ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   අනේ මධූෂ් අයියා.... (http://www.elakiri.com/forum/showthread.php?t=1899624)

Kudu Kolla 05-17-2019 12:42 AM

අනේ මධූෂ් අයියා....
 
මඳුෂ් සඟවා තිබූ ආයුධ වැලිවේරියෙන් සොයාගනී
(මනෝජ් හර්ෂික සහ තිලකරත්න දිසානායක)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මඳුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ දී අද (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

සැකකාර මධුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්‍රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ත්‍රස්ත්‍රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්‍රශ්න කර ගෙන යයි.

Kudu Kolla 05-17-2019 12:43 AM

මේ බල්ලො අපේ මධූෂ් අයියා අයුද පෙන්වන්න එක්කන් ගිහින් මරන්නද දන්නේ නෑ හදන්නේ.:(අයියා අවුරුදු පහක් රට ඉදන් ආවේ.හංගපු ආයුද කොහෙද කියලා දන්නේ කොහෙද? එච්චර් කල් ආයුද හන්ගන් ඉන්න විදිහක් නෑ.මොකො ලන්කාවේ ගෝලයො ඒවා ගන්නවනේ


All times are GMT +5.5. The time now is 08:58 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.00943 seconds with 9 queries