ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > මල් යාය
Reload this Page පෙම් කල වරදට
එළකිරියේ එළ මිතුරන් වෙත සෙනෙහසින් පිදෙන සාහිත්‍යමය, දේශපාලනික සා සමාජයීය විවරණයකි
Rate this Entry

පෙම් කල වරදට

Submit "පෙම් කල වරදට" to Digg Submit "පෙම් කල වරදට" to del.icio.us Submit "පෙම් කල වරදට" to StumbleUpon Submit "පෙම් කල වරදට" to Google Submit "පෙම් කල වරදට" to Facebook Submit "පෙම් කල වරදට" to Twitter
Posted 09-05-2009 at 12:48 PM by Wal Bada

පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවන නිසා
අයියණ්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැණුනු දිනේ

යන එන හමුවන මග අවුරාලා
ආදරයක් වැළකිය හැකිදෝ
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා වෙත
සැනසෙමු ඒ රැකවල් බිඳ දා

චිත‍්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියණ්ඩියෙ ඔබෙ අණට හොරා
ආදරයේ සුව ඔබට දැනේවි
පෙම්වතියක මුණ ගැහුණු දිනේ


ගායනය - ඉන්ද්‍රාණි බෝගොඩ

තරුණියකට වැඩිමහලූ සොයුරන් සිටීම සාමාන්‍ය දෙයකි. නමුත් අප සමාජ ක‍්‍රමය තුළ වැඩිමහලූ සොයුරන් විසින් සිය සොයුරියන් වෙත කෙරෙන බලපෑම් අතිවිශාලය. මේ බලපෑම් වලින් ඇයට නිදහස් විය හැක්කේ ඉතාම තලාතුරකිනි. ඒ ඈ අතිශයින් ම උගත් කාන්තාවක් වීම තුළින් පමණි. අනෙක් අවස්ථා වල දී වැඩිමහලූ සොයුරන් ට අවනත ව කල් ගෙවීමට ඇයට සිදු වේ. මෙම තත්ත්වය හොඳ හෝ නරක ලෙස විග‍්‍රහ කිරීම උගහට ය. එනමුත් ඉන්ද්‍රාණි බෝගොඩ ශිල්පිණිය විසින් ගයන මෙම ගීතයෙන් ඒ ගැටුමේ එක් පැතිකඩක් ගෙන හැර පායි.
මෙහි දී ආදරයෙන් වෙළුණ නැගණිය ගේ හැඟීම් සොයුරා තේරුම් නොගනී. නැත්නම් ඔහු සිතන පරිදි තම නැගණිය ගේ පෙම්වතා ඇය අත ගැන්මට නුසුදුසු පුද්ගලයෙකි (ඇත්ත තත්ත්වය එයද විය හැකිය). ඒ තම සොයුරා ආදරය නොහඳුනන බැවිනැයි නැගණිය කියා සිටින්නී ය. එනමුත් ඇගේ සොහොයුරා ඇය ට නිබඳවම උපකාර කරන, සොයා බලන, කෙනෙකි. ඈ ඔහුගෙන් සමාව ඉල්වන්නේ එවන් සාහොයුරකු ගේ සිත රිදවීමට ඇයට සිදු වන බැවිනි. පෙම්වතුන් පෙම්වතියන් යන එන තැන් වල මග රැක හිඳීමෙන් හෝ ඔවුන් මුණ ගැසීම වැළැක්වීමෙන් ආදරයක් දිය කර හැකි නොහැකි බව දනිමු. එවන් ආදරයක් සමගින් සිය සොයුරා ගේ සියළු රැකවල් බිඳ දමා තම පෙම්වතා ගේ දෙප ළඟ සැනසීමට කැමති බව ඈ කියයි. ඒ ඇගේ ආදරය කියන කතාවයි. එවිටම ඇගේ යුතුකම් ද කථා කරයි. තමන් ට මෙතරම් උපකාර කළ සොයුරාගේ අදහස් වලට (ඒවා ආඥාදායක ස්වරූපයක් ගන්නා බැව් අණට හොරා යන වචන වලින් කියැවේ) විරුද්ධව උන්මාද චිත‍්‍රාවත් නොවන බව ඈ පවසයි. ඇගේ ප‍්‍රශ්නය තේරුම් ගැනීමට ඇගේ සොයුරා ආදරය හඳුනා ගත යුතු බව ඈ පවසයි. මෙලෙස ආදරය හා යුතුකම් අතරෙහි සිරවන තරුණියක ගේ සිතුම් පැතුම් කදිමට මෙම ගීය තුළින් නිරූපණය වේ. උභතෝකෝටිකයකට මැදිවන මෙවන් තරුණියක ගේ ඉරණම කුමක්දැයි සිතීමට ගීත රචකයා අපට අවස්ථාව සලසා දෙමින් ගීය අවසන් වේ. එබැවින් බොහෝ සාමාන්‍ය ගීතයන් මෙන් නොව මේ ගීතය අපට හිතන්නට යමක් ඉතිරි කරදෙමින් අවසන් වේ.


අසන්න
Posted in Uncategorized
Views 1469 Comments 0 Edit Tags
« Prev     Main     Next »
Total Comments 0

Comments

 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11299 seconds with 16 queries