ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   අත හැපුව (http://www.elakiri.com/forum/showthread.php?t=1819946)

AnuradhaRa 10-10-2017 07:06 PM

අත හැපුව
 
පූස් පැටව් තාම කෑම කන්නෙ නෑ.
කෑම කිව්වෙ මාලු දාල අනන බත්.
ඒ වුණාට අමු මාළු සුවඳට කීස් කීස් ගාල කෑ ගහනව.
අද බත් අනල පූසිට දුන්න. පැටවු ටිකත් කෑමට ලං කෙරුව. මෝඩ මඟුල් ටික කෑම උඩින් කකුල තියල යනව.
ඊට පස්සෙ උයපු පොඩි මාලු කෑලි ටිකක් දැම්ම. ඒවට ලං කලාට කන්නෙත් නෑ. ඊට පස්සෙ මම අතට පොඩි කෑල්ලක් අරං එකෙක්ගෙ කටට ලං කෙරුව. මෙන්න බොලේ ටික ටික කන්ඩ ගත්ත. හැබැයි එහෙම කෑවෙත් එක්කෙනයි. මේ යකාට මාලු කෑල්ල වෙනම පේන්නෙ නෑ. අඳුරගන්ඩ බැරිද මංද, මාලු ටික කාල අතත් හැපුවණෙ... :baffled:

මම කිව්වනෙ කලින් පූසො දෙන්නයි, පූසියො දෙන්නයි කියල
පූසියො දෙන්න හොඳට හැදිල, පූසො දෙන්න ටිකක් කෙට්ටුයි වගේ. අනික පූසො දෙන්නගෙ වැඩේ නිදාගන්න එක. අරුන් හොඳට එහෙට මෙහෙට යනව ඇක්ටිව්. පොරකාල කිරි බොන්ඩත් දස්සයි..

elektro 10-10-2017 07:18 PM

beheth gahalada inne poosonta :D nethnam echchara hoda ne ;)

N i m 10-10-2017 07:18 PM

තව ම පොඩි හින්දා ඔහොම තමයි. :love:
තව ටිකක් ලොකු වුනා ම හොඳට තනියම කනවා. :yes:
හපන උන් තමා හොඳ. ;)

ctooi 10-10-2017 07:22 PM

උඹ කාලා පෙන්නන්න එපැයි කන හැටි :D

.::[email protected]::. 10-10-2017 07:22 PM

මුලදී දවසක් දෙකක් බලෙන් කවපන්
ඊට පස්සේ ඕකුන් පුසිටවත් කන්න නොදී කනවා.
මෙහෙ පුසිත් ආයිත් පැටව් 4ක් ගහල.
හැබැයි පුතෝ දැන් නම් පැටව් ජරා කරාම පුසී සුද්ද කරන එක නවත්තනවා.

AnuradhaRa 10-10-2017 07:25 PM

Quote:

Originally Posted by .::[email protected]::. (Post 22340101)
මුලදී දවසක් දෙකක් බලෙන් කවපන්
ඊට පස්සේ ඕකුන් පුසිටවත් කන්න නොදී කනවා.
මෙහෙ පුසිත් ආයිත් පැටව් 4ක් ගහල.
හැබැයි පුතෝ දැන් නම් පැටව් ජරා කරාම පුසී සුද්ද කරන එක නවත්තනවා.

:yes:

AnuradhaRa 10-10-2017 07:25 PM

Quote:

Originally Posted by ctooi (Post 22340100)
උඹ කාලා පෙන්නන්න එපැයි කන හැටි :D

පූසි කන හැටි දැක්ක :) උස්සල පූසි ගාවින් තිබ්බ

marQuis 10-10-2017 07:26 PM

මචං පූසි ට හොඳට කන්න දීපන්. පැටවුන්ට ටික දවසක් පූසිගේ කිරි බොන්න දීපන්. ඒක වැඩිය හොඳයි කියලා හිතෙනවා.

අපේ ගෙදර පූසිට දාපු කෑම පැටියා කන්න පටන් අරන් ඌ කිරි බොන එක නැවැත්තුවා. මස් මාළු කෑමට පුරුදු උනා. පැටියා නම් හැදුනා බෝල ගෙඩිය වගේ.

ඒත් මම නම් කියන්නේ ටික කාලයක් යන්කන් පූස් අම්මට හොඳට කන්න දීලා පැටවුන්ට පූසිගේ කිරි දෙන එක හොඳයි කියලා.

marQuis 10-10-2017 07:28 PM

Quote:

Originally Posted by .::[email protected]::. (Post 22340101)
මුලදී දවසක් දෙකක් බලෙන් කවපන්
ඊට පස්සේ ඕකුන් පුසිටවත් කන්න නොදී කනවා.
මෙහෙ පුසිත් ආයිත් පැටව් 4ක් ගහල.
හැබැයි පුතෝ දැන් නම් පැටව් ජරා කරාම පුසී සුද්ද කරන එක නවත්තනවා.

:rofl::rofl:

AnuradhaRa 10-10-2017 07:28 PM

Quote:

Originally Posted by marQuis (Post 22340116)
මචං පූසි ට හොඳට කන්න දීපන්. පැටවුන්ට ටික දවසක් පූසිගේ කිරි බොන්න දීපන්. ඒක වැඩිය හොඳයි කියලා හිතෙනවා.

අපේ ගෙදර පූසිට දාපු කෑම පැටියා කන්න පටන් අරන් ඌ කිරි බොන එක නැවැත්තුවා. මස් මාළු කෑමට පුරුදු උනා. පැටියා නම් හැදුනා බෝල ගෙඩිය වගේ.

ඒත් මම නම් කියන්නේ ටික කාලයක් යන්කන් පූස් අම්මට හොඳට කන්න දීලා පැටවුන්ට පූසිගේ කිරි දෙන එක හොඳයි කියලා.


25 මුං ඉපදුණේ. :) අදට එතකොට සති 2යි.


All times are GMT +5.5. The time now is 05:35 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2017, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01790 seconds with 9 queries