ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Blogs > migaramk
Reload this Page අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish
Rate this Entry

අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish

Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to Digg Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to del.icio.us Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to StumbleUpon Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to Google Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to Facebook Submit "අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish" to Twitter
Posted 08-24-2010 at 12:54 AM by migaramk




ඔබගේ සත්‍ය ජීවිතය වගේම virtual ජීවිතයක් අපි හැමෝටම තියෙනවා, කවදාවත් හිතුවද ඔබ හදිසියේ මරණයට පත්වුනා..
එයින් පසුව ඔබේ දත්ත ඇතුලත් virtual ජීවිතයට මොකද වෙන්නේ කියලා...?

ඔබගේ පවුලේ අයට වගේම virtual යහළුවන්ට මොකද වෙන්නේ...?
මේ ගැන අපිට පොඩි ක්‍රියාමාර්ග කිහිපයක් ගන්න පුළුවන්, ඒගැනයි මේ ලිපිය..

එම දත්ත සියල්ලම නැතත් ඔබගේ මතකයන් ලෙස ඒවා ඥාතීන්ට එක්කළහැකි ක්‍රමයක් මෙයින් කියවෙනවා.

මුලින්ම ඔබගේ සියලුම virtual accouts වල ලයිස්තුවක් සකස් කරන්න..

e-mail, social networking profiles, forums, blogs....etc

හිතන්න මෙයින් ඔබේ මරණයෙන් පසුව වැදගත්වන ඒවා... උදාහරණ ලෙස facebook, e-mail, twitter

පසුව ඒවායේ username සහිත දත්ත ගබඩාවක් සකසන්න. එය ඔබේ ආරක්ෂිත ස්ථානයක (සේප්පුවක, safety deposit box, නීතීඥයකු ලඟ) තබන්න. නැතිනම් ඔබේ මේසයේ පුද්ගලික ලිපිගොනු තබන ස්ථානය.

මරණයෙන් පසුව-

අපි මරණයට පත්වූවිට අපේ දත්ත සඳහා බොහෝ වෙබ් අඩවිවල සඳහන්වන්නේ N/A කියායි, එනම් ඔවුන්ට ඒ පිළිබඳ නීතියක් සම්පාදනයවී නැත.

ප්‍රධානව අපි භාවිතාකරන විශාල වෙබ් අඩවි නම් යම්කිසි නීතියක් භාවිතාකරනවා.

twitter, facebook

අපේ ඥාතියෙක් මරණය දැන්වූ විට, අපේ ගිණුම memorialized ගිණුමක් බවට පත්වෙනවා. අපේ account එක අනෙක් අයට බැලියහැක එහෙත් contact information and status updates
නොමැතිව. එයට අපේ password එක භාවිතයෙන් වුවත් නැවත සක්‍රීය කිරීමටබෑ.
අපේ පැරණි මතක සටහන් වන tweets, wall posts නැරඹීමට වෙනත් අයට පුළුවන්.

twitter shutdown

facebook shutdown



G-mail

මෙයට මරණය දැනුම්දීමට නම, ලිපිනය හා ඡායාරූපයක්ද සැපයීම කලයුතුයි. පසුව එම ඊ-මේල් ලිපිනයට ඊ-මේලයක් මඟින් දැනුම්දීමක් කරනවා, ප්‍රතිචාර නොමැතිනම් එය මරණයක් ලෙස සලකා දැනුම් දුන් තැනැත්තාවෙත account එකට ලොග් වීමට බලය ලබාදෙනවා.

G-mail Accessing a deceased person's mail



Yahoo

මෙහිදී මරණය දැනුම් දුන් පසු account එක පූර්ණලෙස වසාදැමීමක් කරනවා, password රහිතව කිසිම අයෙකුට ඇතුල්වීමට නොහැකියි.



Hotmail

මෙහි ඉතාම විශිෂ්ඨ සේවයක් ලබාදෙනවා. Microsoft ආයතනය මඟින් පාලනයවන නිසා එහි නීතිඅනුව මෙය ක්‍රියාත්මකයි. මරණය දැනුම්දීමට මරණ සහතිකයක් පවා අවශ්‍යයි එහෙත් ආයතනය ඔබට account එකේ සියලුම දත්ත
account creation, last login හා සියලුම e-mail DVD එකක් මඟින් නොමිලේ සැපයෙනවා.

Hotmail How to request data from a deceased user's account?


මතකයේ තබාගතයුත්තක් වන්නේ උදාහරණ ලෙස අපේ facebook යහළුවන්ට අපි මරණයට පත්වූබව දැනුම්දියයුතු වුවත් වෙනත් අයෙකුට අපේ private messages වලට ඇතුළුවීම මෙයින් තහනම් වෙනවා.



මෙවන් දේකට සූදානම්වීම අපි හැමෝම කළයුත්තක්.

කාලය සමඟ අපේ සයිබර් අවකාශයේ දේපල වැඩිවනවා, එයටද යම්කිසි අවසන් කැමත්තක් සැකසීම කළයුතුනොවේද...?



Posted in Uncategorized
Views 3687 Comments 2 Edit Tags
« Prev     Main     Next »
Total Comments 2

Comments

  1. Old Comment
    wow nice article
    Posted 09-19-2010 at 12:28 PM by kcharu kcharu is offline
  2. Old Comment
    thilina91's Avatar
    adamai mewa danne. thanx
    Posted 11-29-2010 at 10:00 PM by thilina91 thilina91 is offline
 


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.14111 seconds with 14 queries