බොහොම පින්

Sep 12, 2011
884
120
0
මම අද අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. ඒක තමයි ඔය ගොල්ලෝ කරපු මොකක් හරි පින්කමක්, එහෙමත් නැත්නම් ඔය ගොල්ලෝ වෙන කෙනෙකුට කරපු යහපතක් වෙන දෙයක් එහෙම මේකේ දාන්න. එහෙම දැම්මම අපටත් ඒක දැකල සන්තෝෂ විය හැකියි, එවිට එයද පින් අනුමෝදනාවක්. පොඩි පින්කමක් වුනත් ප්‍රශ්නයක් නෑ. අන්‍යාගමික අය වුනත් කමක් නෑ, මොකද ඒ ගොල්ලෝ අපි කියල වෙනසක් නෑ පින පින මයි, කරපු පින පල දෙනවා මයි.

1) මම නම් ඉතින් මගේ මැරුන ඥාතීන් වෙනුවෙන් ළමා නිවාස , වැඩිහිටි නිවාස වලට හාමුදුරුවන්ට දාන දීල තියෙනවා.

තව මතක් වෙනකොට දාන්නම්. ඔයගොල්ලොත් දැන් දාන්න.

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    1.ධර්ම දානය-අන්තර්ජාලයේ හා පත්‍රිකා අත් පොත් බෙදීමෙන්...
    2.සාංඝික දානය- ආරණ්‍ය පන්සල් වලට හැකි අයුරින් දාන පිරිනැමීම...
    3.පෝයට නවාංග උපෝසථ සීල සමාදානය...
    4.සෑම වසරකම රුවන්වැලි සෑය,ශ්‍රී පාදය හා අනෙකුත් බෞද්ධ සිද්ධස්තාන වන්දනා කර ගැනීම හා ඒවායේ දි‍යුණුවට ආධාර කිරීම.
    5.හැකි අයුරින් භාවනා කිරීම හා ඉඩක් ලැබෙන අයුරින් කුසල් සිත් වඩා ගැනීම(අන් අයට මෛත්‍රි කිරීම ආදියෙන් )

    :yes::yes::yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    පිංකම් කියන්නේ කරලා කියන්න තරම් දේවල් නෙවෙයි. අපි කරන දේවල් තමයි ගෙනියන්නේ. :eek:
    අන්තිමටම කරපු පිං අතේ වැඩේ තමයි මං යාලු වෙලා 3 වෙනි අවුරුද්දෙ Anniversary එකට (Dec 22) අපි දෙන්න පිල්ලෑවෙ ගිහින් වී කුරුලු ජෝඩුවක් නිදහස් කරා.

    වී කුරුල්ලෝ නිදහස් කරාම අපල නැතිවෙනවා කියලා කතාවක් දැක්කා එලකිරියෙ සහෝදරියක් දාපු Thread එකකින්. ;)
     
    බොහොම සතුටුයි. එත් අපට කොයින්ද ඕව කරන්න වෙලාවක්?:(:(
     
    Sep 12, 2011
    884
    120
    0
    පිංකම් කියන්නේ කරලා කියන්න තරම් දේවල් නෙවෙයි. අපි කරන දේවල් තමයි ගෙනියන්නේ. :eek:
    අන්තිමටම කරපු පිං අතේ වැඩේ තමයි මං යාලු වෙලා 3 වෙනි අවුරුද්දෙ Anniversary එකට (Dec 22) අපි දෙන්න පිල්ලෑවෙ ගිහින් වී කුරුලු ජෝඩුවක් නිදහස් කරා.

    වී කුරුල්ලෝ නිදහස් කරාම අපල නැතිවෙනවා කියලා කතාවක් දැක්කා එලකිරියෙ සහෝදරියක් දාපු Thread එකකින්. ;)

    ඔයාගේ චේතනාව ඒ වෙලාවේ තිබ්බේ කොහොමද, මේ විදිහටද? " මම මේ අද කරන්න යන්නේ වටිනා පින්කමක්, මේ පින හේතුකොටගෙන මගේ මේ තිබෙන අපල නැති වේවා" කියලද?
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මම හුඟක් බස් එකට නගින අසරණ අයට මුදල් දෙනව..

    පහුගිය දවස් වල දුප්පත් ලමයින්ට බෙදන්න හිරු FM එකට තෑගිත් ගෙනිහින් දුන්න.

    මම කඩේක ඉන්න වෙලාවකට කඩේට කන්න එන හාමුදුරුවෙන්ට මම තමයි බිල ගෙවන්නේ..
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    පන්සල් වලට ගියාම ඒවට ආධාර දානව. මට පුළුවන් විදියට.
     
    Sep 12, 2011
    884
    120
    0
    මම හුඟක් බස් එකට නගින අසරණ අයට මුදල් දෙනව..

    පහුගිය දවස් වල දුප්පත් ලමයින්ට බෙදන්න හිරු FM එකට තෑගිත් ගෙනිහින් දුන්න.

    මම කඩේක ඉන්න වෙලාවකට කඩේට කන්න එන හාමුදුරුවෙන්ට මම තමයි බිල ගෙවන්නේ..

    අන්න එහෙම පුළුවන් වෙලාවට කුමක් හරි උදව්වක් කිරීම බොහොම හොඳයි. ඒ වගේම ඒ පින් මට උතුම් වූ නිර්වාණය ම පසක් කරගැනීමට හේතු වාසනා වේවායි කියා ප්‍රාර්ථනා කරන ඒක ඊටත් වඩා හොඳයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට මහ ලොකු දේවල් දෙන්න සල්ලි නෑ (තාම ජොබ් එකක් කරන්නේ නෑනේ)

    දවසක් මම කෑම ගන්න restaurant එකකට ගියාම එතන වයසක මනුස්සයෙක් හිටියා සල්ලි ඉල්ල ඉල්ල. කවුරුත් ඒ මනුස්සයට සත පහක් දුන්නේ නෑ :dull: මම ඕක දැකල කෑම එකකුත් වතුර බෝතලයකුයි එයාට ගිහින් දුන්න
     
    සල්ලි නැතිවෙලත් එහෙම උදව්වක් කරපු ඒක තමයි උතුම්.:cool::cool:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ado nice thread. Machan mama meeta aurudu keepayakata issella ambanekata social services karala thiyenawa.. podi eka kale :) pansalemai hitiye. dan ithin tikak weda ekka ewa adui. But thama e karapu dewal mathak karala unath sathutu wenna puluwan ban.. leda una welawakata unath mama anith aya wage deviyongenui arayagenui meyagenui pihita ilanne nehe.. man karapu honda weda mathak karanawa.. Trust me that works fine
     
    Sep 12, 2011
    884
    120
    0
    ගොඩක් කෑම වගේ දේවල් වලින් තමයි මම උදව් කරන්නේ :D

    ලබන ආත්මයේදී හොඳට කන්න බොන්න හිමි වෙයි.:cool::cool:
    ඒ කරපු පින් අමා මහා නිවනටම හේතු වේවා කියල ප්‍රාර්ථනා කරන්න.:cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    කලු පූසා;11759195 said:
    ado nice thread. Machan mama meeta aurudu keepayakata issella ambanekata social services karala thiyenawa.. podi eka kale :) pansalemai hitiye. dan ithin tikak weda ekka ewa adui. But thama e karapu dewal mathak karala unath sathutu wenna puluwan ban.. leda una welawakata unath mama anith aya wage deviyongenui arayagenui meyagenui pihita ilanne nehe.. man karapu honda weda mathak karanawa.. Trust me that works fine

    ඔව්. බොහොම හොඳයි. ඒ කරපු උදව් ලෙඩක් වුන වෙලාවට මතක් කරගන්න එක හොඳයි. ඒ පින් නැවත නැවත මතක කරගත්තාම මරණාසන්න මොහොතේදීත් මතක් වෙන්නේ ඒවා.:D:D

    ඔය පින් නිවනටම හේතු වේවා කියා ප්‍රාර්ථනා කරන්න.

    මොනාද ඔයා ඒ කරපු පින්?? පොඩ්ඩක් දාන්න පුලුවන්ද?:D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    මහ නිළමේ;11758779 said:
    ඔයාගේ චේතනාව ඒ වෙලාවේ තිබ්බේ කොහොමද, මේ විදිහටද? " මම මේ අද කරන්න යන්නේ වටිනා පින්කමක්, මේ පින හේතුකොටගෙන මගේ මේ තිබෙන අපල නැති වේවා" කියලද?

    නෑ මචන් අපල නැතිවෙන්න කියලා නෙවෙයි. උන්ව කූඩුකරලා ඉන්න නිසා උන්ටත් අපි දෙන්නට වගේ නිදහසේ ඉන්න ලැබෙන්න කියලා හිතලයි කරේ. මං ඔය අපල වගේ ඒවා ගැන වැඩි විශ්වාසයක් නෑ. උන් දෙන්නා වෙලේ නොපෙනී යනකන්ම අපි දෙන්න බලාගෙන හිටියා. ඒක අමුතුම සතුටක්. එච්චරයි.
     
    ඒ කරපු පින වැඩි වැඩියෙන් මතක් කරගන්න. ඒවගේම ඒ පින මට අමා මහ නිවණටම හේතු වේවා කියල ප්‍රාර්ථනා කරන්න.:cool:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    හැම අවුරුද්දකම මගෙ උපන්දිනේට අස්ගිරි පිරිවෙනට දානයක් දෙනව හාමුදුරුවන් 150කට විතර.. හැබැයි ගෙදර අයගෙ මූලිකත්වයෙන් තමයි. තව ගෙදරින් නම් නිතරම දාන දෙනව පන්සලට ඒත් මට ඒවට join වෙන්න වෙන්නෙ නෑ ගෙදර නැති නිසා.. ළගදි ඉදන් ටිකක් භාවනා කරන්න පටන් ගත්ත පුලුවන් වෙලාවල but හිතන තරම් ඒකත් ලේසි නෑ :P හැබැයි කොහොම හරි ටිකක්වත් කරනව කියල හිතාගත්ත දිගටම. හිතාගෙන ඉන්නව ලගදි කරන්න මගෙ සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට [පත්තරවල උදව් ඉල්ලලා දාල තියෙන] පුලුවන් තරමින් දෙන්න. තව මතක් උනාම දාන්නම්.. හොද thread එකක් :)
     
    Last edited:
    Sep 12, 2011
    884
    120
    0
    හැම අවුරුද්දකම මගෙ උපන්දිනේට අස්ගිරි පිරිවෙනට දානයක් දෙනව හාමුදුරුවන් 150කට විතර.. ඊට අමතරව ගෙදරින් නම් නිතරම දාන දෙනව පන්සලට ඒත් මට ඒවට join වෙන්න වෙන්නෙ නෑ ගෙදර නැති නිසා.. ළගදි ඉදන් ටිකක් භාවනා කරන්න පටන් ගත්ත පුලුවන් වෙලාවල but හිතන තරම් ඒකත් ලේසි නෑ :P හැබැයි කොහොම හරි ටිකක්වත් කරනව කියල හිතාගත්ත දිගටම. හිතාගෙන ඉන්නව ලගදි කරන්න මගෙ සල්ලි වලින් අසරණ මිනිස්සුන්ට [පත්තරවල උදව් ඉල්ලලා දාල තියෙන] පුලුවන් තරමින් දෙන්න. තව මතක් උනාම දාන්නම්.. හොද thread එකක් :)

    :D:D:D:D. නියමයි. සංඝයා වහන්සේලා 150 කට දන් දෙනවා කියන්නේ ඉතා වටිනා පිනක්. ඒවගේම භාවනා කිරීම, මිනිස්සුන්ට උදව් කිරීම ඉතා පිනක්. මේ පින් නිතරම මතක කරගෙන සන්තෝස වෙන්න. හැබැයි අධි තක්සේරු වෙන්නේ නැතුව. මේ පින් මට අමා මහ නිවනටම හේතු වාසනා වේවා කියල ප්‍රර්ථනා කරන්න.