පුද්ගලිකයි රහසිගතයි V

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පුද්ගලිකයි රහසිගතයි V

    ඔන්න අද කියන්න යන කරුණු වලින් සමහර විට මගෙ රෙප් කැපෙන්නත්, මාව ban වෙන්නත් පුළුවන්. සමහර විට කොටුවක් පනින්නත් පුළුවන් වෙයි!!



    :rolleyes::rolleyes::rolleyes:




    කොහොම උනත් මේ කරුණු ගැන කියන්න යන්නෙ ගොඩක් දෙනෙක් මේ ගැන නොදන්න නිසා, කුතුහලයක් ඇති නිසා.




    ඔන්න ඉතින් සෛද්ධාන්තිකව මේක කියලා දෙන්න යන්නෙ. ප්‍රායෝගික පරීක්ෂණ ඉතින් කොරලම බලන්න!!!
    ;););)






    ඔන්න ඉතින් අද කියන්න යන්නෙ.......

    :nerd:
    :growl:
    :oo:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන.....!!!





    මල්වර වීමේ සිට ආර්තවහරණය දක්වා කාල සීමාව සඵලතා කාලය ලෙස හැඳින්වෙන්නෙ. එම කාල සීමාව තුල ස්ත්‍රියකට දරුවන් බිහිකිරීමේ හැකියාව පවතිනවා. එයට හේතුව ඇයගේ ඩිම්බකෝෂ මඟින් ඩිම්බ නිකුත් කරනු ලබන්නේ එම වකවානුව තුලදී පමණයි.




    ස්ත්‍රියගේ සිරුර තුල පිහිටි මූලික ලිංගේන්ද්‍රිය නම් ඩිම්බකෝෂයි.

    :-)Pසිරුර තුල හොඳේ, බාහිර මූලික එක ඉතින් ඔයාලා දන්නවනෙ!:P)




    ඉන් නිකුත් කරනු ලබන ඩිම්බ සංසේචනය කොට ආරක්ෂාකාරීව තැන්පත් කිරීමට අවශ්‍ය වන්නේ පැලෝපීය නාල සහ ගර්භාෂයයි. ලිංගික ක්‍රියාවලියකට අවශ්‍ය වන යෝනි මාර්ගය ඇතුළු බාහිර ලිංගේන්ද්‍රියන් සහ පියයුරු අමතර ලිංගේන්ද්‍රිය ලෙස සැළකන්න පුළුවනි.






    දැන් අපි මේ විවිධ ඉන්ද්‍රියයන් පිළිබඳ තව විස්තර ටිකක් බලමු!!!!




    ස්ත්‍රියගේ අභ්‍යන්තර ලිංගේන්ද්‍රියයන්

    අභ්‍යන්තර ලිංගේන්දීයන් අස්ථිමය ශ්‍රෝනි මේඛ්ලාව තුල පිහිටා ඇත. ඩිම්බ්කෝෂ, පැලෝපීය නාල, ගර්භාෂය, ගර්භාෂ ගෙල උදරයේ ඇතුලත පිහිටි ලිංගේන්ද්‍රියන් ය. ඒවා බාහිර ලිංගේන්ද්‍රිය සමග සම්බන්ධ වන්නෙ යෝනි මාර්ගය මඟිනි.







    ඔන්න බලාගන්නකො කොහොමද තියෙන්නෙ කියලා.


    563316_259460910835746_2078626294_n.jpg









    දැන් මේ එකින් එක ගැන විස්තර කොරන්න තමා හදන්නෙ.......





    ඩිම්බකෝෂ (Ovary):
    යටි බඩ තුල ගර්භාෂය දෙපැත්තේ මෙය පිහිටා ඇත. ලොකු කොස් ඇටයක් තරම් වූ ඩිමබකෝෂයක් තුල නොමේරූ ඩිම්බ බිත්තර 25000ක් පමණ අන්තර්ගත වෙනවා. මසකට වරක් ඒවායින් එකක් මෝරා ඩිම්බකෝෂයෙන් පිටතට මෝචනය වේ.

    ඩිම්බයක ප්‍රමාණය අල්පෙනෙත්තක හිස තරම් වෙනවා.

    මෝචනයෙන් පසු එය පැලෝපීය නාලය තුලට ඇතුලු වේ. මෙම ක්‍රියාවලිය ඩිමබණීහරණය (ovulation) ලෙස හැඳින්වේ.

    කලාතුරකින් ඩිම්බ දෙකක් හෝ කිහිපයක් පිටවීමට පුළුවන්. නිවුන්නු සහ තුන් දරු උපත් ඇතිවෙන්නෙ එවිටයි. සමහර මාසවල ඩිම්බ පිටනොවෙන්නත් පුළුවනි.






    පැලෝපීය නාල (Fallopian Tubes):
    අඟල් 4ක් හෝ 10cm පමණ දිගින් යුක්තයි. ගර්භාෂය දෙපැත්තෙ ඉහළ කෙළවරින් පටන් අරන් ඩිම්බ්කෝෂ වෙත ගමන් කරනවා. ඩිම්බ්කෝෂ අසල දී නාලය ප්‍රසාරණය වී බූවල්ලෙකුගේ අඬු මෙන් හැඩයක් ගන්නවා. මේවාට කියන්නෙ ෆිම්බ්‍රියා (fimbriae) කියලයි. ඒවා ඩිම්බකෝෂයට කෙළින්ම සම්බන්ධ වෙන්නෙ නෑ, නමුත් නිකුත්වන ඩිම්බයක් පැලෝපීය නාලය තුලට ඇදගැනීමේ හැකියාවක් මේවාට තියෙනවා.

    පැලෝපීය නාල තුල ඩිම්බයකට පැය 24ක් පමණ ජීවත් වෙන්න පුළුවන්.

    මේ කාලය තුල ඩිම්බය පැලෝපීය නාලය හරහා ගර්භාෂය දෙසට ගමන් කරනවා. ඉතින් මේ කාලය තුල ඇය ලිංගික සංසර්ගයක යෙදුනොත්, යෝනි මාර්ගය හරහා ගර්භාෂයටත්, ඉන් පැලෝපීය නාලය තුලටත් ඇතුළු වූ ශුක්‍රාණුවලින් එකක් මේ ඩිම්බය සමඟ සංසේචනය වෙලා යුක්තානුවක් හටගන්නවා. මේ යුක්තානුව නැවත බෙදෙමින් ඇවිත් ගර්භාෂයේ තැන්පත් වෙනවා.

    කලාතුරකින් මේ යුක්තානුව ගර්භාෂයට යන්නෙ නැතුව පැලෝපීය නාලය තුල රැඳෙන්නට පුළුවන්. ඒක පැලෝපීය නාලය තුලම වැඩුනොත් "එක්ටොපික් ගර්භණීතාවය (ectopic pregnancy)" ඇතිවෙන්න පුළුවන්. මේක භායානක තත්වයක් වගේම, පැලෝපීය නාලය පුපුරන්නත්, අභ්‍යන්තර රුධිර ගලන තත්වයක් හටගෙන ඇය මියයාමට උනත් පුළුවනි.






    ගර්භාෂය (Womb / Uterus):
    මේක හරියට පෙයාස් ගෙඩියක් පහළට හරවලා බැලුවම පෙනෙන ආකාරයට තමා තියෙන්නෙ. තරුණියකගෙ අත මිට මෙලවු විට ඇතිවන ප්‍රමාණය තමා ගර්භාෂයේ විශාලත්වය. (හරි දැන් ඔයාලා අත මිට මොලවන්න ඕන නෑ හොඳේ.) ගර්භණී සමයේදී කළලය ආරක්ෂා සහිතව වර්ධනය වෙන්නෙ ගර්භාෂය තුල. මේක හැදිලා තියෙන්නෙ ඝන පේශීමය බිත්ති වලින්. කළලය වැඩෙන්න වැඩෙන්න මේ බිත්ති ඇදී විශාල වෙනවා.

    ගර්භාෂය ඇතුලත තියෙන බිත්තිය, (මේකට කියන්නෙ එන්ඩොමෙට්‍රියම (endometrium) කියලා..) ගර්භණී වන තුරු සෑම මාසයකට සැරයක් ඔසප් වීමෙන් පසු වර්ධනය වෙලා ඝනකමින් වැඩිවෙනවා. එහෙම වෙන්නෙ කළලයක් හැදුනොත් ඒක ආරක්ෂා සහිතව තැන්පත් කරගෙන වර්ධනය කරන්න ඕන නිසා. පිළිසිඳ ගැනීමක් සිදුවුනේ නැත්තම් මේ බිත්ති කැඩිලා රුධිර ගලනයක් සමඟ පිටතට එනවා. අන්න ඒක තමා ආර්තවය හෝ ඔසප්වීම (date එක) කියන්නෙ.

    90% කාන්තාවන්ගෙ ගර්භාෂය ඉදිරියට නැමී මුත්‍රාශය මත තමා පිහිටලා තියෙන්නෙ. ඒක antiversion කියලා තමා හඳුන්වන්නෙ. සුළු ප්‍රමාණයකගේ ගර්භාෂය පිටුප්සට නැමී පිහිටනවා. ඒකට කියන්නෙ retroversion කියලා. ඒක අස්වාභාවික නෑ, නමුත් දරු පල හට ගැනීමේ අඩුවක් පවතින්න පුළුවන් බට මතයක් තියෙනවා. ඒක මතයක් විතරයි හොඳේ.




    ගර්භාෂයේ ගෙල (Cervix):
    ගර්භාෂයේ සිහින් වූ පහළ කෙලවර තමා මෙහෙම හඳුන්වන්නෙ. ඒක කෙලින්ම යෝනි මාර්ගයට විවෘත වෙනවා. සංසර්ගයේදී යෝනි මාර්ගයට මුදා හරින ශුක්‍රාණු ගර්භාෂයට අරන් යන්නෙ ගෙලෙහි මැද පිහිටි ඉතා කුඩා සිදුරෙන් පටන් ගන්න නලය දිගේ.
    සාමාන්‍ය අවස්ථාවලදී ගර්භාෂ ගෙල මඟින් ස්‍රාවය කරන ජෙලි වැනි අවර්ණ ස්‍රාවයක් මඟින් එහි මැද සිදුර වැහිලා තියෙනවා. නමුත් ඩිම්බයක් පිටවෙච්ච ගමන් මේක තුනී වෙලා දියර ස්වභාවයක් ගන්නවා, එතකොට ශුක්‍රාණු වලට පහසුවෙන් ගෙල හරහා ගර්භාෂයට ඇතුල් වෙන්න පුළුවන්.

    ගර්භණී වීමෙන් පසු දරු ප්‍රසූතිය දක්වාම මේ ගර්භාෂ ගෙල වැහිලා තමා තියෙන්නෙ. ප්‍රසූත අවස්ථාවේදී ගෙල ඇදී මැද ඇති සිදුර විශාල වී දරුවා එය තුලින් යෝනි මාර්ගය හරහා මෙලොවට බිහිවෙනවා.




    යෝනි මාර්ගය (Vagina):

    (මේක ගැන නම් හැමෝම දන්නවා ඇති...!:rolleyes:)

    හැදිලා තියෙන්නෙ පේශිමය බිත්ති වලින්, ඇදෙන සුළු නලයක්. ගර්භාෂ ගෙල හා බාහිර ලිංගේන්ද්‍රිය සම්බන්ධ වෙන්නෙ මේකෙන්. සාමාන්‍ය අවස්ථාවන් වලදී මේකේ දිග අඟල් තුනහමාරත් හතරත් අතර වෙනවා. එතකොට මේක හරියට හුලං ගිය බයිසිකල් ටියුබ් එකක් වගේ. ලිංගික සංසර්ගයේදී එහි රැලි වැටුන ස්වභාවය නැතිවෙලා පිරිමියාගෙ ශිෂ්ණය දරා සිටීමට හැකි අයුරින් අඟල් පහමාරක් හයක් පමණ ඇදී දික්වෙනවා. ප්‍රසූත අවස්ථාවේදී මෙය තවදුරටත් විශාල වෙලා දරුවා බිහිකිරීමට උදව් වෙනවා.

    මේක හරියට අපේ කට වගේ, නිතරම තෙත ස්වභාවයකින් තමා පවතින්නෙ. :love:රසවත් ආහාරයක්:love: දැක්කම කටට කෙළ උනනවා වගේ :-)baffled:අහවල් එක දැක්කම මේකට කෙළ උනන්නෑ බොල....:baffled:) ලිංගික ක්‍රියාවලියෙදි යෝනි ස්‍රාවය වැඩිපුර උනනවා. එතකොට යෝනි මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් ගන්නවා, ඒ වගේම සංසර්ගය පහසු කරවනවා සහ එය තෘප්තිමත් එකක් බවට පත් කරනවා.
    (හරි දැන් ඔය හීන මවන එක නවත්තලා ඉතුරු ටිකත් කියවලාම ඉන්න...:P)






    මෙච්චර වෙලා කිව්වෙ අභ්‍යන්තර ලිංගේන්ද්‍රියයන් ගැන නෙ, දැන් බලමු බාහිර ලිංගේන්ද්‍රියයන් මොනවාද කියලා......




    මේකට අයත් වෙන්නෙ පියයුරු සහ භාහිර ලිංගික ප්‍රදේශය (හැමෝටම දැනගන්න ඕන එක.......)
    මුලින්ම කතා කරමු ඕන එක ගැන......




    මේකට කියන්නෙ භගය කියලා. (පේන්න තියෙන සම්පූර්ණ සෙට් එක) ඕ....ඕ......කඩ්ඩෙන් කියන්නෙ vulva (වුල්වා) කියලා. දන්නවනෙ ඉතින්, මේක තියෙන්නෙ කලවා දෙක පටන් ගන්න ස්ථානය මධ්‍යයේ. මෙතනදි අපිට දැකගන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස් කිහිපයක්.







    මේ තියෙන්නෙ......


    251900_259460904169080_931166232_n.jpg











    ගරිය අධරය (labia majora):

    ගරිය අධරය හෙවත් යෝනි විවරය දෙපස පිහිටි ප්‍රධාන යෝනි තොල් මඟින් සාමාන්‍ය අවස්ථාවල දී යෝනි විවරය වැසී තිබෙනවා. මෘදු මේද පටක වලින් හැදිලා තියෙන මේවා මත රෝම දක්නට ලැබෙනවා. ඇතුල් පැත්ත සුමට වන අතර රෝම දක්නට ලැබෙන්නෙ නෑ. නමුත් එහි ඇති ස්වේද සහ දහඩිය ග්‍රන්ථි මඟින් ස්‍රාවයන් නිකුත් කරනවා. ඒකෙන් භගය ප්‍රදේශය තෙත්ව තබාගන්න පුළුවන් වෙනවා. මීට අමතරව මේ ප්‍රදේශයේ තියෙන ඇපෝක්‍රයින් (apocrine) ග්‍රන්ථි මඟින් ලිංගික ක්‍රියාවලියේදී, ලිංගික සහකරු ආකර්ෂණය කරනු ලබන ගන්ධයක් විහිදුවනවා. ගරිය අධරයට ඉතා හොඳ ස්නායු සැපයුමක් තියෙන නිසා ස්පර්ශයට ඉතාමත් සංවේදියි (වැඩි විස්තර ඕන නෑනේ සංවේදි බව ගැන.....:rolleyes::rolleyes:)



    කණීය අධරය (labia minora):
    මේක කුඩා යෝනි තොල් දෙකක්. තියෙන්නෙ ගරීය අධරයට යටින්. මේක ඉතාමත් සිනිදුයි. රෝම දක්නට ලැබෙන්නෙ නෑ. ඉහළ කෙළවර තියෙන්නෙ භගමණිය(clitoris) කියලා කොටසක්. මේ තොල් දෙක බොහෝ විට එක සමාන නෑ, සමහර විට කොටසක් ගරීය අධරයෙන් පිටතට ඇවිත් තියෙන්නත් පුළුවන්. කණීය අධරයේ වැඩිපුර දක්නට ලැබෙන්නෙ ශ්‍රාවීය ග්‍රන්ථීන්, යෝනි විවරය අවට තෙත්ව තබාගන්න ඒවා උපකාරී වෙනවා. ලිංගික ක්‍රියාවලියේදී කණීය අධරය රත් පැහැ ගැන්වෙන අතරම ප්‍රමාණයෙනුත් විශාල වෙනවා. එහෙම වෙන්නෙ ඒ අවස්ථාවේදී එම ප්‍රදේශයට හොඳ රුධිර සැපයුමක් තියෙන නිසා.



    භගමණිය (clitoris):
    මේක තියෙන්නෙ කණීය අධරයන් එක්වන ඉහළ කෙළවරේ. මුත්‍රා වාහිනී විවරය පිහිටන්නෙ මේකට ටිකක් පහළින්. මේක හඳුන්වන යොදාගෙන තියෙන clitoris (ක්ලිටොරිස්) කියන වචනය ග්‍රීක එකක්. එකේ තේරුම "යතුර" කියන එකලු. මේක සාමාන්‍යයෙන් කුඩා එකක්. ශිෂ්ණයට සමාන කොටස් වලින් තමා හැදිලා තියෙන්නෙ, තැනැත්තිය අනුව මේක අඟල් 3/4 සිට 1 1/2 දක්වා දික්වෙන්න පුළුවන්. මේ ඉතාමත් සංවේදී ප්‍රදේශයෙන් කෙරෙන එකම කාර්යය තමා, ස්ත්‍රියට ලිංගික තෘප්තියක් ලබාදීම. භගමණියෙ කෙළවර හඳුන්වන්නෙ "මණකය" කියලා. මෙතන තමා "සංවේදීතම ස්ථානය".

    ලිංගික ක්‍රියාවලියේදී පුරුෂ ශිෂ්ණය වගේ භගමණියත් ප්‍රාණවත් වෙනවා. එතකොට ප්‍රමාණයෙන් දෙගුණයකින් පමණ විශාල වෙලා මණකය ඉදිරියට නෙරා ඇවිත් තියෙන්න පුළුවන්.




    තව දෙකයි...... ඒ ටිකත් කියවලාම බලන්න.......:):)





    ඔෂ්ඨි වාශිකාව (vestibule):

    (සිංහල නම කියවලා දිව උලුක්කු කොරගන්නෙ මොකටද.... කරුණු ටික බැලුවානම්.....)

    කලින් කතා කළේ "කණීය අධර" ගැන. අන්න ඒවා අතර පිහිටලා තියෙන ප්‍රදේශයට තමා මේ නම කියන්නෙ. මේ ප්‍රදේශයේ තමා මුත්‍රා වාහිනි විවරයත්, යෝනි මාර්ග විවරයත් පිහිටලා තියෙන්නෙ. යෝනි මාර්ග විවරය දෙපසින් ග්‍රන්ථි දෙකක් තියෙනවා. ඒවාට කියන්නෙ "බාතොලින් ග්‍රන්ථි" (bartholins glands) කියලා. මේවායෙන් කරන්නෙත් ලිංගික ක්‍රියාවලියෙදි ශ්‍රාවය පිට කරන එක තමා.

    ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබාගන්නේ නැති කාන්තාවන්ගෙ බාතොලින් ග්‍රන්ථියට විෂබීජ ඇතුල්වීම නිසා සැරව ගෙඩි හටගන්න පුළුවන්. ඒක හඳුන්වන්නෙ "බාතොලින් ඇබ්සස් (bartholins abscess)" නමින්. ඒකට නම් ඉතින් නිර්වින්දනය කරලා ගෙඩිය පලලා සැරව ඉවත් කරන්න වෙනවා.




    ඔන්න වැදගත්ම (නැති) එක..........:P:P




    කන්‍යාපටලය හෙවත් කුමරිවදය (hymen):

    යෝනි මාර්ගයේ පිටත විවරයේ සිට 1 1/2cm පමණ ඇතුලතින් තමා මේක පිහිටන්නෙ.

    (හැමෝගෙම ශිෂ්ණය මීට වඩා දිග නිසා බයවෙන්න කාරියක් නැහැ නොවැ.)

    මේ පටලය මැද පැල්මක්, සිදුරක් හෝ සිදුරු කිහිපයකින් යුක්ත වෙන්න පුළුවන්. මේ පටලය විවිධ ප්‍රමාණ වලින් සහ විවිධ ඝනකම් වලින් පිහිටන්න පුළුවන්.



    තුනී කන්‍යාපටල, ගස් නැඟීම, බයිසිකල් පැදීම වගේ වැඩ වලින් කැඩිලා යන්න පුළුවනි. ගොඩක් වෙලාවට මේක කැඩෙන්නෙ ඉතින් ලිංගික සංසර්ගයකදී තමා. කලාතුරකින් කන්‍යා පටලය නොපිහිටන්නත් පුළුවන් වගේම, පිහිටලා තියෙන එක ඝනකමින් වැඩි වෙන්නත් පුළුවන්. එහෙම ඝනකමින් වැඩි කන්‍යා පටලයක් සංසර්ගයේදී කැඩී නොයන්න පුළුවන්, එහෙම උනොත් ඒක ශල්‍යකර්මයක් මඟින් ඉවත් කරන්න සිද්ධ වෙනවා (සිහිනැති කරලා තමා වැඩේ කරන්නෙ හොඳේ.).






    ෴෴෴෴෴෴෴෴






    ඔන්න ඉතින් මම හොයාගත්ත සේරම කරුණු ගැන ඔයාලට කිව්වා. තව කියන්න තියෙනවා ස්ත්‍රී ප්‍රජනක චක්‍ර ගැන. ඔය "දවස" ගැන එහෙම කට්ටිය සෑහෙන උනන්දුයි නෙ. ඒ ගැනත් කරුණු හොයාගෙන, ගලපාගෙන ඉක්මනටම කියන්නම් ඔයාලට.


    :):):)




    මෙන්න කලින් නූල: පුද්ගලිකයි රහසිගතයි IV




    පින්තූර නම් අන්තර්ජාලයෙන්.

    වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ගේ පුද්ගලිකයි රහසිගතයි කෘතිය ඇසුරෙන් ඔබ වෙනුවෙන් මා කල නිර්මාණයකි.
    සියළුම ගෞරවයන් ඒ මහතාට හිමිවිය යුතුය...
    උපුටා ගැනීමේදී ඒ ගැනත් සඳහන් කරන්න...

     
    Last edited: