ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   කොළඹට_ලන්ඩන්_ලුක් (http://www.elakiri.com/forum/showthread.php?t=1820334)

50KG 10-13-2017 07:52 AM

කොළඹට_ලන්ඩන්_ලුක්
 
කොළඹට ලන්ඩන් ලුක් එකක්..! කසල ඉවත දැමීමත් සමග නොමිලේ වයිෆයි කලාප 100 ක්..!

http://s3.lankaenews.com/si_news_ima...i_Matchine.JPG



රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ පොරොන්දුවක් අනුව ආරම්භ වුණු නොමිලේ වයිෆයි ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ එක් පියවරක් ලෙස කොළඹ නගරය ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට පියවරගෙන ඇත. කොළඹ නගර සභාව මූලිකත්වයෙන් මෙහි මූලික පියවර ලෙස වයිෆයි කලාප 20 ක් ඇති කිරීමේ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. ඒ අතරින් වයිෆයි කලාප 10 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.



මෙම පොදු වයිෆයි යන්ත්‍ර ආකර්ෂණීය පෙනුමකින් මෙන්ම අධිතාක‍්ෂණිකව නිමවා ඇති අතර වයිෆයි පහසුකම්වලට අමතරව ජංගම දුරකථන ආරෝපණය කිරීමේ පහසුකම් සහ සාමාන්‍ය කසල බැහැර කිරීමේ පහසුකම් ද මෙම යන්ත්‍රය මගින් ලබා දේ. වත්මන් තාක‍ෂණික ලෝකය සමග ශ්‍රී ලාංකිකයන් සමීප කරවමින් නූතන ලෝකයේ දියුණ නාගරික ලක‍්ෂණ ශ්‍රී ලංකාවේ නගර තුළ ද ඇති කරවීම මෙම පරිසර හිතකාමී වයිෆයි යන්ත්‍ර පිහිටුවීමේ මූලික අරමුණ බව අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය කියයි.


මෙහි දෙවන පියවර ලෙස කොළඹ නගරය තුළ ඉතිරි වයිෆයි කලාප 80 පිහිටුවීම සඳහා සුදුසු ස්ථානයන් හඳුනා ගැනීමට නියමිත අතර මීට අමතරව මාතර, ගාල්ල, නුවර සහ නුවර එළිය ආදී ලෙස පියවරෙන් පියවර ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය දීප ව්‍යාප්තව දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි තුළ ද ක්‍රියාත්මක කරවීමට නියමිතය.



http://s3.lankaenews.com/si_news_ima...Matchine_2.JPG

Iron Monger 10-13-2017 07:53 AM

bump

Sadun Buwa 10-13-2017 08:01 AM

නියමයි.:cool:දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.:lol:

50KG 10-13-2017 08:02 AM

Quote:

Originally Posted by Sadun Buwa (Post 22351527)
නියමයි.:cool:දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.:lol:


කුහක කමනේ බන්. උන් කවදාවත් රටට හොඳක් වෙනවට කැමති නැහැ. උන් කැමති රටට කෙල වෙලා දිනෙන් දිනේ ජරා ජීරණ වෙනවා නම්.


Hora_Nariya 10-13-2017 08:03 AM

BUMP

Sadun Buwa 10-13-2017 08:04 AM

Quote:

Originally Posted by 50KG (Post 22351533)

කුහක කමනේ බන්. උන් කවදාවත් රටට හොඳක් වෙනවට කැමති නැහැ. උන් කැමති රටට කෙල වෙලා දිනෙන් දිනේ ජරා ජීරණ වෙනවා නම්.


:yes:උන්ට රටේ දියුණුව වැඩක් නැහැ.උන්ට ඕන මරාගේ වල්ලේ එල්ලිලා ඉන්න උන්ගේ වාසියට.:(

pjgprabath 10-13-2017 08:06 AM

නියමයි නියමයි

gayankuwait 10-13-2017 08:08 AM

Quote:

Originally Posted by Sadun Buwa (Post 22351527)
නියමයි.:cool:දැන් බයියෝ මේකටත් මොනා හරි කියයි.:lol:

ඔව් මචන් කරයි තව වරායවල් දෙකකුත් හදනවා කිවුවනේ ලන්ඩන් මොන මුඩුක්කුවක් වෙයිද මන්ද රනිල් කොලබ නගරය හදල ගත්තම
දැන් බයියන්ට රිදෙයි :oo:

50KG 10-13-2017 08:09 AM

Quote:

Originally Posted by Sadun Buwa (Post 22351540)
:yes:උන්ට රටේ දියුණුව වැඩක් නැහැ.උන්ට ඕන මරාගේ වල්ලේ එල්ලිලා ඉන්න උන්ගේ වාසියට.:(


සහතික ඇත්ත.

skymicro 10-13-2017 08:10 AM

bump


All times are GMT +5.5. The time now is 04:42 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.04315 seconds with 9 queries