දළඳා මාළිගාව පෙනි පෙනී හරක් මැරීම හොඳද?
ළඟදී දවසක මට මහනුවර ගවඝාතකාගාරයට යන්න අවස්ථාවක් හම්බවුණා. මේ තැනනම් නුවර පැත්තේ ඉන්න අය දන්නවා ඇති.හරියටම කියනවා නම් සුදුහුම්පල මාවතේ තමා තියෙන්නේ. එලියට මොනවත් පේන්නේ නෑ. තාප්ප බැඳලා ගේට්ටු දාල තියෙන්නේ.මට අවසර ඇතුවතමයි යන්න හම්බවුණේ.හොරන් රිංගන්න ගිහින්හරි photoගහන්න ගිහින් හරි මොනවාහරි වුනොත් මමනම් වගකියන්නේ නෑ.
මෙතන ප්‍රධාන පශුවෙද්‍යතුමා කියපු දේවල් සාමාන්‍ය අයටත් වැදගත් නිසා ඒදේවල් බෙදාගන්න තමා අද මේ ලිපිය වෙන්වෙන්නේ.
මෙතන ගවඝාතකාගාරය පටන් අරන් තියෙන්නේ අපිට නිදහස ලැබෙන්නත් කලින්. තාමත් ඒ කාලේ පහසුකම් සහ තත්ත්වම තමා තියෙන්නේ.තැන තැන මඩවළවල්. සත්තු හෝදලා එන වතුරත් බිමදිගේ ගලාගෙන යනවා. මරපු සතුන්ගේ ලේ, අපද්‍රව්‍ය කාණුවල. කාණු ආවරණය කරලත් නෑ.මරන්න නියමිත සත්තුන්ව ගාල්කරලා තියෙන්නේ හරියටම සත්තුමරණ තැන ඉස්සරහා.
හැමදාම උදේට උන්ට අනෙකුත් සත්තුන්ව මරණවිදිය පේනවා. උන්ගේ මරලතෝනි ඇහෙනවා.
ඇත්තටම ඇයි මෙතන මීට වඩා හොඳට හදන්න බැරි?
එතුමා කියන විදියට හොඳ දියුණු පහසුකම් තියෙන ගවඝාතකාගාරයක් විදේශ ආධාරවලින් ගොහාගොඩ හදලා නිමකරලා තියෙනවා.
ඒත් ඒ කෙලින්ම මහවැලි ගඟෙන් එහා පැත්තේ පන්සලක් තියෙනවලු. ඒකෙ ලොකු හාමුදුරුවෝ මේකට තදින්ම විරුද්ධවීම හින්දා අලුත් නිකම්ම වහලා තියෙනවලු.
සත්තුමරණ එක මමනම් කොහොමටවත්ම අනුමතකරන්නේ නෑ. නමුත් මෙතනදී පශුවෙද්‍යතුමා අපිට කියපු කතාවෙත් යම් ඇත්තක් තියෙනවා.
එතුමා කියන්නේ මහනුවර බෞද්ධයන්ගේ ප්‍රධානම නගරයක් හින්දා ආන්දෝලනාත්මක මාතෘකාවලට ගොඩාක් සංවේදියි.
වැඩිම හරක්මස් ඉල්ලුම තියෙන්නේ නත්තල්ටවත් ඉස්ලාම් උත්සව කාලෙටවත් නොව සිංහල හිංදු අලුත් අවුරුදු කාලෙටලු.
ඒක නත්තල්කාලෙටත්වඩා හතර ගුණයක් විතර වැඩියි.
ඔහු කියන්නේ එක්කෝ මෙහෙම මරණ එක සම්පූර්ණයෙන්ම තහනම්කරලා නවත්වලා දාන්න ඕනෑ.
එහෙම නැත්නම් හොඳ දියුණු පහසුකම් සහිත තැනක සත්තුන්ට විඳවන්නේ නැතුව මරණතැනක් දෙන්න ඕනේ.
මොකද විදේශරටවල සතාව විද්‍යුත් ක්රමමගින් සිහිනැතිකරවලා වේදනාවකින් තොරව මැරීම කරනවලු.
ඔහු කියන්නේ සුදුහුම්පල ඉදන් මාළිගාව පෙනෙන නොපෙනෙන දුර. ඒකට විරෝධතා නෑ. ගොහාගොඩට කිලෝමීටර ගාණක් මාළිගාවේ ඉදන් තියෙනවා ඒත් විරෝධතා!.
ඇත්තටම එතෙනට ගියපුවාම ඉන්න සත්තු දැක්කහම උන්ගේ ඇස්වල තියෙන මරණභය දැක්කහම හරක්මස් කන අය උනත් ආයෙත් හරක්මස් කයිද කියලා සැකයි. මමනම් කොහොමත් කන්නේ නෑ.ඒ තරමට දුක හිතෙනවා.
එතුමා කියන්නේ මෙතන සත්තු මරන්නේ මහනුවර නගරයේ හරක්මස් වලට ඉල්ලුමක් තියෙන හින්දා. ඉල්ලුමක් නැත්නම් මරන්නේ නෑනේ.
කලින් කතාවම තමා. එක්කෝ සතාට විඳවන්න දෙන්නේ නැතුව මරන්න දෙන්න එක්කෝ කොහොමටවත්ම මරන්න එපා.
( මමනම් කියන්නේ කොහොමටවත්ම මරන්න එපා කියලයි)
ඒ හින්දා මේක කියවන ඔබට මේ ගැන යමක් කලහැකිනම් හිතලා බලලා විසදුම් දෙකෙන් එකක් කරන්න.
මාතෘකාවට අදාල නැතත් මේ දේවලුත් දැනගන්න එක හොඳයි.
හරක් මරන්න නීතියෙන් තහනම් ද?
පිරිමි සතුන් සඳහා වයස් මට්ටමක් නැතත් සාමාන්‍යයෙන් අවුරුදු 1ට අඩු සතුන් මරන්නේ නෑ.
කිරි ගවයින් ගත්තහම ඔවුන්
1.අවුරුදු 12ට වැඩිවිය යුතුයි.
2.නැවත අභිජනනය කල නොහැකි විය යුතුයි (non-breedble).
3.ගර්භණී නොවිය යුතුයි (non-pregnant).
4.කිරිදෙන තත්වයේ නොසිටිය යුතුයි (non-lactating).
මේ එකක් හරි නැත්නම් ඒක නීතිවිරෝධියි.
එතකොට පශුවෙද්යකෙනෙකුට වත් කිරිගවයෙකු මස් සඳහා මැරීමට සුදුසුයි කියලා අනුමත කරන්න පුලුවන්ද?
මේක ටිකක් බරපතලයි. මොකද කුසේ ඉන්න පැටියට ( ඒ කියන්නේ ගර්භණීභාවයට)මාස තුනකට වඩා අඩුනම් පරීක්ෂාකරලා හොයාගන්න එක පළපුරුදු පශුවෙද්යකෙනෙකුටවුණත් අමාරුයිලු ( ultrasound scanවගේ දියුණුක්රම තාමත් භාවිතා නොකරන හින්දා).
මැරුවට පස්සේ බලනකොට හදිස්සියේවත් සතා ගර්භණීනම්! ( මැරුවට පස්සේ හරියටම හොයාගන්න පුලුවනි) වැරැද්ද පශුවෙද්යගේ.
දඬුවම: වසර 3ක සිර දඬුවම් සමඟ රුපියල් 15,000ක දඩයක්. ඔක්කොම ඉවරයි!
එක කිරි බිංදුවක් තිබ්බත් කිරිදෙන තත්වයේ (lactating)කියලා තමා සැලකෙන්නේ.
මේක නිසා සාමාන්‍යයෙන් පශුවෙද්‍යවරුන් කිරිගවයන් අනුමත් කිරීම නොකරනබවයි ඔහු කීවේ.
මස් සඳහා ගවයන් ප්‍රවාහනයට අදාල නීතිමය ලියවිලි මොනවාද?
ලියවිලි හතරක් ඕනෑ
1.සෞඛ්‍ය සහතිකය Health certificate- බෝවන රෝගවලින් තොර සෞඛ්‍යසම්පන්න බවට පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලියවිල්ල
2.ප්‍රවාහන සහතිකය Transport certificate- සෞඛ්‍ය සහතිකය ලැබීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත්කරන ලියවිල්ල
3.සතුන් හඳුනාගැනීමේ පත්‍රය - Cattle identification card අයිතිකරුගේ සහ මිලදීගත් පුද්ගලයාගේ නම් ලිපින, සතාගේ ලක්ෂණ සඳහන් පශුවෙද්‍යවිසින් නිකුත්කරන ලියවිල්ල
සතුන් 10ක් නම් හඳුනාගැනීමේ පත්‍ර10ක් ඕනෑ.
4.වාහනය තුළ ප්රවාහනයකරන සතුන් ගණනට අදාළ ලියවිල්ල
මේ ඔක්කොම හරි ද කියලා පරීක්ෂා කිරීම පොලීසියට අයිති වැඩක්.
හරි දැන් ඉතින් මේ ගැන සාමාන්‍ය අදහසක් තියෙනවනේ. මොනවා හරි නීතිවිරෝධියමක් වෙනවානම් ඉක්මණටම වගකිවයුතු තැන්වලට දන්වන්න.