CCTV_කැමරා_ගැන_කෙටියෙන්

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    CCTV_කැමරා_ගැන_කෙටියෙන්

    CCTV කැමරා පද්ධති

    cctv-cameras.gif




    අද ලියන්නේ නම් පරිගණක තාක්ෂණය ගැන නෙමෙයි. ඉන් ඉස්සරහට ගිය‍ දෙයක්.අද ඉදන් CCTV කැමරා පිලිබදව කතා කරන්නයි මේ සූදානම. ලංකාව තුල ගොඩක් ප්‍රචලිත නොවුනත් දැන් දැන් වර්තමානය වන විට අපිටත් ඒත් එක්ක මුහු වෙන්න වෙලා.ඉඩ ලැබෙන විදිහට මේ ගැන කතා කරමු. මට වඩා CCTV කැමරා පද්ධති පිලිබදව ගොඩක් දන්න උදවියත් ඇති. නිතරම ඒවාත් එක්කම ගැවසෙන, ගැටෙන උදවියටත් මම ආරාධනා කරනවා අපේ සහෘදයන්ව මේ තාක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන්න කියලා.මුලින්ම කියන්නම් අපි මේ CCTV යනුවෙන් හදුන්වන වචනයේ abbreviation එක කුමක්ද කියලා.Closed-circuit television. මෙය ආරක්ෂිත කැමරා විශේෂයක්. අපිට මේවායේම මිතුරෙක් අපි IP CAMERA ලෙසිනුත් හදුන්වනවා.

    images


    අද අපේ සමාජය දිහා ටිකක් බැලුවාම අපිට පෙනෙන දෙයක් මිනිසුන්ගේ කාර්යබහුලතාවයත් එක්ක ඔවුනගේ වත්කම් ආරක්ෂා කරගැනීමේ බරපතල ගැටලුවක් මතුවෙලා තියෙන වග.අනික තමයි නීති විරෝධීව සිවිල් ජනයාට හානිදායක අයුරින් සමාජය තුල හැසිරෙන පුද්ගලයින් නීතියේ රැහැනට ගැනීමට නිතරම අවදියෙන් සිටින ඇසක අවශ්‍යතාවය.මොකද ඒ වෙනුවෙන් පණ ඇති සත්වයෙක් යෙදවීමෙන් ඇතිවන ප්‍රායෝගික ගැටලු ගොඩක් තියෙනවා.මුර කාරයෙක් දැම්මොත් ඔහුට දරාගැනීමට හැකි ප්‍රමාණයක් තියෙනවා නිතරම අවදියෙන් සිටිනවා යැයි සහතික වන්න බැ. ඉල්ලන වැටුප ගැන ඇහුවහම , අනික තමයි ඔහු ඇසින් දුටු දේ තවත් කෙනෙකුට නැරඹීමට අවකාශයක් නැ.විශ්වාසය සම්බන්ධයෙන් ගැටලුවකුත් මතුවෙනවා එතනදි. ඉතින් ඔය කියන කරැණු කාරණා එක්ක බැලුවාම ඒකට අපිට තිබෙන හොදම විකල්පය තමයි තාක්ෂණයේ දියුණුව අපේ පිහිට කරගැනීම.අන්න එතනදි තමයි අපි Security camera systems අපේ සහයකයා බවට නිතැතින්ම පත්වෙන්නේ.

    images



    images

    CCTV කැමරාවල අතීකතයට ගියොත් මුලින්ම මෙවැනි කැමරාවක් නිෂ්පාදනය කරලා තියෙන්නේ 1942 දී ජර්මනියේ විසූ Siemens AG කියන පුද්ගලයා විසින්.ඒ වගේම පලමු IP කැමරාව එහෙම නැත්නම් පලමු ඩිජිටල් කැමරාවේ අංකුරය නිෂ්පාදනය කරල තියෙන්නේ 1996 දී Axis Communications කියන සමාගමයි.ඉතින් මේ CCTV කැමරාවල වර්ග දෙකක් තියෙනවා.

    Analog CCTV හා Digital CCTV පද්ධති


    Analog CCTV පද්ධතියක වෙනස

    images


    images


    Analog CCTV පද්ධතියක් ‍physical layer එකකදී රෑප ලබා දුන්නේ coaxial cable එකක් හරහා හා Wireless system එකක් හැටියට නම් radio transmitter එකක් receiverයක් හා සම්බන්ධ කරමිනුයි.මෙම ආකාරයේදී image data සම්ප්‍රේෂණය කලේ coaxial cable එකක නමුත් ශබ්දය ගෙනයාමට copper wire භාවිතා කෙරැණා.කැමරා කිහිපයකින් එන දත්ත multiplexer එකක් භාවිතා කරමින් තනි මොනිටරයකට යොමුගත කෙරැණ අතර සෑම කැමරාවකින්ම එන චලන රෑපයට අදාලව මොනිටරය තුල ඉඩක් (pre-set amount of space)වෙන් කර තැබුණා.මේ Analog CCTV පද්ධතියක් Wireless CCTV installations එකකට භාවිතා කිරීමේදි කැමරාවට radio transmitter එකකුත් මොනිටරයට එහි receiver එකත් සම්බන්ධ කෙරැණා.ඉතින් මෙහි ති‍බෙන අවාසි වලින් එකක් තමයි මෙම කැමරාවේ දත්ත තැන්පත් වන මැග්නටික් තැටිය හැමදිනකම මාරැ කරමින් ඉඩකඩ නියතව තබා ගැනීම. අනික තමයි මෙම ටේප් ඩ්‍රයිව් එක නිතරම කැරකෙමින් පද්ධතිය තුල තබා ගැනීමේ අවශ්‍යතාවය. ගැස්සෙන විසිවෙන යකඩ කෑලි ගොඩක් මතයි අපි ඒ රිස්ක් එක තියලා තියෙන්නේ එතකොට. එහෙත් Digital CCTV පද්ධතියක නම් අපිට අවශ්‍ය තරම් කැමරා ප්‍රමාණයකින් අවශ්‍ය තරම් රෙකෝඩින්ස් ප්‍රමාණයක් ගබඩා කිරීමට එහි පරිගණකය හෝ සර්වරය හෝ ලැපටොප් යන්ත්‍රය විසින් ඉඩ සලසා දෙනවා.



    Analog CCTV පද්ධතියක් තුල දත්ත සුරැකෙන අවස්ථාවේදී picture quality එක degrade වෙනවා. මොකද ඒ tape drives භාවිතා කරන නිසා. නමුත් Digital CCTV පද්ධතියකදී දත්ත සුරැකෙන්නේ ඩිජිටල් ආකාරයට නිසා කොපමණ ප්‍රමාණයක් ගබඩා කලත් Image quality එක පලමු අවස්ථාව වගේමයි. ඒ වගේම ඒවා තැන්පත් කිරීමේදිත් cd හෝ dvd වැනි ලාභදායි මාධ්‍යක් වුවත් භාවිතා කල හැකියි.
    අනික තමයි Analog CCTV පද්ධතියක් තුල කැමරාව සෑම හැරීමක් සමගම දත්ත තැන්පත් කිරීම අරඹන අතර Digital CCTV පද්ධතියකදී තත්පරයක‍ට රෑප රාමු 100කටත් (up to 100 images per second) වැඩි පරමාණයක් අල්ලාගන්නවා.


    Digital CCTV පද්ධතියක වෙනස

    images


    images


    Digital CCTV පද්ධතියකදී අපට අවශ්‍ය වෙලාවට අන්තර්ජාලය ඔස්සේ වුවත් කැමරා රෙකෝඩින්ස් වලට ඇතුල් වී storage එකක් තුල තැන්පත් වී ඇති අදාල දිනයක් හා ෆික්ස් කරන ලද වෙලාවකට අනුව වීඩියෝවක් සොයා ගත හැකි නමුත් Analog CCTV පද්ධතියක් තුල ඇති අවශ්‍ය කරන තොරතුරක් සොයා ගැනීම අප විසින් මහත් පරිශ්‍රමයක් දරා කල යුතු වෙනවා. අපි මේ Digital CCTV පද්ධති IP කැමරා ලෙසිනුත් හදුන්වනවා. මෙම කැමරාවක් තුල කැමරාව, audio සහ video signals යන දෙවර්ගය data packets බවට හරවා local area network (LAN) එකක් හෝ wide area network (WAN) එකක් හෝ internet හරහා සම්ප්‍රේෂණය කිරිම සිදු කිරීමට අවශ්‍ය කරන හාඩ්වෙයා කොටස්වලින්ද සමන්විතයි.මෙවැනි කැමරාවක් කිසිම අවස්ථාවක video capture card එකක් අවශ්‍යතාවය මතු කරන්නේ නැහැ .‍මන්ද මෙමගින් පිලිතුර ලෙස නිකුත් කරන දත්ත පරිගණකයට කෙලින්ම සහය දක්වන digital signal වන නිසා. වර්තමානයේදි multi-megapixel IP-CCTV කැමරා වෙලදපොලට පැමිණෙමන් තිබෙන්‍‍නේ විශාල විභෙදනයක් සහිත රෑප රාමු ලබා දිමේ අරමුණිනුයි. මෙම හේතු නිසා wireless hub එකක් භාවිතා කර වුවත් කේබල්ස් වලින් තොර (including Wi-Fi) නඩත්තුව පහසු කැමරා පද්ධතියක් සකස් කරගැනීමට බොහෝ දෙනා පෙලඹි තිබෙනවා.තවත් ඉදිරියට මේ සම්බන්ධව කතා කරමු.




    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    hey brother, ape campus 1ke CCTV camera set1kak thiyenawa. mata ona mewa, tika welawakata nawathwaganna kramayak o network 1ka access karanna kramayak. help me.