුගක් වෙලාවට පාවිච්චි කරන සිතියම් සෑහෙන පරණ ඒව හින්දා නැවිගේටර් එකෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගැනීමේ පුලුවන් කමක් තිබුනේ නැහැ. නමුත් මීට මාස දෙක තුනකට පෙර එක්තරා පෞද්ගලික ආයතනයක් හදුන්වලා දුන්න සැටලයිට් නැවිගේෂන් සිස්ටම් එකත් එක්කම මේ ක්ෂෙත්‍රයේත් විශාල වෙනසක් ඇතිවුනා කිවුවොතින් නිවැරදියි. මීට කලින් එක්තරා ජංගම දුරකථන සමාගමකුත් ඉතා ඉහළ මිළ ගනන් යටතේ මේ තාක්ෂණික උපකරණය හදුන්වා දුන්නත් රු. 35,000, 45,000 සහ 49,000 වශයෙන් මිළ ගණන් 03ක් යටතේ මෑතකදී හදුන්වලා දුන්න උපකරණය නම් සාමාන්‍ය පුද්ගලයෙකුට වුවත් දැරිය හැකි මිළක පවතිනවා යන්න බොහෝමයකගේ අදහසයි. ඒ වගේම මෙහි ලංකාවේ යාවත්කාලීන කරපු සිතියම් වගේම එදිනෙදා අත්‍යවශ්‍ය වන ස්ථාන ලක්ෂයක ප්‍රමාණයක් අඩංගු වෙලා තිබෙන බවත් සදහන්.

http://3.bp.blogspot.com/_RH-Uv-f34Yg/TJZXdkYE9-I/AAAAAAAAANs/jYOGD9k9m-s/s320/roadnav.jpg

කොයි දේත් අඩු මිළ ගණන් වලට ලබා දෙන චීනයේ නම් මෙවැනි සැටලයිට් නැවිගේෂන් සිස්ටම් එකක මිළ ගනන් ඉතාමත්ම අඩුයි. ඒ කියන්නේ තීරුබදු රහිතව රු. 7,500 ක් වගේ තමයි. එවැනි උපකරණයක ලංකාවේ යාවත්කාලීන කරපු සිතියම්වත්, වැදගත් ස්ථාන ලක්ෂයවත් අඩංගු වෙන්නේ නැහැ. නමුත්අපට අවශ්‍ය ස්ථාන සලකුණු කර ගැනීමේ පහසුකම තියෙන නිසා උනන්දුව තියෙනවා නම් වැදගත් වන ස්ථාන සලකුණු කර ගැනීමත් කළ නොහැකි කාර්යයක් ලෙසට නම් මා දකින්නේ නැහැ.

GPS වැඩ කරන්නේ කොහොමද ? (http://www.elakiri.com/forum/showthread.php?t=794726)

Comment එකක් එහෙම් දාලා යන්න අමතක කරන්න එපා
+ REP සතුටින් බාර ගන්නවා

electroniclab
09-25-2010, 10:04 PM
යාලුවා, වෙන කෙනෙක්ගේ ලිපියක් තමන්ගේ වගේ ඵල කරාට කමක් නෑ. ඒත් ගත්තේ කොහෙන්ද කියලත් දැම්ම නම් හොදයි නේද?

http://slelectronic.blogspot.com/2010/09/blog-post_20.html

thicps
09-25-2010, 10:09 PM
යාලුවා, වෙන කෙනෙක්ගේ ලිපියක් තමන්ගේ වගේ ඵල කරාට කමක් නෑ. ඒත් ගත්තේ කොහෙන්ද කියලත් දැම්ම නම් හොදයි නේද?

http://slelectronic.blogspot.com/2010/09/blog-post_20.html

:sorry::sorry::sorry::sorry::no::no::no::shocked:: shocked::shocked:

wasangaama
09-25-2010, 11:34 PM
Navigation system 1 lankawe nam echchata cure ne... Mama dawasak muhuda aine yaluwek ge gedata indan mage phone1n GPS walin map 1 baluwa. baladdi api indabu thana map 1e thiyenne muhude...

electroniclab
09-28-2010, 10:50 AM
ෆෝන් වල තියෙන්නේ කියන a-gps (Assisted GPS) සිස්ටම් එක. Accuracy එක අඩුයි. නමුත් නෝමල් එකකින් ඔයාට +-5Meter Accuracy එකක් ලබාගන්න පුලුවන්.

flag au:
09-28-2010, 10:54 AM
oya vehical wala tiyana GPS aka Accuracy adui...hand GPs nam goak Accuracy wadi......dan hand Gps use karana dawa da........danawa nam use karapu akak u$35-45

kingdewi
09-28-2010, 11:10 AM
Nice one~

rajapitiya
09-28-2010, 11:14 AM
ෆෝන් වල තියෙන්නේ කියන a-gps (Assisted GPS) සිස්ටම් එක. Accuracy එක අඩුයි. නමුත් නෝමල් එකකින් ඔයාට +-5Meter Accuracy එකක් ලබාගන්න පුලුවන්.


machn maage Vaahene thiyenne DVD navigation system ekak.. eeke japan map DVD eka thiyanava.. lankaave Map eka thiyana dvd ekak hoya gena mehe use karanna puluvan veida machn.. plz help me machn..

electroniclab
10-12-2010, 01:41 PM
machn maage Vaahene thiyenne DVD navigation system ekak.. eeke japan map DVD eka thiyanava.. lankaave Map eka thiyana dvd ekak hoya gena mehe use karanna puluvan veida machn.. plz help me machn..

Model eka mokada?

Nivinda
10-12-2010, 01:46 PM
wow thanks machan

flag au:
10-12-2010, 04:28 PM
hand gps(phone nawai) lankawa weda ganna pluwan da ? eby tiyanawa 2nd hand ewa aduwata

king_pandukabaya
10-12-2010, 06:40 PM
ල0කාවේ තහනම් නැද්ද මචන් ?

flag au:
10-12-2010, 06:53 PM
ල0කාවේ තහනම් නැද්ද මචන් ?


hand gps use karana pluwan nedda dan lankawa...car gps walata wada hand gps tamai valu

markchrishantha
10-12-2010, 07:37 PM
thnkz machan

s.m tharindu
11-09-2010, 05:01 PM
හොඳ පොස්ට් එකක් වගේ මම කොපි කරා පස්සේ බලන්න.

deshanshashi
11-17-2010, 07:48 AM
යාලුවා, වෙන කෙනෙක්ගේ ලිපියක් තමන්ගේ වගේ ඵල කරාට කමක් නෑ. ඒත් ගත්තේ කොහෙන්ද කියලත් දැම්ම නම් හොදයි නේද?

http://slelectronic.blogspot.com/2010/09/blog-post_20.html


මචො වැඩෙ චාටර් වගෙ නෙද:P:P:P:P:P:P:P

bolt
11-17-2010, 07:50 AM
Good one

anuradha2009
11-17-2010, 08:50 AM
shaaa niyamaiiii ne

hirushan
11-17-2010, 08:01 PM
Sala Pro Sat use karanna Rs 42,000/- patta.....

6zEagllvv3M

Sala Pro Site (http://www.salagis.com/)