ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ නිවේද& (http://www.elakiri.com/forum/showthread.php?t=1911513)

aliya 09-11-2019 10:36 AM

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමේ නිවේද&
 
මැතිවරණ කොමිසම මේක අද සවස 3ට විතර නිකුත් කරන්න වගේ යන්නේ.ඇතුලෙන්ම ආපි විශ්වාසදායි නිවුස් එකක්.මේක පරක්කු කරන්න සිරිසේන දැඩි බලපෑමක් කරමින් සිටින අතර අනෙකුත් පක්ෂ එය නිකුත් කරන ලෙස ඉල්ලිම් කරමින් ඇත..

aliya 09-11-2019 10:38 AM

මැකෝ කීවේ 15,16 වගේ තමයි කියලා.නමුත් ඊට කලින් තියන්න්ත් පුලුවන් කීවා.ඒක නිසා මේ සතිය ඇතුලත මේක බොහෝ දුරට කරනවා.

Lejayange 09-11-2019 10:43 AM


දෙයි හාන්දුරුවනේ... තාමත් පොල් ගගා ඉන්නෙ... පරක්කු වැඩියි බන්... දැන්වත් බලු පොරේ නවත්තල අපේක්ෂකයා නම් කරපන්කො... ඊයෙ රෑත් සාකච්ඡා තිබානේද... මක්කෙයි උනේ...

Pathfinder_A2Z 09-11-2019 10:44 AM

සිරිකොත පැත්තේ මක්ක වෙනවද බං.... ඊයේ රැ මක්කැයි වුණේ....??? :eek:

Pathfinder_A2Z 09-11-2019 10:45 AM

Quote:

Originally Posted by Lejayange (Post 24765058)

දෙයි හාන්දුරුවනේ... තාමත් පොල් ගගා ඉන්නෙ... පරක්කු වැඩියි බන්... දැන්වත් බලු පොරේ නවත්තල අපේක්ෂකයා නම් කරපන්කො... ඊයෙ රෑත් සාකච්ඡා තිබානේද... මක්කෙයි උනේ...

අහ්... මං අහන ප‍්‍රශ්නෙම මගේ ආරෙන්ම බොලත් අහල නොවැ...:rofl: :shocked:

rajitha_ks 09-11-2019 10:49 AM

Quote:

Originally Posted by aliya (Post 24765053)
මැකෝ කීවේ 15,16 වගේ තමයි කියලා.නමුත් ඊට කලින් තියන්න්ත් පුලුවන් කීවා.ඒක නිසා මේ සතිය ඇතුලත මේක බොහෝ දුරට කරනවා.

Hello Sir, What happened last night?
Will it be Sajith or Champika?

Lejayange 09-11-2019 10:49 AM

Quote:

Originally Posted by Pathfinder_A2Z (Post 24765060)
සිරිකොත පැත්තේ මක්ක වෙනවද බං.... ඊයේ රැ මක්කැයි වුණේ....??? :eek:


මොනවා වෙන්නද බන්, තෙමාගෙන නැගිටින්න ඇති.... හික්... හික්...
දැක්කෙ නැද්ද ටීවී වල මූණ දැක්කත් කොච්චර අර්බුධයක ඉන්නවද කියල පේන්නෙ නැද්ද...
සිනාව අතුරුදහන්... තොල කට වෙව්ලනව උගුර කට වේලිලා...

Pathfinder_A2Z 09-11-2019 10:57 AM

Quote:

Originally Posted by Lejayange (Post 24765078)

මොනවා වෙන්නද බන්, තෙමාගෙන නැගිටින්න ඇති.... හික්... හික්...
දැක්කෙ නැද්ද ටීවී වල මූණ දැක්කත් කොච්චර අර්බුධයක ඉන්නවද කියල පේන්නෙ නැද්ද...
සිනාව අතුරුදහන්... තොල කට වෙව්ලනව උගුර කට වේලිලා...

ගෙදර ගියොත් ආර්යාව නසී මග හිටියොත් තෝ නසී වගේ දෙයක්.... ආයෙත් ඉතිං කියල තියන විදියට මිලිමීටරයක්වත් පස්සට යන්නත් බෑ.... තියෙන විදියට මිලිමීටරයක් ඉස්සරහට යන්නත් බෑ.... කොන්වෙලා හිටපු හරීන් සුජීව වගේ ඩෑල් අලුත් බල්ලගේ එල්ලුන මැක්කෝ වගේ හිටියට උනුත් ආයෙත් පුරුදු බල්ල ලගටම යයි...

KDH 09-11-2019 11:05 AM


සජිත්ගේ කිසිම ඉල්ලීමට එකග නොවී අගමැති පිටවෙයි.. රාජිත සමග සාකච්චා කරන්න කියයි.. අරලිය සාකච්චාවේ වූ දේ මෙන්න..

එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ හා නියෝජ්‍ය නායක ඇමති සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ජා අවසන් වූයේ කිසිදු එකගතාවයකින් තොරව බව රනිල් පාර්ශවයේ ප‍්‍රබලයෙන් විසින් මෙහෙයවන වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

එම හමුව සදහා එක්වීමට සජිත් පේ‍්‍රමදාස මහතාට පමණක් දන්වා තිබුණද මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා ඇමතිවරුන් බලහත්කාරයෙන් පැමිණ තිබූ බවද සදහන්ය.

එම පිරිස එක්ව පැමිණියේ මන්දැයි අගමැතිවරයා කල විමසීමට සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් තර ඇත්තේ ඔවුුුුන් තමන් සමග නොපැමිණි බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන්ට අවශ්‍ය බවත් අගමැති ධුරය හා පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට සූදානම් බවත් සාකච්චාව මුලදීම සජිත් පේ‍්‍රමදාස මහතා ඇති බවද එහි සදහන්ය.

ඒ සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැති බවත් පක්ෂය ඇතුළේ ඉල්ලීම් ඉදිරිපත් කල හැකිව තිබියදී තැන් තැන්වල රැස්වීම පවත්වමින්, ලිපි අස්සන් ගනිමින් හැසිරීම අනුමත නොකරන බවත් එමගින් පක්‍ෂය දෙකඩ වීමට ඇදී යන බවත් සදහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම සාකච්චාව ගැන සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් සදහන් කර ඇත්තේ ඉදිරි දින කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේෂක්‍ක ලෙස නම් කරනු ඇති බවයි.


=========================================

මට තැනත් නොදුන්නට කමක් නෑ..- අරලිය සාකච්චාවෙන් පසු සජිත් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය විසින් තමනට තැනක් නොදීම ගැන ප්‍රශ්නයක් නැතැයි එම පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බුදු බව ලැබීම සඳහා පෙරුම් පිරිය යුතු බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්චාව අවසානයේ පිටව යන අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. :(:(:(


aliya 09-11-2019 11:16 AM

Quote:

Originally Posted by rajitha_ks (Post 24765077)
Hello Sir, What happened last night?
Will it be Sajith or Champika?

sajith will not be nominated. It is siisena with the help of kili maharaja who has master minded sajith operation wthin UNP. Even if he was given the candidacy, he would not win.


All times are GMT +5.5. The time now is 11:05 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02376 seconds with 9 queries