හරි ඔන්න මටත් අපේ මොලේ පුස් කන්න නොදී යමක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා. CCNA (Cisco Certified Network Associate) ගැන උනන්දුවක් දක්වන හැමෝම වෙනුවෙන් සිංහලෙන් පාඩම් කිහිපයක් දාන්න හිතුනා. තව CISCO කරපු අයත් උදව් වෙන්න. තියෙන ප්‍රශ්න අහන්න. මම දන්න විදිහට සරල සිංහලෙන් මුල ඉදලා යමු.
ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ CISCO කියන්නේ කියලා. CISCO කියන්නේ දැනට ලෝකයේ පරිගණක ජාල සදහා වන දෘඩාංග සහ මෘදුකාංග (Hardware and Software)නිපදවන ප්‍රධානම සමාගම. ඔය CISCO කියන නම හදලා තියෙන්නේ SAN FRANCISCO වල අන්තිම කෑල්ල අරන්.
මේ පරිගණක ජාල සදහා Hardware/Software හදන්නේ CISCO විතරක් නෙවෙයි නේ තවත් ආයතන ගණනාවක් ඉන්නවා 3COM, D-LINK වගේ හොදයි දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්ණයක් ඇති ඇයි ඒ අය ගේ මේ වගේ Exam එකක් නැත්තේ කියලා (සමහර අයගේ Exam තියෙනවා ඒත් එතරම් පිළිගැනීමක් නෑ).
අන්න ඒක තමයි CISCO වෙළද පොලේ ලබා ඇති කීර්තිය ඔවුන්ගේ නිශ්පාදන සාමාන්‍යයෙන් අනිත් ආයතන වල නිපදවන ජාල උපකරණ වලට වඩා තත්වයෙන් සහ තාක්ෂණයෙන් උසස් ඒ වගේම ලෝකයේ බහුතරයක් ආයතන 60% ආසන්නව පාවිචිචි කරන්නේ CISCO උපකරණ. එම නිසා CISCO උපකරණ පිළිබද දැනුම ලබා ගත් කෙනෙකුට ලෝකයේ ඉල්ලුම වැඩියි ඒ වගේම එහෙම කෙනෙකුට ඉතා පහසුවෙන් වෙනත් ආතයන වලින් නිපදවපු ජාල උපකරණ සමගත් වැඩ කරන්න පුලුවන්.
ඒ කියන්නේ CISCO Exam කරලා ඉහලට ගිය කෙනෙකුට සෑහෙන්න පිලිගැනීමක් සහ ඉහල වැටුපක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුලුවන් අද ලංකාවෙත් හුගක් ආයතන CISCO උපකරණ භාවිතා කරනවා ඒ නිසා ලංකාවෙත් හොද ඉල්ලුමක් තියෙනවා CISCO කරපු අයට.
ඒ වගේම මතක තියා ගන්න ඕනේ CISCO Exam (online exam), සාමාන්‍යයෙන් Microsoft Exam තරම් ලේසි නෑ. ඒ වගේම Exam Fee එකත් ටිකක් වැඩියි. බය වෙන්න එපා අපි මුල ඉදලා යමු
හොදයි මම ඔය කිව්වේ CISCO ගැන වටාපිටාව ටිකක් ඊලගට අපි කතා කරමු Exam Structure එකයි Fee එකයි Passing Marks ගැනයි

Last edited: