෴♥ ගල් කන්ද වලව්ව ♥෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ ගල් කන්ද වලව්ව ♥෴

    Cover.jpg


    01.png


    කන්නාඩිය ඉදිරියට ගිය චේතිය යළිත් වරක් තම රුව පිරික්සා බැලුවේය.. නමුත් ඔහුට තම කොණ්ඩය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවක් දැනුණි.. එහෙයින් එම බොරු කොණ්ඩය ගලවා දැමූ ඔහු ක්‍රේල් හිස කෙස් සහිත කොණ්ඩය පැළඳ ගත්තේය.. එය නම් ඔහුගේ හිසට මනාව ගැලපුණී..


    “මොකද පුතේ ඔය කොණ්ඩ මාරු කරන්නෙ..? අදත් කොහේ හරි නාට්ටියකට යන්නද..?”


    දොර රෙද්ද අතරින් මොහොතක් තම පුතු දෙස බලා උන් ගුණවතී විමසුවාය..


    “ඔව් අම්මා.. හවස පොඩි රිහසල් එකක් තියෙනවා..”


    මවගේ මුහුණ බලාගෙන එය කීමට නොහැකි නිසා චේතිය එය කීවේ බිම බලාගෙනය.. නමුත් ගුණවතීට එහි වෙනසක් දැනුණේ නැත.. ඈ තවත් මොහොතක් පුදු දෙස බලා හිඳ හිමිහිට යන්න ගියාය..


    ඉතා දුගී පවුලක එකම පුතු වූ චේතිය මෙම වෙස් ගැන්වීම් කළේ නාට්‍යය පුහුණුවකට හෝ මව රැවටීමට නොව තම අනන්‍යතාව සගවා ගැනීමටය.. පියාත් නොමැතිව තනිව පවුල ගොඩ ගැනීමට වෙර දරන අසරණ මව හා පුංචි නැගණිය රැකබලා ගැනීම තම යුතුකමක් සේ ඔහු සැලකුවේය.. බොහෝවිට නාට්‍යය පුහුණුවීම් ඇති බව මවට පවසා ඔහු පාසල අවසන් වූ පසු අමතර රැකියාවක හෝ කුලී වැඩක නියැලුණි..


    “අයියා.. මමත් එන්නද ඔයාගෙ නාට්ටිය බලන්න..?”


    තවමත් හත් හැවිරිදි වියේ පසු වූ නැගණිය ඇගේ බෝල ඇස් පුංචි කර විමසද්දී චේතිය කල්පනා ලොවින් මිදුණි..


    “නාට්ටිය පෙන්නන්න තව ගොඩක් කල් තියෙනවා චූටි.. මං ඔයාව එදාට ගෙනියන්නම්කො..”


    නැගණියගේ නාසය මිරිකූ ඔහු බොරු කොණ්ඩය හා වෙස් ගන්වන උපකරණ කට්ටලය සිය ගමන් බෑගයේ දමා ගත්තේය.. පාසලේ බාල දක්ෂ ඇදුමද වෙනම නවාගත් ඔහු පාසල් නිල ඇදුමින් සැරසුණි..


    “අනේ මංදා.. නිවාඩු දවසකවත් ගෙදර ඉන්නෙ නෑ නොවෑ.. ආ.. මේ බත් ඩිංගිත්ත කාලා යන්න..”


    සුදු හාලේ බතට පොල් සම්බෝලයක් කොටා ගත් ගුණවතී එය මැටි කෝප්පයකට දමාගෙන පුතුට කැවීමට සූදානම් විය..


    “අයියෝ අම්මා.. දැන් බත් කාලා ගිහින් මං ප්‍රැක්ටිස් කරන්නෙ කොහොමද..?”


    චේතියගේ හඩට ගුණවතී ඇනූ බත්කට යළිත් මැටි කෝප්පයට දැමුවේ සිත් වේදනාවෙනි.. පුතු නොකන්නේ වෙනකක් නිසා නොව හොදි, මාළු නොමැති නිසා බව ඇය දනී.. කොතරම් අගගිඟකම් තිබුණත් චේතියට කටට රසට කෑම වේල තිබිය යුතුය.. රජ බොජුන් නොමැති වූවාට කරවල බැදුමක් සමග හෝ දැවිල්ලට යමක් ඔහු අපේක්ෂා කරයි..


    “අම්මා ඕක චූටිට කවන්න.. මං යන්නම්..”


    සිය මවට බාගෙට නැමී වඳින ලද චේතිය කඩුල්ල ළගට ගොස් යළි හැරුණේය..


    “අම්මා අද වලව්වට යන්න එපා.. චූටිත් ගෙදර තනියමනේ..”


    ඔහු එය නැවත මතක් කර දුන්නේ මව ගල් කන්ද වලව්වට ගියහොත් තම සැලැස්ම අපතේ යන නිසාවෙනි.. ඔහුගේ ඔවදනට මුනිවත රැකි ගුණවතී පුතු යන මග දෙසට නෙත් යොමා උන්නේ ඔහු නොපෙනී යන තුරුය..


    ගල් කන්ද වලව්ව යනු එම පලාතටම තිබෙන විසල් වලව්වයි.. ගුණවතීලා වසන මෙම නිවසද ගල් කන්ද වලව්වට අයිති වූවකි.. ගුණවතීගේ මියගිය සැමියා වූ ධර්මතිලකද ජීවිතයෙන් හරි අඩක්ම කළේ වලව්වට ආවතේව කිරීමය.. ඔහු මියගිය දා පටන් ගුණවතී එම වගකීම කරට ගත්තාය.. ඈ එය කැමැත්තෙන් නොකලද තම පුංචි පුතු රැකබලා ගැනීමට හා වාසස්ථානය අහිමි කර නොගැනීමටද ඇයට ගත හැකිව තිබූ එකම හා හොදම තීරණය එයයි..


    නමුත් ඉන් ඇයට හිමිවූයේ කුසට අහරක් හා හිසට සෙවනක් පමණක් නොවේ.. ඒ අදුරු යට ගියාව යළි සිහිපත් කිරීමට අකමැති වූ ඈ සුසුමකින් ලය සැහැල්ලු කර නිවසට පා තැබුවාය..


    ****************************


    “අයියෝ චේති.. උඹ පරක්කුයි හොදටම..”


    “ඒ මදිවට යුනිෆෝම් පිටින්..”


    පාසල් ගේට්ටුවෙන් ඇතුළු වූ චේතිය දුටු සැනින් මිතුරෝ කෑ ගැසූහ.. ඒවා කනකට නොගත් චේතිය පාසල ඇතුළට ගොස් යොමා බැලුවේ බාල දක්ෂ කමිටුව භාරව කටයුතු කරන මහින්ද සර් පෙනෙන්නට ඇත්දැයි කියාය..


    “විනාඩි දෙකක් දියන්.. මං පට ගාලා චේන්ජ් කරන් එන්නම්..”


    මොහොතක්වත් පමා නොවූ චේතිය ළගම තිබූ පංති කාමරයට රිංගා බාල දක්ෂ ඇදුම ඇඟලා ගත්තේය.. ඔහු පිරිස අතරට එන විට මහින්ද සර්ද ඔවුනට එක් වුනි..


    “අද මේ වැඩේට මං ප්‍රින්සිපල් සර්ගෙන් පර්මිෂන් ගත්තෙ හරි අමාරුවෙන්.. ඔයාලා මේ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනෙ..”


    පහළොස් දෙනෙක්ගෙන් යුත් නඩය අමතා සර් සර් පවසද්දී ළමෝ එය වටහාගත් විලස හිස් සැලූහ.. බාල දක්ෂ අරමුදල තර කර ගැනීමට ඔවුන් මෙම සෙනසුරාදා දිනය යොදා ගත්තේ එවිට පාසල් වැඩ කටයුතු අතපසු නොවන හෙයිනි..


    “චේතිය මොනවද ඔයාලගෙ යෝජනා..?”


    මහින්ද සර් එය චේතියගෙන්ම විමසා සිටියේ ඔහු බාල දක්ෂ කමිටුවේ නායකයා වූ නිසාය.. එපමණක් නොවේ.. ඔහුගේ අසාමාන්‍ය පෞරෂය හා සහජයෙන්ම උරුමව තිබූ නායකත්වයේ ගති ලක්ෂණ නිසා සෙසු පිරිස ඔහුගේ බසට අවනත වන ගතියක්ද තිබිණි..


    ගමේ පාසලකින් උසස්පෙළ සදහා නගරයේ පිරිමි පාසලකට ඇතුළත් වූ ඔහුට වසරක් ඉක්ම යාමට මත්තෙන් මෙම තනතුර හිමි වූයේ ඔහුගේ එම අසාමාන්‍ය ගති ලක්ෂණ නිසාය.. එහෙන්ම මහින්ද සර්ද සුදුස්සාට සුදුසු තැන දෙන ආකාරයේ මහත්මා ගති ඇති ගුරු භවතෙකි..


    “සර්.. මට හිතෙනවා මෙතන පහළොවක් ඉන්න නිසා තුන්දෙනා ගානෙ කණ්ඩායම් හැදිලා පැති පහකට ගියානම් හොදයි කියලා.. ඒ වගේම අපි ඊයෙ කතා උනා මේ අවට තියෙන පැරණි බංගලා වලව් වගේ ඒවා පැත්තෙ ගිහින් බලන්න..”


    “ඒ මොකද..?”


    මහින්ද සර් හරස් ප්‍රශ්නයක් නැගුවේ ඔහුගේ එම කතාවේ යටි අරමුණ එකවර වටහාගත නොහැකි වූ නිසාය..


    “මේකනේ සර්.. සාමාන්‍ය ගෙවල් වලට ගියාට ඒ මිනිස්සු අපෙන් වැඩ ගන්න කැමති නෑ.. ඇරත් ඒ ගෙවල් වල අපිට කරන්න තරම් වැඩත් නෑ.. එයාලා අපිට නිකං රුපියල් විස්සෙ පනහෙ ඒවා දෙනවා.. අපි එතකොට නිකං හිගන්නන්ගෙ තත්වෙට වැටෙනවනේ සර්.. අනික අපි වැඩ නොකර පිනට සල්ලි ගන්න එක නම් මේ යුනිෆෝම් එකටත් කරන අගෞරවයක්.. ඉතිං අපි හිතුවා මේ පළාතෙ වලව් එහෙම කීපයක්ම තියෙන නිසා ඒවලට යන්න.. ඒවයේ අවුරුදු ගණන් පුස්කාපු දූවිලි තට්ටු ටිකක් හරි අපට සුද්ද කරන්න බැරුවයෑ.. අනික සර්.. ඔය වලව්කාරයො හරි ලොකු මාන්නයක් තියෙන අය.. එයාලා සල්ලි කීයක් හරි දුන්නත් දෙන්නෙ එයාලගෙ නම්බුව බේර ගන්න පුළුවන් විදියට..”


    “ඒ කිව්වෙ..?”


    “ඒ කිව්වෙ සර්.. ඔය මොණරු.. බෙරකාරයො වගේ කොළ වලින්..”


    චේතිය එය කීවේ හඩ තරමක් බාල කරය.. ඒ කතාවට මහින්ද සර්ගේ පමණක් නොව සියළුම දෙනාගේ මුවේ සිනාවක් විසිරුණි..


    “හරි.. චේතියගෙ යෝජනාව බොහොම හොද එකක්.. ඒකට විරුද්ධ කවුරු හරි මෙතන ඉන්නවද..?”


    සර් පමණක් නොව චේතියද ඔවුන් දෙස බැලුවේ කුතුහලය මිශ්‍ර දෑසිනි.. ඔහු මෙම අදහස ඊයෙ පිරිස සමග කතා කල බව සර්ට කීවද ඔහු එය කතා කලේ තම සමීපතම මිතුරන් දෙදෙනා වූ රංග හා කලන සමග පමණක් වීම එයට හේතුවයි.. නමුත් ඔහුගේ අදහසට කිසිවෙකු එරෙහි නොවීම නිසා චේතියගේ සිතට දැනුණේ සහනයකි..


    “හරි.. එහෙනං ඔයාලා කතා කරගත්ත විදියට වැඩේ කරන්න.. මගෙත් පොඩි අදහසක් තියෙනවා..”


    මහින්ද සර් අමුතුම ආකාරයේ සිනහවක් මුව රදවා කියද්දි සැවොම එකිනෙකාගේ මුහුණු බැලුවහ..


    “ඔයාලා කට්ටිය අද දවසට දහ දාහකට වඩා හොයන්න ඕනෙ.. මං කිව්වෙ එක කණ්ඩායමකින් අවමය දෙදාහක්..”


    “අයියෝ සිම්පල්නෙ මචං..”


    රංග සිය මිතුරා වූ චේතියගේ කනට කර කීවේ දැඩි ආත්ම විශ්වාසයකිනි..


    “දැන් චේතිය කිව්ව විදියට මොණර කොළ හම්බ වෙනවානං එක ටීම් එකක් ගෙවල් දෙකකට ගියත් මැදැයි.. ඉතිං.. ඔයාලා මේ නිවාඩු දවසෙ පංති යන්නෙ නැතුව ගෙවල් වල වැඩත් පාඩු කරගෙන මේ ගමන ආපු එකේ වැඩක් වෙන්නත් එපැයි.. ඒ නිසා ඔයාලා අද දහදාහකට වඩා එකතු කරන හැම සතේම මං ඔයාල පහලොස් දෙනා අතරෙ බෙදලා දෙනවා..”


    “හුරේ..”


    ළමුන් පිරිස සතුටු සිතින් ජය ඝෝෂා නැංවූයේ එය එතරම් අසීරු ඉලක්කයක් නොවන හෙයිනි..


    “හැබැයි එකක්.. මේ කතාව ඔයාලා පහළොස් දෙනාගෙන් පිට යන්න බෑ..”


    මහින්ද සර් අවසන් මොහොතේ අනතුරු ඇගවීමක්ද කළේ බොහෝ දුරට කල්පනා කිරීමෙන් පසුවය.. ඔහුගේ තීක්ෂණ ඥාණය හා ළමුන්ට ඇති කරුණාව හොදින් දැන උන් චේතිය ඇතුළු කණ්ඩායම එයට එකගව හිස් සැලූහ..


    ****************************


    “ඇත්තටම ඇයි උඹ අද අම්මට බොරුවක් කියලා මේ ගමන ආවෙ..? ආන්ටි දන්නවනේ උඹ බාල දක්ෂයෙක් කියලා.. ඉතිං කියලා එන්න තිබුනනේ..”


    රංග චේතියගෙන් විමසා සිටියේ කුරුණෑගල නගරය මධ්‍යයටත් පැමිණි පසුවය.. එතෙක් ඔහු එය නොඇසුවේ චේතියගේ සැබෑ තතු දැන උන්නේ තමාත් කලනත් පමණක් හෙයිනි..


    “කියලා එන්න තිබුණා අපි ගල් කන්ද වලව්වට නැතුව වෙන කොහේ හරි යනවනං.. කරුමෙට ඉතිං අපේ අම්මා වැඩ කරන්නෙත් එතනනෙ.. නිකං හරි අද එහෙට බාල දක්ෂයො ආවා කියලා එයා දැන ගත්තානං සැක හිතනවා..”


    තම මව ගල් කන්ද වලව්වේ මෙහෙකාරකම් කරන බව ගමේ පාසලට යන කාලයේ පටන්ම දැන උන් මේ මිතුරන් දෙදෙනාට බොරුවක් කීමේ අවශ්‍යතාවක් චේතියට නොවිණි..


    “උඹ අම්මටත් රෙස්පෙක්ට් එක දාලා වලව්වට නොගිහින් හිටියට මොකෝ ඒකට රිංගන්න උඹේ යට හිත කැමතියි නේද..?”


    මිතුරාගේ වදන් කොතරම් සත්‍ය දැයි චේතිය සිතා බැලුවේය.. සැබැවින්ම ඔහු ශීෂ්‍යත්වය කරන සමයෙන් පසු ගල් කන්ද වලව්වට පය ගැසුවානම් ඒ වරක් හෝ දෙකක් පමණි.. මතක ඇති මෑත ඉතිහාසයේ නම් ඔහු එහි නොගිය තරම්ය.. නමුත් කුමක්දෝ නොතේරෙන හේතුවක් මත ඒ වලව්වේ සැගවී ඇති ගුප්තභාවය රසවිදීමට චේතියගේ සිතේ කැමැත්තක් ඇති වී තිබිණි.. එය මෑත කාලයේ පෙරටත් වඩා ඔහුගේ සිතට වද දෙන්නට විය.. බාලදක්ෂ කමිටුවේ මුවාවෙන් ඔහු මෙම ගමන යොදා ගත්තේ එම සිතැගි ඉටු කර ගැනීමටය..


    “මචං.. ඇතුලගකාරයා උඹව අඳුර ගනියිද..?”


    කලන ඇසූවට චේතිය ඔලොක්කුවට මෙන් සිනාසුණේය..


    “අඳුරගන්නෙ මං මේ විදියට ගියොත්නෙ.. ”


    මිතුරාගේ වෙස් ගැන්වීම් පිළිබද දැන උන් රංග කලන දෙස බලා ඇසග් ඉගි කළේ චේතියගේ බෑගය පෙන්වමිනි..


    “ආ.. උඹ අදත් ටූල් කිට් එක අරගෙනද ආවෙ..?”


    චේතියගේ වේශ නිරූපණ කට්ටලය මිතුරන් දෙදෙන හැදින්වූයේ ටූල් කිට් එක ලෙසය.. ඔහුගේ බෑගය තරමක් විශාල නම් ඔහු නොවරදවාම එය රැගෙන එන බව දෙමිතුරෝ දැන උන්හ..


    “උඹේ ඔය ඩබල් ඇක්ටින් පාර තාමත් ඉස්කෝලෙට මාට්ටු උනේ නැති එක හොදයි.. දැනගත්ත දාට උඹගෙ පටි රෝල්..”


    රංග කියූවට චේතිය සැහැල්ලු ලෙස සිනාසුණේ එවැන්නක් කිසි දිනෙක සිදු නොවන බව දන්නා නිසාය.. චේතියලාගේ දුප්පත්කම නිසා මෙන්ම ඔහුගේ මවගේ රැකියාව නිසා ගමේ පාසලේදී මිතුරන්ගේ අවමන් වලට ලක් වූ චේතිය සාමාන්‍ය පෙළින් පසු පාසල මාරු කිරීමට තීරණය කළේ දෙවරක් නොසිතමිනි..


    තමාට එම කඩඉම තරණය කිරීමට ඇති එකම මග හොදින් සාමාන්‍ය සමත්වීම බව දැන උන් චේතිය එම අවස්ථාව මග හැරියේ නැත.. නමුත් පළමු වසරේ පටන් එකටම හැදී වැඩුණු තුන් යහළුවන්ට වෙන්ව සිටීමට හිත හදාගත නොහැකි වූහ.. රංග හා කලනත් විභාග ප්‍රතිඵල හා මුදල් යන දෙකේ සංකලනයෙන් පින් සිදු වෙන්නට චේතිය ඇතුළු වූ නගරයේ ජාතික පාසලටම රිංගා ගත්තේ එහෙයිනි..


    ගමේ පාසලේ උන් සමයේ තම මිතුරා විදි මානසික පීඩනය දැන උන් මිතුරෝ මෙම පාසලේදී චේතියගේ දුප්පත්කම වසාලන්නට ඔහුට උදව් දුන්හ..


    “මගේ පටි රෝල් වෙන්නෙ උඹලා දෙන්නා කට ඇරියොත් විතරයි.. මට උඹලා දෙන්නව මං තරමටම විශ්වාසයි.. ඒ නිසා අවුලක් නෑ..”


    චේතිය එය කීවේ සිනාසෙමින් වුවද එය ඇසූ රංග හා කලනගේ මුහුණු බොහෝ හැගීම්බර වූහ..


    “රා..යිට් කිට්ටුවටම ආවා.. දැන් මට පොඩි සපෝර්ට් එකක් දියන්..”


    කතාවෙන් කතාව ගල් කන්ද වලව්ව කිට්ටුවටම පැමිණ තිබූ ඔවුන් වසා තිබූ පාළු කඩයක් අභියස මොහොතකට නතර විය.. කරේ දමා උන් බෑගය ගැලවූ චේතිය සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම අතට ගත්තේ මිතුරන් දෙදෙන පුදුමයෙන් බලා හිදිද්දීය..


    “දැන් කොහොමද..?”


    ක්‍රේල් කොණ්ඩය පැළඳ කණ්නාඩි දැමූ පසු ඔහුගේ ස්වරූපය බොහෝ දුරට වෙනස් වී තිබිණි..


    “කොණ්ඩෙනං එළ.. ඒත් ෆේස් කට් එක අදුරයිද මංදා..”


    එසේ කීවේ රංගය..


    “රැවුලක් දාගන්න තිබ්බා මචං.. ඒත් මේ ඇදුමෙ හැටියට ඒක කරන්න බෑ..”


    එසේ කියනා අතරතුර චේතිය උපන් ලපයක් සේ පෙනෙන පොඩ් ස්ටිකරයක් තම වම් කම්මුලේ අලවා ගත්තේය..


    “ෂා.. දැන්නං අයිසෙක් නිව්ටන් වගේ..”


    ඔවුන් සිනාසෙමින් යළිත් පාරට පිවිසියහ.. ගල් කන්ද වලව්ව පිහිටා තිබුණේ අක්කර ගණනාවක අති විශාල පොල් වත්තක් මධ්‍යයේය.. එම සුවිසල් වත්තේ එක් පැත්තක් දිගටම විශාල කළු ගල් කන්දකට මායිම් වුනි.. වලව්වට එම නම ලැබී ඇත්තේ එකී කළු ගල් කන්ද නිසා බව ගම්මුන් කියනවා චේතිය අසා ඇත..


    “ඇතුගලයට දුවෙක් නෑ නේද මචං..? වයස ප්‍රශ්නයක් නෑ.. නාඩි වැටෙනවානං එච්චරයි..”


    සුවිසල් වලව්ව නෙත ගැටෙත්ම කලන කීවේ මිතුරන් දෙදෙන හිනස්සමිනි..


    කොතරම් විහිළු කරමින් පැමිණියද වලව්වේ මිදුලට පය ගැසූ සැනින් චේතියගේ හිත අමුතුම හැගීමකින් හිරි වැටී ගියේය.. එය මේ යැයි පැහැදිලිව වටහාගත නොහැකි තරමට ඔහුගේ සිත අවුල් වී තිබිණි..


    “චේති.. මෙහේ බල්ලො නෑ කියලා උඹට ෂුවර් නේද..?”


    කෑ ගසමින් පැමිණි රංගගේද කටහඩ බොහෝ දුරට අඩු වී ඇත..


    “බල්ලො මේ වෙලාවට ගෙදර නෑ බං.. ඌ දඩාවගේ ගිහින් ගෙදර එන්නෙ රෑට..”


    චේතිය කීවේ ඒ හා සමාන පහත් ස්වරයකිනි..


    “ඒ මොන බල්ලොද..?”


    එයට පිළිතුරු දීමට පමා නොවූ චේතිය වටපිට බැලුවේ හේතු හාමි සිටීදැයි කියාය..


    “වොචර්කාරයා කෝ බං..? මේ පට්ට දවාලෙ මිනිහා බුදිද..?”



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එවර ප්‍රශ්නය නැගුනේ කලනගෙනි.. එයට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ කලන දෙස රවා බැලීමය.. ඈතින් දිව එන හේතුහාමි දුටු මිතුරන් තිදෙනා ප්‍රශ්න කිරීම් නවතා අඩියක් දෙකක් ඉදිරියට ඇවිද ගියහ..

    “මේ දරුවො... ඉස්කෝලෙකින් වෙන්ටැති..”


    බුලත් කහට රැදි දත් පෙලද පෙන්වා සිනාසුන හේතුහාමි ඔහුන් පිරික්සන ආකාරයේ බැල්මක් හෙළුවේය..


    “කෝ අන්කල්.. වලව්වෙ කවුරුත් නැද්ද..?”


    රංග විමසා සිටියේ මේ අවස්ථාවේ චේතිය කතා කළහොත් කටහඩ අදුරා ගනීවි යන සැකයෙනි..


    “හාමු මහත්තයා ඔපීසියෙ වැඩ වගයක්.. ඩිංගක් ඉන්නකෝ..”


    එසේ කී හේතු හාමි උරහිස රැඳි අඳුරු පැහැ තුවා කැබැල්ලෙන් තම කට පිසිමින් වලව්ව තුළට ගමන් ගත්තේය..


    “මේක ටුවරිස් හොටෙල් එකකට මරු ප්ලේස් එක නේස චේති..? අර පහළට වෙන්න පූල් එකකුත් හැදුවනං මාර ඩිමාන්ඩ් එකක් තියෙයි..”


    ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ රංග වලව්ව දෙස බැලුවේද ව්‍යාපාරික ඇසිනි.. ඔහු එය නිකමට කියුවාක් වුවද ඒ කතාව කොතරම් සත්‍යයක්දැයි චේතියට වැටහුණේ ඈතට දිව යන බෑවුම් සහිත පොල් ඉඩම දකිද්දීය..


    “උඹලගෙ අම්මා ඇවිත් නැතුව ඇති නේද..?”


    “නෑ රංග.. අද චූටි ගෙදරනේ.. අම්මා එයාව වලව්වට එක්කගෙන එන්නෙ නෑ..”


    මිතුරාට පිළිතුරු දුන්නද චේතිය උන්නේ වලව්ව තුළට යාමේ දැඩි ආශාවකිනි.. පුංචි සන්ධියේ තමාට ආදරය දැක්වූ වලව්වේ ළමාතැනී විටින් විට චේතියගේ අතීත මතකය අළුත් කලේය..


    “මේ ළමයි..?”


    වෙන වෙනම කල්පනා ලෝකවල සිරවී උන් තිදෙනා එම ගැඹුරු කටහඩින් සසලව ගිය තරම්ය.. ඒ පැමිණ උන්නේ අනෙකෙකු නොව වලව්වේ ඇතුගල හාමුය..


    තම පාසල හා බාල දක්ෂ අරමුදල ගැන කෙටියෙන් හැදින්වීමක් කළ කලන ඔවුනට කළ හැකි වැඩක් ඉල්ලා සිටියේය..


    “හේතුහාමි.. මොනවද අපි මේ ළමයින්ට කරන්න දෙන්නෙ..?”


    ඇතුගල හාමු හේතුහාමි දෙසට හැරී විමසිය.. උස මහත ශ්වේත වර්ණ සිරුරකින් යුතු ඇතුගල හාමු අභියස උන් හේතුහාමිව චේතියට පෙණුනේ ගලිවර් ළග ඉන්නා ලිලිපුට්ටෙකු ලෙසිනි..


    “වැඩනං එමටයි හාමු මහත්තයා..”


    ඇතුගල හාමු ඉදිරිපිටදී කොන්ද නමාගෙන හේතුහාමි පැවසුවේ බොහෝ බය පක්ෂපාතීවය..


    “මම කියන්නද.. ඒබරං අසනීපයි කියලා පණිවිඩයක් එවලා තිබුණා.. ඒ නිසා අපි අර පොල් ටික ලෙලි ගස්සව ගමු..”


    මිතුරන් තිදෙන එකිනෙකාගේ මුහුණු පිරික්සුවේ එවන් වැඩක් ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකළ බැවිණි.. නමුත් දැන් කළහැකි දෙයක් නැත.. තින්දුව දුන් ඇතුගල හාමු නොපෙනී ගොස්ද අවසන්ය..


    “මේ පැත්තෙන් එන්න ළමයිනේ..”


    වලව්වේ පිටතින් ඔවුන් තිදෙනාව කැදවාගෙන ගිය හේතු හාමි වත්තේ බෑවුමකට වෙන්න ගොඩගසා තිබූ විශාල පොල් කන්දක් අභියට නතර විය.. එහි පහළ සිට මුදුනට නෙත් යැවූ කලනගේ දෑස්ද පොල් ගෙඩි තරම්ම විසල් විනි..


    “මේ පොල් කන්දටද බං අරූ පොල් ටික කියලා කිව්වෙ..?”


    කලනගේ සිතැගි වටහා ගත්තාක් මෙන් චේතියද කියා සිටියේය..


    “මේං මෙතන පොල් උලවල් දෙකක් තියෙනවා..”


    පොළවටම ගසා තිබූ හැඩලයේ උල් දෙකක් පෙන්වූ හේතුහාමි ඔවුන්ව එතන තනිකර දමා නැවතත් වලව්ව දෙසට ගමන් ගත්තේය..


    “ෂිට්.. අදනං රාහු කාලෙට එළියට ඇවිත් තියෙන්නෙ.. මදැයි කීයක් හරි වැඩියෙන් එකතු කරගන්න ආවා..”


    “මූ කුණු නප්පියෙක්ද කොහෙද.. අර ඒබරංද අබරංද මොකාගෙද මන්දා වැඩේ අපේ කර පිටින් තියලා ෂේප් කළා..”


    කලන හා රංග මැසිවිලි නගමින් පොල් ලෙලි ගැසීමට සැරසෙද්දී චේතිය වලව්ව හොදට පෙනෙන තැනකින් ඉද ගත්තේය..


    “අප්පට සිරි.. මෙන්න ඒ පාර මූ හාමු වෙලා.. උඹේ ගොන් අයිඩියා එක නිසා තමයි අපිට අද පොල් ලෙලි ගහන්න උනේ..”


    “හරි හරි බං.. උඹලගෙ අත රිදෙද්දි මට දියන්.. අපි මාරුවෙන් මාරුවට ලෙලි ගහමු..”


    ඔවුන් විහිළුවෙන් විහිළුව පැය දෙකක් පමණ පොල් ලෙලි ගැසීමේ නිරත වුවද පොල් කන්දේ නම් කිසිම අඩුවක් පෙනෙන්නට නොවිය.. නමුත් ඒ වන විට තිදෙනාගේම දෑත් රෝස පැහැ ගැනිවී කර ගැට මතු වී තිබිණි..


    “ළමයිනේ.. ආ මේක බීලා ඉමු..”


    දහඩිය පෙරා වැඩ කරන ඔවුන් වෙත හේතුහාමි රැගෙන විත් තිබුණේ සීත කල කොකා කෝලා කෑන් තුනකි.. වෙලාවේ හැටියට ඔවුනට එය මහගු ඖෂධයක් විය..


    “ඔය ළමයින්ට කන්න මොනව හරි හරිගස්සන්න තිබුණා ගුණවතීවත් හිටියනං.. කොහෙද වෙලාවටම ඒකිත් අද නෑනෙ..”


    හේතුහාමි කොකා කෝලා පිළිගන්වන අතරතුර කීවේ චේතිය දෙස විපරමින් බලමිනි.. ඔහු තමාව හදුනා ගනීදෝ යන සැකයෙන් චේතිය තරමක් පිරිස මග හැරියේය..


    “කවුද අන්කල් ගුණවතී කියන්නෙ..?”


    රංග කිසිත් නොදන්නා ලෙස විමසුවේ කොකා කෝලා කෑනය ඇගිල්ලෙන් විවර කරන අතරතුරය.. තරමක් ඈතක උන්නද චේතියද මෙම කතාවට දෙසවන් යොමා සිටියේය..


    “ගුණවතී තමා මෙහෙ වැඩ කටයුතු බලා කියාගෙන උයලා පිහලා දෙන්නෙ..”


    “එතකොට අන්කල්ගෙ නම..?”


    “මම හේතුහාමි.. අපිත් ඉතිං මේ වලව්වට සින්න වෙච්චි උදවිය නොවෑ..”


    එතරම් ළග පාත නොවුනද එකම ගමේ නිසා රංග හා කලනද ගල් කන්ද වලව්ව ගැන බොහෝ විස්තර දැන උන්හ.. නමුත් ඔවුන් හේතුහාමි සමග කතාබහ කළේ ඒ කිසිත් නොදන්නා අයුරිනි..


    “හාමු මහත්තයගෙ නෝනා වලව්වෙ නැද්ද අන්කල්..?”


    “අනේ.. අපේ ළමාතැනී සීදේවී නෝනා කෙනෙක්.. ඒත්.. ඒත්..”


    හේතුහාමි එකවරම කතාව නවතා ගත්තේය.. ළමුන් සිතුවේ ඇතුගල හාමු තමන් සිටිනා ඉසව්වට එතැයි කියාය.. නමුත් ඔහු පෙනෙන ඉසව්වකවත් නොවිණි..


    “ඇයි අන්කල්..?”


    “ළමාතැනී.. නැති වුනා දරුවනේ..”


    හේතුහාමිගේ කටහඩ වෙව්ලා යද්දී ඔහුගේ කතාවට කන් දී උන් චේතියගේ දෑසද කදුළු පටලයකින් වැසී ගියේය..


    “අදට ඔය ඇති ළමයිනේ.. මේං මේක දැනට තියා ගන්න..”


    සිසිල් බීම පානයෙන් අනතුරුව ඔවුන් නැවත වැඩය පටන් ගැනීමට සැරසෙද්දී ඔවුන් අභියසට පැමිණි ඇතුගල හාමු එක් අයෙකුට රුපියල් දාහ බැගින් බෙදා දුන්නේය..


    “හාමු මහත්තයා තරහා නැතුව දීපු ගාන මේ පොතේ ලියලා අත්සන් කරනවද..?”


    කලන බෑගයෙන් එළියට ගත් බාල දක්ෂ කමිටුවේ සී ආර් පොත ඔහු වෙත දික් කළේය.. එය එතරම් මායිම් නොකළ ඔහු කලනගේ පිටට තට්ටුවක් දැම්මේ සිනාසෙමිනි..


    “මං ඕක දුන්නෙ කමිටුවට නෙමෙයි.. ඔයාලා තුන් දෙනාට.. ඔයාලට ලියන්නම ඕනෙනම් කැමති විදියට ඕක ලියා ගන්න..”


    ඊට ගෞරව පූර්වකව සිනාසුන කලන පොත වසා නැවත බෑගයට දමා ගත්තේය.. මිතුරන් දෙදෙනා අභියස උන්නද චේතිය වැඩිය හිස ඔසවා බැලුවේවත් කතාබහ කළේවත් නැත..


    “ලබන සතියෙ විතර අපේ වලව්වෙ පොඩි උත්සවයක් තියෙනවා.. බැරිද ඔය ළමයි තුන් දෙනාට දවසකට දෙකකට ඇවිත් පොඩි උදව්වක් දෙන්න..?”


    තිදෙනා විනිවිද යන බැල්මක් හෙලූ ඇතුගල හාමු කියා සිටියේය.. ඔවුන් මොහොතක් නිහඩව එකිනෙකා දෙස බැලුවේ එකවර තීරණයක් ගත නොහැකි නිසාවෙනි..


    “මං කිව්වෙ මේ.. බාල දක්ෂයො විදියට නෙමෙයි.. තුන් දෙනක් එක්ක නිවාඩු වෙලාවක පොඩ්ඩක් ඇවිත් යන්න.. මං ඒවට සලකන්නම්..”


    ඔහු හක හක ගා අමුතුම ලෙස සිනාසුනේ මිතුරන්ගේ සිත් වල ඇතිව තිබූ පැහැදීම මොහොතකට බිදලමිනි..


    “අපි එන්නම්..”


    බොහෝ කල් වේලා ගත් කලන අවසාන මොහොතේ කියා දැම්මේය..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    02.png


    පෙර දිනක බාල දක්ෂ කමිටුවෙන් ලත් අමතර මුදලින් නිවෙසට අවශ්‍ය බඩු කිහිපයක් හා අමතර ආහාර පාන ස්වල්පයක් ගත් චේතිය නංගිට ගවුම් රෙද්දක්ද මිලට ගත්තේය.. ඔහු කුඩා කල සිට පටන්ම නැගණියට දැක්වූයේ අසීමිත සෙනෙහසකි.. ඇගේ මුතු මුතු කැරලි කොණ්ඩයත් සුදෝ සුදු රවුම් මුහුණත් බෝල ඇස් දෙකත් චේතියගේ සිත සුවපත් කිරීමට සමත්ය.. ගමේ මිනිසුන් නැගණිය සම්බන්ධයෙන් කියනා නොයෙකුත් කටකතා නිසාද චේතියගේ සිතේ ඈ ගැන ඇති බැදීම දිනෙන් දිනම වැඩි විය...

    “අයියා.. නතාලි අක්කා ආවා..”

    චේතිය නිවසේ කඩුල්ල පනිද්දිම දිව ආ නැගණිය එය කීවේ ඔහුගේ අතැගිල්ලක එල්ළෙමිනි..

    නතාලි අක්කා යනු අම්මාගේ වැඩිමල්ම සොයුරියගේ දියණියයි.. ඕ තවමත් විසි දෙහැවිරිදිය.. පේරාදෙණිය සරසවියේ දෙවන වසරේ සිසුවියක වන ඈ චේතියලාගේ දුක සැප සොයා බැලූ එකම ඥාතිවරිය වූවාය.. ඈ පැමිණෙන්නේද නිවෙස් වලට නොදන්වා රහසිනි..

    “මල්ලිට අද වාසියක් වෙලා වගේ..?”

    ඔහු රැගෙන ගිය මාළු ස්වල්පය මේසයක් මත තබද්දීම නතාලි අක්කා කීවේ සුපුරුදු ලෙන්ගතුකමිනි..

    “මේ ළමයත් ඔය ඉස්කෝලෙ අමතර වැඩ වලට ගිහින් හොයා ගන්න සොච්චරමත් ගෙදරටම ඉවරයි දරුවො.. අනේ ඉතිං අර මනුස්සයත් අකාලෙ ඇහැ පියව ගත්තනෙ..”

    ගුණවතී සුපුරුදු පරිදි සිය ඥාති දියණිය ඉදිරිපිට තම දුක දිගහැරියාය.. ඊට නතාලිගෙන් දිගු හුස්මක් පිට විණි..

    “අම්මෙ ඔය බෑග් වල මාළුයි එළවළුයි වගයක් ඇති.. අස් කර ගන්න..”

    “අනේ හොදයි මගේ පුතේ.. මං මේ දූට හරියට කෑම වේලක් දෙන හැටි කල්පනා කලා විතරයි..”

    චේතියගේ උරහිසේ සිට අතැගිලි තුඩු දක්වාම සෙනෙහසින් අතගෑ ගුණවතී බෑග් ටිකද රැගෙන කුස්සි කෑල්ල වෙත ගියාය.. නතාලි ඉද උන් පුටුවෙන් නැගිට පිලට ගියේ චේතිය සමග ටිකක් කතා කිරීමේ අරමුණින්ය..

    “අක්කා මේ ගෙදර ඉදලා එන ගමන්ද..?”

    “නෑ මල්ලි.. හොස්ටල් එකේ ඉදලා ආවෙ.. අපේ විභාගෙත් ඉවර නිසා ගෙදර ගිහින් එන්න කියලා බැලුවෙ..”

    විශේෂ හේතුවක් නැතිවද තමාගේ තොරතුරු සියල්ල චේතිය සමග කියන්නට ඇය පුරුදුව සිටියාය..

    නොගැලපෙන විවාහයක් හේතුවෙන් පවුලෙන් පිටමන් කල ගුණවතී පුංචිට මුදල් අතින් අගහිගකම් තිබුණද ඈ මනුස්සකම් අතින් ඉදිරියෙන්ම සිටින බව නතාලිට නොරහසකි.. නිවැසියන්ට හොරෙන් වුවද ඈ මෙහි ආව ගියේ එනිසාය.. බාප්පා මිය ගොස් වසර කිහිපයකින් දියණියක් මෙලොවට බිහි කිරීම නිසා පුංචි පවුලෙන් පමණක් නොව මුළු මහත් සමාජයෙන්ම කොන් වූ බව දැනගත් නතාලී පෙරටත් වඩා ඇගේ දුක සැප සොයා බැලීමට උත්සුක විය.. නතාලිත් චේතියත් අතර දැඩි සොයුරු දමක් හට ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය..

    “ලොකු අප්පච්චි අසනීප වෙලා මල්ලි..”

    බොහෝ වෙලාවක් බර කල්පනාවක ඈත බලා උන් නතාලී චේතියට කීවේ යුතුකමක් වශයෙනි..

    “ඇයි.. අත්තම්මා සලකන්නෙ නැතිලුද..?”

    චේතිය විමසා සිටියේය.. ඔවුන් ලොකු අප්පච්චි ලෙස හැදින්වූයේ සීයාය.. එනම් ගුණවතීගේ පියාය..

    “අත්තම්මා දුෂ්ඨකම නිසාම ලෙඩ වෙලා.. එයා තමන්ගෙම කුසින් වදපු දරුවන්ටත් වෛර කරනවනේ..”

    ඈ ඒ කීවේ ගුණවතී පුංචි හෙවත් චේතියගේ මව සම්බන්ධ කරුණකි.. නමුත් චේතියට ඒ ගැන එතරම් හැගීමක් දැණුනේ නැත.. ඔහුට දැන් මවගේ පවුලේ ඥාතීන් පිටස්තරයින් හා සමානය..

    “අර අච්චර තියෙන දේපල හරි විදියට ළමයින්ට බෙදලා දුන්නනම් අද ඔයාලා උනත් මෙහෙම දුක් විදින්නෙ නෑනෙ මල්ලි..”

    “අනේ අක්කෙ.. අපිට ඔය තන්හා කාරයින්ගෙ දේපල නැතුවට මේ ඉන්න විදිය හොදයි.. අපි සැප විදින්නෙ නෑ තමයි.. ඒ උනත් අපිට වේලක් ඇර වේලක් හරි කන්න තියෙනවා.. වැටිලා ඉන්න කාගෙහරි තැනක් තියෙනවා..”

    චේතිය කියාගෙන ගියේ තම ඥාතිවරුන් ගැන උපන් කලකිරීමෙනි.. ඔහු නැගණිය උපත ලද කාලයේ පටන්ම ඔය කියන නෑදෑයන් ඇහැටවත් දැක නැත.. කොටින්ම ලොකු අප්පච්චිගේ හා අත්තම්මා මොන වගේද යන්න ඔහුට මතකවත් නැති තරම්ය..

    “ඔය මහ මිනිස්සු හරි කියලා මං කීයටවත් කියන්නෙ නෑ.. ඒත් අපි ඒ මිනිස්සුන්ට වෛර කරන්න ඕනෙ නෑ මල්ලි.. එයාලා කරන පව් එයාලා ගෙනියයි..”

    “මගේ හිතේනං ඇති වෛරයක් නෑ.. වෛර කරන්න මට ඔය මිනිස්සු මතකත් නෑ.. කොහොම උනත් නතාලි අක්කෙ.. ඔයා ඇරුණම අපිට වෙන නෑයො නෑ කියලා තමයි මං හිතාගෙන ඉන්නෙ..”

    දිගු හුස්මක් හෙලූ නතාලි ඉන් පසු ඥාතින් ගැන කතා කිරීමෙන් වැළකී සිටියාය..

    “කොහොමද ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එහෙම..?”

    එවර ඈ කතාවට ඇද ගත්තේ වෙනස්ම මාතෘකාවකි.. එයට චේතියගේ මුහුණේ ඇදුණු අපූරු සිනහව ටික වේලාවක් යනතුරු මැකීගියේ නැත.. සම්මානි.. ඈ මොහොතකට චේතියගේ මනසේ සක්මන් කරන්නට විය..

    “අම්මේ.. මූණෙ තියෙන පෙම් පාට..”

    “ඒකට ප්‍රේමයක් කියන්න බෑ අක්කෙ.. එයා නෙතට සුන්දර දසුනක්.. ඉතිං මං ඒ සුන්දරත්වය ඈත ඉදන් රස විදිනවා.. එච්චරයි..”

    “ඇයි.. ළගට ගියොත් සුන්දරත්වය නැතිවෙයි කියලා හිතනවද..?”

    “අපි ඉදිමෙන්න ඕනෙ අපේ ඇගිල්ලෙ තරමටනේ.. එයාලා ඉන්නෙ අපිට ළං වෙන්නවත් බැරි තරම් උඩකින්.. ඉතිං මං මොකටද නිකං හිත රිද්දගන්නෙ..”

    නතාලිට චේතිය පිළිබද දැනුනේ දැඩි පැහැදීමකි.. ඔහුට ආදරය යනු සෙල්ලමක් නොවේ.. එහෙත් චේතිය වැනි සොදුරු කඩවසම් දගයෙකු ආදරය ගැන සිතුවට වරදක් නොවේ යැයි නතාලි වුව සිතුවාය.. ඔහුට දැනෙන අඩුපාඩුවකට ඇත්තේ දුප්පත්කම පමණි..

    “ඔයා එයාට ආදරෙයිද..?”

    ඔළුව වටේ කැරකුණෝතින් නාසයට ළගා වීමට අසීරු බව දැන උන් ඈ සෘජුවම විමසා සිටියේය.. චේතිය වුව නතාලිගේ මෙම සෘජු බව ප්‍රිය කළේය.. ඈ කිසිදා හිතේ එකක් සගවා වෙනකක් අසන ජාතියේ අයෙකු නොවේ.. ඇසිය යුතු දේ සෘජුවම අසයි..

    “ආදරේ කියන්නෙ මොකක්ද කියලා මං දන්නෑ අක්කෙ.. ඒත් මං සම්මානිට කැමතියි.. ඒත් ආෆ්ටර් ස්කූල් කියලා අම්මට හොරෙන් වෙස් මාරු කරගෙන කුලී වැඩ කරන මං කොහොමද ඒ වගේ කෙනෙක්ට ළං වෙන්නෙ..? එයා ක්ලාස් එන්නෙ වෑන් එකේ.. අදින්නෙ හයි ෆයි විදියට.. කන්නෙ බොන්නෙ සුපිරි කෑම.. ඒ අතින් මං මොන හිඟන්නෙක්ද..?”

    නතාලිට ඔහු ගැන ඇති වූ දුක පහදා දිය නොහැකි තරම්ය.. ඈ චේතියට ළංව ඔහුගේ උරහිසට අත තැබුවාය..

    “ඔයා හිඟන්නෙක් වෙන්නෙ කොහොමද මල්ලි..? අපි උඩරට හොද පෙලපත් වලින් එන බෞද්ධයො.. කොටින්ම ලොකු අප්පච්චිලා වලව්කාරයො.. අපි දෙන්නා එක බඩවැල කඩාගෙන ආපු සහෝදරියන්ගෙ ළමයි.. ඉතිං මං වංශවත් වෙලා ඔයා දුප්පතෙක් වෙන්නෙ කොහොමද..?”

    ඈ එය ඇසුවේ ලොකු කමට නොව ඔහුට යථාර්තය පහදා දීමටය..

    “වංශෙ කබල් ගාන්නද අක්කෙ..? අද කාලෙ හැම දේම මනින්නෙ සල්ලි වලින්.. ඔයාලට දේපල මිල මුදල් හැමදේම තියෙනවනේ.. මං වලව්වෙ ඉඳුල් හෝදන ගුණවතීගෙ පුතා.. සම්මානිලත් වලව්කාරයො නෙමෙයි.. ඒත් එයා සේනාධීර ගෘප් එකේ අයිතිකාරයගෙ එකම දුව.. සේනාධීරකාරයට මුළු කුරුණෑගල ටවුමම යටයි..”

    “වංශෙන්වත් සල්ලි වලින්වත් සහකාරයෙක් හොයන්න බෑ මල්ලි.. ඒකට ඕනෙ එකිනෙකා තේරුම් ගැනීම.. ආදරය.. විශ්වාසය.. වගේ දේවල්.. අනික සැබෑ ආදරයක් ඉස්සරහ මුදල් කියන්නෙ බොහොම නොවටිනා දෙයක්..”

    නතාලි මේ කතා කරන්නේ අත්දැකීමෙන් බව චේතිය දනී.. අත්තම්මා හා ලොකු අම්මා පෙළපත නිසා හිස උදුම්මවාගෙන උන්නද නතාලි අක්කා සාමාන්‍ය පවුලක තරුණයෙකු සිය අනාගත සහකරු ලෙස තොරාගෙන අවසන්ය.. සරසවියේ අවසන් වසරේ සිසුවෙකු වන විශ්ව අයියා අනාගතයේ ඉන්ජිනේරුවරයෙකි..

    “පුතාලා කතා කරන අතරෙ මං විගහට කෑම ටිකක් රත් කරා.. යං දරුවො කලා ඉමු..”

    ඔවුන් දෙදෙනා කතා කරන තැනට පැමිණි ගුණවතී නතාලිව නිවස තුළට කැදවාගෙන ගියාය.. තමාගේ අතින් අල්ලා යන පුංචි අම්මා දකිද්දී නතාලිට සිතුණේ ඈ වයසට වඩා වයසට ගොස් ඇති බවය.. ඇතැම් විට එයට හේතුව පුංචි අම්මා පමණට වඩා දුක් විදීම වන්නට ඇතැයි ඈ සිතුවාය..

    “නතාලි අක්කෙ.. ඔයා අද මට කවනවද..?”

    චේතියගේ නැගණිය මිහිරාවි ඇගේ කුඩා පුටුව මේසය අද්දරට රැගෙන එන අතරතුර විමසා සිටියේය..

    “චූටි.. අක්කට කරදර කරන්න එපා..”

    මවගේ හඩට පුංචි කෙල්ලගේ සුදු මුහුණ රෝස පැහැයට හැරිණි.. ඒ දැක දුක සිතුනේ නතාලියට.. මිහිරාවි ලොකු වන විට සොදුරු රුවකට හිමිකම් කියනු ඇතැයි ඇයට ක්ෂණිකව සිතුණි.. තමන්ගේ මුළු පරම්පරාවේම මෙවන් හුරුබුහුටි දරුවෙකු උන්නේ නැත.. ඈ සැබැවින්ම මඩේ පිපුණු නෙළුමක් වැනිය..

    “චූටිට කවන එක මොන කරදරයක්ද..? මං කවන්නං..”

    එසේ කී නතාලි කුඩා බත් ගුලි අනා මිහිරාවිට කවන්න පටන් ගත්තාය.. එදෙස බලා උන් ගුණවතී සිය දෑසට නැගුණ කදුළ වසන් කළාය.. ඈ සිතා උන්නේ තමාට වූ කරදරය නිසා මිහිරාවි සමාජයෙන් කොන් වී ඇතැයි වුවද ඈ දැන් දුටුවන්ගේ නෙත් සිත් සනහන රෝස කුසුමක් වී ඇත..

    “චූටි.. ඔයාට මං ලොකු චොක්ලට් එකක් ගෙනාවා.. හැබැයි ඒක දෙන්නෙ බත් ගොඩක් කෑවොත් විතරයි..”

    කලකට පසු රසවත් කෑම වේලක් ලැබුනු බැවින්දෝ ආසාවෙන් කෑම කන නැගණිය දෙස බැලූ චේතය කීවාය..

    “මට අක්කිත් ලොකු බෝල චොක්ලට් පෙට්ටියක් ගෙනාවා..”

    හුරතල් ලොකු ඇස් නටවමින් ඈ කීවේ සතුටිනි..

    ****************************

    දරු දෙදෙනා පාසල් ගිය පසු ගුණවතී සුපුරුදු ලෙස තම රාජකාරී කටයුතු සදහා ගල් කන්ද වලව්වට පිය නැගුවාය..

    “ඈ ගුණවතියො.. උඹ අදත් පරක්කුයිනෙ.. අහවල් එකක් කරාද බං මෙච්චර වෙලා..?”

    ඈ පසුපසම මිදුලට ගොඩවදිනු දුටු වනම හේතුහාමි ආඩපාලි කියන්නට විය.. නමුත් හේතු හාමි එසේ කියන්නේ අහිතකින් නොවන බව ගුණවතී සුපුරුදු සිනහවම මුවට නගා ගන්නට උත්සාහ කළාය..

    “ආං අදත් අශේන් බේබි උදේ පාන්දරම ජවුසං පටන් අරන්.. බලන්න එපැයි උන්දැගෙ කටේ සවුදම..”

    ඔහු ඒ කීවේ ගල්කන්ද වලව්වේ එකම දරුවා ගැනය.. ඔහු පියාටත් පාලනය කළ නොහැකි ආකාරයේ හිතුවක්කාරයෙකි.. මෙම පියාත් පුතාත් බොහෝ විට දවස පටන් ගන්නේ කුමක් හෝ ගැටුමකිනි.. නමුත් දවල් වන විට දෙදෙනාටම එවා මතක නැති තරම්ය.. කොටින්ම පියාට පුතාත් පුතාට පියාත් නැතිව බැරිය..

    “ඕක මේ වහල යට අමුත්තක්යැ හේතුහාමි අයියෙ.. අද මොකක්ද කාරණේ..?”

    ඈ එසේ ඇසුවේ හේතුහාමිට පමණක් ඇසෙන තරමට රහසිනි..

    “අශේන් බේබිගෙ උපන් දිනේ ලබන සිකුරාදනේ.. ඒකට පාටියක් දාන එක ගැන තමයි.. අප්පොච්චා කියනවා වලව්වෙ ගනිමුලු.. පුතණ්ඩියා කියනවා හෝටලේක ගනිමුලු.. මෙතන එක ගෝරියයි..”

    “කෝ දැන් දෙන්නා..?”

    “හාමු මහත්තයා කාමරේ.. අශේන් බේබි නං බයිසිකලේ නැගලා ඉගිලිලා ගියා ඕං..”

    හේතුහාමිගෙ කතාවට හූ මිටි තැබීමට නොගිය ගුණවතී දූවිලි පිස්නාවත් කොස්සත් රැගෙන වලව්ව තුළට ගමන් කරද්දී හේතු හාමිද මිදුලේ ගල් තලාව දෙසට පා නැගුවේය.. වලව්වේ මැද සාලයේ තබා ඇති රාමු කරන ලද පින්තූර වල දූවිලි පිසින අතරතුර ගුණවතීගේ සිත අතීතය කරා ඉගිලුණි..

    ළමාතැනී ඉන්නා සමයේ මේ වලව්ව පිරී ඉතිරී තිබුණා වැනිය.. සොදුරු සිහින් සිරුරකට උරුමකම් කී ඈ වෙනත් වලව්කාරියන් මෙන් ඔසරිය ඇන්දේ නැත.. ඈ බොහෝ විට ඇන්දේ ලේස් රෙද්දෙන් මසන ලද අත් දිගට දමන ලද ලා පැහැති දිග ගවුම්ය.. ඒවා ඇද දිගු වරලස මුදා හැරි කල් හී ඈ සැබැවින්ම දෙව්දුවකි.. විසිවන වියේසි පමණ විවාහ වූ ඈ මිය යන විට තිස් පස්වන විය පසු කලා පමණි..

    ළමාතැනීගේ අඩි තුනක පමණ වූ රාමු කරන ලද පින්තූරය ගුණවතීට පසෙකින් තැබීමට සිතුණේ නැත.. ඈ එම සොදුරු රුව දෙස බලා තව තවත් දෑ සිහිපත් කළාය..

    එකල තමාගේ අඩුපාඩු සොයා බැලූ තමාට ඇදුම් පැළදුම් පිළිගැන්වූ ඒ උත්තමාවිය මිය යන මොහොතේ ළගින් සිටීමට නොහැකි වීම ගැන ගුණවතීගේ සිතේ ඇත්තේ පසුතැවිල්ලකි.. ඇය තුනටියේ හා පාදයේ ආබාධයක් නිසා එක්තැන් වී කල් ගත කල සමයේ වලව්වේ වැඩ පමණක් නොව ළමාතැනීගේ වැඩද සියල්ල කලේ ගුණවතීය.. ඇගේ රෝගී තත්වය උත්සන්න වූ අවදියේ ගුණවතී පමණක් නොව චේතියද ඇගේ ළගින් සෙලවුණේවත් නැත.. එකල චේතියට වලව්ව හොදින් හුරු පුරුදුය.. අශේන් බේබි කොළඹ නේවාසික පාසලක ඉගෙන ගත් නිසා වලව්වේ දුව පැන ඇවිදීමට දරුවෙකුට සිටියේ චේතිය පමණි.. ළමාතැනීද චේතියට ඉමහත් සෙනෙහසක් දැක්වූවාය..

    නමුත් සියල්ල වෙනස් වූයේ ක්ෂණයකිනි.. ගුණවතී මුහුණ දුන් ඒ අභාග්‍ය සම්පන්න සිදුවීම නිසා ඇයට ළමාතැනීගේ අසනීපය මොහොතකට අමතකව ගියාය.. මතක් වුවද ඇයට වලව්වට යාමට හැකියාවක් තිබුණේ නැත.. ළමාතැනී මිය ගිය ආරංචිය චේතිය කදුළු පෙරමින් නිවසට දුව එන විට ඇයට වාවාගත නොහැකි වූ තරම්ය..

    “ගුණවතී.. ගුණවතී..”

    හාමු මහත්තයාගේ කටහඩ දෙසවන් අද්දරින්ම ඇසෙද්දී තිගැස්සුණු ගුණවතී පිංතූරය පසෙක තබා දෑස් පියා ගත්තාය.. නමුත් ඊට පෙර එම කදුළු හාමු මහත්තයා දැක තිබුණි..

    “නම අමායා උනාට එයා අපේ ජීවිත වලට පෙනිලා යන්න ආපු මායාවක් ගුණවතී.. අමායා කියන්නෙ සුන්දර මායාවක්..”

    ඇතුලග හාමුගේ කටහඩ වුව පසුතැවිල්ලෙන් පිරී ඇතැයි ගුණවතීට සිතුනි.. නමුත් ඔහු ඉදිරියේ දොඩමළු වීමේ පුරුද්දක් ඇයට කවදාවත් තිබුණේ නැත.. එහෙත් ඒ හැගීම ගෞරවයක් ලෙස හැදින්විය නොහැක..

    තම සැමියා වූ ධර්මතිලක වලව්වේ වැඩ කරන සමයේ නම් ගුණවතීගේ සිතේ වලව්වෙ ඇත්තන් කෙරෙහි වූයේ දැඩි භක්තියකි.. ඔහුගේ හදිසි අභාවයෙන් පසුව ක්‍රමයෙන් එම හැගීම දියව යන්නට පටන් ගත්තේය.. ළමාතැනී මිය යන කාල වකවානුවේ ඇගේ සිතේ ඇතුගල හාමු ගැන දැඩි වෛරයක් හා පිළිකුලක් තිබුණු.. නමුත් සැමියාගේ සරණත් නොමැතිව ළමාතැනීගේ උදව් උපකාරයත් නොමැතිව ගිය කල්හී ඇයට අන් හව්හරණක් නොමැති විය.. කොටින්ම ඔවුන් පදිංචිව සිටියේ වලව්වට අයිති ගේ කෑල්ලක වූ බැවින් ඇයට වලව්වට පිටුපෑමට හැකියාවක්ද නොතිබිණි.. එහෙයින් ඈ අකමැත්තෙන් වුවද නැවතත් වලව්වටම පා නැගුවේ පිච්චෙන බව දැන දැනම ගින්දරට ඇදෙන පළගැටියෙකු විලසිනි..

    “මේ ගේ දොර ටිකක් පිළිවෙලක් කරලා දාපන් ගුණවතී.. බේබි හාමුගෙ උපන් දිනෙත් ළගයිනෙ.. මං තව ළමයි ටිකකටත් එන්න කිව්වා.. උන්ට කියලා වත්ත පිටිය සුද්ද කරව ගන්නත් ඕනෙ..”

    කල්පනාබරව උන් ගුණවතී දෙස මොහොතක් බලා උන් ඇතුගල හාමු ඒ කීවේ චේතියලා ගැනය.. නමුත් චේතිය ඇතුළු මිතුරු පිරිස පසුගිය දිනෙක මෙහි පැමිණි බව නොදැන උන් ගුණවතීට එහි විශේෂත්වයක් දැනුණේ නැත..

    “මොනම හේතුවක් නිසාවත් ළමාතැනීගේ කාමරේ දොර ඇරලා තියන්න එපා ගුණවතී..”

    එතනින්නික්ම යාමට මත්තෙන් ඔහු නැවත අවධාරණය කර සිටියේය.. ළමාතැනීගේ කාමරේ ලෙස හැදින්වූයේ ඈ මිය යාමට ආසන්න අවසාන කාලයේ උන් කාමරයයි.. හාමු මහතා සමග උඩු මහලේ සුවිසල් නිදන කාමරයේ උන් ඈ අශේන්ට දස වසරක් පමණ වන කාලයේ පහල මාලයේ එම කාමරය ඇගේ තනි පාවිච්චියට තොරා ගත්තේය.. ඈ වසර පහකට ආසන්න කාලයක් උන්නේ එහිය.. එසේ සිටින්නේ ඇයිදැයි ගුණවතී ඇගෙන් කිසි කලෙක නෑසුවද ළමාතැනීම එය ගුණවතීට පවසා තිබිණි..

    “හාමු මහත්තයට හැම තැනම ගෑණු ඉන්නවා ගුණවතී.. මහ ලොකු වලව්කාරයො උනාට මුන්ට හැදියාව කියන එක ගෑවිච්ච තැනක නෑ.. මේ වගෙ මිනිහෙක් ආයෙ මගෙ බල්ලටවත් එපා..”

    ඇගේ එවදන් ගුණවතීට අද මෙන් මතකය.. නමුත් එකල හාමු මහතාට විරුද්ධව වචනයක් හෝ කීමට උත්සුක නොවුණ ගුණවතී ඇගේ එවදන් අසා උන්නා පමණි..

    ළමාතැනී එසේ තනි කාමරයකට පැමිණීමෙන් පසුව වලව්වේ එතෙක් තිබූ සාමකාමී වාතාවරණය හොරු ගෙන ගියා වැනිය.. සතියකට දින දෙක තුනක්වත් එහි රණ්ඩුවක් වැරදුනේ නැත..

    වලව්ව තුළට පැමිණි පසු සැමදා අතීතය කරා ඉගිලෙන තම සිත එක්තැන් කර ගත් ගුණවතී වෙනදාට වඩා කල් වේලා ගෙන වලව්ව ඇතුළත පිරිසිදු කර දැමුවාය.. නමුත් එය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කිරීමට නම් සතියක්වත් අවැසි වේ.. ගල් කන්ද වලව්ව වූ කලී එතරම්ම සුවිසල් මැදුරකි..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    03.png


    චේතිය අමතර පංතියේ පොත් කිහිපයද බෑගයේ ඔබා ගනිමින් හනිකට බස් නැවතුමට දිව ගියේ තමා එනතුරු රංග හා කලන එහි රැදී සිටින බව දන්නා නිසාය.. ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය.. එහි වෙලාව හතයි තිහ ලෙස සටහන්ව ඇත.. තමා රංගලාට එන්න කීවේ හතටය.. අදනං මිතුරන්ගේ ගෝරණාඩුව අනිවාර්යය බව දැන උන් චේතිය බස් නැවතුමට ළගා වූයේ හිස පහත් කරගෙනමය..

    නැත.. කිසිදු බැනුමක් නැත.. ඔහු හිස එසෙව්වේ රංගලා පැමිණ නැත්දෝ සැකයෙනි.. රංග හා කලන කියු වේලාවටම පැමිණ උන්හ.. ඔවුන් දෙදෙන කවුදෝ කෙල්ලෙකු සමග බර කදයකි.. චේතියද එදෙසට ළං වූයේ ඒ සුරූපිණියගේ මුහුණ දැක ගැනීමේ අටියෙනි.. ඔහුට තම දෑස් අදහාගත නොහැකි තරම් විය.. ඒ උන්නේ ඔහුගේ සිත දිනූ සම්මානි මිස අනෙකෙකු නොවේ..

    “සොරි මචං.. මං ටිකක් ලේට් උනා.. ගුට් මොනිං..”

    සම්මානිව එතරම් තැකීමක් නොකල බව පෙන්විමට මෙන් චේතිය එය කීවේ කලන දෙසට හැරීය.. ඔරලෝසුව දෙසට දෑස් පෑ කලනගේ මුහුණේ ඇදුනේ සමච්චල් සහගත සිනහවකි..

    “තව විනාඩි පහක් බලලා අපි යන්න හැදුවෙ..”

    රංග කීවේ සම්මානි දෙසද බලාගෙනය.. ඔහු තම අවධානය සම්මානි වෙත යොමු කරවීමට උත්සාහ ගන්නා බව දුටු චේතිය එය නොහැසුණ සේ හැසිරීමට වෙර දැරිය..

    “මේ ළමයත් ඉදලා ඉදලා බස් එකෙ ආව දවසෙම අපි නිසා පරක්කු උනා..”

    ඔවුන් දෙදෙනාම ප්‍රමුඛත්වය දෙන්නේ සම්මානිට බව වැටහුණු චේතිය තරහින් අහක බලා ගත්තේය.. නමුත් සම්මානි බලා ඉන්නේ තම මුහුණ දෙස බව ඔහුගේ යටි සිතට දැණුනි..

    “අන්න බස් එක.. වරෙන්.. යමු..”

    මිතුරන් දෙදෙනාට පෙර බසයට නැගගත් චේතිය එහි තිබු හිස් අසුනක් වෙත ගොස් එය ආවරණය වන සේ සිට ගත්තේය.. සැබැවින්ම ඔහු එය තබා ගත්තේ සම්මානි වෙනුවෙනි.. වායු සමනය කරන ලද රථයක ගමන් ගන්නා මේ යුවතියට බසයක සිටගෙන යා නොහැකි යැයි චේතියට සිතුණි..

    “උඹ කාටද මේ සීට් එක තියාගත්තෙ..?”

    පිළිතුර දැන දැනම රංග ප්‍රශ්නය නැගුවේය..

    “කැමති කෙනෙක් ඉදගත්තුදෙන්.. මට තාම හිටගෙන යන්න හයිය තියෙනවා..”

    වේගයෙන් එවදන් පිට කල චේතිය එම අසුන ළගින් මෑත් වුයේය.. මොහොතක් ඔහු දෙස නිහඩව බලා උන් සම්මානී නිහඩව එහි අසුන් ගත්තාය.. චේතියගේ මෙම හැසිරීම රංග හා කලනට ගෙන ආවේ දැඩි කුතුහලයකි.. චේතිය සම්මානීට කැමති බව ඔවුන් දෙදෙනාම දැන උන්හ.. ඔහු පන්තියේ වුව අසුන් ගත්තේ ඇගේ රුප පෙනෙන තැනකිනි.. ගැහැනු ළමුන් දිරවන්නේම නැති චේතිය සම්මානි ගැන කතා කිරීමට ගත් කල නොනවත්වාම කතා කරයි.. ඉතිං මේ වෙනස ඔවුනට අදහා ගත නොහැකිය..

    අහම්බෙන් බසයේ යාමට පැමිණි සම්මානිව ඔවුන් විනාඩි විස්සක් පමණ බස් නැවතුමේ රදවා ගත්තේ චේතිය එනතුරුය.. එසේ කල්පනා කරන විටදී රංගගේ සිතේ තරහක්ද හට ගත්තේය..

    “තරහ ගන්න එපා බං.. ඌ පරක්කු උනේ ඇයි කියලවත් අපි ඇහුවෙ නෑනෙ.. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෙ නෑ..”

    රංගගේ සිතැගි වටහා ගත් කලන චේතියට රහසින් ඔහු අස්වසාලූයේය.. එතැන් සිට පන්තියට ළගා වන තෙක්ම ඔවුන් අතර කතාවක් හුවමාරු වූයේ නැත..

    “ෂා.. හඳ මොකද අද බිමට බැහැලා..?”

    පන්තියට යන කොලුවෙකු කෑ ගැසුවේ සම්මානි දෙස බලාය.. ඈ එය නෑසුන විලස ගමන් ගත්තීය.. ඔවුන් සිව් දෙනාම ළං වූයේ කාඩ් පරික්ෂා කරන පෝළිම වෙතය.. ඒ ආසන්නයේ වූ කොලු රෑනක් සම්මානිට මොනවදෝ කියනු චේතියට පෙනුණි..

    “මචං අර කියමන වෙනස් කරන්න වෙයි වගේ..”

    “මොකක්ද..?”

    “ඒක් ඵුල්.. දෝ මාලික්..”

    “ඒ කිව්වෙ..?”

    අසා උන් තැනැත්තා ප්‍රශ්නය නැගුවේය.. චේතිය ඔවුන් දෙස හොද හැටි බලා උනි.. ඔවුන් චේතියලාට වඩා වයසින් වැඩිමල් බව බැලූ බැල්මට පෙනුණේය..

    “එක මලයි බඹරු දෙන්නයි.. අන්න ඒක වෙනස් කරන්න ඕනෙ.. එක මලයි බඹරු තුන්දෙනයි කියලා..”

    ඔවුන් එය කීවේ තම පිරිසට බව චේතියට වැටහුණි.. ඔහුට තම ගතේ ලේ ගමනාගමනය වේගවත් වන බවක් දැනුණි..

    “ඒ මලට නං බඹරු තුන්දෙනෙක් වැඩි නැතුව ඇති බං.. සල්ලි කඳක් නේ..”

    කිසිවෙකුට කිසිවක් සිතා ගැනීමට තරම් කාලයක් ඉතිරි වූයේ නැත.. එකී වදන් පිට වන සැනින්ම චේතියගේ දකුණු අත එය කී තැනැත්තාගේ කණ හරහා වේගවත්ව පතිත උනි..

    “ඇයි.. ඇයි..? මේකිට මොකක් හරි කියද්දි උඹට අමාරුද..? මේ.. උඹ උඹගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපං..”

    සංවාදයේ අනික් තැනැත්තා පිටු පසින් පැමිණ චේතියගේ කමීස කොලරය අල්ලා ගනිද්දී පසුපස හැරුනු චේතය ඔහුටද බිම පතිත වන සේ පහරක් එල්ල කළේය..

    ඉන්පසු ආරම්භ වූයේ එකම ගුටි කෙලියකි.. ප්‍රතිවාදීන් තිදෙනෙකු බිම වැටෙන තුරු චේතිය ඔවුන්ට පහර දුන්නේ විනාඩි දෙකක් ඉක්ම යාමටත් මත්තෙනි.. කාඩ් පොළිමේ වූ සිසුන් පමණක් නොව පන්තිය ඇතුළත වූ සිසුන්ද තම අසුන් වලින් නැගිටිමින් මෙම දර්ශනය නරඹමින් උන්හ.. රංග හා කලන චේතිය දෙසට දුව එන විට විය යුතු දේ සිදු වී හමාරය..

    “ඔය ඇති චේති.. ඔය ඇති..”

    රංගලාට පෙර චේතිය වෙත දිව ආ සම්මානී ක්ෂනිකව ඔහුගේ අතේ එල්ලී ගත්තාය.. ඇගේ අත ගසා දැමූ චේතිය එතැනින් පිටව පාරට පැමිණියේ මිතුරන් දෙසවත් නොබලමිනි..

    “මොකක්ද සම්මානි මේ උනේ..? ඇයි අරූ මුන් ටිකට ගැහුවෙ..?”

    චේතියගෙන් ගුටි කෑ රස්තියාදුකාරයින්ගේ කතා නෑසුන රංගට ඇති වූයේ දැඩි කුතුහලයකි.. පසුපසින් ශබ්දයක් ඇසී බලන කල ඔවුන් දුටුවේ චේතිය තිදෙනෙකුට එක දිගට පහර දෙන බව පමණි.. එහෙයින් ඔවුන්ට මේ කිසිවක් වටහා ගත නොහැකි විය..

    “මේ කට්ටිය අපිට මොනවද කිව්වා.. ඒකට චේතියට තරහා ගියා..”

    ඈ කීවේ දෑසින් ගලන කදුලු පිටි අත්ලෙන් පිසිමිනි..

    “ඔයා පන්තියට යන්න සම්මානි.. අපි ගිහින් බලන්නම් අරූ කොහෙද ගියේ කියලා..”

    බිම වැටී උන් තිදෙනා දෙසද තිබුණු බැල්මක් හෙලූ කලන ඔවුන්ගේ ඇගවල් උඩින් පැන චේතිය ගිය ඉසව්වට දිව ගියේය.. කිසිවක් සිතාගත නොහැකි වූ රංගද ඔහුව අනුගමනය කළේය..

    “මචං මූ නෑනේ.. මේ ඩිංගට කොහේ වාෂ්ප උනාද..?”

    ප්‍රධාන පාර තෙක්ම පැමිණි කලන පසු පසින් පැමිණි රංග දෙස බලා කීවේය..

    “ඌ ආවෙත් මොකක් හරි අප්සට් එකකින්නෙ.. ඒ කේන්තියටම අරුන් ටිකටත්දීලා අරින්න ඇති වැටෙන්නම..”

    “වැටිලා විතරක් නම් මැදැයි.. උඹ දැක්කෙ නැද්ද උන් දෙන්නෙක්ගෙ කටවල් වලින් ලේත් එනවා.. අනිකගෙ ෂර්ට් එකත් ඉරිලා.. මේ යකත් මාර පොරක් තමයි..”

    “ඇයි උඹට අමතක උනාද ඌ බ්ලැක් බෙල්ට් කාරයෙක් කියලා..?”

    කතා කරන අතරතුර දෙදෙන බස් නැවතුමට පැමිණියේ චේතිය එහිවත් ඇත්දැයි බලමිනි..

    “අර ඉන්නෙ බං..”

    බස් නැවතුමේ නවතා තිබූ බසයක පසු පසම අසුනේ වාඩි වී ඉවත බලා උන් චේතියව පෙන්වූ කලන හැකි ඉක්මනින් රංගවද ඇද එම බසයට ගොඩ විය..

    “චේති.. උඹට මොකෝ උනේ බං..?”

    ඔහුගේ දෙපසින් වාඩිගත් දෙමිතුරෝ ඔහුගේ අතකින් අල්ලා ගත්හ.. ඒ දෑත් වෙව්ලන බව රංගට හා කලනටද වහා වැටහුණි.. එයට හේතුව ඔහු පාලනය කල නොහැකි කේන්තියකින් පසුවන බව දැන උන් කලන චේතියගේ පිටට තට්ටුවක් දැම්මේය..

    “කාම් ඩවුන් චේති..”

    ඔවුව සන්සුන් කිරීමට වෙර දරමින් කලන වටපිට බැලුවේ ත්‍රීරෝද රථයක් නවතා ගැනීමේ අරමුණෙනි..

    “වරෙන් යං..”

    චේතියවද බසයෙන් බස්සවා ගත් ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකට ගොඩ විය.. යන්නෙ කොහෙදැයි නොඇසූ චේතිය තව දුරටත් නිහඩවම පසුවූයෙ තම සිත එක්තැන් කර ගැනීමට අවැසි වූ හන්දාය.. කලන ඔහුව රැගෙන ගියේ බේක් හවුස් එක වෙතටය..

    “උඹලා ඉද ගනිං මං කන්න මොනව හරි අරන් එන්නම්..”

    චේතිය හා කලන කොනේම මේසයක් කරා ගමන් ගනිද්දී රංග කවුන්ටරය වෙත ගියේය..

    “උඹ දාගත්තෙ පොඩි පහේ ලෙඩක් නෙමෙයි මචං.. උන් මහ මදාවියො වගයක්.. පෙනුමෙන් නං අපේ ක්ලාස් එකෙත් නෙමෙයි.. අපේ වයසෙත් නෙමෙයි..”

    “මටත් හිතාගන්න බෑ බං මට මොනවා උනාද කියලා.. උන් සම්මානිට අර වගේ කතාවක් කියද්දි මට අහන් ඉන්න බැරුව ගියා..”

    “මොනවද උන් කිව්වෙ..?”

    කලන ඇසූවට ඔහු පිළිතුරු දුන්නේ රංගද මේසයට පැමිණි පසුවය..

    “ෂිට්.. ඔය කතාව අපිට ඇහුණෙ නෑනෙ.. ඇහුනා නං උන්ට ගහලා විතරක් නෙමෙයි අතක් පයක් කඩලත් එන්න තිබ්බා.. සම්මානි එහෙම ජරා කෙල්ලෙක් නෙමෙයිනෙ..”

    රංග කීවේ දැඩි ආවේගයෙනි.. මිතුරා කල දේ සාධාරණ බව මේ වන විට ඔහුට හැගෙමින් තිබිණි..

    “ඒක හරි.. දැන් ගිය දේ ගියා.. අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනෙ උන් කාගෙ කවුද කියලා.. මොකද චේති.. උන් ඕකෙ රිටන් එක නොගෙන ඉදී කියලා හිතන්න බෑ.. ඒ නිසා අපි ඒකට දැන් ඉදලම ලෑස්ති වෙන්න ඕන..”

    බොහෝ දුර කල්පනා කල කලන එය කීවේ මිතුරන්ට මෙම තත්වයේ බරපතලකම වටහා දීමේ අරමුණෙනි..

    “ඒ කවුරු උනත් බං සම්මානි ගැන දන්න එකෙක්නං වෙන්න බෑ.. කෙල්ල සේනාධීරගෙ දුව කියලා දන්න කිසි එකෙක් ඒකිට වචනයක් කියන්න එන්නෙ නෑ.. කිව්වනං ඇඩ්රස් නැති වෙනවා කියලා දන්නවනේ..”

    රංග කී දෙයට චේතිය සිනාසුණේ නුහුරටය..

    “උඹට පිස්සුද.. උන් කෙල්ල ගැන හොදටම දන්නවා.. ඒකනේ කිව්වෙ සල්ලි කදක් කියලා..”

    ඔහු ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්නේය.. ඔහුට දැනුනේ තම ඔළුව විකාර වී එන බවකි.. නිවසේ තිබෙන ප්‍රශ්න මදිවාට තමා ඉල්ලාගෙන ලෙඩක් දා ගත්තාදැයි සැක සිතුණු ඔහු ගැඹුරු හුස්මක් පිට කලේය.. ඒ දුටු රංග හා කලන මුහුණින් මුහුණ බලා ගත්හ..

    “හරි.. ඒක දැන් ඉවරයි.. කියපංකො උඹ මොකද අද මෙච්චර පරක්කු උනේ කියලා..?”

    රංග කතාව මාරු කලේ චේතිය දිගින් දිගටම කල්පනා කල නිසාවෙනි..

    “අද උදේ අපේ චූටි අසනීප උනා බං.. අම්මා එක්ක මොන මොනවදෝ කියවලත් තියෙනවා..”

    කුඩා කල සිටම එකටම හැදී වැඩුණු හෙයින් රංග හා කලන චේතියගේ නිවසේ මෙම ගැටළුව ගැන දැන උන්හ.. වයස අවුරුදු දෙකේදි පමණ සිටම චේතියගේ කුඩා නැගණිය වරින් වර අමුතුම ආකාරයකට අසනීප වන බව චේතිය ඔවුනට කියා තිබිණි..

    “මේ පාර මොනවද කියවලා තියෙන්නෙ..? අම්මා උඹට කිව්වෙ නැද්ද..?”

    “නෑ බං.. එයා ඒ කතා හැමදාම යට ගහනවා.. දැන් මං එනකොටත් චූටිට සහලෝලා උණ..”

    තම මව කිසියම් කරුණක් තමාගෙන් වසන් කිරීමට වෙර දරතැයි චේතියට පෙර දින වලදී මෙන්ම මෙවරත් සිතුණි..

    “උඹ කිව්වා නේද නංගි පොඩි කාලෙත් ඔය වගේ දේවල් කිව්වා කියලා..? උඹ පොඩ්ඩක් හොයාලා බැලුවෙ නැද්ද චේති..?”

    “චූටි මුලින්ම අසනීප වෙලා තියෙන්නෙ අම්මා වලව්වෙ උත්සවේකට ගිය දවසකලු.. එදා එයා චූටිව්ත් අරගෙන ගිහින්..”

    චේතිය කලකට පෙර සිදු වූ සිදුවීමක් නැවත මිතුරන් ඉදිරියේ දිග හැරියේය..

    “ඉතිං..”

    “මං හිතන්නෙ අම්මා ඒ චූටිව වලව්වට ගෙනියපු පළවෙනි දවස.. චූටිටත් වයස අවුරුදු දෙක තුනක් විතර වෙන්න ඇති.. එදා ඇතුගලකාරයව දැකලා එයා අම්මට ගෑ ගැහුවලු ගෙදර යමු කියලා.. අම්මා ඒ වෙලාවෙ ඉදලා තියෙන්නෙ කුස්සියෙ උය උයලු.. ඒ පාර ඇතුගලයා චූටිව වඩාගෙන.. මේ කෙල්ල පොඩිකමට උගේ මූණට කෙළ ගහලා මචං..”

    “නෑහ්.. උඹලගෙ නංගි සිරා පොරක්නෙ..”

    කලන කීවේ මවිතයෙනි.. ඇතුගල හාමුගෙ මුහුණට කෙළ ගැසීමට තරම් ජගතෙක් ඇතැයි ඔහු සිතුවේ නැත..

    “ඊට පස්සෙ අපේ අම්මා එතැනට දුවගෙන ඇවිත්.. හාමු චූටිව වඩාගෙන ඉන්නවා දැකලා අම්මා බයවෙලා.. එයා චූටිව උදුරගෙන වගේ ගෙදර දුවගෙන ඇවිත්..”

    “එදා උඹ එතන හිටියෙ නැද්ද..?”

    “නෑ මචං.. චූටි පොඩි කාලෙදිම තමයි මං එහේ යන එක නතර කලේ..”

    “හරි ඉතිං.. ඊට පස්සෙ මොකද උනේ කියපංකො..”

    මිතුරාගේ සිතේ ගල් කන්ද වලව්ව ගැන තරහක් තිබෙන බව දැන උන් රංග එය පසුව විමසීමට තීරණය කළේය..

    “එදා අම්මා චූටිව උස්සගෙන ගෙදර දුවන් එද්දි මං හිටියෙ පාඩම් කර කර.. එයා චූටිව ඇද උඩින් තිබ්බා විතරයි කෙල්ලව ගැහෙන්න ගත්තා.. මං අල්ලලා බලද්දි චූටිට හොදටම උණ..”

    ඔවුන් තිදෙනාම මොහොතක් තම තමන්ගේ ලෝකවල අතරමංව කල්පනා කලහ..

    “නංගි ඊට පස්සෙ නිතරම ලෙඩ උනාද..?”

    “නිතරම නෙමෙයි.. ඒත් එයා සැරෙන් සැරේ වලව්ව ගැන එක එක දේවල් කියන්න ගත්තා.. අම්මා එදා ඉදලා චූටිව වලව්වට අරන් ගියේ නෑ..”

    “එහෙම වලව්ව ගැන කියන හැම වෙලාවෙම නංගිට ඔය විදියටම උණ ගන්නවද..?”

    “එහෙමමත් නෑ මචං.. ඒත් සමහර වෙලාවට ඔය වගේ කතා වලින් පස්සෙ පැය ගණන් තනියම කල්පනා කරනවා..”

    චේතිය කීවේ නැගණියගේ අසාමාන්‍ය ගති ගැන නැවතත් මෙනෙහි කරමිනි.. ඈ කුඩා කල පටන්ම අනිත් ළමුන්ට වඩා බොහෝ වෙනස්ය.. ඉතා සුන්දර රූ සපුවකට උරුමකම් කී ඈ අන් ළමුන්ට වඩා ඉක්මනට කතා කිරීමටත් ඇවිදීමටත් පටන් ගත් බව ඔහුට අමතක කළ නොහැක..

    “උඹලගෙ අම්මා මේ ගැන මොනවද කියන්නෙ..?”

    “මටත් තියෙන ප්‍රශ්නෙ ඒකම තමයි බං.. චූටි කියන දේවල් අම්මා මටවත් හරියට කියන්නෙ නෑ.. එයත් ඉන්නෙ නිකං බයවෙලා වගේ..”

    “ඉතිං උඹ කෙලින්ම නංගිගෙන් අහපංකො..”

    රංග සිය අවසන් තීන්දුව දුන්නේ සියළු ප්‍රශ්න ඉන් විසදාගත හැකි බව සිතමිනි..

    “මං එහෙම අහන්න බය වෙන දෙයක් නිසා නෙමෙයි.. චූටි ලෙඩ වෙයි කියලා මට බයයි.. අනික බං තාම ඒකිය වයස අවුරුදු හතයිනෙ..”

    “මේක යට මොකක් හරි රහසක් තියෙනවා.. චේති උඹට උනත් හිතෙන්නෙ නැද්ද..?”

    “මටත් එහෙම හිතෙනවා බං.. මං උදේ එද්දිත් හිත හිත ආවෙ ඒ ගැන තමයි.. ඒ වෙලාවෙ එක පාරටම සම්මානිව දැක්කා විතරයි මාව නිකං ෂොක් උනා වගේ..”

    “රා..යිට්.. බය නැතුව ඉදපං.. අපි මේ ගැන හොයා ගමු..”

    මිතුරෝ ඔහුව අස්වාලූහ..

    “මේකෙ කොන හොයන්න ඕනෙ වලව්වෙන්මයි කියලා මගේ යටි හිත කියනවා මචං.. ඒකයි මං කොච්චර අකමැති උනත් එදා වලව්වට යන්න තීරණය කළේ..”

    “හරි මස්සිනා.. අපිට තවය චාන්සස් තියෙනවනේ.. කොහොමත් ඔය හාමුවා අපිට මේ සතියෙ එන්න කියලත් කිව්වනෙ.. ගිහිල්ලම බලමු..”

    එයට එකග වූ චේතිය හිස සැලුවේ තම යටි සිතට දැනෙන මේ අභිරහස සොයා ගැනීමේ කැමැත්තෙනි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    04.png


    අම්මට බොරුවක් කී චේතිය එදින පාසල් නොගොස් නතර වූයෙ තම මනස නිරවුල් නොවූ නිසාය.. ඊටත් වඩා පෙරදා ඇති වූ කලබගෑනිය නිසා ඔහුගේ වමතේ මැණික් කටුව ප්‍රදේශය ඉදිමී රත් පැහැ ගැන්වී තිබිණි..

    “පුතාට තනියෙම ගෙදර ඉන්න පුළුවනිද..? මං මේ වලව්වට ගිහින් එන්න කියලා බැලුවේ..”

    මිදුලේ අඹ ගසක් යට බංකුවක් තබාගෙන පාඩම් කරමින් උන් චේතිය වෙත පැමිණි ගුණවතී විමසුවාය..

    “එතකොට චූටි..?”

    ඔහු ඇසුවේ අසනීපව උන් නැගණිය පාසල් නොගිය නිසාය..

    “වෙනදටත් මං එනකල් කෙල්ල ඉන්නෙ ඇලිසලගෙ දිහානෙ.. මං එහාට චූටිව බාරදීලා යන්නම්..”

    ඇලිසා යනු චේතියලාගේ නිවස ආසන්නයේ උන් කණවැන්දුම් ගැහැණියකි.. ඇයටද වයස දහයේ දොළහේ පමණ දරු තිදෙනෙක් වූ අතර මව නැගණිය නතර කර යන්නේ එහෙ බව චේතිය දැන උන්නේය..

    “චූටි අසනීපෙන් ඉන්න එකේ ගෙවල් ගානෙ යවන්න එපා අම්මා.. එයාව තියලා යන්න..”

    “ඉස්කෝලෙ යැව්වෙ නැතුවට මොකෝ ඒකිට ඒ හැටි උණක් නෑ දැන්.. ඒ වෙලාවෙ විතරයි උණ ගතිය තිබ්බෙ..”

    එසේ කීවද ගුණවතී එදින ඇයව ඇලිසාට බාර කලේ නැත.. එහෙයින් චේතිය සිය නැගණිය සමග නිදහසේ කතා කිරීමට කාලය උදා වූයේය..

    “චූටි ඔයාට නිදිමතද..?”

    ඈ ඇදටම වී ඉන්නා නිසා චේතිය ඇයව මිදුලට කැදෙව්වේ මව ගල් කන්ද වලව්ව බලා පිටත් වූ පසුවය..

    “නිදිමත නෑ..”

    “එහෙනං මෙහෙන් ටිකක් ඉදගන්නකො.. මං ඔයාට කතන්දරයක් කියලා දෙන්නම්..”

    ඇගේ මුහුණේ මෙතෙක් වූ අලස ගතිය පහ වී බොහෝ උද්යෝගයෙන් ඒ දෑස් දිදුලන්නට විය..

    “අයියා.. මට වලව්වක් ගැන කතාවක් කියන්න..”

    ඔහු මොහොතකට තිගැස්සුණි.. නැගණියගෙන් එවැනි ඉල්ලීමක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත..

    “ඔයා වලව්වක් ගැන දැන ගන්න ආසද..?”

    ඔහු සිතුවේ මව දිනපතා වලව්වට යන බැවින් ඒ සම්බන්ධ කතා ඇගේ කණට වැටීම නිසා ඇය වලව් ගැන දැන ගැනීමට ආශාවෙන් පසුවනවා කියාය..

    “ඔව්.. අපේ වලව්ව වගේ ලොකූ.. එකක් ගැන කතන්දරයක් කියන්න..”

    ඈ අපේ වලව්ව යන්න කීවේ තරමක් බර කරය.. චේතිය පුදුම වී ඒ නෙතු දෙස බැලුවේය.. ඒ දෑස් ඔහුට කාගෙදෝ සොදුරු රුවක මතකයක් අවදි කලද ඒ කවුදැයි චේතියට සිතා ගැනීමට අපහසු වුණි..

    “අපිට කොහෙද චූටි වලව්වක්..? අපි ඉන්නෙ මෙහෙනෙ..”

    “ඇයි අයියා.. අරහෙ තියෙන්නෙ..”

    නැගණිය ඇගිල්ල් දික් කර පෙන්වූයේ කල් කන්ද වලව්ව පිහිටි ඉසව්ව බව චේතියට වැටහුණි.. නමුත් මෙම වත්ත අක්කර ගණනාවක් විශාල හෙයින් වලව්ව මෙම ඉසව්වට කිසිසේත්ම පෙනෙන්නේ නැත.. මව වුවද දිනපතා එහි යන්නේ පොල් වත්ත මැදින් වැටුණු අඩි පාර දිගේ පැය කාලකට අධික කාලයක් මග ගෙවාගෙනය..

    “ඒකෙ අම්මා වැඩ කළාට ඒ වලව්ව අපේ නෙමෙයි චූටි.. ඒක හාමු මහත්තයලගෙ..”

    “නෑ.. ඒක අපේ..”

    කිසිත් නොතේරෙන තම පුංචි නැගණිය ගැන චේතියට දැනුණේ අනුකම්පාවකි.. ඔහු නැගණියව තම උකුලට ගෙන ඇගේ හිස අත ගෑවෑය..

    “දහ අට අශේන්ගෙ උපන් දිනේ..”

    තවත් මොහොතකින් ඈ කීවේ චේතියව පුදුම කරවමිනි..

    “කවුද අශේන් කියන්නෙ..? චූටිගෙ පංතියෙ යාළුවෙක්ද..?”

    “නෑ.. වලව්වෙ පුතා..”

    එවර ඔහු ඈ දෙස බැලුවේ සැකයෙනි.. ඇතැම් විට අම්මා අශේන් බේබිගේ උපන් දිනය ගැන නිවසේදී කියන්නට ඇත.. එහෙත් ඈ ඔහුව බේබි හාමු හෝ අශේන් බේබි ලෙස හදුන්වනවා මිසක කිසි කලෙක අශේන් බෝ පුතා ලෙස හදුන්වන්නේ නැත..

    “කවුද ඔයාට ඉගැන්නුවෙ ලොකු මිනිස්සුන්ට නම් කියලා කතා කරන්න..?”

    “එයා ලොකු නෑ..”

    ඈ එසේ කීවේ අශේන් බේබි හාමු මහතාට වඩා කුඩාවට දුටු නිසා වන්නට ඇත.. නමුත් නැගණිය හතර පස් වසරකින් පමණ වලව්වට ගොස් නැති නිසා ඔහුගේ රූපයන් මතක තිබේයැයි සිතීමද අසීරු කරුණකි..

    චේතියට මේ වෙලාවේ සිතුණේ කලනවත් ළග උන්නා නම් කියාය.. ඔහු මෙවැනි සියුම් දේ පිළිබදව විගහු කිරීමට සැබැවින්ම දක්ෂයෙකි..

    “චූටිට වලව්ව මතකද..? අශේන් බේබිව මතකද..?”

    “ඔව්..”

    කෙටි පිළිතුරක් දුන් ඈ ඉන් පසු දිර්ඝ කල්පනාවකට පිවිසියාය.. තමා උකුලේ හිදුවාගෙන ඉන්නා නැගණියගේ ගත තරමක් උණුසුම් වේගෙන එන බවක් චේතියට දැනුණි.. තමා අනවශ්‍ය දෙයක් විමසමින් ඇයව ලෙඩ කලාදැයි සැක සිතුණු ඔහු වලව් කතාව එතනින් නතර කළේය..

    “චූටි.. මං ඔයාට කතන්දරයක් පස්සෙ කියලා දෙන්නම්.. දැන් ටිකක් නිදියන්න..”

    “මට නිදිමත නෑ.. අනේ කතන්දරයක් කියන්නකො අයියෙ..”

    ඈ හුරතල් වන්නට වූවාය.. නමුත් ඈ කී දේවල් ගැන සිතීමෙන් චේතියට උන්නේ දැඩි මානසික ව්‍යාකූල තත්වයකය..

    “මගේ අත රිදෙනවා පැටියො.. අයියට ටිකක් අමාරුයි..”

    ඇගේ මනස වෙනතකට යොමු කිරීමට සිතූ චේතිය නැති අමාරුවක් මවා පෑවේය.. ඉන් කලබල වූ නැගණිය ඔහුගේ ඉදිමුනු අත ගෙන එහා මෙහා හරවා බැලුවේය..

    “මොකද උනේ අයියා..?”

    “ඉස්කෝලෙදි දුවන්න ගිහින් වැටුණනේ..”

    ඔහුගේ බොරුව විශ්වාස නොකළ ලෙස ඈ මොහොතක් දෙකක් චේතියගේ මුහුණ බලා උන්නාය..

    “නෑ.. අයියා කොල්ලො එක්ක ගහගෙන..”

    ඔහු උඩ ගොස් බිම වැටුණි.. මවවත් නොදන්නා මේ කතාව ඈ දන්නේ කෙසේද..? ඇයට අනුන්ගේ සිත් කියවීමේ නුවණ පහළව ඇත්දැයි චේතියට සිතුනි.. ඈ වයසට වඩා දැනුමෙන් මුහුකුරා ගොස් ඇතත් මෙවැනි දේ ඔහු ඇගෙන් අපේක්ෂා කළේ නැත..

    ****************************

    එදින අමතර පන්තියකට සහභාගි වීම මගහැරි චේතිය හා මිතුරන් දෙදෙනා ගල් කන්ද වලව්වට පා නැගුවේ ඇතුලග හාමුගේ ඉල්ලීම මතය.. අනිද්දාට යෙදී තිබෙන අශේන් බේබිගේ උපන් දිනය නිසාවෙන් වලව්ව පිරිසිදු කිරීම ඔවුනට නියම වූ රාජකාරියයි.. වත්ත පිටිය උදළු ගා කල එළි කිරීමට කම්කරුවන් දෙදෙනෙක් පැමිණ තිබූ අතර තවත් පිරිසක් වලව්වේ පිටත තීන්ත ආලේප කරමින් උන්හ..

    “උඹේ ඕනකමකට ආවා මිසක මං නං කැමැත්තෙන් ආපු ගමනක් නෙමෙයි චේති.. අපේ තාත්තා දන්නවනං මං වලව්වෙ කුලී වැඩ කරනවා කියලා.. මාව හම ගහයි..”

    රංගගේ කතාවට චේතියට පමණක් නොව කලනටද සිනා නැගුණි.. අතමිට යහමින් ගැවසෙන රංග අවසාන මොහොතේ හෝ මෙවැනි වැඩකට කැමැත්ත දීම ගැන ඔවුන් උන්නේ පුදුමයෙනි..

    “මුන්ට කඹුරනවා කියලා අපිට ඇති සෙතේ මොකක්ද බං.. ඕන නං කුකුල් අන්ඩක් එක්ක බත් එකක් දෙයි..”

    “එහෙම නෑ බං.. එදා හාමු කිව්වනේ මේවට සලකන්නම් කියලා.. අදත් කීයක් හරි හම්බ වෙනයි..”

    රංග වැඩය අතරමග නතර කර දමා යනු ඇතැයි සැක සිතුණු චේතිය සැනසිලි බස් දෙඩුවේය..

    “උඹටනං ඉතිං ඔය බොරු කොණ්ඩෙයි.. උපන් ලපෙයි, කණ්නාඩි කූට්ටමයි නිසා ටිකකක් හරි ජාමෙ බේරගන්න පුළුවන්.. අපිව කවුරු හරි දැක්ක ගමන් අදුර ගන්නවා..”

    ඔවුන් සුළු වැඩ කිහිපයක් කරන අතර කතාවට වැටී උන්හ.. ඒ මොහොතේ මහ හඩින් රේස් කර පැමිණි බයිසිකලයක් මිදුලේ නතර වූයේ සැමගේ අවධානය එදෙසට යොමු කරමිනි..

    “කවුද බං ඒ..?”

    “ඒ තමයි අශේනයා.. උගේ පොඩ්ඩක් ගැට්ට වැඩියි..”

    වලව්වට නොපැමිණියද පාර තොටේදී නිතර දැක තිබුණ නිසා චේතියට, අශේනව අදුනා ගැනීමට එතරම් අසීරු වුයේ නැත.. වැඩිපුරම ඔහු දැන උන්නේ අශේන්ගේ බයිසිකලයයි..

    “මචං අර පිටිපස්සෙ ආපු එකා..”

    කලන පෙන්වූයේ අතට ප්ලාස්ටරයක් දමා උන් තැනැත්තෙකි.. ඔහුගේ මුහුනේ පැත්තක්ද ඉදිමී ඇත.. චේතිය සැනෙකින් ඔහුව අදුනා ගත්තේය..

    “ඒ අර මුගෙන් නැව් ගාණකට ගුටි කාපු එකානේ..”

    කලනද ඔහුව අදුනාගෙන තිබිණි..

    “අඩේ.. ඒ කියන්නෙ පොර අශේනයගෙ කකුලක්ද..?”

    “කකුලක් උනත් අතක් උනත් තත්වෙ ටිකක් සීරියස් මචං.. ඌ අපිව අදුන ගත්තොත් නං මෙතන දෙවන ලෝක සංග්‍රාමය දිගාරින්න වෙන්නෙ..”

    රංග කීවේ චේතිය දෙස බලාගෙනය.. මිතුරාගේ බොරු කොණ්ඩය හා වෙනස් පෙනුම නිසා ඔහුව හදුනාගත නොහැකි යැයි එවර ඔහුටම සිතුණි..

    “තුන් දෙනෙක්ට ගහපු මට දෙන්නෙක් වැඩි නෑ මචං..”

    චේතිය කීවේ දැඩි ආත්ම විශ්වාසයකිනි.. තමා මේ මොහොතේ ඉන්නේ වලව්වේ වුවද ඔහුගේ සිතට පුංචි හෝ චකිතයක් දැනුණේ නැත..

    “ළමයිනේ.. හාමු මහත්තයා කිව්වා ඔය ළමයින්ට පුළුවන්නම් වලව්ව ඇතුළෙ මකුළු දැල් ටික කඩලා දාන්න කියලා..”

    කොහෙදෝ සිට පැමිණි හේතුහාමි ඔවුන්ට අමතර වැඩක් පැවරුවේය.. එයට නම් චේතිය එකග වූයේ දැඩි කැමැත්තෙනි.. ඔවුට කොහොමටත් අවැසි වී තිබුණේ වලව්ව ඇතුළත රාජකාරියකි..

    “පිස්සු හැදෙනවනේ.. මේකෙ වහලෙ උස බලපංකො.. අනික හතර අතට වහල කෑලි එකසිය පනහක් විතර තියෙනවා.. ”

    රංග උඩ බලාගෙන කියවද්දී චේතිය වලව්ව ඇතුළත නෙත් දිවේවවේය.. තමා කුඩා කාලයෙදී දැක තිබුණාට වඩා විශේෂ වෙනස් කමක් කර නොතිබුණද මෙහි ඇතුළත ඇති මහේශාක්‍ය පෙනුම චේතියගේ සිතේ අමුතුම හැගීමක් ඇති කරලීමට සමත් විය.. ගෘහ භාණ්ඩ සියල්ල වුව පැරණි මෝස්තරයන්ට අයත් ඉතා වටිනා දැව වලින් කැටයම් කර තනන ලද ඒවාය..

    “මේ ඉන්නෙ ඇතුගලයගෙ වයිෆ් වෙන්න ඇති නේද..?”

    දිගු සාලයේ කොණක එක පෙළට තාබා තිබූ රාම්‍ර කල පින්තූර කිහිපය අතරින් එකකට ඇගිල්ල දික් කල කලන අසද්දී චේතිය වහා එදෙස බැලුවේය.. ඔහුට දැනුණේ ළමා තැනී ජීවමානව තමා දෙස බලා ඉන්නා බවය.. ඒ සොදුරු රුව හිමි ඈ ජීවතුන් අතර නැතැයි අදහා ගන්නටද නොහැකි තරම්ය..

    “චේති.. මේ.. මේ..”

    ඒ ඡායාරූපය දෙස මොහොතක් දෙකක් බලා උන් කලන කුමක්දෝ වැදගත් දෙයක් කියන්නට තැනුවේය..

    “ආ ළමයිනෙ බඩු ටික.. යමු.. මුලින්ම උඩ තට්ටුවෙ ටික කඩලා දාමු..”

    මකුළු දැක් කැඩීමට අවශ්‍ය ඉනිමං කොසු ආදිය රැගෙන පැමිණි හේතුහාමි පිරිස උඩට කැදවාගෙන ගියේය.. එනිසා චේතියට කලනගේ කතාව අසා ගැනීමට අවස්ථාවක් උදා වූයේ නැත..

    “මේ කැටයම් බර ගාණක් වටිනවා ඇති නේද..?”

    තනි ලීයෙන් නිමවන ලද සියුම් ප්‍රතිමාවන් රැසක්ම උඩ තට්ටුවේ තබා තිබිණි.. ඒවා නරඹමින් පැමිණි ඔවුන් පිවිසියේ කොරිඩෝව කෙළවර වූ දිගු සැදැල්ලටය..

    “අන්න අර ඈත තියෙන ගල් තලාව උඹලට පේනවා නේද.? ඕක දිගටම මායිම් වෙලා තියෙන්නෙ වලව් වත්තට ඒ කන්දෙ කොටසක් තමයි අර පොල් වත්ත පැත්තටත් විහිදිලා තියෙන්නෙ..”

    චේතිය පෙන්වූයේ මිතුරන් දැන උන්නද මෙතෙක් දැක නොතිබූ දෙයකි..

    “මාර ලොකේෂන් එකක්..”

    කලනට නිතැතින්ම කියවිනි..

    “ඔය ගල් තලාව නිසා තමයි මේකට ගල් කන්ද වලව්ව කියන නම හැදිලා තියෙන්නෙ..”

    “මේ.. මේ.. ආපු වැඩේ කරලා ඉමු.. නැත්තං අපි ගල් කන්ද වලවව්ට එන අන්තිම දවස වෙයි..”

    ඔවුන් එක දිගට පැය කිහිපයක්ම ගල් කන්ද වලව්වේ මකුළු දැල් කැඩීමේ නිතරව උන්හ..

    “දැන්නං උඩ බලන් ඉදලම බෙල්ලත් රිදෙනවා..”

    ඔවුන් මැසිවිලි නගමින් වුවද උඩ තට්ටුවේ වැඩ කොටස සම්පූර්ණයෙන්ම අවසන් කර දැමූහ..

    “කෝ බං අශේනයයි.. අර ආපු අනිත් එකයි..”

    කලන එය ඇසුවේ චේතියගේ කනට කරය.. සැබැවින්ම ඔවුන් කොහේට අතුරුදහන් වූයේදැයි චේතියට වුව තිබුණේ කුතුහලයකි..

    “උඹලගෙ අම්මා අදත් ආවෙ නැද්ද චේති..?”

    “ආවා.. ආවා.. මං හිතන්නෙ කුස්සියෙ වෙන්න ඇති..”

    රංගට පිළිතුරු දෙන අතරතුර චේතියගේ දෙනෙත් උඩු මහලේ වූ කැටයම් කබඩයක් වෙත යොමු විය.. තමා කුඩා අවදියේ මෙම කබඩය තිබුණේ පහල කන්තෝරු කාමරයේ බව ඔහුට හොදින්ම මතක තිබිණි.. හාමු මහතා වටිනා ලියකියවිලි එහි තැන්පත් කරනු ඔහු දැක ඇත.. ඔහුගේ අවධානය නැවත වරක් බිදිමින් හේතුහාමි එහි පැමිනියේය..

    “එන්න ළමයිනෙ.. කාලා ඉමු.. දැන් හොදටම මහන්සිත් ඇතිනෙ..”

    ඔහු නගරයේ භෝජන ශාලාවක ලේබල් අලවන ලද බත් පෙට්ටි තුනක් සහිත බෑගයක් කලන අත තැබුවේය..

    “ඇයි අන්කල් මේ කෑම කඩෙන් ගෙනත්.. ඇයි අර උයන්න ගෑණු කෙනෙක් ඉන්නවා කිව්වා නේද..?”

    “ගුණවතී නම් ආවා.. උන්දැත් උදේ ඉදලම කුස්සි කෑල්ල අස් කරනවා.. තාම ඉවරයක් නෑ..”

    බත් පැකට් තුන අතට ගත් චේතිය ඇතුළු පිරිස පොල් වත්තේ මැද හරිය දක්වා ගමන් කළේ පිරිස මඟ හැර නිදහසේ ආහාර භුක්ති විදිමිනි..

    “මේ වලව්වෙ පුදුම කාමර තොගයක් ඇති මචං.. බලපංකො හෙන සද්දන්ත සයිස්නෙ..”

    පොල් වත්තේ ගස් කිහිපයකට පිට දී ඉදගත් ඔවුහු පසෙකින් වැජඹෙන මහා මන්දිරය දෙස බලා සිය කතාව ආරම්බ කළහ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    “ඕකෙ මට මතක විදියට කාමර විසි දෙකක්ද කොහෙද තියෙනවා.. ඒත් වැඩි හරියක් ඒවා වහලා..”

    චේතිය සිය මතකය අවදි කළේය.. ඔහුට සැනෙකින් සිහිපත් වූයේ පෙරදා සිය නැගණිය මෙම වලව්ව සම්බන්ධව කී කතාවකි..

    “අපේ චූටි කිව්වනේ කලන මේ වල්ව්ව අපේ කියලා..”

    එය ඇසී සිනාසීමට ගිය රංගට කමින් උන් බත් පිඩ පිට උගුරේ ගියාය.. නමුත් කලන නම් දැඩි කල්පනවාකට වැටිණි..

    “මං උඹට අර ෆොටෝ එක පෙන්නලා මොකක්ද දන්නවද කියන්න හැදුවෙ..?”

    “මොකක්ද..?”

    චේතිය කලනගේ මුහුණට එබී විමසුවේය..

    “ඔය ළමාතැනී කියන කෙනාගෙ මුහුණුවර හරියට උඹලගෙ නංගිගෙ වගේ.. බලපං බොරුද කියලා.. ලොකු බෝල ඇස්.. හමේ ඇත් දල පාට.. කැරලි කැරලි කොණ්ඩෙ..”

    එවර ගිනි වැදුණේ චේතියගේ සිතටය.. නැගණියගේ මුහුණ දකින වාරයක් පාසා තමාට යම් කෙනෙකු සිහිපත් වූවද ඒ කවුදැයි පැහැදිලිව වටහා ගැනීමට තරම් නිරවුල් මනසක් තමාට නොවූ බව ඔහුට සිහිපත් වුණි..

    “උඹ කියන්නෙ එතකොට..”

    සැබැවින්ම ඔහු පටලැවී උන්නේය..

    “උඹලගෙ නංගි.. චූටි කියන්නෙ ළමාතැනීගෙ දුවෙක්ද..?”

    එයනම් කිසිසේත්ම විය නොහැකි බව චේතියට වැටහුණි.. තම මව නැගණිය ලැබීමට ගැබ්බරව උන් හැටි තමව මතකය.. අනික වලව්වේ ළමාතැනී මියගියේ ඊට පෙරය.. එසේනම් තමාගේ නැගණිය ළමාතැනීගේ හැඩරුව ගත්තේ කෙසේද..?

    “ඒක වෙන්න බෑ බං.. චූටි ඉපදුනේ අපේ අම්මගෙ කුසෙන්.. ඒක මට හොදටම ෂුවර්..”

    “මේ ගැන ඇහුවට උඹ මුකුත් හිතන්න එපා.. උඹේ තාත්තා නැති උනේ අපි බාලාංශ පංති වල ඉද්දි.. උඹේ නංගි හම්බ උනේ අපි ශිෂ්‍යත්වෙ කලාටත් පස්සෙ.. අනික උඹලගෙ අම්මා නංගි ගැන වැඩිය විස්තර මුකුත් කතා කරන්නෙත් නෑ.. ඒ මදිවට නංගි වලව්වෙ ළමාතැනී වගේ.. මේ සේරම එකකට එකක් පටලැවෙනවා වගේ දැනෙන්නෙ නැද්ද..?”

    දැන් නම් චේතියගේ ඔළුව යකාගෙ කම්මල මෙන් වී තිබුණේය.. තම මවට සිටි දරුවා රෝහලේදී මිය ගියා වන්නට බැරිද..? නැගණිය සැබැවින්ම ළමාතැනීගේ දරුවෙකු විය නොහැකිද..? නමුත් ළමාතැනී මිය ගියේ නැගණිය ඉපදීමට මාස ගණනාවකට පෙර නම්..

    “මට තේරෙන්නෙ නෑ මචං..”

    කටවල් දෙක්ක පමණක් කෑ බත්පත ගුලිකර දැමූ චේතිය වමතින් සිය නළල් තලය තද කර අල්වා ගත්තේය..

    “උඹේ අම්මා කවදාවත් චූටිගෙ අම්මා කවුද කියලා උඹට කියලා නැද්ද..?”

    “නෑ රංග නෑ.. මං අම්මගෙන් ඒ ගැන අහලත් නෑ.. ඒත් අම්මා දවසක් ඇලිසා නැන්දා එක්ක කිව්වා එයාට කාගෙන්ද කරදරයක් උනාලු.. එයා තමයිලු චූටිගෙ තාත්තා..”

    “උඹට සැක හිතන්න පුළවුන් කවුරුහරි කෙනෙක් චූටිව බලලා යන්න එහෙම උඹලගෙ ගෙදර ඇවිත් තියෙනවද..?”

    “ඒත් නෑ..”

    “අනේ මංදා බං.. දැන්නං උඹේ විතරක් නෙමෙයි මගෙත් ඔළුව අවුල් වෙලා..”

    “හරි මචං.. දැන් ඔය කතා කියන්න එපා.. අපි මෙහෙම කරමු.. කාලෙකින් අපිට පන්සල පැත්තෙත් යන්න බැරි උනානෙ.. සෙනසුරාදා පංති නැති නිසා අපි එදා හවසට පන්සල් යමු.. ගිහින් හාමුදුරුවො එක්කත් මේ ගැන කතා කරමු..”

    මිතුරාගේ මනස නිරවුල් කිරීමට අවැසි නිසා කලන තාවකාලික විසදුමක් දුන්නේය.. චේතිය හා රංග එයට එකග හිස් සැලුවේ ගමේ පන්සලත් එහි ස්වාමීන් වහන්සේලත් තමාගේ පවුලෙ අය තරමටම ඔවුන්ට ලෙංගතු බැවිනි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    05.png


    පසුදා පාසල් ගියාද චේතියගේ සිත තිබුණේ කොහේදෝ අතරමං වීගෙනය.. අම්මා.. නැගණිය.. ගල් කන්ද වලව්ව මේ සියල්ල හතරවටින් විත් තම සිතට වද දෙන බවක් ඔහුට දැනුණි..


    “උඹ විතරක් ඕවා ගැන කල්පනා කරලා හරියන්නෙ නෑ.. ඔන්න අපිට හෙට වලව්වෙ පාටියට ඉන්විටේෂන් හම්බ වෙලා තියෙන්නෙ.. අර හම්බ උන සල්ලි වලින් හොද කිටක්වත් අරන් ලෑස්ති වෙයන්..”


    අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරන මිතුරා දෙස බැලූ කල වලව්වේ ආරාධනය ඔහුට සිහිපත් කර දුන්නේය..


    “මං හිතුවෙ නෑ බං මකුළු දැල් කැඩුවට ඒ වගේ ගාණක් දෙයි කියලා.. කුලීකාරයො දාලා කරත් එකෙක්ට රුපියල් පන්සීයක් දාහක් විතර දෙන වැඩක්නෙ ඒක..”


    චේතිය කීවේ හාමු මහතා එක් අයෙකුට රුපියල් දෙදහස බැගින් දීම තවමත් අදහාගත නොහැකි වූ හන්දාය.. එතරම් මුදලක් ඔහු කිසිසේත්ම අපේක්ෂා කලේ නැත..


    “මේ.. මේ.. උඹ ඇදුම් ගන්න ඒ සල්ලි වියදම් කරන්න එපා.. ඉදා.. මේකෙන් කිට් එකක් ගනිං..”


    මිතුරන් තිදෙනාගෙන් පොහොසතා වූ රංග සිය බෑගයෙන් ගත් තරමක් විශාල ඉටි බෑගයක් චේතියට තිලිණ කලේය.. එයින් විදේශීය විලවුන් සුවදක් නික්මිණ..


    “අපේ අයියා ගියසතියෙ වැකේෂන් එකට ආවනෙ.. මිනිහා ඊයෙ අපේ ගෙදර ඇවිත් මට ඇදුම් ලෝඩ් එකක් දීලා ගිහිල්ලා.. මමත් තාම හරියට බැලුවෙ නෑ.. දැනට ඕක තියාගනිං.. පස්සෙ තව ගෙනත් දෙන්නම්..”


    රංග අයියා ලෙස හැදින්වූයේ ඔහුගේ බාප්පාගේ පුතාය.. ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහු ලංකාවට පැමිණෙන සෑම විටම රංගට මෙලෙස ඇදුම් ගෙන ඒම සිරිතක් වශයෙන් පැවතුනි.. රංග ඉන් එකක් හෝ දෙකක් චේතියට දීම වරද්දන්නේ නැත්තේ ඔහුගේ දුප්පත්කම දැන උන් නිසාය.. එනිසා මෙය චේතියට විශේෂයක් වූයේ නැත..


    “පින් සිද්ධ වෙනවා මචං.. උඹලට පිං සිද්ධ වෙන්න තමයි මං මෙහෙමවත් ඇදලා කරලා ඉන්නෙ.. නැත්තං ඉතිං මාං හැමදාම හිගන්නා..”


    චේතිය රංගගේ අත දෝතින්ම අල්ලා සිය කෘතවේදීත්වය පළ කළේය.. හාමු මහතා ඇතැම් අවස්ථා වල අත දිගහැර වියදම් කළද ඔහු අම්මාට වැටුප වශයෙන් ගේව්වේ ඉතාම සුළු මුලදකි.. ඇතැම් විට තමාට ඉන්න නිවෙසක් දී ඇති නිසා එතරම් වැටපු අවශ්‍ය නැතැයි ඔහු සිතුවා වන්නට ඇත.. තමා ඉදහිට මවට හොරෙන් අමතර වැඩක් කර කීයක් හෝ උපයා ගත්තද එය නිවසේම අවශ්‍යතා සදහා වැය වේ.. එනිසා ඔහු බොහෝ විට ඇන්දේ පැළැන්දේ මිතුරන්ගේ ඇදුම් පැළදුම්ය..


    “හරි.. හරි.. පිං වලින් වැඩක් නෑ.. උඹ අර නංගිගෙ සිද්ධිය ගැන තව ටිකක් හිතල බැලුවද..?”


    මිතුරා සංවේදී වීම ඉවසාගත නොහැකි වූ රංග පෙරදා වූ කතාව සිහිපත් කළේය..


    “මට ඕකෙ හරි විස්තරයක් ගන්න පුළුවන් නතාලි අක්කගෙන්.. එයා අපේ අම්මට ගොඩක් හිතවත් නිසා අපේ පවුලෙ විස්තර තරමක් දුරට දන්නවා..”


    “වැඩිය ඕනෙ නෑ.. මුලින්ම අහලා බලපං නංගි උඹේ අම්මගෙම ළමයෙක්ද කියලා.. එයාගෙ තාත්තා කවුද කියලා විතරක්.. ඉතුරු ටික අපි පස්සෙ හොයාගමු..”


    කලනද චේතියට උපදෙස් දෙන්නට විය.. මෙය දැන් චේතියගේ පමණක් නොව රංග හා කලනගේද කුතුහලය අවුස්සන සුළු මාතෘකාවක් වී ඇත..


    “මම අදම අහලා උඹට කියන්නම්.. කොහොමටත් අපි හෙට මීට් වෙනවනේ..”


    “අපිට ඊයෙ වගේ හෙටත් උඹලගෙ අම්මට මාට්ටු නොවී ඉන්න පුළුවන් වෙයිද..? එයා උඹව නැතත් අපි දෙන්නව හරි අදුර ගත්තොත්..”


    “එහෙම වෙන එකක් නෑ.. එයාගෙ රාජකාරිය කුස්සියෙම තමයි ඉතිං.. දැක්කත් එයා කීයටවත් හිතන එකක් නෑ අපි එනත ඉදියි කියලා..”


    “පව් බං.. වෙලාවකට උඹලගෙ අම්මා ගැන මාර දුයි.. එයා කොයි තරම් සැප විදින්න පුළුවන් පවුල කෙනෙක්ද..? වලව්වක ඉපදිලා දැන් වලව්වක ඉඳුල් හෝදනවා..”


    මිතුරාගෙන දැන තිබූ කරුණු සම්පින්ඩනය කර රංග පැවසුවට චේතියගේ නෙතු කදුළු පටලයකින් වැසී ගියේය.. සැබෑවටම තම මව මෙසේ දුක් විදිය යුතු අයෙක් නොවේ යැයි චේතියගේ සිත කියයි.. පියා සමග රහසේ පැන ආවා නම් ඈ අද සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ තිබිණි.. අනෙක් සැප සම්පත් නොවූවාට ස්වාමියාගේ ආදරය ලැබීමට පවා ඈ අවාසනාවන්ත වූයේ කෙටි කාලයකි..


    “දැන් උඹ හෙට කියන්න යන බොරුව මොකක්ද..? ක්ලාස්ද..? බාල දක්ෂද..? ඩ්‍රාමද..?”


    චේතිය දිගින් දිගටම කල්පනා කරනු දුටු රංග කතාව වෙනතකට හැරවූවේය..


    “මං මොනවා කිව්වත් අම්මට මාව සැක නෑ බං.. අනික ගෙදරට බොරු කිව්වා කියලා මං නරක දෙයක් කරන්නෙ නෑනෙ..”


    “අපි ඉන්නක් උඹට නරක දෙයක් කරන්න දෙන්නෙත් නෑ.. උඹ කවදහරි හොද තැනකට ඇවිත් ඔය පවුල ගොඩ ගන්න ඕනෙ චේති.. අපි හැමදාම උඹ ළග ඉන්නවා..”


    පාසල ආරම්බ කරන සීනුව නාද වූ බැවින් මිතුරෝ තිදෙන කතාව නවතා පංති කාමරය වෙත ගමන් කළහ..


    ****************************


    පාසල අවසන් වූ සැනින් චේතිය නිල ඇදුම පිටින්ම නුවර බලා යන බසයකට නැගුනේ නතාලි අක්කා මුණ ගැසීමටය.. ඔහු ඇයට දුරකථන ඇමතුමක් දී තිබූ නිසා ඔහු යන විටත් නතාලි අක්කා වැව රවුමට පැමිණ උන්නාය..


    “ඇයි මල්ලි මේ හදිස්සියෙම.. ගෙදර මොකක්හරි කරදරයක්ද..?”


    චේතිය කිසිදාක මෙසේ දුරකථන ඇමතුම් දී තමාව හදිස්සියේ මුණ ගැසෙන්නේ නැති නිසා නතාලි සැබැවින්ම උන්නේ කලබලයෙනි..


    “කරදරයක් නෙමෙයි අක්කා.. මට ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා..”


    එවර ඈ චේතිය දෙස බැලුවේ දෑස් තරමක් පුංචි කර තරමක කුතුහලයෙනි..


    “පොඩි දෙයක් නං වෙන්න බෑ..”


    චේතිය ඈ දෙස බලා සැහැල්ලු ලෙස සිනාසී තම නැගණිය වූ චූටිගේ අසනීපය ගැන තරමක විස්තරයක් කලේය.. කොහොමටත් මේ පිළිබදව නතාලි පෙර සිටම දැනුවත්ව උන් බව චේතියට අමතකව තිබිණි..


    “දැන් මල්ලිට දැනගන්න ඕන කරන්නෙ මොනවද..?”


    “මෙච්චරයි අක්කෙ.. චූටි කියන්නෙ අපේ අම්මගෙම ළමයෙක්ද..?”


    ඔහු ඇසූ දෙයට නතාලිගේ දෑස් නළලටම ගියේය..


    “ඈ ළමයො.. ඔයාට ඒකවත් ෂුවර් නැද්ද..? ඔයාගෙ අම්මට නංගි හම්බවෙන්න හිටියා මතක නැද්ද..?”


    “මතකයි අක්කෙ.. ඒත්..”


    “ඒත් කිව්වෙ..?”


    “මට සමහර දේවල් පැටලෙනවා.. අම්මට චූටිව හම්බවෙන්න හිටිය එක මට මතකයි.. චූටිව හම්බවෙලා ගෙදරට ගෙනාපු දවසත් මට මතකයි..”


    “එහෙනං ඉතිං තව මොනවද..?”


    “අම්මා ඒ ගෙදරට ගෙනාවෙ එයාගෙම කුසින් ලැබුණු දරුවද..?”


    “ඔව් මල්ලි ඔව්.. ඔයාට ෂුවර් නැතුවට මටනං ඒක හොදටම ෂුවර්.. ඇයි ඔයා එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ..?”


    එවර ඔහු කලන ගෙන ආ උපකල්පනය නතාලි හමුවේ දිගහැර සිටියේය.. එයට ඇගේ මුහුණේ ඇදුනේ සාවඥ සිනාවකි..


    “ඔයාට පැහැදිලි මතකයක් නැත්තෙ ඔයා ඒ දවස්වල පුංචි ළමයෙක් හින්දා.. ඔයාගෙ යාළුවා හිතන දේ සාධාරණයි.. ඒත් එහෙම දෙයක් උනේ නෑ මල්ලි.. ඒ කාලෙ උනත් නිතර එන්න විදියක් නොතිබ්බට මං ඉදලා හිටලා හරි ගුණවතී පුංචිව බලන්න ගියා ආවා..”


    “ඉතිං..”


    “ඔය වලව්වෙ ළමාතැනවී මැරුණ විස්තර.. අම්මට ළමයෙක් ලැබෙන්න හිටිය විස්තර එහෙම මං දන්නවා.. අනික ළමාතැනීට හිටියෙ අශේන් විතරයි.. එයාට වෙන ළමයෙක් ලැබෙන්න හිටියෙත් නෑ.. එයා කාලයක් තිස්සෙ හිටියෙ අසනීපෙන්නෙ..”


    “ළමාතැනී මැරුණ හැටි මටත් මතකයි.. එයා අන්තිම හුස්ම හෙලුවෙ මගේ අත අල්ලගෙන..”


    ඒ දුක්බර දවස ඔහු නැවතත් මෙනෙහි කලේය.. එදා ඈ මිය යන විට ළග උන්නේ චේතිය පමණි..


    “ඔය ළමාතැනී ගැන අහලා තිබුණට මං එයාව දැකලා නැහැනෙ.. ඒ නිසා චූටි එයා වගේද කියලා මං දන්නෙ නැහැ..”


    “චූටි ඒ වගේ තමයි අක්කෙ.. චූටි පොඩි කාලෙ ඉදලම මට ඒ වගේ මූණක් මතක් උනා.. ඒත් ඒ කාගෙද කියලා මට හරියටම තේරුණේ එදා වලව්වෙදි ළමාතැනීගෙ ෆොටෝ එක ආපහු දැකපු දවසෙයි..”


    “ඔයා වලව්වට ගියාද..?”


    නතාලි ඇසුවේ පුදුමයෙනි.. චේතිය මෑත කාලයේ වලව්වට නොගිය බව ඇයට මතකය..


    “ඔව් දවස් දෙකක් ගියා.. ඒත් අම්මට හොරෙන්..”


    “ඉතිං ඔයාලා අදුරගත්තෙ නැද්ද..?”


    ඇයගේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස චේතිය එම දින දෙකෙහි වූ සියළු සිදුවීම් ඇයට සවිස්තරව පැවසුවේය..


    “මෙච්චර කාලයක් එහෙ නොගිහින් ඉදලා ආපහු ඇයි ඔයාට එහෙ යන්න හිතුනෙ..?”


    “මං එහෙ යන එක නතර කලේ ළමාතැනී නැති උනාට පස්සෙ. එයා නැතුව එහෙ ගිහින් වැඩක් නෑ කියන එක මට ඒ කාලෙ හිතුනා.. ඒ විතරක් නෙමෙයි, මට මොකක්දෝ හේතුවක් නිසා හාමු මහ්තතයව පේන්න බැරුව ගියා.. කල් යද්දි ඒක ඉබේම වෛරයක් වගේ දේකට පෙරළුනා..”


    “වෛරයක් කිව්වෙ..?”


    “සොච්චම් පඩියකට අපේ අම්මගෙන් මරව මරව වැඩ ගන්න එකත් එක හේතුවක් වෙන්න ඇති.. ඒත් ඊට වඩා ගැඹුරු දෙයක් මගේ හිතට දැනෙනවා අක්කෙ.. ඒ මොකක්ද කියලා හොයා ගන්නත් එක්ක තමයි මං එහෙට ආපහු යන්න තීරණේ කලේ..”


    එවරනම් නතාලිට තරමක බියක් දැනුණි.. චේතියගේ මෙම හැංගි මුත්තම හෙළීවූ දාක ඔහු ලොකු විනාසයකට මුහුණ පාවි යැයි ඇයට සිතෙන්නට විය..


    “ඇයි ඔයා ගුණවතී පුංචිට හොරෙන් වලව්වට යන්න තීරණේ කලේ..? එයාට කියලා ගියානං එයා කීයටවත් විරුද්ධ වෙන එකක් නෑ..”


    “ඔව්.. විරුද්ධ වෙන එකක් නෑ.. ඒත් මං ගුණවතීගෙ පුතා කියලා හාමු දැනගත්ත දවසට මටත් හම්බවෙන්නෙ අපේ අම්මට වගේ කුඩම්මලගෙ සැලකිලි තමයි.. එහෙම උනොත් මට කිසිදෙයක් හොයාගන්න බැරි වෙනවා..”


    “ඔතන මොකක් හරි රහසක් තියෙනවා කියලා ඔයාට හිතෙනවනං අපි හොයාලා බලමු.. ඒත් මල්ලි අපි ගොඩක් ප්‍රවේශමෙන් වැඩ කරන්න ඕනෙ.. එහෙම නැත්තං අපිත් ගල් කන්ද වලව්වෙ පොළවට පස් වෙන්න බැරි නෑ..”


    “මේ චූටිගෙ ප්‍රශ්නෙන් මගේ ඔළුවට හරි බරක් අක්කෙ..”


    ඔහු නැවත වරක් ප්‍රශ්නය මුලටම පැමිණියේය..


    “ඔයා ඒ ගැන කලබල වෙන්න එපා.. අපි වෙන විදියකට මේ ගැන හොයලා බලමු..”


    “වෙන විදියකට කිව්වෙ..?”


    “ගුණවතී පුංචි මාර්ගයෙන්ම මං ඕක දැනගන්න බලන්නං.. එයා දන්න දෙයක් තියනවනං මට හරි කියයිනෙ..”


    “චූටිගෙ තාත්තා කවුද කියලා ඔයා දන්නවද අක්කෙ..?”


    ඇසීමට ප්‍රියජනක නොවූ එහෙත් දැනගත යුතුම මාතෘකාවක් චේතිය කතාවට ඈදා ගත්තේය.. ඔහු එය මෙම වසර හත පුරාවට මවගෙන් නෑසු දෙයකි..


    “ඔයාගෙ අම්මට චූටිව හම්බවෙන්න උනේ මට අවුරුදු පහළොවක් විතර කාලෙදිනෙ මල්ලි.. ඒ කාලෙ මං කොහොමද කටක් ඇරලා පුංචිගෙන් ඔහොම ප්‍රශ්නයක් අහන්නෙ.. අදටත් මං ඒ ගැන පුංචිගෙන් අහලා නෑ.. අනික පාළු ගේක පොඩි ළමයෙක් එක්ක තනියම ඉන්න ඇහැට කණට පේන ගෑණු ළමයෙක්ට කොයි විදියෙ කරදර වලට මූණ දෙන්න සිද්ධ වෙන්න ඇත්ද.. පුංචි අසරණ වෙන්න ඇති මල්ලි..”


    “අම්මා දැන දැනම වැරැද්දක් කලා කියලා මම කියන්නෙ නෑ අක්කෙ.. ඒත් චූටිට තාත්තා කෙනෙක් ඉන්න එපැයි.. එයා හරියටම කවුද කියලයි මට දැනගන්න ඕන..”


    “මමත් මේ ගැන තව හිතලා බලන්නම් මල්ලි.. දැන්ම කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා.. මගේ ඔළුවෙත් පොඩි අදහසක් තියෙනවා.. අපි බලමුකො..”


    නතාලි ඔරලෝසුව දෙස බැලුවේ තමා දැන් යා යුතු බව ඇගවීමට මෙනි.. සම්මානි මුල් කරගෙන සිදු වූ ගුටි බැට හුවමාරුව නතාලිට පැවසීමට චේතිය අදහස් කරගෙන උන්නද කාලය ඔවුනට හරස් විණි..


    “දැන් ඔයා වලව්වෙ පාටියට යනවද..?”


    ඈ නික්ම යාමට මත්තෙන් විමසා සිටියාය..


    “ඔව් හෙට යන්න ඕනෙ.. කොහොමටත් පොඩි දැන හැදුනුම්කමක් නැතුව විස්තර හොයාගන්න අමාරුයි..”


    “ඔයා සැරෙන් සැරේ කොමියුනිකේෂන් සෙන්ටර් වලට සල්ලි නාස්ති කරන්න එපා.. දැනට මේ ෆෝන් එක තියාගන්න.. අලුත් තෙරතුරු මොනව හරි දැනගත්තොත් මට කෝල් කරන්න..”


    සිය අත් බෑගය තුලින් කුඩා ජංගම දුරකථනයක් අතට ගත් නතාලි එය චේතියට පෑවාය..


    “එතකොට අක්කට..?”


    “මං තව අලුත් එකක් ගත්තා.. ඔයා ඕක පාවිච්චි කරන්න.. හැබැයි සිම් එකක්නං ගන්න වෙයි..”


    චේතිය දුරකථනය එහා මෙහා හරවා බැලුවේය.. එය පාවිච්චි කරන ලද එකක් වුවද තරමක් මිල අධික එකක් බව ඔහුට වැටහුණි..


    “අක්කට පිං සිද්ධ වෙනවා.. මං සිම් එකක් අරන් ඔයාට කෝල් එක්ක දෙන්නම්..”


    “මං එහෙනම් යන්නම් මල්ලි.. තව ටිකකින් විශ්ව අයියත් එනවා කිව්වා..”


    ඈ හදිස්සි වූ කාරණය වැටහුණු චේතිය සරදම් සහගත සිනහවක් නැගීය..


    “හරි.. හරි.. ඔයාලත් එළිපිට නටන දවසක් එයිනෙ.. එදාට අපි බලමුකො..”


    සිය ලැජ්ජාව සගවා ගැනීමට විහිලුවක් කල ඈ කැන්ඩි සිටි සෙන්ටර් ගොඩනැගිල්ල දෙසට පිය නැගිය.. චේතිය කුරුණෑගල බලා පිටත් වූයේ සම්මානි ගැන මෙනෙහි කරමිනි..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    06.png


    උදා වූයේ සැමටම කාර්යබහුල දිනයකි.. අශේන් බේබිගේ උපන් දිනය නිසා එදින ගුණවතී උදෑසනම වල්වව්ට යා යුතු විය.. පුංචි මිහිරාවි සුපුරුදු පරිදි අසල්වැසි ඇලිසාට බාරවිණි.. නිවසේ සිටම සූදානම්ව ගියහොත් තමාව හදුනාගතැයි සිතුණ චේතියද සිය ඇදුම් පැළදුම් සියල්ල රැගෙන රංගගේ නිවසට ළගා විය..


    “අද එතනට තද පොරවල් එහෙම එයි.. අශේනයගෙ කොල්ලො සෙට් එකට උනත් සෙකන්ඩ් වෙන්නෙ නැති විදියට අපිත් යං..”


    එසේ කී රංග දුරකථන ඇමතුමක් දී කලනවද සිය නිවසට ගෙන්වා ගත්තේය.. දහවල් වන විට ඔවුන් තිදෙනා රංගගේ සොහොයුරා ගෙන් දුන් විදේශිය ඇදුම් වලින් සැරසුණි..


    “උඹට ඔය බොරු කොණ්ඩෙ දාගෙන ජෙල් ටිකක්වත් ගාගන්න විදියක් නෑ නේද..?”


    සුපුරුදු වේශ නිරූපණය දමාගත් චේතියගේ කොණ්ඩය අතගා කලන විහිළු කළේය..


    “තව ටික දවසයි බං මෙහෙම යන්නෙ.. ඊට පස්සෙ මං වලව්වට පය තියන්නෙ මගේ සැබෑ ස්වරූපයෙන්..”


    “එදාට තමයි හාමුවා උඹට ඉලපත ගන්නෙ..”


    “ඌ කොහෙද බං එච්චර කෙරුමෙක් වෙන්නෙ..? කොහොමටත් තුරුම්පු ටික අතට ගන්නකල් මං හදිස්සි වෙන්නෙ නෑ”


    රංග චේතියගේ කතාවට සවන් දෙන අතරතුර සිය අල්මාරියෙන් මිල අධික විලවුන් බෝතලයක් ගෙන සිරුර පුරා තවරා ගත්තේය..


    “ආ.. ගාපං..”


    ඔහු එවරද සිය පරිත්‍යාගහීලීත්වය පෙන්විය..


    “අපිට එන්න කිව්වෙ දවල්ටද.. රෑටද..?”


    කලන එම ප්‍රශ්ණය නැගුවේ සියළු දෙනා පිටත් වීමට සැරසුණ විටය..


    “වෙලාවක් කිව්වෙ නෑ බං.. අනික අපේ අම්මා කිව්වා දවසෙම පාටිය තියෙනවා කියලා..”


    “මලා..”


    චේතිය කතා කරන අතරතුර රංග කලබලයෙන් සිය නළලට අත ගසා ගත්තේය..


    “කවුද මලේ..?”


    කලන ඇසුවේ සිනාසෙමිනි..


    “අපි යන්නෙ බර්ත් ඩේ පාටියකටනේ බං.. කෝ ඉතිං තෑග්ගක්..?”


    අනෙක් දෙදෙනාටද මෙතෙක් එය සිහිපත් වූයේ නැත..


    “දැන් මොකද කරන්නෙ..? තෑගි හොයන්න යන්න වෙලාවකුත් නෑ.. අනික අශේනයා සෝබනකාරයා බං.. ඌට අපි දෙන තෑගි වැඩක් වෙන එකකුත් නෑ..”


    චේතිය කීවේ අශේන්ගේ විස්තර ඔහු දැන උන් නිසාය..


    “එහෙම කියලා අතපය වන වන යන්න බෑනෙ බං..”


    එසේ කී රංග ඔහු සතුව තිබූ දවටනය ඉවත් නොකරන ලද විලවුන් බෝතලයක් අලුත්ම ඉටි බෑගයකට දමා ගත්තේය..


    “මෙන මොනවා කරන්නද ඉතිං.. දැනට මේකවත් ගෙනියමු.. ඌ සෝබනේ දැම්මොත් ආපහු අරන් එමු..”


    රංග කී දෙයට චේතියද හා කලනට සිනා නැගුණි..


    “එහෙනං හරිනේ.. මං තාත්තට කිව්වා ටිකක් වෑන් එක එවන්න කියලා.. අපි ඒකෙ යමු..”


    ඔවුන් දහවල් දොලහයි තිහ පමණ වන විට ගල් කන්ද වලව්වට ළගා වූහ.. පෙරදා දුටුවාට වඩා වලව්ව සෑහෙන වෙනස් මුහුණුවරක් ගෙන තිබීම ඔහුන්ගෙ මවිතයට හේතු විය..


    “බලපංකො බං සරසලා තියෙන හැටි.. හරියට මගුල් ගේකට වගේ..”


    මිදුල පුරා විදුලි බුබුළු වැල් එල්ලා පුටු දමා ඉතා උත්කර්ශවත් ලෙස සරසා තිබිණි..


    “මුගේ හැම උපන්දිනේම මේ වගේද..?”


    කලන චේතියගේ කණට කර විමසුවේ මෙය අධික වියදමක් දරා සැලසුම් කර තිබූ උත්සවයක් නිසාය..


    “දන්න තරමින් වෙනදට පාටි තිබුණෙ කොහේ හරි හෝටලේක.. මං හිතන්නෙ ළමාතැනී නැති උනාට පස්සෙ වලව්වෙ මේ තරම් ලොකු පාටියක් දාන පළවෙනි පාර..”


    කතාවෙන් කතාව ඔවුන් පිරිස අතරින් ගල් කන්ද වලව්වේ ප්‍රධාන ද්වාරය කරා ළගා වූහ..


    “කවුද මේ ඉලංදාරියා..?”


    ඇතුගල හාමු මහතාට චේතිය ඇතුළු මිතුරන් දෙදෙන හදුනා ගැනීමට නොහැකි වී තිබිණි..


    “හාමු මහත්තයා.. අපි අර බාල දක්ෂ..”


    “ආ.. මතකයි.. මතකයි.. කොල්ලො තුන්දෙනා අද අදුරන්නත් බැරි තරම්නෙ..”


    කලන සිය හදුන්වා දීම අවසන් කරන්නටත් පෙර ඇතුගල හාමු සිය කටහඩ අවදි කළේය.. එය ඔවුනට තරමක ආඩම්බරයක්ද විය..


    “කෝ.. අශේන් බේබි නැද්ද..?”


    අශේන්ව බේබි ලෙස හැදින්වීමට තරම් කැමැත්තක් නොවුනද රංගට මේ අවස්ථාවේ වෙන කල හැක්කක් නොවිය..


    “හිටියා.. හිටියා.. ඔය යාළුවො ටික එක්ක ගල් තලාව පැත්තට ගියේ.. ඔය ළමයි ගෙට ගිහින් මොනව හරි බීලා ඉමුකො..”


    පිරිස පිළිගැනීමට උපන්දිනකාරයා නොවුනද හාමු මහතාගේ ඉල්ලීම පිට ඔවුන් වලව්ව තුළට පිවිසයහ.. පැමිණ උන් සියළු අමුත්තන් වැදගත් පෙනුමැති ප්‍රභූවරුන් වුවද චේතියලා ඒ අතර හෑල්ලු වන මට්ටමේ නොවූහ.. විශේෂයෙන් චේතිය අන් දෙදෙනාටම වඩා මනා පෞරෂයකින් යුක්ත විය..


    “වලව්කාරයෙක් වෙන්නත් පෙර පිං කරලා තියෙන්න ඕන බං.. බලපංකො අශේන්ට තියෙන සැප..”


    “මේ මිනිහගෙ කී වෙනි උපන්දිනේද චේති..?”


    “මං හිතන්නෙ විසි හතරක් විතර ඇති..”


    ඔහු පිළිතුරු දුන්නේ අනුමාන වශයෙනි..


    “ඒ කියන්නෙ මිනිහා අපිට වඩා අවුරුදු හයක් විතර වැඩිමල්..”


    වලව්ව ඇතුළත ලොකු කවිච්චියක වාඩි ගන්නා අතරතුර කලන විමසිය.. එයට යමක් නොකී චේතිය වලව්ව ඇතුළත බැලුවේ තම මව පෙනෙන්නට සිටීදැයි දැන ගැනීමේ අරමුණෙනි.. ඒ අතරතුර රංගගේ ඇස් දිව ගියේ ළමාතැනීගේ පින්තූරය වෙතය.. ඔහු එදා කලන කී දෑ ඔස්සේ ළමාතැනීව හා චේතියගේ නැගණියව සිතින් සංසන්දනය කරමින් උන්නේය..


    “මචං.. අරුන් තුන්දෙනාම ඇවිත්..”


    මොහොතකට පසු උඩුමහලේ සිට බැස එන කොලු රෑන පෙන්වූ කලන රංගගේ කණට කර කීවේය.. චේතිය ඒ වන විට උප්පේ හේතුහාමි සමග කතාබහකය නියැලීගෙනය..


    “කවුද තුන්දෙනා..?”


    රංග ඇසුවේ කුතුහලයෙනි.. ඊට පිළිතුරු ලෙස කලන හිසින් පෙන්වූයේ අමතර පංතියේ සම්මානිගේ සිද්ධියට අදාල රස්තියාදුකාරයින් තිදෙනාවය.. ඔවුන් දෙදෙනෙකුගේම තුවාල කැළැල් තවම ඉතිරිව ඇත..


    “පොඩ්ඩක් ෂේප් වෙලා ඉමු.. පිටදි වගේ නෙමෙයි.. මේ වගේ තැනකදි වලියක් ගියොත් අපිට පාඩුයි..”


    රංගට අනතුරු ඇගවීමක් කළ කලන තම හිස පහතට හරවා ගත්තේය.. රැගෙන ආ තෑග්ගද තෑගි තැබීම සදහා වෙන් කර තිබූ මේසයෙන් තැබූ රංග මිතුරන් දෙදෙනා සමග මිදුලේ පුටු දමා තිබූ නිස්කලංක පෙදෙසකට ගමන් ගත්තේය..


    “තේරු මෝරු අස්සෙ හාල් මැස්සො රිංගන්නෙ මොකටද බං..? අපි මෙන්න මෙහෙට වෙලා ඉමු.. අනික මුගේ අම්මා උනත් මේ පැත්තට එන එකක් නෑනෙ..”


    රංගට ඇසක් වසා ඉගි කළ කලන එවි වාඩි ගත්තේ අර මැරවරයන් තිදෙනා මග හැරීමට බව චේතිය දැන උනනේ නැත.. ඔහු කලන කී දෑ ඔස්සේ සිය මව ගැන සිහිපත් කලේය.. තමා වටිනා ඇදුම් පැළදුම් වලින් සැරසී මෙම උත්සවයේ අමුත්තෙකු වී උන්නද තම මව මේ මොහොතේ වලව්වේ දාසියක වී කුස්සියේ කල් ගත කරන බව ඔහුට වාවාගත නොහැකි විය.. ඊටත් වඩා ඔහුගේ සිතට වද දුන් කාරණය වූයේ නැගණිය තම නිවසේ දමා තනිව රජ බොජුන් භුක්ති විදීමට සිදු වීමයි..


    “කෑම බීම සේරම කේටරින් එකකට බාර දීලද කොහෙද..”


    මිදුලේ මේසයෙන් මේසෙට ගමන් කරමින් සංග්‍රහ කරන වේටර්වරුන් දුටු රංග කීවේය.. එය නෑසුන චේතිය තවමත් උන්නේ කල්පනාබරවය..


    “මොනවද බං අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..?”


    ගල් කන්ද වලව්වට පා නගන සෑම විටම චේතිය කල්පනාවට යොමු වන නිසා කලන ඔහුගේ දැහැන බිද දැමුවේය..


    “මං මේ කල්පනා කරන්නෙ අදින් පස්සෙ මොනව කියලද වලව්වට රිංගන්නෙ කියලා..”


    “උඹත් බලන් යද්දි අම්මයි තාත්තයි වගේ ගල් කන්ද වලව්වටම කඹුරන්නද කොහෙද හිතන් ඉන්නෙ..”


    රංග සිතා මතා නොකිව්වාට චේතියගේ සිත බිදිණි.. ඔහු වලව්වට පැමිණියේ යටි සිතේ වූ කුතුහලයක් සන්සිදුවා ගැනීමට මිස වලව්වට දාසකම් කිරීමට නොවේ.. මිතුරන් නොමැතිව හෝ පැමිණ තම සිතැගි ඉටුකර ගැනීමට ඔහු මේ වන විට අදිඨන් කරගෙන උන්නේය..


    “අපේ තාත්තා කාලයක්ම කළේ උඹ කිව්වා වගේ වලව්වට කඹුරපු එක.. සමහර විට හේතුහාමි එයා ගැන විස්තර දන්නවා ඇති..”


    සුදු සරමක් හා අත් කොට ෂර්ටයක් හැද සෙනග අතරේ එහා මෙහා යන හේතුහාමි දෙස මොහොතක් බලා උන් චේතිය කීවේය.. ඒ ඇසි රංගට තමා කල වරද වැටහිණි..


    “සොරි මචං.. මං උඹව කන්ඩෙම් කරන්න හිතාගෙන එහෙම දෙයක් කිව්වෙ නෑ.. ඒත් උඹ මේක අස්සටම රිංගන්න හදනකොට මට තරහා ගියා..”


    මිතුරා තමාව පහත් කොට නොසලකන බව නම් චේතිය හොදින්ම දන්නේය.. නමුත් ඔහුට ඉවසුම් නොදුන්නේ රංග තමාව තේරුම් නොගැනීම පිළිබදවය..


    “අපේ අම්මා.. තාත්තා.. මං.. චූටි.. අපි හැමෝම මොකක් හරි විදියකින් මේ වලව්වට සම්බන්ධයි.. එහෙම කියලා අපි හැමදාම මේ වලව්වෙ දාසයො වෙලා ඉන්න ඕනෙ නෑ බං.. මං මේ හදන්නෙ ඒ තත්වෙන් මිදෙන්න..”


    ඔහු තම සිතැගි මිතුරන්ට වටහා දෙන්නට උත්සාහ ගත්තේය.. ඒ අතරතුර එතනට පැමිණි අශේන් අනපේක්ෂිත ලෙස ඔවුන් ඉදිරියේ අසුන් ගත්තේය..


    “ඔයාලා..?”


    ඔහු ප්‍රශ්නාර්තයක් රැදි දෑසින් විමසුවේ තිදෙනා දෙසම තියුණු බැල්මක් හෙලමිනි.. නමුත් ඒ ඇස් වැඩි වේලාවක් රැදී තිබුණේ චේතියගේ මුහුණ මත්තේය..


    “අපි බාල දක්ෂයො.. හාමු මහත්තයා තමයි අපිට අද එන්න කියලා ආරාධනා කළේ..”


    කලන මවා පෑ සුහදත්වයකින් ප්‍රකාශ කර සිටියේය..


    “රා..යිට් අප්පච්චි කිව්වා තමයි.. නයිස් ටු මීට් යූ..”


    තිදෙනාටම අතදුන් අශේන් එතනින් ඉවත් වීමට ගොස් යළි හැරුණේය..


    “හිතේ හැටියට එන්ජෝයි කරපං මචං.. ඔන්න රෑ වෙනකල් යන්න බෑ හරී..”


    චේතියගේ පිටටත් පහරක් එල්ල කළ ඔහු යන්න ගියේය..


    “හිතපු තරම් යකා කළු නෑ බං චේති..”


    ඒ සුහදත්වය අදහාගත නොහැකි තරම් වූ රංග කීවේය..


    “කතා කරලා පුළුවන්ද බං මිහිහෙක් තේරුම් ගන්න.. ඕකගෙ කෙරුවාවල් මං දන්නවා.. දෙකක් දා ගත්තම ඌට මතක නෑ ඌ කවුද කියලා..”


    චේතිය කීවේ මිතුරන් නොදැන උන් යමකි.. රංග කෙසේ වෙතත් කලන නම් එය වටහා ගත් නිසාවෙන් හිස සැලුවේය..


    දහවල් ආහාරයද සිත් සේ භුක්ති විදි චේතිය ඇතුළු පිරිස සවස් වන තුරු වලව් වත්තට වී සතුටු සාමිච්චියේ යෙදී උන්හ.. චේතියට විටින් විට තම මව සිහිපත් වුවද කුස්සියට ගොස් ඇය පිළිබද සොයා බැලීමට නුසුදුසු හෙයින් ඔහු ඉවසා සිටියේය..


    “අශේනයා කිව්වට රෑ වෙනකල් ඉන්න බෑනෙ මචං.. අපි ගෙදර යං..”


    සවස තුන හතර පමණ වෙද්දී කලන විටින් විට පැවසිය.. නමුත් චේතියට නම් දැන්ම පිට වීමේ අවශ්‍යතාවක් නොවිණි..


    “එන තරමක් එන්නෙ ලක්සරි වාහනනෙ චේති..”


    ගේට්ටුවෙන් ඇතුළු වූ නවීන පන්නයේ මෝටර් රථයක් පෙන්වූ කලන චේතියගේ අවධානය එදෙසට යොමු කළේය.. එදෙස මොහොතක් බලා උන් චේතියට ඉන් බසිනා රුව දැක සිය දෑස් අදහා ගැනීමට නොහැකි විණි.. ඔහු පමණක් නොව රංග හා කලනද එදෙස බලා උන්නේ පුදුමයෙනි..


    “මොනවද බං මේ වෙන්නෙ..? මෙයා කොහෙද මෙහෙ..?”


    සේනාධීර සමූහ ව්‍යාපාරයේ අධිපති නලින්ද සේනාධීර සමග රියෙන් බැසි සම්මානි මොහොතක් වටපිට බැලුවේ චකිතයෙනි.. අනෙක් පස දොර හැරි ඇගේ මවද රියෙන් බැස ගත්තාය.. අලුත්ම විලාසිතාවේ දිගු ගවුමක් ඇද උන් සම්මානි සිය වරලස මුදා හැර තිබිණි.. ඉන් ඇගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනුණි.. ඇදුමේ වර්ණයද ඇගේ සමේ වර්ණයට මනාව ගැලපුණේය..


    “අයි කාන්ට් බ්ලීව් දිස්..”


    රංග වදනක් හෝ දෙඩුවද චේතියගේ මුව අගුල් වැටී ඇත්තා සේය.. ඔහු දෙමාපියන් සමග වලව්ව දෙසට පිය නගන සම්මානි දෙස ඇසිපිය නොහෙලා බලා උන්නේය..


    “එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ.. ඇතුගලලා සේනාධීරලා කියන්නෙ එක වල්ලෙ පොල්නෙ.. පොලිස් ලොක්කොයි ප්‍රාදේශිය සභාවෙ කට්ටියයි තව තදයොයි ආපු එකේ සේනාධීරලා නාවනං තමයි ප්‍රශ්ණෙ..”


    තරමක් වේලා කල්පනා කල චේතිය සිදුව ඇති දේ අනුමාන කළේය.. නමුත් සම්මානිද ඇතුළුව සේනාධීර පවුලම මෙම සාදයට පැමිණීමේ යම් රහසක් ඇතැයි කලනට සිතුණි..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    “අපෙත් වෙලාව නරක නෑ චේති.. ආපු එකෙ කෙල්ල හරි බලා ගත්තනේ.. බලපංකො ඒකිගෙ ලස්සන.. ජුහී චව්ලා වගේ..”

    රංග තත්වය සන්සුන් කිරීමේ අරමුණින් විහිළුවක් කර සිනාසුනේය.. නමුත් ඒ සැහැල්ලු මානසිකත්වය ඔවුන් වෙත පැමිණියේ තවත් අඩ හෝරාවක් යන තුරු පමණි.. අමුත්තන් සියළු දෙනා වලව්ව තුළට කැදවූ හාමු කියා සිටියේ චේතියගේ සිතට ගිනි අවුලන කතාවකි..


    “මං අද මේ උත්සවේ සංවිධානය කළේ විශේෂ අරමුණක් ඇතිව.. මං කැමතියි මගේ පුතා අශේන් ඇතුගලගෙ අනාගත සහකාරිය හෙවත් මගේ ලේලිව අද ඔයාලට අදුන්වලා දෙන්න..”


    තරමක කෙටි දේශනයක් අවසානයේ එසේ කී ඇතුගල මහතා සම්මානිගේ අතක් අල්ලා තමුන් ළගට කැදවා ගත්තේය.. අනික් අත රැදී පැවතියේ අශේනගේ උරහිස මතය..


    “මේ ඉන්න මිස් සම්මානි සේනාධීර තමයි මේ වලව්වෙ අනාගත හිමිකාරිය..”


    චේතියට දැනුණේ තම පපුවට කවුරුන් හෝ ගිනි තැබූ බවකි.. වදනින් ප්‍රකාශ නොකළාට තමා දුර සිට රස විදි ඒ සොදුරු රුවට තම සිත කොයි තරම් ආදරය කර ඇත්දැයි චේතියට වැටහුණේ දැන්ය.. ඔහු කලනගේ අත තද කර අල්වා සම්මානිගේ දෑස් දෙස බැලුවේය.. එහෙත් ඈ උන්නේ මුහුණ බිමට බර කරගෙන බැවින් ඔහු ඇයගේ නෙතු දුටුවේ නැත..


    “චේති.. එළියට යමු.. උඹලගෙ අම්මත් ඉන්නවා..”


    සාලයේ සතුටු සාමිච්චිය ඇසුණු ගුණවතීද මුළුතැන් ගෙයි සිට සාලයට කර පොවා බැලුවේ තමානේ අනාගත ළමාතැනීගේ මුහුණු පොඩ්ඩ දැක ගැනීමටය.. නමුත් ඈ තිගැස්සී ගියේ තම පුතු වැනිම වූ දරුවෙකු සාලයේ සිටිනු දැකීමෙනි.. එහෙත් ඒ චේතිය විය නොහැකි බව ඈ අනුමාන කලේ ඔහුගේ කොණ්ඩය හා ඇදුම් පැළදුම් නිසා පමණක්ම නොවේ.. මෙවන් උත්සවයක අමුත්තන් අතරේ ගැවසීමට චේතියට හැකියාවක් නොවූ බව ඈ දැන උන්නාය.. එසේම චේතිය වලව්වට පැමිණීමට අකමැති බවද ඇයට සිහිවිණි..


    “ආන්ටි අදුරගත්තද මංදා බං.. උඹ දිහා හොදට බැලුවා..”


    කලන කොතරම් දෑ කිව්වත් ඒවා චේතියගේ කණට වැටුණේ නැත.. ඔහු උන්නේ තෝන්තුවාවෙනි..


    “අ‍ශේනයට මේ ඉස්කෝලෙ යන කෙල්ලෙක්ව බන්දලා දෙන්න යන්නෙ සේනාධීරයට පිස්සු හැදිලද බං..?”


    චේතිය කල්පනා කරන්නෙ කුමක්දැයි දැන උන් රංග සම්මානිගේ පියාට බැන වැදුණේය..


    “වංසක්කාරකමයි සල්ලි එකතු උනාම අනිත් දේවල් ඒ තරම් වටින්නෙ නෑ රංග.. ඒ ෆැමිලි දෙක මැච් වෙනවා කියලා මහ උන්ට හිතෙන්න ඇති..”


    කලන තම අදහස් පළ කළේය.. ඒ කිසිවකට සවන් නොදුන් චේතිය දැන් නම් උන්නේ නිවසට යාමේ හදිසියෙනි..


    “මචං අරහෙන් ගුණවතී ආන්ටි.. අරහෙන් සම්මානි.. අනිත් පැත්තෙන් අරන මදාවි සෙට් එක.. මේකත් හරියට අර මරන තුනක් ඇති මිනිහා පැණී යෑය වගේ වැඩක්.. හොදම දේ දැන් මෙතනින් මාරු වෙන එක..”


    කලන එය රංගට පැවසුවේ චේතියට නෑසෙන සේය.. එයට එකග වූ රංග පුටුවෙන් නැගිට්ටේ පිටව යෑමේ අරමුණෙනි..


    “අශේන්.. අශේන්..”


    පිරිස අතරින් ඇසුණු සිගිති කට හඩකට අමුත්තන් සැවොම එකවර හැරී බැලුහ.. ඒ කටහඩ හුරු පුරුදු වූ චේතිය හැරී බැලුවේ තිගැස්සුණු නෙතිනි..


    “මචං.. චූටි..”


    චේතියට උන් හිටි තැන් පවා අමතකව ගියේය.. තම නැගණිය තනිවම මෙහි පැමණීම ඔහුට අදහාගත නොහැක්කක් විය..


    “උඹලගෙ නංගි කොහෙද මෙහේ..? අනික අශේන් හොයාගෙන..”


    කලනගේද ඇස් ගෙඩි දෙක පුදුමයෙන් විසල් වී තිබිණි.. චේතිය මේ මොහොතේ පෙනී උන්නේ ගුණවතීගේ පුතු ලෙස නොවන නිසා ඔහුට සිය නැගණිය ළගට යාමේ හැකියාවක්ද නොවිය.. ඔහුට කල හැකි වූයේ මේ සිද්ධිය බලා සිටීම පමණි..


    “ඔයා මාව නේද හොයන්නෙ..? ඇයි බේබි..?”


    රැස්ව සිටි අමුත්තන් අතරින් මිහිරාවි ළගට ළං වූ අශේන් දණහිස නමා ඇය ඉදිරිපිට පාත් වූවේය..


    “හැපි බර්ත් ඩේ..”


    ඈ සැනෙකින් අශේන්ගේ කම්මුලක් සිප ගත්තේ සෑම නෙත් මත සිනහවක් විසිරුවමිණි.. එහෙත් චේතිය.. අශේන්.. පමණක් නොව ඇතුගල හාමුද උන්නේ මේ කිසිවක් වටහාගත නොහැකි ලෙසය.. පරණ ඇදුමක් ඇද පැමිණි මේ පුංචි රුවැත්තිය කාගේ කවුදැයි සැවොම විපරම් කරද්දී ක්ෂණිකව පැමිණි හේතුහාමි ඇයව වඩාගෙන වලව්ව තුළට රැගෙන ගියේය..


    “උඹ නංගි ගැන කියලා තිබුණට මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ.. ඒත්.. උඹ කිව්වා නේද එයා ඇලිසා නැන්දලගෙ ගෙදර කියලා..?”


    ඒවාට පිළිතුරු දීම වෙනුවට චේතිය කළේ වලව්වට පිටතින් මුළුතැන් ගෙය දෙසට පා තැබීමය.. රංග හා කලනද ඔහු පිටපසින් ආවේ චේතිය යම් කලබලයක් ඇතිකර ගනීදැයි සිතුණු හෙයිනි..


    “ආං උඹලගෙ අම්මා නංගිව වඩාගෙන වත්ත පහළට දුවනවා..”


    චේතිය කුස්සියේ ජනේල් වලින් ඇතුළට එබෙද්දී කලන අඩිපාර දිගේ දිව යන ගුණවතී පෙන්වූයේය..


    “එහෙනං චූටි ඇවිත් තියෙන්නෙ අම්මට හොරෙන්.. ඒකයි අම්මා බයවෙන්න ඇත්තෙ..”


    තම නිවස පිහිටි ඉසව්වට හනි හනිකේ පල්ලම් බසින මව දෙස බලා චේතිය කීවේ පැටළිල සහගතවය..


    “අපි දැන් මොකද කරන්නෙ..? දැන්ම ගෙදර යමුද..?”


    රංග විමසුවේ නිවසට දුරකථන ඇමතුමක් දී වාහනය ගෙන්වා ගතයුතු නිසාය..


    “මට මේ විදියට එක පාරටම ගෙදර යන්න බෑ කලන.. අනික සම්මානි..?”


    ඔහු උන්නේ කිසිවක් සිතාගත නොහැකිවය..


    “දැන් කරුවලත් වැටීගෙන එනවනේ.. අපි තව පැය භාගයක් විතර ඉදලා මාරුවෙමු..”


    එසේ තීරණය කරගත් ඔවුන් නැවත්ත පෙර උන් මේසය කරා පැමිණ අසුන් ගත්හ.. ඔවුන් පැය කාලක් විනාඩි විස්සක් පමණ එසේ උන්නද කිසිවෙක් එකිනෙකා සමග කතා කළේ නැත.. සැදෑ අදුර හාත්පස වෙලා ගනිද්දී මිදුලේ තිබූ පාට පාට විදුලි බුබුළු වැල් අලංකාරව දැල්වෙන්නට විය.. වලව්ව තුළින් ඇසෙන වේග රිද්ම ගී හඩට ඇතමුන් රංගනයේ නිරත වූ අතර පැමිණෙන අමුත්තන් සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ ගියේය..


    “සම්මානි අශේන් එක්ක ඇතුළෙ කතාවක්.. තව මෙතන ඉන්න එක තේරුමක් නෑ චේති.. අපි යමු..”


    චේතිය බලෙන් නැගිට්ටුවාගත් රංග ඔවුන්ගේ වෑන් රිය පැමිණ ඇත්දැයි බලමින් ගේට්ටුව දෙසට පිය මැනිය.. ඒ අතර හඩාගෙන පැමිණි සම්මානී මිදුලේ නවතා තිබූ ඔවුන්ගේ මෝටර් රථයට නගිනවා චේතියගේ ඇස ගැටුණි.. ඔහු රංගගෙන් අත ගසා දමමින් ඒ දෙසට දිව යන්නට විය..


    “චේති.. පිස්සු නටන්න එපා.. මෙහෙ වරෙන්..”


    නමුත් ඔහු කලනගේ බසට අවනත වූයේ නැත.. සම්මානිලාගේ රථයේ පිටුපස දොර හැරගත් චේතිය ඇසිපිය හෙළන පමාවෙන් එයට නැගී දොර වසා ගත්තේය..


    දෙඅත්ල මත මුහුණ හොවා ඉකි ගසමින් උන් සම්මානි තම රථයට ගොඩ වූ නන්නාදුනන පුද්ගලයා දැක කෑ ගසන්නට සැරසුණා පමණි.. චේතිය ඇගේ මුව වසා සිය බොරු කොණ්ඩය හා කණ්නාඩි කූට්ටම ගලවා ගත්තේය.. ඔහුව හදුනාගත් සැනෙන් සම්මානී කලේ ඔහුගේ උරහිසේ හිස හොවා ගැනීමය..


    “මොකද උනේ සම්මානි..? ඇයි අඩන්නෙ..?”


    අශේන් ගැන විමසීමට චේතිය සිතා උන්නද ඇගේ කදුළු අභියස එවැන්නක් ඇසීම උචිත නොවේ යැයි ඔහුට සිතුණි..


    “අනේ චේතිය.. මට අශේන්ව බදින්න බෑ..”


    ඇගේ ඉකි බිදුමට ඒ කටහඩ පවා අපහැදිලිය.. නමුත් චේතිය ඒ වදන් හොදින් ග්‍රහණය කර ගත්තේය.. ඔහු අනවසරයෙන්ම ඇගේ කර වටා අතක් යවනා අතරතුර වටපිට බැලුවේ කවුරුන් හෝ මේ ඉසව්වට පැමිණේදැයි දැන ගැනීමටය..


    මේ අතරතුර රංග හා කලන වාහන නවතා තිබූ ඉසව්වේ එහා මෙහා සැරිසැරුවේ චේතියව හා සම්මානිව ආරක්ෂා කිරීමේ අරමුණෙනි..


    “රංග.. මං මේ කාර් එක හරියෙ ඉන්නම්.. උඹ ගිහින් බලලා වරෙන් අශේනයයි සේනාධීර කාරයයි කොහෙද කියලා.. උන් මේ පැත්තට ආවොත් මාර අවනඩුවක් වෙන්නෙ..”


    කළුවරේ නවතා තිබූ රිය තුළ ඉන්නා අයව පිටතට නොපෙණෙන බව සැක හැර දැනගත් රංග, කලනගේ උපදෙස් මත වලව්ව දෙසට පිය නැගිය.. ඔහු දිගු ආලින්දයට පිවිසියද එහි අශේන් පෙනෙන්නට නොවූ නිසා යළි පිටතට පැමිණියේය.. ඔහු ඉදිරිපස කාමරයේ ජනේලය අසලින් ගමන් ගනිද්දී අශේන්ගේ හා මිතුරන්ගේ කටහඩවල් ඒ තුළින් ඇසිණි.. වහා උස් කුළුණකට මුවා වූ රංග සිය ජංගම දුරකථනය අතට ගෙන එයට නෙත් යොමා ගත්තේ දුටුවන්ට සැක නොසිතෙන ආකාරයෙනි.. නමුත් ඔහුගේ දෙසවන් රැදී තිබුණේ කාමරය තුළ සිදුවන කතා බහටය..


    “ඒකි ඇඩවට මට අවුලක් නෑ බං.. දැන් කිරිල්ලි මගේ අතේ..”


    “එහෙනං අශේන් උම ගිහින් ඒකිව හොයාගනිං.. අපි දැන් අර වැඩේට සෙට් වෙන්නම්..”


    ඇතුළත උන් පිරිස යම් යම් දෑ ඉගි කර ගන්නා අයුරු දැනුණද රංගට එය වටහා ගැනීමට අපහසු විය..


    “දැන් කළුවරත් වැටිලා නිසා වත්ත පහළට ඇදගෙන ගියා නම් අතක් පයක් කඩලම දාන්න පුළුවන්.. උන් තුන්දෙනා තාම ගියේ නෑ කියලා උඹට ෂුවර් නේද..?”


    “උඹලට ගැහුවෙ ඒ කොන්ඩෙ ක්‍රේල් උස පොර නෙමෙයි කියලා උඹලට ෂුවර්ද..?”


    “නෑ බං.. ගහපු එකා ඊට වඩා වෙනස්.. ඒත් අනිත් ඩබලනම් එදා ඌ එක්ක හිටපු උන්ම තමයි..”


    රංගගේ ඇගේ රෝම කූප කෙළින් වූයේ ඇතුළේ යන කුමන්ත්‍රණය හරි හැටි වැටහුණු නිසාය.. එසේනම් තමන්ව හදුනාගෙන ඇත.. චේතියගේ වෙස් ගැන්වීම නිසා ඔහුව හදුනා නොගත්තද දැන් නම් තිදෙනාටම ගුටි කෑමට සිදුවන බව රංගට වැටහුණි..


    “මං උන්ට පොඩි බෝලයක් බස්සලා ආවෙ.. උන් ඒ නිසා ඉක්මනට යන එකක් නෑ..”


    අශේන් යනු චේතිය කීවා සේම බැටළු හම පොරවා වෘකයෙකි.. ඔහු බොරු සුහදත්වයක් පෑවේ ඇයිදැයි රංගට වැටහුණේ මේ මොහොතේය..


    “එහෙනං උඹම ගිහින් මොනව හරි කියලා උන්ව වත්ත පහළට අරන් වරෙන්.. අපි වැඩේ ඉතුරු හරිය ඉවරයක් කර ගන්නකම් උඹට බැරියෑ උඹේ රෝස කුමාරිව ෂේප් කරගන්න..”


    එසේනම් සම්මානි පසුපස මේ ඔත්තුකාරයින් යොදවන්නට ඇත්තේත් අශේන්ම විය යුතුය.. දැන් තවත් සිත සිතා ඉන්නට වෙලාවක් නැත.. කළයුතු වන්නේ මිතුරන් දෙදෙනාත් රැගෙන හැකි ඉක්මනින් මින් පලා යාමය.. ඔහු හනිකට රථ ගාල දෙසට දිව යන්නට විය..


    “මොකක්ද අවුල..? කවුරු හරි මේ පැත්තට එනවද..?”


    කලබලයෙන් දිව එනු රංග දුටු කලන විමසුවේය..


    “ලොකු අවුලක් මචං.. කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මනට අරූවත් අරගෙන මෙතනින් මාරුවෙමු..”


    කලන සම්මානිලාගේ රථයේ දොර හැර ඉක්මනින් චේතියව බිමට බස්සවා ගත්තේය..


    “සම්මානි සොරි වෙන්න ඕන.. අශේන් ඔයාව හොයනවා.. අපි සෙනසුරාදට ක්ලාස් එකේදි මීට් වෙමු..”


    රථයට එබුන රංග එසේ පවසා මිතුරන් දෙදෙනා සමග කඩිනමින් පාරට පිවිසියේය.. මේ කිසිවක් වටහාගත නොහැකි වූ චේතිය උන්නේ පුදුමයෙනි..


    “මොකද උනේ කියපං..”


    ඔහු රංග දෙසත් කලන දෙසත් මාරුවෙන් මාරුවට බලමින් විමසා සිටියේය..


    “අශේනයා සම්මානිව හොයාගෙන ආවා බං.. තව පොඩ්ඩෙන් අතේ මාට්ටු..”


    කලනට ඇසක් ඉගි කළ රංග චේතියගේ පැනයෙන් ලිස්සා ගියේය.. සිදුව ඇති දේ ඊට වඩා බරපතල බව කලනට ඉන් වැටහුණි.. නමුත් මේ මොහොතේ එය දැනගත නොහැකි නිසා ඔහු නිහඩව උන්නේය..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    07.png


    චේතිය එදින උදෑසන අවදි වූයේ තරමක් පමා වී නිසා ඔහුට පාසල් යෑමට නොහැකි වුණි.. ඔහු ඇදේ සිටම පෙරදා වූ සිද්ධිය යළි සිහිපත් කළේය..

    රංග සමග ඔහුගේ නිවසට ගොස් ඇදුම් මාරු කර තමා නිවසට ආවේ රාත්‍රී නවයට පමණ බව චේතියට මතක තිබිණි.. ඒ වන විට අම්මා පිල් කණ්ඩිය මත වාඩි වී පාර බලා උන් අතර සිය නැගණිය තද නින්දකට වටී සිටියාය.. තමා පමා වීමට හේතුව මව අසාවි යැයි බලා උන්නද ඈ කිසිවක් නෑසිම චේතියට තවත් ගැටළුවකි..

    “පුතේ.. තේ කහට එක නිවෙනවා.. මේක බීලා හිටියනං..”

    දොර රෙද්ද මෑත් කර කාමරයට එබුන මව කී දෑ අසා ඔහුගේ කල්පනාව බිදී වැටිණි.. ඊයෙ ප්‍රශ්ණය මග හැර උන්නද අද නම් ඇයට පිළිතුරු බැදීමට සිදු වේ යැයි චේතියගේ සිත කීවේය..

    “චූටි ඉස්කෝලෙ ගියාද අම්මා..?”

    ඔහු මවගේ සිත වෙනතකට යොමු කිරීමේ අටියෙන් ප්‍රශ්නයක් නැගුවේය..

    “රෑ ඩිංගක් උණ වගේ තිබුණා.. ඒ උනාට මං ඉස්කෝලෙ ගිහින් දැම්මා.. ගෙදර හිටියනං කෙල්ල තවත් ලෙඩ වෙනවා..”

    සරම බුරුල් කර යළි හැදගත් චේතිය ඇදේ ඉදගත්තේ මව සමග දිගු කතාවකට අර අදිමිනි..

    “ඊයෙ රංගලගෙ අහ ගිය නිසා ටිකක් රෑ උනා අම්මා.. අම්මලා වලව්වෙ පාටියට ගියාද..?”

    සූදානම් ශරීරය කොයි දේටත් හොදයැයි හැගුණ චේතිය මව කිසිවක් විමසීමට පෙර කියා දැම්මේය.. නමුත් තම පුතුගේ කතාව සියට සියක් විශ්වාස නොකළ ගුණවතී ඔහුව පිරික්සන ආකාරයේ බැල්මක් හෙලීය.. පෙරදා වලව්වේ උත්සවයට පැමිණ උන් කණ්නාඩි දැමූ උස තරුණයා චේතියදැයි යන සැකය ඇගේ සිතින් තවමත් තුරන් වූයේ නැත.. ඔහුට තිබූ රැලි කොණ්ඩය වැනිම බොරු කොණ්ඩයක් චේතිය ළග තිබෙනවා ඈ දැක තිබිණි.. එහෙයි ඇගේ සැකය තවත් වැඩි විය..

    “මොනවද අම්මෙ ඔය තරම් කල්පනා කරන්නෙ..?”

    චේතිය විමසුවේ තමාගේ පැණයට ඇගෙන් පිළිතුරක් නොලද හෙයිනි..

    “මුකුත් නෑ..”

    “අම්මා මගෙන් මොනවද හංගනවා..”

    ඔහු කීවේ මව තම නැගණිය ගැන යමක් සිතනවා කියාය..

    “ඉතිං පුතත් මට කරුණු කාරණා වහං කරනවනෙ..”

    ඇගේ කතාවට ඔහු තිගැස්සී ගියේ මවගෙන් එවැනි කතාවක් ඔහු අපේක්ෂා නොකල නිසාවෙනි..

    “මං අම්මට මොනව හංගන්නද අම්මෙ.. අම්මගෙ මනස්ගාත..”

    “හංගන්නෙ මොනවද කියලා මගේ පුතා දන්නවා ඇතිනේ.. උඹට මේ අම්මව විශ්වාස නැත්තං කාරි නෑ පුතේ..”

    ඈ චීත්තයේ කොණකින් තම දෑස් පිසදා ගත්තාය.. ඒ දුටු චේතිය ඇදෙන්බැස මව ළගට පැමිණ ඒ උරහිස් වල දෑත් රැදෙව්වේය..

    “මං කවදාවත් අම්මව රවට්ටන්න හිතුවෙ නෑ අම්මෙ.. මං මේ හැමදේම කරන්නෙ මේ නරා වලෙන් ගොඩ එන්න..”

    තමා මේ හැමදේම ලෙස හැදින්වූයේ මොනවාදැයි චේතිය මවට කීවේ නැතුවා සේම ගුණවතී තම පුතුගෙන් ඒ පිළිබදව ඇසුවේද නැත.. නමුත් මවට සියළු දේ කිව යුතුය යන සිතුවිල්ල මේ වන විට ඔහුට පහළ වී තිබිණි..

    “මං මූණ කට හොදං එන්නකො..”

    මවට කිව යුත්තේ මොනවාද දැන්ම නොකිව යුත්තේ මොනවාදැයි පෙළ ගැසිය යුතු නිසා චේතිය මොහොතකට ප්‍රශ්නය මග හැරියේය.. එහෙත් නැගණිය නිවසට පැමිණීමට පෙර මේ පිළිබදව සාකච්ඡා කල යුතු යැයි ඔහු තීරණය කර උන්නේය..

    චේතිය වත්ත පහළ ළිදට ගියේ නතාලි දුන් ජංගම දුරකථනය සගවා ගෙනය.. පෙරදා රංග සමග ගොස් සිම් කාඩ් පතක් මිලදී ගත් නිසා ඔහුට මේ වන විට ඇමතුම් ගැනීමේ හැකියාව තිබිණි.. ඔහු සිය අංකයෙන් පළමු ඇමතුම ලබාගත්තේද නතාලිටමය..

    “හෙලෝ.. නතාලි අක්කෙ.. මම චේතිය..”

    “මල්ලි.. ඔයා සිම් එකක් ගත්තද..? ඉතිං..”

    ඇගේ හඩ පුදුමයෙන් හා සතුටින් පිරී තිබිණි..

    “ඔයාට අද ලෙක්චර්ස් තියෙනවද අක්කෙ..? මට ඔයාව මීට් වෙන්න ඕනෙ..”

    “මට ලෙක්චර්ස් තියෙන්නෙ නං හවස.. උදේ වරුවෙ නං ෆ්‍රී.. මං කොහෙටද එන්න ඕන..”

    නතාලිගේ පිළිතුරෙන් චේතියට දැණුනේ සතුටකි..

    “එන්න ඕනෙ අපේ ගෙදරට..”

    “ගෙදරට..? ඇයි පුංචි නැද්ද..?”

    “ඉන්නවා අක්කෙ.. එයා එක්ක තමා කතාව තියෙන්නෙ.. සාක්කියට ඔයත් ඕනෙ..”

    ඔහු තරමක් බැරෑරුම්ව කියා දැම්මේය.. ඊයේ වලව්වේ උත්සවයේදී මොනවා හෝ සිදුවන්නට ඇතැයි නතාලිට ඉවෙන් මෙන් දැණුනි..

    “මං හොස්ටල් එකේ ඉන්නෙ මල්ලි.. ඔයාලගෙ දිහා එන්නනං ටිකක් පරක්කු වෙයි..”

    “ඒකට කමක් නෑ.. ඔයා ටවුන් එක කිට්ටුවට එද්දි මට රින්ග් එකක් දෙන්න.. මං පාරට එන්නම්..”

    වැඩි විස්තර පසුවට කල් තබා චේතිය කීවේය.. ඔහු ඇගපත සෝදා ඇදුමක් දා ගත්තේ හන්දියටත් යා යුතු වූ හන්දාය. රංග හා කලන පාසල් ගොස් තමන්ව සිහි කරනවා ඇතැයි චේතියට විටින් විට සිහිපත් විණි.. පාසල් යාමට නොහැකි වුවද දුරකථන ඇමතුමක් දී හෝ ඔවුන් සමග කතා බහ කිරීමට තරම් අවශ්‍යතාවයක් චේතියට දැනිණ.. නමුත් පාසල අවසන් වන වේලාව වන තුරු එයටද ඉවසා සිටිය යුතුය..

    “අම්මා උයන්න මොනවත් තියෙනවද..?”

    ඔහු මවගෙන් ඇසුවේ දහවල් කෑමට නතාලිද සිටින හන්දාය..

    “කීරමින් වගයක් තිබුණා.. ඒක තෙල් දාලා පරිප්පුවකුයි මැල්ලුමකුයි හදලා ගන්නම්..”

    ඈ සුපුරුදු ආහාර වට්ටෝරුව නම් කලේ කරවල පරිප්පු හැර කිසිවක් කුස්සිය අහලක නොවූ නිසාය.. එවන් ගැමි ආහාර වේලකට නතාලි වුව කැමති බව දන්නා හෙයින් චේතිය කිසිවක් කීවේ නැත..


    “මං ටිකක් පාරට ගිහින් එන්නම් අම්මා..”

    පැයකට පමණ පසු නතාලිගෙන් ඇමතුමක් ලැබුණ බැවින් චේතිය හනිකට පාරට බැස්සේය.. නිවසට පැමිණීමට පෙර නතාලිට ඊයේ සිදු වූ සිදුවීම සවිස්තරව පැවසීමට ඔහුට අවැසි වී තිබිණි..

    “පුංචි ඊට පස්සෙ ඊයෙ සිද්ධීය ගැන කතා කළේම නැද්ද..?”

    හන්දියේ සිට පයින් එන අතර තුර චේතියගේ කතාවට සවන් දුන් නතාලි විමසුවාය..

    “අම්මා මුකුත්ම නොකියා මට අහන්නත් බෑනෙ අක්කෙ.. මං එතන හිටියා කියලා එයාට කිව්වෙ නැති නිසා මම දන්නෙ කොහොමද බලයි..”

    “ඔයා එහෙ ගිය බව පුංචිට කියන්න මල්ලි.. අනික ඔයාට හැමදාමත් ඔය විදියට හොරෙන් යන්න බෑනෙ.. පුංචි ඕක ඉක්මනටම දැනගනී..”

    “මං අද ඒ ගැන කියනවා අක්කෙ.. අම්මගෙන් චූටිගෙ විස්තරේ අහගන්න ඕන ඊට පස්සෙ..”

    ඔවුන් දෙදෙනා කතාවෙන් කතාව නිවස අද්දරටම පැමිණියහ.. චේතිය සමග මිදුලට පා නගනා නතාලි දුටු ගුණවතී ඉදිරියට දිව ආවේ පුදුමයෙනි..

    “දූ.. කොහේදිද ඔයාට මල්ලිව මුණ ගැහුනෙ..?”

    චේතියට ඇය මුණ ගැසුණේ අහම්බෙන් යැයි සිතූ ගුණවතී ප්‍රශ්න කළාය..

    “ටවුන් එකේදි පුංචි.. ඉතිං.. චූටි ඉස්කෝලෙ ගිහින්ද..?”

    ඈ දෙපැත්තටම සරිලන පිළීතුරක් දුන්නේ චේතිය තවම ජංගම දුරකථනය ගැන කියා නොතිබූ බැවිනි..

    “කෙල්ලට ටිකක් උණ වගේ තිබුණා.. ඒත් ඉස්කෝලෙ නොයවා බැහැනෙ..”

    වටෙන් ගොඩින් විමසීමට පෙර ගුණවතී විසින්ම මාතෘකාවට පිවිසීම පිළීබද නතාලිට දැනුණේ සතුටකි.. ඈ ඉදිරිපස පුටුවකින් අසුන් ගෙන ගුණවතීවද ඒ අසලින් හිදුවා ගත්තාය..

    “චූටිට ආපහු ඒ අසනීපෙ හැදුනද..? ඇයි පුංචි.. අද මොනව හරි උනාද..?”

    ඈ අද යන්න බර කර විමසුවේ ඊයෙ යන්න කිව නොහැකි නිසාය..

    “අද නං මුකුත් උනේ නෑ.. ඉන්නකො.. තාම ආපු ගමන් නොවැ.. මං තේ කහට එකක් හදාන එන්නං..”

    ඈ නතාලිගේ හිස අතගාමින් නැගිට මුළුතැන් ගේ දෙසට ගමන් ගත්තාය..

    “පුංචි කියන එකක් නැති වෙයිද..?”

    නතාලි චේතියගෙන් විමසුවේ ගොළු බසිනි..

    “ට්‍රයි එකක් දීලා බලන්න.. බැරිම උනොත් මං කතාව පටන් ගන්නං..”

    ඔහුද පහත් හඩින් පිළිතුරු බැන්දේය..

    “මං අද හදිසියෙම ආපු එක පුංචිට සැක ඇති..”

    “බලමුකො..”

    ඉන් පසු ඔවුන් දෙදෙනා මොහොතක් යනතුරු විශ්ව විද්‍යාලය ගැන කතාබහක නියැලුනි.. ගුණවතී තේ පිළිගැන්වීමෙන් අනතුරුවද කිසිව් නොකියන බව හැගුණ නිසා චේතිය සිය කටහඩ අවදි කළේය..

    “මං.. මං මේ අම්මට කියන්න හිටියෙ..”

    චේතිය ඔවැනි කතාවකට එළඹෙන බව ඉවෙන් මෙන් දැන උන් ගුණවතී කුස්සියට යාමට ගොස් යළි හැරුණාය..

    “අම්මා මෙතනින් ඉදගන්නකො..”

    ඈ ඔහුට අවනත වූයේ අකමැත්තෙනි..

    “මං ඊයෙ ගල් කන්ද වලව්වට ගියා..”

    ඒ ඇසි මව පුදුම වෙතැයි සිතා උන්නද ගුණවතී අමුතුම ආකාරයේ සිනාවක් පෑවාය..

    “ඊයෙ උඹ එතන හිටියා කියලා මං දන්නවා.. නිකං නෙමෙයි.. බොරු කොණ්ඩෙකුත් දාගෙන..”

    ගුණවතීගේ කතාවට නතාලි ගල් ගැසුනාය.. නමුත් ඊයේ වූ සිදුවීම යළි සිහිපත් කරද්දී චේතිය එතරම් පුදුම නොවුනි.. ඇතුගල මහතා සම්මානිව හදුන්වා දුන් වේලේ තම මවද එතනට පැමිණි බව කලන කීවා ඔහුට මතකය..

    “මං එහෙම ගියේ වලව්වෙ අය මාව අදුරගනී කියලා සැක හිතුන නිසා..”

    “ඔයා කොහොමද මල්ලි ඒ පාටියට ගියේ..?”

    නතාලි කිසිත් නොදන්නා විලස විමසුවේ චේතියට කරුණු පැහැදිලි කිරීමට පහසු වන්නටය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    “හාමු මහත්තයා අපේ බාල දක්ෂ ටීම් එකට ඉන්විටේෂන් එවලා තිබුණා.. ඒකයි අපි තුන්දෙනා එහෙ ගියේ..”

    “උඹ වලව්වට කැමති නැති එකා වෙච්චි.. ඉතිං උඹ අහවල් එහෙකටද එහේ රිංගුවෙ..? අනික මටත් නොකියා..”

    මව කිසි දිනෙක තමාට මෙසේ තදින් කතා කරනු චේතිය අසා නැත.. එනිසා ඔහු පුදුම වී බැලීය..

    “වලව්වට ළගම ඉන්න කෙනා මං නිසා මහින්ද සර් මටත් යන්න කිව්වෙ.. කොහොමටත් ඒක මහ ගුප්ත තැනක්..”

    ඒ බොරුව කීවේ ගුණවතීගෙ මුහුණ මගහරිමිණි..

    “ඒවයින් කාරි නෑ.. උඹ ආපහු ඒ පැත්තෙ යන්න ඕනෙ නෑ..”

    “අම්මා ඒකට හේතුව කියනවානං මං නොගිහින් ඉන්නං..”

    “උඹ බොරුවක් කලා කියලා දැන ගත්තොත් හාමු මහත්තයා උඹට නපුරක් කරයි මගෙ පුතේ..”

    ඈ කීවේ පිණ්සෙන්ඩු වෙමිනි.. එයට චේතියගේ තරහව ඉහ වහා ගියේය..

    “එහෙනං ඉතිං මේ එයාට ගිය රටනේ..”

    චේතිය කීවේ තරමක උස් හඩිනි.. ඒ දුටු නතාලි ඔහුට සන්සුන් වන ලෙස අතින් සන් කළාය..

    “අපිට කලු ගල් වල ඔළුව ගහ ගන්න බෑ පුතේ.. ඒ ඇත්තො කවුද..? අපි කවුද..?”

    මව වලව්වේ උදවියට මෙතරම් බය ඇයිදැයි චේතියට වැටහුණේ නැත.. ඔහු වලව්වටම ගොස් යටගියාව අගිස්සන්නට තීරණය කළේ එහෙයිනි..

    “හරි.. අපි දැනට ඒ කතාව පැත්තක තියමුකො.. අපේ චූටිගෙයි වලව්වෙයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද..?”

    චේතියගේ පැනයට ගුණවතීගේ මුහුණ යකෙක් දුටු කලක මෙන් සුදුමැලි වී ගියේය.. ඇයට වචන පවා අමතක විණි..

    “පුංචි ඇත්ත කියන්න.. මටත් ඒ ගැන දැන ගන්න ආසයි.. ඇයි පුංචි චූටිව වලව්වට ගෙනියන්නෙ නැතුව හංගලා වගේ තියන් ඉන්නෙ..?”

    චේතියට පිළීතුරක් නොදුන්නද ඈ තමාට යමක් කියතැයි යන විශ්වාසය නතාලි තුළ තිබිණි..

    “කෙල්ල පුංචි කාලෙ ඉදලම අනිත් ළමයින්ට වඩා හරි වෙනස් පුතේ.. එයාගෙ කතාබහ.. ඇවිදීම උනත් හරි ඉක්මන්.. අනික.. කෙල්ල කතා කරන්න ගත්ත දවස් වල ඉදලම වැඩිපුර කිව්වෙ වලව්ව ගැන..”

    තවත් මේවා වසාලිය නොහැකි බව වැටහුණ ගුණවතී නතාලි හා චේතිය ඉදිරිපිට මෙය පැවසීමට තීරණය කළාය..

    “මං එයාව පුංචි සන්ධියෙ උනත් වලව්වට ගෙනිච්චෙ ඉදලා හිටලා.. ඒ ගියපු දවසක තමයි මෙහා හාමු මහත්තයගෙ මූණට කෙල ගහපු සිද්ධිය උනේ.. එදා මං හොදම බය උනා.. කෙල්ල වලව්ව ගැන දොඩෝන එකට වඩා මං බය උනේ හාමු මහත්තයා මේ පොඩි එකීගෙන් පළි ගනී කියලා.. ඒත් එහෙම උනේ නෑ.. කොයිකටත් කියලා මං එදයින් පස්සෙ කෙල්ලව වලව්ව පැත්තටවත් අරන් ගියේ නෑ.. මං ඒකීව ඇලිසගෙ අහට හුරු කලා..”

    ඈ මොහොතක් කතාව අතරමැද නවතා කල්පනා කළාය.. ඒ අතර නතාලි, හාමු මහතාගේ මුහුණට චූටි කෙල ගැසූ සිද්ධිය චේතියගෙන් අසා දැන ගතී..

    “වලව්වට යන එක අඩු කලාට පස්සෙ කෙල්ල වලව්ව ගැන කියවන එක තරමක් අඩු කලා.. ඒත් ඉදලා හිටලා එයා මහා පුදුම දේවල් කියනවා.. ඊට පස්සෙ හිතලා හිතලා උණ හැදෙනවා..”

    “මොනවද පුංචි පුදුම දේවල් කිව්වෙ..?”

    “කෙල්ල කියවන්නෙම ළමාතැනීගෙ විස්තර.. දවසක් එයාගෙ උපන් දිනේට ලේස් ගවුමක් මහලා දෙන්න කිව්වා.. මට බය හිතුනා පුතේ..”

    ඈ කීවේ චේතිය දෙස බලා ගෙනය.. ඔහු පුදුම වී උන්නේ තමා නිවසේ උන්නද මෙතරම් දෑ නොදැන උන් නිසාය..

    “ඇයි ඒ..?”

    ඒ පැනය නතාලිගෙනි..

    “ළමාතැනි හැමදාම වගේ ඇන්දෙ ලේස් ගවුම්..”

    නතාලි ගැඹුරු කල්පනාවකට පිවිසියේ මෙය දිගින් දිගටම පැටලිලි සහගත වන බැවිනි..

    “අනික ඒ ඇත්ති කොණ්ඩෙ බැන්දෙ පාට පාට රිබන් පටි වලින්.. අපේ කෙල්ලත් එළියට බැස්සොත් රිබන් පටි ඉල්ලලා බේරුමක් නෑ..”

    නැගණිය සතුව පාට පාට රිබන් පටි එකතුවක් ඇති බව චේතියටද සිහිපත් විණි..

    “අම්මා අශේන්ගෙ බර්ත්ඩේ එක ගැන චූටිට කිව්වද..? නැත්තං චූටි ඉන්න තැන ඇලිසා නැන්දා එක්කවත් කතා උනාද..?”

    චූටි අශේන්ගේ උපන්දිනය ගැන තමා සමග පැවසූ අයුරු සිහිපත් වූ චේතිය මවගෙන් විමසුවාය..

    “නෑ පුතේ.. මං කටේ කෙල බිදක් හෙලුවෙ නෑ.. මං ඇලිසටත් කියලා තියෙන්නෙ අපේ කෙල්ල ඉන්න තැන වලව්ව ගැන කතා වෙන්න එපා කියලා..”

    “එතකොට එයා කොහොමද ඒක දැනගත්තෙ..?”

    “මට තියෙන පුදුමෙ ඒක තමයි.. මේ ළමයා ඊයෙ තනි පංගලමෙ වලව්වට ඇවිත් තියෙන්නෙ ඇලිසටත් හොරෙන්නෙ..”

    “එතකොට ඇලිසා නැන්දා දැකලා නැද්ද චූටි එනවා..?”

    “නෑ.. මං එද්දිත් එයාලා අපේ ගේ දිහාවෙ චූටිව හොයනවා..”

    මව දිනපතා මේ සුවිසල් වත්ත හරහා ගල් කන්ද වලව්වට ගියද මතක ඇති කලකින් එහි නොගිය තම සිගිති නැගණිය අදුර වැටෙනා වෙලේ තනිව වලව්වට යාම සිතා ගත නොහැකි තරම්ය..

    “චූටි ඊයෙ අශේන්ගෙ මූණ ඉම්ඹ වෙලේ අම්මට මොකද හිතුණෙ..?”

    ඔහු විමසුවේ අඩ සිනහවක් මුව රදවාගෙනය.. තමා දැන් සිනාසුනද ඒ මොහොතේ තමා කොතරම් කැළඹී උන්නේදැයි චේතියට යළි සිහිපත් විනි..

    “මට උන් හිටි තැන් අමතක උනා දරුවො.. ඒකයි මං හේතුහාමිට කියලා විගහින් දරුවා ගෙන්න ගත්තෙ..”

    “චූටි නංගි මෙහෙම හැසිරෙන්න හේතුව මොකක් කියලද පුංචි හිතන්නෙ..?”

    ගුණවතීගේ මතය කුමක්දැයි විමසුවද නතාලිනම් මේ වන විට යම් නිගමනයකට එළඹී උන්නාය..

    “අපේ කෙල්ලට ළමා තැනීගේ දිෂ්ටිය වැටෙනවද කොහෙද..? ඒකනේ විටින් විට ඔහොම ලෙඩ වෙන්නෙ..”

    ඇගේ මානසික මට්ටම අනුව එය සිතා බැලිය හැකි මට්ටමේ තිබුණි.. නමුත් එයට පරස්පර කරුණු රාශියක්ද නතාලිට සිහිපත් විය..

    “හරි.. අම්මා කියන දේ ඇත්ත කියලා අපි හිතමුකො.. එතකොට අපේ චූටි කොහොමද ළමා තැනීගෙ හැඩරුව ගත්තෙ..? එයාගෙ මූණ.. කොණ්ඩෙ.. පාට.. මේ හැමදේම ළමා තැනීගෙ වගේනෙ..”

    තමාට වටහාගත නොහැකි වූයෙත් එයම නොවේදැයි ගුණවතී සිහපත් කළාය..

    “ඒත් පුංචි.. චූටි නංගිට තියෙන්නෙ දිෂ්ටියක්.. ආවේශයක් වගේ දෙයක් නමං ඒකට මුහුණුවර සම්බන්ධ වෙන්න විදියක් නෑ.. අනික මං අහලා තියෙන විදියට මැරුණ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කෙනෙක්ට වැහුණම එයා කතා කරන්නෙ අර මැරුණ කෙනාගෙ කටහඩින්..”

    “අපේ කෙල්ලගෙ එහෙම වෙනසක් නෑ පුතේ..”

    “ඒක තමයි මං කියන්නෙ.. මේක දිෂ්ටියක් නෙමෙයි..”

    නතාලි පැවසුවේ සියට සියක්ම නැත්ත සියට අනූවක තරමේ විශ්වාසයකිනි..

    “අපේ චූටි කලින් ආත්මෙක අශේනගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද දන්නෙ නෑ.. නැත්තං එයාගෙ උපන් දිනේ මතක තියාගනෙ ඉදලා එදාටම ගිහින් මූණ ඉඹීයෑ..”

    චේතිය එය කීවේ හිතා මතා නොවේ.. එය ඔහුගේ මුවින් ඉබේටම පිටවුණි.. නමුත් ඒ ඇසුණු නතාලිගෙ ඇස් දීප්තිමත් විය..

    “අන්න මල්ලි ඔයා පොයින්ට් එකට ආවා..”

    ඈ කීවේ සිය දකුණතේ ඇගිලි තුනක් එකිනෙක තෙරපා ශබ්දයක් පිට කරමිනි..

    “ඒ කිව්වෙ..?”

    “මට හිතෙන හැටියට මේක පෙර බවය පිළිබද සිද්ධීයක්..”

    “මට තේරෙන්නෙ නෑ දරුවො..”

    ගුණවතී සැබැවින්ම පටලැවී උන්නාය..

    “මේකයි පුංචි.. මමත් පහුගිය ටිකේ මේ සිද්ධිය ගැන ස්ටඩි කලා.. මට දැනෙන විදියට ළමාතැනීගෙ යළි ඉපදීම තමයි අපේ චූටි නංගි.. ඒ කියන්නෙ පුනරුත්පත්තිය..”

    “නියමයි නතාලි අක්කෙ.. මටත් ඕකම හිතුනා..”

    චේතිය කීවේ පෙරේදා පාන්දර එක දෙක පමණ වන තුරු කල්පනා කර ගොඩ නගාගත් අනුමානයක් පිළිබදවය..

    “සයිකොලොජි වලට උගන්වන තවත් එක් පැත්තක් තමයි ඔය පුනර්භාවය කියන්නෙ.. මං අපේ සයිකො කරන යාළුවෙක්ගෙන් ඔය පොත් වගයක් ඉල්ලගෙන කියවලා බැලුවා.. ඒවා මාර ඉස්ටරස්ටින්..”

    චේතිය දෙසට නෙත් යොමා නතාලි කීවේ බොහෝ උනන්දුවෙනි..

    “ඕවා බොරු මනස්ගාත දරුවො.. ඒ වගේ රජ මැදුරක උනන් ඒ ඇත්ති මේ වගේ දුප්පත් පැලකට එන්නෙ අහවල් එහෙකටද..?”

    සිය ඥාති දියණියගේ කතාව ගුණවතී බැහැර කළේ එසේ කියමිනි..

    “පුනරුත්පත්තියට ඕවා අදාල නෑ පුංචි.. රජ මැදුරු වල අය මැරිලා පැල්පත් වල ඉපදෙනවා.. පැල්පත් වල අය මැරිලා රජ මැදුරු වලත් ඉපදෙනවා.. ඒකෙදි ඔය මිල මුදල් සැප සම්පත් කියන දේවල් වටින්නෙ නෑ.. කර්ම ශක්තිය වගේම කලින් ආත්ම වල තිබුණ බැදීම් නිසයි එහෙම වෙන්නෙ..”

    නතාලිගෙ පැහැදිලි කිරීම චේතියට වැටහුණද එය ගුණවතීට නම් එතරම් වැටහුණේ නැත..

    “කර්ම ශක්තිය ගැන කිව්වට ළමාතැනී පැලක ඉපදෙන්න තරම් පව් කරපු කෙනෙක් නෙමෙයි.. ඒ කාලෙ ඒ ඇත්ති කළේම දාන මාන දීපු එක..”

    “ඒක තමයි මං කිව්වෙ.. මෙතනදි අපට ගන්න පුළුවන් පෙර භවයේ බැදීම කියන දේ.. ළමාතැනී මැරෙන මොහොතෙ එයාගෙ හිත තිබුණෙ ඔයාලා ළග.. ඉතිං මේ ගෙදර දරුවෙක් වෙලා ප්‍රතිසන්ධිය ලබන්නත් ඒ හැගීම බලපෑවා වෙන්න පුළුවන්..”

    “අනේ මන් දන්නෑ ඕවා.. හිටිං පුතේ බත් ඩිංගක් කාලා යන්න..”

    ගුණවතී කතාව මග හැරියේ ප්‍රතිසන්ධිය හෝ පුනර්භාවය යන කරුණු කාරනා ගැන දැනීමක් නොතිබූ හන්දාය..

    “පුංචිට මේවා විකාර වගේ තේරෙනවා ඇති මල්ලි.. ඒත් මං මේවා කියන්නෙ ලොකු විශ්වාසෙකින්.. මට හිතෙන විදියට වෙලා තියෙන්නෙ ඒක.. ඔයා කොහොමවත් තව ටිකක් හොයලා බලන්න.. පුළුවන් තරම් චූටිව නිරීක්ෂණය කරන්න.. අපිට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් වෙයි..”

    “මට තේරෙනවා අක්කෙ.. මමත් ඉස්කෝලෙ පුස්තකාලෙන් සෑහෙන මනෝ විද්‍යාව.. පුනර්භවය.. ගැන පොත් කියවලා තියෙනවා.. එහෙම ඉපදෙන අය සමහර වෙලාවල් වලට පෙර භවයෙ එක්කෙනාගෙ රූප කාය ගන්නවා කියලා ඒවයෙ තිබුණා මටත් මතකයි..”

    “මං කිව්වට විශ්වාස කරන්න එපා මල්ලි.. අපි තව ටිකක් මේ ගැන හොයමු..”


    කතාව තාවකාලිකව නතර කල ඔවුහු දිහා ආහාරය භුක්ති වින්දහ.. කටට රසට යමක් සෑදීමට නොහැකි වීම පිළීබදව ගුණවතී පසු තැවුණද එම ආහාර වේල නතාලිට නම් ඉහටත් උඩින් සෑහුණි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    08.png


    නතාලිගෙන් ලැබුණු ජංගම දුරකථනය තම මවට පෙන්වූ චේතිය ඉන්පසු එය එළිපිටම පාවිච්චි කළේය.. ඇතැම් විට ඔහු නැගණියගේ කතා එහි පටිගත කිරීමටද අමතක කළේ නැත.. රංග, කලන හා චේතියගේ සම්බන්ධය තව වැඩි දියුනු කිරීමටද එය මහත් රුකුලක් වුනි..

    “උඹටත් දැන් එහෙනං හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා.. ආ.. එහෙනං දැන් සම්මානි එක්ක මල් කඩන්නත් බැරියෑ..”

    මිතුරා දුරකථනය අත දරා බස් නැවතුමට එනු දුටු කලන ඔහුට විහිළුවක් කළේය..

    “සම්මානි එක්ක මල් කඩන්න එකෙක් සේනාධීරයා හොයාල දුන්නනේ..”

    චේතිය කීවේ තරහිනි..

    “ඒ හොයලා දුන්නෙ සේනාධීරයනේ බං.. ඒක සම්මානි හොයාගත්තු එකක් නෙමෙයිනෙ..”

    කලන එය කීවේ සිය මිතුරාගේ සිත හැදීමටය..

    “ඒත් සම්මානිට කරන්න වෙන්නෙ ඒකම තමයි.. ඇතුගලයත් වැඩේට උඩින්ම කැමතියිනෙ..”

    “එහෙනං මගුලටද එදා ඒකි උඹට තුරුල් වෙලා අඩ අඩා හිටියෙ..”

    එම සොදුරු විනාඩි කිහිපය චේතියට සිහිපත් වුනි. ආදරය ගැන තියා සාමාන්‍ය යෙහෙළියක ලෙසවත් ඇසුරු නොකල සම්මානි තමාට ළංව ඉකි ගැසූ හැටි ඔහුට තවම සිහිනයක් සේය..

    “ඔන්න.. ඔන්න.. ඒ පාර උඹත් හොට්ට පෙරන්න තියාගත්තා.. අන්න බස් එක..”

    ඈතින් එන බසය දුටු කලන ඊට අත දමා හනික නැග ගත්තේය.. රංග ඔහු ළගින්ම අසුන් ගත්තද චේතියට අසුනක් ලැබුණේ පසුපසිනි..

    “මචං එදා සීන් එක චේතියට නොකියා ඉන්න හොද නෑ.. උගේ ආත්මාරක්ෂාවට හරි ඌ ඒක දැනගෙන ඉන්න එක හොදයි නේද..?”

    එදා වලව්වේදී ඔවුන් පැන ආ සිද්ධිය මෙතෙක් චේතියට වසන් කල රංග හා කලන එය ඔහුට කීමට තීරණය කළහ.. ඔහු එය නොදැන උනහොත් ඔහුට ලොකු අනතුරකට මුහුණ පෑමට සිදුවන බව සහතිකය..

    “අශේනයගෙ සෙට් එක ඕක අතාරියි කියලනං හිතන්න බෑ තමයි.. අපි පුළුවන් තරම් චේතියව තනි නොකර ඌ එක්කම ඉන්න බලමු..”

    කලනද එය අනුමත කළේ එය චේතියගේ ජීවිතයට පවා තර්ජනයක් බව දැන උන් හෙයිනි..

    “අශේනයා අපේ ඔළුව අතගාලා ටොක්ක අනින්න හැදුවට ඌටත් රිටන් එක දෙන්න ඕනෙ.. අපි කොහොම හරි සම්මානිව චේතියට සෙට් කරමු.. අපේ එකාට සල්ලි විතරනේ බං අඩු.. නැත්තං ඌ අපිටත් වඩා හැන්ඩියනේ..”

    දෙමිතුරෝ චේතිය ගැන කතා වෙවී පැමිණෙන අතර තුර චේතිය පෙරදා නතාලි කී දෑ ඔවුන් දෙදෙනාට කීමේ නොඉවසිල්ලෙන් පසු උනි.. ඊටත් වඩා සම්මානිව මුණගැසී අශේන් ගැන කතා බහ කිරීමටද ඔහුට අවැසි වී තිබිණි..

    “චේති.. අපි ක්ලාස් එක ළගට ත්‍රීවිලර් එකක යමුද..?”

    බසයෙන් බැසි රංග කී කතාවට චේතිය පුදුමයෙන් මෙන් සිය ඔරලෝසුව දෙස බැලීය..

    “මෙච්චර වෙලා තියෙද්දි මොකටත ත්‍රීවිල්.. මේක අපි හැමදාම යන පාරනේ.. ඔන්න ඔහේ පයින් යමු..”

    මිතුරන් වද වෙන්නේ කුමක් ගැනදැයි චේතියට ඉවෙන් මෙන් වැටහුණි.. නැත.. බය වෙන්නට කාරණාවක් නොවේ.. මෙම පාර තමාට හොදට හුරු පුරුදුය.. මග දෙපස කඩ සාප්පු.. පාරේ ගමන් ගන්නා සිසුන්.. සැමදෙනා තමාගේ පැත්තටය.. එහෙයින් ඔහු දැඩි ආත්ම විශ්වාසයකින් මිතුරන් දෙසට හැරුණි..

    “උඹලා කියන්න හදන්නෙ මොකක්ද කියලා මට තෙරෙනවා.. මේ චේති ඉන්න කල් බයවෙන්න එපා බං.. මං බ්ලැක් බෙල්ට් ගත්තෙ ගමේ ඉස්කෝලෙ යන කාලෙදිමයි කියලා උඹලට අමතක උනාද..?”

    “අපිට බය අපි ගැන නෙමෙයි යකෝ.. උඹ ගැන.. උන් විශේෂයෙන්ම රිටන් එක දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ උඹට..”

    චේතියව බලෙන් මෙන් ත්‍රීරෝද රථයකට දමා ගත් රංග පංතියෙන් බැස ගත් පසු ත්‍රීරෝද රථ රියදුරාට පංතිය ඇරෙන වේලාවටත් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය..

    “ඇයි මල්ලි.. මොකක් හරි ලෙඩක් දාගත්තද..?”

    නිතර හන්දියේ දැක පුරුදු එම ත්‍රීවිල් රියදුරා විමසුවේ සුහද ලෙසිනි..

    “එහෙම දෙයක් නෙමෙයි අයියා..”

    එකවර කිසිවක් කිව නොහැකි නිසා කලන සැහැල්ලුවෙන් ප්‍රශ්නය මග හැරියේය..

    “මේ වැයික්කිය අපේ මල්ලි.. පිට උන්ට මෙහේ චන්ඩිකං දාන්න දෙන්න බෑ.. අවුලක් උනොත් මට කෝල් කරන්න.. මං රත්නෙ..”

    ඔහු නැවත ඉගිල යාමට මත්තෙන් දුරකථන අංකය ලියූ කොල කැබැල්ලක් කලනගේ අත තැබීමට අමතක කලේ නැත..

    මැරවරයන් තිදෙනාගේ කතාව රංග චේතියට කීවේ ඔවුන් ආරක්ෂාකාරී ලෙස පංතියට ඇතුල් වූවට පසුවය.. මිතුරන් මේ තරම්ම බියපත් වූයේ ඇයිදැයි චේතියට වුව වැටහුණේ ඉන් අනතුරුවය..

    “මං උඹලට එදා කිව්වෙ නැද්ද අශේනයා ගැන.. ඌ ඔහොම හිටියට ලෝක අංකූරා..”

    “එහෙනං ඉතිං අර සම්මානිට දෙයියන්ගෙම පිහිටයි..”

    කලන කීවේ සම්මානි පැමිණ ඇත්දැයි කියා විපරමින් බලමිණි..

    “කෙල්ල තාම නෑ බං.. මටත් තියෙන බය ඒකමයි..”

    ඔහුගේ සිතැගි වටහාගත්තාක් මෙන් චේතිය කීවේය.. තමා මෙතෙක් සම්මානිට ළං නොවූයේ තම දුප්පත්කම නිසා වුවද සම්මානි කොන්දේසි විරහිතව තමාව විශ්වාසයට ගෙන තිබීම චේතියගේ උනන්දුව වඩවා තිබිණි.. එනිසා ඈ වෙනුවෙන් අවසන් මොහොත දක්වා අශේන් සමග සටන් කිරීමට ඔහු අදිටන් කර ගත්තේය..

    “උඹ දවස් දෙකක් පිට පිට ඉස්කෝලෙ නාව එක ගැන මහින්ද සර්ත් ඇහුවා චේති.. ඇත්තටම මොකද උනේ..?”

    පංතිය පටන් ගැනීමට තවමත් කල් වේලා තිබූ නිසා නිවසේ වූ කතා බහ මිතුරන්ට පැවසීමට චේතිය අදහස් කළේය..

    “පෙරේදා නතාලි අක්කා ආවා බං.. අපේ චූටිගෙ කේස් එක ගැන සෑහෙන දුරට කතා උනා..”

    එසේ කී ඔහු එදින සාකච්ඡාව ඔහුට කිය හැකි උපරිමයෙන් මිතුරන්ට විස්තර කර පැවසීය.. නතාලි කී පුනර්භව කතාව අසා රංගගේ දෙනෙත් පුදුමයෙන් විසල් විණි..

    “ඒක හරි පුදුම කතාවක්නෙ.. එතකොට නතාලි අක්කා කියන්නෙ උඹේ නංගි විදියට ඉපදිලා තියෙන්නෙ අශේන්ගෙ අම්මා කියලද..?”

    රංග ඇසුවේ සමච්චල් සහගත සිනාවක් පාමිනි..

    “එහෙම කියන්න එපා රංග.. මූට නොකිව්වට මටත් කල්පනා කරගෙන යද්දි ඕකම හිතුනා.. උඹලා දන්නවනේ මං ඉස්සර ඉදලම පොත් කියවන්න කැමතියි කියලා.. ඔය පුනරුත්පත්තිය කියන්නෙ මගේ ෆේවරිට් ෆිල්ඩ් එකක්.. ඒ පොත්වල තියෙන දේවල් මුගේ නංගිගෙ කතාවට සෑහෙන දුරට ටැලි උනා..”

    චේතිය පුදුම වූයේ තමා.. නතාලි අක්කා.. පමණක් නොව කලනද එකම නිගමනයකට එළඹ මෙතෙක් කල් ඒවා සිත්හි සගවාගෙන ඉදීම පිළීබදවය..

    “අපි කතා උනාට තාම බැරි උනානේ පන්සල පැත්තෙ ගිහින් එන්න. අපි අද හෙටම ගිහින් හේමවංශ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කරමු.. උන් වහන්සෙ තමයි ඕකට හරියනම කෙනා..”

    චේතියගේ කතාව කලන අනුමත කලද එය එක්වර පිළිගැනීමට මැලි වූ රංග විකල්පයක් ඉදිරිපත් කළේ ඒ තුළින් නිවැරදි තීරණයකට එළඹිය හැකි හෙයිනි..

    “මමත් ඔය ගැන හිතුවා චේති.. හේමවංශ හාමුදුරුවො කියන්නෙ තනිකරම විශ්ව කෝෂයක්නෙ.. එයා ඔය ෆිල්ඩ් එක ගැන අපි නොදන්න දේවලුත් කියලා දෙයි.. ඕනෙමනං අපිට ලොකු හාමුදුරුවො එක්ක උනත් කතා කරන්න බැරියෑ..”

    කලනද රංගගේ කතාව අනුමත කලේ මෙම ප්‍රශ්නය සාකච්ඡා කල හැකි හොදම තැනැත්තා පන්සලේ පොඩි හාමුදුරුවන් බව වැටහුණු නිසාය.. පුංචි කාලයේ දහම් පාසල් යන අවධියේ පටන් ගමේ පන්සල සමග ඔවුනට තිබුණේ ඉතා හොද සම්බන්ධයකි.. ඔවුන් වයසින් වැඩෙත්ම ලොකු හාමුදුරුවන් ඌ සීලරතන හාමුදුරුවන්ට වඩා හේමවංශ හාමුදුරුවන්ට නිතැතින්ම ළං වුනි.. පන්සලේ ඕනෑම විශේෂ වැඩකට ඔවුන් තමන්ගේ සම්පුර්ණ දායකත්වය ලබා දුන්නේ මෙම බැදීම නිසාය.. නමුත් මෑත කාලයේ ඔවුනට පන්සල පැත්තේ යාමට තරම් කල් වේලාවක් නොලැබුණි..

    “මොකද කියන්නෙ.. අනිද්දා හවස් වරුවෙ පන්සල පැත්තෙ ගිහින් එමුද..? එදාට පංතිත් නෑනෙ..”

    චේතියගේ යෝජනාවට දෙදෙනාම එකග වූයේ දෙවරක් නොසිතමිනි..

    “අද සම්මානි එන පාටක් නෑ වගේ.. එනවනං කෙල්ල මේ වෙද්දි ඇවිත්..”

    පන්තිය පටන් ගැනීමට ගුරුතුමා වේදිකාවටත් නැගුණ පසු රංග කීවේය.. ඒ ඇසි චේතියගේ මුහුණ මැලවුනි..

    පංතිය අවසන්ව ඔවුන් පිටත්ව යාමට සැරසෙද්දී සම්මානිගේ මිතුරියක් කලබලයෙන් මෙන් චේතිය වෙත දිව ආවේය..

    “චේතිය.. සම්මානි මේ නම්බර් එක ඔයාට දෙන්න කිව්වා.. පුළුවන් නම් රෑ දහයෙන් පස්සෙ ඕකට කෝල් එකක් ගන්න කියලත් කිව්වා..”

    තවත් යමක් කීමට පමා නොවූ ඈ ඔවුන් ළගින් නික්ම ගියේ පැමිණියාටත් වඩා වේගයෙනි..

    “ෂුහ්.. බලපංකො.. ඒකි නිකං නියුරෝනයක් වගේනේ..”

    ඈ ගිය ගමට නෙත් යැවූ කලන ඇසක් ඉගිකර කීවේය..

    “මොකක්ද මචං නියුරෝනයක් කියන්නෙ..?”

    චේතිය අත තිබූ එම දුරකථන අංකයට එබෙන අතරතුර රංග විමසිය..

    “මෙච්චර කල් බං මේ විශ්වයේ වේගයෙන්ම ගමන් කරන දේ විදියට අදුනගත්තෙ ආලෝකයනේ.. ඒත් මෑතකදි කැලිෆෝනියාවෙ විද්‍යාඥයො පිරිසක් කරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියෙනවා නියුරෝනය ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරනවා කියලා.. බලපං ඉතිං මේ කෙල්ලත් ඒ වගේ නෙමෙයිද කියලා.. ආවා.. කොලේ දුන්නා.. පණිවිඩේ කිව්වා.. දිව්වා.. අඩුම ගානෙ අපිට එක වචනයක් කියන්න ඉඩක් ලැබුනද.. නෑනෙ..”

    කලනගේ පැහැදිලි කිරීමට සවන් දෙන අනරතුර චේතිය එම දුරකථන අංකය සිය ජංගම දුරකථනයේ සටහන් කර ගත්තේය..

    “අනුමානයක් නෑ චේති කෙල්ල උඹට කැමතියි.. දාපන් පහක්..”

    සම්මානි දුරකථන අංකය එවීම පිළිබදව සතුටට පත් වූ රංග සිය අත්ල දිහ හැර බලා උන්නේ චේතිය අත දෙන තුරුය..

    “දැනට කැමති ඇති.. ඒත් ඒ කැමැත්ත ඉවර වෙන්නෙ මං කාගෙ කවුද කියලා ඒකි හරියටම දැනගත්ත දවසට.. මං ගල් කන්ද වලව්වෙ කුස්සි අම්මගෙ පුතා කියලා දැනගත්තම කෙල්ල ෆෝන් නම්බර් එකත් වෙනස් කර ගනියි..”

    රංගට අත දීම වෙනුවට ඔහුගේ පිටට පහරක් ගැසූ චේතිය එය කීවේ තරමක් හැගුම්බරවය.. ඔවුන් පංතියෙන් පිටතට පැමිණෙන විට ත්‍රීවිලය පැමිණ තිබූ නිසා ඒ කතාව එතකින්ම නතර විණි..

    ****************************

    එදින රාත්‍රිෙය් සම්මානි සමග කතා කිරීමට චේතිය බලා උන්නද රාත්‍රී එකොළහ පසුවන තුරුත් මව අවදිව උන් නිසා ඔහුට තම සිතැගි ඉටු කර ගැනීමට නොහැකි වුණි.. මව හා නැගණිය නිදන්නේද තමා නිදන ඇද පාමුල වීම ඔහුට තිබුණ අනෙක් ගැටළුවයි..

    ඔහුට ඇමතුම ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ පසුදා දහවල් පාසල් ඇරී නිවසට පැමිණියාටත් පසුවය..

    “හෙලෝ.. සම්මානි.. මම චේතිය..”

    ඔහු තමාව හදුන්වා දුන්නේ සියුම් තිගැස්මක් සමගිනි.. සම්මානිගේ මව හෝ පියා අසල සිටින්නේද යන ගැටළුවද ඔහුගේ සිතට වද දුන්නේය..

    “ආ.. ඔව් චේතිය කියන්න.. මං ඔයා කතා කරනකල් ඊයෙ රෑ දොළහ විතර වෙනකල් බලන් හිටියා..”

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ ඈ තමා සමග දුරකථනයෙන් කතා කරන පළමු අවස්ථාව වුවද ඇයට නම් එය වෙනසක් නැත්තා සේය.. ගැහැණු ළමයෙකු වූ ඈ මෙසේ නොබියව කතා කරන්නේ නම් තමා පැකිලෙන්නේ මන්දැයි සිතූ චේතිය දුරකථනයත් රැගෙන මිදුලේ පොල් කොටයක් මත හිද ගත්තේය..

    “රෑට කතා කරන්න අමාරුයි සම්මානි.. අම්මා ළග ඉන්නවා..”

    “අපෝ.. ඔයා තාම නිදියන්නෙ අම්මා ළගද..?”

    ඈ කලේ විහිළුවක් වුවද තමාටත් අම්මාටත් නැගණියටත් නිදාගැනීමට නිවසේ ඇත්තේ එකම කාමරයක් පමණක් යැයි කීමට චේතියට සිතුණි.. නමුත් එයට දැන්ම කල් වේලා වැඩි බැවින් ඔහු ඉවසා උන්නේය..

    “චේතිය.. ඔයාලා කොහොමද එදා ගල් කන්ද වලව්වෙ පාටියට ආවෙ..? ඔයාලා අශේන්ව දන්නවද..?”

    “මේ ටවුන් එකේ කවුද අශේන්ව නොදන්නෙ.. අනික අපි එක ගමේනෙ.. ඒත් ඉතිං වැඩි හිතවත්කමක් නෑ.. කොටින්ම මට මිනිහව දිරවන්නෙ නෑ..”

    “එහෙනං එදා ඇවිත් හිටියෙ..,?”

    “දවසක් අපේ බාල දක්ෂ ටීම් එකේ කට්ටියක් ඔය වලව්වට ගියා.. එදා අපිට වලව්වෙ හාමු මහත්තයා පාටි එකට ඉන්වයිට් කලා.. අපි නොගියොත් ඉතිං ඉස්කෝලෙටත් හොද නෑනෙ.. ඒකයි අපි තුන්දෙනා එදා ආවෙ..”

    “එහෙනං ඔයා ඇයි බොරු කොණ්ඩෙකුයි කණ්නාඩියි දාගෙන හිටියෙ..? ඔයා ක්ලාස් එකේදිවත් කණ්නාඩි දාන්නෙ නෑනෙ..”

    ඇගේ පැනයට චේතිය මොහොතකට ගොළු විනි.. සම්මානි මෙතරම් සියුම් ලෙස ප්‍රශ්න කරාවියැයි ඔහු මොහොතකටවත් සිතුවේ නැත..

    “ඒක මට කියන්න බැරි හේතුවක්ද චේතිය..?”

    ඔහුගේ නිහඩතාවය හමුවේ ඈ නැවතත් අසා සිටියාය..

    “ඔයාට කියන්න බැරි කමක් නෑ.. ඒත් මං වෙලාව ආවම කියන්නං සම්මානි.. ඒක ටිකක් දිග කතාවක්..”

    කියනවානම් ඇයට උඩින් පල්ලෙන් කියා පලක් නැත.. එහෙයින් පසු දිනෙක තමාගේ සැබෑ තතු ඇයට හෙළි කිරීමට චේතිය අදිටන් කර ගත්තේය..

    “කමක් නෑ ඔයා කියනකල් මං ඒ ගැන ආපහු අහන්නෙ නෑ..”

    යමක් සියුම් ලෙස නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය වේලාවේදී නිහඩ වීමටත් දන්නා මැය වැන්නියක තම ජීවිතයට ළගාකර ගැනීමට හැකිනම් කොතරම් අගනේදැයි චේතියට යළිත් වරක් සිතුණේය..

    “මාව ඔයාගෙ හොද යාළුවෙක් කරගන්න ඔයා කැමතිද චේතිය..? මගේ හිතේ තියෙන දේවල් කියන්න විශ්වාසවන්ත කෙනෙක් මං ළග නෑ..”

    ඈ සිය රූපයටම සරිලන සුන්දර කට හඩකින් විමසා සිටියාය.. ඒ ඇසී චේතියට දැණුනේ පුදුම සතුටකි..

    “ඇයි ඔයාගෙ පංතියෙ යාළුවො සෙට් එක..?”

    “ඒ අය නරකයි කියලා මං කියන්නෙ නෑ.. ඒත් මට ඕනෙ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්..”

    “ඔයා හිතනවද සම්මානි මට ඔයාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. අනික ළගින් ආශ්‍රය කරපුවත් නැති මාව ඔයාට විශ්වාසද..?”

    සම්බන්ධයක් ගොඩනැගීමට පළමුව අවශ්‍ය වන්නේ එකිනෙකා තේරුම් ගැනීම හා විශ්වාසය බව චේතිය ඇදහුවේය.. ඔහු සම්මානිගෙන් ඒ පිළිබද සෘජුව විමසා සිටියේ එහෙයිනි..

    “අපි ළගින් ආශ්‍රය කරපු නැති බව ඇත්ත.. ඒත් අපි කාලයක් තිස්සෙ එකම ටියුෂන් පංතියට ආපු අය නේද..? කතා නොකලට අපිට අපේ මූණු මතක තිබුණා නේද..?”

    තමාගෙ නිහඩ ආදරය සම්මානි වටහාගෙන ඇති බව චේතියට ඉවෙන් මෙන් දැණුනි.. තමා සැමදා ඇගේ රුව පෙනෙන තැනක අසුන් ගැනීම හා ඈ ගැන උනන්දු වන බව ඇය නිරීක්ෂණය කරන්නට ඇත..

    “ඔයා මාව විශ්වාස කරනවානං ඒ විශ්වාසෙ රකින්න මං ලෑස්තියි සම්මානි.. ඔයාගෙ හිතේ තියෙන ඕනම දුකක් ඔයා මට කියන්න..”

    වදනින් නොකීවාට ඈ තමාව විශ්වාස කරනා බව චේතිය දනී.. එදා ගල් කන්ද වලව්වේ තමාගේ තුරුළට වී ඉකි බින්ද ඇය 'මට අශේන්ව බදින්න බෑ චේතිය' යනුවෙන් කීවේ ඒ නිසාය..

    “කියන්න මහ හුගක් දේවල් මේ හිතේ හිරවෙලා තියෙනවා.. මට ඒ හැමදේම කාටහරි කියලා මගේ හිත නිදහස් කර ගන්න ඕනෙ.. අපිට දවසක මීට් වෙලා කතා කරන්න බැරිවෙයිද චේතිය..?”

    ඇයව මුණ ගැසී ඈ ළගට වී ඉන්නට හැකි නම් දවසක් දෙකක් නොව මුළු ජීවිත කාලයටම එය කල හැකි බව ඔහුගේ සිත කීවද ඔහු හදවතට නොව බුද්ධියට මුල් තැන දුන්නේය..

    “මට එන්න නං බැරි කමක් නෑ.. ඒත් අපි එහෙම මුණ ගැහිලා කතා කරන එක ඔයාට හොද නෑ සම්මානි.. ඔයා කෙල්ලෙක්නෙ.. අනික අශේන්ගෙ චර පුරුෂයො හතර වටේම ඉදන් ඔයාට ඇහැ ගහගෙන ඇති..”

    චේතියගේ කතාවට සම්මානිගේ සිතේ ඇතිවූයේ දැඩි පැහැදීමකි.. වෙනත් පිරිමි ළමයෙකුගෙන් මෙසේ ඇසුවේ නම් ඔහු තමා ගැන සිතීම පසෙකට දමා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇත..

    “එදා ඔයාගෙන් ගුටි කාපු තුන්දෙනත් අශේන්ගෙ චරපුරුෂයො කියලා මං දැනගත්තෙ එදා පාටියෙදි තමයි..”

    එසේනම් ඇයද එදින ඔවුන්ව දැක ඇත.. ඔවුන් පිරිස අශේන් සමග ඒක්වී තමන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැරසුණු බව ඈ දන්නේ නම්.. නොවේ.. ඒ සියුමැලි සිත රිදිවිය යුතු නොවේ.. එහෙයින් ඔහු එය නොකියා සිටීමට තීරණය කළේය..

    “ගෙදර කවුරුවත් නැද්ද සම්මානි..?”

    ඔහු කතාව වෙනතකට හැරවුයේ ඇගේ සාමාන්‍ය ජීවිතය ගැන තමා කිසිවක් නොදන්නා නිසාය..

    “තාත්ති නම් කොහොමත් මේ වෙලාවෙ ගෙදර නෑ.. අම්මිත් ඉතිං අර උත්සවේට යන්න ඕනෙ කියයි.. අරහෙ සමිතියක් කියයි.. මෙතන රැස්වීමක් කියයි.. එහෙම තමා එයාගෙ ජීවිතේ..”

    “එතකොට ඔයා තනියෙමද ඉන්නෙ..?”

    “නෑ.. ගෙදර වැඩ කරන සුමනා නැන්දා ඉන්නවා.. එයා තමයි මගේ කිට්ටුම හිතවතා.. ඒ ඇරුණම ගෙදර ඩ්‍රයිවරුයි මුර අන්කලුයි ඉන්නවා..”

    අතට පයට වැඩකාරයන් උන්නද ජීවිතය කොතරම් නීරසදැයි වටහා ගැනීමට ඔහුට අසීරු නොවිණි..

    “සල්ලි තිබුණට මං හිරකාරියක් වගේ චේතිය.. තාත්ති ළග වැඩ කරන මිනිස්සු නං දාස් ගානක් ඉන්නවා.. ඒත් මගේ හිතේ තියෙන දෙයක් කියන්න මට කෙනෙක් නෑ.. සුමනා නැන්දා මාව බලා ගත්තට හැමදේම එයා එක්ක කියන්න බෑනෙ..”

    ඇය කීවට ඔහුගෙන් බර හුස්මක් පිටවිනි.. රජ මැදුරක කිරිල්ලියක් වූ ඈ සිය සිතැගි පැවසීමට තමාව තෝරා ගැනීමට ඔහුට විශ්වාස කළ නොහැකි තරම්ය..

    “ඔයා වගේ මං සල්ලිකාරයෙක් නෙමෙයි සම්මානි.. කොටින්ම මං ඔයා වගේ කෙනෙක්ට ආශ්‍රය කරන්න තරම්වත් සුදුසු කෙනෙක් නෙමෙයි.. ඒ නිසා..”

    “ඇති චේතිය ඇති.. තව ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා.. ප්‍රශ්නයක් ආවොත් මං ඒ ගැන බලාගන්නම්..”

    ඔහුට සිය කතාව අවසන් කිරීමට ඉඩ නොදුන් ඈ එය කීවේ හැඩුම්බරවය. එය වටහාගත් චේතිය ඉන් එහා ඇගේ සිත රිදෙන කිසිවක් කීවේ නැත..

    “ඔයාලගෙ තාත්තා ඔයාව අශේනට බන්දලා දෙන්න යන්නෙ එයා ගැන නොදැනද සම්මානි..?”

    මාතෘකාවෙන් පිට පැන්න ඔහු විමසුවේ තමාට වැඩිපුරම නිරවුල් කර ගැනීමට අවැසි ඉසව්ව එය වූ බැවිනි..

    “ඒ කියන්නෙ ඔයත් අශේන් ගැන දන්නවා.. එහෙම නේද චේතිය..? අපේ තාත්තිට ඔය ටික නොතේරෙන එකනේ කරුමෙ කියන්නෙ.. එයා ඇතුගල අන්කල් එක්ක හිතවත් නිසා එයාගෙ බොරු වංශක්කාරකමට රැවටිලා..”

    “අපි පුළු පුළුවන් විදියට මේ ප්‍රශ්නෙ ඉවරයක් කරන්න බලමු සම්මානි..”

    සම්මානිගේ සිත රිදවීමට මනාප නොවූ ඔහු කතාව එතෙකින් නතර කළේය..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    09.png


    අමතර පංති නොතිබූ බැවින් මිතුරන් තිදෙනා සවස් යාමේ ගමේ පන්සල කරා පිය නැගූහ.. ගල් කන්ද වලව් වත්තට මායිම් වන කළුගල් තලාවම පන්සලේ පසුපස දක්වාම විහිදී යයි.. ගල් තලාවෙන් ඔබ්බට තරමක් කැලයකි.. ආසන්නයේ ගෙවල් නොවූ නිසාත් ඉහත කී ගල් තලාව හා කැලෑ පෙදෙස නිසාත් පන්සල නිරන්තරයෙන්ම නිහැඩියාව රජ කරන ඉසව්වක් විය..


    “මේ ඉස්සර අපි කොයි තරම් ආව ගිය තැනක්ද..? ඒකට දැන්..”


    කලන කීවේ පන්සල ඉදිරිපස වූ අරලිය ගස් සෙවනේ සිය පාවහන් ගලවා දමමිනි..


    “කෙලින්ම ආවාසෙ පැත්තට යමු.. පොඩි සාදු ඇති..”


    හේමවංශ හාමුදුරුවන්ට ඔවුන් පොඩි හාමුදුරුවෝ යැයි කීවද උන් වහන්සේ වයසින් තම දිවියේ තුන්වැනි දශකය අවසන් කරමින් උන්හ.. නමුත් නායක හාමුරුදුවන් වූ සීලරතන හාමුදුරුවන් සා සසදන කල්හී උන් වහන්සේ ගමේ දායකයන් හට සැමදා පොඩි හාමුදුරුවන්ම වූහ..


    “බොහොම අගෙයි.. කාලෙකට පස්සෙ අපේ ළමයින්ට පන්සල් භූමිය මතක් වෙලා තියෙන්නෙ..”


    සීලරතන හිමියන් මග හැර යාමට සිතා උන්නද ඔවුනට මුලින්ම මුණ ගැසුනේ උන් වහන්සේය.. චේතිය මිතුරන් දෙදෙනාට ප්‍රථමයෙන් ගොස් හාමුදුරුවන්ට නමස්කාර කළේය.. රංග හා කලනද ඔහු අනුගමනය කළ අතර කිසිවෙකුත් පැමිණි කාරණය එකවර හෙළි කළේ නැත..


    “මොකෝ.. පහුගිය ටිකේ පන්සල අමතක් උනාවත්ද..?”


    “එහෙම නෑ අපේ හාමුදුරුවනේ.. එක දිගටම පංති තිබුණ නිසා වෙලාවක් තිබුණෙ නෑ..”


    “අවශ්‍යතාවය තියනවනං වෙලාවක් හදාගන්න බැරියෑ..හා.. හා.. එකෙන් කාරි නෑ ඔහොම්ම යමු කුස්සිය පැත්තට.. ගමේ ඇත්තෙක් ගෙනාව කැවිළි වගයක් තියෙනවා..”


    ඔවුන් පැමිණියේ කලකට පසුව වුවද හාමුදුරුවන්ගේ සැලකුම් වල වෙනසක් නැත.. උන් වහන්සේ ඉස්සරත් ඔහොමය.. දහම් පාසල් දිනවල වුව මොවුන් පිරිස කුස්සියට කැදවාගෙන යන උන් වහන්සේ තේ පැන් සංග්‍රහයක් වරද්දන්නේ නැත..


    “දැනම කන්න බෑ හාමුදුරුවනේ.. අපි මේ හේමවංශ හාමුදුරුවො මුණ ගැහෙන්න එක්ක ආවෙ..”


    රංග බොහෝ අසීරුවෙන් කියා දැම්මේය..


    “එහෙමද.. ආවාසෙ පැත්තෙ බලන්න.. පොඩි හාමුදුරුවො පාඩම් කර කර උන්නා.. සියදෝරිසුත් ඇති ඔය පිල පැත්තෙ..”


    නායක හාමුදුරුවන් බුදු මැදුර දෙසට පා එසෙව්වේ එසේ කියාගනෙමය.. එයට ගෞරව පූර්වකව හිස සැලූ මිතුරෝ කඩිනමින් ආවාසය දෙසට ගමන් ගත්හ..


    “පොඩි සාදු පාඩම් කරනවා කිව්වෙ විභාගයක්ද දන්නෙ නෑ..”


    චේතිය කීවේය.. ඔවුන් හේමවංශ හාමුදුරුවන් හා කතා කිරීමේදී බොහෝ විට උන් වහන්සේ ඇමතුවේ සාදු හෝ පොඩි සාදු යන වදනිනි.. නමුත් අන් අය ඉදිරියේදී නම් ඔවුන් කට පුරා පොඩි හාමුදුරුවෝ යයි කීමට පසුබට වූයේ නැත..


    “ආ චේතිය මල්ලි.. එන්න.. එන්න.. කාලෙකට පස්සෙ නේද..?”


    ඈතදීම ඔවුන්ව දුටු හේමවංශ හිමියන් කියවමින් උන් පොතක්ද අත දරා ඔවුන් කරා පැමිණියහ..


    ස්වල්ප වේලාවක් ආගිය තොරතුරු කතා කිරීමෙන් අනතුරුව චේතිය තමා පැමිණි කාරණය උන් වහන්සේට විස්තර කර පැවසීය..


    “ඔය කරුණු කාරණා ගැන ගුණවතී උපාසක අම්මත් මගෙත් එක්ක කතා කරා..”


    හාමුදුරුවන් ඔවුන් මෙතෙක් නොදැන උන් කරුණක් හෙළි කර සිටියහ..


    “අම්මා ඔය විස්තර ගොඩක් අපෙන් හංගනවා සාදු.. දැනට උනත් අපි දන්නෙ මං ඉන්න නැත්වලදි නංගි කියපුවා කරපුවා විතරයි..”


    “මිහිරාවි ගොඩක් වෙනස් දරුවෙක් කියලා මං දැනං උන්නා.. එයා දහම් පාසලේදි උනත් හැසිරෙන්නෙ අමුතු විදියට..”


    “ඒ කිව්වෙ පොඩි සාදු..?”


    “මේ ළගදි දවසක් ඒ දරුවා ඕං ඔය ඝන්ඨාර කුළුණ පාමුල ඉදලා මං එක්ක කිව්වා ඒ කුළුන හැදෙව්වෙ එයාලු..”


    “මොකක්ද චේති ඒ කතාවෙ තේරුම..?”


    කලන පුදුමයෙන් ඇසුවේ එහි අගක් මුලක් නොවැටහුණු බැවිනි.. චේතිය පවා අන්දමන්ද වී උන්නේය..


    “ඇත්තටම ඝන්ඨාර කුළුන හැදෙව්වෙ කවුද සාදු..”


    පිළීතුර අනුමාන වශයෙන් සිත දරාගෙන කලන විමසිය..


    “මෙතන කලින් තිබුණ කුළුණ බොහෝම පැරණි එකක්.. ඒකෙ බදාම ඉරි තැලිලා ගිහින් කාලයක් යද්දි කෑලි හැලෙන්න ගත්තා.. ඒක අන්තිමට කඩා වැටෙන තත්වයටම අබලන් වෙලයි තිබුණෙ..”


    “මටත් ටිකක් මතකයි ඒ කාලේ අපේ තාත්තත් හිටියා..”


    චේතිය යට ගියාව යළි සිහිපත් කළේ තරමක් වේදනාවෙනි..


    “ඒ කාලෙ දවසක් ඔය වලව්වෙ ළමාතැනී පන්සලේ පිංකමකට සහභාගි වෙන්න ආවා.. ඒ ඇත්ති ඔය ඝන්ඨාර කුළුන දැකලා කිව්වා මේක ලොකු අනතුරක සේයාවක්.. ඒ ඇත්ති සම්පූර්ණ වියදම දෙන්නම්.. ඉක්මනින් අලුත් ඝන්ඨාර කුළුනක් හදවන්න කියලා..”


    පොඩි හාමුදුරුවන් කියනා තුරු මෙම ඝන්ඨාර කුළුණේ වියදම් දරා ඇත්තේ ළමාතැනී බව මෙම මිතුරන් තිදෙනා දැන උන්නේ නැත..


    “ඒත් ළමාතැනීමට ඒකෙ වැඩ සිද්ධ වෙනවා බලන්න එන්න බැරි උනා.. ඒ ඇත්ති අසනීප උනා නොවැ.. අන්තිමට හේතුහාමි අතේ චෙක් කොලයකුයි ලියුමකුයි එවලා තිබුණා සේරම වැඩ කටයුතු ඉවර කරලා ඉතුරුවක් තිබුණොත් ඒක පන්සලට තියාගන්න කියලා.. කොහොම හරි ඝන්ඨාර කුළුනෙ වැඩ ඉවර වෙද්දි ඒ ඇත්ති ජීවතුන් අතර හිටියෙ නෑ.. ඒ ඉතුරු වුන මුදල් වලින් අන්තිමේදි ලොකු හාමුදුරුවො මල් ආසනයකුත් හැදෙව්වා..”


    “මේකට සල්ලි වියදම් කළේ ළමාතැනී කියලා ගමේ කට්ටිය දන්නවද සාදු..?”


    චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේය..


    “ගමේ මිනිස්සු තියා චෙක් එක අරගෙන ආව හේතුහාමිවත් දැනං උන්නෙ නෑ සල්ලි දුන්නෙ ළමාතැනී කියලා.. එතුමිය ලොකු හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කරලා තිබුණා ඒ ගැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා.. මං මේ ඔයාලට උනත් කිව්වෙ මේ සිද්ධිය නිසා..”


    “දැන් නං අපිටත් තේරෙනවා සාදු මේ පුනර්භවය කතාව ඇත්ත වෙන්න ඇති කියලා.. මගේ නංගි විදියට ඉපදිලා ඉන්නෙ ඇතත්ටම වලව්වෙ ළමාතැනි වේනන ඇති.. එහෙම නැත්තං මේ ඝන්ඨාර කුළුනෙ කතාව එයා දැනගන්න විදියක් නෑනෙ..”


    “ඒක ඇත්ත.. හේතුහාමිත් ලියුම් කවරයක් ගෙනත් දුන්න මිසක් ඇතුලෙ තිබ්බ දේ දැනං උන්නෙ නෑ.. ලොකු හාමුදුරුවො උන්දැට කිව්වෙ ඒ ළමාතැනීගෙ අසනීපෙට ලියපු සෙත් කවියක් කියලා..”


    දිගු සුසුමක් පිටකල රංග දෙමිතුරන් දෙස බැලුවේ තීරණයක් ගත නොහැකිවය.. ඔහු මුල සිටම මෙම පුනරුත්පත්තිය පිළීගැනීමට මැලි වුවද එය දැන් පිළිගත යුතු තැනට වැඩ සිද්ධ වී ඇත..


    “පුංචි පුංචි සාධක ගොඩක් තියෙනවා සාදු මේක පිළිගන්න පුළුවන් විදියෙ.. ඒත්.. මට පොඩි ගැටළු වගේකුත් තියෙනවා..”


    චේතිය නැගණිය හා වලව්ව සම්බන්ධ සියළු කතා පොඩි සාදුට විස්තර කළේය.. කලන හා රංග වුවද ඒ පිළිබදව යළි යළිත් සිහිපත් කරමින් උන්හ..


    “බුදු දහමෙදි කර්මය කියන දේ විශ්වාස කරනවනේ.. ඉතිං ළමාතැනි ගිය ආත්මෙ ඔය තරම් සැප සම්පත් මධ්‍යයේ ඉදලා ඔය තරම් පින් දහම් කරලා ඇයි මේ ආත්මෙ අපේ දුප්පත් ගෙදර ඉපදුනේ..?”


    “කර්මට කියන දේ ඇත්ත චේතිය මල්ලි.. ඒත් මේ ප්‍රතිසන්ධිය ලැබීම පදනම් වෙලා තියෙන්නෙ කර්මය මත නෙමෙයි.. සසර බැදීම මත.. ළමාතැනීගෙ ජීවිතේ අන්තිම කාලෙ එයාට උදව් උපකාර කළේ ඔයාගෙ අම්මා.. එයා මැරෙන අන්තිම මොහොතෙ ළග හිටියෙ ඔයානෙ.. ඉතිං එයාට වලව්වෙ ඇත්තන්ගෙන් නොලැබුණු ආදරයක් කරුණාවක් ඔයාලගෙ පුංචි ගෙදරින් ලැබුණා.. සමහර විට ඒ බැදීම මත එයා ප්‍රතිසන්ධිය ලබන්න ඔයාගෙ අම්මගෙ කුසම තොරගන්න ඇති..”


    මේවා සීයට සීයක්ම පිළිගම්දෝ නොගම්දෝ යන සැකයෙන් චේතිය කල්පනාවකට යොමු වූ අතර පොඩි හාමුදුරුවෝ ඔහුගේ දේශනය දිගටම කරගෙන ගියහ..


    “මම දන්න තරමට මේ වලව්ව අයිති ඔය ළමාතැනීගෙ දෙමව්පියන්ට.. එයාලා ළමාතැනී බදින වෙලේ එයාගෙ දෑවැද්දට මේක ලියලා දුන්නා.. මේ වලව් වත්ත දාලා යන්නත් ඒ ඇත්ති කැමති නොවෙන්න ඇති.. මිනිස් සිතකට ඉතිං තෘෂ්ණාව කියන දේත් බලපානවනේ..”


    “අපි ඔය මොන නිගමන වලට එළඹුනත් පොඩි සාදු මේක තාම අපේ උපකල්පනයක් විතරනේ.. අපි මේක ඇත්ත කියලා කොහොමද ඔප්පු කරන්නෙ..? කාටහරි මේ ගැන කිව්වොත් හිතයි අපිට පිස්සු කියලා..”


    “ඔව් මමත් මේ වැඩේට ඔයාලට සම්පූර්ණ සහයෝගය දෙන්නම්.. මං ළග ඔය පුනරුත්පත්තිය ගැන ලියවුන විශාල පොත්පත් ප්‍රමාණයක් තියෙනවා.. ඒවත් ඔයාලට දෙන්නම් කියවලා බලන්න.. අනික චේතිය මල්ලි.. ඔයා මේ ගැන අම්මව දැනුවත් කරලා එයාගෙන් තොරතුරු දැනගන්න ඕනෙ.. මං කිව්වෙ නංගි ඔය ගැන කියන්න ගත්තෙ මොන කාලෙ ඉදලද.. එයා කියපු කරපු දේවල් මොනවද..? එයාගෙ හැසිරීම් මොන වගේද..? වගේ දේවල්.. ඊට අමතරව අපි ඒ දරුවන්ගෙන් එයාට මතක තියන දේවල් එහෙම ප්‍රශ්න කරමු..”


    උන් වහන්සේ පිරිසට උපදෙස් දෙන්නට විය..


    “ප්‍රශ්න කරන්න පුළුවන් සාදු.. ඒත් මට තියෙන බය ඒ ගැන කතා කරන සමහර වෙලාවට එයා අසනීප වෙනවනේ.. හිටපු ගමන් තදේට උණ ගන්නවා..”


    චේතිය කීවේ ඔහු ඒ අත්දැකීමට කිහිප වරක්ම මුහුණ දී ඇති නිසාය..


    “ඔව් ඒක වෙන්න පුළුවන්.. කැනඩාවෙ ඉන්න ඉයන් කරී කියන මහාචාර්යවරයා ඔය ගැන ගැඹුරින් ප්‍රශ්න කරලා තියෙනවා.. ඒ මහාචාර්යවරයාගේ පොතකත් ඔය විදියෙ දරුවෙක් ගැන සදහන් වෙනවා..


    ඒ දරුවා තමන්ගෙ ගිය ආත්මෙ ගැන දේවල් හෙළි කරන හැම වෙලේම එයාගෙ අම්මා එයාව නිහඩ කරන්න බැනලා තරවටු කරනවා.. ඒත් ඒකෙන් ඒ ළමයගෙ අතීත මතකය අමතක වෙන්නෙ නෑ.. එයාට ඒ දේවල් මතක් වෙද්දි එයා අසනීප වෙනවා..


    මට හිතෙන විදියට ඒ දරුවගෙ යටි සිතට දැනෙන්න ඇති එයා අසනීප වුනොත් මවගේ තරවටුවෙන් පහර දීම් වලින් බේරෙන්න පුළුවන් කියලා.. ඒ මත මනස ක්‍රියාත්මක වෙලා ඔය විදියට උණ ගන්නවා වෙන්නත් බැරි නෑ..”


    “මමත් දන්න තරමින් අපේ අම්මා නංගිට ඒ ගැන කතා කරන්න දෙන්නෙ නෑ.. කොහොම හරි ඒ දේවල් යට ගහනවා..”


    “අම්මා කෙනෙක්ගෙ පැත්තෙන් ගත්තොත් ඒ දේවල් සාධාරණයිනෙ චේතිය මල්ලි.. කොයි අම්මද කැමති තමන්ගෙ දරුවා වෙන කෙනෙක්ට අයිතියි කියලා කියනවට..”


    පොඩි හාමුදුරුවන් ගුණවතීගේ පැත්ත සාධාරණිකරණය කරන්න උත්සාහ ගනිද්දී මෙතෙක් වේලා නිහඩව මෙම කතාවට කන් දුන් කලන සිය කටහඩ අවදි කළේය..


    “ඒත් චේති කිව්වා නේද ඔයාලගෙ අම්මා පුනරුත්පත්ති විශ්වාස කරන්නෙ නෑ මොකක්ද දිෂ්ටියක් ගැන කිව්වා කියලා..”


    ඒ කතාවට පොඩි හාමුදුරුවෝ චේතිය දෙස බැලුවේ ප්‍රශ්නාර්ථය රැදි දෑසිනි..


    “පුනරුත්පත්තිය ගැන අවිශ්වාසයක් නෙමෙයි.. මං හිතන්නෙ එයාට ඒ ගැන වැඩිය තේරුම් නෑ.. එයා කියන්නෙ නංගිට ළමාතැනීගෙ දිෂ්ටිය වැහිලා කියලා..”


    “පැරණි ගම්බද මිනිස්සු කොහොමත් ඔයවගේ මිත්‍යා මත වල ඇලිලා ඉන්නවා.. ඒ උනත් පුනරුත්පත්තිය ඒ වගේ බොරුවක් කියලා කාටවත් කියන්න බෑ.. ලෝකෙ ඒ වගේ සිද්ධී දස දහස් ගණනක් වාර්තා වෙලා තියෙනවා.. සමහර විශේෂඥවරු ඒ ගැන ගැඹුරින් පරියේෂණ කරලා පියවරෙන් පියවර ඒවා විස්තර කරලා තියෙනවා..”


    නිහඩව උන් රංග උන්වහන්සේගේ මෙම දැනුම ගැන පුදුම වූවා පමණක් නොව තමා මෙතෙක් උනන්දුවක් නොදැක්වූ එම කේෂ්ත්‍රය ගැන අධ්‍යනය කිරීමට පවා ඔහු සිතා ගත්තේය..


    “මමත් කියවලා තියෙනවා පොඩි සාදු.. වර්ජීනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය්‍ය ඉයන් ස්ටීවන්සන් ඒ වගේ පරීක්ෂණ ගොඩක් කරලා තියෙනවා නේද..?”


    තමාගේ දැණුම උරගා බැලීමට සිතූ කලන ඔහු පොත් වලින් කියවූ යමක් සිහිපත් කළේය..


    “හරියට හරි කලන.. එතුමා ඔය විදියෙ වාර්ථා එක් දහස් හත්සීයක් විතර උදාහරණ සහිතව පෙන්නලා දීලා තියෙනවා.. එතුමා කියන විදියට සමහර අයට පෙර භවයේ මතකය තියෙන්නෙ බොහොම ටිකයි.. ඒත් සමහරුන්ගෙ මතකය එයාලගෙ කලින් නම් ගම්.. උන්නු නගරය.. ගෙවල් වල පිහිටීම.. පවුල් වල විස්තර.. වගේ පුළුල් පරාසයක් කරා විහිදෙනවා..”


    “අපේ නංගිත් වලව්වෙ අශේන්ගෙ උපන්දිනේ හරියටම මතක තිබුණා.. අනික එයා ළමාතැනීගෙ වගේම ලේස් ගවුම් අදින්න කොණ්ඩෙ රිබන් පටි ගැට ගහන්න හරි ආසයි..”


    “ඔන්න ඔය වගේ කරුණු හරි වැදගත් මල්ලි.. ඔයා තව අධ්‍යනය කරන්න.. එයා කරන කියන දේවල්..”


    “එතකොට ඇයි සාදු අපිට අපේ පෙර භවය මතක නැත්තෙ..?”


    රංග ඇසූ ප්‍රශ්නයට චේතියගේ හා කලනගේ මුහුණේ සිනාවක් මතුවිය..


    “ඔය පෙර භවයේ මතකය රැදිලා තියෙන්නෙ විඥාණයෙ.. ඒත් හැමෝටම ඒ මතකය නෑ.. තිබුණත් සමහරුන්ට වසර කිහිපයකදී අමතක වෙලා යනවා.. තවත් සමහර අයට පෙර භවයේ ජීවත් වෙලා හිටපු තැන් වලට ගියහම විඥානයේ සැගවිලා තියෙන පෙර භවයෙ මතකය අවදි වෙනවා.. අපිට උනත් ජීවිතේ පළවෙනි පාරට යන සමහර තැන් වල හුරුපුරුදු ගතියක් දැනෙන්නෙ ඒ නිසා..”


    ඔහුගේ පැනය පොඩි හාමුදුරුවන් අවඥාවෙන් බැහැර කලේ නැත.. උන් වහන්සේ තමන්ට හැකි පමණ එය විග්‍රහ කළේය..


    “අපිට එහෙම පෙර භවය මතක නැති උනාට ඕනෙ නම් මෝහනය හරහා ඒ ගැන දැනගන්න පුළුවන්..”


    කලන සිය මිතුරාට පෙර භවය දැන ගත හැකි මගක් කියා දුනි..


    “මට කොහෙවත් ගියාමවත් ඔය සාදු කිව්වා වගේ මුකුත් මතක් උනේ නැත්තෙ මං ගිය ආත්මෙ ලංකාවෙ හිටියෙ නැති නිසා වෙන්න ඇති..”


    වෙනදාටත් පොඩි හාමුදුරුවන් ඉදිරිපිටදී මෙසේ විහිළු කරගන්නා හෙයින් රංග තරමක් බැරෑරුම් ස්වරූපයෙන් කීවේය..


    “ඔව් ඔව් උම ගිය ආත්මෙ ඇමරිකාවෙ හරි එංගලන්තෙ හරි තම්බපු සුද්දෙක් වෙලා ඉන්න ඇති..”


    චේතිය පිළිතුරු දුන්නේ සිනාසෙමිනි..


    “ඒක විහිළුවකට ගන්න එපා චේතිය.. පෙර භවය ගැන සදහන් කරපු දරුවො ගොඩක් දෙනෙක් තමා විදේශයන් වල ජීවන් වුන බව කියලා තියෙනවා.. මොන්ටිසෝරිවත් යන්නෙ නැති සමහර ළමයි ලෝක සිතියමේ තමන් හිටපු රට හරියටම පෙන්නලා දීලා තියෙනවා.. ඒ විතරක් නෙමෙයි.. සමහර පුංචි ළමයි අම්මලා තාත්තලාවත් නොදැන ඉදපු විදේශ භාෂා වලින් කතා කරලා..”


    “නෑ..”


    රංගගේ මුවින් ඉබේම පිටවුනි.. නමුත් ඒ පිළිබදව කියවා තිබූ කලන ඒ පිළිබදව පුදුමයට පත් වූයේ නැත..


    “මං මේ ගැන ඔය තරම් දුරට හිතුවෙම නෑ පොඩි සාදු.. ඔය විස්තර මගේ ඔළුවට ඇතුල් කලේ අපේ නතාලි අක්කා..”


    “චේතිය එයා ගැන කිව්වා මට මතකයි.. ඒ ළමයා දැන් විශ්ව විද්‍යාලයෙලු නේද..?”


    “එහෙමයි සාදු.. පේරාදෙණියෙ..”


    “ළගදි ගෙවල් පැත්තෙ ආවොත් නංගිත් එක්කම ඒ ළමයවත් පන්සලට එක්කගෙන එන්න..”


    දීර්ඝ සාකච්ඡාවක් නිමා කිරීමට මෙන් කී උන් වහන්සේ යළි ආවාසය දෙසට පිය නැගිය..


    “ලොකු හාමුදුරුවො තරහා වෙයිනෙ චේති.. අපි අර කැවිලි ටිකටත් වැඩේ දීලා යමු..”


    රංග හැරුණේ කුස්සිය පැතත්ටය.. ඔවුන් පැමිණි බව ලොකු හාමුදුරුවන්ගෙන් දැන ගත් සියදෝරිස් කැවිලි පෙවිලි මේසය මත සූදානම් කර තැබීය..


    “සියදෝරිස් මාමා කරන මේ පින් කොහොම අරන් යන්නද මංදා..”


    මේසය මත තබා ඇති කැවුම්.. වැලිතලප.. අලුවා ආදී කැවිලිද ලොකු ආනමාළු ඇවරියද දුටු කලන තමන් දෙසට සිනාසෙමින් එන සියදෝරිස් හට ලෙන්ගතු ලෙස කීවේය..


    “පුතාලා ආවෙ ඉතිං කාලෙකින් නොවෑ.. ලොකු හාමුදුරුවො කන්න බොන්න දීලා යවන්න කිව්වා..”


    පන්සලටම සිය දිවිය කැපකර උන් සියදෝරිස් ගැන මිතුරන්ගේ සිතේ කවදත් වූයේ දැඩි සෙනෙහසකි.. ඔවුන් මතක ඇති දා සිට ඔහුට කට පුරා සියදෝරිස් මාමා යැයි කීවේ එනිසාය..


    “සියදෝරිස් මාමේ.. පන්සලට අලුත් හාමුදුරුවරු කවුරු හරි වැඩලද..?”


    තමා පොඩි සාදු සමග කතා කරන අතර තුර ආවාස ගේ තුල ඡායාවන් කිහිපයක් දුටු චේතිය ප්‍රශ්න කර සිටියේය..


    “ලොකු හාමුදුරුවන්ගෙ ගමේ පන්සලෙන් වැඩිය සාමනේර හාමුදුරුවරු දෙනමක් ඉන්නවා. උන්නාන්සේලව බලන්න ඒ ගමේ ඉදලා ආව ඇත්තෙක් තමයි ඔවා ඇන්න ආවෙ..”


    කෑම කා අවසානයේ සියදෝරිස්ගේ ඉගුරු දැමූ කහට කෝප්පයකද රස බැලූ මිතුරන් තිදෙනා නික්ම යාමට සැරසුනි.. ඔවුන් ආවාස ගේ පසුකර යද්දි පොත් කිහිපයක් අත දරා පොඩි හාමුදුරුවෝ බලා උන්හ..


    “මං කියපු විදියෙ පොත් කිහිපයක්ම මෙතන තියෙනවා.. මේ ටික මාරු කරගෙන කියවලා බලන්න.. ඔයාලට ඔය ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් ලබාගන්න පුළුවන් වෙයි..”


    උන්වහන්සේ දුන් පොත් කිහිපය එහා මෙහා පෙරලා බැලූ කලන තමා මින් සමහර පොත් කියමා ඇති බව සිහිපත් විණි..


    “ඒ එඩ්ගාර් කේසි ගැන ලියවුනු පොත් පත් මං කියවලා තියෙනවා සාදු..”


    “මං හිතුවට වඩා කලන මේ ක්ෂේත්‍රය ගැන දැනුවත් වගේ.. ඔයාට එහෙනං පුළුවන් වෙයි ඒ කියපු දේවල් ඇත්තද කියලා චේතියගෙ නංගිගෙන්ම අධ්‍යනය කරන්න..”


    එය ඔහුගේ සිතේ මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පැවතුනි..


    පොත් පත් කිහිපය හා සැදෑ අදුර තරුලු කරගත් මිතුරන් තිදෙනා පන්සල් භූමියේ ගල් තලාව බැසීමට පටන් ගත්හ..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    10.png


    එදින වේලාසනින්ම පාසල් ගිය චේතිය හා කලන පාසල ආරම්භ වනතුරුම සාකච්ඡා කරමින් උන්නේ පොඩි හාමුදුරුවන් දුන් පොත් පත් වල තිබූ කරුණු ගැනය.. ඒ පොත් වලට අමතරව කල ඔහු සතුව තිබූ පොත් කිහිපයක්ද මිතුරන්ට කියවීමට ගෙනත් තිබුණි..


    “මාත් ඊයෙ රෑ දෙක විතර වෙනකල් සාදු දීපු පොතක් කියෙව්වා.. ඒවයෙ තියෙන සමහර කතා මාරයි කලන.. ඒවා විශ්වාස කරන්නත් අමාරුයි..”


    “ඊයෙ එළිවෙනකල් වමාත් කලේ ඕකම තමයි.. අපේ අම්මගෙ හිතේ විභාගෙ ළග නිසා මං පාඩම් කරනවා කියලා.. එයා මාර සැටිස්..”


    චේතියට සිනා නැගුණේ තම මවද එසේ සිතූ හන්දාය..


    ඔහු සාලයට වී පොත කියවද්දී ගුණවතීද දෙතුන් වරක්ම ඔය පාඩං කලා මැදැයි පුතේ දැන් ගිහින් නිදා ගන්න යැයි කීවාය..


    “අපි දෙන්නා නං අමාරුවෙන් හරි නැගිටලා උදේ ආවා.. අරූ පොතක් බදාගෙන තාම නිදිද මංදා..”


    රංග එනතුරු කිහිප විටක්ම පංතියේ දොර දෙස බැලූ කලන කීවේය..


    “දැං කොහොමද සම්මානි..? කෙල්ල කතා කරනවද..?”


    ඔහු නැවත විමසුවේ සම්මානි සමග පළමු දිනයේ වූ දුරකථන ඇමතුම චේතිය මිතුරන් සමග කියා තිබූ නිසාය..


    “රෑට කතා කරන්න බෑනෙ බං.. අම්මත් ළග ඉන්නවනෙ.. ඉදලා හිටලා හවස් වරුවෙ කතා කලොත් තමයි ඉතිං..”


    “කෙල්ලව ආපහු පංති එවන එකක් නැද්ද දන්නෙ නෑ.. සේනාධීර හිතනවා ඇති ළගදි බන්දලා දෙන්න ඉන්න කෙල්ල නිසා වැඩිය උගන්නන්න හොද නෑ කියලා..”


    මැරයන් සම්මානි පසුපස සැරිසරන බව දන්නවා නම් සම්මානිගේ පියා නිසැකවම ඇයව පන්ති නොඑවනු ඇතැයි චේතියට සිතුනේය..


    “කෙල්ල ඕලෙවල් වලදිත් සර්ලා ගෙදරට ගෙන්නලලු ඉගැන්නුවෙ.. ඒ ලෙවල් වලටත් එහෙම කරන්න හදද්දි සම්මානිගෙ උවමනාවට තමයි මේ පංතියට එවලා තියෙන්නෙ.. ඒකත් ඉතිං වෑන් එකේ නැගලා පංතියට. ආයෙ පංතියෙන් ගෙදරට..”


    චේතිය සම්මානි පසුගිය දිනවල කියූ කරුණත් යළි සිහිපත් කලේ ඈ පිළිබද උපන් වේදනාවෙනි..


    “මහ මිනිස්සු හිතනවා ඇති කන්න බොන්න දීලා යාන වාහන වල යැව්වම හැමදේම හරි කියලා.. ඔය කෙල්ල සමහර විට හිරකාරියක් වගේ ඇති චේති..”


    “ඔය ටිකම සම්මානි මගෙත් එක්ක කිව්වා.. තාත්තා බිස්නස්ම විතරයිලු.. අම්මට රැස්වීඹ් සමිති සමාගම් ඉවරයක් නෑල්ලු.. කෙල්ල හැදෙන්නෙ අර සර්වන්ට්ලා එක්ක..”


    “ඒකිගෙ අම්මත් සුපර් ලක්සර් ලයිෆ් එකක්නෙ ගෙවන්නෙ.. මං දවසක් තාත්තා එක්ක ටවුමට ගිය වෙලේ ටොයොටා ප්‍රිමියො එකක් ගියා දූවිලි පිඹගෙන.. තාත්තා කිව්වෙ ඒ ගියේ සේනාධීර නෝනා කියලා..”


    “මමත් දැකලා තියෙනවා.. මෙරුන් කලර් කා එකක් නේද..?”


    කලන එයට හිස සැලුවේ එහි සුපිරි බව දෙනෙතින් පෙන්වමිනි..


    “තාත්තා ප්‍රාඩෝ එකේ.. අම්මා කා එකේ.. දුව ඩ්‍රයිවර් එක්ක වෑන් එකේ..”


    “අපි නං සුපුරුදු විදියට බස් එකේ..”


    චේතියගේ වාක්‍ය අවසන් කලේ කලනය.. එයට චේතියගේ මුවේ සිනාවක් ඇදුණි..


    ***************************


    එදින දහවල් පාසල ඇරෙන වේලාවට රංගලාගේ වෑන් රිය පාසල් ගේට්ටුව ඉදිරිපිට නවතා තිබෙනු චේතිය දුටුවේය.. රංග පාසල් පැමිණෙන දිනවල්වලදී ඔහුව රැගෙන යාමට නොඑන වෑන් රිය අද පැමිණියේ මන්දැයි සිතමින් කලනත් චේතියත් එයට ළං විය..


    “ආ.. මං මේ මල්ලිලා දෙන්නව හම්බවෙන්නම තමයි ආවෙ.. නංගින්නකො..”


    “ඇයි සේන අයියෙ අද රංගයා ආවෙ නැත්තෙ..?”


    “ඒක කියන්න තමයි මට මල්ලිලා දෙන්නව එහෙ එක්කගෙන එන්න කිව්වෙ..”


    හරස් ප්‍රශ්න නෑසූ දෙමිතුරන් වෑන් රියට නැගුණේ දහසකුත් දේ සිහිපත් කරමිනි.. නමුත් රංගගේ නිවසට එනතුරුම ඔවුනට රියදුරුගෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට හැකි වූයේ නැත..


    “මල්ලිලා ගෙට යන්න.. යාළුවා ඇතුළෙ ඉන්නවා..”


    රංගලාගේ මිදුලේ නැවැත්තූ රථයෙන් චේතියලාටත් පෙර බැස ගත්තේ රියදුරුය.. ඔහු ඉක්මනින් අඩි තබා නිවස පසුපසට යනු චේතිය හා කලන බලා උන්නේ පුදුමයෙනි..


    “මෙතන මොකක් හරි හොරයක් තියෙනවා බං.. සේන අයියා වෙනදට ඔහොම නෑ.. ෆිට් එකේ කතා කරනවනේ.. අද මූ නිකං ලබු කිරිබත් කාපු නරියා වගේ..”


    ඔවුන් දෙදෙනාගේ සිතේ ඇතිව තිබුණේ කුතුහලයකි.. එහෙත් කල හැකි කිසිවක් නොවූ මිතුරන් දෙදෙන රියෙන් බැස නිවසට පිවිසියේ කෙලින්ම රංගගේ කාමරයට යාමේ අටියෙනි..


    “පුතාලා.. ඔහොම පොඩ්ඩක් ඉන්නවද..?”


    සාලයේ කොණකින් ඇසුණු ඒ ගැඹුරු කටහඩට ඔවුන් ඉද්ද ගැසුවාක් මෙන් නතර විණි..


    “ආ.. අන්කල්නෙ මේ..”


    සෙටියේ ඉද උන් රංගගේ පියා දුටු කලන කීවේ මදක් චකිතයෙනි.. ඔහුගේ සිතට කුමක්දෝ වෙනසක් දැනෙමින් තිබුණේය..


    “ඊයෙ හවස මොකද උනේ..? ඔයාලත් එතන හිටියනේ..?”


    “අන්කල් මොනවා ගැනද මේ අහන්නෙ..?”


    එය චේතිය සිතාමතා ඇසූවක් නොව ඔහුට ඉබේටම ඇසුණි.. කලනද ගල් ගැසී බලා උන්නේය..


    “ඔයාල දෙන්නත් ඊයෙ පන්සලට ගියා නේද..? ඒ සිද්ධිය වෙද්දි ඔයාලා එතන හිටියෙ නැද්ද..?”


    ඔහු මේ අසන්නේ කුමක් ගැනදෝ වටහා ගත නොහුණු කලන ප්‍රශ්ණාර්ථ රැදි දෑසින් චේතිය දෙස බැලුවේය..


    “අපි පන්සලට ගියා තමයි.. ඒත් ඔය කියන සිද්ධියක් ගැන අපි දන්නෙ නෑ..”


    චේතිය සෘජුව පිළිතුරු දුන්නෙය.. රංගගේ පියා නිහඩවම ඉස ඉහල පහල හෙළුවේ ඊට පිළිතුරු ලෙසිනි..


    “සමාවෙන්න පුතා.. මං මේ ඔයාලා ගැන සැකේකින් ඇහුවා නෙමයි.. රංග කාමරේ ඇති..ගිහින් බලන්න..”


    ඒ ඇසුණු අඩියට දෙකට ඔවුන් රංගගේ කාමරයට දිව ගියහ.. ඇදෙහි දිගා වී උන් රංගව දුටු ඔවුනට තම දෑස් අදහාගත නොහැකි විණි.. ඔහු උන්නේ තුවාල ලබාය..


    ඔහුගේ එක් කකුලක දණහිසක් අනිත් කකුලේ වළලුකරත් එක් වැලමිටකුත් හිසත් සුදු බැන්ඩේජ් වලින් ඔතා තිබුණි.. ඇතැම් තුවාල වල ලේ පැල්ලම් බැන්ඩේජ් වලින් උඩට මතු වී ඇත.. මුහුණද තැනින් තැන ඉදිමිලාය..


    “රංග.. මොකද මචං උනේ..?”


    චේතිය රංගගේ ඇදේ පසෙකින් ඉදගත්තේ මෙය අදහා ගත නොහැකිවය.. මිතුරන් දෙදෙන දෙස බැලූ රංග සන්සුන් වන ලෙස ඔවුනට ඉගි කළේය..


    “කියපං.. අරුන් ටිකද උඹට ගේම දුන්නෙ..?”


    සිදුව ඇත්තේ කුමක්දැයි අනුමාන කල චේතිය නැවත වරක් ඇසුවේය.. රංග එයට හිස සැලුවේ බොහෝ අමාරුවෙනි..


    “උඹ ඉස්කෝලෙ ආවෙ නැතුවට අපි හිතුවෙ නෑ බං මෙහෙම දෙයක්.. කොහෙදිද මේක උනේ..?”


    කලන විමසුවේ චේතිය වලව් වත්තට හැරුණු පසු ඔහු රංග සමග හන්දියටම පයින් ආ හන්දාය..


    “උඹ ගියාට පස්සෙ මං අපේ ගෙවල් පාරට හැරුණා විතරයි.. කළු ග්ලාස් දාපු වෑන් එකකින් කට්ටියක් ඇවිත් මාව ඇදලා දා ගත්තා.. ඊට පස්සෙ කෙලින්ම ගියේ පහල වෙල පැත්තට..”


    කතාව මොහොතකට අතර මග නතර කල රංග හති ඇරියේය..


    “එවලෙ කළුවරත් වැටිලනේ.. මාව බිමට ඇදලා ගත්තු සෙට් එක එකසිය ගානට නෙලුවා බං.. පාරෙ මිනිස්සු කට්ටියක් එනවා දැක්කා විතරයි උන් වෑන් එකට නැගලා ඉගිලිලා ගියා..”


    මිතුරාට මෙම ඉරණම අත්වූයේ තමා නිසා බව දැන උන් චේතියගේ සිත බොහෝ නොසන්සුන් වී තිබිණි..


    “ඊට පස්සෙ උඹ කොහොමද ගෙදර ආවෙ..?”


    කලන විමසිය..


    “මං ළග ෆෝන් එක තිබුණනෙ.. ඒකෙන් සේනට කෝල් එකක් දීලා කිව්වා වෑන් එක අරන් වෙල ළගට එන්න කියලා..”


    “සේන අයියද උඹව බෙහෙත් දාන්න එක්කගෙන ගියේ..?”


    “ඔව්.. අපි ගෙදර ආවෙ මගින්ම බෙහෙත් දාගෙන.. ගෙදර ආවා විතරයි අම්මයි තාත්තයි කුලප්පු වෙලා.. මෙතන එක ගෝරියයි.. එයාලගෙ/ හිතේ මේක වෙද්දි උඹලත් හිටියා කියලා.. එහෙම නැත්තං මං වගේම උඹලත් ගුටි කාලා කියලා..”


    “ඉතිං..?”


    මිතුරාට එක දිගටම කාතා කිරීමට අසීරු බව දැනුනද සිද්ධිය දැන ගැනීමේ කුතුහලය නිසාම කලන ඔහුව උනන්දු කළේය..


    “අපේ තාත්තා රෑම වාහනේ අරගෙන උඹලගෙ ගෙවල් වලට එන්නයි ලෑස්තිය.. මං බොහොම අමාරුවෙන් ෂේප් කරලා අද උඹලව ගෙන්නන්නම් කිව්වා..”


    “උඹ කවුරු ගැහුවා කියලද ගෙදරට කිව්වෙ..?”


    “අශේනයගෙ බත් බැලයො ගැහුවා කියලා මට කියන්න තිබ්බා බං.. ඒත් එහෙම උනා නම් සම්මානිවයි, උඹවයි මේ කතාවට ගෑවෙනවා.. ඒ නිසා මං කිව්වෙ කවුරු ගැහුවද.. මොකට ගැහුවද දන්නෙ නෑ කියලා..”


    තීක්ෂණ ඥාණයක් ඇති රංගගේ පියා එය විශ්වාස නොකිරීම පුදුමයක් නොවේ යැයි චේතියට සිතුණි..


    “ඉතිං යකෝ උඹට තිබුණෙ නැද්ද අපි දෙන්නගෙන් කාට හරි කෝල් කරලා කියන්න..”


    ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා සේ කලන ඔහුට බැන වැදුනේය.. නමුත් ඒ තරහකින් නම් නොවේ..


    “කොහේ කෝල් කරන්නද බං.. ගෙදරට ආවා විතරයි තාත්තා ෆෝන් එක රාජ සන්තක කරා.. අනික ඩොක්ටර් ඉන්ජෙක්ෂන් එකක් දීලා මම ගෙදර ආවා විතරයි නින්ද ගියා.. ආපහු අහැරුනේ මහ රෑ.. එවලේ ඉදලා තාම නිදි නෑ බං.. මුළු ඇගම රිදෙනවා..”


    රංග අසීරුවෙන් පවසද්දී චේතියගේ මුළු ඇගම වෙව්ළුම් කෑවේය.. අශේන්ගේ මිතුරන් ගැන ඔහුගේ සිතේ ඇති වූයේ අසීමිත තරහකි..


    “ඒක නෙමෙයි චේති සීන් එක කියන්නෙ.. උන් මට ගහලා වෑන් එකට නගිද්දි කියපු දේ උඹ දන්නවද..?”


    රංග කීවේ කටහඩ තරමක් බාල කරය..


    “උන් කිව්වා උඹ සතියක් විතර ඇදට වෙලා හිටපං උඹගෙ අනිත් දෙන්නව මං හෙට ඉස්කෝලෙදි අල්ලගන්නම් කියලා..”


    “උන්ට ගැහුවෙ උඹලා දෙන්නා නෙමෙයි මමනේ.. උන් මොකටද ඒකෙ රිටන් එක උඹලගෙන් ගන්නෙ.. මාත් ඒක්ක ෆේස් ටු ෆේස් හැප්පෙන්න එන්න එපැයි..”


    චේතිය ඉහ වහා ගිය තරහකින් කියා දැම්මේය..


    “ඒවා මං දන්නෙ නෑ.. කොහොමටත් උන්ගෙ ටාගට් එක උඹ විතරක් නෙමෙයි.. අපි දෙන්නටත් එක්කනෙ එදත් ගේම සෙට් කරලා තිබුණෙ..”


    අශේන්ගේ උපන්දිනය දා සිදුවීම කලන නැවතත් සිහිපත් කළාය..


    “ඊයෙ මට වෙච්ච දේ අද උඹලට වෙන්න තිබ්බා.. ඒයි මං මුකුත්ම නොකියා සේනව එව්වෙ ඉස්කෝලෙ ළගට.. උඹලා ඌ එක්කම ගෙදර පලයල්ලා.. තනියම යන්න එපා..”


    චේතියගේ පළිය තමාගෙන් ගෙන තිබුණද අහිතක් නොසිතූ රංග තව දුරටත් මිතුරන්ව ප්‍රවේශම් කිරීමේ වගකීම කරට ගෙන උන්නේය..


    “හරි.. උන් තුන්දෙනාව ආපහු මීට් වෙයිනෙ.. බලමුකො.. උන් මගේ යාළුවොන්ගෙනුත් පළි ගන්නවනං මං අශේන්ගෙනුත් පලි ගන්නවා..”


    චේතිය සපථ කර කීවේය..


    “මට තියෙන ලොකුම අවුල අපේ තාත්තව ෂේප් කරගන්න එක බං.. එයා හෙන අප්සට් එකේ ඉන්නෙ..”


    තම එකම දරුවාට මෙවන් කරදරයක් වූ කල කලබල නොවන පියෙක් නැත.. රංගගේ පියාටද ඒ කැළඹීම නොඅඩුව දැනෙනු ඇතැයි කලනට සිතුණි..


    “මූ මෙහෙම ඉ්දි අපට මේක ලේසියෙන් අතාරිනන්න බෑ තමයි චේති.. ඒත් මං උඹට කියන්නෙ උඹ මේකට ඩිරෙක්ට් මැදිහත් වෙන්න එපා.. මේ ප්‍රශ්නෙ එක කොනක සම්මානි ඉන්නවා.. කෙල්ල ගැන ලීක් වුණොත් අවුල් ගොඩයි.. අන්තිමට ඒකිටත් ගෙදර ඉන්න නැති වෙනවා.. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ අනිත් පැත්තෙ.. මේක අනිත් කොණේ ඉන්නෙ අශේන්..”


    “ඉතිං..”


    කලන කුමක් කියන්නට අර අදින්නේදැයි නොදැනුන චේතිය විමසුවේය..


    “අමතක කරන්න එපා උඹලගෙ අම්මා වැඩ කරන්නෙ ගල් කන්ද වලව්වෙ කියලා.. මේක දුර දිග ගියොත් උඹලගෙ අම්මට විතරක් නෙමෙයි මේ ප්‍රශ්නෙ වෙන්නෙ.. උඹලට උන් හිටි තැනුත් අහිමි වෙනවා..”


    කලනගේ කතාව අනුමත කරන්නට මෙන් රංගද හිස සැලුවේය..


    “මමත් ඕක රෑ එළිවෙනකල්ම හිතුවා බං.. සම්මානියි උඹලගෙ ගෙදරයි ගැන හිතලා තමයි මමත් මේක අතාරින්න තීරණය කළේ..”


    රංග කී දෑ අදහා ගත නොහැකිව මෙන් චේතිය ඔහු දෙස බැලුවේ පුදුමයෙනි..


    “අතාරින්න.. මෙච්චර දෙයක් වෙලත්.. උඹලා අතෑරියට මං නමං මේක ලේසියෙන් අතාරින්නෑ..”


    ඔහු තරහින් කීවේය..


    “අතාරින්න ඕනෙ කියලා මමත් කියන්නෑ.. ඒත් බං අපි ගේම දෙන්න ඕනෙ මොලෙන්.. මොකද අපි හිරවෙන තැන් වැඩියි.. අශේන්ලට තියෙන පිරිස් බලය කොහොමද කියලා මං අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනෙ.. දැක්කනේ එදා ඇවිත් හිටිය තදයො ටික..”


    අනුන්ගේ දේකට ගුටි කෑ තම සගයා නිසා මෙය අතහැර දැමීමට නොහැක.. එසේම ආවේගයෙන් කටයුතු කරන චේතියව තවත් ප්‍රශ්නවල පැටලීමටයද නොහැක.. එහෙයින් කලන රංගගේ හා චේතියගේ අන්ත දෙක සමබර කරමින් උන්නේය..


    “මං තාත්තට කියලා ෂේප් එකේ ෆෝන් එක ඉල්ල ගන්නං.. උඹලා දැන් ගෙදර පලයල්ලා.. අපි රෑ වෙලා කතා කරමු..”


    රංග හැකි ඉක්මනින් ඔවුන්ව පිටත් කිරීමට උත්සාහ කරලේ කළුවර වැටෙන තුරු සිටියොත් ඔවුන්ගේ ජීවිතද අනතුරේ බව වැටහුණු නිසාය..


    “උඹ ඕන වෙලාවක කතා කරපං.. අපි හෙටත් ඉස්කෝලෙ ඇරිලා මෙහෙ එන්නම්..”


    කලන කීවේ රංගගේ පිටට තට්ටුවක් දමමිනි..


    “උඹලා දෙන්නා තනියම මෙහෙ එන්න එපා..”


    “නෑ.. නෑ.. අපි රත්නෙ අයියා එක්ක එන්නම්කො..”


    රංගගේ සිත ඇස්වැසීම පිණිස චේතිය ත්‍රී රෝද රථ සගයාව සිහිපත් කළේය..


    “ගෙදර ගිහින් කෝල් කරපං මචං..”


    ඔවුන් දොරෙන් නොපෙනී යන මොහොතේත් රංග කියා සිටියේය.. එයට හිස් සැලූ මිතුරන් දෙදෙන කතාබහකින් තොරව නිවසින් පිටතට පැමිණියහ..


    “මල්ලිලා නගින්න.. මං ගිහින් දාන්නම්..”


    ඔවුන් දුටු සැනින් රියදුරු රථය පණ ගන්වා ගත්තේය..


    “සේන අයියත් මාර මනුස්සයෙක් තමයි.. එක්කං එන්න කලින් අපිට සීන් එක කියන්න තිබුණනේ..”


    රථය පාරට පිවිසි සැනින් කලන ඔහුට බැන වැදුනේ තරහිනි..


    “කොහෙ කියන්නද මල්ලි.. ලොකු මහත්තයා මට තර්ජනේ කලා මොනවත් කියන්නෙ නැතුව එක්කගෙන එන්න කියලා.. එහෙම කියලා තිබු‍ණොත් මාව රස්සාවෙනුත් අස් කරනවා කිව්වා..”


    ගැමි තරුණයකු වූ සේන එය කී ආකාරයටම චේතියට සිනා නැගුණි.. නමුදු රංග කියා ඇති ආකාරයට සේන යනු එතරම් නෝන්ජලයෙකු නොවේ..


    “ඒ කියන්නෙ සේන අයියා ජොබ් එක බේරගන්න ඕනවට අපිට කොලේ වැහුවා..”


    “එහෙම කියන්න එපා මල්ලි.. මං මේ ප්‍රශ්නෙදි ඉන්නෙ ලොකු මහත්තයගෙ පැත්තෙ නෙමෙයි.. රංග මල්ලිගෙ පැත්තෙ.. එයා තමයි කිව්වෙ මල්ලිලා කලින් සිද්ධිය දැන ගත්තොත් ලොකු මහත්තයට මොනවා කියයිද දන්නෙ නැති නිසා මුකුත්ම නොකියා එක්ක එන්න කියලා.. ඒකයි මං එහෙම කලේ..”


    ඔහු මිතරන් දෙදෙනාට කීවේ විශ්වාසවන්ත අයුරිනි..


    “මල්ලිලා දන්නෙ නෑ ඊයෙ වෙල ළග රංග මල්ලි වැටිලා හිටපු හැටි.. නැගිට ගන්න බැරුව.. ලේ පෙරාගෙන.. මට දැක්කම හෝස් ගාලා ගියා.. හොද වෙලාවට ෆෝන් එකට මුකුත් වෙලා තිබුණෙ නෑ.. නැත්තං එතන ලේ ගිහිල්ලම මැරෙනවා..”


    මෙම විස්තරය චේතියට අසා සිටීමට නොහැකි තරම් විය.. ඒ බව වැටහුණු කලන ඔහුව සන්සුන් කිරීමට උත්සාහ දැරුවේය..


    “ඒ මදිවට බෙහෙත් දාපු ඩොක්ටර් කිව්වා මෙයාව ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා.. කොහෙද, මෙයා බෑම කියලා කිව්වනේ..”


    එම සිදුවීම සවිස්තරව පවසන අතරතුර සේන ඔවුන් දෙදෙනාව ප්‍රවේශමෙන් නිවෙස් වලටම ඇරලූහ..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.png



    රංග පහරදුන් සිද්ධියෙන් පසු දින දෙක තුනක් යන තුරුම චේතිය උන්නේ නොයිවසිල්ලෙනි.. ඔහු දිවා රෑ කල්පනා කලේ සම්මානිව නොගෑවෙන සේ ඔවුනට‍ පාඩමක් උගන්වන ආකාරයයි.. ඔහුගේ මුරණ්ඩු සිත කීවේම මෙම ප්‍රශ්ණය මුහුණට මුහුණ විසදාගත යුතු බව වුවද කලන කීවා සේ එවිට මෙය දුරදිග යා හැකි බව ඔහුට සිතුණේය..


    "මොනවද පුතේ මේ අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරන්නෙ..? ආයෙ මට හොරෙන් වලව්ව පැත්තෙවත් ගියාද..?"


    මිදුලේ පොල් කොටයට බර දී ඈත බලා උන් චේතිය වෙත පැමිණි ගුණවතී ඇසුවාය..


    "මං වලව්වට ගියේ මට දැනගන්න ඕන දේවල් වගයක් තියෙනවා කියලා හිතුන හින්දා මිසක් ආසාව‍ට නෙමෙයි.."


    "මොනවද පුතේ උඹට ඔය හැටි දැනගන්න තියෙන්නෙ..? අනික එහෙම දෙයක් තියෙනවා නම් උඹට පුළුවන් නොවෑ හාමු මහත්තයා මුණගැහිලා කතා කරන්ඩ.."


    "හො‍රාගෙ අම්මගෙන් පේන ඇහුවට‍ වැඩක් තියෙද අපෙ අම්මා.. උන් ඕවා යට ගහනවා මිසක් එළි කරන්නෙ නෑ.."


    චේතිය කීවේ තරහිනි..


    "මොනවා දැනගන්නද මගෙ පුතේ උඹ ඔය හැටි හාර අවුස්සන්නෙ..? උඹට මොනවද දැනගන්න ඕනෙ..?"


    මෑතක සි‍ට තම පුතු සොයන්නේ මොනවාදැයි නොදැන උන් ගුණවතී එසේ විමසුවේය..


    "හොයන්න හරියටම අහවල් දේ කියලා කියන්න මට තේරෙන්නෙ නෑ.. ඒත් අපේ පවුලට සම්බන්ධ මොකක් හරි රහසක් ඔය වලව්ව ඇතුලෙ හැංගිලා තියෙනවා කියලා මට ඉවෙන් වගේ ‍‍තේරෙනවා.."


    ඒ කතාවට ගුණවතී මොන තරම් තිගැස්සුනේද යත් ඇගේ මුහුණ සුදුමැලි විණි..


    "කවුද පුතාගෙ ඔළුවට ඔය මනස්ගාත ඇතුල් කලේ..? නතාලි දුවවත්ද..?"


    "නතාලි අක්කා මේකට ගාවගන්න එපා අම්මා.. එයා මේ කිසි දෙයක් දන්නෙ නෑ.. එයා අපිට උදව් කරන්නෙ චූටිගෙ ප්‍රශ්නෙට විතරයි.."


    "ඕවා අවුස්සන්න ගිහින් උඹට තාත්තට උන දේම වෙයිද මංදා.."


    මවගේ කතාවට චේතියගේ සිතේ ඇතිවූයේ කුතුහලයකි.. තාත්තාට උන දේ ලෙස ඈ හැදින්වූයේ කුමක්දැයි ඔහුට වැටහුණේ නැත..


    "තාත්තට මොනවද උනේ අම්මෙ..? එයා නැතිවුණේ වැවේ ගිලිලා නේද..?"


    "වැවේ ගිලිලා නේන්නං.. කොහොම හරි ඒ මනුස්සයා නැති උනානේ.. මට බය තියෙන්නෙ උඹවත් මට නැතිවෙයි කියලා.."


    "මං එච්චර ඉක්මනට අම්මව දාලා යන්නෙ නෑ අම්මෙ.. මං කවද හරි මැරෙන්නෙ ඔයාව මේ පැලෙන් මාළිගාවකට අරන් ගියාට පස්සෙ.."


    මව තමා හා නැගණිය වෙනුවෙන් විදින දුක් කන්දරාව ඉවසිය නොහැකි වූ චේතිය එවන් අදහසක් ඇති කරගත්තේ මීට අවුරුදු ගණනාවකට පෙරය.. කුඩා කල සිට ඔහු තමාට හැකි අයුරින් කීයක් හෝ උපයා ගැනීමට උත්සාහ කලේ එයට අඩිතාලමක් වශයෙනි.. නමුත් මෑතක වූ සිදුවීම් නිසා එම කටයුත්තද ඔහුගෙන් මග හැරී ගියේය..


    "උඹ මේ නාකි මං ගැන නොබැලුවට කමක් නෑ පුතේ.. පුළුවන් නං අර අහිංසකී ගැන හිතපං.. මං නැති කාලෙක ඒකිට අසරණ වෙන්න දෙන්න එපා.."


    "රටේ ලෝකෙ මිනිස්සු මොන දේ කිව්වත් අම්මා හිතනවද මං නංගිව අතාරියි කියලා.. මට එයාගෙ ජාතකෙන් ඇති වැඩක් නෑ.. එයයි මමයි දෙන්නම එක බඩවැල කඩාගෙන ආපු අය.."


    චේති ඒ එල්ල කලේ ඇනුම්පද නොවුනද ගුණවතීගේ සිත තරමක් පෑරුණි.. චේතිය සෘජුව නොඇසුවාට ඔහුගේ සිතේ මිහිරාවිගේ පියා පිළිබද වූයේ ගැටළුවකි.. එය කිසි දිනෙක තුරන් නොවන වග ඒ කතාවෙන් ඈ වටහා ගත්තේය..


    "වෙලාව ආවම මං හැමදේම කියන්නං පුතේ.. උඹේ අම්මා නරක ගෑණියෙක් නෙමෙයි.. මාව විශ්වාස කරපං.."


    මවගේ දෑසින් කදුළු වැල් දෙකක් ගලා යනු දුටු චේතිය ඈ ළගට ගොස් ඒ කදුළු තම දෑතින් පිස දැමිය..


    "මං කවදාවත් අම්මා ගැන එහෙම හිතන්නෙ නෑ.. අපි දැන් ඔය කතාව නවත්තමු.."


    ඔහුගේ ලෙංගතු හැසිරීමට ගුණවතීගේ කදුලු අලුත් වූවා මිස නතර වූයේ නම් නැත..


    "අම්මට ඉස්සරහට වැඩ වැඩි වෙයි නේද..? අම්මගෙ පුංචි හාමු බදින්නනේ යන්නෙ.."


    මවගේ සිත වෙනතකට හැරවීමට මෙන්ම අශේන්ගේ විවාහ යෝජනාව ගැන මවගේ අදහස් දැනගැනීමටට අවැසි වූ නිසා චේතිය විමසිය..

    "ඒ දැරිවිට පුංචි හාමු පෑහෙයිද මංදා.."


    "ඇයි අම්මා එහෙම කියන්නෙ..?"


    "අපේ හාමුලා වලව්කාරයො උනාට ඔය සේනාධීර මහත්තයා සල්ලි අතින් ගත්තම ඊට එහා.. උන්දලගෙ සල්ලි භාගෙ එක්ක බලද්දි ඇතුගල හාමුටයි කියලා මොනවද තියෙන්නෙ.."


    තමා මෙතෙක් නොදැන උන් ඉසව්වක් ‍කරා කතාව ගලා යන බව වැටහුණ චේතිය මව දිරිමත් කළේය..


    "ඇයි අම්මෙ.. ඇතුගල හාමුට මේ තියෙන වලව්වයි, වත්තයිම මැදෑ.. තව ඒවා මොකටද..?"


    "ඇතුගල හාමුට කොයින්ද ළමයො වලව්වක්..? උන්දලා වලව්කාරයො තමා.. ඒත් මේ ගල්කන්ද වලව්ව අයිති ළමාතැනීට.. මේක ඒ ඇත්තිගෙ දෙමව්පියො දෑවැද්දට ලියලා දීපු එකක්ලු.."


    ගුණවතී ඒ කීවේ එකල ඇගේ සැමියා වූ ධර්මතිලපක ඈ සමග කී කතාවකි..


    "එතකොට හාමුලා බදින්න කලින් මේ වලව්වෙ හිටියෙ කවුද..? මං හිතාන හිටියෙ මේක ඇතුගල හාමුගෙයි කියලා.."


    ගමේ ඇත්තන්ගෙන් දැනගෙන උන් කතාබහ චේතිය සිහිපත් කලේ මව ඊට පරස්පර කතාවක් කියන නිසාවෙනි..


    "අන්තිම කාලෙ හිටියෙනං ඇතුගල හාමුලා තමාලු.. ඒත් අයිතිය තිබිලා තියෙන්නෙ ළමාතැනීලගෙ පරම්පරාවට.. ඒ උදවියයි ඇතුගල හාමුගෙ දෙමව්පියොයි හරි හිතවත්ලු.. දෙගොල්ලොම වලව්කාරයොනෙ ඉතිං.. කොහොමහරි ළමාතැනීට බාල තව එක සහෝදරයෙක් ඉදලා තියෙනවා.. ඒ දරුවා පුංචි කාලෙ ඉදලා අසනීපෙන්ලු හිටියෙ.. එයාව හොද කරන්න පුළුවන් පිටරට ගෙනිච්චොත් විතරයි කියලා දොස්තර මහත්වරු කිව්වලු.."


    චේතිය පුදුමයෙන් තම මව දෙස බලා සිටියදී ගුණවතී මොහොතකට කතාව නවතා හති ඇරියාය..


    "ඒ ඇත්තන්ට සල්ලි වලින් අග හිගයක් තිබිලා නැති නිසා දොස්තර මහත්වරු කියපු වෙලාවෙම උන්දැලා ඒකට කැමති වෙලා.. ඒත් එහෙම ගියාම මේ වලව්ව පාළුවට යන එක තමයි මුහන්දිරම් හාමුදුරුවන්ට තිබිලා තියෙන ප්‍රශ්නෙ.."


    තම මව මුහන්දිරම් හාමු ලෙස හැදින්වූයේ ළමාතැනීගේ පියා වන්නට ඇතැයි චේතියට සිතුනි.. නමුත් ඔහු ඒ පිළිබදව මවගෙන් ප්‍රශ්න කලේ නැත..


    "ඔය කාලෙ මුහන්දිරම් හාමුදුරුවන්ගෙ හොදම හිතවතා උන ඇතුගල හාමුගෙ අප්පොච්චා ඉදලා තියෙන්නෙත් ප්‍රශ්න වගේක පැටලිලා.. ඒක ඒ උන්දැලගෙ නුවර වලව්වෙ මොකක්ද දේපල සම්බන්ධ ප්‍රශ්නයක්ලු.. මට හරියට නිච්චි නෑ.."


    "ඉතිං..?"


    "අන්තිමට මුහන්දිරම් හාමුදුරුවො කිව්වලු ඒ ප්‍රශ්නෙ නිරාකරණය වෙනකල් මෙහෙ ඇවිත් නවතින්න කියලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි අර අසනීප දරුවයි මේ වලව්ව ඇතුගල හාමු‍ලට බාරදීලා රට‍ ගිහින්.."


    "එතකොට ළමාතැනී..?"


    චේතියට ගැටළුවක් නැගිණි..

    "ළමාතැනි හොද ලොකු බාලිකාවක නැවතිලාලු ඉගෙනගෙන තියෙන්නෙ.. ඒ ඇත්ති අප්පොච්චිලා එක්ක ගිහින් නෑ.. අනික ඒ කාලෙ ඇතුගල හාමුත් ගජ ඉලන්දාරියලු.. ඉදලා හිටලා ඉස්කෝලෙ නිවාඩුවට‍ ගෙදර ආපු ළමාතැනී දැකලා ඇතුගල හාමුට හිත ගිහින්.. ඒත් උඹලගෙ තාත්තානං කිව්වෙ ඇතුගල හාමුගෙ දෙමව්පියො මේ මාලිගාවට වහ වැටුණා කියලයි.."


    මව මේ භූමියට පැමිණෙන්නට පෙර මෙහි වූ දේ දැන ගත්තේ කෙසේදැයි පසුව විමසීමට උන් චේතියට ඊට පිළිතුරු නිරායාසයෙන්ම ලැබුණි.. තම මවට මේවා කියන්නට ඇත්තේ තම පියා බව ඔහු වටහා ගත්තේය..


    "කොහොමින් කොහොම හරි ළමාතැනීගෙ මල්ලිට බෙහෙත් කරන්න ඒ උදවියට අවුරුදු කීපයක්ම රට ඉන්න උනාලු.. ඒ කාලෙ තමයි ඇතුගල හාමුගෙ ලොකු උන්දලා මෙහෙ පාලනය අතට අරන් තියෙන්නෙ.. උන්දැලා එක්ක ඉන්න බැරිකමට තමයි උඹලගෙ තාත්තා අපේ වලව්වට සේන්දු උනේ.."


    "කියන්නකො අම්මා ඉතිං.."


    "ළමාතැනීගෙ විභාගෙ ඉවර වෙන කාලෙ වෙද්දි රට හිටපු ඒ ඇත්තිගෙ මල්ලි අන්තරා වෙලා.. ඊට පස්සෙ මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි‍ මෙහෙ ඇවිත් එහෙම ඉද්දි ඇතුගල හාමුගෙ දෙමාපියො කියලා ඇතුගල හාමුයි ළමාතැනියි අතරෙ දුරදිග ගිය සම්බන්ධකමක් තියෙනවා.. ඒ නිසා මේ මංගල්ලෙ කරලා දාමු කියලා.."


    "ඉතිං ඒක ඇත්තක්ලුද අම්මා..?"


    "ඒක බොරුවක්ලු.. ළමාතැනීගෙ හිතේ ඇතුගල හාමු ගැන එහෙම අදහසක් තිබිලා නෑ.. අනික හාමු ඒ කාලෙ ඉදලම සල්ලාලයෙක්ලු.."


    ඒ කියන්නෙ ඔහු දැනටත් එසේදැයි අසන්නට සිතුණ චේතිය එය නතර කර ගත්තේ කතාව දිගටම ඇසිය යුතු නිසාය..


    "ළමාතැනී ඒ කාලෙ දෙව්දුවක් වගේලු.. ඒ වගේම ඒ ඇත්ති දෙමාපියන්ට හරිම කීකරුලු.. මල්ලිත් මැරිලා හිත් කලකිරීමෙන් ඉන්න දෙමාපියන්ට තවත් බරක් වෙන්න බැරි නිසා ඒ ඇත්ති අන්තිමේදි මේ මගුලට කැමැත්ත දීලාලු.."


    ගුණවතී තම සැමියගෙන් පමණක් නොව හේතුහාමිගෙන්ද දැනගත් කරුණු එකතු කර කතාව කියාගෙන ගියේය..


    "ඒත් ළමාතැනීගෙ අම්මට.. ඒ කිව්වෙ ලොකු මැණිකෙට දැනිලා තියෙනවා ඇතුගල හාමුගෙ මහ ජෝඩුව හරි කපටියි කියලා.. ඒ නිසා එයා කිව්වලු දුවගෙ දෑවැද්දට මේ ගල් කන්ද වලව්ව ලියලා දෙනවා.. හැබැයි දෙන්නට වලව්වෙ තනියෙන් ජීවත් වෙන්න දෙන්න ඕනෙ කියලා.."


    "එයාලා ඒකට කැමති වෙලාද..?"


    "කැමැත්තක් තිබුනද නං දන්නෙ නෑ.. ඒත් මංගල්ලෙන් පස්සෙ එයාලා ආපහු නුවර වලව්වට ගිහින්.. මුහන්දිරම් හාමුදුරුවොයි ලොකු මැණිකෙයි දෙන්නා ආපහු රට ගිහින්.. බැදපු අලුත ළමාතැනී උඹලගෙ තාත්තට පණිවිඩයක් එවලා තිබුනා ආපහු එන්න කියලා.. ඊට පස්සෙ තමයි උන්දැ අපේ වලව්වෙන් පිටවෙලා ආවෙ.."


    "ඒ ආවෙ අම්මවත් එක්කගෙනද..?"


    මනමාල හිනාවක් මුවේ රදවා ගත් චේතිය මවගෙන් ඇසුවේය..


    "ඒ සංධියෙ මං ඉගෙන ගන්නවා.. මං උඹේ තාත්තා එක්ක ආවෙ ඊට අවුරුදු කීපයකට‍ පස්සෙ.. "


    ඒ විස්තර තම පුතු සමග පසු දිනෙක කීමට සිතා ගුණවතී නිහඩ වූවාය..


    "එතකොට අම්මා හේතුහාමි.. එයා ළමාතැනීලගෙ කෙනෙක්ද..? ඇතුගල හාමුලගෙ කෙනෙක්ද..?"


    "හේතුහාමි අයියයි උඹේ තාත්තයි තමයිලු මුහන්දිරම් හාමුදුරුවන්ට හිටිය විශ්වාසවන්තම සේවකයො.. උන්නාන්සෙ රට යද්දි ඇතුගල හාමුලගෙ ඇත්තන්ට කිව්වලු මොනම හේතුවකටවත් හේතු හාමි අයියව වලව්වෙන් පිටමං කරන්න එපා කියලා.. අනික ළමාතැනී හේතුහාමි අයියට හරිම හිතවත්ලු.."


    එසේනම් හේතුහාමි ඇතුගල හාමුට මෙතරම් බය ඇයිදැයි චේතියට වටහාගත නොහැකි විය.. එක් පසෙකින් බලන කල දැන් මෙහි ඇතුගල හාමුට ඉහලින් යා හැකි කෙනෙක් නැති නිසා එසේ වන්නට ඇතැයි ඔහුට සිතුණි..


    "අර සේනාධීර මහත්තයගෙ දෝණියැන්දෑ පුංචි හාමුව කර කාර බැදගත්තොත් ඒ දැරිවිට වෙන්නෙ ළමාතැනීට වෙච්ච සංහදියෙ අනිත් එක.."


    සිය අත්ල නිකට මත තබාගත් ගුණවතී කීවේ හීල්ලුමක් සමගිනි..


    "ඇයි අම්මා එහෙම කියන්නෙ..?"


    "නෑ ඉතිං.. ඒ දැරිවිත් ළමාතැනී වගේම ඉටිරූපයක් උනාට පුංචි හාමුගෙ දහං ගැට වලට ඔළුව නමාන ඉන්න වෙයි.."


    "අම්මා කැමති නැද්ද සේනාධීර මහත්තයගෙ දුවට..?"


    චේතිය සියුම් පරික්ෂාවක් කර බැලුවේය..


    "ඒ දැරිවිට අකමැති වෙන්නෙ අහවල් එකටයෑ.. පුදුම සිරියාවන්ත දරුවෙක්නෙ.. ඉන්න තැනක කිරි උතුරනවා.."


    චේතියට තම මවගෙන් ලැබු‍ණේ සිතා උන්නාටත් වඩා හොද ප්‍රතිචාරයකි.. ඔහුට සතුටක් දැනුණි..


    "ඒ වගේ කෙනෙක් කවද හරි අම්මගෙ ලේලි උනොත්..?"


    ගුණවතී පළමුව තම පුතු දෙස විමතියෙන් බලා දෙවනුව දුක්බර සිනාවක් පෑවාය..


    "මං කැමති උනාට මොකෝ.. මං එච්චර පිං කරලා නෑ.. අනික.. හද තියෙන්නෙ අහසෙ මගෙ පුතේ.. බිම ඉන්න අපිට ඒක අල්ලන්න බෑ.."


    තමාත් අශේන් මෙන් අහසෙ උන්නා නම් හද ඇල්ලීමට එතරම් අමාරු නොවන බව චේතියට සිතුණි..


    "කොහොමටත් මේ අගු පිලක ඉසගෙන අපට හද අල්ලන්න බෑ තමයි අම්මා.. මං අම්මව අහසට අරන් ගිහින් ඊට පස්සෙ හද අල්ලලා දෙන්නම්.."


    ඔහු එය කීවේ කටට ආවාටම නොවේ.. නමුත් ගුණවතීට සිතුණේ පුතු තමා සමග විහිළු කරනා බවකි..


    "එතකොට අම්මා ගල්කන්ද වලව්වෙ දැන් අයිතිය තියෙන්නෙ කාටද..? "


    සම්මානි ගැන සිතීම මොහොතකට අමතක කල චේතිය ඔහුට ඇසීමට අමතක වූ කරුණක් මවගෙන් විමසා සිටියේය..


    "ඇතුගල හාමුට වෙන්ටැති මයෙ හිතේ.. මං ඔය නීති රෙගුලාසි ගැන නං දන්නෙ නෑ.. ඒත්.. ළමාතැනී ඕක පුංචි හාමුගෙ නමට ලියලද දන්නෙ නෑ.."


    ඈ කීවේ කිසි දිනෙක ළමාතැනී කියූ කරුණක් නොව තම සිතට නැගුණු දෙයකි.. එය ඇසූ චේතිය මදකට සැලී ගියේය..


    තම නැගණිය පෙර භවයේ ළමාතැනී යැයි කියන උපකල්පනය නිවැරදි නම්.. ඇයට ඒ සිදුවීම මතක නම්.. තමාට ඇයගෙන් තොරතුරු ලබාගත හැකි වෙයැයි චේතියට සිහිපත් උනි.. නමුත් දැන්ම ඉක්මන් නොවිය යුතු යන හැගීම ඔහුගේ සිතට නැගුණි..

    "ඇතුගල හාමුගෙ කට්ටිය වගේ සේනාධීර මහත්තයලා ඇහැ දාන්නෙත් වලව්වටද දන්නෙ නෑ නේද අම්මා..? නැත්තං ඉතිං ඒ ළමයට කසාද බදින්න තරං වයසක් නැතුව ඇතිනෙ.."


    චේතිය සම්මානි පිළිබද විස්තර තමා දන්නා බව ඇගවීමට එතරම් හදිසි වූයේ නැත.. කොටින්ම ඔහුගේ නම පවා භාවිතා කළේ නැත..


    "ඒ උදවියට ඔය වගේ වලව් දහයක් ගන්න සල්ලි බාගෙ ඇති.. ඕවා ගැන මොකටද පුතේ අපි ඔය හැටි නැහෙන්නෙ..? උන්දලාට කැමති විදියට වැඩ කරගත්තාවෙ.. අපේ මොකෝ.."


    මව පොල් කොටය ළගින් මෑත් වූයේ නැගණිය ගෙන ඒමට පාසලට යාමට බව වැටහුණ චේතිය ප්‍රශ්න සියල්ල එතෙකින් නතර කර ගත්තේය.. නමුත් ඒ කතාව තුළ ඔහුට සිතීමට කරුණු නම් කිසිදු අඩුවක් වූයේ නැත..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    12.png


    නිතර දුරකථනයෙන් අමතා සුවදුක් විමසන නතාලි අක්කාට රංගගේ සිදුවීම් චේතිය දැනුම් දුන්නේය.. ඒ ඇසුණු ඈ ඔහුට අවධාරණයෙන් කියා සිටියේ එම ගැටළුව සෘජුව මැදිහත් වී ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසය..


    "එහෙම කියලා පැත්තකට වෙන්න බෑනෙ අක්කා.. ඌ ගුටිකෑවෙ මං නිසා.."


    "උන් ඔයාගෙ පලිය අම්මගෙන් නංගිගෙන් එහෙම ගත්තොත් මොකද වෙන්නෙ..? ඒ නිසා මං කියන්නෙ කරන දෙයක් පරිස්සමින්.."


    ඇය විස්තර කරද්දී කලන කීවේත් ඔය ටිකම‍ නොවේදැයි චේතියට සිහිපත් විය..


    "උන් තාම ගේම අතෑරලා නෑ.. දැන් කලනගෙයි මගෙයි පස්සෙ පන්නනවා.. ඊළග පාර උන් ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙන්න ඕනෙ අක්කා.."


    "අඩුව තියෙද්දි අත පුච්චගන්න ඕනෙ නෑනෙ.. මල්ලි අපි වෙන විදියක් බලමු.. මං විශ්ව අයියටත් කියන්නම්කො.."


    ඈ කියූ අඩුව කුමකත්දැයි ඔහුට වටහා ගත හැකි වූයේ නැත.. කෙසේ වෙතත් ඈ එය කීවේ යම් සැලැස්මක් සිතේ තබාගෙන බවනම් ඔහුට වැටහිණි..


    "දැන් කොහොමද චූටිගෙ වැඩේ..?"


    "ඒ ගැන නම් අලුත් තොරතුරු මුකුත් නෑ.. අපි පන්සලේ හාමුදුරුවො එක්ක ඔය ගැන කතා කලා.. හාමුදුරුවො කිව්වා අක්කවයි චූටිවයි පන්සල පැත්තෙ එක්කගෙන එන්න කියලා.."


    "ඒක හොයන එක කල් යවන්න එපා මල්ලි.. මම ළගදිම දවසක එන්නම්.. අපි පන්සලට යමු.."


    "අක්කා අපේ ගෙවල් පැත්තෙ එන්නෙ නැද්ද ළගදි..?"


    "පන්සලට එනවනං මං ඔය පැත්තෙ නෑවිත් ඉන්නවද ළමයො.. කොහොමටත් මං හිස් අතින් එන්නෙ නෑ.. ඔයාලට ලොකු තෑග්ගක් අරගෙනයි එන්නෙ.."


    "ඒ කිව්වෙ..?"


    ඔහුට ඇගේ කතාව වැටහුණේ නැත..


    "හෝව්.. හොව්.. ඒක සප්‍රයිස් එකක්.. දැන්ම අහන්න එපා.."


    "අයියා... නකාලි අක්කද..? මට කතා කරන්න දෙන්නකො.."


    තම සුරතල් නැගණිය පසුපසින් විත් මුහුණට එබෙන තුරුම චේතියට ඇයව දුටුවේ නැත.. ඇගේ කැරලි කොණ්ඩය අතින් අවුල් කර ඔහු ඇයව තම උකුලට ගෙන නතාලි සමග කතා කිරීමට ඉඩ සලසා දුන්නේය..


    එදින වෙනදාට කලින් පාසල් එන්නයි කලන දුන් දුරකථන ඇමතුමට අනුව චේතිය පැයකට පමණ පෙර පාසලට ළගා විය.. ඔහු යන විටත් පැමිණ උන් කලන ඉදිරියට ආවේ සිනා කටක් මුව රදවාගෙනය..


    "ගුඩ් මෝනිං චේති.. උඹ අද නං වෙලාවටම ආවා.."


    කලන උන්නේ වෙනදාටත් වඩා සතුටිනි..


    "හරි.. හරි.. දැන් කියපං මොකක්ද කියන්න තියෙන්නෙ කියලා.."


    "මේකයි.. මං උඹෙන් රත්නෙ අයියගෙ නම්බර් එක ඉල්ල ගත්ත‍ට පස්සෙ මිනිහට කෝල් කරා.. ඌ හොයාගෙන තියෙනවා අශේනගෙ ගැන්සිය යන එන තැන්.. ඒ ගැන්සිය හැමදාම හවස හය හත අතරෙ ටවුන් එකේ ලයන් ක්ලබ් එක‍ට එනවලු.. ඒත් අශේනයා හැමදාම සෙ‍ට් වෙන්නෙ නෑලු.."


    කලන රත්නෙගෙන් දැනගත් තොරතුරු චේතිය හමුවේ දිග හැරියේය..


    "එහෙනම් අපි අශේන් ඉන්න දවසක උන් ටිකට ගේම දෙමු.."


    චේතිය ගත් කටටම කීවේය.. කලනද හිස ඉහල පහල වැනුවේ එය අනුමත කරන නියාවෙනි..



    "ඒක තමයි මමත් හිතුවෙ.. අපි බොරුවක් කරලා උන් ටිකව කොහෙට හරි ගෙන්නමු.. ඊට පස්සෙ බැරියෑ රංගයගෙ වාඩුව ගන්න.."



    "ඔව් මචං.. මට අපේ නතාලි අක්කා විශ්ව අයියගෙ නම්බර් එක දුන්නා ඕන උනොත් උදව්වක් ගන්න කියලා.. ඕනම උනොත් අපි මිනිහවත් සෙට් කරගමු.."


    චේතිය එය කීවේ සිතේ දහසකුත් දේ සැලසුම් කරමිනි..


    "මිනිහා කැම්පස් කිව්වා නේද..? නියමයි.. කොහොමටත් චේති දැන් රංගයත් නැති නිසා උඹටයි මටයි විතරක් මේ ගේම දෙන්න අමාරුයි.. අපිට විශ්ව අයියගෙත් උදව් ඕන වෙයි.."


    "අපි මෙහෙම කරමු.. අශේනයා පණිවිඩයක් එව්ව විදියට උන් ටිකව ක්ලබ් එකෙන් එළියට ගමු.. ඒත්.. උන්ට වාහනයක් තියෙනවද දන්නෙ නෑ නේද..?"


    කීමට ගිය දේ ගිලගත් චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේ හොද හැටි සැලසුම් නොකර යමක් කීමෙන් තමන් අමාරුවේ වැටෙන බව දැන උන් නිසාය..


    "උන් තුන්දෙනා එන්නෙ බයික් දෙකකින්ලු.. දවස් ගානක් උන් හන්දිය පැත්තෙ කැරකිලා කලර්ස් වගයක් දාලා තියෙනවා.. අනික උන් මේ කුරුණෑගල පැත්තෙ නෙමෙයිලු.."


    "අ‍‍ශේනයා යන්නෙත් උන් එක්කමද..?"


    "අශේන් ආවෙත් එන්නෙ ටිකක් පරක්කු වෙලාලු.. මොකද කරන්නෙ.. අපි අද හෙටම ගේමට බහිමුද..?"


    "ෆිට් තමා.. මං විශ්ව අයියටත් කෝල් කරලා බලලා පුළුවන්නම් මිනිහවත් සෙට් කරගෙනම උඹලගෙ ගෙවල් පැත්තෙ එන්නම්.. උඹ පුළුවන්නම් රත්නෙ අයියව ගෙන්න ගන්න බලපං.. හැබැයි මචං.. දැන්ම මේක රංගයගෙ කණට යවන්න එපා.."


    දැඩි විශ්වාසයකින් මිතුරාට පහක් දැමූ චේතිය කීවේ ඇසක්ද ඉගි කරමිනි..


    ඔවුන් සැලසුම් කරගත්තා සේම විශ්ව අයියාවත් මෙම වැඩේට හවුල් කරගැනීමට චේතිය ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය..


    "රායිට් මල්ලි.. මට නතාලි මුළු ස්ටෝරියම කිව්වා.. මට කොහෙටද එන්න ඕන කියන්න.."


    "අයියට අද හවසට වැඩක් තියෙනවද..?"


    "වැඩක් තිබුනත් නැතත් මස්සිනා වෙනුවෙන් ඒක කැන්සල් කරන එක මහ දෙයක් නෙමෙයිනෙ.. මල්ලි මට තැනයි වෙලාවයි කියන්න.."


    ඔහු නතාලි අක්කාටම ගැලපෙන අයෙක් යැයි එම කතාවෙන් චේතියට වැටහුණි..


    "හතරට විතර අපේ ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එක ළගට එන්න පුළුවන්ද අයියෙ..? මං ඒ වෙලාවට ඇවිත් ඉන්නම්.."


    "ඕකේ.. මං ඇවිත් ඔයාට රින්ග් කට් එකක් දෙන්නම්.."


    ඔහුගේ ඇමතුමෙන් පසුව චේතිය කාලය ගෙවා දැමුවේ ඉතාමත් අසීරුවෙනි.. සවස හතර වන තුරු පමා නොවූ ඔහු අවසානයේ තරමක් වේලාසන නිවසින් පිට වුණේය..


    ඔහු බස් නැවතුමට පැමිණ පැය කාලක් පමණ ගතවද්දී විශ්ව පැමිණ සිටියේය.. මීට පෙර දින දෙකක් පමණ නුවරදී නතාලි අක්කා සමග මුණගැසී ඇති බැවින් චේතියට ඔහුව හදුනා ගැනීමට අපහසු වූයේ නැත.. මොහොතක් සුහද කතා බහක නිරත වූ පසු චේතිය විශ්වට සිද්ධිය නැවත මුල සිට විස්තර කළේය..

    "නගින්න මල්ලි.. අපි ඉතුරු ටික ගිහින් කතා කරමු.. අපි කොහෙටද යන්න ඕන..?"

    ඔහු පැමිණි මෝටර් බයිසිකලයට චේතිය නංවා ගත්තේය..

    "මේ ළගට අයියෙ.. මං පාර පෙන්නන්නම්.. යමුකො.."

    නගරයේ සිට කලනලාගේ නිවසට වූ දුර බයිසිකලයෙන් ගෙවා දැමීමට විනාඩි දහයක්වත් ගත වූයේ නැත..

    "යමු අයියෙ.. මේ මගේ යාළුවෙක්ගෙ ගෙයක්.."

    "මේ ගුටි කාපු යාළුවගෙ ගේ නෙමෙයි නේද..?"

    විශ්ව ඇසුවේ සිනාසෙමිනි..

    "නෑ.. නෑ.. ගුටි කෑවෙ වෙන කෙනෙක්.."

    ඔවුන් බයිසිකලයෙන් බසින විටම කලන විත් ඔවුන් පිළිගත්තේය..

    "මේ තමයි අයියෙ මගේ යාළුවා කලන.. මචං මේ විශ්ව අයියා.. දන්නවනේ.."

    "අපෝ හොදට දන්නවා.. මේ අර නතාලි අක්කගෙ ඇම කාපු අයියා නේද..?"

    "හරියට හරි මල්ලි.. දැන් ඒ ඇම ගලවගන්න බැරුව ඉන්නෙ.. උඹලා නං ඔය කෙල්ලන්ගෙ ඇම කන්න එපා.."

    ටික වෙලාවක් යනතුරු සුහදව කතාබහක නිරත ඔවුන් තේ පානයෙන් පසුව ප්ලාස්ටික් පුටු තුනක් රැගෙන මිදුගේ අඹ ගස යටට ගියහ..

    "අයියා අපේ මේ විස්තරේ දන්නවා ඇතිනේ.. අපි දැන් කොහොමද මේක ඉවරයක් කරන්නෙ..?"

    කෙතරම් සුහද ලෙස කතා කලද විශ්ව වැඩිහිටියෙකු නිසා කලන මුල් තැන දුන්නේය..


    "මල්ලිලා කැමතිනං මට පුළුවන් ඔයාලා දෙන්නා මැදිහත් කරගන්නෙ නැතුව මේක ඉවරයක් කරලා දාන්න.. ඔයාලා මොකද කියන්නෙ..?"

    "එහෙම හරියන්නෑ අයියා.. උන් අපේ යාළුවට කරපු දේට මට මගේ අතින්ම උන්ට රිටන් එක දෙන්න ඕන.."

    චේතිය කීවේ ඉක්මනින්ය.. කොහොමටත් රංගගේ තුවාල සිහිවන වාරයක් වාරයක් පාසා ඔහුගේ පපුව වෙව්ලුම් කෑවේය..

    "උන් ඔයාලා තුන්දෙනාගෙම අතපය කඩන්න ලෑස්ති උනාලු නේද අ‍‍ශේන්ගෙ උපන්දිනේ දවසෙ.. හරි.. අපි එහෙනං මෙහෙම කරමු.."

    විශ්ව තම පුටුව මිතුරන් දෙදෙනා ළගට ඇදගන්නා ගමන් හඩ බාල කර කීවේය..

    "අපි හෙට රෑට ගේමට බහිමු.. අපේ කැම්පස් එකේ කොල්ලො සෙට් එකකුත් මං අරන් එන්නම්.. ඔයාලා කියපු විදියට අශේන් එක එන ෂුවර් නෑනෙ.. අපි ඒ නිසා දෙවිදියටම ලෑස්ති වෙමු.. උන් හය හතර අතරෙ ක්ලබ් එකට එනවනං අ‍ශේන් ආවත් එනවා ඇත්තෙ ඊට පහුවෙලානෙ.."

    එය අනුමත කරන්නට මෙන් කලන හිස සැලුවේය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "අ‍ශේන් එනවද බලන්න අපි ඔය වලව්වෙ ගේට්ටුව හරියෙයි තව මග කොතනක හරියි කොල්ලො දෙන්නෙක් දාමු.. මගේ යාළුවෙක්ගෙ වෑන් එකක් තියෙනවා.. ඒකෙ මං කට්ටිය දාගෙන එන්නම්.. තව දෙනේනෙක්ව ඔය කියන ක්ලබ් එක ඉස්සරහ තියමු.. අනික් සෙට් එක.. මං කිව්වෙ අපි ටික ඔය දෙක අතර මැද තැනක සෙට් වෙමු.. මේ ඔයාලා ත්‍රීවිල් එකක කෙනෙක් ගැන කිව්වා නේද..? එයා අද එන්නෙ නැද්ද..?"

    විශ්ව ඇසුවේ කලන දෙස බලාය..

    "එයාව දැන් උනත් ගෙන්නගන්න පුළුවං අයි‍යෙ.. මං මේ ටිකක් පරක්කු කලේ අපි ප්ලෑන් එකක් හදා ගන්නකල්.."

    කලන එසේ කීවාට විශ්ව පැමිණ ඇත්තේ සම්පූර්ණයෙන්ම සැලැස්ම සිතේ ඇදගෙන බව චේතියට වැටහුණි..

    "හරි.. අපි එයාව පස්සෙ ගෙන්නමු.. හැබැයි.. මල්ලිලාට මිනිහව ෂුවර් නේද..? මං කිව්වෙ මේ පාවා දෙන්නෙ නෑ කියලා..?"

    "නෑ අයියෙ.. මිනිහා බොක්කෙන්ම සපොට් එක.. මේ ළගදි එයාලගෙ පාර්ක් එකේ මුස්ලිම් කොල්ලෙකුටත් උන් ටික ලොකු සද්දයක් දාලා.. දැන් පාර්ක් එකේ කට්ටියත් උන්ට ගේම දෙන්නලු බලන් ඉන්නෙ.."

    කලනටත් පෙර චේතිය විස්තර කළේ ඔහු දැන් විශ්ව මුණ ගැසීමට එන අතර ත්‍රීවිල් පාර්ක් එකටද ගොඩ වැදුණ නිසාය..

    "එහෙනං වැඩේ අපිට ලේසියි.. ඔය වගේ ගැන්සියක් මේ ටවුන් එකෙන් එළවලා දාන එකම සමාජ සත්කාරයක් කියලා හිතලා අපි මේක කරමු.. කොහොමටත් මල්ලි අපි ගේමට බහින්න ඕන කළුවර වැටුනට පස්සෙ.. මෙන්න මේකයි මගේ ප්ලෑන් එක.."

    මිතුරන් දෙදෙනා දෙසට කඳ බර කරගත් ඔහු එය කීමට පෙර කලනගේ නිවස දෙසද හොද හැටි බැලුවාය.. එහි අරුත වටහා ගත් කලන ඔහුව දිරිමත් කලේය..

    "අවුලක් නෑ අයියෙ.. අම්මා විතරයි ගෙදර ඉන්නෙ.."

    "මෙහෙමයි මල්ල.. මං අර කලින් කිව්ව විදියට අපි කට්ටිය තුන හතරකට බෙදිලා ඒ ඒ තැන්වල ඉන්න ඕනෙ.. ඔය ක්ලබ් එක ළග ඉන්න දෙන්නා උන්ගෙ බයිසිකල් දෙකෙන් එකක හුළං යවන්න ඕනෙ.. එතකොට.. අපි හිතමු අශේන් එනවා කියලා.. මිනිහා වලව්වෙන් පිටත් උන ගමන්ම එතන දෙන්නා අපිට ඔත්තුව දෙනවා.. මගදි අශේන් ගැන බලාගන්න මං කට්ටිය සෙට් කරලයි තියෙන්නෙ.. ඒ ගැන බයවෙන්න එපා.."

    කලන චේතිය දෙස බැලුවේ විමතියෙනි.. එය නොතැකූ විශ්ව එය දිගටම පැහැදිලි කරන්නට විය..


    "මෙහෙන් අශේන්ට වැඩේ දෙන අතරෙ ඔයාලගෙ වීල් අයියා ගිහින් ක්ලබ් එකේ තුන්දෙනාව එළියට ගන්න ඕනෙ.."

    "ඒ කොහොමද..?"

    චේතිය හරස් ප්‍රශ්නයක් නැගුවේය..

    "එගෙන්ස් එකට ගියොත් වැඩේ කරගන්න අමාරුයි.. ඒ නිසා එයා අශේන් එව්ව කෙනෙක් විදියට එතනට යන්න ඕනෙ.. ගිහින් කියන්න ඕනෙ අ‍ශේන්ට පොඩි කරදරයක් වෙලා.. ඒ නිසා ඔය තුන්දෙනාව ඉක්මනට එක්කගෙන එන්න කිව්වා කියලා.."

    "උන් ත්‍රීවිල් පාක් එකත් එක්ක ඇ‍ටෑක් නිසා අවුලක් නැතුව එයිද..?"

    කලනට තරමක් සැක සිතුනේ වැ‍ඩේ ගැස්සුනොත් රත්නේ අයියාටද රංගට සිදුවූ ආනිසංසයමඅත්වේ යැයි සිතුණු නිසාය..

    "ඒක තමා පොඩි අවුලකට තියෙන්නෙ.. මල්ලිලා දැන් කියනකල් මං දන්නෙ නෑනෙ උන් ත්‍රීවිල් පාර්ක් එකත් එක්ක කේස් එකක් දාගෙන කියලා.. ඒකයි මං එහෙම ප්ලෑන් කලේ.."

    "ලොකු අවුලක් වෙන එකක් නෑ අයියා.. කොහොමත් ඔය වෙද්දි උන් ටිකක් වෙරි වෙලානෙ ඉන්නෙ.."

    "අපි දැනට එහෙම හිතමු.. බැරි උනොත් එවෙලෙට වෙන විදියක් බලමු.. දැන් උන්ට ඔය රත්නෙ ගිහින් පණිවිඩේ කිව්වට පස්සෙ උන් බයිසිකල් වල එන්න ට්‍රයි කරයි.. රත්නෙට මුලින් හදිස්සි කරන්න එපා කියන්න.. අනික උන් වලව්වට කෝල් කලත් අශේන් වලව්වෙ නෑ.. මිනිහගෙ ‍මොබයිල් එකට ගත්තත් එවලෙ අශේන්ට ආන්සර් කරන්න වෙන්නෙ නෑ.."

    තම මිතුරන් ලවා ඒ මොහොතේ අ‍ශේන් දුරකථනයට පිළිතුරු දීම වැලැක්වියට යුතු බව විශ්ව තරයේ සිතා ගත්තේය.. කලන හා චේතිය නම් පුදුමයෙන් අසා උන්නේ විශ්වගේ මෙම සැලැස්ම ඔවුනට අදහාගත නොහැකි වූ නිසාය..

    "බයිසිකල් දෙකේම හුලං ඇරියොත් උං දන්නවා ඒක උගුලක් කියලා.. ඒ නිසා හුළං අරින්න ඕන එක බයිසිකලේක විතරයි.. දෙන්නෙක් ආපු එකේ හුළං අරිනවා නං වැඩිය හොදයි.. ඊට පස්සෙ වෙලාවෙ හැටියට උන්ට වීල් එකට නගින්න වෙනවා.. නැත්තං වෙන විකල්පයක් නෑනෙ..ඒකයි මං කිව්වෙ රත්නෙට වර්ඩ් එක දාන්න එපා කියන්න කියලා.. උන් වර්ඩ් එක දානකල් ඉන්න කියන්න.."

    "එකෙක් හරි දෙන්නෙක් හරි බයික් එකේ එන්නම් කිව්වොත්..?"

    චේතිය නැවත විමසුවේය..

    "එහෙම වෙන එකක් නෑ.. අනික එහෙම උනත් ප්‍රශ්නයකුත් නෑ.. තුන්දෙනාම අන්තිමට එන්නෙ එකම තැනටනෙ.. මල්ලිලා මේ හරියෙ හොද ප්ලේස් එකක් කියන්න වැඩේට.. හරිද.. උන්ට කියන්න තියෙන්නෙ දැන් අ‍ශේන් මෙ‍තනට වෑන් එකකින් එනවා කියලා විතරයි.. කොහොමත් අපේ වෑන් එක ඔය කියන පරක්කුවට එතනට එනවා.. මොකද උන් සෙට් එක ක්ලබ් එක ළගින් පිට උන ගමන් එතන අපේ ඔත්තු බලන දෙන්නා.. මං කිව්වෙ බයිසිකලේ හුළං අරින දෙන්නා.. එයාලා අපිට මැසේජ් එක දෙනවා.."

    "ෂුහ්... මාරයිනෙ විශ්ව අයියෙ.."

    චේතිය විශ්වගේ දෑතින්ම අල්ලා ගත්තේය..

    "එහෙම තමයි මස්සිනා.. මේවා ඉන්ජිනේරු මොල.. අනික වැඩේ අනාගන්නෙ නෑ කියලා ෂුවර් එකක් තියාගන්නත් පුළුවන් මේකට සෙට් වෙන්නෙ කැම්පස් කොල්ලො නිසා.."

    "නතාලි අක්කට දෙයියන්ගෙම පිහිටයි.."

    කලන කීවේ දෑත් එකතු කර වදින ඉරියව්වක් මවා පාමිනි.. ඊට විශ්වගේ මුහුණේ හිනාවක් ඇදී ගියේය..

    "අනිත් ස්ටෙප් එක කෙරෙන්නෙ උඹලට ඕන විදියට මල්ලි.. අපි පාළු තැනකට කළුවර වැටිලා තියෙද්දි උඹලට හතුරො ටික ගෙනැල්ලා දෙනවා.. උඹලට තියෙන්නෙ හිතේ හැටියට උන්ගෙන් වාඩුව ගන්න.."

    දිගු සාකච්ඡාවක් නිමා කල විශ්ව පුටුවේ පසුපසට හේත්තු වී සැප පහසුවට හිද ගත්තේය..

    "දැන් කවුද අශේන්ට ගේම දෙන්න මගදි සෙට් වෙන්නෙ..?"

    චේතිය විශ්වගේ කතාවේදී සිත තබාගෙන උන් කරුණක් යළි විමසිය..

    "ඒ ගැන ඔයාලා වොරි වෙන්න එපා මල්ලිලා.. ඒකට අශේන් එක්ක සාධාරණ තරහක් තියෙන පිරිසක් සැදී පැහැදී ඉන්නවා.."

    "ඒ කවුද..?"

    "ඔයාලා නොදන්නවා උනාට ඔය අ‍ශේනයා නුවර පේරාදෙණිය පැත්තෙත් ටිකක් ‍ෆේමස්.. මිනිහගෙ තාත්තගෙ මහ ගෙවල් තියෙන්නෙ එහෙනෙ.. ඌ නිතරම ආච්චිලා සීයලා බලලා යන්න නුවර පැත්තෙ එනවා.."

    එය බොරුවක් විය නොහැකි බව චේතියට වැටහුණේ පෙර දිනක තම මව ඇතුගල වලව්ව ගැන කී කතාව නිසාය.. ඔහු එය කලනට හා රංගටද කියා තිබිණි..

    "අ‍‍ශේන් අපේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් ගර්ල් කෙනෙක් එක්ක යාළුයි.. ඒ කෙල්ල මිනිහට රැවටිලා ඉන්නෙ.. අනික ඌ වලව්වාකරයෙක් කියලා දැනගත්තම අපේ මෝඩ කෙල්ලො නිකම්ම අහුවෙනවනෙ.. ඒ කෙල්ලගෙ අයියා පේරාදෙණියෙම අපේ බැජ් එකේ එකෙක්.. ඌ ‍අශේන් ගැන ටිකක් දන්නවා.. මං කිව්වා අශේන් ළගදි අපේ සේනාධීර ගෘප් එකේ දුවව බදින්න යනවා කියලා.. ඌ දැන් අ‍ශේන්ව මරන්න තරම් කේන්තියෙන් ඉන්නෙ.."

    විශ්ව හෙළි කලේ චේතියලා මෙතෙන් නොදැන උන් කතාවකි..

    "අයියත් මාරයිනෙ.. කොහෙන්ද මේවා හොයාගත්තෙ..?"

    කලන පුදුම වී විමසිය..

    "මට නතාලි විස්තරේ කියද්දි මං ටිකක් හොයලා බැලුවා.. කොහොමටත් අපේ එකා උගේ නංගිගෙ පලහිලව්ව නිසා ගල් කන්ද වලව්ව ගැන කියව කියව හිටියෙ.. මං මේ වැඩේ ගැන කිව්වා විතරයි ඌ අ‍ශේනයට ගේම දෙන්න සැදී පැහැදී ඉන්නෙ.."

    "හැබැයි මට නතාලි අක්කා නම් කිව්වා ප්‍රශ්න ඇතිකරගන්නෙ නැතුව අයියත් එක්ක කතා කරලා මේක විසදගන්න කියලා.."

    චේතිය කියද්දී විශ්ව අමුතු ආකාරයට සිනාවක් නැගිය..

    "ඒ ගැන නං කියලා වැඩක් නෑ.. මටත් කිව්වෙ ඔය ටිකම තමා.. ඔය කෙල්ලො කියන විදියට බටර් ගාලා ප්‍රශ්න විසදගන්න බෑ මල්ලි.. උන්ට ඕවා තේරෙන්නෙ නෑ.. කොහොමටත් අපි මෙහෙම දෙයක් ප්ලෑන් කරා කියලා නතාලිට දැනගන්න තියන්න එපා.. අපේ ගෑණි මගේ ඔළුව කයි.."

    විශ්ව කියද්දී කලන බොහෝ ආශාවෙන් ඔහුගේ හැසිරීම් දෙස බලා සිටියේය.. ඔහුට මේ අපූරු පුද්ගලයා ගැන දැඩි පැහැදීමක් දැනුනේය..

    "එහෙනං අයියෙ අපි අර ත්‍රීවිල් එකේ රත්නෙ අයියට කෝල් කරලා එන්න කියන්නද..? එතකොට අයියටම පුළුවන්නෙ එයාට විස්තරේ කියන්න.."

    එයට විශ්වගේ අනුමැතිය ලැබුණු පසු ඔවුන් දුරකථන ඇමතුමක් ලබාදී රත්නෙ අයියාව ගෙන්වා ගත්තේය.. විශ්ව සම්පූර්ණ කතාවම ඔහු හමුවේ දිග නොහැර ඔහු‍ට අදාල රාජකාරිය පමණක් සවිස්තරව පහදා දුන්නේය..

    "බය වෙන්න එපා සර්.. මං ඕන හෙල්ප් එකක් දෙන්නම්.. කොහොමටත් අපේ බජාර් එකේ සෙට් එක ඔකුන්ගෙ කොල බොක්ක අදින්න ලෑස්ති වෙලයි ඉන්නෙ.."

    රත්නෙ බජාර් බාසාවෙන්ම කරුණු පැහැදිලි කලත් ඔහු විශ්ව හමුවේ ගරු සරුවක් පෑවේය..

    "මට සර් කියන්න එපා අයියෙ.. මෙයාලට වගේම මටත් මල්ලි කියලා කතා කරන්න.. අනික ඔය මිනීමරාගන්න තරම් දැනට මේක දුරදිග ගෙනියන්න එපා.. ඒවා පස්සෙ බලමු.."

    විශ්ව ඔහුව සන්සුන් කලේ ත්‍රීවිල් පාර්ක් එකෙන් ඔවුන්ට එවන් කරදරයක් කළහොත් එයත් චේතියලාගේ ගිණුමට වැටී නැති ප්‍රශ්න ඇතිවිය හැකි නිසාය.. අනික තමාගේ මිතුරාට කළ හානියේ පළිය ගැනීමට මිස මිනීමරාගැනීමේ අදහසක් නම් ඔවුන්ගේ තුන් හිතකවත් තිබුණේ නැත..

    "උන්ට ගේම දෙන්න නම් මේ කට්ටිය මදි වෙයි සර්.. මං අපේ පාර්ක් එකේ උන්ට එන්න කියන්නම්.."

    රත්නෙ කතා කලේට තරහටය.. චේතියලා මො‍හුව විශ්වාසවන්ත බව කීවාට මොහුව ගාවා ගැනීමෙන් ඔවුන් සියලු දෙනාම අමාරුවේ වැටෙයිදෝ බියක් විශ්වගේ සිතේ හට‍ගත්තේය..

    "මේක දුරදිග ගෙනියන්න බෑනෙ අයියෙ.. එහෙම උනොත් අපේ මල්ලිලා ටික අමාරුවෙ වැටෙනවා.. අනික මුන් මේ පාර විබාගෙ ලියන්නත් ඉන්න ළමයිනෙ.."

    විශ්ව බැරිම තැන තුරුම්පුවක් විසිකර බැලුවේ ඔහුගේ ප්‍රතිචාරය දැනගැනීමටය..

    "ඔවු සර් මට තේරෙනවා.. අනික මටත් ඉන්නවා ඉස්කෝලෙ යන ළමයි දෙන්නෙක්.. බය වෙන්න එපා සර්.. මං සර් කියන විදියට කරන්නම්.."

    කොතරම් එපා කීවත් රත්නේ විශ්වට කතා කලේ සර් කියාය.. ඔහු දැන්වත් සාමකාමී වීම ගැන විශ්වගේ සිතට සතුටක් දැනුණේය..

    "එහෙනම් මල්ලිලා.. ඔක්කොම හරිනේ.. හෙට අපි ගේමට සෙට් වෙමු.. අපි කෝල් කරලා එන තැන් ඇරේන්ජ් කර ගමු.. මට කලන මල්ලිගෙන් නම්බර් එක දෙන්න.."

    විශ්ව පිටව යාමට මත්තෙන් කලනගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය.. රන්තේ පළමුව පිටව ගිය අතර විශ්ව නුවර බලා ගියේ ‍චේතියවද නිවසට බැස්සවීමෙන් අනතුරුවය..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    13.png


    චේතිය සම්මානි සමග කතා කිරීමේදී ගල් කන්ද වලව්ව හා අශේන් ගැන කතාවක් ඇදී ආ නමුත් ඔහු තමන්ගේ සැලැස්ම ගැන වදනකදු පිට නොකිරීමට ප්‍රවේශම් විය.. ඇයට නොව නතාලි අක්කාටවත් ඔහු කිසිවක් කීවේ නැත..

    නමුත් ඔහුගේ සිත නම් පුදුමතරම් නොසන්සුන් වී තිබිණි..

    "වැඩේ ගැස්සෙන එකක් නෑ නේද චේති..?"

    පසුදා පාසලේ චේතිය දුටු විගස කලන ඇසුවේ ඔහුගේ සිතේද වෙන කිසිවක් නොතිබූ බව කියාපාන්නට මෙනි..

    "අවුලක් වෙන එකක් නෑ.. කැම්පස් එකේ සෙට් එකත් අපේ ළග ඉන්නවනේ.."

    චේතිය කීවේ දැඩි විශ්වාසයෙනි..

    ඔවුන් එදින ගෙවා දැමුවේ බොහෝ අසීරුවෙනි.. පාසල හැරී නිවසට ගිය පසුව චේතිය සිය ජංගම දුරකථනය පසෙකින් තැබුවේද නැත..

    පසුව වෙලාව සවස හයට නැතත් විශ්ව සම්පූර්ණ සැලැස්ම ක්‍රියාවට නංවා තිබිණි.. කලන හා චේතිය ඔවුනට එක් වූයේ එකම වෙලාවටය.. ඒ වන විට ඔවුනට කිරීමට යමක් ඉතිරිව තිබුණේ නැති තරම්ය..

    "මල්ලි ඔය දෙන්නගෙන් එක්කෙනෙක් අපේ එකෙක් එක්ක අර කියපු ක්ලබ් එකට ළගට යන්න වෙනවා.. මොකද නැත්තං උන්ව අදුරගන්න බෑනෙ.."

    විශ්ව එය කීවේ සෘජුවම කලන දෙස බලමිනි.. එහි අරුත වැටහුණු කලන හිස සැලුවේ තමා එහි යන බව කියාපන්නටය..

    "වලව්ව ළග ඉන්න ඕන දෙන්නා දැනටමත් එහෙ ගිහින් ඇති.. මං අර කිපු අ‍ශේන්ගෙ මස්සිනා කට්ටිය සෙට් කරගෙන අන්න පාරෙ.. ඔයාලගෙ රත්නෙ අයියත් දැන් මෙතනට එයිනෙ.. අපේ තව කට්ටියටක් මේ වෑන් එකේ ඉන්නවා.. අපිට තියෙන්නෙ වැඩේ කෝඩි‍‍නේට් කරන්න විතරයි.."

    පසු පස තිබූ නිසාන් වෑන් රථය පෙන්වා විශ්ව කලනට හා චේතියට පැහැදිලි කර දුන්නේය..

    ඔවුන් එසේ සියල්ල සූදානම් කර ඒ ඒ පුද්ගලයන්ව අදාල ස්ථාන වලට‍ යවා තම වේලාව එනතුරු රැදී උන්හ.. චේතිය විශ්ව සමග නතර වූයේ අ‍ශේන්ගේ මිතුරන් තිදෙනා රැගෙන එන ස්ථානයේය..

    සැලැස්ම ආරම්භ කිරීමේ පියවර යෙදී තිබුණේ කලනටය.. ඔහු අදාල පුද්ගලයින් තිදෙනා ලයන් ක්ලබ් එකට පැමිණි වග අන් යට දැනුම් දෙද්දී වෙලාව හය හමාර පමණ වී තිබිණි..

    "මල්ලි.. උඹ සිකියුරිටි අන්කල්ව පොඩි කතාවකට අල්ලගනිං.. මම පටස් ගාලා බයිසිකලේට වැඩේ දෙන්නම්.."

    විශ්වගේ සමීප මිතුරෙකු වූ අසේල කලනගේ කණට කර කීවේ පිරිස ශාලාව තුලට ඇතුල් වී විනාඩි කිහිපයකට පසුවය.. ඔහුට එම වැඩට කිරීමට විනාඩි පහක්වත් ගතවූයේ නැත.. අසේල රථ ගාල දෙස සිට ඇසක් වසා ඉගිකරමින් පැමිණෙද්දී කලනද මුරකරු‍ට සුහදව සමු දී එතනින් පිටවිණි..

    "මගේ බයික් එකත් එතනම දාලා ආපු නිසා මිනිහට වැඩේ මීටර් උනේ නෑ.. යන්තං ෂේප්.."

    ඔහු සිනාසී කියද්දී කලන පුදුම වූයේ මෙතරම් ඉක්මනින් ඔහු ටයරයේ හුළං ඇරි‍යේ කෙසේද කියාය..

    "අපි පාරෙන් එහා පැත්තට ගිහින් කවර් වෙලා ඉමු.. ඉතුරු ටික රත්නෙ අයියා අතේනෙ තියෙන්නෙ.."

    කලන අසේලවද ඇදගෙන පාර පනිද්දී රත්නේද ත්‍රීවිලය තුළට වී තමාට ඇමතුම එනතෙක් බලා සිටියේය..

    එතැන් සිට පැය භාගයක් පමණ නිසොල්මනේ ගෙවී ගියේය.. ක්ලබ් එක තුළට ගිය පිරිස එළියට නොපැමිණි අතර රත්නේටද සිය දුරකථන ඇමතුමක් ලැබුනේ නැත..

    "මේ තරම් පරක්කු වෙන්න බෑ මල්ලි.. වලව්ව පැත්තෙ මොකක් හරි අවුලක්ද දන්නෑ.."

    විශ්ව කීවේ ඔහු සමීපයේ උන් චේතියටය..

    "අයියා කෝල් එකක් දීලා බලන්න.."

    ඉවසා බැරිම තැන චේතිය කී‍වේ තවත් පමා වුවහොත් නිවසට යාමට නොහැකි තත්වයක් උදාවන නිසාවෙනි..

    "ෂිට්.. මේ අශේනයා තාම වලව්වෙන් ඇවිත් නෑනෙ.. ඌට අද බීම එපාවෙලාද දන්නෑ.."

    තම සැලැස්ම ගැන පසුතැවුනු විශ්ව වෙනත් විකල්පයක් ක්‍රියාවට නංගා බැලුවේය.. ඔහු තවකෙකුට දුරකථන ඇමතුමක් දී යමක් කීවේය..

    "අයියා කාටද ඒ කතා කලේ..?"

    චේතිය ඇසුවේ ඔහු කිසිවක් නොකී නිසාය..

    "අපේ හොස්ටල් එකේ එකෙක්ට.. ඌ ගානට අශේන්ව තව ටිකකින් එළියට ගනියි.."

    "ඒ කිව්වෙ..?"

    "අ‍ශේන්ගෙ කැම්පස් කෙල්ල අශේන්ට ‍හොස්ට්ල් එකේ ට්‍රයිටෙල් බොක්ස්එකෙන් කෝල් කරනවලු.. අපේ යාලුවෙක් ඒ ගර්ල් විදියට අ‍ශේන්ට කෝල් කරලා මිනිහව එළියට ගනියි.."

    චේතියට මේ මොහොතේ අවැසි වූයේ හරස් ප්‍රශ්න ඇසීමට නොව කෙසේ ‍හෝ අශේන්ව වලව්වෙන් පිටතට ගෙන්වා ගැනීමටය.. ඉන්පසු රංගට කල හානියේ වාඩුව ගත් පසු එම සිදුවීම මුලුමනින්ම අමතක කල හැකි බව ඔහුට සිතුනි..

    තවත් පැය කාලක් පමණ ගතවූ පසු වලව්ව ළග රදවා තිබූ මිතුරන් දෙදෙනාගෙන් විශ්වට ඇමතුමක් ලැබුණි.. ඉන් කියවුණේ අ‍ශේන් බයිසිකලයේ නැගී වලව්වෙන් පිටතට ආ බවය.. එම ඇමතුම අ‍ශේන් එනතුරා බලා ඉන්නා වෑන් රියේ පිරිසටද ලැබී ඇති බව විශ්ව කීවේය..

    "එහෙනං මල්ලි ඔයා රත්නෙ අයියට කොල් එකක් දෙන්න.. මිනිහට කියන්න පුළුවන් තරම් ෂේප් එකේ උන් තුන්දෙනාව එළියට ගන්න කියලා.."

    හිස පමණක් සලා එය අනුමත කල චේතිය රත්නේට පමණක් නොව ලයන් ක්ලබ් එක ළගට වී බලා උන් කලනට හා විශ්වගේ මිතුරාටද පණිවුඩය ලබා දුන්නේය..

    "වැඩේ හරි අයියෙ.. රත්නෙ අයියා කට්ටිය අරන් පිටත් උන ගමන් කෝල් කරයි.. අයියගෙ පැත්තෙන් අවුලක් වෙන එකක් නෑනෙ.."

    ඇමතුම අවසානයේ දුරකථනය තම සාක්කුවේ දමාගත් චේතිය විශ්වගෙන් විමසිය..

    "බයවෙන්න දෙයක් නෑ මල්ලි.. මෙලහකටත් අ‍ශේන්ට සබ්බුව හම්බවෙනවා ඇති.."

    සැනෙකින් ‍චේති‍යගේ සිතට අමුතුම හැගීමක් ඇතුළු විය.. ඔහුට අහේතුකවම වලව්වේ ළමාතැනීගේ රුව මැවී පෙනෙන්නට විය.. ඈ තම පුතුට කරදරයක් නොකරන්නැයි වැනි ආයාචනයක් කරනා අයුරු චේතියට දිස් විය..

    "විශ්ව අයියෙ.."

    චේතිය විශ්වගේ අත දැඩිව අල්ලා ගනිද්දී විශ්ව පුදුම වී බැලුවේය..

    "ඇයි මල්ලි අවුලක්ද..?"

    "අශේන්ට ලොකු ඩැමේජ් එකක් කරන්න එපා අයියෙ.."

    ඔහුගේ කටහඩ පවා තරමක් ගොරහැඩි වී තිබිණි.. විශ්ව චේතියගේ මේ ක්ෂණික වෙනස්වීම ගැන මවිත වී උන්නේය..

    "මල්ලිමනේ මුලින්ම කිව්වෙ අශේන්ටත් එක්ක රිටන් එක දෙන්න ඕන කියලා.. ඉතින් දැන් ඇයි අප්සට් වෙලා.."

    "ප්ලීස්.. මං කියන එක අහන්න.. එයාලව නවත්ත ගන්න.."

    දෑස විසල් කර ‍චේතියගේ මුහුණ බලා උන් විශ්ව පසුව තම මිතුරන්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.. ඒ වන විටත් අ‍ශේන්ට ඔවුන්ගෙන් හොද හැටි ගුටි සංග්‍රහයක් ලැබී තිබිණි..

    "මල්ලී.. දැන් ආපහු අරුන් ටිකටත් ගහන්න එපා කියලා නම් කියන්න එපා.. අපේ කොල්ලො ටික මට හිනාවෙයි.."

    විශ්ව චේතියට කලේ උපහාසයක් උවද එහි තරමක් දැඩි බවක් ගැබ්ව තිබිණි.. නමුත් විශ්ව අදහස් කල හැගීමක් චේතියගේ සිතේ තිබුණේ නැත.. ඔහුට‍ද අවැසි වී තිබුණේ හිතේ හැටියට ඇගේ පතේ හිරි ඇර ගැනීමටය..

    "උන්ගෙනම් අතපය කැඩුවත් මට අවුලක් නෑ.. ඒත් අශේන් ඩිරෙක්ට් මේකට සම්බන්ධ නෑනෙ.."

    තමාට ක්ෂණිකව ළමාතැනී සිහි වූ වග.. තම සිතට කුමක්දෝ ගුප්ත හැගීමක් දැනුණ වග විශ්වට නොකී චේතිය වෙනකක් කියා එය මග හැරියාය..

    ඔවුන් කතාබහ කරන අතරතුර රත්නේ තම පියවර ක්‍රියාවට නංවා තිබිණි.. ඔහු බය සැකකින් තොරව ලයන්ස් ක්ලබ් එකට ගොස් අදාල පුද්ගලයන් තිදෙනාව එළියට කැදවාගෙන ආවේය.. ඒ වන විට ඔවුන් හොද හැටි මතින් උන් නිසා රත්නේට සිය කාර්ය්‍ය තරමක් පහසු විණි..

    "අශේන්ට මොකක් වෙලා කියලද උඹ කිව්වෙ..?"

    අසීරුවෙන් වදන් ගලපා ගත් එකෙක් රත්නේගෙන් නැවත විමසුවේ ඔහු ක්ලබ් එක තුලදී කල විස්තරය අමතකව තිබූ නිසාය..

    "පුංචි හාමු විස්තරයක් නම් කිව්වෙ නෑ.. මහත්තයලා තුන්දෙනාව ඉක්මනට අරගෙන එන්න කියලා තමයි කිව්වෙ.."

    බොහෝ බය පක්ෂපාතී මුහුණක් මවාගත් ඔහු කියද්දී මිතුරන් තිදෙනා අ‍ශේන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ගැනීමට වෙහෙසුනහ..

    "මූ ෆෝන් එක ගන්නෙ නෑනේ බං.. කෝකටත් වලව්වට අරන් බලමු.."

    තිදෙනා වෙරිමතින් දොඩවන අයුරු මොහොතක් රත්නේ බලා උන්නේය..

    "ඌ වලව්වෙ නෑලු බං.. ටිකකට කලින් එළියට ගියාලු.."

    ගල් කන්ද වලව්වට ඇමතුමක් ගත් කෙනා අනෙක් දෙදෙනා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැදි දෑසිනි..

    "පණිවිඩේට තැන්ක් යූ වෙන්න ඕනෙ.. උඹ පලයං මචං.. අපි ආවෙ බයික් වල.."

    ඔවුන් රත්නේව පිටත් කිරීමට උත්සාහ කලද ඔහු තවමත් රැදී උන්නේ ඔවුන්ගේ බයිසිකලයට අත්වී ඇති ඉරණම නිසාය..

    "මහත්තයලා බයික් අරන් එන්න.. මං එතනට යන පාර පෙන්නන්නං.."

    රත්නේ ගරුසරුව කියද්දී දෙදෙනෙක් රථගාල දෙසට පිය මැනිය.. අනිකා රත්නේ අසල නතරව උන්නේ ඔවුන් පැමිණි පසු බයිසිකලයක නැගී යාමේ අරමුණිනි..

    "මහත්තයලා මෙහෙ පාරවල් දන්නෙ නැතුව ඇති මයෙ හිතේ.. ඒකනේ පුංචි හාමු මහත්තයලා මට එක්කගෙන එන්න කිව්වෙ.."

    තමා ළග ඉතිරි වූ එකාගෙන් යම් හෝඩාවාවක් දැන ගත හැකිදැයි රත්නේ උත්සාහ කර බැලීය..

    "නෑ අයිසෙ.. අපි කොළඹ.. අ‍ශේනයා ඉස්කෝලෙ යන කාලෙ හිටියෙ අපි එක්කම තමයි.."

    "එහෙනං මහත්තයලා නිවාඩුවකට ඇවිත් වෙන්ටැති.."

    "නිවාඩුවකට තමයි.. අශේන් එන්න කිව්වා.. අපි ආවා.. ඒත් මල්ලි ඌ‍ට කරදර කරන එක හරිනෑනෙ.. ඒ නිසා අපි හොටෙල් එකක නතර උනා.. බිල ගෙවන්නෙ තමුසෙලගෙ පුංචි හාමු.."

    වෙරිමතින් හතර අතට වැනෙමින් උන් ඔහු නානාප්‍රකාර ඇමතුම් වලින් රත්නේ අමතමින් උන්නේය.. ඔහු තම ගැටයට හසු වූ බව දැනගත් රත්නේද අනික් දෙදෙනා පැමිණෙන තෙක් ඔහුගෙන් බොහෝදෑ දැනගත්තේය..

    "පොඩි අවුලක් වෙලා බං.. අපි දැනට මේකෙ යං.."

    රත්නේ හා කතාකරමින් උන් කෙනා වෙත පැමිණි සගයන් දෙදෙනා ඔහුට වැඩි විස්තරයක් ‍නොකියාම ත්‍රීවිලයට නැගුණේය..;

    "ඇයි මචං.. මොකක්ද අවුල..?"

    රත්නෙ ත්‍රීවිලයට නැග ගත්තද ඔහු කතා කල කෙනා තවම පාරෙය..

    "බයික් එකේ පැච් එකක් මචං.. අපි එන ගමන් ඒක හදාගමු.. ඉස්සෙල්ලා ගිහින් බලමු අශේන්ට මොනවා වෙලාද කියලා.."

    ඔහු ත්‍රීවිලයට නැගුන සැනින් කලන චේතියට ඇමතුමක් දී ඒ බව දැනුම් දුන්නේය..

    "මෙතන තමයි තැන.. දැන් පුංචි හාමු වෑන් එකකින් එයි.. මහත්තයලා බහින්න.."

    රත්නෙ, විශ්වලා උන් ඉසව්වෙන් ත්‍රීවිලරය නතර කරද්දී කලන හා අසේලද බයිසිකලයෙන් එතනට ළගාවිය..

    ත්‍රී විලරයේ උන් තිදෙනාගෙන් එකෙක් පමණක් බිමට බැස බැලුවේ තරමක් සැකයෙනි.. නමුත් ඔවුන් අසලට පැමිණි වෑන් රිය දුටු ඔහුගේ සැකය පහ විය..

    වෑන් එක ආවා.. අශේන් වෙන්න ඇති.. බැහැලා වරෙන්..

    තිදෙනාව ත්‍රීවිලරයෙන් බැස වෑන් රථය වෙත ළගා වද්දීම ඉන් දොර හැර පැමිණි පිරිස ඔවුන්ව වටකර ගත්තේය.. කිසිවෙකුට කිසිවක් සිතන්නට ඉඩ නොතබාම හතර අතින් පහර එල්ල වෙද්දී එකා දෙන්නා කෑගසා බිමට ඇද වැටුණි.. කැම්පස් මිතුරන් සමග කලනද සබයට බැස තිබුණත් වැඩිපුරම අතපය ක්‍රියාත්මක වූයේ චේතියගේය.. ඔහු උඩ පැන හතර අතට එල්ල කරන ප්‍රහාරයන් දෙස විශ්වගේ මිතුරන් පවා මවිත වී බලා උන්නාය..

    "උඹලගෙ කොළඹ පාට් කොළඹ ත්‍රීවිල් පාක් වලට දාගනිං.. මේ කුරුණැගල අපේ ටවුම හරිද.. මේකෙ ඉන්න උන්ට ආයෙත් පාට් දාන්න ආවොත් යවන්නෙ යටියන්තොට.. අන්න ඒක දැනගනිං.."

    ඒ සද්දය දැම්මේ වෙනකෙකු නොව රත්නේය.. තිදෙනාට දින ගණනක් රෝහල් ගතවීමට වැඩ සිද්ධ වූ පසු එහි නම්බුව තමන්ගේ ත්‍රීවිල් පාක් ගිණුමට දමා ගැනීමට ඔහුට අවැසි වී තිබිණි.. නමුත් විශ්ව දෙතොලට ඇගිල්ලක් තබා නිහඩ වන ලෙස රත්නේට සන් කලේය..

    රංගගේ තුවාල සහිත රුව සිහිපත් වූ චේතිය බිම ඇද වැටී උන් ඔවුනට තවත් ප්‍රහාර කිහිපයක් එල්ල කලේය..

    "ඔය ඇති මල්ලි.. තව ගැහුවොත් ඕකුන් මැරෙයි.."

    විශ්ව චේතියව පසෙකට කර ගත්තේ ඒ වනවිටත් ඔවුන්ගේ අතපය කැඩී ඇති බව වැටහුණු බැවිණි..

    "මචං සයිරන් එකක් ඇහෙනවා.. පොලීසියෙන්ද කොහෙද.."

    විශ්වගේ මිතුරෙකුගේ කෑ ගැසීමට සැමදෙනාම කලබල විය.. සැබැවින්ම ඈත පැමිණෙමින් තිබුණේ පොලිස් නිල රථයකි.. ඒ දුටු සැවොම සිද්ධිය වූ ස්ථානයට ළගා වීමට පෙර එතනින් පැන ගත්හ.. චේතිය හා විශ්වට වෑන් රියට නැග ගැනීමට තරම් වෙලාවක් නොවූ නිසා ඔවුන් දෙදෙනා නැග ගත්තේ රත්නේගේ ත්‍රීරෝද රථයටය..

    "දැන් අපි ටික ආපහු සෙට් වෙන එක ඩේන්ජරස් මල්ලි.. මං කියන්නම්.. කෝල් එකක් දීලා කලනව මේකට ගන්න.. මං අසේලයගෙ බයික් එකට නගින්නං.."

    "එතකොට අයියලා කොහෙටද යන්නෙ..?"

    චේතිය විමසුවේ ත්‍රීවිලරය අරමුණක් නැතුව ඉදිරියට ඇදී යද්දීය..

    "අපි මෙහෙම්ම හොස්ටල් එකට යන්නං මල්ලි.. ඔයාලා රත්නෙ අයියා එක්ක ගෙදර යන්න.. අපි හෙට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.."

    එයට එකග වූ ‍චේතිය විශ්ව කීවා සේම කලනව ත්‍රීවිලරයට නංවා ගත්තේය.. අසේලගේ බයිසිකලය හා අනෙක් වෑන් රථය පිරිස දමාගෙන නුවර බලා පිටත්විය..

    "මල්ලි.. ඒ සර් නං රියල් මීටරයක්.."

    විශ්ව පිටව ගිය පසු රත්නේ ඔහු ගැන වර්ණනා කරන්නට පටන් ගත්තේය..

    "ඉස්සර වෙලා චේතියව බස්සලා එමු රත්නෙ අයියෙ.. අපේ ගෙදරින් එච්චර අවුලක් නෑ.."

    කලනට අවැසි වී තිබුණේ චේතියගේ මව හා නැගණිය තනිවම හිදිනා නිසා හැකි ඉක්මනින් ඔහුව නිවසට ඇරලීමටය..

    "එහෙනං රත්නෙ අයියෙ.. මේ ගැන දැන්ම කාටවත් කියන්න එපා.. දැක්කනේ.. මේක පොලීසියට ලීක් උන එකේ අපි පරිස්සම් වෙන්න ඕන.."

    නිවස ළගින් ත්‍රීවිලයෙන් බැසගත් චේතිය රත්නේට පූර්ව දැනුම් දීමක් කර මිතුරාට සමුදීමට සැරසුණාය..

    "චේති.. රංගයට කියන්න එපා මචං.. පස්සෙ එන විදියක් බලමු.."

    සිය මෙහෙයුම අවසන් කල දෙමිතුරෝ සමුගත්තේ එසේ කියමිනි..