එළකිරියේ එළ මිතුරන් වෙත සෙනෙහසින් පිදෙන සාහිත්‍යමය, දේශපාලනික සා සමාජයීය විවරණයකි
ඔබට සම්මානනීය චිත්‍රපටියක් සෑදීමට අවශ්‍ය
Posted 10-30-2009 at 08:33 AM by Wal Bada

අවශ්‍ය දේ
* දෙමළ හෝ දෙමළ ලෙස පෙනෙන පොට්ටුවක් තැබූ තරුණියක්
* වඳුරු මූණක් සහිත තරුණයෙක්
* රැවුල බාගෙට කැපූ නස්කූනි පෙනුමක් සහිත මැදිවියේ නළුවෙක්
* කිසිම ජැන්ඩියක් නැති තවත් නළු නිළි රංචුවක්
* වියලි කලාපයේ ගමක්
* පොල් අතු පැලවල් කීපයක්
* සම්මාන ලාභී සිංහල චිත්‍රපටි කිහිපයක්
* උතුරු පළාතේ පෙනුම සහිත ලඳු බිමක්
* වෙඩි සද්ද දැමිය හැකි පරිගණකයක්
සාදන ක්‍රමය
යුද්ධයේ දර්ශනයකින් චිත්‍රපටිය ඇරඹේ. වඳුරු මුහුණ සහිත නළුවා හමුදා සෙබළෙකුට අන්දවනු ලැබන අතර ඔහු වෙඩි තබමින් ඉදිරියට යයි. ඒ අතර ඔහුට පොට්ටු තැබූ තරුණිය හමුවේ. වඳුරු මුහුණැත්තා වහාම තරුණිය බංකරයට ගනි.
(මේ දර්ශනය ඔබේ සිතට ඉබේම නො එන්නේ නම් සම්මාන ලාභි සිංහල චිත්‍රපටියක් නැරඹිය හැකිය )
ඉන්පසුව එන්නේ වඳුරු මුහුණැති සෙබළ නළුවා පොට්ටු තැබු තරුණිය දූෂණය කරන අයුරුය. තරුණිය රෙද්ද උස්සා මුහුණ වසා ගන්නා දර්ශනයක් දැමීමෙන් ත්‍රාසය තවත් වැඩිවේ. ඉන්පසුව නැවත නැවතත් වඳුරු මුහුණැති නළුවා පොට්ටු තැබූ තරුණිය දූෂණය කරන අයුරු සිත කීරි ගැසෙන සංගීතයක් සමග පෙන්විය යුතුය. මෙච්චර කල් එම තරුණිය බංකරයේ හිටියේ කෙසෙද යනදී ප්‍රශ්න ප්‍රේක්ෂකයා විසින් නොඇසිය යුතු වේ.
(ඉහත පිළිවෙල සිතට නො එන්නේ නම් "මේ මගේ ගඳයි" වැනි සම්මාන ලාභී චිත්‍රපටියක් නරඹන්න).
ඉන් පසුව පොට්ටු තැබු තරුණිය වියලි කලාපික ගමට ගෙන යනු ලබයි. මෙහිදී වඳුරු මුහුණැති සෙබළ නළුවාගේ සහෝදරයන් විසින්ද පොට්ටු තැබූ තරුණිය දූෂණය කරන පෙන්විය යුතුය. තරුණිය රෙද්ද උස්සා මුහුණ වසා ගන්නා ආකාරය නිතර නිතර පෙන්විය යුතුය.
දැන් අපෙ රැවුල බාගෙට කැපූ මෙලෝ රහක් නැති නළුවා දර්ශන තලයට එක් වේ. ඒ ගමේ පන්සලේ හාමුදුරුවෝ ලෙසය. ඔහුත් පොට්ටු තැබූ තරුණියට ඉව අල්ලමින් එහෙ මෙහෙ යනු නිතර නිතර පෙන්විය යුතුය. සිවුර ගලවා ඔහුද වැඩේට සෙට් වනු පෙන්විය හැකි නම් චිත්‍රපටිය තවත් උසස් විය හැකි මුත්, බෞද්ධ විරෝධී නොවන බව පෙන්වීමට නම් එම දර්ශනය ඇතුලත් නොකල යුතුය.
මීට වසර කීපයකට පෙර මේ දර්ශනයන් පමණක් ඇති වුවද වර්තමානයට ගැලපෙන්නට නම්, පොට්ටු තැබු තරුණිය විසින් තම කතාව කියන අයුරුද ඉදිරිපත් කළ යුතුය. වඳුරු මුහුණැති නළුවාට සමාන නළුවන් රැසක් පැමිණ ගම ගිණි තියා, පිරිමින් මරා ගැහැණුන් දූෂණය කරන දසුනක් එක් කල යුතුය. ඔවුන් රැඳී සිටි පාසලට ෂෙල් වෙඩි එක පිට එක වැටෙන අයුරු හා ඉන් පොට්ටු තැබු තරුණියගේ නෑදෑයන් එකා පිට එකා මිය යනු පෙන්විය යුතුය.
රස කර ගන්නා අන්දම
මේ අතර සෙබළුන් කොටි ප්‍රහාර වලින් මැරී පෙට්ටි වලින් එනු දිගින් දිගටම පෙන්විය යුතුය. අවශ්‍ය නම් වඳුරු මුහුණැති නළුවා දර සෑයකින් සිගරට්ටුව පත්තු කරනු එන්විය හැකිය. මේ අතර ගමේ ගෑනුන්ගේ හුට්ටප්පර ටිකක්ද මෙයට එක් කල හැකිය. තමන්ගේ මිනිහා ගෙදරින් ගිය ගමන් යාළුවාට රෙද්ද උස්සන දසුනක් ඇතුළත් කල හැකිය.
(මේ හා සමජාතිය නිමැවුමක් වන "වාතයක් යනු පිණිස" වැනි චිත්‍රපටයක් බැලුවොත් හොඳ අදහසක් ගත හැකිය.)
අනුකම්පාව දෝරේ ගලා යාමට අවශ්‍ය නම් ඇස් නොපෙනෙන ලෙසට රඟපාන මහළු නළුවෙක් යොදා ගත හැකිය. යුද්ධයට ගිය පුතා මැරුණේ නැති බව කියමින් ඔහු පිස්සු කෙලිණු පෙන්විය යුතුය.
මුදල් දුෂ්කරතා ඇති වූවොත් ප්‍රංශ හෝ නෝවීජියානු තානාපති කාර්යාල වල පිහිට පැතිය හැකිය. සිංහල බෞද්ධ සංස්කෘතිය අන්තිම චාටර් යයි පෙන්වන සේ චිත්‍රපටිය නිපදවන ලෙස ඔවුන් පැවසූවත් අවුලක් නැත. මන්ද පසුව දැක්වෙන විශාල වාසි ඉන් අත්විය හැකි බැවිණි. චිත්‍රපටය ගීයක් නොමැතිව රසක් නැතැයි සිතනවා නම් එයටද ක්‍රම ඇත. මූණ පුරා රැවුල් වවන්, ගිටාරයක් අතින් අරගෙන සිටින ගායකයෙකුට කොන්තරාත්තුව බාර දිය හැකිය. "හමුදා බටයට මලක් පෑගුනා . . ටං . . ටං . . ටොං . . ටොං, බටේ තියාල මල අතට ගත්තා . . ටං . . ටං . . ටොං . . ටොං" වගේ සිංදුවක් දැමීමෙන් ප්‍රේක්ෂක සිත තුල යුධ විරෝධී හැඟීම් නප්පියට නග්ගා ගත හැකිය. එසේ නැත්නම් කණ පැලෙන්නට කතා කිව හැකි, (සිංදු බැරි උනාට එච්චර ප්‍රශ්නයක් නැත.) කොලුවෙක් ලවා "අනේ ප්‍රභා මරන්නට බෑ . . බෑ . . මට වෙන චරිතයක් දියෝ දියෝ" ආකාරයේ ගීතයක් ඇතුලත් කළ හැකිය.
මාකට් කර ගැනීම:
ඉහත පරිදී තානාපති කාර්යාලයක උදවු ගත්තා නම් පළමු පියවර හරි ය. එසේ කර නැත්නම් වහාම ඔවුන්ට මෙම චිත්‍රපටිය පෙන්විය යුතුය. එවිට මොකක් හෝ පඩංගු චිත්‍රපට උළෙලකට එය ඉදිරිපත් කර, සම්මානයක් දෙනු ඇත. දැන් කළ යුත්තේ උදේ හවා රූපවාහිනියෙන් හා එෆ්.එම්. චැනල හරහා ශ්‍රාවක කන් තුලට චිත්‍රපටයේ ගුණ ගැයෙන මල්ටි බැරල් ප්‍රහාරයක් එල්ල කිරීම පමණි. අවශ්‍ය බර පැණ තානාපති කාර්යාලය විසින් දරනු ලැබේ. තවද, අන්තර්ජාල හරහා ප්‍රසිද්ධිය අවශ්‍ය නම්, කුලියට ගත් බ්ලොග් කඩමාලු කිහිපයක් හරහා "මෙන්න මේක තමයි චිත්තර පටිය" ඈ ආදී ලෙස ලිපි හා කවි ඕවර්ඩෝස් එකක් දිය යුතුය. කුලියට නැතිවුනත්, මෙවැනි දේට සැදී පැහදි සිටින බ්ලොග් ද එමට ඇත. අති මානුෂවාදීන්, යුධ විරෝධීන් හා එන්.ජි.ඕ. ඩොලර් කාක්කන් කඳුලැලි වගුරුවමින් දෙන අත්පොළසන් නාදය මැද ජාතික සහ අන්තර් ජාතික වේදිකා මත රුපියල්, ඩොලර්, අලුක්කාල් යනාදි මෙකී නොකී කරන්සියෙන් දෙන පියළි, දින සිය ගණන් රට පුරා සිටින මිනිසුන් විසින් ගයන බොරු ප්‍රශස්ති වලට යටින් රට බල්ලට යනු ඇත. "පෙට්ටි කාර්යාල" වාර්තා කැඩීම ගැන කතා කිරීම පවා අවැසි නැත. මන්ද තානාපති කායාලයන්, දස්පෝරාවන් හරහා කෙළින්ම බැන්කු ගිණුමට බැර වූ මුදල් සමග සසඳා බලන විට චිත්‍රපටය පෙන්වීමෙන් ලැබෙනුයේ සොච්චමක් බැවිණි.
මේ හැර මේ සඳහා රංගනයෙන් දායක වන නිළියන්, පසු කලෙක අම්මාවරුන් බවට පත්වූ විට, නිරුවත අලෙවි කල තමන්ගේ අතීතයෙන් මිදෙනු නොහැකිව, දූ දරුවන්ට මුහුණ දිය නොහැකිව, පවුල් කඩාගෙන දික් කසාද වීමත්, අධ්‍යක්ෂක තාත්තලා නන්නත්තාර වීමත් ඔබේ බයිස්කෝප් එකේ "සයිඩ් ඉෆෙක්ට්" එකක් විය හැක
Total Comments 1
Comments
-
Posted 11-12-2009 at 05:28 AM by Aarya











