PDA

View Full Version : ~~ ලෝ ප්‍රකට විද්වතුන් ~~


sanddun
09-23-2010, 09:48 AM
සිග්මන්ඩ් ප්‍රොයිඩ්


http://upload.wikimedia.org/wikipedia/si/e/e8/Fgjgjgjgjgj.JPG



සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් උසුලයි. තවද ලිංගිකත්වය සඳහා ආශාවන් මිනිසාගේ ප්‍රාථමික අභිප්‍රේරණ ශක්තියක් ලෙස ද ප්‍රකාශ කොට ඇත. තවද මොහු රෝග ප්‍රතිකර්ම සම්බන්ධතාවයක් තුළ ඇතිවිය හැකි සංක්‍රමණය පිළිබඳ ද, සිහිනයන් අචේතනික මනස තුළ ඇති ආශාවන් පිළිබඳ තොරතුරු පෙන්වන දර්ශනයක් ලෙස ද සෛද්ධාන්ත බිහි කරන ලදී.

ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේ පියා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර තවද ඔහුගේ කාර්යයන් නිසා අචේතනික මනස , ඉඩිපස් සංකීර්ණය , ආරක්ෂණ යාන්ත්‍රණ , ප්‍රොයිඩිය Slips, ඔහු විසින් සාහිත්‍යය, සිනමාකරණය, මාක්ස්වාදය සහ ස්ත්‍රිත්වය පිළිබඳ න්‍යායන් සහ මනෝ විද්‍යාව යන විවිධ ක්ෂේත්‍රයන් හි දිගු කල් පවත්නා බලපෑම් ඇති කොට ඇත. ඔහුගේ ජීවිත කාලය තුළ බොහෝ ලෙස විවේචනාත්මක චරිතයක් වූ ප්‍රොයිඩ් තවදුරටත් විවාදාත්මක චරිතයක් වෙමින් ඔහුගේ මතයන් මතභේදයන්ට තුඩු දෙමින් පවතී.

sanddun
09-28-2010, 10:18 AM
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/Einstein1921_by_F_Schmutzer_4.jpg/479px-Einstein1921_by_F_Schmutzer_4.jpg






ඇල්බට්‍ අයින්ස්ටයින්




ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතාවාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට (සාපේක්ෂවාදී තාරකා විද්‍යාව , විශ්ව න්‍යාය විද්‍යාව) කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍ෙව් ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍ෙව් ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඇල්බට්‍අයින්ස්ටයින් පල කළ ප්‍රකාශන අතරට විද්‍යාත්මක පත්‍රිකා /නිබන්ධන පනහකට වැඩි ප්‍රමාණයක් ද විද්‍යාත්මක නොවන පොත්පත් අයත් වේ. භෞතික විද්‍යාව සම්බන්ෂධ පිරිස් අයින්ස්ටයින් පුජක තත්වයේ ලා සලකන අතර 1999 දී “ටයිම්‍” සගරාව මගින් ඔහු “ශතවර්ෂයේ මිනිසා” වශයෙන් නම්‍කරන ලදී. ඔහුගේ නම ගැලීලියේ ගැලීලි, අයිසැක් නිවුටන්, චාල්ස් ඩාවින්ස් වැනි විද්‍යාඥයන්ගේ නම් අතර ඔවුන් ද පවා අභිබවා යන තරම් විශිෂ්ඨ විද්‍යාඥයෙක් ලෝක ඉතිහාසයේ සුප්‍රසිද්ධම විද්‍යාඥයා වන්නේ ද ඇල්බර්ට් අයින්ස්ටයින්මය. වර්තමාන සංස්කෘතිය තුල “අයින්ස්ටයින්” යන්න විශිෂ්ට බුද්ධිමතා යන වචනයට සමාන පදයක් වශයෙන්ද භාවිතා වේ.

sanddun
09-28-2010, 10:23 AM
http://upload.wikimedia.org/wikipedia/si/1/14/Chamith01.JPG





ආකිමීඩිස්




ග්‍රීක ජාතිකයෙකු වූ සිරකියුස්හි ආකිමීඩිස් ගණිතඥයෙකු, භෞතික විද්‍යාඥයෙකු ඉංජිනේරුවකු, නව නිපැයුම්කරුවෙකු සහ තාරකා විද්‍යාඥයෙකු විය. ඔහුගේ ජීවිතය පිළිබඳ දැනට සොයාගෙන ඇති තොරතුරු ප්‍රමාණය ඉතා කුඩා වේ. නමුත් ආදී කාලීන විද්‍යාඥයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ආකිමීඩිස්ට හිමි වන බව සැලකේ. ද්‍රවස්ථිති විද්‍යාව සඳහා පදනම සැපයීමත් ලීවරයේ මූලධර්ම පැහැදිලි කිරීමත් ආකිමිඩීස් භෞතික විද්‍යාවේ දියුණුවට කටයුතු කළ බව පෙනේ. ඔහුගේ නිර්මාණ අතරට බලකොටු ආදියට පහර දී අල්ලා ගැනීමට නිර්මාණය කළ යන්ත්‍ර මෙන්ම ඔහුගේ නමින් ම හැඳින්වෙන ඉස්කුරුප්පු පොම්පය ද අයත් වේ. මේ අතර ආකිමිඩීස් විසින් ප්‍රහාරක නැව් ජලයෙන් ඉහලට එසවිය හැකි යන්ත්‍ර නිර්මාණය කළ බවට සහ දර්පණ සමූහයක් ආධාරයෙන් නැව් ගිනිබත් කළ බවට ඇති විශ්වාසයන් පරීක්ෂා කිරීමට නූතන පර්යේෂණ සිදු කර ඇත. මේ දක්වා ලොව පහල වූ ශ්‍රේෂ්ටතම ගණිතඥයෙකු ලෙස ආකිමිඩීස් සැලකේ. ඔහු නිරවශේෂණ ක්‍රමය ඇසුරින් අපරිමිත ශ්‍රේණියක ඓක්‍ය භාවිතයෙන් පරාවලයක මාපය තුළ අඩංගු ක්ෂේත්‍රඵලය ගණනය කළ අතර () පයි හි අගය සඳහා පුදුම සහගත තරම් නිවැරදි අගයයක් ඉදිරිපත් කළේය. තවද ඔහු වර්තමානයේ ඔහුගේ නමින්ම හැඳින්වෙන සර්පිලය අර්ථ දැක්වූ අතර පරිභ්‍රමණය වන පෘෂ්ටයන්හි සූක්ෂම ක්‍රමයක් නිර්මාණ කිරීමත් සිදු කලේය. සිරකියුස් ප්‍රදේශයට පහරදී අල්ලා ගැනීමේ දී රෝමානු සොල්දාදුවෙකු අතින් ආකමීඩිස් මරණයට පත්විය. එසේ නමුත් එම සොල්දාදුවාට ආකිමීඩිස්හට පීඩා නොකරන ලෙස නියෝග ලැබී තිබූ බව කියැවේ.



සිසෙරෝ ආකිමිඩීස්ගේ සොහොන බැලීමට යාම ගැන විස්තර කර තිබෙන අතර ආකිමිඩීස්ගේ සොහොන මත සිලින්ඩරයක් තුළ කොටන ලද ගෝලයක් සහිත ස්මාරකයක් වූ බව එහු සඳහන් කර තිබේ. එවැනි සිලින්ඩර ගෝල යුගලක් සඳහා ගෝලයේ පරිමාව සහ ක්ෂේත්‍රඵලය (පාද සහිතව සැලකූ විට) සිලින්ඩරයේ එම අගයන් ගෙන් 2/3 කට සම වන බව ආකිමිඩීස් සාධනය කළ අතර ගණිතමය වශයෙන් තමා ලබා ගත් ශ්‍රේෂ්ටතම ප්‍රතිඵලය මෙය ලෙස ඔහු සැලකීය. අතීතයේ දී, ඔහුගේ සොයා ගැනීම් මෙන් නොව, ඔහු පල කළ ලිපි එතරම් ප්‍රසිද්ධියට පත් නොවීය. ඇලෙක්සැන්ඩ්‍රියානු ගණිතඥයින් ඒවා කියවා ඇති අතර ඒවායෙන් උපුට‍ා ගැනීම් ද සිදු කර ඇත. නමුත් මුල්වරට සතුටුදායක මට්ටමේ ආකිමිඩීස් ලිපි එකතුවක් පල කර ඇත්තේ ක්‍රි.ව. 530 දී මිලේටස්හි ඉසිඩෝ විසිනි. ආකිමිඩීස්ගේ ලිපි වඩාත් වැඩි පාඨක පිරිසක් අතරට ගෙන යාම සඳහා ආධාර වූයේ ක්‍රි.ව. 6 වැනි සියවසේ දී යුටෝසියස් විසින් ආකිමිඩීස් ලිපි පිළිබඳ ලියූ විග්‍රහය වේ. මධ්‍යතන යුගය අවසාන වන විට ආරක්ෂා වී තිබූ ආකිමිඩීස්ගේ ලිපි කිහිපයක පිටපත් විද්‍යාත්මක පුනරුද සමයේ විද්‍යාඥයන්ට බලපෑම් ඇති කළ සේම ඔවුන්ට අදහස් සඳහා මූලයක් ලෙස ද ක්‍රියා කලේය. 1906 වර්ෂයේ දී ඒ වන තෙක්‍ ලොවට හෙලි වී නොතිබූ ආකිමිඩීස් පත්‍රිකා (මෙහිදී ආකිමිඩීස්ගේ ලියවිලි මකා නැවත යොදා ගෙන ඇත.) සොයා ගැනීමත් සමඟ හෙලි වූ අතර ඒ ඔස්සේ ආකිමිඩීස් නිගමනයන්ට එළැඹුණු ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගැනීමේ ආවස්ථාවක් පහල විය.

Djtharindur
09-28-2010, 10:31 AM
Mekath godak wadagath mn Bookmark ekak dagaththa macho:)

the_myth
09-28-2010, 10:33 AM
Brilliant thread.It is better if you can continue this.
Rep+ added.

sanddun
09-28-2010, 10:44 AM
Mekath godak wadagath mn Bookmark ekak dagaththa macho:)

thanx machan :)

Brilliant thread.It is better if you can continue this.
Rep+ added.

hope to continue more
thanx :yes:

shiyan_786
09-28-2010, 10:49 AM
ගොඩාක් වටින පෝස්ට් එකක්..........:)
Thnx for Sharing....:)

sanddun
09-28-2010, 01:27 PM
ගොඩාක් වටින පෝස්ට් එකක්..........:)
Thnx for Sharing....:)

thanxxx
:):):)

gudaya
09-28-2010, 01:36 PM
grea8 post

mdrc111
09-28-2010, 01:40 PM
nice post rep add

sanddun
09-28-2010, 08:29 PM
grea8 post

nice post rep add

thanxx Brothers
:)

sanddun
09-28-2010, 10:34 PM
http://i599.photobucket.com/albums/tt80/sanddun/Louis_Pasteur.jpg






ලුවී පාස්චර්



* උපත - දෙසැම්බර් 27, 1822 ප්‍රංශයේ ඩෝල් නුවර (Dole)

* මිය ගිය වර්ෂය - සැප්තැම්බර් 28, 1895 (වයස 72) 92 ප්‍රංශයේ මාර්නෙස් ලා ‍කොකෙට් නම් ස්ථානය



ලුවී පාස්චර් ප්‍රංශ රසායන විද්‍යාඥයෙක් හා අනුජීව විද්‍යාඥයෙකි. ඔහු වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නොයෙකුත් රෝග වළක්වා ගැනීමට ඔහු කළ සොය‍ාගැනීම් නිසාවෙනි. ඔහුගේ පර්යේෂණවලින් රෝග වැළඳීමට මුල්වන විෂබීජ පිළිබඳ නියමය තහවුරු වූවා පමණක් නොව , උපන්ගෙය සන්නිය හෙවත් පශ්චාත් ප්‍රසව උණ මගින් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීමට ද මහඟු දායකත්වයක් ලබා දුණි. ඔහු ප්‍රථමවරට ජල භීතිකාවට එරෙහිව එන්නත් සොයාගත් පුද්ගලයා ද විය. ඔහු තවත් ප්‍රසිද්ධ වීමට කරුණක් වූයේ ඔහු කිරි හා වයින් වලින් රෝගී වීම වැළැක්වීමට ක්‍රමවේදයක් සොයාගැනීමයි. එය පාස්චරීකරණය නම් වේ. ෆර්ඩිනන්ඩ් කෝන් (Ferdinand Cohn) හා රොබට් කොච් (Robert Koch) ගෙන් පසු අනුජීව විද්‍යාවේ පුරෝගාමියෙකු ලෙස ද ලුවී පාස්චර් හැඳින්වේ. ඔහු රසායන විද්‍යා අංශයෙන් ද, නව සොයා ගැනීම් බොහොමයක් සිදු කළේය. ස්ඵටිකවල අසමමිතික බව සොයා ගැනීම ඉන් එකකි. ඔහු මිය ගිය පසු, ප්‍රංශයේ ගෞරව බුහුමන් මැද “ඉන්ස්ටිටට් පාස්චර්” නම් ස්ථානයේ වළ දැමූ අතර, එය කොතරම් ‍ෙගෟරවයක් ද යත් ප්‍රංශයේ “වීරෝධාර මිනිසුන්” නමින් හැඳින්වෙන පුද්ගලයන් පවා එහි වළදමා නොමැත. එනම්, එම ස්ථානය අතිශයින් ගෞරවයට පාත්‍ර වූවකි.

TakurZ
09-28-2010, 10:38 PM
එල එල +

sanddun
09-28-2010, 10:40 PM
එල එල +

thanx machan
rep denna bahalu :(

wikum001
09-28-2010, 10:42 PM
Watina post 1k

sanddun
09-29-2010, 09:11 AM
Watina post 1k

thanx machan :):)

sanddun
09-29-2010, 10:25 AM
http://i599.photobucket.com/albums/tt80/sanddun/Victor_Hugo.jpg






වික්ටර් හියුගෝ






19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස මෙන්ම, රොමාන්තික නවකතා ආරේ ප්‍රමුබයකු ලෙස සලකනු ලබන වික්ටර් මාරි හියුගෝ (1802–85) අප අතර ප්‍රසිද්ධියක් උසුලන්නේ විශේෂයෙන්ම මනුතාපය සහ නෝත්‍රදාමයේ කුදා යන නවකතා නිසාය. "වික්ටර් හියුගෝ යනු, තමා වික්ටර් හියුගෝ යැයි විස්වාස කළ පිස්සු මිනිසෙක්" යැයි ජන් කොක්ටෝ නමැති ප්‍රංශ කවියා පළ කර ඇත. මෙම කියුම, සාහිත්‍යයෙහි මෙන්ම, ලිංගිකත්වයෙහිද දැවැන්තයෙකු වූ හියුගෝගේ අසීමිත ජවය සහ විසංවාදී පැවතුම් හකුළුවා දක්වන්නකි.

යෝධ කාය ශක්තියකින් සහ මනා සෞබ්‍යයකින් යුතුවූ වික්ටර් හියුගෝ, දිනකට නිදා ගත්තේ පැය හතරකටත් වඩා අඩු වේලාවකි. දවස ඇතුළත වරින් වර කාන්තාවන් කිහිප දෙනෙකු සමග සබඳකම් පවත්වා, රාත්‍රියෙහි අනියම් බිරියක වෙත කිට්ටු කිරීම ඔහුට එතරම් කාරියක් වූයේ නැත. කෑමටද රුසියෙක් වූ ඔහු, කෝසස් කීපයකින් සමන්විත ආහාර වේලක් ගැනීමෙන් පසුව, දොඩම් ගෙඩි හයක් ලෙල්ලත් සමගම කා දැමූ බව වාර්තා වී තිබේ.

හියුගෝ, අවුරුදු විස්සේදී ඇඩලා ෆුෂර් නමැත්තිය සමග විවාහ වූයේය. ඇය, ඔහුගේ සොහොයුරා වූ ඉයුජීන් පෙම් බැඳ සිටි තරුණියයි. කෙසේ වුවත් ඉයුජීන් තුළ වූ බලාපොරොත්තු ගැන කිසිත් ඇඩලා දැන සිටියේනැත. විවාහය සිදු වූ දිනයෙහි ඉයුජීන් උමතු වුයේය. උත්සව ශාලාවේ සිට කෙලින්ම පිස්සන් කොටුවට ගෙන යනු ලැබූ ඔහුට ජීවිතාන්තය දක්වාම එහි රැඳීමට සිදු විය.

තුන් වැනි නැපෝලියන් රජු කෙරෙහි අප්‍රසාදය පළ කිරීම නිසා 1851 වසරෙහි පැරිසියෙන් පිටුවහල් වී ගැවෙර්තී දූපතෙහි ජීවත් වන්නට ඔහුට සිදු වුණි. එසමයෙහි ඔහුගේ නිවස කෙරෙහි සංචාරකයන්ගේ විශේෂ අවධානය යොමු විය. එයට හේතුව වූයේ ඔහුගේ සාහිත්‍යකාර කීර්තිය නොව, ඔහු සෑම දිනකට මධ්‍යාහ්න වේලාවේදී ගෙදර ඉස්තෝප්පුවට පැමිණ ඇඳුම් සියල්ල ගලවා විසි කර, සීතල වතුර බාල්දි කිහිපයක් ඔලුවේ හලා ගනිමින් ගොරහැඩි ලෙස ඇඟපත උලන්නට පුරුදු වී සිටි නිසා බව කියනු ලැබේ.

1833 වසරෙහි ඔහු, ජුලියට් ඩෘවේ නමැති අභිරුපිකාව සමග හාද වූයේය. නිළියක මෙන්ම, ප්‍රසිද්ධ ධනවතුන් කිහිප දෙනෙකුගේ පෙම්වතියද වූ ඈ, ඔහුගේ ජීවිතයට මහත් බලපෑමක් ඇති කළ එකියක වූවාය. මෙම සබඳකම ජුලියට්ගේ මරණය තුරා වසර 50 ක් තිස්සේ පැවතුණ අතර, ඇය විසින් හියුගෝට ලියන ලද පෙම් හසුන් ගණන 17,000 ඉක්මවූ බවද කියවේ.

1844 වසරෙහි හියුගෝගේ විශේෂ උනන්දුව, ලියෝනි ද ඔනේ නමැති රූමතිය වෙත යොමු විය. මෙම අනියම් පෙම්වතුන් යුවල පසු පස පොලිසිය යොදවා, සුදුසුම අවස්ථාවක ඔවුන් අත් අඩංගුවට පත් කරවන්නට ලියෝනිගේ සැමියා සමත් වූයේය. මෙම පටලැවිල්ලෙන් හියුගෝ ලිස්සා ගියේ, වංශාධිපති මණ්ඩලයෙහි තමා දැරූ සාමාජිකත්වයේ ආනුභාවයෙනි. කෙසේ වුවත්, පරදාර සේවනයේ යෙදීමේ වරදට උසාවියෙන් වරදකාරිය කරනු ලැබූ ලියෝනිට, සිර දඬුවම් නියම විය. ඇය සිර ගෙදර ගත කළ කෙටි කාලය ඔවුන්ගේ නොමනා ඇසුරට යෙදුණ කෙටි විරාමයක් වූවා පමණි. ජුලියට්ගේ සටහන් අනුව වුවද, 1848–50 වසර දෙක ඇතුළත පමණක් හියුගෝ විසින් සබඳකම් පවත්වනු ලැබූ කාන්තාවන්ගේ ගණන 200 ඉක්මවයි.

1870 වසරෙහි ඔහු ආපසු පැරිස් නුවර පදිංචියට ආවේ, ජාතික වීරයකු ලෙස ජනතාවගෙන් මහත් හරසර ලබමිනි. කවදත් තමා ගැන මහ ඉහළින් සිතූ ඔහු, පැරිස් නගරයෙහි නම "හියුගෝ" යනුවෙන් වෙනස් කෙරෙනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කළේය.

ලිවීම කරගෙන යන අතර හිසේ රැඳී තිබිය යුතු රුධිරය, වාඩි වූ විට අධෝ භාගය කරා ගමන් කරන බව හියුගෝ විස්වාස කළේය. මේ නිසා අනෙකුත් ලේබකයන් ලියන්නේ හිසින් නොව අධෝ මාර්ගයෙන් යැයි පළ කළ ඔහු, ලියූ හැම දෙයක්ම ලියුවේ හිටගෙනමය! මේ පුදුමාකාර ලේබකයා කිසියම් නිර්මාණ කාරියක දීර්ඝ වේලාවක් නිරත වන්නට අවශ්‍ය වූ විටකදී, තමාට ලියන කාමරයෙන් පිටවී යාමට නොහැකි වන සේ තම ඇඳුම් පැළඳුම් සඟවා තබන ලෙස සේවකයනට උපදෙස් දීමටද පුරුදුව සිටියේය.


වයස අවුරුදු 70 දී ඔහු, තියොෆයිල් ගෝටියර් නමැති ලේබකයාගේ දෙවිසි හැවිරිදි දියණිය හාද කර ගත්තේය. මෙම වකවානුවෙහි ලා බාල නිළියක වූ සේරා බර්නාඩ් (1844–1923) සමග සබඳකම් පවත්වන්නටද ඔහු සමත් වූයේය. "දිව්‍යමය සේරා" යන විරුදාවලියෙන් ඔස්කාර් වයිල්ඩ් විසින් ඔසවා තබනු ලැබූ ඒ අසමාන වේදිකා නිළිය ද, එසේ මෙසේ කාන්තාවක් නොව, හියුගෝටම ගැලපෙන ළඳක් වූවාය. වික්ටර් හියුගෝ, රෙසින්, ඩුමා මෙන්ම, පසු කලක මහත් ප්‍රසිද්ධියට පත් වූ රොස්ටාන්ගේ (1868–1916) නාට්‍යවලද රඟ පෑ මේ ශ්‍රේෂ්ඨ නිළිය පැරිසියේ මෙන්ම ලන්ඩනයේ රඟහල්වලද නිතර පෙනී සිටින අතරම, ඉහළම පෙළැන්තියේ පෙම්වතුන් අති විශාල සංබ්‍යාවකගේ සුරතලිය බවට පත් වූවාය. වික්ටර් හියුගෝ මෙම නිළියට වඩා අවුරුදු පනහකින් පමණ වැඩිමහල් වූයේය. නාට්‍ය ශිල්පී රොසටාන්, ඇයට වඩා අවුරුදු 23 කින් පමණ බාලයෙකි. ඇය, වයස අවුරුදු 66 දී අමෙරිකාවේ සංචාරයක යෙදුණ අතර, ඇය සමග හාද වී වසර හතරක් තිස්සේ සබඳකම් පැවැත්වූ ලු ටෙගලන් නම් ලන්දේසි ජාතික යෝධයා ඇයට වඩා අවුරුදු තිස් පහකින් පමණ බාලය. ඔහු සමග ඇසුරු කළ කාල සීමාව තමාගේ ජීවිතයෙහි ඉතාමත් සුන්දර වසර හතර වූ බැව් ඈ සඳහන් කර ඇත. හිරිමල් වියේදී තම මවට ඇවිටිලි කර, "සුබොපභෝගී" රෝස්වුඩ් මිනීපෙට්ටියක් මිලට ගත් සේරා බර්නාඩ්, විටක එහි නිදා ගැනීමට පුරුදු වී සිටියාය. සමහර අවස්ථාවලදී ඈ කැමරා ශිල්පීන්ට මුහුණ දුන්නේද මිනීපෙට්ටිය තුළ සිටිමිනි.

1905 වසරෙහි සිදු වූ හදිසි අනතුරක් නිසා සේරාගේ කකුලක් 1914 දී කපා ඉවත් කිරීමට සිදු විය. කෘතිම පාදයක් යොදා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇය, වේදිකා ආම්පන්නවලින් රුකුල් ලබමින් ජීවිතයේ අවසාන කාලය දක්වාම වේදිකාවේ පෙනී සිටියාය.



අසූ වැනි වියෙහි පසු වූ වික්ටර් හියුගෝ, වරක් කාන්තාවක සමග හැසිරෙන අතර, ඔහුගේ පුංචි මුනුපුරෙක් හදිසියේම කාමරය තුළට එබුණේය. "ජෝර්ජ්, පොඩි එකෝ, මේකට තමයි ප්‍රතිභා සම්පන්න බව කියන්නේ," යනුවෙන් ඔහු නොපැකිළ පැවසුවේය. වයස 83 දී මිය යන්නට පළමු, අවසාන මාස හතර තුළ ද ඔහු කාන්තාවන් අට දෙනෙකු සමග පෞද්ගලික සම්බන්ධකම් පැවැත්වූ බව ඔහුගේ දින සටහන්වලින් හෙළි වී ඇත. මේ පුදුමාකාර පුද්ගලයාගේ අවසන් මොහොතට පෙර ඔහුගේ මුවින් පිට වූයේ "මට කළු පාට ආලෝකයක් පෙනෙනවා" යන්නය.

sridas
09-29-2010, 10:33 AM
thanks 4 post..

sanddun
09-29-2010, 03:51 PM
thanks 4 post..

welcome bro :D

ElaKomiya
09-29-2010, 03:53 PM
Nice Share Machan

tigooo
09-29-2010, 03:55 PM
elama kiri

SMJ
09-29-2010, 04:04 PM
ThaNX for So MUCh of Info !!!!!!!!!

sanddun
09-29-2010, 08:23 PM
Nice Share Machan

elama kiri

ThaNX for So MUCh of Info !!!!!!!!!

thanxx for comments Bro's
:):):)

vindya87
09-29-2010, 08:24 PM
thanks for this post..

sanddun
09-29-2010, 09:06 PM
thanks for this post..

welcome
:)

sanddun
10-07-2010, 12:55 PM
http://i.ytimg.com/vi/BZQkjO5zGCY/0.jpg





නලින් ද සිල්වා




මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන්නේය. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන අතර විද්‍යා පීඨයේ පීඨාදිපති ධූරය ද උසුලයි.

1944 ඔක්තෝම්බර් 20 වන දින ශ්‍රී ලංකාවේ පානදුර, කෝවිල ගොඩැල්ලහිදී උපත ලැබූ මහාචාර්ය නලින් ද සිල්වා සිය ප්‍රාථමික අධාපනය වෑකඩ(පානදුර) බෞද්ධාලෝක මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය යන විද්‍යාලවලින් ලබා ගත් අතර ද්විතියික අධාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

ඔහු 1962 දී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. ඔහු 1970 දී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පල කළේය. මෙය පසු කාලීනව බ්‍රිතාන්‍ය-ඇමරිකානු ගවේෂණ කණ්ඩායමක් විසින් 1980 දී සොයාගනු ලැබීය.

නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී ඔහු විසින් මගේ ලෝකය රචනා කළේය. මෙය තුළින් තව දුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී ඔහු විසින්, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස චින්තනය නමැති සංකල්පය හඳුන්වා දී එය වැඩි දියුණූ කළේය. ඔහුගේ ලේඛනය, ගුණදාස අමරසේකර විසින් යෝජනා කළ ජාතික චින්තනයෙහි න්‍යායාත්මක සහ දාර්ශනික පදනම මත සකස් වී ඇත.

නලින් ද සිල්වාගේ කෘති සහ දේශන, එමෙන්ම ඔහු විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිතය ඉගැන්වීමේ යෙදෙන අතරතුර සිය මග පෙන්වීම ලබා දුන් ගවේෂකයෝ සංවිධානය, සහ ඔහු විසින් ලේකම් ධූරය දරන චින්තන පර්ෂදය සංවිධානය, ශ්‍රී ලාංකීය සමාජය වෙත නිසැක බලපෑමක් එල්ලකර ඇත.

samila224
10-07-2010, 01:00 PM
Ela :D

sanddun
10-07-2010, 07:20 PM
Ela :D

thanx

DJANURADHA@mp3
10-07-2010, 07:27 PM
ela ela :D apith ohoma wemuko :D

sanddun
10-07-2010, 07:35 PM
ela ela :D apith ohoma wemuko :D

aniwa machan we all can
:D

JAASBandara
10-07-2010, 08:30 PM
ela wadak..

Thankz For Sharing Bro ~ !

sanddun
10-08-2010, 09:45 AM
ela wadak..

Thankz For Sharing Bro ~ !



thanx :D

smother
10-08-2010, 09:50 AM
thanks bro keep it up +++

sanddun
10-08-2010, 08:56 PM
thanks bro keep it up +++

thanx :D

sanddun
10-13-2010, 09:51 AM
http://i599.photobucket.com/albums/tt80/sanddun/MrSenarat_paranavitana.jpg





සෙනරත් පරණවිතාන





දකුණු පළාතෙහි ගාලු දිස්ත්‍රික්කයට අයත් මැටරඹ නමි ගමෙහි 1896 දෙසැමිබර් මස 26 වෙනි දින උපත ලද සෙනරත් පරණවිතානගේ පියා ඒබ්‍රහම් පරණවිතාන වු අතර මව ලෝරා හෙට්ට්ගේ ගිමාරා නම් වුවාය.‍හෙට්ට්ගොඩ මෙතෝදිස්ත විදුහලෙහි වසර 02 ක් සිංහල ඉගෙන ගත් පරණව්තාන 1930 දී උණවටුනේ බොනවිස්ටා ඉංග්‍රිසි පාසලට ඇතුලත් වුයේ ඉංග්‍රිසි අධ්‍යාපනය හැදැරිම සඳහාය.


පාසල් දිවිය අවසන් කර 1915 දි ප්‍රාචින ප්‍රාරමිභ පරික්‍ෂණයට පෙනී සිටිමින් ඉන් උසස් සාමාර්ථ්‍යක් ලබා ගනී.එම පරීක්‍ෂණයෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව සඳහා ඉහළම ළකුණු ලබා ගැනීමට පරණවිතාන සමත් වීය.මෙම සමත් වීම මත 1916 දී මිහිරිපැන්නේ සිංහල පාසලේ ශිෂ්‍ය-ගුරු පදවිය ලැබීය.1919 දී පරණවිතානගේ පියා මිය යයි.මේ අතරතුරදී ඉංග්‍රීසි ගුරු සහතික පරීක්‍ෂණයෙන් සමත්ව ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මාගොල්ලේ සුධර්මා මහා විද්‍යාලයට පත් වීමක් ලබයි.


ශිලා ලිපි විමර්ශණ සහකාර තනතුරෙහි ඇති වූ පුරප්පාඩුව සඳහා පැවැත්වූ ලිඛිත පරීක්‍ෂණයෙන් සමත් වීමට පරණවිතානට හැකි විය.ඒ අනුව 1923 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලිපි විමර්ශණ ධූරයට පත් විය.පුරාවිද්‍යාව පිළිබඳව ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ ශිෂ්‍යත්වය මත 1923-1926 දක්වා ඉන්දියාවෙහි අධ්‍යාපනය ලැබීමට මෙතුමාට අවස්ථාව හිමි විය.ඵහිදී බටහිර ඉන්දීය පුරා වස්තූන් නැරඹීමේ අවස්තාව මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක් වූ ශ්‍රීමත් ජෝන් මාර්ෂල් යටතේද කටයුතු කිරීමේ හැකියාව ලැබුණි.එහිදී මොහෙන්ජොදාරෝ-හරප්පා සංස්කෘතිය හා තදාස්ශ්‍රිත ඉන්දු-ගංගා නිමිනයේ පුරාවිද්‍යා කැණීමි වලටද සහභාගී විය. පරණවිතාන මහතා ඉන්දියාවේ ශිලා ලේඛන විද්‍යාව (epigraphy) , ප්‍රතිමා විද්‍යාව (iconography) , නානක විද්‍යාව (numismatics) , කෞතුකාගාර විද්‍යාව(museology) ,කැණීමි සහ තහවුරු කිරීමි (excavation and conservation ), පුරාවිද්‍යා කටයුතු පර්‍රපාලනය (archaeological administration ),පිළිබඳව පුහුණුව ලැබිය.




මේ අතර 1923-1935 දක්වා කාලය තුළ පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස් ධූරයේ තාවකාලිකව වැඩ භාර ගනී.1935 දි ඕලන්දයේ ලයිඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ කර්න් ආයතනයෙන් පල කෙරෙන වාර්ෂික පුස්තක නාමාවලි සංග්‍රහයෙහි කර්තෘ මණ්ඩලයේ සාමාජික පදවිය ලැබිය.මෙතුමා විසින් සම්පාදනය කරනු ලැබු The Stupa in Ceylon නම් කෘතිය වෙනුවෙන් 1936 දී ලයිඩන් සරසවියෙන් දර්ශණ විශාරද උපාධිය (ph.D ) ලැබුණි. 1940 ඔක්තොමිබර් 01 දින එතුමා පුරාවිද්‍යාකොමසාරිස් ලෙස සේවයෙහි ස්ථිර කරනු ලැබීය. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඔහු විය. එම තනතුර මීට ඉහතදී ඉංග්‍රිසී ජාතික විද්‍යාඥයන් දරන ලදි.සිය සේවයට උපහාර ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිළධාරි යන ගරු නාමයද 1952 දීබ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොමාන්ඩර් යන විශේෂ ගෞරව නාමයද දෙවන එළිසෙබෙත් මහ රැජින මෙතුමාට පිරිනමන ලදි.1955 දි රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ රන් පදක්කමද පරණවිතානයන්ට හිමි විය.

1956 දී සීගිරි කුරුටු ගී නමි ග්‍රන්ථය පල කරණ පරණවිතාන සීගිරි කුරුටු ගී 685 ක පෙළ සහ අරුත් අර්ථකථනය කර ඇත. වසර 25 ක් පමණ සිදු කළ ගවේෂණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස එය හදුන්වා දිය හැකිය.එම ග්‍රන්ථයට 8,9,10 සියවස් වල ලියවුණ කුරුටු ගී පමණක් අන්තර්ගත විය.කැටපත් පවුරෙහි වූ 6.7.11,12 සියවස් වලට අයත් කුරුටු ගී කියවීමට එතුමන්ගේ දිවි ගමන තුළ නොහැකි විය. මෙකී ග්‍රන්ථය මඟින් සීගිරි ගී වල නිර්මාණශීලීත්වය පිළිබඳව කරුණු දක්වයි.


බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි

sanddun
10-13-2010, 09:52 AM
බදුල්ලේ ටැමි ලිපිය,මැදිරිගිරියේ පුවරු ලිපිය,මන්නාරමේ කචිචේරිය ටැමි ලිපිය වැනි සෙල්ලිපි ගණනාවක් සඳහා නව අර්ථකථන ගෙන දෙමින් වැරදි ලෙස පිටපත් කර වැරදි අරුත් ගෙන දුන් ඒවා නිවැරදි බවට පත් කරණ ලදි. සඳකඩ පහණ තුළින් නිරෑපණය වන්නේ භව චක්‍රය බව පරණවිතාන මහතාගේ අදහස විය.එමෙන්ම පඬුවස් නුවර කැණීමි වලින් හමු වූ එක්ටැමි ගෙය හි නෂ්ඨාවශේෂ මහා පරාක්‍රමබාහු රජු චක්‍රවර්තී ආකල්පය රටට පල කිරීමට කළ ගොඩනැගිල්ලක අවශේෂ බවත් පෙන්වා දෙයි.


ඵ් ඵ් යුග වල පැවැති පාලන ක්‍රමයන් , නිල තල ,ආර්ථිකයන් මෙන්ම සිංහල ,පාලි,සංස්කෘත වැනි භාෂා පිළිබඳවද පූර්ණ දැනුමකින් පිරිපුන්ව සිටි පරණවිතානයන් වටිනා සාහිත්‍ය කෘතීන් ඵළි දක්වයි.සිංහලයන් පිළිබඳ ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක තොරතුරු දක්වමින් සිංහලයෝ (sinhalayo) නමින් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් කරයි.


කුටිටම් පොකුණ,අනුරාධපුර මඟුල් උයන,මැදිරිගිරිය,වටදාගෙය,සීගිරි පියසට අයත් වට පිටාව වැනි ස්ථාන වලට ස්වාභාවික පරිසරයක් සකස් කර දීමටද එම ස්ථාන අලංකාර කිරීමටද පරණවිතාන මහතාගේ ප්‍රඥාව ඉවහල් විය. ලංකාවේ ප්‍රථම අගනුවර වූ අනුරාධපුරයෙහි පුරා විද්‍යා කෞතුකාගාරයක් පිහිටුවීමේ ගෞරවයද මෙතුමාට හිමි වේ.


" මනුෂ්‍යාගේ සංසාරික පුරුද්ද සත්‍යයක්ය යන්න ඔප්පු කිරීමේ පරම නිදර්ශනයක් වූ පරණවිතාන මහතා තුළ කා වැදී තිබුණ පුදුම කුසලතාවන් දෙස බලන විට ,එතුමාට සම කළ හැකි අන් කිසිවකු මේ රටේ නොවු බවත් ,වර්තමානයේ ජිවත් නොවන බවත් අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ." (ඉන්ද්‍රාණි වීරසිංහ, 34 පිටුව, 'මහ ඇදුරු සෙනරත් පරණවිතාන')


එතුමාගේ සේවාවෙහි ශ්‍රේෂ්ඨත්වය මෙම හදුන්වා දීමෙන් පැහැදිලි වේ.1956 දෙසැමිබර් මස 26 දින සෙනරත් පරණවිතාන මහතා පුරා විද්‍යා කොමසාරිස් ධූරයෙන් සමු ගන්නා ලදි.අනතුරුව1957 සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යා මහාචාර්ය තනතුරට පත් විය.මෙය ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති කරණ ලද ප්‍රථම පුරාවිද්‍යා මහාචාර්ය පදවියයි.1960 දී විද්‍යෙදය විශ්ව විද්‍යාලයෙන් "සාහිත්‍ය ශූරී " සමිමාන උපාධිය ලැබුණි.1962 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයද "සාහිත්‍ය චක්‍රවර්තී " සමිමාන උපාධියද පිරි නැමීය.1964 දී එතුමා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාම ගෙන කොළඹ පදිංචියට පැමිණෙති.


දරුවන් නොසිටියද ඔහු සතු වු මානුෂීය දයාව, කරුණාවෙන් හෙබි හදවත නිරතුරුවම ස්නේහයෙන් පිරී පැවතුණි. 1969 දී එතුමන්ගේ සියළු කටයුතු සඳහා පසුපසින් සිටි පරණවිතාන මැතිණිය මිය යයි.පරණවිතාන මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවද පුරා විද්‍යා කටයුතු පිළිබඳව සොයා බැලීය.1972 ඔක්තොමිබර් මස 04 වෙනි දින සෙනරත් පරණවිතාන නමි ශ්‍රේෂ්ඨ විද්වතාණන්ගේ අභාවය සිදු විය. නමුත් ඔහුගේ සේවාව පුරා විද්‍යා ක්ෂේත්‍රය පුරාවටම රැදී පවතිනු ඇත.

bolt
10-13-2010, 10:06 AM
great post

muvindu
10-13-2010, 10:23 AM
ගොඩක් වටිනවා යාලුවා... rep++++

sam@
10-13-2010, 10:30 AM
hoda wadak yaluwa..........thanks...

sanddun
10-13-2010, 10:34 AM
great post

ගොඩක් වටිනවා යාලුවා... rep++++

hoda wadak yaluwa..........thanks...



thanx for comments bro's

HareendraS
10-13-2010, 12:35 PM
really nice thread aiyaa :)
thanks 4 sharing
keep it up ;)

WwW.lk
10-13-2010, 12:37 PM
thawa danna mama asama subject eka :)

sanddun
10-13-2010, 06:50 PM
really nice thread aiyaa :)
thanks 4 sharing
keep it up ;)


thawa danna mama asama subject eka :)

Thanx for comments Bro's
:D:D:yes:

sanddun
10-16-2010, 10:08 AM
http://upload.wikimedia.org/wikipedia/commons/3/39/GodfreyKneller-IsaacNewton-1689.jpg






අයිසැක් නිවුටන්




ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයෙකු ස්වභාවික දර්ශනවාදියෙකු , ආදි රසායනඥයෙකු හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය විද්‍යාත්මක චින්තනයට අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට පදනම වූ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද ඉංජිනේරු විද්‍යාවේ පදනම නිව්ටන්ගේ නියම වේ. කෙප්ලර්ගේ ග්‍රහලෝකවල චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ සූර්ය කේන්ද්‍රවාදය පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.

යාන්ත්‍ර විද්‍යාවේ දී කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. පරාවර්තක දුරේක්ෂය නිර්මාණය කිරීමත් ප්‍රිස්මයක් මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් වර්ණාවලියක් බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් ප්‍රකාශ විද්‍යාවට නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.

ගණිතයේ දී කලණය සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා ගොට්ෆ්‍රීඩ් ලිබිනිස් (Gottfried Leibniz) අතර බෙදී යයි. සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය.

2005 වසරේ රාජකීය සමිතිය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම ඇල්බට් අයින්ස්ටයින්ගේ බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.

sanddun
10-18-2010, 11:27 AM
http://i599.photobucket.com/albums/tt80/sanddun/382px-Leonardo_self.jpg









ලියනාඩෝ ඩා වින්සි



ලියනාඩෝ ඩා වින්සි පියෙරෝ ඩා වින්සි (1452 අපේ‍්‍රල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප‍්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, ව්‍යවච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය. පියෙරෝ ඩා වින්සි නම් නොතාරිස්වරයෙකුට සහ කත්රිනා නම් ගැමි තරුණියකට දාව අවජාතක දරුවකු ලෙසින් ෆ්ලෝරන්ස් කලාපයේ වින්සි හිදී උපත ලැබීය. වරෝචියෝ නම් සුප‍්‍රකට චිත‍්‍ර ශිල්පියාගේ කලාගාරයෙන් ලියානාඩෝ අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මුල් කාලීන නිර්මාණයන්ගෙන් වැඩි කොටසක් මිලාන්හි ලූඩොවිකෝ ඉල් මෝරෝ ගේ සේවයේ සිටියදී කළ ඒවා වෙයි. පසුකාලීනව ඔහු රෝමය, බොලොඥ්ඥ සහ වැනිස් නගරයන්හි සේවය කළ අතර අවසාන භාගයේදී පළමුවන ෆ‍්‍රැන්කොයිස් රජු විසින් ඔහුට ලබාදුන් නිවසේ ගත කළේය.

බොහෝවිට ලියනාඩෝව හඳුන්වනු ලබන්නේ සිය අසීමිත කුහුල නව නිර්මාණයන් කිරීම සඳහා වූ ඔහුගේ හැකියාවට පමණක් සමකළහැකි ‘පුනරුද මිනිසාගේ’ මූලාකෘතිය ලෙසිනි. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි. ලියනාඩෝ වඩාත්ම ලෝකප‍්‍රකට වී ඇත්තේ ඔහුගේ සිතුවම් නිසාවෙනි. ඔහුගේ කෘතීන් දෙකක් වන මොනාලීසා සහ අවසන් රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය වඩාත්ම ජනපි‍්‍රය, වඩාත්ම ප‍්‍රතිනිෂ්පාදනයට ලක්වූ, කතාබහට ලක්වූ ආලේඛ චිත‍්‍රය හා ආගමික සිතුවම වෙයි. ඒවයේ කීර්තිය හා සම තත්වයට පත්විය හැකි එකම නිර්මාණය වූයේ මයිකල් ආන්ජලෝගේ ආදම්ගේ නිර්මාණය පමණකි. ඔහුගේ සිතුවම්, ඔහු විසින් අඳින ලද විද්‍යාත්මක රූ සටහන් සිතුවම් කිරීම පිලිබඳ ඔහුගේ අදහස් ඇතුලත් සටහන්පොත් පසුපරම්පරාවන් වෙත ඔහු ලබාදුන් මාහැඟි දායාදයකි.

ඉංජිනේරුවකු ලෙස ලියනාඩෝ හෙලිකොප්ටරය, සූර්ය බලශක්තිය, කැල්ක්‍යුලේටරය පිලිබඳ සංකල්පගත කිරීම් සහ භූ තලයන්ගේ චලන පිලිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළ අතර ඒවා බොහොමයක් ඔහුගේ කාළයට වඩා බෙහෙවින් ඉදිරියෙන් වූ ඒවා විය. ඔහුගේ කාළයේ නිර්මාණය කිරීමේ ශක්‍යතාවය පැවතියේ ඔහුගේ සැලසුම් වලින් ඉතා සුළු ප‍්‍රමාණයක් පමණකි. නමුත් කම්බිවල ආතන්‍ය බලය මැනීම සඳහා ඔහු සැලසුම් කළ යන්ත‍්‍රය සහ ස්වංකී‍්‍රය බීරළු ගොතනය වැනි ඔහුගේ කුඩා නිර්මාණයන් කිහිපයක්ම ලෝකයට ඉදිරිපත් වූ අතර ඒවා නිෂ්පාදන ලෝකයට ඇතුල්විය. විද්‍යාඥයකු ලෙස ඔහු කාය වයවච්ඡේද විද්‍යාව, සිවිල් ඉංජිනේරු විදයාව, ප‍්‍රකාශ විද්‍යාව සහ ද්‍රවගති විද්‍යාව යන ක්ෂේත‍්‍රයන්හි දැනුම් මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ඉමහත් සේවයක් කළේය.

sanjithkasun91
10-18-2010, 07:03 PM
Supper macho...

king_pandukabaya
10-18-2010, 07:38 PM
very valuable posts. Thanks man

Anura8241
10-18-2010, 07:45 PM
godak wedagath meka,
man bookmark karagaththaa............ thanks.

DjSpK
10-18-2010, 07:49 PM
Valuable Post :)
R+

sanddun
10-18-2010, 08:02 PM
very valuable posts. Thanks man

godak wedagath meka,
man bookmark karagaththaa............ thanks.


thanx bro's
:D

Ashhab
10-19-2010, 07:58 AM
http://www.gallestar.com/Personalities/

sanddun
10-19-2010, 10:27 AM
Valuable Post :)
R+

:D:D

sanddun
10-20-2010, 07:30 PM
http://upload.wikimedia.org/wikipedia/commons/d/d8/Langrange_portrait.jpg







ජෝසප් ලුයිස් ලැග් රේන්ජ්


උපත ජනවාරි 25, 1736 සාර්ජිනියා‍වේ , තූරින්හි විපත අප්‍රේල් 10, 1813 (වයස අවු: 77) ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිය සාර්ඩිනියාව, ප්‍රංශය , පර්සියාව

ජාතිය සාර්ජිනියානු , ප්‍රංශ ක්ෂේත්‍ර ගණිතය ගණිතමය භෞතික විද්‍යාව ආයතන ඉකෝල් බහු තාක්ෂණික ආයතනය ආචාර්ය උපාධි උපදේශක ලියයොනාර්ඩ් යුලර් ආචාර්ය උපාධිය ලත් සිසුන් ජෝසෆ් ෆූරියර් ජියෝවානි ප්ලානා සිමියොන් පොයිසන් ප්‍රසිද්ධියට පත් වූයේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාව ගණිතමය විශ්ලේෂණය සංඛ්‍යාවාදය ආගම රෝමාණු ක‍තෝලික සටහන් :- ඔහුට ආචාර්ය උපාධි උපදේශක කෙනෙක් නොසිටි නමුත් ශාස්ත්‍රීය , පාරම්පරික බලධාරීන් , ඔහුගේ ඥානාන්විත උරුමය, සමාන චරිතයක් රඟපෑ ලියොනාර්ඩ් යුලර් සම්බන්ධ කළ බව සලකන්න.

ජියෝසෙෆී ලොඩොවිකෝ ලැග් රෙන්ජියා යන නමින් උපත ලැබූ ජෝසප් ලුයිස් ලැග් රේන්ජ් (1736 ජනවාරි 25 – 1813 අප්‍රේල් 10) ඉතාලි ජාතික ගණිතඥයෙක් හා තාරකා විද්‍යාඥයෙක් විය. ඔහුගේ ජීවිතයෙන් බොහෝ කාලයක් ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර සියලුම විශේෂණ ක්ෂේත්‍රවලට, සංඛ්‍යාවාදයට, සම්භාව්‍ය හා අභ්‍යාවකාශ යාන්ත්‍ර විද්‍යාවට කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නේය. යුලර්ගේ සහ ඩි ඇලෙම්බර්ට්ගේ නිර්දේශය මත, යුලර් වෙනුවට ,1766 දී , බර්ලින් නුවර පිහිටි විද්‍යාවන් පිළිබඳ ඇකඩමියේ ගණිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා ලෙස ලැෆ් රේන්ජ් පදවි ප්‍රාප්තිය ලැබුවේය. විශාල වැඩ කොටසක් ඉදිරිපත් කරමින්, විද්‍යා‍වන් පිළිබඳ ප්‍රංශ ඇකඩමියේ ත්‍යාගයන් කිහිපයක් දිනා ගනිමින් ඔහු එහි වසර 20කට වඩා වැඩි කලක් වාසය කළේය. ලැග් රේන්ජ්ගේ විශ්ලේෂණ යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ විධිමත් ශාස්ත්‍රීය නිබන්ධනය (විශ්ලේෂී යාන්ත්‍ර විද්‍යාව - මිකැනික් ඇනලයිටික්, සංස්කරණ 4, වෙළුම් 2 , ප්‍රංශය (Gauthier-Villars et fils, 1888-89) බර්ලිං නුවර දී ලියූ අතර ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1788 දීය. නිවුටන්ගෙන් පසුව සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවට ඉතා සම්පූර්ණ සැලකිල්ලක් මෙහි දී දක්වන ලදී. තවද 19 වැනි ශත වර්ෂයේ දී ගණිතමය භෞතික විද්‍යාවේ දියුණුව සඳහා මූලාරම්භයක් ද ඇති කරන ලදී. තූරීන් නුවර ඉතාලි ජාතික දෙමාපියන්ට දාව ජියෝසෙෆි ලොඩොවිකෝ ලැග් රෙන්ජියා උපත ලැබීය. ඔහුට පිය පාර්ශවයෙන් ප්‍රංශ ජාතික මුතුන් මිත්තෝ සිටියහ. 1787 දී ඔහු ප්‍රංශ ඇකඩමියේ සාමාජිකයෙක් බවට පත් වූ අතර ඔහු , ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් ප්‍රංශයේ ම රැඳුණි. එම නිසා විකල්පයක් ලෙස ලැග් රේන්ජ් ප්‍රංශ හා ඉතාලි ජාතික විද්‍යාඥයෙක් ලෙස සලකනු ලැබේ. ලැග් රේන්ජ් රුසියානු විප්ලවයෙන් දිවි ගලවා ගත් අතර 1794 දී ආරම්භ කළ ඉකෝල් බහු තාක්ෂණික ආයතනයේ එතැන් පටන් ගැටළු විසඳීමේ දී ශ්‍රිතවාදය, සීමාව, සාන්තත්‍යය හා කලනය භාවිතය ( විශ්ලේෂණය) පිළිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් විය. නැපෝලියන් කීර්තිමත් සේනාව අතරට ලැග් රේන්ජ් නම් කළ අතරම 1808 දී අධිරාජ්‍යයේ වංශවතෙක් බවට ද පත් කළේය. ඔහු 1813 දී මිය ගිය පසු පැන්තියොන්හි දී භූමදාන කරන ලදී.

flag au:
10-20-2010, 07:35 PM
godhak value.....habai ayalage agaya theruna aya marela godhak dawas geyata passa...

sanddun
10-20-2010, 07:40 PM
godhak value.....habai ayalage agaya theruna aya marela godhak dawas geyata passa...

yes machan
sometimes true
:D

wgdchathuranga_1
10-20-2010, 08:08 PM
rep denna balu mama heta dennam
patta elakiri,,,,,,,,,

sanddun
10-20-2010, 08:11 PM
rep denna balu mama heta dennam
patta elakiri,,,,,,,,,

ok machan :D

Nalindax
10-20-2010, 08:19 PM
elakiri machan..++:cool::cool:

the_myth
10-20-2010, 08:27 PM
වැඩේ නැගල යනවනේද.නියමයි නියමයි:D.

ඔන්න ආයෙත් මගෙන් rep++

sanddun
10-20-2010, 08:40 PM
elakiri machan..++:cool::cool:

වැඩේ නැගල යනවනේද.නියමයි නියමයි:D.

ඔන්න ආයෙත් මගෙන් rep++


thanxx machanla
:D

sanddun
10-21-2010, 10:45 AM
http://graphics8.nytimes.com/images/2008/03/19/arts/19Clarke1.190.jpg




ආතර් සී ක්ලාක්




ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙසිනි. එහෙත් ලොව ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධකරුවා වීමට ක්‌ලාක්‌ මහතාට අවශ්‍ය නො වී ය. ඔහු ප්‍රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක්‌ සොයා ගැනීමේ අරමුණිනි. ආතර් සී. ක්‌ලාක්‌ ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් 2001 අභ්‍යවකාශ චාරිකාව (2010 Space Odyessey), 2010 - 2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyessey Two), 2061 - තුන් වැනි චාරිකාව (2061 Odeyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය වී තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 ප්‍රබන්ධවලින් නිර්මිත Space Odyssey One & Two චිත්‍රපට ජනතා ප්‍රසාදය ළඟා කරගත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට වේ.

ක්‌ලාක්‌ මහතා ඔහු ගේ විද්‍යා ප්‍රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් සැම විට ම අලුත් දෙයක්‌ ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය.

DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි සොයාගත හැකි බව, වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණය සමත් වන බව, මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා දිය යට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ හා වින්දනයක්‌ මෙන්ම බර රහිත තත්ත්වයක්‌ අත්දැකිය හැකි වන බව, මිනිසා අනාගතයේ අභ්‍යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක්‌ සාදන බවත් ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්‍යාගාර තුළ මෙය අත්හදා බැලෙමින් පවතී.) යනාදිය මේ සඳහා උදාහරණ කිහිපයකි.

එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට්‌ ප්‍රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස්‌ ක්‌ලාක්‌ මහතා ගේ මාපියන් වන්නේ පියා "චාල්ස්‌ රයිට්‌ ක්‌ලාක්‌" සහ මව "නෝරා මේරි" (විල්ස්‌) ය. කුඩා ආතර් මූලික අධ්‍යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි "හුයිෂ්ස්‌ ග්‍රැමර් ස්‌කූල්" නම් පාසලෙනි. ක්‌ලාක්‌ට යන්තම් අවුරුදු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්‌ලාක්‌ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. ඔහු ගේ පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට්‌ නිර්මාණය කර යෑවීමටත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කිරීමටත් ඔහු පුරුදු විය.

1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්‌ලාක්‌ 1941 සිට 1945 දක්‌වා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස්‌ කෝලේඡ් සරසවියෙන් භෞතික විද්‍යාවේදී පළමු පෙළ ගෞරව උපාධියක්‌ ද ලබා ගත්තේ ය. ක්‌ලාක්‌ මහතා බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්‍යාත්මක ගමන් මඟට නව පෙරළියක්‌ එක්‌ කළේ 1945 වසරේ දී "වයර්ලස්‌ වර්ල්ඩ්" (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් "භූ ස්‌ථාවර චන්ද්‍රිකා" සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක්‌, සන්නිවේදන පවුලක්‌ බවට පත් කිරීමට සමත් වී ඇති අතර එය ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය. (Father of the Communication Satellite).

ආතර් සී. ක්‌ලාක්‌ මහතා දක්‍ෂ කිමිදුම්කරුවෙකි. දිය යට කිමිදීමට ඕස්‌ටේ්‍රලියාවේ මහා බාධක පරය වෙත "හිමාලයා" නම් නැවෙන් ගමන් ගන්නා අතර 1954 දී හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‌ලාක්‌ මහතා 1956 දී ශ්‍රී ලංකාවේ ස්‌ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහු ගේ සිත්ගත් ම රට වූ බැවිනි. 1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසිභාවය ලද ක්‌ලාක්‌ මහතා 2008 මාර්තු 19 දින මිය යන තෙක්‌ ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස්‌ රටවලින් කළ ආරාධනයන් ප්‍රතික්‌ෂේප කළ ඔහු කිසි දා ශ්‍රී ලංකාව හැර ගියේ නැත.

වර්ෂ 1982 දී යුනෙස්‌කෝව විසින් කාලිංග සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982 දී "මාර්කෝනි" සම්මානයත්, 1986 දී විද්‍යාජෝති සම්මානයත්, 1998 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පිරිනැමූ "නයිට්‌" පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමූ "ශ්‍රී ලංකා අභිමාන්‍ය" සම්මානය ත් වැනි දෙස්‌ විදෙස්‌ ත්‍යාග සහ සම්මාන

රැසකින් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2001 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ ය.

1999 වර්ෂයේ පෙබරවාරි මස 02 වැනි දින 50 වසරක චන්ද්‍රිකා සන්නිවේදන අගයමින් ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ රූපය රැගත් මුද්දර 02ක්‌ සහිත මුල් දින කවරයක්‌ රජය මගින් නිකුත් කෙරිණි. එහි දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා සිය අතීතය ආවර්ජනය කළේ "අපි ඔක්‌කොම තැපැල් පවුලක්‌. මම මුලින් වැඩ කළේ බිෂොප් ලයිඩෙයාර්ඩ් (Bishop Lydeard)හි පිහිටි තැපැල් හලේ. එදා මම මේ වගේ දෙයක්‌ ගැන හීනෙකින් වත් හිතුවේ නෑ. මගේ ගමන මට ම සිහිනයක්‌" යනුවෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කියද්දී ආතර් සී. ක්‌ලාක්‌ මහතා විද්‍යාත්මක චින්තනයෙන් ශ්‍රී ලංකාවේ පරිසරය, සත්ත්ව ලෝකය තම කෘති තුළින් ලොව කරා රැගෙන ගියේ ය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, ශ්‍රී පාදස්‌ථානය, අනුරාධපුරය, පොළොන්නරුව ඔහු ගේ සිත්ගත් ස්‌ථාන විය.

2005 ඔක්‌තෝබර් මස චන්ද්‍රිකා සන්නිවේදනය සංකල්පයට 60 වසරක්‌ පිරීම නිමිත්තෙන් ද මොරටුව ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය දැවැන්ත විද්‍යා ප්‍රදර්ශනයක්‌ පවත්වා එතුමාට උපහාර දැක්‌වූ අතර එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැදගත් මෙන්ම ඉහළ ම ජනාධිපති සම්මානයක්‌ වන "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 2007 දෙසැම්බර් 16 වැනි දා සිය 90 වැනි ජන්ම දිනය ශ්‍රී ලංකා ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරා 2008 මාර්තු 19 වැනි දින ශ්‍රී ලංකාවේ දී ම ලොවින් සමුගත්තේ ය.

hansi_party
10-24-2010, 02:11 PM
valuable thread ... :D
thanx for sharing... keep up!
You must spread some Reputation around before giving it to sanddun again. :(

malinrock
10-24-2010, 02:14 PM
good tread rep added

bada pissa
10-24-2010, 05:27 PM
BST KEEP IT UP...........

sanddun
10-24-2010, 05:34 PM
valuable thread ... :D
thanx for sharing... keep up!
You must spread some Reputation around before giving it to sanddun again. :(


good tread rep added

BST KEEP IT UP...........


ela ela
thanx :D

Billl Gates
10-24-2010, 05:45 PM
thanks

sanddun
10-24-2010, 08:27 PM
thanks

thanx
and after long time :D

sadeeep
10-24-2010, 08:39 PM
Tnx machan ++++++++

the_myth
10-24-2010, 09:14 PM
ආත්‍ර් සී ක්ලා(ර්)ක් මහත්තය ගැන දාපු එක ගොඩක් වටිනව.

sandhanuwan1
10-24-2010, 09:23 PM
vitina thread ekak
thawa danna
rep++

sanddun
10-25-2010, 09:20 AM
Tnx machan ++++++++

ආත්‍ර් සී ක්ලා(ර්)ක් මහත්තය ගැන දාපු එක ගොඩක් වටිනව.

vitina thread ekak
thawa danna
rep++

thanx :D

sanddun
10-26-2010, 06:52 PM
http://upload.wikimedia.org/wikipedia/commons/1/1a/Kapitolinischer_Pythagoras_adjusted.jpg




පයිතගරස්


පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු ආගමික ව්‍යාපාරයේ නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම්‍ ලබා ඇත. කෙසේ වුවත් ගණිතය හා ස්වභාවික දර්ශනය කෙරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව සමහරුන් ප්‍රශ්නකර ඇත. ග්‍රීකයන් අතර “වඩා දර්ශනවාදී තැනැත්තා” ලෙස හෙරඩොටස් විසින් ඔහුව සලකන ලදී. ඔහුගේ නම, පයිතත් හිරුදෙවියා සමග සැසදීමට යොමු කරන ලදී. ඇරිස්ටිපස් ඔහුගේ නම පහත පරිදි විවරනය කරයි. ඔහු පයිතත් ( - Pyth) ඉරු දෙවියාට සමානවම සත්‍ය පවසයි. (agor -)”පයිතියා සිය ගැබිණි මව අතිශය ලස්සන වූද , ඥානවන්ත වූද, මිනිසුන්ට වැඩදායී වූද මිනිසෙකුට උපත දෙන බවට අනාගත වාක්‍ය පැවසූ පුවත ඉම්බිලිකස් විසින් වාර්තා කොට ඇත.

පයිතගරස් ඔහුගේ නම අඩංගු පයිතගරස් ප්‍ර‍‍ම්යෙ සදහා ප්‍රචලිතය “අංක ශාස්ත්‍රයේ පියා” වශයෙන් සැලකෙන පයිතගරස් ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ අගභාගයේ දාර්ශනික හා ආගමික ඉගැන්වීම්‍ කෙරෙහි දායකත්වයක් දක්වා ඇත. පුරාවෘත හා අවුල් කිරීම්‍ පෙර සොක්‍රටීයන්ටත් වඩා ඔහුගේ කාර්යයන් අඳුරු කල නිසා ඔහුගේ ඉගැන්වීම්‍ හා ජීවිතය පිළිබද යමෙකුට විශ්වාසයෙන් කිවහැක්කේ ඉතා ස්වල්පයක් පමණි. සෑම දෙයක්ම ගණිතය හා සැබැඳි බවත් අංක ශාස්ත්‍රය සර්ව සත්‍ය බවත් ගණිතය තුලින් සෑම දෙයක් පිළිබඳව අනාවැකි පලකල හැකි බවත් ගණිතය මාර්ගයෙන් සෑම දෙයක්ම රිද්මයානුකූල රටාවන් හෝ චක්‍රයන් මගින් මැනිය හැකි බවත් පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කලහ. ඉයම්‍බලිකස්ට අනුව, පයිතගරස් වරෙක “අංක ශාස්ත්‍රය අදහස් හා ආකෘති වල ස්විමියා හා දෙවියන් හා යක්ෂයන් ඇතිවීමට හේතුව” බවත් පවසා ඇත.

ඔහු තමා දාර්ශනිකයෙක් හා ඥානයට ආලය කරන්නෙක් යැයි කී පළමු මිනිසා විය. පයිතගරස්ගේ අදහස් වලින් ප්ලේටෝ දැඩි ආභාෂයක් ලැබීය. අවාසනාවකට මෙන් පයිතගරය ගේ සටහන් කිසිවක් අද වන විට නැති නිසා ඔහු පිළිබඳව දැනගැනීමට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඔහු ගේ සොයාගැනීමි පිළිබඳ ඔහුට ගෞරව කිරීම්‍ සියල්ලම පාහේ ඔහුගේ අනුප්‍රාප්තිකයන් හා සගයන් විසින් සිදුකරනු ලැබුවා විය හැක.

sanddun
10-26-2010, 06:56 PM
http://upload.wikimedia.org/wikipedia/commons/7/79/Blaise_pascal.jpg




බ්ලේස් පැස්කල්


නම බ්ලේස් පැස්කල්

උපත ජුනි 19, 1623

විපත අගොස්තු 19, 1662 (වසර 39)

පාසල / සම්ප්‍රදාය ස්වයං දර්ශනවාදියෙකි.(Continental Philosophy), අනුභුති වාදයෙහි පුරෝගාමියෙකි

වඩාත් ප්‍රිය කළ දෑ දේව ධර්මවාදය , ගණිතය

මගපෙන්වන ලද්දේ මි‍චෙල් ඩි මොන්ටෙයින්

බ්ලේස් පැස්කල් (1623 ජුනි 19 , 1662 අගෝස්තු 19) ප්‍රංශ ජාතික ගණිතඥයෙක්, භෞතිකවාදියෙකු හා ආගමික දර්ශනවාදියෙකු වේ. ඔහු කුඩා කළ ඉතා අසිරිමත් දරුවකු වූ අතර ඔහු තම පියාගෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. පැස්කල්ගේ මුල් වැඩ කටයුතු සිදු වූයේ ස්වාභාවික හා ව්‍යවහාරික විද්‍යාවෙනි. එහිදී ඔහුගේ වැදගත්ම ඉදිරිපත් කිරීම වූයේ ඔහු විසින් නිර්මාණය කළ යාන්ත්‍රික ගණක යන්ත්‍රයයි. තවද තරල පිළිබඳ හැදෑරීම් හා ඉවාන්ගෙලිස්ටා ටොරිශෙලිගේ පීඩනය හා රික්තය පිළිබඳ මූලධර්මය පැහැදිලි කිරීම ද අයත් වේ. මෙහි දී පැස්කල් විද්‍යාත්මක ක්‍රමය ආරක්ෂා කර ගනිමින් එම ලිපි ලිවීය. මූලික වශයෙන් පැස්කල් ගණිතඥයෙකි. ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්‍රධාන දොරටු දෙකක් විවෘත විය. ඔහු ඉතා සිත් ගන්නා ශාස්ත්‍රීය නිබන්ධන කිහිපයක්ම ප්‍රක්ෂේපී ජ්‍යාමිතිය පිළිබඳව වයස අවුරුදු 16 දී ලිවීය. පසුව පියරේ ඩී ෆර්මාට් හා එක් වී නූතන වාණිජ විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ ගොඩනැගීමට හේතු වූ සම්භාව්‍යතා සිද්ධාන්තයන් සොයා ගන්නා ලදී. මෙම විශ්මය ජනක සොයා ගැනීම්වලින් අනතුරුව 1654 අග භාගයේ දී ඔහු තම විද්‍යාත්මක කටයුතු අත්හැර දර්ශනවාදය හා සිද්ධාන්තමය කරුණු සෙවීය. මෙම කාලය තුළදී ඔහු අතින් සිදු වූ ප්‍රධාන කටයුතු දෙකක් නම් Lettres provinciales හා Pensιes ය. පැස්කල් තම ජීවිතය පුරාම අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳි අතර ඔහු තම 39 වන උපන්දිනයෙන් මාස දෙකකට පසු මිය ‍ගියේය.

sanddun
10-28-2010, 01:11 PM
http://upload.wikimedia.org/wikipedia/commons/5/5c/Ramanujan.jpg







ශ්‍රිනිවාස් රාමානුජන්




ඉන්දියානු ගණිතඥයෙකු වූ ශ්‍රිනිවාස් රාමානුජන් ඉයෙන්ගර් ගණිතමය විශ්ලේෂණය , සංඛ්‍යා වාදය , අපරිමිත ශ්‍රේණි‍ය සහ සන්තත භාග යන ගණි‍ත ක්ෂේත්‍රයන්ට විශාල දායකත්වයක් දැක්වූවෙකි. එහෙත් ශුද්ධ ගණිතය සඳහා ක්‍රමානුකූල පුහුණුවක් ඔහු නොල ද තරම් වේ.

රාමානුජන් උපන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එරොඩ්හි පල්ලිලෙයම් නම් ප්‍රදේශයේය. ක්‍රමානුකූල ගණිතයට අත‍්පොත් තබන විට හෙතෙම දස හැවිරිදි විය. ඔහු ගණිතයට සහජ දක්ෂතාවක් දැක්වූ අතර වයස අවුරුදු 13 වන විට එස්. එල්. ලෝනි විසින් රචිත උසස් ත්‍රිකෝණමිතිය පිළිබද ග්‍රන්ථ සම්පූර්ණයෙන් අධ්‍යයනය කර අවසන් කළේය. මේ වන විට ඔහු තමාගේම ප්‍රමේයයන් ගොඩනැගීමට ද සමත්ව සිටියේය. ඔහු පාසලේ දී ද ගණිතයට අසාමාන්‍ය හැකියාවක් පෙන්වමින් තෑගි හා ප්‍රශංසා ලැබීමට සමත් විය. වයස අවුරුදු 17 වන විට රාමානුජන් බර්නූලි සංඛ්‍යා සහ ඔයිලර් මැස්කරෝනි නියතය පිළිබඳ තමාගේම පරීක්ෂණ සිදු කිරීමට සමත් විය. ඔහුට මේ වන විට කුම්භකෝනන්හි රජයේ පාසලට ඇතුළත්වීමට ශිෂ්‍යත්වයක් හිමි විය. නමුත් ඔහුගේ විෂය මාලාවට අයත් වූ ගණිතමය නොවන ක්‍රියාකාරකම්වලින් අසමත් වීම නිසා ඔහුට ශිෂ්‍යත්වය අහිමි විය. අනතුරුව ඔහු ස්වාධීනව ගණිතමය පරීක්ෂණ සිදු කිරීම සදහා වෙනත් විද්‍යාලයකට බැදුණු අතර මේ කාලය තුළ සිය ජීවිකාව ලෙස හෙතෙම මදුරාසි කොටුවේ භාරකාර කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී කාර්යාලයේ ලිපිකරුවෙකු ලෙස සේවය කළේය. 1912 හා 1013 අතර කාලයේ දී ඔහු සිය ප්‍රමේයන්හි සාම්පල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් තිදෙනෙකුට යවන ලද අතර ඔහුගේ දක්ෂතාවයන් තේරුම්ගත් ජී. එච්. ගාමි රාමානුජන්ට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තමා යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ඇරයුම් කළේය.

රාමානුජන් ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ විවිධ ප්‍රතිඵලයන් 3900කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කළේය. (මේවා බොහෝමයක් සර්වසාම්‍යයන් සහ සමීකරණ විය) මේවා අතරින් සුළු සංඛ්‍යාවක් සාවද්‍ය බවත් තවත් සමහරක් ඉන් පෙර සොයාගන්නා ලද කරුණු බවත් ඔප්පු වී තිබෙන නමුදු ඔහුගේ සොයාගැනීම්වලින් බොහොමයක් සත්‍ය හා නිවැරදි බව මේ වන විට පිළිගෙන තිබේ. රාමානුජන් ප්‍රථමක හා රාමානුජන් තීටා ශ්‍රිතය ආදිය කලින් රාමානුජන්ගේ ස්වීය හා අසාමාන්‍ය චින්තන ක්‍රමය පැහැදිලි වන අතර ඉහත ආකාර සොයාගැනීම් විශාල පරාසයේ බව පරීක්ෂණවලට මග පාදා තිබේ. කෙසේ නම් ඔහුගේ ප්‍රධාන සොයාගැනීම් කිහිපයක්ම ගණනයේ ප්‍රධාන ප්‍රවාහයන්ට එක්වීම සිදු වූයේ ඉතා සෙමිනි. වර්තමානයේදී රාමානුජන්ගේ අදහස් හා ක්‍රියාකාරීත්ව මත පදනම්ව සිදු කරන සියලු ආකාර පරීක්ෂණවල විස්තර හා ප්‍රතිඵල ප්‍රකාශනය කිරීම සඳහා වර්තමාන “රාමානුජන් ජර්නලය” නම් අන්තර්ජාතික ප්‍රකාශනයක් පළ කෙරේ.

Radical78
10-28-2010, 01:18 PM
good 1

sanddun
10-28-2010, 07:12 PM
good 1
thanx :D

sanddun
10-29-2010, 06:58 PM
http://upload.wikimedia.org/wikipedia/commons/3/31/Louis_Pasteur_by_Pierre_Lamy_Petit.jpg






ලුවී පැස්චර්


උපත - 1822, දෙසැම්බර් 27, ඩෝල් ප්‍රංශය මරණය - 1895 ‍සැප්තැම්බර් 28 (72) ප්‍රංශය

ලුවි පැස්ටර් ප්‍රංශ විද්‍යාඥයෙක් වන අතර, ඔහුගේ සොයා ගැනීම වන හේතු හා රෝග වැලැක්වීමේ ක්‍රම වලට ප්‍රසිද්ධ විය. මොහුගේ පර්යේෂණ රෝග වල විශබිජ කෙරෙහි අවධානය යොමු වු අතර, ප්‍රසවයෙන් හටගත් උරා හේතුවෙන් මිය යන ළදරැ මරණ සංඛ්‍යාව අඩු කිරිමේ පර්යේෂණ හා පලමු විලභීතිකා බැක්සීනය සොයා ගැනීම ප්‍රධාන වේ. මොහු ජනතාව අතර වඩා ප්‍රසිද්ධියට පත් වුයේ පැප්ඩරිකණය සො ගැනීමෙනි. මොහු ක්ෂද්‍ර ජීව විද්‍යාව සොයා ගැනීමේ එන් මුලික සමාජයෙන් වෙයි. මොහු නව සොයා ගැනිම් රසායන විද්‍යාව තුල සොයා ගෙන ඇත. මොහු මිහිදන් කර ඇත්තේ ඉතා දුර්ලභ ගෞරවයක් වන පාස්බර් සංස්ථාවෙහිය.

ප්‍රංශයේ උපත ලද මොහු ඔහුගේ නිවස හා පර්යේෂණාගාරය ද ඇරෝබිස් එහි පවත්වාගෙන ගියේය. ඔහු‍‍ගේ පියා ජීයාන් පාෂ්චර් වැඩි අධ්‍යාපනයක් නොලද නැපෝලනින් යුද්ධගේ ප්‍රණයෙන් විය. 1848 ස්පොන් ලියෙහි භෞතික විද්‍යාව ආචාරවරයෙක් සිට රසායන විද්‍යා ආචාරවරයෙකු ලෙස ස්ට්‍රැට්බර්ග් විශ්වවිද්‍යාලයට එක් විය. එහි දී ඔහුගේ උපකුලපතිගේ දියණිය වන මිරි ලොරෙන්ට් හා 1849 විවාහ විය. ඔවුන්ට දරැවන් 5 දෙනෙක් වු අතර වැඩියෙන්ම ජීවත් වුයේ 2 නෙක් පමණි. 1868 වරෟෂයේ සිට වරින් වර පැවත ආ ආසාන හේතුවෙන් 1895 දී ඔහු මිය ගියේය. ඔහු මිහිදසන් කරනු ලැබුබේ නෝමඩෑම් පිල්ලිය පැමියේය. ඔහුගේ ශුෂ්මාවගේ පැහ්මර් ආයතනයේ තැන්පත් කර ඇත.

the_myth
10-29-2010, 07:01 PM
නියමයි.

sanddun
10-29-2010, 09:04 PM
නියමයි.

ela :D

sanddun
10-31-2010, 04:50 PM
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/69/Linus_Torvalds.jpeg/391px-Linus_Torvalds.jpeg





ලිනස් ටොවල්ඩ්ස්


1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ, හෙල්සින්කි හිදී උපත ලැබූ ලිනස් බෙනඩික් ටොවර්ල්ඩ්ස් ‍ෆින්ලන්ත ජාතික මෘදුකාංග ඉංජිනේරුවෙකි. ඔහු වඩාත්ම ගෞරවයට පාත්‍රව ඇත්තේ ලිනක්ස් කර්නලය නිර්මාණයේ පුරෝගාමියා ලෙස ය. පසු කාලීනව ඔහු ලිනක්ස් කර්නලයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කල අතර දැනට එහි ව්‍යාපෘතිභාර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරයි

ලිනස් ටොර්වල්ඩ්ස් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවරදී ඇනා සහ නිල්ස් ටොවල්ඩ්ස් , ට දාව සහ ඔලේ ටොවල්ඩ්ස් කවියාගේ මුනුබුරා ලෙස උපත ලැබුවේය. 1960 දශකයේදී ඔහුගේ මව්පියන් දෙදෙනාම හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ විප්ලවවාදීන් වූහ. ඔහුගේ පවුල 5.5%ක් වූ ස්වීඩන භාෂාව කතා කරන ෆින්ලන්ත ජාතික ජනගහනයට අයත් ය. ලිනස් පෝලින් , නැමැති නොබෙල් ත්‍යාගලාභී රසායන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් ටොවල්ඩ්ස්ට ලිනස් යැයි නම් තබා තිබුණද ඔහු ලියූ Rebel Code: Linux and the Open Source Revolution පොතෙහි ඔහු පවසන පරිදි, "මට හිතෙන විදියට පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය මතක් වෙන්නත් එක්කයි මට නම දාල තියෙන්නෙ" තවදුරටත් ඔහු පවසන පරිදි මෙය ඔහු අඩක් "නොබෙල් ත්‍යාගය දිනූ රසායන විද්‍යාඥයෙකු" සහ අඩක් "බ්ලැන්කට්ටුවක් පොරවන ලද කාටූන් චරිතයක් " බවට පත්කල බව පවසයි. [

ටොවඩ්ස් 1988-1994 කාලයේදී හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පසුව NODES research group හි අධ්‍යයනය කිරීමෙන් පරිගණක විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ලබා ගනී. . ලිනස්ගේ සරසවි දිවියේ පළමු වසරේදීම අධ්‍යාපනයට බාධා පැමිණෙන්නේ ෆින්ලන්ත හමුදාවේ ‍ මාස 11ක අනිවාර්ය නිලදාරී පුහුණු පාඨමාලාවකට හමුදාවට එක් වීමට සිදුවීමත් සමඟය. හමුදාවේදී දෙවන ලුතිනන් ධුරයක් හා අවි පාලකයෙකු ලෙස, තුවක්කු ස්ථානගත කිරීම, ඉලක්ක ගණනය කිරීම ගමන්පථ ආදිය සම්බන්ද ගණන කිරීම් සිදුකරන්නෙකු හා අවසානයේ අවසානයේ වෙඩි තබන ස්තානය පෙන්වාදෙන්නෙකු බවට පත්වීය. 1990 දී නැවත ඔහු සරසවි අධ්‍යාපනය ඇරඹුවේය. ඔහු UNIX පිළිබඳව මුල්වරට අත්දැකීම් ලබාගන්නේ ඩිජිටල් උපකරණ නීතිගත සංස්ථාවේ MicroVAX පරිගණකයක ULTRIX මෙහෙයුම් පද්ධතිය ඇසුරිණි.ඔහුගේ ශාස්ත්‍රීය නිබන්ධනය තේමාව වූයේ ලිනක්ස්: අතේ ගෙන යාහැකි මෙහෙයුම් පද්ධතිය යන්නය.

ඔහුගේ පරිගණක පිළිබඳ උනන්දුව ඇරඹෙන්නේ Commodore VIC-20.පරිගණකයක් සමඟින්ය. VIC-20ට පසුව ඔහු Sinclair QL පරිගණකයක් මිලදී ගෙන එය බොහෝ සෙයින් නවීකරණය කලේය.විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය විශාල වෙනස්කම් වලට භාජනය විය. ඔහු ඇසෙම්බ්ලි පරිගණක භාෂාවක් , QL සඳහා පාඨ සකසනයක් සහ පරිගණක ක්‍රීඩා කිහිපයක් නිර්මාණය කිරීමට සමත්විය. ඔහු Pac-Man පරිගණක ක්‍රිඩාවට සමාන Cool Man නම් ක්‍රීඩාවක් නිර්මාණය කිරීමෙන්ද ප්‍රසිද්ධියට පත්විය. 1991ජනවාරි 2 වෙනිදා ඔහු Intel 80386 පදනම් වූ IBM PC පරිගනකයක් මිලදී ගත්තේය. අනතුරුව මාසයක්ම ගතකලේ Prince of Persia ක්‍රීඩා කිරීමෙන්ය. ඔහුගේ මිනික්ස් පිටපත ලැබුණු පසු එය ඔහුගේ ලිනක්ස් වැඩකටයුතු ඇරඹීමට පිටුවහලක් විය.




ට්‍රාන්ස්මෙටා ප්‍රදේශයට යාමෙන් අනතුරුව ලිනස් කැලිෆෝනියාහි සමාගමක වැඩ භාර ගෙන 1997 පෙබරවාරි සිට 2003 ජුනි දක්වා එ‍හි සේවය කලේය. පසුව ඔහු පසු කාලීනව නිදහස් ප්‍රමිති සමූහය හා එක්ව ලිනක්ස් පදනම් ආයතනය බිහිවූ, විවෘත මූල සංවර්ධන පරීක්ෂණාගාරයේ සේවය කලේය. 2004 ජුනි මාසයේදී ලිනස්ට පර්යේෂණාගාරයට ගමන් පහසුව සඳහා ටොවරල්ඩ්ස් සහ ඔහුගේ පවුල ‍පදිංචිය පෝලන්තයේ ඔරේගන් නගරයට වෙනස් කරයි.

1997 සිට 1999 දක්වා කාලය තුල ඔහු 86open නම් ලිනක්ස් සහ යුනික්ස් සඳහාවූ ද්වීමය සම්මතයක් තෝරා ගැනීම සඳහා සම්බන්ධ වී සිටියේය.

ලිනක්ස් පාදකවූ මෘදුකාංග නිර්මාණය කරන ප්‍රධාන සමාගම් දෙක වූ Red Hat සහVA Linux ඔහුගේ නිර්මාණයට කෘතගුණ සැලකීමක් වශයෙන් සමාගම් දෙකෙන්ම සමාගම් කොටස් තෑගිකරන ලදී. 1999දී ආයතන දෙකම කොටස් මහජනයාට විවෘත කල අතර ‍ඒ සමඟම ටොවල්ඩ්ස්ගේ කොටස්වල සඵල වටිනාකම ඉහලගොස් ඩොලර් මිලියන ‍20 පමණ වීය.

ඔහුගේ පෞද්ගලික මැස්කොට් වූයේ පෙන්ගුවින් සත්වයෙකි. නම් කරනු ලැබ ඇත්තේ ටක්ස් යනුවෙනි. ටක්ස් , ලිනක්ස් සමාජය විසින් ලිනක්ස් කර්නලයේ මැස්කොට් ලෙස පිළිගන්නා ලදී.

ටොවල්ඩ්ස් "විවෘත මෘදුකාංග යනු මෘදුකාංග භාවිතාකල හැකි හොඳම මඟ" යැයි ටොවල්ඩ්ස් විශ්වාස කලද ඔහු "හොඳම ආම්පන්නය අවශ්‍ය කාර්යය සඳහා " යොදවන බවද එය වානිජ මෘදුකාංගයක් වූවද විය හැකි බව පවසා ඇත. ඔහු වානිජ මෘදුකාංග වලට පක්ෂව කතාකිරීම හා භාවිතා කිරීම සම්බන්දයෙන්ද නොයෙක් විවේචනවලට ලක්වී ඇත. ලිනක්ස් කර්නලයේ අනුවාද හසුරුවන මෘදුකාංගය වන BitKeeper එවැනි අවස්ථාවකට උදාහරණයකි. කෙසේවූවද ටොවල්ඩ්ස් විසින් BitKeeper සඳහා නිදහස් මෘදුකාංගයක් නිර්මාණය කරන ලද අතර එය Gitය. ටොවල්ඩ්ස් නිල වශයෙන් GNOME පිළිබඳව අදහස් එ‍හි නිල ඊ-මේල් ලැයිස්තුවට කරුණු දක්වමින් ඔහු පරිශීලකයින් KDE සඳහා යොමුකිරීමට දිරිගන්වන බව පවසා ඇත. කෙසේවූවද ටොවල්ඩ්ස් KDE 4.0 හි පරිණත බව ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවූ අසාර්ථකත්වය හේතුකොට ගෙන තාවකාලිකව GNOME භාවිතා කලේය.

sanddun
10-31-2010, 04:52 PM
මුලින්ම ටොවල්ඩ්ස්ට අවශ්‍යවූයේ කර්නලය ‍free(නිදහස යන අරුතින්) , freak සහ X අකුරක් එක්කර යුනික්ස්(Unix)ට සමාන බව හඟවමින් Freakx ලෙස නම් කිරීමටය. එහෙත් කර්නලය ගබඩා කර ඇති සර්වරයේ FTP පාලනය කරන ඔහුගේ මිතුරු අරි ලෙම්කේ ටොවල්ඩ්ස්ගේ බහාලුම linux ලෙස නම් කර ඇත. එනයින් මෙය ලිනක්ස් විය.

2006 වසර වන විට ලිනක්ස් කර්නලයෙන් 2%ක් ටොවල්ඩ්ස් විසින් තනිවම නිර්මාණය කල කොටස විය. ලිනක්ස් සඳහා දහස් ගණනින් වූ පිරිස් දායක වූ නිසා 2%ක් යනු පෞද්ගලිකව සැලකිය යුතු ප්‍රමාණයකි. ලිනක්ස් කර්නලයේ සිදුවන වෙනස්කම් පිළිබඳව තවමත් තීරණ ගන්නේ ටොවල්ඩ්ස්ය.

ටොවල්ඩස් ලිනක්ස් "Linux" වෙළඳ ළකුණට හිමිකම් කියයි තවද ඒ පිළිබඳව වගකීම ගෙන කටයුතු කරන්නා ලෙස ක්‍රියා කරයි. එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Linux Mark ආයතනය මඟිනි.

IveyStyle
10-31-2010, 05:09 PM
maxa

IveyStyle
10-31-2010, 05:27 PM
sup ekak denna puluwan machan sinhlen liyanna thamai amaru!:(

RuZZa
10-31-2010, 06:03 PM
Excellent work machan ..... keep updating

HASITHA DIMANTHA
10-31-2010, 06:25 PM
ela ela magen suba pathummmmmm

sanddun
10-31-2010, 07:46 PM
maxa

sup ekak denna puluwan machan sinhlen liyanna thamai amaru!:(

Excellent work machan ..... keep updating

ela ela magen suba pathummmmmm


thanx machanla comments walata :D

sanddun
11-02-2010, 08:21 AM
http://upload.wikimedia.org/wikipedia/commons/d/d4/Karl_Marx_001.jpg







කාල් මාක්ස්






කාල් මාක්ස් (1818-1883) යනු සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකිය.

1876 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනය පරිණාමවාදි මුහුණුවරකින් පදනම් විය.

ඵෙතිහාසික ක්‍රියාවලියේ හරය සමාජ ඝට්ටනයයි. ප්‍රාථමික හා ද්විතික අවශ්‍යතා සපුරා ගැනීමේ උත්සහයේදී ප්‍රතිවිරෝධතා යුගය ආරම්භ වේ. මානව සමාජයේ ශ්‍රම විභජනය මතුවීමත් සමග ඵම ප්‍රතිවිරෝධ පංති වශයෙන්,‍ඵෙතිහාසිකව ගොඩනැගුනේ යයි මාක්ස් සඳහන් කරයි. මානව ඉතිහාසයේ ඵ් ඵ් යුගවල පංති අරගලයක් තිබු අතර ඵ්වා අතර සුවිශේෂතා පැවතිණ. සමාජ ක්‍රමය දේශගුණය හා භූගෝලීය සාධක නොව ඵෙතිහාසික පරිවර්තනයන් අනුව, වෙනස් වන බව මාක්ස් පැවසුවේය. සමාජය පංතිවලට බෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන, ආචාරමය, ආගමික හා දාර්ශනික අදහස් ගොඩනැගෙන අතර ප්‍රබල පංතියේ බලය හා ආධිපත්‍ය ආචාර එමගින් ස්ථාපිත වන්නේ යැයි මාක්ස් සඳහන් කරයි. නිෂ්පාදන මාර්ග වලට මිනිසුන් සම්බන්ධ වන ආකාරය අනුව පංති විෂමතා ඇතිවේ යයි මාක්ස් සඳහන් කරයි. ප්‍රධාන නුතන පංති වනුයේ ශ්‍රමික පංතිය, ප්‍රාග්ධන හිමි පංතිය, හා ඉඩම් හිමි පංතියයි. පිලිවෙලින් මේ අයගේ ආදායම් මාර්ග වනුයේ වැටුප්, ලාභය හා ඉඩම්ය.

මානව ඉතිහාසයේ අංශ දෙකක් ගැන මාක්ස් සඳහන් කරයි. ස්වභාව ධර්මය අභිබවා මිනිසා ජය ගැනීමේ ඉතිහාසය හා මිනිසා වේගයෙන් පරාරෝපනය වන ඉතිහාසයයි. ධනවාදී සමාජය තුළ හතර ආකාරයක පරාරෝපනයක් මාක්ස් දකී.

1. තමන් නිෂ්පාදනය කරන ද්‍යසයම හෝ නිෂ්පාදනයෙන් මිනිසා පරාරෝපනය වීම. කම්කරුවා තමා භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ වුවත් එහි අයිතිය හිමි වී නැත. භාණ්ඩයේ වටිනාකම අනුවවැටුපක් ද ඔහුට නොලැබේ.
2. කම්කරුවා නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරාරෝපනය වීම. නිෂ්පාදනයේ ශ්‍රමය පරාරෝපනය වීම පමනක් නොව නිෂ්පාදනයෙන් ද පරාරෝපනය වීමක් ද දැක්විය හැකිය.
3. කම්කරුවා ඔහුගෙන්ම පරාරෝපනය වීම. නිෂ්පාදන ශ්‍රමයෙන් නිෂ්පාදනයෙන් පමණක් නොව ඔහුගෙන් ඔහුගේ පෞරුෂයෙන් පරාරෝපනය වේ. වැඩ සෙවකයාගෙන් පරිභාහිරව පවතී.
4. පරාරෝපනය වු මිනිසා මානව ප්‍රජාවෙන් ද පරාරෝපනය වේ. සහචරයන්ගෙන් ද පරාරෝපනය වේ. එකිනෙක මිනිසා එකිනෙකාගෙන් පරාරෝපනය වීම දැකගත හැකිය.

sanddun
11-08-2010, 09:02 PM
http://upload.wikimedia.org/wikipedia/si/6/6b/3.JPG







කාල් යුං


1875 ජුලි 26 වන දින උපන් ස්විට්සර්ලන්ත ජාතික මනෝ චිකිත්සකයෙක් වන කාල් යුං විශ්ලේෂණාත්මක මනෝවිද්‍යාවේ පුරෝගාමියෙක් ලෙස සලකයි. මොහු විසින් මනෝවිද්‍යාව අද්විතීය මෙහෙය යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රදේශ අන්තර් සංස්කෘතික බලපෑම් ඇති කිරීමට සමත් විය. ඔහු සිහින, චිත්‍ර, මිත්‍යා විශ්වාස පිළිබඳ අධ්‍යයන, ආගමික දර්ශනය, දර්ශනවාදය වැනි ක්ෂේත්‍ර විශ්ලේෂණ මගින් ආත්මය පිළිබඳ අවබෝධය අවධාරණය කරන ලදී. ඔහු සෛද්ධාන්තික මනෝ විද්‍යාඥයෙක් සහ ප්‍රායෝගික වෛද්‍යවරයෙක් වුව ද ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් වැය කළේ බටහිර සහ නැගෙනහිර දර්ශනවාදය, තාරකා විද්‍යාව, සාමාජ විද්‍යාව, සාහිත්‍යය, චිත්‍ර කලාව වැනි ක්ෂේත්‍ර අධ්‍යයනය සඳහාය. ඔහුගේ ප්‍රසිද්ධ මත ලෙස මූලාකෘති පිළිබඳ සංකල්පය, සාමූහික අවිඥානය and synchronicity හැඳින්විය හැක. යුං විසින් සමතුලිතතාවයේ සහ සුසංගමයේ වැදගත්කම අවධාරණය කරන ලදී. ඔහු විසින් නූතන මිනිසා විද්‍යාව සහ තර්කනය එල්බ ‍සිටීම ගැන අනතුරු හැඟවූ අතර එයට අධ්‍යාත්මික බව සහ විඥාණක මත එක් කර ගැනීමෙන් වඩා ඵලදායී කර ගත හැකි බව පෙන්වා දුණි.

sanddun
12-29-2010, 07:17 PM
http://www.ucsc.cmb.ac.lk/People/sam/images/professor_samaranayake.jpg





මහාචාර්ය වී. කේ. සමරනායක




ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් ඉමහත් කීර්තියක් ඉසිලූ මහාචාර්ය වී. කේ. සමරනායක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හා සංවිධාන අතර අධ්‍යාපනඥයකු සහ ශ්‍රී ලංකාවේ නූතන තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනයේ සහ එය ක්‍රියාවට නැංවීමේ පුරෝගාමියකු හා ඒ පිළිබඳ පැහැදිලි අනාගත දැක්මකින් යුතුව කටයුතු කරන්නෙකු ලෙස ගෞරවයට පාත්‍රවී සිටියේ ය.

වර්ෂ 1974 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන ධුරයට සහ මහාචාර්ය ධුරයට පත් කෙරුණු හෙතෙම වර්ෂ 1961 දී තම ප්‍රථම උපාධිය ලබා ගැනීමත් සමගම ඇරඹි වසර 43ක අඛණ්ඩ විශ්වවිද්‍යාල සේවයෙන් වර්ෂ 2004 සැප්තැම්බර් මස 30වැනි දා විශ්‍රාම ගිය අතර ඒ වන විටත් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ධුරය හෙබවීය. මෑතක දී ඔහු කොළඹ විශ්වවිද්‍යාල‍ය විසින් පරිගණක විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය ධුරයෙන් ද පිදුම් ලැබීය. මේ කාලපරිච්ජේදය ඇතුළත අංශ ප්‍රධාන තනතුරේ සිට උපකුලපති තනතුර දක්වා ඇති නොයෙක් මට්ටමේ තනතුරු දරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියට ඔහු ඉටුකර ඇති සේවය අප්‍රමාණය. ගණිතඥ‍යකු හා ශාස්ත්‍රඥයකු ලෙස තම වෘත්තීය ජීවිතය ඇරඹූ මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට ඇප කැප වී කටයුතු කළේ ය. එකිනෙකට වෙනස් වූ විවිධ ක්ෂේත්‍ර පුරා විහිදෙන ඔහුගේ සේවය අතර සංඛ්‍යාන අධ්‍යාපනය, සංවර්ධන අධ්‍යාපනය, සේවක අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණ යන විෂය ක්ෂේත්‍රවල ඔහුගේ පුරෝගාමී දායකත්වය කැපී පෙනෙයි. ‍ මයික්‍රොකොම්පියුටර භාවිතයට පැමිණීමත් සමගම විශ්වවිද්‍යාලවලට, පාසල්වලට සහ අනෙකුත් පුහුණු කිරීමේ/අධ්‍යාපන ආයතනවලට මහ පරිමාණයෙන් පරිගණක අධ්‍යාපනය ලබා දීමට ඔහු තම පරිගණනය පිළිබඳ විශේෂඥ දැනුමත් අද්විතීය කළමණාකරණ හැකියාවත් යෙදවූ බව නොරහසකි. ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමයේ ස්වර්ණ ජයන්ති වර්ෂයේ දී එනම් 1994 වර්ෂයේ දී එහි ප්‍රධාන සභාපති ධුරයට පත් කෙරුණු මහාචාර්ය සමරනායක 1990-2000 කාලපරිච්ජේදයේ දී ජාතික විද්‍යා ඇකඩමියේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. වර්ෂ 2004 මැයි මස දක්වාම කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතයේත් (UCSC) සහ ඊට පෙර පැවති පරිගණක තාක්ෂණ ආයතනයේත් (ICT) සමාරම්භක අධ්‍යක්ෂ වූයේ ද මහාචාර්ය සමරනායකයි. මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතය ලෙස වර්ධනය වී ඇති පරිගණක තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීමේ දී හෙතෙම තම අද්විතීය කළමණාකරණ හා ඒකාබද්ධව කටයුතු කිරීමේ දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අතර බ්‍රිතාන්‍ය ආධාර යටතේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි මයික්‍රොකොම්පියුටර විද්‍යාගාරයක් ලෙස ඇරඹි පරිගණක තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රජයේ, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහ අනෙකුත් දායකයන්ගේ ආධාර ඒකාබද්ධ කරමින් පරිගණනය සඳහා වූ සුවිශිෂ්ට කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගත්තේ ය. අද වන විට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මෙය තම දකුණු ආසියා සංවර්ධන සහයෝගිතාවේ පරමාදර්ශී සංකේතයක් ලෙස සලකනු ලබයි. පරිගණන විෂය ක්ෂේත්‍රයේ ඔහුගේ සම්ප්‍රදානය අනාගතය අරමුණු කර ගත් දර්ශනයකින් යුක්ත වන අතර යථාර්ථවාදී ද විය.





එවකට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළම රජයේ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භයේ සිටම කටයුතු කළ මහාච‍ාර්ය සමරනායක එම ආයතනයේ සභාපතිවරයා ලෙස වසර 12ක් සේවය කර ඇත. ඔහු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීව කටයුතු කළ දෑ අතරින් තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය, නීතිමය යටිතලපහසුකම් සැකසීම, රාජ්‍ය පාලනයේ දී තොරතුරු තාක්ෂණය යොදා ගැනීම, ඊ-වාණිජ්‍යය, පරිගණක ආරක්ෂාව, අන්තර්ජාල තාක්ෂණය, පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය වැනි අංග සුවිශේෂ වෙයි. ඔහු බහුභාෂා පරිගණනයෙහි සහ වෙබ් අඩවි සංවර්ධනයෙහි අතිශය වැදගත් යුනිකෝඩ් සහ ISO 10646 වැනි ප්‍රමිති සම්පාදනයෙහි ද මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එහිලා ඔහුගේ දායකත්වයක් සුවිශේෂ ය. රාජ්‍ය පාලනයේ නොයෙක් ක්ෂේත්‍රවලට පරිගණක තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම ඔහු ගත් පියවර අතර වැදගත් තැනක් උසුලයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පරිගණක තාක්ෂණය යොදා ගැනීම මීට කදිම නිදසුනකි. ඔහු මෑතක දී ග්‍රාමීය ජනතාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමේ අරමුණින් බහුකාර්ය ටෙලි-මධ්‍යස්ථාන (“නැණසල”)බිහි කිරීමේ වෑයමක නිරත වූ අතර මේ වන විටත් බහුතරයක් ග්‍රාමීය ජනතාව ඉමහත් ප්‍රතිඵල භුක්ති විඳිනු දැක ගත හැක. වසර 2000 ආරම්භයේ දී අතිවීමට ගිය පරිගණක ව්‍යසනයට සාර්ථකව මුහුණ දී එය ජය ගැනීමට ඔහුගේ සභාපතිත්වයෙන් කටයුතු කළ Y2K විශේෂ කාර්ය බලකායට හැකි විය. www.lk ජාතික අන්තර්ජ‍ාල බිහිදොරේ නිර්මාතෘවරයා ඔහු ය. කොත්මලේ ඉදි කෙරුණු ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය තුළින් ග්‍රාමීය ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් ලබා දීමට ද ඔහු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ය. සර්වෝදය මගින් ස්ථාපිත කෙරුණු විවිධ සේවා ප්‍රජා ටෙලි මධ්‍යස්ථ‍ාන වැඩසටහන ද ඔහුගේ සංකල්පයක් මත ගොඩනැගුණකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඇරඹුණු තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධි පාඨමාලාව ද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සිදුවු තවත් වැදගත් කටයුත්තකි. මෙය කෙතරම් ජනප්‍රිය වූයේ ද ‍කි‍යතොත් ආරම්භයේ දී මෙයට සිසුහු 5000ක් පමණ ලියාපදිංචි වූහ. ඉන්ෆොටෙල් ලංකා සංගමයේ වත්මන් සභාපතිත්වය දරනුයේ (1998 සිට) ද මහාචාර්ය සමරනායක වන අතර එම සංවිධානයේ මෙන්ම එමගින් වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමුළුවේ සහ ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ ද ගාමක බලවේගය ලෙස කටයුතු කළේ ඔහු ය. වර්ෂ 2002 දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර තොරතුරු යටිතලපහසුකම් පිළිබඳ ව්‍යාපෘතියේ ආගන්තුක විද්‍යාර්ථියකු ලෙසත් 2003 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් සරසවියේ රාජ්‍ය පාලනය පිළිබඳ කෙනඩි අධ්‍යයනායතයේ ඩිජිටල් රාජ්‍යපාලනය සඳහා වූ ජාතික කේන්ද්‍රයෙහි ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙසත් කටයුතු කර ඇත. එසේම 2004/2005 වසරවල දී ස්ටැන්‍ෆර්ඩ් සරසවියේ ඩිජිටල‍් දර්ශන වැඩසටහනේ ආගන්තුක විද්‍යාර්ථි‍යකු ලෙස ද කටයුතු කර ඇත.

sanddun
01-19-2011, 09:17 AM
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/60/Leonhard_Euler_2.jpg/480px-Leonhard_Euler_2.jpg



ලෙනාඩ් ඉයුලර්



* උපත - අප්‍රේල් 15, 1707
බසෙල් , සිවිස්ටර්ලන්තයේ

* විපත - සැප්තැම්බර් 18 ,1783
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි

* පදිංචිය - ප්‍රසියාව
රුසියාව ස්විට්සර්ලන්තය

* ජාතිය - ස්විස් ජාතික

* ක්ෂේත්‍ර - ගණිතඥයෙකු හා ‍භෞතික විද්‍යාඥයෙකි
* ආයතන - විද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය බර්ලින් විද්‍යාලය

* ඉ‍ගෙනුම ලැබූ ශාස්ත්‍ර ශාලාව - බ‍සෙල් විශ්ව විද්‍යාලය
* ආචාර්ය උපදේශකයන් - ‍ජොහාන් බර්නූලි
* ආචාර්ය ශිෂ්‍යයන් - ජෝහාන් හෙනාට්
ජෝසෆ් ලැග්‍රේන්ස්

* ප්‍රසිද්ධ - ඉයුලර්ගේ අංක සඳහා
* ආගමික පසුබිම - කැල්වින් හෝ අනුගාමිකයන්ගේ දේව ධර්මය අදහන්නෙකි.




ලෙනාඩ් පෝල් ඉයුලර් යනු 1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18 [O.S. සැප්තැම්බර් 7) ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි