ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Lyrics (http://www.elakiri.com/forum/forumdisplay.php?f=45)
-   -   පද පේළී - EK LYRICS THREAD PART 2 (http://www.elakiri.com/forum/showthread.php?t=1571430)

amila_90210 08-12-2013 12:12 PM

පද පේළී - EK LYRICS THREAD PART 2
 


|| EK LYRICS THREAD PART 2 ||

http://i392.photobucket.com/albums/p..._90210/2-6.png



මේ මොහොතේ හිතට එන ගීතයක පද පේළී මෙතන දාන්න...
ගීතයත් එක්ක හිතට ආපු සිතිවිලි තිනම් ඒත්,
ගීය අපේ ජීවිමීවෙකාත්
යාළුවොත් එක්
බෙදා හදා ගමු


You Can Share Song Lyrics
And Embed Music Videos Here
+ Links to Download your Song at Request




http://i392.photobucket.com/albums/p.../welcome4o.gif


ORIGINAL THREAD STARTED ON 03-02-2009, 08:12 PM ~17000 REPLIES & MORE THAN MILLION VIEWS BY FAR

පද පේළී


amila_90210 08-12-2013 12:13 PM

පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය තබමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්

ගිරි ශිකර මුඳුන් වල
වන ලැහැබේ අතු අග
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබට ගැයූ ගී
ඇසේද තවමත්
ඇලේ දොළේ ගලනා ගීයේ
පිය සටහන්...

- ගුදාපුගේ

මේක මං ආසම සිංදුවක් මගේ ජීවිතයට බොහොම ළඟින් යන ගීයක්

Vampire 08-12-2013 12:26 PM

බම්ප්

Malinga 08-12-2013 12:49 PM

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා

එකට එක් වී එකට කා බී එකට සැතපීලා
උගුල අටවයි විපත පටලයි මුරුඝ ගති පාලා
ලෝකයේ මර විසක් නැත මිනිස් විස වාගේ

සිනහවෙන් හෝ .....

තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා
ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනි ම මිරිකා
සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසා ගේ

සිනහවෙන් හෝ .....

යුක්ති ධර්මේ ජය ගනීවී දිලෙන ලෙස දිණිදා
නැත්ත නැතිවෙයි ඇත්ත හෙලිවෙයි යම් දිනක මතුදා
ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ

සිනහවෙන් හෝ .....


ගායනය :- අල්හාජ් මොහිදින් බෙග්

Malinga 08-12-2013 12:50 PM

නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා

සුරඟන රූසිරු දුටිමි හැඳින්නෙමි
සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා
මා හඳුනන මගෙ හදගත් කළණිය
මට නුදුරුයි සුරඟනට වඩා

නවදැලි හේනක ...............

මාසිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලැතැවුල් දෙයි රැයද දිවා
නෙත දුටු සුරඟන රූසිරු කුමට ද
හද දුටු ජනපද කළණ නිසා

නවදැලි හේනක ...............


ගායනය :- සෝමතිලක ජයමහ

rcccc 08-12-2013 01:08 PM

රාත්‍රියේ පිපෙන්නම්
 
රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා

රාත්‍රියේ පිපෙන්නම්...

සඳ සළුව ලිහේනම්
සුළං රැල් හමා
හාදුවක් තියන්නම්
ආදරෙයි කියා
ආදරෙයි කියා

රාත්‍රියේ පිපෙන්නම්...

දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා
පපුතුරේ හොවා

රාත්‍රියේ පිපෙන්නම්...


-කේශාන්-

Rex921 08-12-2013 01:13 PM

-----පද පේලි දෙවනි අදි‍යරට සුභ පැතුම්-----
 
හීන කතන්දර ඉවර‍යි....//
මං ඔ‍යාට පාර කි‍යන්නම්
මහ ස‍යුරේ දි‍ය ඉවර‍යි.....
දි‍ය උල්පත ලඟ මම නවතින්නම්.....

ඇත්ත‍යි මල් පරවෙනවා.....
තරු කැට කඩා වැටෙනවා.....
සරල‍යි කඳුලු වැටෙනවා.....
තුරු හිස මත.....ආ‍යෙ පිපෙනවා.....
මං ඔ‍ය හිත සුවඳ කරනවා......

පුදුම‍යි තරු ඇහැරෙනවා.....
අහසම එලි‍ය කරනවා.....
විරල‍යි ඇස් දන් දෙනවා.....
ඔ‍ය ඇස මට පාර කි‍යනවා.....
මම මගෙ හිත..... ඔ‍යාට දෙනවා.....

-Sanka Dineth-

rcccc 08-12-2013 01:54 PM

සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
 
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
මා තනිකර ගියදා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා

ඔබේ සිතුම් ඔබේ හැඟුම් ලඟ මම
හදේ මැවු ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිද දමා//
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ

සිත මගෙ රිදුනා...

මගේ වෙලා මගෙන් ඔයා ඉනුමැන
ලඟින් මගේ සිතින් බැදී ඉනුමැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි//
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ

සිත මගෙ රිදුනා...

-දමිත් අසංක-

C h o p p e 08-12-2013 03:03 PM

අහ්හ්හ්... අලුත් නවාතැන :)

C h o p p e 08-12-2013 03:23 PM

මේ සයුරු මානේ මා තනිවෙලා....//
මේ නැව් තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ

සීත සුලඟේ පාව එන්නේ සුවඳයි මතකයේ
හසුනක සැඟවී මා හඬවලා මුමුනයි හඬ ඔබේ
දින දින ගෙවිලා පැතුමන් ලියලා ඉවසුම් නෑ සිතේ
කවදා කෙලෙසින් ඔබ වෙන එන්නෙම් වද දෙයි සිත මගේ
ප්‍රාර්ථනාවන් ලියවෙයි දෑසේ කඳුලින් ජීවිතේ....

සීත මීදුම් පේන මානේ කිඳුරන් ගී ඇසේ
තාරක මල් පිපෙන විමානේ ඔබගේ රුව මැවේ
දහසක් බාධා අතරින් මිදිලා සැනසුම් සොය සොයා
සිත සතපවනා වැව් තොට පෙනිලා ආශා පිබිදුනේ
මිනිසකු වනු මිස දෙටියකු නොව මා වටහා ගනු මැනේ....


All times are GMT +5.5. The time now is 12:46 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.03050 seconds with 9 queries