Showing Visitor Messages 1 to 1 of 1
-
දීකිරිකෑවගේ සරදියෙල් හෙවත් උතුවන්කන්දේ සූර සරදියෙල් ශ්‍රී ලංකාවේ බ්‍රිතානය පාලන සමයේ විසූ වීරයෙකු, කල්ලි නායකයෙකු මෙන්ම මංපහරන්නෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ලෙසද හැඳින්වූ ඓතිහාසික පුද්ගලයෙකි. බොහෝ ශ්‍රී ලාංකික වියතුන් විසින් සරදියෙල් යනු දේශීය අනීතිකභාවයේ හෝ ආර්ථික අසාධාරණත්වයේ විද්‍යාමාන වීමක් ලෙස නොව බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිදු වූ ප්‍රාදේශීය නැගීසිටීමක් ලෙස සලකනු ලැබ
1832 මාර්තු 25 වන දා හාල්දඬුවාන, දන්කොටුව සිට උතුවන්කන්දට සමීපයේ කෑගල්ල දිස්ත්‍රික්කයට සංක්‍රමණය වූ වෙළෙන්දෙකු වූ දීකිරිකෑවගේ අදාසි අප්පුට දාව පිඩෝහාමිගේ කුසින් පවුලේ වැඩිමහල් දරුවා ලෙස සරදියෙල් උපත ලැබීය. ඔහු ඉලුක්ගොඩ විහාරයෙන් සිය අධ්‍යාපනය ලැබීය. සරදියෙල් බුද්ධිමත් ශිෂ්‍යයෙකු වුවත් ඉතා හිතුවක්කාරයෙකු වූ අතර නිතර කලහ ඇති කර ගත්තේය. ඔහුගේ අධ්‍යාපනය එම ගමේ විදානේගේ සමීප ඥාතී වූ පොහොසත් සිසුවෙකුට පහර දීම නිසා පොලීසියෙන් අතඩංගුවට ගෙන දඬුවම් කිරීමෙන් අනතුරුව නතර විය.