පිටසක්වල ජීවය රාවණා සහ බුදු දහම
ගෞතම බුදුරජාණන්වහන්සේ අංගුත්තර නිකායේ තික නිsපාතයේ දූතිය පණ්‌ණාසකයේ ආනන්ද වගගයෙහි චූලනිකා සූත්‍රයේ චක්‍රාවාටයන් පිළිබඳව විස්‌තරව දේශන කර ඇත. චූලනිකා සූත්‍රය දේශනා කර ඇත්තේ ආනන්ද මහතෙරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.
ආනන්දය සඳ හිරු දෙදෙනා ආලෝකය පතුරුවන ස්‌ථානයේ එක් සක්‌වලකි. එබඳු වූ දහසක් සහස්‌සධාලෝක නම් වෙයි. මේ සහස්‌සධාලෝක ධාතුවෙහි චJද්‍රයෝ 1000 කි. සූර්යයෝ 1000 කි. සිනෙරු පර්වත 1000 කි. ජම්බුදීප 1000 කි. අපරගෝයාන 1000 කි. උතුරුකුරු දිවයින් 1000 කි. පූර්ව විදේහ 1000 කි. සිව් මහා මුහුදු 1000 කි. සිව්මහා රජවරු 1000 කි. චාතුර් මහාරාජික 1000 කි. තව්තිසා 1000 කි. යාම 1000 කි. තුසිත 1000 කි. නිර්මාණ රති 1000 කි. පරනිම්මිත වසවර්ති 1000 කි. බ්‍රහ්ම ලෝක 1000 කි. ඉහත සඳහන් විශ්ව සීමාව ශ්‍රාවක විෂය ප්‍රදේශය වන අතර එකී විශ්ව පරාශය චූලනිකා ලෝක ධාතු නමින් සටහන් වී ඇත.
Êමෙබඳු සහස්‌සි චූලනිකා ලෝක ධාතු දහසක් ද්විසහස්‌සි මඡ්Cධිමිකා ලෝක ධාතු එකකි. උක්‌ත ලෝක ධාතුව ශ්‍රාවකයන්ට විෂය නොවන බව සඳහන්ය. ද්විසහස්‌සි මජිCධිමිකා ලෝක ධාතු දහසක් තිසහස්‌සි ලෝක ධාතුවකි. කෝටි ලක්‍ෂයක් චක්‍රාවාටයන් මෙහි ඇතුළත් බව සඳහන්ය.
මෙයින් පැහැදිලි වන්නේ එක් සඳකින් හා එක ඉරකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය චක්‍රාවාටයක් බවත් එබඳු චක්‍රාවාටයන්a දහසක් සහස්‌සි චූලනිකා ලෝක ධාතු යෑයි ද සහස්‌සි චූලනිකා ලෝක ධාතු දහසක් (1000 X 1000 = 10000000) එනම් චක්‍රාවාට සියක් කෝටියක් තිසහස්‌සී මහා සහස්‌සි ලෝක ධාතු නම් වන බවය.
පෘථිවි මානුෂීය වාග_කයන්ගේ සියලුම ආගමික ග්‍රන්ථයන්හිදී පැරණි ඇමරිකානු ඉන්කා, මායා හා ඇස්‌ටෙක් ආදී ශිෂ්ඨාචාරයන් හී ද, ගෝපි ඉන්දියානුවන්ගේ ද පැසිෆික් සාගරයේ සැමෝටා, හවායි, නවසීලන්ත, ඕස්‌ටේ්‍රලියානු යන ආදීවාසීන්ගේ කතන්තරයන් හී ද අප්‍රිකානු ජනකතා වලද පැරණි චීන හා මැදපෙරදිග සහ සුළු ආසියාවේ සුමේරියන්, බැබිලෝනියන්, හිටයිට් මෙන්ම පර්සියානු සටහන් වලද මිසරයේ පාරාවෝ යුගයන්හි පැපිරස් ග්‍රන්ථයන්හිදී ද සුපිරි සභ්‍යත්ව වාර්ගීකයන්ගේ අභ්‍යාවකාශ යානාවන්ගේ පැමිණීම ඇතුළු නොයෙකුත් ක්‍රියාවලියන් දහ දහස් ගණනක් වාර්තා වී ඇත.
එසේම මෙකී යානාවන් පිළිබඳව විස්‌තර සෘග්, යජුර් ආදී වේදයන්හි මෙන්ම උපනිෂ්ද් බ්‍රාහ්මනික හා පුරාණ ග්‍රන්ථයන්හි ඉතා දීර්ඝව විස්‌තර කර ඇත. අභ්‍යාවකාශ යානා පිළිබඳ සුවිශේෂී ග්‍රන්ථයක් වන සමරංගන සූත්‍රධාර ග්‍රන්ථයේද, භෝජ සෘෂිවරයා විසින් රචිත යුක්‌ති කල්ප තරු, වෛමානික ශ්‍රාස්‌ත්‍ර හා එහි ව්‍යාඛණය වන බෝධානන්ද ග්‍රන්ථයේද මේ පිළිබඳව දීර්ඝව විස්‌තර කර ඇත.
වාල්මිකී විසින් රචිත රාමායණයෙහිත් විස්‌තර වන රාවණා රජුගේ අභ්‍යාවකාශ යානයද රළු හෝ විමාන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන ලබන බව සඳහන්ය. රසදියෙන් ක්‍රියාත්මක වූ (VOTX MERECURY
ENGINE) එම යානය සිතුවිලි වලටත් වඩා වේගයෙන් පියාසර කරවිය හැකි බව උක්‌ත ග්‍රන්ථයේ සඳහන්ය.
ත්‍රිපිටිකානුගත විමාන වස්‌තු සූත්‍රයේද වෛමානික සූත්‍රධරයෙහිද විමාන නම් වූ අභ්‍යාවකාශ යානා පිළිබඳව හා ඒ හා සම්බන්ධ උත්තරීතර සභ්‍යත්ව වාර්ගීකයන් ගැන සඳහන්වේ.
බෞද්ධ දර්ශනයේ භාවනා සම්ප්‍රයුක්‌ත යෝගාචර චරණයේ (භවනාවේ යෙදෙන) යෙදෙමින් සිටින විටදී සමහර අවස්‌ථාවලදී ක්‍ෂණ මාත්‍ර (ඇසිල්ලකදී) දර්ශනය වන හෝ එසේ පාදුර්භූත (ඉබේ පහළවන) වන ආලෝක කදම්බ හෝ ආලෝක හෙවත් ප්‍රභාෂ්වර ජීවීන්ගේ දර්ශනයවීම සමග එකවිටම සිදුවන ෂඩ්භිඥඥනයන් පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් සාක්‍ෂාත්වීම අනුභූතීමය (අත්දැකීම) වින්දනයක් ලෙස මනසෙහි තැන්පත්වේ. ප්‍රභාෂ්වර ජීවීන් පෘථිවි ආධ්‍යාත්මික ඥන දර්ශන වර්ධනයෙහි නිරතව සිටින බවද මේ උතුම් සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් අපගේ ක්‍ෂිර පථයෙහි ජීවනයේ කොටසක් බවද විශ්වමය ඥන ප්‍රත්‍යවේක්‍ෂාකරණයෙහි (නුවනින් සළකා බැලීම) මෙම ප්‍රභාෂ්වර හෙවත් ආලෝක ජීවීන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ට ආධාර උපකාර කරන බවද සොයාගෙන ඇත.
භාවනායෝගී මනසෙහි යෝගාවචරයන් හට එම වාර්ගිකයන් දර්ශනය වීම බෝහෝ විට උතුම් සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් සමග සන්නිවේදන සම්බන්ධතාවයේ පූර්වාරම්භය විය හැක. අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යාවේ සහ මහායාන ලංකාවකර සූත්‍රයේ බ්‍රහ්ම ලෝක සභ්‍යත්ව වාර්ගිකයන් ප්‍රභාෂ්වර ජීවීන් බව සඳහන් වී ඇත. විශ්වයේ පූර්ණ ආකෘතිය හෝ එහි සභ්‍යත්ව වාර්ගීකයන්ගේ විවිධාකාර ව්‍යාපෘති මිනිසාට කිසිදිනක හෝ නුදුරේදී හෝ සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකිවන බව විද්වත් මතයයි. එහෙත් සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට හා ග්‍රහණය කිරීමට මිනිස් සංහතියට එසේ නැතහොත් මිනිස් සිතට බලවත් අධිෂ්ඨානයක් හා ශක්‌තියක් ඇත. ක්‍ෂීරපථය නම් වූ අපගේ චක්‍රාවාටයේ පමණක් පිහිටා තිබෙන තාරකාවන්හි සෞරග්‍රහ මණ්‌ඩල පිළිබඳව ග්‍රන්ථයක එක පිටුව බැගින් විස්‌තර සඳහන් කරනුයේ නම් මුළු මහත් චක්‍රාවාටයෙහි එවැනි තාරකා සියල්ල සඳහා අඩුම තරමේ පිටු දස දහසේ කාණ්‌ඩ මිලියන දහසකටත් වඩා අවශ්‍යවනු ඇත.
ක්‍ෂීර පථයේ තාරකාවන් බිලියන 400 ක් පමණ යෑයි ගණන් බලා ඇති අතර තත්පරයකට එක පිටුව බැගින් පිටු පෙරළාගෙන යනු ලබන්නේ නම් මුඛ ග්‍රන්ථය අවසන් කරලීමට වර්ෂ දස දහසක් ගතවන බව විද්වතුන්ගේ අදහසයි. ග්‍රහලෝකයන්හි භූගෝලීය පිහිටීම වෘක්‍ෂලතා, ජීවමය හෝ ඉතිහාසය ආදී තොරතුරුද එහි අඩංගු වේ නම් ඒ අනුව පෘථිවි මානුෂීය වාර්ගිකයකුට (මිනිsසාට) එක් ජීවිත කාලයකදී අධ්‍යයනය කිරීමට හැකි වනුයේ ඉතාමත් අල්ප විස්‌තරයක් පමණි.
එසේ නම් විශ්වයෙහි දැනට සොයාගෙන ඇති බිලියන 300 වූ චක්‍රාවාටයන් ගැන කුමක් සිතමුද?
ඉදිරි ලිපිවලින් විශ්වයේ ප්‍රවර්ථනය පිළිබඳ නූතන ආකල්ප හා චක්‍රාවාට පිළිබඳවත්, විශ්වය හා සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් දේශනාවන්, බෞද්ධ ග්‍රන්ථයන්ට අනුව විශ්වයේ සභ්‍යත්ව වර්ගීකරණය උත්තරීතර සභ්‍යත්වයන්ගේ පෘථිවි තරණය පිළිබඳ පෙර අපරදිග ග්‍රන්ථයන්ගේ සඳහන් තොරතුරු, විශ්වයේ සභ්‍යත්වය පිළිබඳ නවීන සංකල්ප, සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ පෘථිවි සම්බන්ධතා අත්‍යන්තව සාමාන්‍ය වශයෙන් විද්‍යාමාන වන ආකාරය, සුපිරි සභ්‍යත්වයන්ගේ පෘථිවි ව්‍යාපෘති, සුවිශාල අභ්‍යාවකාශ යානාවන්ගේ පෘථිවි තරණය පිළිබඳ නූතන විද්‍යාත්මක වාර්තාද ක්‍ෂීර පතයෙහි ජීවත්වන උත්තරීතර සභ්‍යත්ව වර්ග පිළිබඳ සරලව විස්‌තර කෙරෙනු ඇත.