ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් .. අනිවාර්ය# (http://www.elakiri.com/forum/showthread.php?t=1654794)

hemanthalaksiri 01-09-2015 08:39 PM

මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් .. අනිවාර්ය#
 
මට අද ගොඩක් දුක්බර දවසක් මචන්ලා .. ඔව් මම මහින්දට කඩේ ගියා තමා . මොකද මට මහින්ද නිසා ගොඩාක් දේවල් ලැබුණා ..මොකද මම ගමේ බයියෙක්.ඉස්සර අපේ ගෙදරට light තිබුනේ නැ . අපේ ගෙදර ප්‍රධාන පාරෙන් 1km වගේ දුරක තිබුන නිසා light දෙන්නේ නැ .අපේ ගමම වගේම පව්ලත් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෝ .මේ දවස් වල, අපි පොඩි කලේ ,සිය දහස් වාරයක් light ඉල්ලගෙන එක එකා පස්සේ යන්න ඇති .කොහොම උනත් මහින්දට එක ලියුමයි දැම්මේ ,, අපිටත් පුදුමයි light ලැබුණා .ඕක තමා මහින්දගෙන් මට ලැබුණු ප්‍රදානම දේ .මහින්දගේ කාලේදී අපේ ගමට එන්න තිබුණු පාරත් හැදුනා .ගොවිතැන් කරලා තමයි අපේ ගමේ ගොඩාක් අය ජීවත් උනේ .. අපේ තාත්තයි අම්මයි නම් රජයේ රැකියාවක් කලා පොඩි.. ගොවිතැන් කරන ගමන්ම .ගොවිතැන් වලට වතුර තිබුනේ බොහොම අඩුවෙන්,ඉතින් මහින්ද අපිට ලොකු ඇල මාර්ගයක් හදලා වතුර දුන්නා .පැත්තේම ගොවියන්ට මේක ලොකු පිටුවහලක් උනා .කන්න දෙකේදීම ගොවිතැන් කරන්න .. උඹලා කියනවා වගේම මහින්ද මේවගෙන් ගසා කන්න ඇති උඹලා කියනවා වගේම, මම දන්නේ නැ කෑවද නැද්ද කියලා ,කොහොම උනත් අපේ,වගේම ගමෙත් සැම අයෙකුගේම වගේ ජීවන මට්ටම උඩට අවා .එක බොරු කියන්න කාටවත් බැ.
ඒ වගේම යුද්දේ ඉවර කරන්න ප්‍රබල දේශපාලන නායකත්වයක් දුන්නා .එක කාටවත් නැ කියන්න බැ .යුද්දේ ඉවර උනාම රටේ සැම අයෙකුගේම ජීවන තත්වය ඉහල ගියා .එක අනිවාර්යෙන් අපි පිළිගන්න ඕනේ දෙයක්.
අනේ මන්දා බන් උඹලට මෙහෙම කියලා..
ඊට පස්සේ මම අමාරුවෙන් පාඩම් කරලා , කරලා A/L කරලා ඉංජිනේරු පිඨයකට යන්න පුළුවන් උනා. මෙතැනදී මට මහින්ද ගෙන් උදව්වක් ලැබුණා , තිබුණු එක exam එකක් pass උන 4 දෙනෙක් වැඩි දුර අධ්‍යාපනය ලබන්න Singapore වල University එකකට යවන්න තීරණය කරලයි තිබුණේ අපේ campus එකෙන්. මෙන්න මෙතැනදී මහින්ද කිවා 4 දෙනෙක් නෙවේ පස් දෙනෙක්ම යවන්න කියලා ,, ඒ සල්ලි pass කරන්න කියන්නම් කියලා .. ඕකෙන් 5 වෙනියා විදියට යන්න ලැබුනේ මට .. නිකන්ම නිකන් , සාමාන්‍ය පවුලක බය්යෙක් උන මට මහින්දගෙන් ලැබුන දේවල් තමා මේ...
ඉතින් මම මහින්දට කඩේ යන එක වැරදිද ... එකනේ මට තිබුණු එකම නිල් කොටුවත් රතු වෙලා තියෙන්නේ.මේ විදියට අනිත් ආණ්ඩු වලට වඩා මහින්දගෙන් මේ රටේ ගොඩක් අයට යම් යම් දේවල් ලැබෙන්න ඇති ..
ඒ නිසාම මගේ චන්දෙත් දෙන්නත් එක්කම Singapore වල ඉඳන් ඇවිත් චන්දෙත් දුන්නා බන් මම..
එත් මේ රටේ ගොඩක් එවුන්ට මුල අමතක වෙලා කියල දැන් මට හිතෙනවා. ගොඩක් අය ලැබුන දේවල් පැත්තකට දාලා වෙනසක් කරන්න ගිහිල්ලා .. සිංහල යන්ට වරදින තැන මෙතන තමයි.

මෛත්‍රී දැන් ජනාදිපති වෙලා ,, ජයග්‍රහණය කරපු දිස්ත්‍රීක්ක අනුව බලපුවම LLTE පාලන ප්‍රදේශ ඔක්කොම වගේ එයා දිනලා, අයෙත් ඊළමක් අයෙත් ඇතිවෙන ලකුණු ,, දැන් කට්ටිය කියයි ජාතිවාදේ අවුස්සනවා කියලා, දකුණේ,වගේම කොළඹ ජිවත් වෙන උන් දන්නේ නැනේ ඒ පැත්තේ වෙන ජාති , එහෙ වැඩ කරන කෙනෙක්ගෙන් අහල බලපල්ලා කොහොමද සිංහල එකෙක්ට සලකන්නේ කියල. Nurse කෙනෙක් Doctor කෙනෙක්ගෙන් වගේ ,, මර කරදරයක්ලු තියෙන්නේ ... එහෙමයි උන් ජතිවදෙකින් තොරව එහෙ සමාදානෙන් ජීවත් වෙන්නේ ...

අනික මම අද දැක්ක දෙයක් තමයි මෛත්‍රී ගේ දිවුරුම් දීමේ උස්සවය ,,, කිසි කමකට නැනේ බන් ,,, උස්සවයක් ප්ලෑන් කරගන්න බැරිකෙනෙක් රටක් කරයිද මන්දා . හෙල්ලෙන කැමරාවකින් අතරින් පතර මෛත්‍රී දැක්කා ..අනිත් වෙලාවට කැමරා ගොඩක් දැක්කා tv එකේ... අනේ මන්දා බන් ,, දිවුරුම් දීමේ උස්සවය මෙච්චර අජුත ඇයි කියලා. අනික දිවුරුම් දෙනවා කියන්නේ මොකක්ක්ද ? රටක ජනතාව ඉදිරියේ , රට ආරක්ෂා කරනවා කියලා වගේම තවත් කරන දේවල් කියලා දිවුරා ප්‍රකාශ කිරීම , මු කියපු දේවල් උඹලට ඇහුනද ? මට නම් ඇහුනේ නැ .. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියපල්ලකෝ... මු දෙමළෙක් ඉස්සරහා මොනවා කියලා දිවුරුවද කියලා උඹලා දන්නවද ?


අනික ජනාදිපති දිවුරුම් දෙනකොට තව එකෙක් උගේ මුනට එබිලා මොනාද කියනවා ,,, මොනාද බන් මේ වැඩ .. කිසි දාක චන්දයක් දිනන්න බැරි පොනිල් එක පාරම අගමැති කියලා දිවුරුම් දුන්නා .. එහෙමත් කරන්න පුලුවන්න්ද ? අනික උ කියපු මගුලක්වත් ඇහුනේ නැ ... මේවා රටට කෙලෙවෙන වැඩ කියලයි මට නම් හිතෙන්නේ ... උඹලට මොනවා හිතෙනවද දන්නේ නැ . හිතෙන දේවල් කියපල්ලකෝ බලන්න ,, මගේ රේප් කපන්නේ නැතුව ,, පලවෙනි දවසෙම මෙහෙම නම් තව මොනවා වෙයිද කියලා මට නම් හිතාගන්න බැ ..

මට අන්තිමේට කියන්න තියෙන්නේ මෛත්‍රී යුගයක් ,පොනිල් පාලනයක් කියලා තමයි . මහින්ද ගැන වගේම රට ගැනත් ගොඩක් දුක හිතිලයි බන් මේක type කලේ ,,, උඹලට මොනවද හිතෙන්නේ ?

උ ගසා කෑවා කියමුකෝ .එත් ඇත්තටම උඹලට මහින්දයා ගැන පොඩි දුකක් වත්, ගෞරවයක් වත් නැද්ද බන් ?

Lakshan-Seram 01-09-2015 08:42 PM

Ithin ban oka kalin kiyanna tibba ne.. den kiyala wedak na ne :(

Radioactive 01-09-2015 08:42 PM

මෛත්‍රී AL SSS තුනක් තියෙන එවුන්ටත් degree එකක් කරන්න අවස්ථාව දෙනවා කියලා තියෙන්නේ, ඒක කොච්චර හොද දෙයක්ද.

topkollek 01-09-2015 08:45 PM

ඒකනෙ බන් කෝටි 10ක් වත් වියදම් කරල උත්සවයක් තියන්න තිබුනනෙ අර මහින්දය කලා වගෙ

Lasanthajn 01-09-2015 08:45 PM

උඹ University ගියාට මොලයක් නැහ වගේ..

Butter Gel 01-09-2015 08:45 PM

තමන් ගේ වාසි සහා තමන් ගැන විතරක් හිතන්ඩ එපා බන්..
උබ මහා Selfish පොන්නයක්


https://scontent-a-hkg.xx.fbcdn.net/...b9&oe=55286073:P:P:rofl:

Jolly_Roger 01-09-2015 08:47 PM

MY3 awa kiyala okkoma prashna wisadenne naha machan. aththa mahinda yudde iwara karanna deshapalana nayakathwaya dunna. eth horakama nasthiya wanchawa ekka ratak geniyanna baha ne ban. MY3 hoda nathnam eyatath ekama thamai wenne. :nerd::nerd:

ජිංතක ජිල්ලබකිට 01-09-2015 08:47 PM

http://www.dailymirror.lk/images/documents/60813/12.jpg

http://www.dailymirror.lk/media/images/_DSC4622.jpg

පඩ ශෝ නැති චාම් උත්සවයක්

draj 01-09-2015 08:48 PM

21:27 idala aniwaaryen balanna

amila1amila 01-09-2015 08:48 PM

Ithin ban oka kalin kiyanna tibba ne.. den kiyala wedak na ne :(


All times are GMT +5.5. The time now is 09:58 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01676 seconds with 9 queries