ලැප්ටොප්-Laptop

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    එළකිරි එකේ ඉන්න ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමයි ලැප්ටොප් එකක් ගන්නේ කොහෙන්ද, හොඳ Brand මොනවද, කොහෙන්ද හොඳ ලැප්ටොප් ගන්න තියෙන්නේ, warranty කොහොමද කියන ඒවා. ලැප්ටොප් එකක් මිලදී ගන්න කට්ටියට පොඩ්ඩක් හරි උදව් කරන්න තමයි අද මම උත්සාහ කරන්නේ.

    මුලින්ම එන ප්‍රශ්නය තමයි ගන්නේ මොන වගේ ලැප්ටොප් එකක්ද කියන එක. ඒක ප්‍රධාන කරුණු කීපයක් මත වෙනස් වෙනවා.

    • තමන් ප්‍රධාන වශයෙන් මොනවගේ කාර්යයන් සඳහාද ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න යන්නේ
    • තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරක්ද

    මෙතැනදී වැදගත්ම දේ තමයි තමන් මොකදට මේ ලැප්ටොප් ඒක පාවිච්චි කරන්න ගන්නේ කියන ඒක හරියටම තීරණය කරගන්න ඕනි. එතකොට අපිට අනවශ්‍ය විදියට මුදල් නාස්ති නොකර අපේ කාර්යයට හරියන හොද ලැප්ටොප් එකක් ගන්න පුළුවන් වෙනවා. නැත්තන් අපිට වෙන්නේ ලැප්ටොප් එකෙනුත් හරියට වැඩක් අරගන්නේ නැතුව අපේ මුදලුත් නාස්ති කරගන්න.

    සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ලැප්ටොප් ගන්නේ සාමාන්‍ය වැඩක් කරන්න(Internet Browsing, Word, Excel, Powerpoint walata). එකට සාමාන්‍ය මට්ටමේ ලැප්ටොප් එකක් හොදටම ප්‍රමාණවත්(Core 2 Duo or Dual core with 2GB memory).
    විශේෂයෙන් මේක කියන්න ඕනි. ලැප්ටොප් එකක් Games ගහන්න කවදාවත් ගන්න එපා. අරන් වැඩක් නෑ. Games ගහනකොට ලැප්ටොප් ඒක රත් වෙන්න පටන් ගන්නවා.ඒක ඒ තරම් ලැප්ටොප් එකට හොඳ නෑ. ඊටත් වඩා ලැප්ටොප් ඒක ගන්න යන මුදලින් ගොඩක් හොඳ VGA එකක් තියන Desktop එකක් ගන්න පුළුවන්.


    ඊට පස්සේ සලකන්න ඕනි මොන Brand එකද ගන්නේ කියන ඒක. ඒක නම් ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ තමන්ට වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණය එක්ක. ලැප්ටොප් Brands ගොඩක් වෙළඳපොලේ තියනවා. ඒවායින් ප්‍රසිද්ධ ඒවා තමයි,
    • Apple
    • Sony
    • Dell
    • Asus
    • Toshiba
    • HP
    • Acer

    ඔය Brand වලින් හොදම කියල සලකන්නේ Apple. ඒත් මේකේ මිල ගොඩක් ඉහල මට්ටමක තියන නිසා කට්ටිය ගන්නවා ටිකක් අඩුයි.
    ඊට පස්සේ Sony, Dell, Toshiba, Asus. මේවත් ටිකක් විතර මිල ඉහලයි. ඒ උනාට ලැප්ටොප් ගොඩක්ම හොඳයි. ඒ නිසා ගොඩක් කට්ටිය මේ ලැප්ටොප් වලින් එකක් තමා ගන්නෙ.
    ලාබෙට හොද ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් HP තමයි. එත් ඒක ලාබ උනාට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. ලැප්ටොප් ඒක රත් වෙනවා අනිත් ඒවාට වඩා. අනිත් ලැප්ටොප් වර්ග වලට වඩා Faults තියනවා. සාමාන්‍යයෙන් Faulty rate එක වැඩිම HP තමයි.


    ඔන්න ඉතින් ලැප්ටොප් එකකුත් තෝරගත්ත කියමුකෝ. දැන් ඉතින් ඕක කොහෙන්ද ගන්නෙ. ඔන්න ඔතනදි තමයි අපේ කට්ටිය වැඩේ අනාගන්නේ. සාමාන්‍යයෙන් ලැප්ටොප් Dealers ල ළඟ මිලට වඩා පිට කඩවල්වල මිල අඩුයි. ඒක නිසා ගොඩක් කට්ටිය පිට කඩවල්වලින් තමා ලැප්ටොප් ගන්නෙ. ඒත් හොදට මතක තියාගන්න ඕනි මේ ගොඩක් අය කරන්නේ පාරිභෝගිකයන්ව රවට්ටලා ලැප්ටොප් විකුනනවා. ලැප්ටොප් ඒක ගන්නකන් දෙවියෙක්ට වගේ සලකනවා, ඊට පස්සේ බල්ලෙක් තරම්වත් ගණන් ගන්නෙ නෑ. ලාබෙට ගන්න ගිහින් පිට තැන වලින් හොදට මට්ටු වෙනවා Warranty Claim කරන්න එහෙම ගියාම. අපේ කට්ටිය හොඳට දන්නවා ඇති මේවා, මොකද මමත් කටු කාල තියනවා ඇති වෙන්න, ඒ වගේම ඔයාලත් කටු කාල ඇති ඇති වෙනකන්.

    ඒක නිසා හොඳම දේ තමයි ගැන ටිකක් වැඩි උනාට කමක් නෑ Laptop Dealergen ම ලැප්ටොප් ඒක ගන්න හොඳට මතක තියාගන්න. මං ලැප්ටොප් Dealersla කවුද කියලත් මෙතන දාන්නම්. එතකොට ඔයාලට ලේසියි. දන්න Dealers ලගේ නම් දාන්නම්. මං දන්නේ නැති Dealers ල ඉස්සරහින් හිස්තැනක් තියල තියනවා. දන්න කවුරුහරි ඉන්නවනම් ඒ Brand එකේ Dealer කවුද කියල comment එකක් දාන්න. මං update කරන්නම්.
    • Apple-EPSI-kollupitiya
    • HP-DMS,Borella
    • Dell-Softlogic
    • Asus-EPSI,kollupitiya
    • Acer- Metropoliton
    • Sony-
    • Toshiba- John keels, Abans

    දැන් ඉතින් ඔයාලටත් යම් අදහසක් එන්න ඇතිනේ මොනවගේ දේවල්ද හිතන්න ඕනි කියල ලැප්ටොප් එකක් ගන්නකොට. පොඩි හරි උදව්වක් උනානම් මේ ලිපිය comment එකක් දාල යන්න.

    දැන් ඉතින් මෙතන මරාගන්න යන්න එපා අරකට වඩා මේක හොදයි, මේකට වඩා අරක හොදයි කියල. මොකද මං මේ දැම්මේ සමස්තයක් විදියට අරගෙන. ලැප්ටොප් වර්ගය අනුව සුළු සුළු වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්.

    මොනවහරි දැනගන්න එහෙම ඕනිනම් comment එකක් දාන්න. මමම නැතත් දන්න කවුරුහරි කියල දෙයි.
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,231
    3,788
    113
    LONDON
    Apple is no better than ASUS/Alianware. It's just they charge high price which people think good quality (Marketing strategy).

    All the brands have premium class and those are much better than their own mainstream class (Eg: Asus G Series/ Dell Alianware Series/ HP Envy series/ Acer Ethos)

    I have no issue with playing games on notebook. It's getting hot, but most gaming notebooks are premium class notebook which comes with good warranty.

    My personal choice is ASUS/HP Envy/Apple
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ලාබෙට හොද ලැප් එකක් ගන්න ඕනිනම් ඉතින් HP තමයි. එත් ඒක ලාබ උනාට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා. ලැප්ටොප් ඒක රත් වෙනවා අනිත් ඒවාට වඩා. අනිත් ලැප්ටොප් වර්ග වලට වඩා Faults තියනවා. සාමාන්‍යයෙන් Faulty rate එක වැඩිම HP තමයි.

    ඔයා කියනවා HP වල ‍faults වැඩී කියල. ඒත් මේ poll එකේ ‍වැඩිම usersල ගානක් ගාව තියෙන brand එක HP. එහෙම වෙන්නෙ ඇයි? :oo:

    http://www.elakiri.com/forum/showthread.php?t=1057229

    net එකේ reviews බැලුවත් හුගක් වෙලාවට first 5 ඇතුලේ HP තියෙනවා. :nerd:

    අනික තමයි ලාබම HP නෙවේ. Acer තමයි ලාබම. :baffled:

    අනෙක් කරුණු එක්ක නම් මම එකගයි :) විශේෂයෙන් dealersලගෙ ගාන වැඩි වුනත් එයාලගෙන්ම ගන්න එක වැදගත් lap විතරක් නෙවේ වෙන ඕනම දෙයක් :D

    REP+
    11.gif
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    hp wala machan ehema kiyanna tharam awul nea ehama thiyanawanam machan eka oya technocity wage kadekin gaththa ekak puluwan nam dubai wage ratakin ekak gennagena balapan kisima awulak nethuwa weda
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    උබ HP machine එක්ක මොකක් හරි අවුලක් තියද??:oo::oo:

    උබ බෑලුවොත් ඈත්නම් HP වලට බනින එකමය් කරන්නෙ??
    :baffled::baffled::angry::angry:

    poddak balahan google karala loke wadipurama 2010 sale eka mana brand ekada kyala....
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    macahn mage tiyenne asus ekak ubalata attama kiyanne 3 years waranty danata 2 years man aniwarayennma dawasata 10 hours wath use karanawa tama kisima ledak awe na kisima error ekak na apple gawata hodama asus tamai
     

    harsh77

    Member
    Jan 18, 2011
    181
    19
    0
    කාණුවේ
    hp aul kiyana eka piliganna be, mama 2 years use kale hp lap ekak, eka dila dan gaththeth hp ekak, uba kiyanawata rath wenawada kiyala mama me danuth baluwa, eth ban mekenam kanata ahena saddayak wath kisima rath wena gathuyakwath na, meka aran nam dan 3 month athi, TECHZONE gaththe.... anika bn HP ganan aduma kiyannath be, mama ganna giya welawenam dakke toshiba thama gana aduma,
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    උබ HP machine එක්ක මොකක් හරි අවුලක් තියද??:oo::oo:

    උබ බෑලුවොත් ඈත්නම් HP වලට බනින එකමය් කරන්නෙ??
    :baffled::baffled::angry::angry:

    poddak balahan google karala loke wadipurama 2010 sale eka mana brand ekada kyala....

    මාත් ඒකමයි බැලුවේ :oo: