ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   පූස් නගරාධිපති (http://www.elakiri.com/forum/showthread.php?t=1645679)

Mr.Sherlock 11-28-2014 08:26 PM

පූස් නගරාධිපති
 
දන්නවද ? ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.

ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.

දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව නගරාධිපති තනතුරට පත් කර ගත්තලු.
http://3.bp.blogspot.com/--MBV2L1W-A...lkeetna-AK.jpg
මේ ඉන්නෙ නැට්ට නැති නගරාධිපති

මේක විහිලුවට වගේ කරපු දෙයක් වුණත් මේ ගැන ආරංචිය පැතිරුණාම මේ අපූරු නගරාධිපතිවරයාව බලන්න සංචාරකයො වැල නොකැඩී එන්න පටන් ගත්තලු. ඒකෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙලා නගරය දියුණු වෙන්න පටන් ගත්තලු. ඉතින් නගර වැසියන්ටත් සතුටුයිලු. ඉතින් නගර වැසියො තීරණය කළාලු Stubbs ව යාවජීව නගරාධිපති හැටියට දිගටම තියා ගන්න.

http://1.bp.blogspot.com/-hdviXFc1Yf...bs-300x225.jpg
නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමා


මේ නගරාධිපතිතුමාට එච්චර බරපතල වැඩ රාජකාරි පැවරිලා නෑ. සංචාරකයන් ඉදිරියේ පෙනී සිටල පුරු පුරු ගාන එකයි නගරෙ තියෙන වෙළඳසැල් වලට ගිහින් ඒවයින් දෙන භෝජන සංග්‍රහ භුක්ති විඳින එකයි තමයි නගරාධිපතිතුමට අයිති ප්‍රධානම සෙරමෝනියල් රාජකාරි. ඊට අමතරව වාර්ෂික අයවැය ලේඛනය වගේ වැදගත් ලියකියවිලි වලට මඩ ගෑවුණු බළල් අඩි සළකුණක් තියලා ඒවා අනුමත කරන එකත්නගරාධිපතිතුමාගෙ රාජකාරියක්.

http://4.bp.blogspot.com/-f8iJ9z5eda...35aa071612.jpg
නගරාධිපතිතුමාට පොඩ්ඩක් විතර තරහ ගිහින්


අපේ නගරාධිපති තුමාට පහුගිය දවස් වල පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. එතුමාගේ ආරක්ෂාවට හිටපු බ්ලැක් කැට් කොමාන්ඩෝස්ලගෙ සුලු අතපසුවීමකින් ප්‍රයෝජන ගත්ත මැර බවුවෙක් එතුමාව හපා කාලා. කොහොම වුණත් මේ වෙනකොට නගරාධිපතිතුමා සුවපත් වෙලා හොඳ සෞඛ‍ය තත්වයෙන් ඉන්නවලු.

නගරාධිපතිතුමාට එල්ල වූ අමානුෂික ප්‍රහාරය ගැන CNN ප්‍රවෘත්ති සේවය ගෙන ආ Breaking News එකක් මේ.


නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාට චිරාත් කාලයක් යෙහෙන් වැජඹී දශරාජ ධර්මයෙන් නගරය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි.

මේක ගත්තේ - මකර රජදහන blog එකෙන්
repost නම් sorry

gayankuwait 11-28-2014 08:35 PM

:lol:

idia 11-28-2014 08:38 PM

GOOD POST +++ :)

idia 11-28-2014 08:40 PM

මෙහෙ ඉන්න බයියන්ට වඩා හොදයි හොරා කන්නේ නැ නේ අඩුම තමන්ව පේන්නගෙන හරි නගරෙට හම්බකරලා දෙනවා එකට මෙහේ රටම නයකරලා 7මුතු පරම්පරාවටම කන්න දෙනවා

:lol:

BINGU_PUTHA 11-28-2014 08:42 PM

:lol:

Mr.Sherlock 11-28-2014 08:46 PM

Quote:

Originally Posted by idia (Post 17441416)
මෙහෙ ඉන්න බයියන්ට වඩා හොදයි හොරා කන්නේ නැ නේ අඩුම තමන්ව පේන්නගෙන හරි නගරෙට හම්බකරලා දෙනවා එකට මෙහේ රටම නයකරලා 7මුතු පරම්පරාවටම කන්න දෙනවා

:lol:

සිරා කථාව බන් :lol:

Mr.Sherlock 11-28-2014 08:56 PM

Quote:

Originally Posted by gayankuwait (Post 17441370)
:lol:

Quote:

Originally Posted by idia (Post 17441399)
GOOD POST +++ :)

Thanks machn

$Gangster$ 11-28-2014 09:02 PM

අඩෝ මේක මරු බන් rep ++ :lol::lol::lol::lol::lol:

ඒක නෙවේ,, මේ පාර අපිත් රටේ ජනාදිපති හැටියට පූසෙක්ව පත් කරගමුද? :oo::oo::oo::oo::oo::oo::oo:

idia 11-28-2014 09:06 PM

Quote:

Originally Posted by $Gangster$ (Post 17441609)
අඩෝ මේක මරු බන් rep ++ :lol::lol::lol::lol::lol:

ඒක නෙවේ,, මේ පාර අපිත් රටේ ජනාදිපති හැටියට පූසෙක්ව පත් කරගමුද? :oo::oo::oo::oo::oo::oo::oo:


දැනට ඉන්න හොර පූස් තඩියා මදිවටද තව එකෙක් පත්කරගන්නේ :lol:

Mr.Sherlock 11-28-2014 09:09 PM

Quote:

Originally Posted by $Gangster$ (Post 17441609)
අඩෝ මේක මරු බන් rep ++ :lol::lol::lol::lol::lol:

ඒක නෙවේ,, මේ පාර අපිත් රටේ ජනාදිපති හැටියට පූසෙක්ව පත් කරගමුද? :oo::oo::oo::oo::oo::oo::oo:


අනිවා මීට වඩා දහස් ගුනයක් හොදයි :lol: .එත් අධිරාජයවාධි කුමන්ත්‍රණයක් කියලා රටේ ඉන්න පුසෝ ටික මරලා දාව් බන්
:(


All times are GMT +5.5. The time now is 12:06 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01792 seconds with 9 queries