<<<නිධානයට~යන~පාර~හොයමු>>>>

Djtharindur

Member
Dec 26, 2009
2,666
363
0
<<<නිධානයට~යන~පාර~හොයමු>>>>

නිධානයට~යන~පාර~හොයමු!!!:yes:

කැළඹුන මනසින් යුතුව සන්ධ්‍යවේ නිවසේ ඔබ බොබ ඇවිදිමින් සිටි මා හට මෙම අසහනකාරී සිතුවිලි ජාලයෙන් මිදෙන්නට වුවමණා විය...නමුත් පිළිසරණක් නොවිය.මගේ පැනයට පිළිතුරු ලැබිය හැකි කිසිවක් මගේ සන්තානයේ තියා දකින්නටවත් නොවිය.මුදුලට බැස වත්තේ මල් ගස් දිහාද අහස දිහාද බලමින් මගේ හිත තැන්පත් කරගැනීමට වෙර දැරුවෙමි...

එවිටම මගේ මිතුරෙකුගේ මෝටර් බයිසිකලය සද්දය ඇහෙන්නට විය.වහ ගේට්ටුව අර පාරට බැසගත්තේ ඔහු සමග ටිකක් කතා කිර සිතට නිදහසක් ලබා ගැනීමේ අරමුණෙනි.නමුත් අරමුණ නිෂ්පල විය.තත්පර කිසිපය අල්ලප සල්ලාපයේ යෙදුනු ඔහු...
"මචෝ ඩෙෆා 26 වෙනිදට වරෙන් මගේ පලවෙනි එවෙන්ට්(රේස්) එක එදාට....
මං යනවා මචෝ වැඩ වගයක් තියෙනවා"

මාත් "හරි හරි අනිවා එන්නම්.." කියා සිනහවකින් සංග්‍රහ කර ඔහුයන දිහා බලා නැවත ගෙට ගොඩ වුනෙමි.

තවමා සිත තුල කකරෙන සිතුවිලි ගොඩකින් හිත කීරි ගැසේ...මා මගෙන්ම ප්‍රශ්න කලෙමි.නමුත් ප්‍රශ්නය මෙයයි කිමටවත් මට නොතේරෙන බව ඒත්තු ගැනිණි.වේලාසන ඉරිදා පත්තරය ගෙදරට ගෙන නිසා එය කීමට අදිටනින් පැත්ත ඇති තැනට එබෙම වගේ ආදී ආවෙමි.
පත්තරේට උඩින් බුදුසරණ පත්තරය තිබෙනු දුටිමි.හිතට මහත් සැනසීමක් දැනුනි.පත්තර අතට ගෙන මද වෙලාවක් එදෙස බලා එය කියවිය යුතුයි හිතා පුටුවේ හිඳ ගතිමි.එහි ඇති එක කතාවකට මගේ හිතා ගැටුණි.
කොච්චර හිනසී වරක උඩ පැන පැන දඟලුවත් ජිවිතේ යථා ස්වභාවය තේරුම් යන්නේ අපට දුකක් කරදරක් දැනුන විටය.එයයි මනුස්ස ස්වභාවය.එය පුද්ගයගෙන් පුද්ගලයට තරමක වෙනසක් විය හැකි වුවත් යථාර්තයනම් එයයි(මා සිතන පරිදි).

අපි සමාජය සමග දවසින් දවස විවිද අයුරින් ගැටෙන්නට සිදුවේ.හිතට එන අරමුණු සමග බැඳී පෘථක්ජන අපි විවිධ සිදුවීම් වල මුණ පායි.ඒ අපගේ ඇලීම නිසාය.මේ සංසර චක්‍රයට අපි තවමත් බැඳී දුක් විදුනුයේ ඒ නිසාවෙනි.මා මෙම කතාව කීමට පටන් ගත්තේ ඔබ කාටවත් බුදු දහම කියා දීමට නොව....මදකට නවතින්න...මට කීමට වුවමණා දේ මෙම කතාව කියෙවට ඔබට වැටහේවි...



එය වියට්නාම් යුද්ධය පැවතුණු අවධියයි. ඇමරිකානු හමුදාවේ සේවය කළ තරුණ නිර්භීත සොල්දාදුවෙක් දිනක් කැලිෆෝනියාවේ වාසය කළ සිය දෙමවුපියන්ට දුරකතනයෙන් කතා කළේය.

“ තාත්තේ මට හමුදාවෙන් නිවාඩු ලැබී තිබෙනවා. ලබන සති අන්තයේ දී ගෙදර ඇවිත් යන්න බලාපොරොත්තු වෙනවා.”

“ හරිම සතුටුයි පුතා. මාත් අම්මාත් දෙන්නාම පුතා එනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා. නො වරදවාම එන්න .” පුතාගේ ගමනට ධෛර්ය දෙමින් ඔහු පැවසීය.

“ ස්තූතිය තාත්තෙ. නමුත් මට එක්තාරා උපකාරයකුත් අවශ්‍යයි. මා සමග මගේ මිතුරෙකුත් එනවා. ඔහුටත් අපේ ගෙදර නැවතීමට වුවමනා කරනවා.”

“ඒක ඒ අයුරින්ම ඉටුවේවි පුතා. ඔහුත් කැටුව එන්න. ඔහු හමුවීම සම්බන්ධයෙනුත් අප මහත්සේ සතුටට පත් වෙනවා.” “තාත්තේ එය එහෙම වුනත් තව බරපතළ ප්‍රශ්නයකුත් තියෙනවා. මගේ මිතුරා හමුදා මෙහෙයුමකදී අතකුත් පාදයකුත් අහිමි වුණු කෙනෙක්.” පුතා විස්තර දැන්වීය.

“ එහෙම නම් ඔබේ මිතුරාට වෙන කොහේ හරි තැනක නැවතීමට පිළිවෙළක් කළොත් නේද හොඳ?” තාත්තා මඳක් අදි මදි කළේය.

“ නැහැ තාත්තෙ. ඔහු වෙන කොහේවත් නවතින්නෙ නැහැ. ඔහුට මා සමඟම නැවතීමට අවශ්‍යයි “ පුතා අයැද සිටියේය.

“මේ අහන්න පුතා අතක් පාදයක් නැති කෙනකු තියාගත්තොත් අපට මොනතරම් කරදර හිරිහැර වලට මූණ පාන්න වෙනවද?” “තාත්තේ ටිකක් පුළුල්ව හිතන්න. කරදර හිරිහැර අපේ ජීවිතේම කොටසක්. ඒ ගැන සලකා කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව තීරණයක් ගන්න. මා වෙනුවෙන් එය ඉටු කරන්න.”

“ පුතා අනවශ්‍ය කරදර මිලකුත් ගෙවල ගන්න මට අවශ්‍ය නැහැ. ඔහුට වෙන කොහේ හරි යන්න කියන්න. පුතා ඔහු ආවොත් ගෙදර නිදහස සම්පූර්ණයෙන් ඇහිරෙනවා. හිතන්න බැරි තරමේ කරදර රාශියකට නේද මේ ආරාධනා කරන්න යන්නෙ. ඒ වැඩේට මං විරුද්ධයි.”

පුතා ඇමතුම විසන්ධි කළේය. ඊළඟ සතියේ ඔහු ගෙදර නාවේය. දින කීපයකට පසු කැලිෆෝනියා පොලීසියෙන් එම දෙමවුපියන්ට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි.

“ හමුදාවේ සේවය කළ ඔබේ පුතා කොහේදෝ ඉහළ මහලකින් බිමට වැටිල ජීවිතක්‍ෂවට පත්වෙලා. සිය දිවි හානිකර ගැනීමක් ගැන සැක කරනවා.”

සිද්ධිය අසත්ම ඔවුන්ට සිහි එළවා ගත නොහැකි විය. දෙමව්පියෝ දේහය තබා තිබුණු ස්ථානයට ගියහ. දේහය දකිත්ම ඔවුන් ඔසොවා පොළොවේ ගැසුවාක් මෙන් විය.

ඔහුට අතකුත් පාදයකුත් අහිමිව තිබිණි. මිතුරෙක් වෙනුවෙන් යැයි කළ ඉල්ලීම කා වෙනුවෙන් දැයි ඔවුන්ට වැටහෙන විට ප්‍රමාද වැඩිය.

“ අප කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කළානම් ඔහු තවමත් අප ළඟ ජීවතුන් අතර නේද? ” පියාට ඉබේටම කියැවිණි.



කතාව අවසානයේ මෛත්‍රිය ඇති වටිනා කම ගැන ඔබටත් අවබෝධ වෙන්න ඇති කියල හිතෙනවා.මා හටත් බොහෝ දේ අවබෝධ විය.මේ ලිපිය ලියන අතරවාරයේ පවා ඒ ගැන මෙනෙහි කරමි.මගේ තිබු අසහනකාරී තත්වය පහව ගොස් ඇති බව මට දැනුනේ සිතට දැනුනි සහනය නිසාවෙනි.ඒ මේ කතාවේ ඇති ශෝකන්තයෙන් මා ලැබූ සහනයක් නොවේ ජිවිතේ සමග ගැටෙන කරුණු විසදගනිමෙන් ලෝකයටද සේවයක් කල හැකියි හිතු බැවිනි.මේ සිදිවීමා සිදුවී අවසානයි මතු මෙවන් දේ ඇසීමට දැකීමට අපට නොවිමටනම් අපි මෙයි ගත හැකි පණිවිඩය සමාජ ගත කල යුතියි.එයයි එම අසරණ වූ සෙබලාට කල හැකි සාධාරණය!!!

උක්ත දැක්වූ කතාව මගේ නිර්මාණය නොවුවත් හැමෝට දන ගැනීම පිණිස පල කිරීමට හිත් දුනි.අපි ලෝකයේ සම දෙකටම ඇලිලා ඒවා නැති වුනාම රණ්ඩු වෙනවා,අඬනවා,තවත් සමහරු ජීවිතෙන් වන්දි ගෙවනවා.තාරුණ්‍යයේ කෙළිලොල් ජිවිතේ ඇතුලෙන් එට වැඩ අතුලන්තයක් තියෙනවා.හැමදාම මේ තරුණ බව රැකෙන්නේ නෑ....ජීවිතේදී මුණ ගැහෙන හැමෝටම පුංචි හිනාවකින් හරි සංග්‍රහ කරන්න පුලුවනම් එක ගොඩක් වටිනවා.ජීවිතේට බුද්ධ දර්ශනයෙන් ගත හැකිද බොහෝය.මගේ රචනා ශයිලිය එතරම් දියුණු නොවුවත් මා හට කීමට අවැසි දේ කීවෙනි.වරදක් හිදුවී ඇත්නම් කරුණාවෙන් එය නිවැරදි කර දෙන්න.අනෙක් අයටත් දැනගන්න ඔබේ වටිනා අදහසත් එක කර යන්න කියල ඉල්ලා සිටිනවා.

මෛත්‍රීය වැඩීමෙන් අපිට ජිවිතයේ ලබාගත හැකි අව්‍යාජ වූ සැනසීම් ආනිසංස බොහෝය...
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!
බුදුසසුන ලොව බැබලේවා!!!
 
Last edited:

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කතාව නම් හොඳයි මල්ලි... ඒත් මේ සේරම ඇවිල්ල, 'ඉපදීමේ දුක' කියන කාණ්ඩයට අයත් දේවල්!!

    මේ සංසාර ගමනේ රැඳී ඉන්නා තාක් කල් අපිට ඔයිට වඩා දේවල් අහන්න / දකින්න, ඔයිට වඩා දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මයි!!!

    මෙතනින් ගැලවීමම විතරයි එකම විසඳුම!!! හැබැයි ඒකට මයිත්‍රී කිරීම විතරක් හොඳටෝම මදි... අනිත්‍යය දකින්න ඕනේ!!! සත්‍යය අවබෝධ කරගන්න ඕනේ!!!
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අද සමාජයට ඕන පණිවිඩයක් තමයි ඔයා දීලා තියෙන්නේ,මිත්‍රයා.........
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්තටම වටිනා, ජීවිතේට එකතු කරගන්න යමක් තියෙන කතාවක්
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අදහස්වලට ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද වුවාට සමා වෙන්න
    -------
    ස්තුති යාළුවා...:yes::yes:

    --------

    මාතර කිඹුලා;10417653 said:
    කතාව නම් දුකයිමේ දීලා තියෙන ආදර්ශය ගොඩක් හොද එකක් රෙප් දුන්නා මචන් !

    ඔව් යාලු මේ කතාව ගොඩක් දුකයි තමයි.එත් දුක් වීමෙන් විතරක් අපිට ලැබෙන සැනසීමක් ලබා ගන්න අමාරුයි.මොකද හිතේ කනගාටුවත් එක්තරා අතකින් අකුසලය වැදීමක් වෙනවා.අපි මේ කතාවෙන් ගන්න ඕනි ආදර්ශය ලබා ගත්තනම් එක තම ලොකුම ජයග්‍රහණය!!! ජීවිතේට ලැබෙන මේ වගේ පාඩම් වලින් කරුණු කරන තේරුම් අරගෙන නිවැරදි මාවතේ ගමන් කරලා මේ සංසර ගමනින් එතර වෙන්න උත්සහ දරනවානම් ඒ තරම් සැනසීම ජයක් වෙන අපිට ලබා ගැන පුලුවන්ද?
    ස්තුති යාළුවා...ඔබේ අදහස් වලට.:)
    තෙරුවන් සරණයි!!!
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    good post macho.++2

    ස්තුති යාළුවා...:yes::yes:

    ------


    Elaaaz :)
    rep+

    ස්තුති යාළුවා....

    --------



    බොහොම ස්තුති යාලු.

    --------------

    මේ කතාවේ අන්තර්ගතය තේරුම් අරගත්තනම් එයයි මගේ සතුට....ස්තුති ඔබ සැමට!!!