නොදකින් බස්සා

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|


x_4500b7c9.jpg




බස්සා ගැන නොදන්නා කෙනෙක් නැත.
එහෙත් බස්සාව දැක ඇති පිරිස අල්පය.
බස්සෝ බොහොමයක් නිශාචර පක්ෂීහු වෙති.
දැනට බකුසු විශේෂ 215 ක් ලොව නන් දෙසින් වාර්තා වන අතර, එයින් විශේෂ 12ක් ලංකාවෙන් වාර්තා වේ.
නිවර්තන ප‍්‍රදේශ, කාන්තාර ප‍්‍රදේශ , ධ‍්‍රැවාසන්න ප‍්‍රදේශ වැනි ලෝකයේ සියලු ප‍්‍රදේශ වල මෙම පක්ෂියා පැතිර පවතී.
වෙරළබඩ ප‍්‍රදේශයේ සිට අඩි 15,000ක් උස් ප‍්‍රදේශ දක්වා දැකීමට ලැබේ.
:eek: :eek: :eek: :eek: :eek:


අනෙක් කුරුල්ලන්ට වඩා බස්සාගේ ශරීර හැඩතල වෙනස්ය.
මුහුණ හා ඇස් ඒ අතර කැපී පෙනෙයි.
රවුම් හැඩැති මුහුණක් තිබෙන බස්සන් සිටිති.
හදවතක හැඩය ඇති මුහුණක් තිබෙන බස්සන් සිටිති.
ඇස් මුහුණේ ඉදිරිපස පිහිටා ඇත.
අනෙක් කුරුල්ලන්ගේ ඇස් පිහිටා ඇත්තේ හිසේ දෙපසින්ය.
අනෙක් කුරුල්ලන්ට සාපේක්ෂව දෙනෙත් ඉතා විශාලය.
එනිසා වැඩි අලෝකයක් ලබාගැනීමට හැකිවේ.
වක් වූ තියුණු හොටක් බස්සාට තිබේ.
එනිසා සතුන් ඩැහැගෙන ආහාර වශයෙන් ගැනීමට හැකිවේ.
උල් නිය සහිත ශක්තිමත් පාද පවතී.
මොවුන්ට ඇත්තේ කෙටි වලිගයකි.
වනාන්තරවාසී බස්සන් මෙන්ම නාගරිකවාසීව ජීවත්වන බස්සන්ද සිටිති.

:nerd: :nerd: :nerd: :nerd: :nerd:


බස්සන් තම පැවැත්ම සඳහා ස්ථිර වාසබිමක් තෝරා ගනී.
ගොදුරු ලබා ගැනීමටත්, ලැගුම් ගැනීමටත් කැදලි සැදීමටත්, සහකාරිය තෝරා ගැනීමටත් එම වාසභූමිය උපයෝගී කර ගනී.
දහවලදී ස්ථානයක සැඟවී නිහඬව සිටිති.
ගස්බෙන වලද වදුල සහිත, පර්වතවල පැලුම් කුහර හා ගල්ලෙන් යනාදියේ සැඟවී සිටිති.
බස්සන් හා බකමූණන් තමා වෙසෙන පරිසරයේ තත්වයනට ඉතා හොඳින් අනුවර්තනය වී සිටිති, හැඩගැසී සිටිති.
හිම ප‍්‍රදේශ වල ජීවත්වන බස්සන්ගේ සුදු පිහාටු පවතී.
වනාන්තර ආශි‍්‍රතව දිවිගෙවන බස්සන් දුඹුරු හෝ අළු පාටය.
මෙම හැඩගැසීම හේතුවෙන් සතුරන්ගෙන් බේරීමට හැකිවේ.
සර්පයන්, උගුඩුවන්, බළල් පවුලේ සාමාජිකයන්, උකුස්සන් බස්සන්ගේ සතුරන්ය.
එහෙත් සර්පයන් පවා ආහාරයට ගන්නා බස්සන් වර්ග නැතුවා නොවේ.
6.gif
6.gif
6.gif
6.gif
6.gif



බස්සා සහ බකමූණා පෙනුමෙන් එකවාගේ වූවත් බස්සා ප‍්‍රමාණයෙන් කුඩා සතෙකි, එහෙත් බකමූණා ප‍්‍රමාණයෙන් විශාලය.
පොදුවේ දෙදෙනාම බස්සන් ලෙස නම් කරති.
ඒ මෙම සත්ව ජාතීන් දෙකම එකක් ලෙසට සමාජායේ ඇති වැරදි ආකල්පයයි.
බස්සාගේ නාදය ඉතා ගුප්තය. විවිධ වර්ගයේ බස්සන්ට වෙන්වූ විවිධ හඬ පවතී.
බස්සන් වර්ගීකරණය කිරීමේදී කුරුල්ලාගේ විද්‍යාත්මක නාමයේ කොටසකට ඔහුගේ හඬ අනුසාරයෙන් නම් යොදා ඇති අවස්ථාද තිබේ.
සෑම බස්සෙක්ම මාංශ භක්ෂකයෙකි.
සතුන් ඩැහැගෙන ආහාරයට ගනී. කුරුල්ලන්, උරගයන්,ගෙම්බන්, මැඩියන්, වවුලන්, මීයන් කෘමීන් ප‍්‍රධාන ආහාර වේ.
:dull: :dull: :dull: :dull: :dull:


ලංකාවේ මෙන්ම විදේශයන්හි ජනශුති මූලාශ‍්‍ර වල බස්සන් ගැන විවිධ තොරතුරු පවතී.
පොදුවේ සෑම ජන කණ්ඩායමක්ම බස්සාගේ නාදය අශුභ ලකුණක් සේ දකිති.
එය තව දුරටත් පෙරට ගෙන යමින් කෑගසන බස්සන් මිනිස් ආත්මයකැයි සැලකීමට අරාබි ජාතිකයො පුරුදු වී සිටිති.
මෙරට ජීවත් වන උලමා ගැන මිනිසුන් තුළ ඇත්තේ දැඩි භීතියකි. උලමාගේ නාදය මරණයට පවා හේතු වන බව කියැවේ.
උලමා ලෙස ප‍්‍රකට ජීවියා පක්ෂි විද්‍යාව යටතේ නම් කර ඇත්තේ
"උකුසු බකමූණා"ලෙසය.
:rofl: :rofl: :rofl: :rofl: :rofl:


විවිධ සමාජ වල වෙසෙන ගවේෂකයෝ මෙම නිශාචර පක්ෂීන් ගැන මීට වඩා විරුද්ධ ආකල්ප දරති.
ඇතමෙක් ඥානයේ සංකේතය ලෙස බස්සා පිළිගනී.
ලොව බොහො රටවල මන්ත‍්‍ර කරුවන්ගේ සුරතලා ලෙස සලකන්නේ බස්සාය.
ගොවිතැනේ පළිබෝධකයන් පාලනය කිරීමට බස්සාගෙන් සිදුවන මෙහෙය අපමණය.
කුරුලු නිරීක්ෂකයෝ බස්සන් නැරඹීමට දක්වන්නේ මහත් උනන්දුවකි.
:cool: :cool: :cool: :cool: :cool:


අප රටේ වෙසෙන බස්සන් ප‍්‍රධාන කුල දෙකකට බෙදේ.


1. වෙස්බැසි කුලය

2. මාමුහුණූ කුලය



මෙම කුල දෙකෙන්ම වර්ග 12 ක් අප රටේ සිටිති.
ඉන් විශේෂ දෙකක්ම අපේ රටට අවේණිකය.


1. අටු වෙස්බස්සා (විද්‍යාත්මක නාමය : Tyto alba)


800px-Tyto_alba_-England_-perching_on_a_headstone-8.jpg




2. පෙරදිග ගුරුබස්සා
(විද්‍යාත්මක නාමය : Phodilus badius)

451px-BayOwlGould.jpg




3. පෙරදිගු කන්බස්සා (විද්‍යාත්මක නාමය : Otus sunia)

464px-GlaucidiumCastanonotumLegge.jpg




4. කරපටි කන්බස්සා
(විද්‍යාත්මක නාමය : Otus bakkamoena)

416px-Collared_Scops_Owl1.JPG




5. උකුසු බකමූණා (උලමා)
(විද්‍යාත්මක නාමය : Bubo nipalensis)

517px-SpotbelliedEagleOwl.jpg




6. බොර කෙවුල් බකමූණා
(විද්‍යාත්මක නාමය : Ketupa zeylonensis)

554px-Brown_Fish_Owl%3B_Ketupa_zelolensis.jpg




7. බොර වනබකමූණා
(විද්‍යාත්මක නාමය : Strix leptogrammica)

600px-Strix_leptogrammica_-Kakegawa_Kacho-en%2C_Kakegawa%2C_Shizuoka%2C_Japan-8a.jpg




8. වන උපබස්සා
(විද්‍යාත්මක නාමය : Glaucidium radiatum)

Barred_Jungle_Owlet-1.jpg




9. බොර උකුසුබස්සා
(විද්‍යාත්මක නාමය : Ninox scutulata)

Brown_Hawk_Owl_%28Ninox_scutulata%29_at_Samsing%2C_Duars%2C_West_Bengal_W_IMG_5932.jpg




10. කෙටි කන්බකමූණා (පර්යටන කුරුල්ලෙකි )
(විද්‍යාත්මක නාමය : Asio flammeus)

400px-Asio-flammeus-001.jpg




ආවේණික බස්සන්


11. ශී‍්‍රලංකා පිටතඹල උපබස්සා
(විද්‍යාත්මක නාමය : Glaucidium castanonotum)

Albertine%20Owlet.gif




12. ශී‍්‍ර ලංකාපඬුවන් කන්බස්සා
(විද්‍යාත්මක නාමය : Otus thilohofmanni)

Forest-Eagle-Owl-Bubo-nipalensis2.jpg



පරිසරයේ සමබරතාව රකිනා මෙවන් සතුන් රැකගැනීම අපගේ යුතුකමක් වන්නේය...


:):):):):)
:):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):) :):):):):)

picture.php


 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
උපතින් මං මේ කිසිවක් නොදන්නා අතර පෞද්ගලික අත්දැකීම් හා පොත-පත කියවා ලබාගත් දැනුමෙන් මෙම ලිපිය සැකසුවෙමි.
මෙය මීට කලින් එළකිරියේ පළවී තිබේනේදයි දන්නේද නැත.
මෙය මා උපුටාගත්තක් නොවේ.
මෙහි සඳහන් තොරතුරු වෙනත් තැන්වල සඳහන් වී ඇත්දැයි දන්නේද නැත.
නැවතත් කියන පරිදි මෙය උපුටාගත්තක් නම් නොවේ.
ඡායාරූප පමණක් Google වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.
ඔබ සමඟ මෙම තොරතුරු බෙදා ගැනීම සඳහා පමණක් මෙය පළ කෙරුවෙමි.
උපුටාගන්නවා නම් මා ගැන සඳහන් නොකලත් උපුටාගත් ස්ථානය ලෙස එළකිරිය දැක්වීමට කාරුණික වන්න.

මෙම Thread එක ඔබට වැදගත් වේවී යයි සිතමි.
ස්තූතියි...!!!

:D :D :D :D :D
 
  • Like
Reactions: Chooty malli

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    3. පෙරදිගු කන්බස්සා (විද්‍යාත්මක නාමය : Otus sunia)
    11. ශී‍්‍රලංකා පිටතඹල උපබස්සා (විද්‍යාත්මක නාමය : Glaucidium castanonotum)

    මුන් දෙන්න එක වාගේනේ බන්
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    3. පෙරදිගු කන්බස්සා (විද්‍යාත්මක නාමය : Otus sunia)
    11. ශී‍්‍රලංකා පිටතඹල උපබස්සා (විද්‍යාත්මක නාමය : Glaucidium castanonotum)

    මුන් දෙන්න එක වාගේනේ බන්

    නිවැරදි කලා මචං...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif


    picture.php

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට ම බස්සන් බොහෝ යහපත් සතුන්ය. උන් පෙනුමෙන් ප්‍රියංකරය. අභිමානීය.
    වෙනත් පක්ෂින්ට වඩා මම බස්සන් ප්‍රිය කරමි. උන් ගෙන් එකෙක් ඇති කිරීම පිණිස යම් දිනෙක ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.
    ඇති කරන බස්සෙකු උරහිස මත තබාගෙන යාමට මම ඉතාමත් කැමතිය.........!!!!!:)
     
    • Like
    Reactions: Fire Angel

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    උලමා කියන්නෙ බස්සෙක්ද බන් ? මම හිතුවෙ ලේනෙක් වගේ එකෙක් කියලා..අර සින්දුවකුත් තියෙන්නෙ " උල ලේනෝ......කියලා"
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඇත්තට ම බස්සන් බොහෝ යහපත් සතුන්ය. උන් පෙනුමෙන් ප්‍රියංකරය. අභිමානීය.
    වෙනත් පක්ෂින්ට වඩා මම බස්සන් ප්‍රිය කරමි. උන් ගෙන් එකෙක් ඇති කිරීම පිණිස යම් දිනෙක ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.
    ඇති කරන බස්සෙකු උරහිස මත තබාගෙන යාමට මම ඉතාමත් කැමතිය.........!!!!!:)



    හොඳ අදහස!!!!!

    :D:D