kkr
09-29-2010, 05:26 PM
රුධිර පරීක්‍ෂණවලදී හෙළිවේ
කොළඹ ගණිකාවන් 7 දෙනකුට ඒඩ්ස්
ඒමන්ති මාරඹේ
කොළඹ තදාසන්න ප්‍රදේශයක ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන් හත් දෙනෙකුට එච්. අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති බව ඔවුන් සම්බන්ධව සිදුකරන ලද රුධිර පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග /ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. මෙරට ගණිකා සේවයෙහි නිරතව සිටින කාන්තාවන්ට එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව අනාවරණය වූ ප්‍රථම අවස්‌ථාව මෙය ලෙස සැලකේ. මෙම කාන්තාවන් පදිංචිව සිටින ප්‍රදේශයෙහි ගණිකා සේවයෙහි යෙදෙන්නන් සම්බන්ධයෙන් පසුගියදා සිදුකරන ලද රුධිර පරීක්‍ෂණවලදී මෙම තත්ත්වය අනාවරණය වී තිබේ. එච් අයි වී/ඒඩ්ස් වෛරසය ශරීරගත වී ඇති මෙම කාන්තාවන් හා ලිංගික සබඳතා පවත්වන පිරිමින්ටද එම වෛරසය ශරීරගතවීමේ අවදානමක් පවතින බව මේ සම්බන්ධව කළ විමසීමකදී ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහන්හි අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් එදිරිසිංහ මහතා "දිවයින" ට පැවසීය.
මෙම තත්ත්වය මත අනාරක්‌ෂිත සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටිමින් විශ්වාසවන්ත එක් සහකරුවකු හෝ සහකාරියක සමඟ එම සබඳතා පැවැත්වීම පිළිබඳව සැමගේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.
එච් අයි වී වෛරසය ශරීරගතවී ඇති බව තහවුරු වී ඇති ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් හත් දෙනා මේ වනවිට සිය රෝගී තත්ත්වය සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබමින් සිටින අතර එම වෛරසය අන් අය වෙත පැතිර යැමේ අවදානම පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
http://www.divaina.com/2010/08/10/news07.html