පාට පාට ලෝකයක් රස ආකරයක් ඉගෙන ගන්න දේවල් කෝටියක් තියෙන එකම තැන මල් බබාගේ පොට් එක
දුරකථනයෙන් සිංහල කියවන්නෙ මෙහෙමයි.!
Posted 08-11-2010 at 04:10 PM by Mal Baba
Tags mobile phone trike

හුග දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද තමන්ගෙ ජංගම දුරකථනයෙන් සිංහල කියවන්නෙ කියල. ඉස්සර නම් එච්චර ප්‍රශ්නයක් උනේ නැහැ මොකද සිංහල භාවිතය අන්තර්ජාලය තුල අවම ලෙස තිබුණ නිසා
එහෙත් වර්තමානයේ සිංහල Unicode වල පැමිණීමත් සමග Facebook වැනි සමාජශීලී වෙබ් අඩවි පරිශීලනය කරන ලාංකිකයන් වැඩිවීමත් සමග සිංහලෙන් ස්ටේටස් ලිවීම වෙනත් බොහෝ දේවල් ලිවීම ආරම්භවීම සිදුවිය.
වර්ථමානයේ Blog කරුවන් පවා තම බ්ලොග් සිංහලෙන් ලිවීමට පෙලබිය එම නිසා ජංගම දුරකථනවල සිංහල නොමැති නිසා කොටු කොටු ලෙස සිංහල දිස්වේ,එම නිසා සිංහල ස්ථාපිත කරන ලද පරිඝණයකින් සිංහල කියවීමට සිදුවේ එය මහත් කරදරයකි,මග තොටේදී Computer නොමැති නිසා මහත් අපහසුතාවයන්ට මුහුන දීමට සිදුවේ,එයට පිලියමක් වශයෙන් නවතම System හොයාගෙන තිබෙනවා Opera ස්ථපනය කරන ලද දුරකථන තුලින් සිංහල කියවීමට
සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරල Facebook එකට ආවම පේන විදිය.. මෙලෝ රහක් නෑ නේ..??

මේ කොටු ටික සිංහල අකුරු බවට පරිවර්ථනය කරගන්න අපිට කරන්න තියෙන්නෙ සුලු දෙයක්... මුලින්ම උඩින් තියෙන Address Bar එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..
එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use Bitmap Fonts For Complex Scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..
මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්..
Total Comments 4
Comments
-
Posted 08-11-2010 at 04:11 PM by Mal Baba
-
Posted 08-12-2010 at 12:26 PM by Nilushi35
-
gonkiriPosted 08-25-2010 at 09:22 PM by desired user name
-
thanksPosted 09-06-2010 at 08:37 PM by kcharu











