අපිව අත්අඩංගුවට ගන්නවලු.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අපිව අත්අඩංගුවට ගන්නවලු.

මෙන්න ඔබ අත් අඩංගුවට ගන්න යනවා ය. ප්‍රවෘත්තිය දිනමිණේ පළ වී ඇත්තේ මෙසේ ය:‍


"බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි.


"මෙසේ හොරට පරිගණක මෘදුකාංග පාවිච්චියට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි දෙනෙකු ද පුරුදු වී සිටින බව සිදුකළ මූලික පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.මේ පුද්ගලයන් හා ආයතන ඉතා ඉක්මනින් මෘදුකාංග පරිහරණය සඳහා බලපත් ලබාගැනීමට පියවර නොගන්නේ නම් බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය හමුවට පමුණුවන බව රහස් පොලිසිය සඳහන් කරයි."


මෙය පටන් ගත යුතුව ඇත්තේ රජයේ ආයතනවලිනි. රජයේ කාර්යාලවල, පාසල්වල ඇති සියලු පරිගණක සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට මුදල් ගෙවා තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබේ.


ලාභ ලබන පෞද්ගලික සමාගම් විශාල වශයෙන් මෘදුකාංග සොරකම් කරන බව ඇත්තකි. එය වැළැක්වීමට පියවර ගත යුතුව තිබේ.

ලංකාවේ ගායකයන්ගේ ගී තැටි අද නිකුත් වූ විට හෙට සිට කොළඹ පදික වේදිකාවන්හි හොර කොපි ලෙස කුණු කොල්ලයට මිළ දී ගන්නට ඇත. එහෙත්, ‍අපේ ගායක ගායිකාවන්ගේ බුද්ධිමය දේපල හිමිකම ආරක්ෂාකර දෙන්නට කිසිදු වැඩපිළිවෙලක් රහස් පොලිසිය‍ට හෝ රජයට නැත. අඩු තරමේ එවැනි කලාකරුවකු කරන පැමිණිල්ලක් විභාග කරන්නටවත් උනන්දුවක් නැත.


එහෙම තත්වයක් තිබියදී මයික්‍රොසොෆ්ට් සමාගම වෙනුවෙන් කඩේ යන්නට රහස් පොලිසිය පොළඹවන්නට ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ඇමති ඇතුළු බලධාරීන්ට ඇති අමාරුව කුමක් ද? මේ පසුපස ලංකාවේ මයික්‍රොසොෆ්ට් කොම්පැනියේ සල්ලි කැරකෙනවා විය හැකි ය.


ලංකාවේ සාමාන්‍ය ජනයාට එක්කෝ විවෘත කේත මෘදුකාංග ඉගෙන ගැනීමට හෝ නැතිනම් සාධාරණ මිළකට මෘදුකාංග මිළ දී ගැනීමට රජය සලස්වා ඇති පහසුකම් මොනවා ද?


මයික්‍රොසොෆ්ට් හාම්පුතුන් සතුටු කරන්නට බොරු මාධ්‍ය සංදර්ශනයක් දැම්මාට නම් කමක් නැත. එහෙත්, මේවා ඇත්තෙන් ම ක්‍රියාත්මක කරන්නට ගියොත් සිදු වන්නේ ලංකාවේ පරිගණක පරිහරණය කරන එවුන් ඔක්කෝ ම ටික මහා කඳවුරක් හදා ගාල් කරන්නට ය. අත් අඩංගුවට ගනු ලබන පරිගණක ටික දාන්නට කොළඹ නගරය විතර ලොකු යාඩ් එකක් අවශ්‍ය වනු ඇත.

ලංකාවේ තොරතුරු තාක්ෂණයට ද එතැනින් තිත තැබෙනු ඇත. සන්තෝස ද තිස්ස?


අවසාන වශයෙන් කිව යුතු දෙයක් ඇත. බුද්ධිමය දේපල හිමිකම් යනු ආරක්ෂා කිරීම දුෂ්කර ම හිමිකමකි. එම නීති සම්බන්ධයෙන් ආචාරධාර්මික ගැටලු රැසක් ද තිබේ. රටක සමාජය ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් දියුණු නො වන තාක් මේ ප්‍රශ්න විසඳිය නො හැකි ය. හුදු ආර්ථික දියුණුව වුව නො සෑහේ. සමාජය නීතියේ ආධිපත්‍යය ස්වේච්ඡාවෙන් පිළි ගන්නා මට්ටමට ආචාර ධාර්මික විය යුතු ය.


සරළව කීවොත්, තමන් අසන ගීය වෙනුවෙන් ගායකයාට මිළක් ගෙවීම තම යුතුකමක් ය කියා සිතන අන්දමේ රටක පමණක් බුද්ධිමය දේපල හිමිකම් රැකෙනු ඇත.


එතැනට යන්නට මෙහෙම නම් කවදාවත් බැරි ය.

උපුටා ගැනීම W3Lanka
 
Last edited:

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
විද්‍යා හා තාක්ෂන ඇමති තිස්ස විතාරනයි උගෙ අමාතයන්සෙ ගෝලයො ටිකයි හිතාගෙන ඉන්නෙ උන්ට පඩි දෙන්නෙ microsoft එක කියල:growl::growl::growl::growl::growl::growl:
අපිව අල්ලන්ඩ ආපු දවසට තමා බලා ගන්නෙ:growl: ඔහොම යන්කෝ:P:P:P:P
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
එදා වේල අමාරුවෙන් පිරිමහගන්න අපිට තව දාස් ගණන් දීල software ගන්න ගියාම ආශ්චර්යය හොදටම පෙනෙයි.. bill gatezz ලෝකේ ලොකුම ධානපතියෝ අතරේ ඉන්නේ අපි සල්ලි දීල software ගත්ත නිසා නෙමයිනේ ඉතින් ඔයේ හිටිය වගේම හිටියනම් ලොකු දානමය පුණ්‍යකර්මය කර්මයක් කරගත්ත වෙනවනේ.. ඒ පින් වල බලයෙන් ලබන ආත්මෙත් ලෝකේ ලොකුම ධානපතියෝ අතරේ ඉන්න පුළුවන් වෙයිනෙ.. බිල් අයියාට නිවන් සැපම ලැබේවා...
 

junda007

Member
Dec 16, 2007
247
2
0
USE LINUX wade iwarane and use 3rd party or open source software wade iwarai microsoft eken karana okkoma karatha hakine :D
 

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    අපේ රටේ උන් හැමදාම කලේ පිට එවුන්ට කඩේ යන එක තමයි...මේ වගේ මොන්ටිසෝරි වැඩක් කලොත් මිසක් ඔය කිසිම ඇමතියෙකුට තියෙනවද තනියෙම ඊ මේල් එකවුන්ට් එකක් හදාගන්න තරම් දැනුමක්?සමහරු ඉන්නවා කොම්පියුටර් එකක් අල්ලලාවත් නැති වුන්..මේ වගේ එවුන්ගෙන් මේ දේවල් තමයි බලාපොරොත්තු වෙන්න පුලුවන්....
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth

    Use UNIX
    Based on BSD UNIX®

    FreeBSD® is an advanced operating system for modern server, desktop, and embedded computer platforms. FreeBSD's code base has undergone over thirty years of continuous development, improvement, and optimization. It is developed and maintained by a large team of individuals. FreeBSD provides advanced networking, impressive security features, and world class performance and is used by some of the world's busiest web sites and most pervasive embedded networking and storage devices.


    http://www.freebsd.org/



    Office
    http://download.openoffice.org/index.html



    infact doesn't matter they only catch business people no individual personal usage.

    this thread owner seems to be a noob.