පරිඝණකයට මයික් එකක්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පරිඝණකයට මයික් එකක්....

    මයික් එකක් හයි කරමු

    GN10-1096-main.jpg



    වර්ථමානය වන විට අන්තර්ජාලය භාවිත් කරමින් ඇමතුම් ලබා ගැනීම ඉතාම ජනප්‍රිය වී ඇත.අතීතයේ නිවෙස් වල අන්තර්ජාල පහසුකම් අවම තත්වයක පැවති නිසා ඉන්ටර්නෙට් කැෆේ වැනි ප්‍රසිද්ධ ස්ථාන වලට ගොස් පිටරට සිටින තම නෑදෑ හිතවතුන්ට ඇමතීමට සිදුවිය.එහෙත් මෑත කාලයේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් හදුන්වා දීමත් සමග ඒ තත්වය වෙනස් වී ඉතාම ලාබදායි ලෙස තම නිවසටම අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට හැකිවිය.එමනිසා අප රට තුල මෙම වර්ගයේ සන්නිවේදන ක්‍රම ප්‍රචලිත විය.වියදමකින් තොර වීමත් ඕනෑම තරම් කාලයක් කථා කිරීමට ඇති හැකියාවත් උපරිම පැහැදිලිතාවයත් වැනි කරුණු නිසා මේ ඇමතුම් ජනප්‍රිය විය. සියලුම ඊමේල් ලිපින නොමිලේ සපයන වෙබ් අඩවි මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි මැසෙන්ජර් මෟදුකාංග ස්කයිප් වැනි ඒ සදහාම නිපදවූ මෟදුකාංග මේ සේවාව නිරතුරුව ලබා දෙයි.


    skype-logo.jpg
    0-jtBuTOVs-wlm-logo-260x260-s-.png
    googletalk.png


    මේ කිනම් ක්‍රමයක් යොදාගත්තද පරිඝණකයට ඔබගේ කටහඩ ඇතුලත් කිරීම සදහා මයික්‍රෝෆෝනයක් සම්භන්ද කර ගැනීමට සිදු වෙයි.මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ මෙවන් මයික්‍රෝෆෝනයක් නිවැරදිව පරිගනකයට සම්භන්ද කරගන්නා ආකාරයයි.ඔබගේ පරිගණකය සදහා මයික්‍රෝෆෝනයක් තෝරාගැනීමේදී ඔබගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් වෙයි.එයින් එකක් වන්නේ මයික්‍රෝෆෝනයේ form factor එකයි.ඔබත් පරිගණක ක්‍රීඩා වලට කැමැත්තක් දක්වන්නේ නම් headset එකක් මේ සදහා යොදාගනීම වඩාත් සුදුසුය.headset එකක් යනුවෙන් හදුන්වන්නේ මයික්‍රෝෆෝනයක් හා ස්පීකර් යුගලයක් ඇති උපකරණයක් බව ඔබ දන්නා කරුණකි.මෙවන් හෙඩ් සෙට් එකක් තෝරා ගැනීමේදී එහි quality එක පිලිබදව සොයා බැලිය යුතුය.එසේනැතොත් ඩෙස්ක්ටොප්
    මයික්‍රෝෆෝනයක් වුවද ඔබට මිලදීගත හැකියි.මෙවන් මයික්‍රෝෆෝනයක බේස් එකක් තිබෙන නිසා එය පහසුවෙන් මේසයක් මත වුවද තැබීමට පුලුවන.

    otto-digital-headset.jpg


    නමුත් ඕඩියෝ රෙකෝඩින් වැනි කාර්යයක් සදහා ඔබ මයික්‍රෝෆෝනයක් මිලදී ගන්නේ නම් වෟර්තිය මට්ටමේ මයික්‍රෝෆෝනයක් මිලදී ගැනීමට සිදුවෙයි.මේවා මයික් ස්ටෑන්ඩ් එකකට සම්භන්ද සවිකල යුතු අතර සාමාන්‍ය ඩෙක්ස්ටොප්
    මයික්‍රෝෆෝනයකට වඩා ප්‍රමාණයෙන් විශාලය.මෙවන් මයික්‍රොෆෝන වර්ග දෙකක් තිබෙයි.එයින් එකක් වන්නේ dynamic මයික්‍රෝෆෝනයයි.අනික් වර්ගය වන්නේ condenser මයික්‍රෝෆෝනයයි.

    dynamic_mic.png
    akg.jpg


    lapel mics යනුවෙන් හදුන්වන මයික්‍රෝෆෝන ඔබගේ කමිසයේ සවිකරගත හැකි තරමේ කුඩා මයික්‍රෝෆෝන වර්ගයකි.conference room වර්ගයේ මයික්‍රෝෆෝන පිරිසක් මධ්‍යෙය් තැබීමට යොදාගනී.

    Audio-Technica-AT803b-Mini-Omni-Lapel-Microphone.jpg
    stock-photo-conference-room-microphone-56005432.jpg


    කනෙක්ටරය

    AC97-2.jpg


    ඔබගේ මයික්‍රෝෆෝනය පරිගනකයට සවිකර ගන්නේ පරිගනකයේ පසුපස ඇති මයික්‍රෝෆෝන කනෙක්ටරයටයි.ඇතැම් පරිගනක වල ඉදිරිපසින්ද මයික්‍රෝෆෝන සවිකිරීමට හැකිය.පරිගනකයේ ඇති මිලිමීටර් 3.5 ප්‍රමාණයේ කනෙක්ටරයකට
    හෙඩ්ෆෝන් වර්ග බොහොමයක් සවි කරගත හැකිය.

    7205338.jpg


    ඩෙස්ක්ටොප් වර්ගයේ මෙන්ම ලැප්ටොප් වර්ගයේ පරිගනක වලද මෙම වර්ගයේ කනෙක්ටර් තිබෙයි.ඔබ කල යුත්තේ මෙම කනෙක්ටරයට හෙඩ්ෆෝන් ජැක් එක සවිකිරීම පමනකි.නමුත් බොහෝ පරිගනක වල තිබෙන ඔන්බෝඩ් පහසුකම ඔබට ප්‍රමානවත් වන්නේ නැත.මේ නිසා 3.5mm mic input එකක් සහිත සවුන්ඩ් කාඩ් පතක් පරිගනකයට සම්බන්ද කර ගැනීමට සිදුවෙයි.වර්ථමානයේ පරිගනකයට විවිධ උපාංග වර්ග සම්භන්ද කිරීම සදහා බහුලවම යූඑස්බී තාක්ෂනය යොදා ගනී.


    875d1205908651-audio-sockets-87879.jpg


    වෟර්තිය මට්ටමේ මයික්‍රෝෆෝන පරිගනකයට සවිකරගැනීමට XLR වර්ගයේ කනෙක්ටර යොදා ගනී.දැනටමත් ඔබ සතුව එවැනි මයික්‍රෝෆෝනයක් හා එක්ස්එල්ආර් වර්ගයේ කනෙක්ටරයක් තිබේ නම් XLR to USB වර්ගයේ ඇඩෙප්ටරයක් යොදාගෙන එය යූඑස්බී මයික්‍රෝෆෝනයක් ආකාරයෙන් පරිගනකයට සම්භන්ද කල හැක.නවීන සවුන්ඩ් කාඩ්පත් වල මෙවන් XLR input
    තිබෙයි.USB Dongle එකක් පරිගනකයට සම්බන්ද කරගැනීමෙන් වයර්ලස් ආකාරයට මෙම මයික්‍රොෆෝන පරිගනකයට සවිකර ගත හැකිය.Bluetooth තාක්ෂනයද වර්තමානයේ මේ සදහා යොදා ගනී.

    uptupian%5C20081112121317.jpg
    3122ogqg6TL._SL500_AA300_.jpg


    අනවශ්‍ය ශබ්ද ඉවත් කරගැනීම
    (noise cancelling)


    බොහෝ මයික්‍රෝෆෝන වල noise cancelling පහසුකම තිබෙයි.කලබලකාරී පරිසරයක සිට ශබ්දය පටිගත කර ගැනීමේදී අවට ඇති අනවශ්‍ය ශබ්ද මෙම ක්‍රමය මගින් ඉවත් කර ගැනීමට පුලුවන.

    දිශ්‍යතාවය
    (directionality)


    මයික්‍රෝෆෝනවලින් සිදුවන්නේ එක දිශාවකින් බැලෙන ශබ්ද තරංග පමණක් ග්‍රහණය කරගැනීමයි.නමුත් unidirectional වර්ගයේ මයික්‍රෝෆෝන වලට සෑම දිශවකින්ම බැලෙන ශබ්ද තරංග ග්‍රහනය කර ගැනීමට හැකිය.ඔබ ශබ්දය පටිගත කරගන්නේ කාමරයක් තුල සිටියදී නම් ඒ සදහා වඩාත් සුදුසු වන්නේ unidirectional වර්ගයේ මයික්‍රෝෆෝනයි.සම්මන්ත්‍රන ශාලාවක් වැනි බාහිර ශබ්ද වැඩි ස්ථානයක සිට ඔබ පටිගත කිරීම් සිදු කරන්නේනම් වඩාත් ගැලපෙන්නේ සෑම දිශාවකින්ම ලැබෙන ශබ්ද තරංග පටිගත කරගත හැකි omnidirectional
    මයික්‍රෝෆෝනයකි.මේවා පහසු මිල ගනන් වලට වෙලදපොලින් ලබාගත හැක.

    76667.jpg


    සංඛ්‍යාත පරාසය
    (frequency response)

    මයික්‍රෝෆෝනයේ සංඛාත පරාසය පිලිබදව ඔබ සැලකිලිමත් විය යුතුය.බොහෝ මයික්‍රෝෆෝනවල මෙම පරාසය 40Hz-16Hz පමන වෙයි.සාමාන්‍ය ආකාරයේ මිනිස් කටහට පටිගත කරගැනීම සදහා යොදාගන්නා මයික්‍රෝෆෝනයක මෙම සංඛ්‍යාත පරාසය 85-225Hz පමණ වන අතර එම පරාසයට ගැලපෙන මයික්‍රෝෆෝනයක් තොරාගන්න.



     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මයික්‍රෝෆෝනයක් මිලදී ගැනීමේදී දැනසිටිය යුතු තවත් දේ

    මයික්‍රෝෆෝනයක් මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු තවත් කරුණු කිහිපයක් වෙයි.නිෂාපාදයන් විසින් එම මයික්‍රෝෆෝනවල කාර්ශක්ෂමතාම අසුරණයේ සටහන් කර එවයි.සංවේදීතාවය හෙවත් microphone sensitivity හා input impedance යනු එවන් සාධක දෙකකි.නමුත් සාමාන්‍ය පටිගතකිරීම් හා ඇමතුම් සදහා ඔබ මයික්‍රෝෆෝනයක් යොදාගන්නේනම් මෙම කරුණූ පිලිබදව නොසලකා හැරීමට පුලුවන.

    මයික්‍රෝෆෝනය පරීක්ෂා කිරීම

    ඔබ මයික්‍රෝෆෝනයක් මිලදී ගත් පසුව එය පරිගනකයට සවිකොට පරීක්ෂා කලයුතු අතර එය මෙහෙයුම් පද්දතිය අනූව වෙනස් වේ.පහතින් දැක්වෙන්නේ මෙහෙයුම් පද්දති කිහිපයක් යටතේ මෙය සිදු කරන ආකාරයයි.

    ලිනක්ස්

    පලමුවෙන්ම ටර්මිනල් වින්ඩෝව විවෟර්ත කරගන්න.පසුව කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තුල alsamixer යනුවෙන් ටයිප් කරන්න.එවිට මයික්‍රෝෆෝන් එන්ට්‍රි එකක් ඔබට දර්ශණය වෙයි.එසේ නැතහොත් මවුසයෙන් අදාල මයික්‍රෝෆෝන් එන්ට්‍රි එක සිලෙක්ට් කරන්න.වොලියුම් ප්‍රමාණය 50 දක්වා වැඩි කරගන්න.අවසානයේ කීබෝඩ් එකෙහි m අක්ෂරය ඔබන්න.ඉන්පසු සවුන්ඩ් රෙකෝඩින් මෟදුකාංයක් විවෟර්ත කරගෙන මයික්‍රෝෆෝනයේ තත්වය පරීක්ෂා කරන්න.

    7205370.jpg


    වින්ඩෝස් සෙවන් හා වින්ඩෝස් විස්ටා

    වින්ඩෝස් සෙවන් හා විස්ටා මෙහෙයුම් පද්දති වල ඇති සවුන්ඩ් රෙකෝඩර් එක ඕපන් කරගන්න.එහි ස්ටාර්ට් රෙකෝඩ් බට්න් එක ක්ලික් කර රෙකෝඩ් කිරීම සිදු කල හැක.අවසානයේ ස්ටොප් රෙකෝඩින් ක්ලික් කර ඔබගේ ඕඩියෝ ෆයිල් එක සේව් කරගෙන ප්ලේ කර බැලීමෙන් මයික්‍රෝෆෝනයේ තත්වය බැලිය හැකිය.සිස්ටම් ට්‍රේ එකෙහි වොලියුම් කොන්ට්‍රෝල් අයිනය ක්ලික් කිරීමෙන් මික්සර් වින්ඩෝ එක ඕපන් කරගත හැක.කොන්ට්‍රෝල් පැනල් තුල සවුන්ඩ්ස් වෙත යන්න.

    7205400.jpg
    7205432.jpg


    එහි රෙකෝඩින් ටැබ් එක ක්ලික් කරන්න.එවිට ඔබගේ පරිගනකයේ ඇති පොර්ට් ගානට අදාල මයික්‍රෝෆෝන සහ ඕඩියෝ ඉන් බලාගත හැක.සම්භන්ද වී ඇති මයික්‍රෝෆෝනය කුමක්දැයි බලාගැනීමට මයික්‍රෝෆෝනයට තට්ටු

    කරන්න.එවිට දකුණු පස ඇති ඩිස්ප්ලේ එක උඩට පහලට යනු ඇත.ඒ මයික්‍රෝෆෝනය මත රයිට් ක්ලික් කර පරිගනකයේ ප්‍රධාන මයික්‍රෝෆෝනය ලෙසටද ප්‍රදාන ඇමතුම් මයික්‍රෝෆෝනය ලෙසටද වශයෙන් හරි සලකුණ යොදා තෝරාගත හැක.එහි පහලින්ම ඇති properties වලට යන්න.එහිදී ඔබට තවත් සූක්ෂම සෙ මයික්‍රෝෆෝනයේ සැකසුම් වෙනස් කරගත හැක.එහි ඇති listen ටැබ් එකෙහි listen to this device ක්ලික් එක දැමීමෙන් ඔබගේ මයික්‍රෝෆෝනයෙන් ලබාගන්නා ශබ්ද ඔබගේ ස්පීකර් පද්දතිය හරහා
    ඇසිය හැක.ලෙවල්ස් ටැබ් එකෙන් මයික්‍රෝෆෝනයේ වොලියුම් අගය වෙනස් කරගත හැකිය.

    7205464.jpg
    7205492.jpg
    7205511.jpg



    වින්ඩෝස් එක්ස්පී

    වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්දතිය තුලදී මයික්‍රෝෆෝනයක් පරිගනකයට සම්බන්ද කරගත් පසුව එහි සැකසීම් වඩාත් පහසුවෙන් වෙනස් කරගැනීමට පුලුවන.මේ සදහා කල යුත්තේ සිස්ටම් ට්‍රේ එකෙහි දැක්වෙන වොලියුම් කොන්ට්‍රෝල් අයිකනය ඩබල් ක්ලික් කර හෝ එය මත රයිට් ක්ලික් කර adjust audio properties වින්ඩෝව විවෟර්ත කර ගැනීමයි.control panel>sounds and audio devices යන විධානය ලබා දීමෙන් volume control අයිකනය දර්ශනය කරගත හැක.voice ටැබ් එක ක්ලික් කර test hardware යන බට්න් එක ක්ලික් කිරීමෙන් මයික්‍රෝෆෝනය පරීක්ෂා කර බලන්න.

    7205524.jpg
    7205536.jpg




    6921879.gif

    6921883.gif

     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මිත්‍රයා...:yes:
    මට තිබුන ගොඩක් අපැහැදිලි තැන් මේ විස්තර වලින් පැහැදිලි උනා... :)
    ස්තුතියි තොරතුරු වලට..
    ස්ප්‍රෙඩ් කරන්නලු....:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු පූසා ඔයා??? පූසත් දන්න දේවල්.. අරව දෙන්නම වටිනවා පූස්......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Wadagath :) bookmarked

    Rep iwarailu sudu :(

    Maxxxxxxxxxxx Post eka Godak watinwa
    You must spread some Reputation around before giving it to sudu pusa again :-(

    එලම තමා අයියා..:cool::cool::cool::love:.. හුගක් වටින ත්‍රේඩ් එකක්
    11.gif
    11.gif
    11.gif


    අරවා දෙන්න බෑලු..:(

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මිත්‍රයා...:yes:
    මට තිබුන ගොඩක් අපැහැදිලි තැන් මේ විස්තර වලින් පැහැදිලි උනා... :)
    ස්තුතියි තොරතුරු වලට..
    ස්ප්‍රෙඩ් කරන්නලු....:(

    patta
    rep denna baelu

    good post machan...

    එල පොස්ට් එක පුශා :D

    thankz machan
    තෑන්ක්ස් මචන්ලා:D:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    WOW,සෑහෙන්න දේවල් දැන ගත්ත:cool:

    සුදු පූසා ඔයා??? පූසත් දන්න දේවල්.. අරව දෙන්නම වටිනවා පූස්......

    Useful Post machan..
    You must spread some Reputation around before giving it to sudu pusa again.:(

    වැදගත් ලිපියක්
    බොහොම ස්තුතියි
    රෙප්+

    ela thanx aiyaa
    තෑන්ක්ස් හැමෝටම:D:D:D