දයාබර සොයුරිය..!
සාහිත්‍යදරයන් ගැහැණිය වටිනා මැණිකකට, මුතු ඇටයකට හෝ රන් කදකට උපමා කළේ ඇයි?
ඇගේ සුන්දරත්වය ඕනෑවටත් වඩා වර්ණනා කළේ ඇයි? කවියකින්, නිස්දැසකින් ඈ තවත් හැඩ කළේ ඇයි?
ලියනාඩෝ ඩාවින්චි මොනාලීසා රිව නොයෙක් ආකාරයෙන් අරුත් ගැන්වෙන පරිදි වර්ණවත් කළේ ඇයි? තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ගැහැණිය පිළිබද අලංකාර කවි ලීවේ ඇයි?
ඇය, ගැහැණිය සැබැවින්ම සුන්දර නිසා නොවේද?
අතීතයේ උන්මාද චිත්‍රා කුමරිය එක්ටැම් ගෙයක සිර කළේ ඇයි? ඒ තරමට ඇය සුන්දරවූ නිසා නොවේද?
ඇගේ සුන්දරත්වය දුටු අය ඈ කෙරෙහි උන්මාද වූ නිසා නොවේද?
ලෝකයේ වෙසෙන සෑම ගැහැණියක්ම් උන්මාද චිත්රාවක්මය. එසේ වූ පමාවට ඒ සෑම ගැහැණියකම එක්ටැම් ගේ තුලා සිර කළ හැකිද?
එය කොතරම් දුරට ප්‍රායොගිකද?මේයට කදිම පිලියම ඉස්ලාමය ලබා නොදෙන්නේද?
සිතන්න! වටිනා මැණික් අපට ලැබෙන්නේ කෙළෙසද? කොතැනින්ද? මහ පොළොව යට නොසෑහෙන වෙහෙසක් දරා ලබගත් හැකි තැනක නොවේද? සුදෝ සුදු මුතු ලැබෙන්නේ කෙලෙසද?
මහ සයුරේ මුහුදු පතුලෙන් නොවේද?
රන් රිදී ලැබෙනේ එවන්ම වූ දුශ්කර ක්‍රියාදාමයකට පසු නොවේද?
එසේ නම් ගැහැණිය මේ හැමෙකටම වඩා නොවටින්නේද?
ඉස්ලාමය ගැහැණියට හිජාබය අනිවර්ය කර ඇත්තේ මේ නිසාය.
හිජාබය යනු ඩෙනිම් කලිසමක් සහ ටීශර්ටයක් හැද හිස වටා රෙද්දක් පටලාගෙන යාම නම් නොවන වග පැහැදලිවම කිව යුතුය. හිජාඅය යනු මුඛවාඩම පමණක් නොව. ඇගේ ශරීර් අවයව උළුප්පා නොපෙනෙන ආකාරයෙන් ඇදුම් ඇදීමය. අද සමහරු මෝස්තරයට මුඛවාඩම පළදිති. තවත් සමහරු තරගයට පලදිති. ඇතැමෙක් කාගෙවත් කීමට පලදිති.සැබැවින්ම හිජාබය යනු කුමක්ද?
එය පිරිමියා ගැහැණිය මෙල්ල කරගැන්මට පැනවූ නීතියක් බව නොදන්නා සමහරු පවසති. ඇතැමෙක් වසර 1400ට ඉහතදී හැදි ඇදුමක් බවත් නවීන කාලයට ඔබින්නේ නැති වගත් පවසති. සමාජය හා උරෙන් උර ගැටෙන්නට බැර්, සමාජයෙන් අපව කොන් කර තබන ඇදුමක් බවත් සමහර අය පවසති. ඇත්තෙන්ම එය එසේමද?
නැත!පළමුවෙන්ම අප අවබෝධ කරගත් යුත්තේ හිජාබය මිනිසා පැණවූ අණක් නොවන බවය. අල්ලාහ් ඒකයෙකැයි පිලිගන්නා සියළු ගැහැණියක විසින්ම අල්ලාහ්ගේ අණට කීකරු විය යුතුමය. අද සමහර කාන්තාවන් අල්ලාහ්ව විශ්වාස කරන් බව කියති. එසේ වුවත් හිජාබය අනිවාර්ය නොවන බවත් කියති. එසේ නම් ඔවුන් අගවනේ අල්ලාහ් සියළුදේ නොදන්නා බව නොවෙද?
සර්ව බලධාරී අල්ලාහ්ගෙ නීති කාලෝචිත නැති බව නොවේද?
අපි එදිනෙදා ශහදාව කියා අල්ලාහ් ඒකයෙකු බවත්, නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැති බවත් දිවුරන්නෙමු. එහෙත් අල්ලාහ් මත ඒසා වූ විශ්වසයක් තබන බව දිවුරන අප අල්ලාහ් පැනවූ නීතීන් උල්ලංගනය කරනෙමු. එසේ වූ අප මුස්ලීම් යැයි පවසා ගැනීම කොතෙක් දුරට සාධාරණද?
හිජාබය පැළදිය යුතු අනිවාර්ය අංගයක් බවට පත්වනේ ඉහත කාරණාව පමණය. මීට අමතරව ඉන් ලැබෙන්නාවූ යහපත් දේ අපමණය. කාන්තාව පිරිමින්ගේ මන දොල පිනවන වස්තුවක් පමණක් විය යුතුද?
ශාරීරික අංගෝපංග දෙස නොබලා, ගැහැණිය සහ පිරිමියා දෙස එකම කෝණයකින් බලන්නට හිජාබය ඉවහල් වන්නේය. රුවට නොව හැකියාව මුල් තැන දෙන සමාජයක් බිහි කරන්නට හැකියාවක් මේතුලින් ඇති නොවන්නේද?
කාන්තාව 'බයිට්' එකක් කරගන්නට පෙරුම් පුරන පිරිමින්ගේ කුහක සිතුවිලි වලට කොමාවක් නොව නැවතීමේ තිතක් දමීමට හැකියාව ලැබෙනේය. නවීන විලාසිතා අනුකරණය කරන් මුස්ලීම් කාන්තාවක් සහ අල්ලාහ් පැණවූ නීතියට කීකරු වී හිජබය පලදින් කාන්තාවක් අතර පැහැදිලි වෙනසක් දැක ගැන්මට හැකිය. මේ දෙදෙනාගෙන් වැඩිපුර විහිළු තහළු වලට බදුන් වන්නේ කවුරුන්ද?
ගරු බුහුමන් ලබනේ කවුරුන්ද?
ලෝකයේ කීදාහක් දෙනා හිජාබයට එරෙහිව ගැරහිලි නැගුවත් හිජාබය පැලදි ගැහැණියකට අසභ්‍ය විහිළුවක් කරන්නට පෙලෙමෙනේ නැත. ඕනෑ නම් හනමිටි අදහස් ඇත්තියකැයි කියන්නවාට සැක නැත. ඒ හැරුණුකොට ඇගේ රුව ඕනෑවට වඩා ප්‍රශංසා කරන්නටවත් සදාචාර නොවන විහිළුවක් කරන්නටවත් යන්නේ නැත්.මුස්ලීම් කාන්තාවන් වන අපේ අනනයතාවය හිජාබයය. එහි වටිනාකම් මෙතැකින් කියා අවසන් කළ නොහැක. 'හිජාබයට' එරෙහිව හඩ නගන්නේ කවුරුන්ද?
හිජාබය පැළදි කාන්තාව නම් නොව. යම් භාන්ඩයකගුණ අගුණ කතා කළ හැක්කේ භාණ්ඩය පරිහරණය කරන අයෙකුට පමණකි. එසේ හෙයින් හිජාබය නොපලදින කාන්තාවන් මුස්ලීම් අපේ අයිතීන් හිජාබය නිසා උල්ලංගණය වන බව කෑගැසීමෙන් ඇති ඵලය කුමක්ද?
හිජාබය පලදින කාන්තාවන්ගෙන් ප්‍රශ්න කළහොත් ඇය කියාවි එය කොතරම් පහසු, සරල, අභිමානවත් වස්ත්රයක්දැයි කියා. අප සතුටු කළ යුත්තේ අනෙකාව නොව අප මැවි සර්ව බලධාරී අල්ලාහ්වය. අල්ලාහ් පිලිබද විශ්වාසය තබන ඇයට හිජාබය අවහිරයක් නොව ගවුරවයකි. ඒ ගවුරවය මේ ලොවේදී සේම එලොවදීත් ඇයට ලැබෙනු නියතය.