එළකිරියේ එළ මිතුරන් වෙත සෙනෙහසින් පිදෙන සාහිත්‍යමය, දේශපාලනික සා සමාජයීය විවරණයකි
ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්ස#
Posted 12-13-2009 at 11:55 PM by Wal Bada
(Voice in Colombo අඩවියේ වූ ලිපියක අනුවර්තනයකි. උක්ත ලිපියේ කතුවරයාට පන්හිඳ සමග ස්තූතිය පළ කරයි)
සරත් ෆොන්සේකා මහතා යුධ වීරයකු බව මවිසින් පසු ගිය බ්ලොග් සටහන් වලදී ඉදිරිපත් කරන ලදි. ඔහු බොහෝ කාලයක් යනතුරුත් එසේ සලකනු ඇතැයි මම සිතමි. ඔහුට දේශද්‍රෝහී ලේබලය ඇලවිය යුත්තේ ඔහු එබඳු ක්‍රියා වල නිරත වනවා නම් පමණක් බවද පැහැදිලි කර දෙන ලදී. මෙතෙක් කල් මා සිතා සිටියේ ඔහු එවැනි කිසිදු ක්‍රියාවක නිරත නොවනු ඇති බවයි. නමුත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහී පට්ටම ගසා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙනු දකින්නට ලැබීම දුකට කරුණකි. ඉරිදා ටයිම්ස් පුවත් පත සමග සාකච්ඡාවක යෙදෙන සරත් ෆොන්සේකා මහතා එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක පුලිදේවන් හා නඩේසන් මරා දැමීමට බ්‍රිගාඩියර් ශවීන්ද්‍ර සිල්වා මහතාට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව කියා සිටියි. (රජය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත). ඔහු කියන්නට උත්සාහ කරන්නේ මෙය ගෝඨාභය රාජපක්ෂ විසින් ගත් "වැරදි" තීරණයක් බවද? එනිසා රාජපක්ෂලාට ඡන්දය නොදිය යුතු බවක්ද?
යුධ ජයග්‍රහණය බොහෝදෙනා ගේ සාමූහික ප්‍රයත්නයකි. එයට දේශපාලන නායකත්වයක්, හමුදා නායක්ත්වයක් හා සිවිල් සේවාවන් හි අනුග්‍රහයද නොමඳව ලැබිණි. එබැවින් යුද්ධයේදී සිදුවූ අකටයුතුකම් වෙතොත් ඒවාද එලෙසම බෙදී යායුතු වෙයි. ෆොන්සේකා මහතා එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මැරීමට හදනවා වත් දැයි සැකයක් මතුවේ. රටේ නායකයා ලෙස යුද්ධයේ සිදුවූ යම් ප්‍රශ්නකාරී මෙහෙයුම් වෙතොත් එහි වගකීම තමා බාර ගනන්වා මිස ඒවා හමුදා ප්‍රධානීන් මත නොපටවන බව ජනපතිතුමා පවසා ඇත. එනිසා තමන් කොයි අතිනුත් ගොඩ යැයි ෆොන්සේකා මහතා සිතනවා විය හැකිය. එසේම බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා යනු උතුරු දිග මෙහෙයුමේ වඩාතම කැපී පෙණුනු සෙන්පතියා වන අතර ඒ හේතුව නිසාම ඔහු හා ෆොන්සේකා මහතා අතර විරසකයක් ඇති බව කණින් කොණින් කියැවේ. වෙඩිල්ල හරියට පත්තු වුවහොත් එක්කෝ මහින්ද රාජපක්ෂ මහතා ගස් ය. මහින්ද ලිස්සුවොත් බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා මහතා ගස් ය. කොතනින් හෝ ෆොන්සේකා මහතාට වනුයේ වාසියකි.
පුලිදේවන් හා නඩේසන් යනු ආයුධ දරා සිටි ත්‍රස්තයන් දෙදෙනෙකි. ඔවුන් දැන සිටියේ උණ්ඩයෙන් කතා කිරීම පමණි. එනිසා ඔවුන්ට උණ්ඩයෙන්ම උත්තර බඳීමට සිදු විය. එහි කිසිම වරදක් නොමැත. නමුත් එය වැරදි ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමෙන් ෆොන්සේකා මහතා කිරීමට උත්සාහ කරන්නේ ලොව පුරා සිටින මානව හිමිකම් දඩබල්ලන් වෙත මස්කටු විසි කිරීමකි. උසි ගැන්වීමකි. එමගින් ඔහු කරනුයේ යුද්ධයේ සාමූහික වගකීම උල්ලංඝනය කරමින්, එහි අනිටු ප්‍රතිඵල (ලෙස ඔහු අර්ථ දක්වන) ගැන වගකීම කිහිප දෙනෙකුගේ ගිණුමට පමණක් බැර කිරීමයි. කෙටියෙන්ම කිවහොත් ෆොන්සේකා මහතා කරන්නේ බටහිර රටවල් හා සංවිධානයන් සතුටු කිරීමට සිය ඉහළ නිළධාරීන් හා තමන්ගේ වෘත්තීය සගයන් බිල්ලට දීමයි. ඔවුන්ට පිටු පෑමයි. මෙය ඔහු වැන්නෙකුට කොතරම් ලජ්ජා සහගතද? (අනෙක් අතට තමන් ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කී උන් සමග අත් අල්ලාගෙන සිටින නිසා ෆොන්සේකා මහතාගෙ ලැජ්ජා අවයවය හැලී ගියාදැයි අපි නොදනිමු. මෙතෙක් කල සැකයේ වාසිය ඔහුට දී තිබූ මුත් දැන් නම් එය හැලී ඇති බව පැහැදිලිය)
ෆොන්සේකා මහතාණෙනි ඇතිවී ඇති තත්වය කණගාටුදායකය. ඔබ වීරයෙක් වූයෙ හතළිස් වසරක අප්‍රමාණ මහන්සියෙනි. නමුත් ඔබ ඊටත් වඩා මහන්සියක් දරා ද්‍රෝහියකු වීමට උත්සාහ කරනු පෙනේ.

Total Comments 0