පංචශීලයෙන් ලැබෙන ආනිසංස

මොකද හිතන්නේ?

  • සමහර ඒවා හරි(මොනවද?)

    Votes: 0 0.0%
  • මම විශ්වාස කරන්නේ නෑ

    Votes: 0 0.0%
  • ඕන දෙයක්

    Votes: 0 0.0%

  • Total voters
    8

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පංචශීලයෙන් ලැබෙන ආනිසංස




පානාති පාතා

ඔබ පරපණ නසන්නේ නැති නම් එවැනි අඩුපාඩු ඔබ වෙත ළං නොවන්නේය. එමෙන් ම කායික සහ අධ්‍යාත්මික බලයක් සහිතව, දීර්ඝායු සම්පත්තියෙන්, මුළු ජීවිතය පුරාම යහපත් අය ඇසුරු කරන්නට ඉඩ ලැබෙන්නේ පරපණ නොනසා ගත කරන ජීවිතය තුළිනි.


අදින්නාදානා

ආනිසංස එකොළහකි. මහා ධනවතකු වීම, බොහෝ ධන ධාන්‍ය ලබන්නේ වීම, අනන්ත බෝග සම්පත් ඇත්තේ වීම, නූපන් වස්තුව ඉපැදීමේ පුණ්‍ය ශක්තිය ඇතිවීම, ඇත්තා වූ බෝග රැක ගැනීමේ වාසනාව සහිත වීම, කැමැති යම් වස්තුවක් වේද එය ලබා ගැනීමේ වාසනාව තිබීම, රජු, සොර, ගිනි, ජල ආදියෙන් වස්තුව විනාශ නොවීම, සාධාරණ ධන වාසනා ඇත්තකු වීම, ලොව උත්තම බවට පත්වීම, නැත යන වචනය අසන්නටවත් නොලැබීම, සැප විහරණ ඇත්තකු වීම යනාදියයි.
ඔබ මෙතෙක් සිතා සිටියේ ධනය, බලය, යාන වාහන ඇතුළු වස්තු ලබන්නට ප‍්‍රධාන හේතුව දානය හෙවත් පරිත්‍යාගය වන බවයි. සාමාන්‍ය සමාජයේ මෙන් ම භික්‍ෂූන් වහන්සේ ගේ අනුශාසනාවලින් ද බොහෝ විට අසන්නට ලැබෙන්නේ දන් දුන් අයට මෙවැනි ආනිසංස ලැබෙන බවය. දන් දෙන අයට එහි ප‍්‍රති ආනිසංස ලැබෙන බව සත්‍යයකි. එහෙත් සොරකම් නොකිරීමේ සිල් පදය ආරක්‍ෂා කළ කල්හි ලැබෙන ආනිසංස පැහැදිලි කරගත් විට මේ භවයේ ඉතාම දිළින්දකු වුවත් මතු භවයේ දී යස ඉසුරින් පිරි ජීවිතයක් ලැබීමට හැකිවන බව අවබෝධ වනු ඇත.
පළමු ශික්‍ෂා පදය ආරක්‍ෂා කළ කල්හි නිරෝගී බවට අදාළ ආනිසංස රැසක් ලැබෙන්නා සේම, දෙවැනි සිල් පදය රකින කල්හි සාංසාරිකව ඔබගේ ආර්ථිකය, සමාජ බලය, ඔබ අපේක්‍ෂා කරන ආකාරයට ලබා ගැනීමේ ශක්තිය ලැබෙනු ඇත.






කාමේසු මේචා

කාමය වරදවා නොහැසිරීම තෙවැනි සිල් පදයයි. එය ආරක්‍ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස දහ අටකි. පරලොව දී මෙන් ම මේ භවයේ දී ම එහි පල අත්විඳීමට පුළුවන.
සතුරන් නැතිවීම, සියලු ජනයා පි‍්‍රය කරන්නකු වීම, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම් අඩු පාඩුවක් නැතිව ලැබීම, සැපසේ නින්ද යෑම, සැපසේ අවදි වීම, අපාය බය නැත්තේ වීම, කාන්තාවක වීම හෝ නපුංසකයකු වීම සිදු නොවීම, ක්‍රෝධ අඩු අයකු වීම, සැක බිය නිසා බිම බලාගත් කෙනකු නොවීම, පිරිපුන් ඉඳුරන් ඇති වීම, සැක නැති අයකු වීම, මහන්සි නොවී ධනය ලැබීමේ වාසනාව ඇත්තේ වීම, සැප විහරණ ඇත්තේ වීම, බියට පත් නොවීම, පි‍්‍රයයන්ගෙන් වෙන් නොවන්නේ වීම යනාදී ආනිසංසයන් එහි දී ප‍්‍රධාන වේ. උපදින සෑම භවයක දීම මානසික සුවය අපේක්‍ෂා කරන්නේ නම් ඔබ තෙවැනි සිල් පදය ආරක්‍ෂා කරන්නකු විය යුතුය.


තෙවැනි සිල්පදය අවංකව ආරක්‍ෂා කරන කෙනෙක් නම් ඔබට ඒ උතුම් මානසික සුවය මේ ජීවිතයේ දී මෙන් ම මතු සංසාරයේත් අත් විඳීමට ලැබෙනු ඇත.


මුසාවාදා
සිව්වැනි ශික්‍ෂා පදය මුසාවෙන් වැළැකීම ය. ඉන් ලැබෙන ආනිසංස දාහතරකි.
අතිශය ප‍්‍රසන්න ඉඳුරන් ඇත්තකු වීම, මිහිරි කට හඬක් හිමි වීම, සමානව පිහිටි සුදෝ සුදුවන් දත් දෙපළක් හිමි වීම, අශෝභන වූ මහත් වූ ශරීර නොලැබීම, අශෝභන වූ කෙට්ටු ශරීර නොලැබීම, අධික ලෙස මිටි වූ ශරීර ඇත්තෙක් නොවීම, අධික ලෙස උස් වූ ශරීර නොමැති වීම, සැප ස්පර්ශ ඇත්තේ වීම, මහනෙල් මල් සුවඳැති මුඛයක් හිමි වීම, සුවච කීකරු පරිවාර ජනයා ඇතිවීම, විශ්වාස කළ හැකි වචන ඇත්තකු වීම, නෙළුම් පෙත්තක් වැනි රත්පැහැ වූ දිවක් ඇත්තේ වීම, උඩඟª නොවන්නේ වීම, චපල අදහස් නැත්තේ වීම යන ආනිසංසයන් ය.
මෙම කරුණු පිළිබඳව නිසි අවබෝධයෙන් යුතු වන්නේ නම් බොරුවක් කීමට සැරසෙද්දී ඒ පිළිබඳව ඔබ දෙවරක් සිතා බලනු නියතය. බොහෝ දෙනා අසහනයට පත් වී සිටින කායික, මානසික ලක්‍ෂණ හා ඇතැම් චර්යාත්මක ස්වභාවයන් මේ භවයේදී ලැබී තිබෙන්නේ බොරුවේ ආදීනව වශයෙනි. පෙර භවයන්හි මුසාවාද තෙපළීමේ ආදීනව ලෙස දුක්ඛිත මානසික අසහනයන්ගෙන් පීඩා වින්දත් නැවත උපදින කිසිම භවයක එවන් තත්ත්වයකට පත් නොවීම සඳහා එකිනෙකා රවටා විනාශ කිරිමට මුසාවාද ප‍්‍රකාශ නොකර සිටිය යුතුය. එය ඔබට අද පටන් ආරම්භ කළ හැකි උදාර ගුණාංගයකි.








සුරාමේරය

පස්වැනි සිල්පදය සුරාවෙන් මිදීමය. එහි මෙලොවදී මෙන් ම පරලොවදී ද භුක්ති විඳීමට ලැබෙන ආනිසංස තිහකි.
තුන්කල්හි කටයුත්තක් වුවද වහා වැටහීම, එළඹ සිටි සිහියෙන් යුතු වීම, උන්මත්තකයකු නොවීම, ඥානවන්තයකු වීම, අලස නොවීම, නොහික්මුණු කි‍්‍රයා නොකරන්නේ වීම, තරුණ මදයෙන් මත් වු ස්වභාවයක් නැත්තකු වීම, මෝහයෙන් මුලාවී කටයුතු නොකිරීම, තැති නොගැනීම, ඊර්ෂා නොකරන්නේ වීම, සත්‍ය වචන කතා කරන්නකු වීම, කේළාම් පරුෂ වචන නොකීම, දිවා රෑ දෙකෙහිම අනලස්ව කටයුතු කරන්නේ වීම, කලගුණ දක්වන්නේ වීම, උපකාර කළ අයට ප‍්‍රති උපකාර දක්වන්නකු වීම, මසුරු නොවීම, භාග්‍යවන්ත වීම, සිල්වන්ත වීම, ඍජු ගති ඇත්තේ වීම, ක්‍රෝධ නොකරන්නේ වීම, සත්පුරුෂයකු වීම, පවෙහි ලජ්ජාශීලී වීම, පවට බිය ඇත්තේ වීම, මහා පුණ්‍යවන්තයකු වීම, මහා චිත්ත ශක්තියක් ඇත්තේ වීම, දර්ශනික අදහස් ඇතිවීම, අර්ථය අනර්ථය වටහා ගත හැකි හසළ බුද්ධියක් ඇති වීම, එකට එක නොකරන්නකු වීම යනාදී අනිසංසයන්ය.
සුරාවෙන් වැළැකී සිටිනවා නම් ඔබට මේ ලෝක වශයෙන් නිරෝගී, පි‍්‍රයශීලී විශ්වසනීය කෙනකු බවට පත්වීමට හැකිවනවා පමණක් නොව උපදින සෑම භවයකදීම කායික මානසික නිරෝගී, ප‍්‍රසන්න පුද්ගලයකු වීමට වාසනාව උදාවනු ඇත.











http://www.silumina.lk/2009/03/08/_art.asp?fn=as0903086



 
Last edited:

Shrinath

Member
Oct 27, 2007
238
36
0
ඇයි බන් කාන්තාවක වීම underline කරලා තියෙන්නේ? :D