෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴♥ මගේ සඳවතී ♥෴ සැබෑ ආදරය යනු මෙයයි..

    මේ ආදර කතාව අනිත් සියලු කතාන්දරයන්ට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක් ගන්නෙ.. ආදරයට ආදරය කරන අය වෙනුවෙන් ලියවුණු ලස්සන කතාවක්.. විශ්ව විද්‍යාල ජීවිතය සම්බන්ධවයි ලියවිලා තියෙන්නෙ.. මම කතාව කියන්න ගියොත් කියවන්න හිතෙන්නෑ.. මෙන්න එහෙනම් කියවලම බලන්න..
    රොෂාන් ධම්මික කුමාරගෙ නිර්මාණයක්
    සත්‍ය කතාවක් විය හැක.. :yes:
    මගේ බ්ලොග් එකෙන් සමහර අය කියවන්න ඇති.. මේ කියවපු නැති අය වෙනුවෙන්..
    හැමෝටම ජයෙන් ජය..


    Mage-Sandawathi-Cover.jpg


    Mage-Sandawath-Cover-2.jpg


    01.png


    එදා සිකුරාදා දවසක් විය.. මම මහකන්දේ සිට මහනුවර දක්වා ගමනාන්තයේ යෙදුණු පෞද්ගලික බස් රථයෙන් ගමන් කරන විට රාත්‍රී 7.10 ත් පසුවී හමාරය.. මම බස් රථයේ යමින් උන්නේ ඉමහත් අපහසුතාවයකිනි.. කැම්පස් එකෙ උදෑසන සිටම සවස් වනතුරු දේශන වලට සහභාගි වී බස් රථයේ සිටගෙන යාම ඊට හේතුව විය.. බසයේ මැද ආසනයක අසුන්ගෙන සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු ගැටඹේ දී අසුනෙන් නැගිට බසයෙන් බැස ගියේ මා හට වාඩි වීමට අවස්ථාව සලසා දෙමිණි.. දිවකට වේලී ගොස් බසයේ සිටගෙන යාමට තරම්වත් නොහැකිව සිටි මා හට එය සීතල වතුර කෝප්පයකින් සංග්‍රහ කිරීමක් ලෙසට දැනුණි..


    ගැටඹේ හන්දියේ සිට කිලෝමීටර් භාගයක්පමණ යන්නටත් ප්‍රථමයෙන් මාගේ දෙනෙත් ඉබේටම වාගේ පියවුණේ ඇගේ තිබුණු තෙහෙට්ටුව නිසා බව සැකයට කරුණක් නොවිය.. එතැන් සිට ටික දුරක් ගිය මාගේ දෙසවනට ඇසුනේ [FONT=&quot]“එක්ස්ක්‍යුස් මී” යන ඉංග්‍රීසි වචනය පමණි.. මා තිගැස්සී හිස මදක් ඔසවා බලනු ලැබුවේ තරමක කම්මැලිකමකිනි.. ඉංශ්‍රීසි වචනය ඇමතූ කෙනා ගැහැනු ළමයෙකු බව මට හැගී ගියේ ඇයගේ ළාමක කටහඩිනි..[/FONT]


    [FONT=&quot]අයියෙ.. මේ බෑග් එක චුට්ටක තියාගන්න පුළුවන්ද..?[/FONT]


    [FONT=&quot]මම වික්ෂිප්තයට පත් වුණෙමි.. මනසෙහි ඇතිවුණු එම වික්ෂේපයත් සමගම මා හදවත පිබිදෙන්නට විය.. හදවතට එවැනි නැවුම් ප්‍රබෝධයක් දැනෙන්නට වූයේ කිසිදිනක කිසිවෙක් එලෙස මා හට [/FONT]
    [FONT=&quot]“අයියේ” කියා අමතා නොතිබුණු හෙයිනි.. ඇයගේ වටකුරු මුවමඩල දෙස තත්පරයක් දෙකක් නෙතුපිය නොහෙළා සෙනෙහෙබර කාරුණික බැල්මකින් බලා උන්නේ ඇයගේ අවිහිංසක ඉල්ලීම ප්‍රසන්න පෙනුම කෙරෙහි ශාන්තගත මානුෂික හැගීමකින් ඇය වෙත ආකර්ශණය වූ නිසාමය.. එහෙත් මම ඇය දුටු ප්‍රමාණයටම ඇය මා නොදුටුවේ මා බසයේ අසුනක වාඩි වී සිටි නිසාය.. ඉතින් මා ගතේ තිබුණු තෙහෙට්ටුව පසෙක දමා මද හසරැල්ලක් ඇය වෙනත පා කළේ ඇගේ ඉල්ලීමට අහිංසක ප්‍රතිචාරයක් දක්වමිනි..[/FONT]

    [FONT=&quot]නැවත වරක් ඇය දෙස බැලීමටත් ඇය හට ආසනය දීමටත් මසිත මා හට පැවසුවත් එසැණින්ම දෙගිඩියාවකින් මෙන් සිත චංචල වූයේ මා කෙරෙහි ඈ අහිතක් සිතතැයි සිතුණු නිසාය.. අනෙක ආසනයක වාඩි වී සිටි මා හිස ඔසවා ඇය දෙස නොබැලුවේ බසය තුළ මිනිසුන් අධික ප්‍රමාණයක් සිටි නිසාය.. මිනිසුන් අතරෙහි තෙරපෙමින් ආයාසයකින් යුතුව මා අසලට වී ගමනාන්තයේ යෙදුනු ඇය කෙරෙහි අනුකම්පාවක්ද මා හට ඇති වූයේ මා සිටි ආසනය ඇයට දීමට නොහැකි වීමත් අසීරුතාවයකින් යුතුව ඇය බසයේ ගමන් කිරීමත් නිසාය..[/FONT]


    [FONT=&quot]අඩ හෝරාවක් තුළ මාගේ මනස තුළත් හදවත තුළත් ආගන්තුකයෙකු වී සැරිසරන්නට පටන් ගත් ඇය පිළිබදව සිතමින් උන් මා හට මහනුවරට පැමිණි බවක් සත්තකින්ම නොදැණුනි.. එවිට වේලාව රාත්‍රී 7.45 ට පමණ වී තිබිණි.. ක්ෂණයකින් ඇයගේ දෑත් මාගේ දෙපය මත තිබුණු බෑගය වෙත ස්පර්ෂ වුණි..[/FONT]


    [FONT=&quot]තෑන්ක්ස් අයියෙ..![/FONT]


    [FONT=&quot]නොසිතූ නොපැතූ ලෙසට ආ අකුණු සැරක් වැදුණාක් මෙන් මාගේ හදවත නැවත වරක් ඇවිලී යන්නට වූයේ ඈ නැවතත් [/FONT]
    [FONT=&quot]“අයියේ” කියා ඇමතූ නිසාය.. ඇය බසයෙන් බැසීමට ළං වෙත්ම එක් වරක් මා ඇය දෙස බැලුවේ නැවත වරක් ඇය දැකීමට නොලැබෙතැයි යන මූසල සිතුවිල්ල සිතට නැගුණු නිසාය.. එහෙත් එම මූසල සිතුවිල්ල පරයා නැගුණු සංතෘප්තිජනක සිතුවිල්ලෙන් මා හට පැවසුවේ ඇය ආගන්තුකයෙකු නොවන බවය.. නුපුරුදු නොහදුණන අයෙකු නොවන බවය.. නැවත හමුවන තැනැත්තියක් බවය.. මා පසුපස නොව ඇයත් ඇය පසුපස නොව මාත් කිසිත් විෂම බවකින් නොවන සම අටලෝධර්මයෙන් ජීවත් වන බවය..[/FONT]

    [FONT=&quot]බසයෙන් බැස පොලීසිය ළගින් ඇය කෙළින්ම ගියේ ටවර් එක වෙතටය.. ඇය පසුපසින් ගිය මා හට ඇය මේ රාත්‍රියේ මොන බස් එකක යන්නේදැයි කියා බලා ගැනීමට නොහැකි වූයේ මා බසයෙන් බැසීමට ප්‍රමාද වූ නිසාය.. ඒ මොහොතේ එම ස්ථානයේ නවතා තිබූ බස් රථ අතුරින් කිහිපයක්ම ඇය සිටිදැයි පරික්ෂා කළද ඒ කිසිවක ඇය සිටියේ නැත.. තව තවත් ඇය සෙවීමට මා උත්සුක නොවුණේ ඇතැම් විට ඇය බසයක නැග යාමට ඉඩ ඇති බවත් මා හට යාමට පරක්කු වන බවත් හේතුවෙනි.. කෙසේ වෙතත් ඇය හැද සිටි දණිස් දෙක ළගට තිබුණු කළු කොට සාය සහ කර කපපු සුදු බ්ලවුස් එකද ඇගේ දිගුවන් දෙකට ගොතා තිබුණු කොණ්ඩයද මාගේ මතකයේ රැදුණි.. ඇයගේ තලෙළු පැහැ වටකුරු මුහුණද මාගේ මතකයේ තැන්පත් වූයේ බෑගය ගන්නා විට මා දෙස බලා ස්තුති කළ මොහොතේ සිටය.. එම මතකයන් පොදි බැද ගත් මා නිවසට යාම සදහා බසයට ගොඩ වූයේ කල්පනා ලොවක අතරමං වෙමිනි..[/FONT]


    [FONT=&quot]මගේ ගතේ තිබුණු තෙහෙට්ටුව පහව ගොස් හදවතට තෙහෙට්ටුවක් දැනුණේ ඇය දැකීමෙන් ඉනික්බිතිවය.. එබැවින් හදේ තෙහෙට්ටුව රදවාගෙන මා ගෙදරට යන විට රාත්‍රී 9.00 පමණ විය.. එපමණ මා ගෙදරට පැමිණීමට කල් ගත වූයේ බසයේ දී දුටු ඇය සෙවීමට කාලය වැය කල නිසාමය නොව මා බසයෙන් බැස අතුරු මගෙහි එන අතරතුරත් ඇය පිළිබදව සිතන්නට මා හදවතට පුළුල් අවකාශයක් ලබා දෙමින් කූඹි ගමනින් එන්නට වූ නිසාය..[/FONT]


    [FONT=&quot]මම ගෙදරට එන විට කුප්පි ලාම්පුව දල්වා ගත් අම්මා නොනිදා බලා සිටියේ මා ප්‍රමාද වූ නිසා බව ඇයගේ මැළැවුණු මුහුණ දෙස බැලූ විට මට හැගී ගියේය.. ඇයගේ වයස කෙසේ වුවත් අප්‍රාණ වී ගොස් තිබුණු ඒ සෙනෙහස පිරි මුහුණ දෙස බැලූ විට මගේ හදවතට සියුම් වේදනාවක් දැනෙන්නට වූවේ තවමත් ඇය මා කෙරෙහි දක්වන අප්‍රමාණ වූ මව් සෙනෙහස නිසාය..[/FONT]


    [FONT=&quot]ඇයි පුතේ අද එන්ට පරක්කු වුණේ..? මම හිතුවෙ අද නේවාසිකාගාරයේ ඉදියි කියලා..[/FONT]


    [FONT=&quot]නෑ.. අම්මෙ, අද බස් එක පරක්කු වුණා.. ඒකයි නැත්නම් මීට කලින් එන්න තිබුණා..[/FONT]


    [FONT=&quot]ඉතින් පුතේ..! ටිකක් වේලාසනින් එන්න තිබුණනේ..[/FONT]


    [FONT=&quot]එහෙම එන්න බෑනෙ අම්මෙ.. අද දවසම ලෙක්චස් තිබුණා.. ඒවා පාඩු කරගන්න බෑනෙ..[/FONT]


    [FONT=&quot]අනේ මන්දා.. මොනවා වුණත් රෑ වෙන්න කලියෙන් ගෙදරට වරෙන්..[/FONT]


    [FONT=&quot]ඇත්තටම සිද්ධ වුණු දේ කියන්න පුලුවන්කමක් නැති නිසයි මම බොරු කිව්වෙ අම්මෙ.. මට සමාවෙන්න.. තමාටම මුමුණා ගත්තේය..[/FONT]


    [FONT=&quot]මොනවද පුතේ කල්පනා කරන්නෙ..? ගිහින් මූණ කට හෝදගෙන කෑම ටික කන්ට.. සීතල වෙයි..[/FONT]


    [FONT=&quot]මට හරිම මහන්සියි අම්මෙ.. තව ටිකකින් මම කන්නම්..[/FONT]


    [FONT=&quot]අම්මා කළ ඉල්ලීම මොහොතකට ප්‍රතික්ෂේප කළේ ඔහුගේ සිතෙහි ඇති වූ වෙනස් වීම පිළිබදව ඔහුටම නැවත නැවතත් සිතන්නට අවැසි වූ නිසාය.. හැබෑවටම ඒ ආගන්තුක අමුත්තිය නොහදුණන අයෙකු විදියට මට දැනෙන්නේ නැත්තෙ ඇයි..? දිගු කාලයක් තිස්සේ ඇසුරු කළ අයෙකු විදියට දැනෙන්නේ ඇයි..? ඒ පිවිතුරු මුහුණ මගේ හදවතින් මැකිලා නොයන්නේ ඇයි..? ඒ මිහිරි කටහඩ මගේ දෙසවනේ ආයෙමත් දෝංකාර දී රැව් දෙන්නේ ඇයි..? ඒ කාරුණික බැල්ම මාගේ නෙතුමානයෙන් බැහැරට නොයා මා අභියසම සප්‍රාණික ලෙස මැවිලා පෙනෙන්නේ ඇයි..? වළාවක් වගේ නිදහසේ පාවෙමින් උන් මාගේ හදවත එක සොදුරු ඉසව්වක නතර කරාක් මෙන් දැනෙන්නේ ඇයි..? ඇත්තටම මට මේ මොනවද හිතෙන්නෙ..? පිස්සුවක් හැදීගෙන එනවාද..? නැත්නම් පිස්සු හැදිලා දොඩවන්න හදනවාද..? ගෙවී ගිය හෝරා කිහිපය මේ තරම් දුරට උඹට කරපු බලපෑම මොකක්ද සනිරු../ ඔහු තමාගෙන්ම ප්‍රශ්න කර පිළිතුරු සොයන්නට විය..[/FONT]


    [FONT=&quot]මෙනදා මෙන් නොව සනිරුගේ වෙනස් වීම පිළිබදව අම්මාගේ සිත කලබලයට පත් වූ බව ඇයගේ මුවින් නික්මුණු වචන වලින් සනිරුටද තේරුණි..[/FONT]


    [FONT=&quot]ඇයි මගෙ පුතේ..! අසනීපයක්වත්ද..? වෙද මහත්තයාගෙන් බෙහෙත් ටිකක්වත් ගන්ට යන්ද..?[/FONT]


    [FONT=&quot]අවුරුදු එකොළහේදීම සනිරුගේ තාත්තා මියයාමෙන් පසුව ඉතාමත්ම අසීරුතාවයකින් යුක්තව ගෙවල් වල බැල මෙහෙවරකම් කර දහසකුත් දුක් කම්කටොලු විදිමින් ද අපහාස විදිමින් ද නොයෙකුත් හැලහැප්පීම් වලට මුහුන දෙමින් ද ඇඩුම් වැළපුම් මධ්‍යයේ තම එකම දරුවා හදා වඩා ලොකු මහත් කර මේ තරම් දුරට ඉගෙන ගන්නට අවශ්‍ය සෑම පහසුකමක්ම බලා දුන් අම්මාට අනාගතයේදී සනිරුගේ පිළිසරණ පමණක් තිබීම නිසාම ඇය තම පුතා පිළිබදව මෙතරම්ම සිතන්නට වූවාය..[/FONT]


    [FONT=&quot]අනේ නෑ අම්මෙ.. මේක තව ටිකකින් ඇරිලා යයි.. මට අමාරුවක් නෑ අම්මෙ..[/FONT]


    [FONT=&quot]අම්මේ..! මොනවද කන්න තියෙන්නෙ..? දැන් නම් බඩගින්නක් දැනෙනවා..[/FONT]


    [FONT=&quot]කෑම කන්නට තරම් සනිරුට බඩගින්නක් නොතිබුණත් තම අම්මාගේ හිතේ තිබෙන දුක තුනී කිරීමට ඔහු කෑම කන්නට සිතුවේ අම්මාට තිබෙන අප්‍රමාණ වූ ආදරය නිසාය.. සනිරු ඇසූ ප්‍රශ්නයට අම්මාගේ සිත සතුටින් පිරී ගියේ හරියටම අටුවක වී පරී ඇති බව දුටු ගැහැවියෙකු සතුටු වනවාටත් වඩා ලොකු සතුටකින් බව සනිරුට හැගුණි..[/FONT]


    [FONT=&quot]කැකුළු හාලේ වතට සම්බෝලයක් මලවලා කරවල කෑල්ලක් තියෙනවා පුතේ.. අම්මාගේ මුහුණ පුරාසිනාවක් මතු කර ගනිමින් සනිරු ඇසූ ප්‍රශ්නයට උත්තරයක් දුන්නේ වතුර කෝප්පයක්ද ඇතැතිවය..[/FONT]


    [FONT=&quot]අම්මා කෑවද..?[/FONT]


    [FONT=&quot]ඔව්, මගෙ පුතේ මම කෑවා.. බෙහෙත් බොන්න තියෙන නිසා මම කලින්ම කෑවා..[/FONT]


    [FONT=&quot]එහෙනම් අම්මෙ, දැන් ගොඩක් රෑත් වෙලානෙ.. අම්මා ගිහින් නිදාගන්න.. මම කාලා නිදියන්නම්..[/FONT]


    [FONT=&quot]හ්ම්.. හ්ම්.. කියමින් අම්මා කිසිත් වචනයක් පිට නොකළේ සනිරුගෙන් වචනයක් බලාපොරොත්තුවෙන් බව සනිරුටම දැණුනි..[/FONT]


    [FONT=&quot]නෑ.. නෑ.. අම්මෙ.. වැඩි වෙලාවක් අම්මට අහැරිලා ඉන්න හොද නෑනෙ.. ඒකයි..[/FONT]


    [FONT=&quot]එහෙනම් පුතේ, මම නිදා ගන්ට යනවා.. පුතා කාලා නිදා ගන්ට.. හෙට උදේම නැගිටින්නත් එපෑය..[/FONT]


    [FONT=&quot]හා.. හොදයි අම්මෙ..[/FONT]


    [FONT=&quot]කෑම ගෙන අවසන් වූ සනිරු තමාගේ කාමරයට ගොස් තම හිස තබන කොට්ටය ඇද වියලෙහි තබා ඒ මත හිස තමා දෙඅත් හිස පිටුපසට කරමින් ඇදෙහි වැතිරුණේ බසයේ දුටු ඒ යුවතිය පිළිබද කල්පනාව සිතෙහි තබාගෙනය..[/FONT]


    [FONT=&quot]ඇත්තටම ඇය කවුද..? මීට කලින් මම කවදාකවත්ම දැකලා නැති මේ අමුත්තිය කවුද..? ඒත්.. දැකලා නැති වුණාට.. හෝරා ගණනාවක් එහාට වගේ, දවස් ගණනාවක් එහාටවගේ, සති ගාණනාවක් එහාට වගේ, මාස ගණනාවක් එහාට වගේ, අවුරුදු ගණනාවක් එහාට වගේ සත්තකින්ම ආත්ම ගණනාවක් එහායින් අපි එකට හිටපු බවක්, එයා මගේ ජීවිතය වෙලා ඉදපු බවක්, මම එයාගෙ ජීවිතය වෙලා ඉදපු බවක්, අපි අපේම වෙලා ඉදපු බවක්, ජීවිතයේ හැම සුසුමක්ම අපි වෙනුවෙන්ම හෙළපු බවක් විදියට අද මට දැනෙන්නෙ ඇයි..? මේක පිස්සුවක් වෙන්න බෑ දෙයියනේ..! මගේ මනසට දැනෙන හදවතට දැනෙන මේ සිතුවිල්ල ඇත්තම ඇත්තක්.. ඒක මට විශ්වාසයි.. මට ඒ දේ දැනෙනවා..[/FONT]


    [FONT=&quot]එකවරම සනිරු තම පොත් මේසය මත තිබුණු කුඩා ඔරලෝසුව දෙස බැලුවේය.. එවිට රාත්‍රී 11.30 පසු වී හමාරය.. එහෙත් ඔහුට නිදා ගැනීමට සිතක් නොවුණේ තම සන්තානයෙහි පිබිදෙමින් උන් සිතුවිලි සියල්ලක්මනින්දට නොදෙවෙනි බවට හැගුණු නිසාය.. බස්සන්ගේ සහ කළාමැදිරියන්ගේ නාදයෙන් සුපෝෂණය වී තිබුණු එදා රාත්‍රියේදී වරෙක සනිරුගේ සොදුරු වූ චිත්ත කල්පනාවත් රාත්‍රියේ නැගෙන ගුප්ත නාදයත් අතර හොල්මන් කරන්නට විය.. එහෙත් තම හදෙහි රැදී සිටින ඒ සිත් ගත් යුවතියගේ රෑ රටා තම දෙනෙත් අභිමුව ඡායාවක් මෙන් පෙනෙන්නට පටන් ගනිත්ම එම මූසල කිසිත් නොඇසෙන්නට විය.. නොපෙනෙන්නට විය.. ඒ තරම්ම ඇය ඔහුට සැනසුමක් ලබා දෙන්නට තරම්, සිතට සහනයක් ලබා දෙන්නට තරම් ප්‍රබල වූයේ ඔහුගේ සිත ඇයට ආදරය කරන නිසාමය..[/FONT]


    [FONT=&quot]කාමරයේ සිටි සනිරු මොහොතකින් ගෙමිදුලට පියමැන්නේය.. මේ වන විට හස්තියෙකු පැමිණ කෑ ගැසුවද අම්මා නොඅවදිවන බව හොදාකාරවම සනිරු දැන සිටියේය..[/FONT]


    [FONT=&quot]එදා සද පායා ඇති රාත්‍රියකි.. මුළු අහසම අනේකවිධ තරු රූ රටා වලින් වැසී ගොස් චමත්තකාරජනක ගුවන් කලයකින් නිර්මාණය වී තිබිනි.. සදෙහි ප්‍රභාෂ්වර එළියත් තාරකාවන්හි ආලෝකයත් මුසුව පොලෝ තලයෙහි වූ හාත්පස මුළු පරිසරයම ඝණ අන්ධකාරයෙන් මුදවා ප්‍රභාෂ්වරයෙන් පිරිපුන් මනස්කාන්ත කාන්තිමත් රැයකින් යුක්ත විය..[/FONT]


    [FONT=&quot]මොහොතින් මොහොත සිය හදවතට දැනෙන පිවිතුරු වූ සිතුවිලි හා ප්‍රාර්ථනාවන් තම හදෙහි ලැගුම්ගෙන සිටින ඒ අවිහිංසක යුවතිය නිසාම ඇති වන බව සනිරුට වැටහෙත්ම ඒ සියල් සිතුවිලි සහ පැතුමන් මහත් ලෝභකමකින් තුරුළු කරගත්තාක් මෙන් ඔහුගේ දෙඅත් පපුව මත තබා [/FONT]
    [FONT=&quot]“මගේ ජීවිතයට ආලෝකයක්” කියමින් දෙතොලින් මුමුණන්නට විය..[/FONT]

    [FONT=&quot]පිවිතුරු හදවතකින් තමාගේ සුසුම් පොද මෙන් රැකගත යුතු ඇයට ආදරය කරන්නට ඇයගේ සිහින සමග සම අදහසින් ජීවත් වන්නට එදා රාත්‍රී අහස් කුසේ පෙමින් වෙලී සිටින අප්‍රාණික තාරකා දෙස බලා තමාගේ උත්තුංග සප්‍රාණික පෙම් සිතුවිල්ලෙන් අදිටන් කර ගත්තේය.. [/FONT]



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    02.png


    පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිද්‍රාගත වූ සනිරු පසුදා උදෑසන අවදි වීමට ප්‍රමාද වූයේ තමාගේ ජීවිතයට අලුතින් සපැමිණි සිතුවිල්ලක් නිසාය.. වෙනදා තමාම අවදි වනසනිරුට එදා අවදි වීමට කතා කරනු ලැබුවේ අම්මා විසිනි..

    පුතේ..! අද යන්නෙ නැද්ද..? දැන් වෙලාවත් 6.10යි.. අද හොදටම පරක්කුයි ඕන් ඈ..

    දෙඇස් දෙඅතින් පිරිමදිමින් සනිරු ඇදෙන් නැගිට්ටේ සිය අම්මාගේ කෑ ගැසිල්ල නිසාමය.. සිය සරම ගැට ගසමින් කුස්සියට ආ සනිරු වතුර කෝප්පයක් ගෙන කට සෝදා තේ කෝප්පය අතට ගැනුණේ තම අම්මා සමග කතා කරමිනි..

    ඇයි පුතේ අද නැගිටින්න පරක්කු වුණේ.. ඊයෙ රෑ පාඩම් කළාද..?

    ඔව් අම්මෙ, පොඩි වැඩ වගයක් තිබ්බා.. ඒකයි..

    නෑ.. මම හිතුවෙ ඇගේ පතේ අමාරුවක්වත් තියෙනවද කියලා..

    ආ.. අම්මෙ, අද මම එන්න ටිකක් පරක්කු වෙයි.. අම්මා බෙහෙත් ටික බීලා කෑම කාලා නිදාගන්න.. මම ඇවිත් කාලා නිදා ගන්නම්..

    ඇයි පුතේ පරක්කු වෙන්නෙ..? ඊයෙත් රෑ වුණා නේද..?

    මේ දවස් වල කැම්පස් එකේ දේශන වගයක් තියෙනවා.. අනික මේ තුනිවෙනි අවුරුද්දනෙ.. ඒවා මග අරින්න බෑනෙ අම්මෙ..

    ඒ කියන්නෙ.. තව අවුරුද්දක් විතරද පුතේ තියෙන්නෙ..? දැනුණෙවත් නෑ අවුරුදු තුනක් ගෙවිලා ගියා..

    ඔව්.. ඔව් අම්මෙ.. ඒත් කියන්න බෑ..

    කියන්න බෑ කිව්වෙ පුතේ..?

    මේකනේ අම්මෙ.. සමහර වෙලාවට කැම්පස් එකේ එක එක ප්‍රශ්න නිසා උද්ඝෝෂණ කරන්න වෙනවා.. පෙළපාලි යන්න වෙනවා.. එතකොට ඉතින් වෙන්නෙ කැමිපස් එක වහන එක.. ඉතින් අවුරුදු හතර පහ වෙන්නත් පුළුවන්..

    මොනවා කරත් ඕවට මූණ දාගෙන වැඩ කරන්න යන්න එපා.. මොනවා හරි වුණොත් අපිට ඉන්නෙ කවුද..?

    එහෙම මොකුත් වෙන්නෙ නෑ අම්මෙ.. බයවෙන්න එපා.. අනික එහෙම මුකුත් වුණේ නෑනෙ..

    හරි.. හරි.. පුතේ, මං කිව්වෙ මොනව හරි වෙන්න කලින්..

    මට තේරෙනවා අම්මෙ, අම්මා මං ගැන ගොඩක් හිතනවා කියලා.. අම්මගෙ හිතට දුක්ක දෙන කිසිම දෙයක් මම කරන්නෙ නෑ.. මොකද මට ඉන්නෙ අම්මා විතරනේ..

    දැන් ඔය කතා කරා මැදෑ.. ගිහින් ලෑස්ති වෙන්න..

    සනිරු ගෙදර ඒමට පරක්කු වන බව අම්මාට පැවසුවේ පෙරදා පැමිණි බසයේම පැමිණිමට අවැසි වූ බැවිනි.. තම හදවතේ ආදරයක් ඇති කළ ඒ යුවතියත් සමග වචනයක් දෙකක් නොව දහසකුත් දේ කතා කිරීමට තරම් සනිරුගේ සිතට ඉවසුමක් නොවුණේ ඒ තරමටම තම සිත ඇය වෙත ආකර්ෂණය වීමත් ඇය කවුරුන්ද යන්න කියා දැන ගැනීමට තම හදවත බලා හිදින නිසාත්ය..

    බෙලෙක් වතුර බාල්දියක් ගෙන දත් මැද මුව දොවා තම කාමරයට පැමිණි සනිරු කැම්පස් එකට යාමට සූදානම් විය.. කැම්පස් එකට එන අනෙක් පිරිමි ළමුන් අදින පළදින ඇදුම් පැළදුම් මෙන් නොව සනිරුට තිබුණේ කලිසම් හතරක් සහ කමීස තුනක් පමණි.. ඒවාද තරමක් පරණ පාටට හැරී ගොස් තිබුණු ඒවාය.. ඊට අමතරව දුරින් නෑයෙක්ව සිටි අමරකෝන් මාමා දිනක් ඔහුට ලබා දුන් අලුත් නිල් පාට ඩෙනිම් කලිසම සහ සුදු පාට ටීෂර්ට් එක පරිස්සමි කර ට්‍රන්ක පෙට්ටියේ ආරක්ෂතව බහා තිබුණේ සුවිශේෂ අවස්ථාවකට ඇදීම සදහාය..

    සනිරු පුතේ.. කෑම කන්නෙ නැද්ද..? මෙන්න බෙදලා තියෙන්නෙ..

    බෑ.. බෑ.. අම්මේ වෙලා ගියා.. තමාට ඇති කොටන් දුඹුරු පාට කලිසම හා ළා කොළ පාට කමීසය අදිමින් අම්මාට කීවේය..

    වෙලා ගියාට කමක් නෑ.. හිස් බඩ යන්නෙ නැතුව මේ කෑම ටික කාලා යන්ට..

    අනේ අම්මෙ..! දැන් ආයෙ කන්න බෑ.. තේ එකක් බිව්වනේ.. මම ගිහිං මොනවා හරි කන්නං..

    තේ එකක් බීව්වට ඔය බඩට ඇතිද..? අනික වෙනදා කාලා යන්ට පුළුවන් නම් අද විතරක් මොකද බැරි..?

    නෑ.. නෑ.. අම්මෙ, අද වෙලා ගියානෙ.. නැතුව නොකා යන්නෙ ආසාවට නෙමෙයි..

    එහෙනම් ටිකක් ඔහොම ඉන්න.. මම කෑම එක ඔතලා ගේන්නම්.. ගිහින් කන්න පුළුවන්නෙ..

    ඉක්මනට..

    තම අම්මාගේ ආදරණිය ඉල්ලීම පිළිගත් සනිරු අංජළිකරණිය කොට දණහිස් බිම තබා අම්මාට වැන්දේය..

    මගේ පුතාට බුදුන්ගෙ සරණයි..! තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි..! අම්මා සනිරුට ආශිර්වාද කළේ තම පුතාට අබමල් රේණුවකවත් කරදරයක් නොවේවායි යන පැතුම සිත තුළ දැඩි සේ අදිටන් කරගෙනය..

    වෙනදා මෙන් නොව එදා නැවුම්ම නැවුම් ප්‍රබෝධයකින් තම නිවසින් පිටමං වූ සනිරු ගම්මානයේ උදෑසන සිසිල් මද පවනින් පොහොසත් වූ පරිසරයේ චමත්කාරය සිත පුරා විද ගනිමින් කෙත්යාය මැදින් බස් නැවතුම්පළට පැමිණියේය.. විනාඩි විස්සකින් පමණ දිගන සිට මහනුවරට යන ජනතා සන්තක ප්‍රවාහන සේවයට අයත් බස් රථයක් පැමිණියේය.. බස් නැවතුම්පළේ සිටි මැදිවියේ වූ ගැහැනියෙකුට සහ පිරිමින් දෙදෙනෙකුට බසයට ගොඩවීමට ඉඩ දී ඉන් පසුව සනිරු බසයට නැංගේය..

    හලෝ.. සනිරු ගුඩ් මෝනිං..! ඉතින් කොහොමද..? සනිරුත් සමග පාසලේ එකට ඉගෙන ගත් ජගත් බසයේ සිට සනිරුට කතා කළේය..

    ගුඩ් මෝනිං ජගත් වරදක් නෑ.. හොදින් ඉන්නවා.. ඉතින් උඹට කොහොමද..?

    මාත් හොදින්.. ඒක නෙමෙයි.. කොහොමද කැම්පස් එකේ වැඩ එහෙම..?

    සනිරු සහ ජගත් මහනුවරට පැමිණෙන තෙක්ම එකිනෙකාගේ තොරතුරු පිළිබදව කතා කරමින් ආහ.. බස් රථය මහනුවරට පැමිණෙන විට උදෑසන 7.40 ට පමණ විය..

    එහෙනම් මචං මං යනවා.. ජගත් සනිරුට අත වැණුවේ බසයෙන් බැස එළියට ආ පසුවය..

    හරි මචං.. සීයූ..

    ජගත්ගෙන් වෙන්ව සනිරු ක්ෂණයකින් දිව ආවේ මධ්‍යම වෙළදපොළ අසල නවතා තිබෙන පේරාදෙණිය, මහකන්ද බස් නැවතුම්පළටය.. එම මොහොතේ මහකන්ද බලා පිටත්ව යන පෞද්ගලික බස් රථයකට දිව ගිය සනිරු එහි දොරෙහි එල්ලුණේ ඊළගට ධාවනය වීමට ඇති බසය පැමිණිමට විනාඩි පහළොවක් පමණ ප්‍රමාද වන බව දත් නිසාය..

    ගුටඹේ පන්සල ඉදිරියෙන් යන විට බසයේ සිට ගැටඹ විහාර භූමියේ වැඩ වාසය කරන බුදුනට නමස්කාර කිරීම සනිරුගේ අනිවාර්ය සිරිතක් විය.. එය ඔහු කෙදිනකවත් අමතක නොකළේය.. දිනපතාම ඔහු විසින් කරන ලබන නමස්කාරය තුළින් බලාපොරොත්තු වූයේ තම ප්‍රාර්ථනාවන් සහ සිහින ඉටු කර දෙන අනාගතයක් තමාට උදා කර දෙන්න කියාය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත් වීමට සනිරු හැඩගැසුණේ කුඩා අවදියේ සිටමය.. බුදුන්ගේ ධර්මයට අනුව ජීවත්වන්නෙකුට යහපත හා දියුණුව ළගා කර දෙන බව සනිරු දැඩි සේ විශ්වාස කළේය.. එය ඔහුගේ සිතෙහි වූ නොබිදෙන විශ්වාසයකි..

    සනිරු කැම්පස් එකට පැමිණෙන විට 7.50 ට පමණ විය.. එවිට ඔහුගේ යහළුවන්ද පැමිණ සිටියහ..

    ඒයි.. මොකද අද උඹ කලිං ආවේ..? ප්‍රමාද වූ බව සෘජුවම නොකියා චතුර එලෙස කීවේ විශාල සිනාවක්ද නගමිනි..

    නෑ.. නෑ.. බං අද නැගිටින්න වෙලා ගියා.. අනික උඹලා දන්නවනේ උදේට ට්‍රැෆික් එක කියලා..

    හා.. හා.. එහෙම හිතමුකො.. සනිරුගේ තවත් යහළුවෙකු වූ ප්‍රදීප් කීවේය..

    උඹලා ඕන දෙයක් හිතපල්ලා.. මට කමක් නෑ..

    හරි.. හරි.. ගණන් ගන්න එපා.. මොකක්ද බං උඹගේ ඔය මූඩ් එක..? හිනාවෙයන්කො.. ප්‍රදීප් අත දිගු කරමින් කීවේය..

    හිනාවෙලා කන්නද බං..? අනික උඹලා හිනා වෙලා ඉන්න දෙනවයෑ.. ආපු ගමන්ම කිංඩියට මොනව හරි කියනවා..

    කිංඩියට නෙවෙයි මචං.. උඹ නැගිටින්න වෙලා ගියේ ඊයෙ රෑ පාඩම් කළාද..? ඇස් දෙකත් එක්ක රතු වෙලා.. හොදටම නිදි මරලා වගේ.. කමක් නෑ මදං.. උඹටමනේ පාඩම් කළොත්..

    පෙරදා රාත්‍රියේ නොනිදා සිටීමට හේතුව ප්‍රදීප් පැවසූ කාරණාව නොවුණත් එහි සත්‍යතාවය මෙය යැයි කියා පැවසීමට සනිරු හට එතරම්ම උවමනාවක් නොවිය..

    අද ලෙක්චස් මොනවද බං..? සනිරු ප්‍රදීප්ගෙන් තරමක් මන්ද ස්වරයකින් ඇසුවේ විවේකීව සිටින අවස්ථාවන්හි දී ලෙක්චස් පිළිබද කතා කරනවාට චතුර අකමැති වූ බැවිණි..

    අනේ මංදා මචං.. මට ගාණක් නෑ..

    මේ වන විට වැල නොකැඩී කැම්පස් එක තුළට ළමුන් පැමිණෙන වෙලාවය.. ගැහැනු පිරිමි භේදයකින් තොරව සියලුම දෙනා සාමූහිකව පැමිණෙති.. රොබරොසියස් ගහ යට බංකුවක වාඩි වී සිටි සනිරු සහ යහළුවන් දෙදෙනා කතා කරමින් උන්නේ එදිනෙදා වැඩ කටයුතු පිළිබදවය.. එක වරම ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි චතුර සනිරුගේ පිටට තට්ටු කළේය..

    ඒයි.. එයි.. බලපන්කො අර කෑල්ල දිහා.. දෙනෙත් වෙනතකට නොයවා ඇය දෙසම බලා උන් චතුර කීවේය..

    පිස්සුද බං උඹට..? සනිරු කීවේය..

    පිස්සු හැදුනෙ නැත්නම් පුදුමයි මචං.. මාර වෝක් එකනේ.. බලපන්කො නටව නටව එන හැටි.. පිස්සු හැදෙන පාරක්නෙ මචං.. චතුර, සනිරුගේ කමීසයේ කොල(ර්) එක අදිමින් පැවසුවේය..

    පාරක්.. වැලි පාරක්ද..? තාර පාරක්ද..? නැත්නම් මඩ පාරක්ද..? හාස්‍යට ලක් කරමින් ප්‍රදීප් ඇසුවේය..

    ඔය එක පාරක්වත් නෙමෙයි මචං.. මේක හරියට සූකිරි පාරක් වගේ.. දිලිසෙන හැටි බලපංකො..

    යකෝ.. ඒකත් අපි වගේම ඇට, මස්, නහර වලින් හැදිච්ච එකියක්.. උඹ හිතුවෙ මැණිකක් කියලද..? රිදී කියලද..? දිලිසෙන්න..

    නෑ.. නෑ.. මචං, මම කිව්වෙ ඒකිගෙ ඇගපතේ තියෙන පාට ගැන.. හැඩහුරුව ගැන.. නැතුව වෙන කෙහෙල් මලක් නෙමෙයි..

    අනේ මහ ලොකු පාට.. හැඩහුරුව.. අනිත් එවුමුත් ඔය වගේම තමයි.. සමහර සමහර දේවල් සමහර සමහර විදියට ටික ටික වෙනස් වෙනවා.. එච්චරයි..

    හරි.. හරි.. බං, ඒ වුණාට මේ වගේ සුන්දර වස්තු අම්මලා තාත්තලා මොකට බිහි කරනවද දන්නෙ නෑ.. බලපංකො අපිනේ නිකං පිස්සු වැටෙන්නෙ..

    උඹට නම් ඇත්තටම පිස්සු චතුර..

    නැතුව.. නැතුව.. මට පිස්සු.. බලපං මචං මම ඒකිට කතා කරන හැටි.. ඔවුන් ඉදිරියට ගිය ඇයට කතා කිරීමට බංකුව මත වාඩි වී සිටි චතුර නැගිට්ටේය..

    මේ.. මේ.. නිකං හිටපං.. උඹ හදන්නෙ චොර වෙන්නද..? චතුර නෝන්ඩි වේයැයි සිතූ ප්‍රදීප් කීවේය..

    නිකං නොඉද කොහොමද..? වෙව්ලමින් වගේ චතුර කීවේය..

    ආං.. අරූ යනවා.. ප්‍රදීප් චතුර දෙස බලමින් කීවාය..

    බයවෙන්න එපා බං.. ඕකට ඒවා ගාණක් නෑ.. අනික පුරුදු නැති දෙයක්යෑ..

    සනිරු සහ ප්‍රදීප් බලා උන්නේ චතුරගේ වික්‍රමාන්විත ක්‍රියා කලාපය පිළිබද නොව ඔහු ඇය ඉදිරියේ හාස්‍යයට ලක් වේදැයි කියාය..

    හලෝ.. ගුඩ් මෝනිං.. චතුර ඇය බොහෝ සෙයින් අදුනන්නා ආකාරයෙන් ආමන්ත්‍රණය කළේය..

    ගුඩ් මොනිං.. ඇයද චතුරට ආමන්ත්‍රණය කළේ ඉදිරියට ඇදෙමිනි..

    ඇයි ඔච්චර හදිසි..? මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද..?

    මොනවද..?

    එහෙම කියන්න බෑනෙ..

    එහෙනම් කොහොමද..?

    පොඩ්ඩක් ඔහොම ඉන්න..

    අපෝ.. මට වෙලා ගියා.. මගේ යාළුවෙක් හම්බවෙන්න තියෙනවා..

    එයාව පස්සෙ හම්බවෙන්න..

    පිස්සුද..? අද එයාව මග ඇරුණොත් මගේ මුළු ජීවිතේම ඉවරයි..

    ඒ කිව්වෙ..?

    ඒ කිව්වෙ.. එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්.. මම එයත් එක්ක තරහා වුණා.. අද කතා කළේ නැත්නම් හැම දෙයක්ම ඉවරයි.. දැන් ඔයාට තේරුණාද..? ඇය චතුර පසු කරමින් ඉදිරියට යන්න වූවාය..

    ඒ.. අර බලපං අරූගෙ මූණ බෙරි කරගෙන එන හැටි.. ප්‍රදීප් සිනාසෙමින් කීවාය..

    මොකද මචං.. උඹගෙ දිලිසෙන සූකිරි ළලනාවියට වුණේ..?

    වැඩක් නෑ බං.. ඒකත් කාපු අඹ ගොට්ටයක්..

    ආ.. එහෙමද..? දැන් උඹට සතුටු ඇතිනේ..

    මොකද නැත්තෙ බං.. ඒ වගේ කෑල්ලක් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණනේ.. සිනාසෙමින් චතුර පැවසුවේය..

    මේ වන විට බංකුව මත වාඩි වී සිටි සනිරු තම හදෙහි සිත්තම් වූ ඒ යුවතිය පිළිබදව කල්පනා කරමින් උන්නේය.. "අනේ දෙවියනේ..! ඊයෙ දැකපු ඒ රූපය ආපහු මට දකින්න ලැබේවිද..? එයා මොනවා කරන කොහේ ඉන්න කෙනෙක්ද..? මට ඊයෙ එයාට කතා කරන්නවත් බැරි වුණානෙ.." සනිරු තමාටම දොස් පවරා ගත්තේය..

    ඒ.. මචං උඹ මොනවද කල්පනා කරන්නෙ..? මට වුණ දේ ගැනද..? සනිරු අසලට පැමිණි චතුර පැවසුවේය..

    නෑ බං මොකුත් නෑ.. තිගැස්සෙමින් සනිරු පැවසුවේය..

    මොකුත් නැතිවෙන්න බෑනෙ.. උඹ අද ආපු වෙලේ ඉදලා හිටියෙ හරිම අමුතුවෙන්.. සනිරුගේ හිතේ යමක් තිබේද එය දැනගැනීමේ උවමනාවෙන්ම ප්‍රදීප් ඇසුවේය..

    නෑ.. නෑ.. මචං නෑ.. මොකුත් නෑ..

    හරි.. හරි.. අපිට කියන්න ඕනෙ නෑ.. අපි උඹගෙ යාළුවො නෙමෙයිනෙ.. අනික උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හිතේ තියාගෙනම විදවපන්.. ආවේගශීලී තරහෙන් චතුර කීවේය..

    උඹට ගෙදර ප්‍රශ්නයක්ද..? කියපං.. අපිට පුළුවන් උදව්වක් කරන්නම්.. ප්‍රදීප් මෙලෙස දිගින් දිගටම සනිරුගෙන් ඇසුවේ ඔහුගේ වෙනස් වීම පැහැදිලිවම හදුනාගත් නිසාය..

    ඇත්තමයි මචං.. මම මේ කියන්නෙ මොකුත් ප්‍රශ්නයක් නෑ.. සනිරු උස් හඩින් කීය..

    හරි.. ප්‍රශ්නයක් නැත්නම් කමක් නෑ.. ඒත්.. ප්‍රශ්නයක් තිබ්බොත් කියපං..

    දැන් යමං.. ලෙක්චස් වලට කවුද දන්නෙ නෑ ඇවිත් ඉන්නෙ..?

    සනිරු කුමන දෙය සගවා ගත්තද කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් දැඩි ලෙස විශ්වාස කළේ කුඩා කල සිටම සනිරුව ඇසුරු කළ නිසාය.. ඔහුගේ සිතේ කුමක් හෝ තිබෙන බව ප්‍රදීප් හොදාකාරවම දන්නේය.. එය සනිරු විසින්ම කියන බවද ප්‍රදීප් දන්නේය.. ගන්දබ්බ ජීවිතයක් ගත කරන සනිරු විටෙක හැගීම් වලින් ජීවත් වන අතරම තවත් විටෙක බුද්ධිමත්ව කටයුත් කරන බව වරෙක ප්‍රදීප් සනිරුටම පවසා තිබිණි.. මේ නිසාම හැගීම්බර වූ අවස්ථාවක තම සිතැගි දෙය කියනා බව ප්‍රදීප් නිසැකයෙන්ම දන්නේය..

    සනිරු සහ යහළුවන් දෙදෙනා කලා අංශයේ ප්‍රධාන ශාලාවට යන විට අනෙකුත් සියලුම සිසුන් ආගමික වතාවත් ඉටු කිරීමට සූදානමින් සිටියහ.. මොවුන් තිදෙනාද සිය බෑග් පසෙක මේසයක් මත තබා ආගමානුකූලව යෙදීමට සැරසුණය..

    ඒ.. චතුර කතා නොකර හිටපං.. ප්‍රදීප් තම වැලමිටෙන් ඇණ චතුරට කීවේ අනෙකුත් සියල්ලන්ම නිශ්ශබ්දව සිටින නිසාය..

    හරි.. හරි.. සොරි මචං.. කියමින් චතුර නිහඩව සිටියේය..

    ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව සනිරු, ප්‍රදීප් සහ චතුරට උදෑසනම තිබුණේ සිංහල සාහිත්‍යය පන්තියේ දේශනයකට සහභාගී වීමටය.. ඒ සදහා ඔවුන් සූදානමින් පන්තියට තුළට ගියහ.. පන්තියේ ඉදිරි අසුන් වල ළමුන් වාඩි වී සිටි නිසා මොවුන් තිදෙනා පන්තියේ මැද අසුන් වල වාඩි වීමට පිටුපසට ගියහ..

    සනිරු ගුඩ් මෝනිං.. ඇයි අද එන්න වෙලා ගියේ..? සනිරු තම අසුනෙන් වාඩි වෙත්ම ඔහුගේ හොදම යෙහෙළිය වූ ඉදිරි අසුනේ සිටි තුෂාරි පිටුපසට හැරී ඇසුවාය..

    දන්නැද්ද තුෂාරි.. මේ අයත් එක්ක එන්ටත් එපායෑ.. තමා ගෙදර සිටම ඒමට ප්‍රමාද වූ බව නොකියා සිය යහළුවන් නිසා ප්‍රමාද වුනු බව මද සිනාවකින් යුතුව සනිරු කීවේය..

    හා.. අපි හින්දද පරක්කු වුණේ..? මගේ කට අවුස්සගන්න එපා.. මූ කියන්නෙ බොරු තුෂාරි.. චතුර සනිරු දෙසට අත දිගු කරමින් උස් හඩින් කීවේය..

    හරි.. හරි.. මමයි පරක්කු වුණේ.. දැන් හරිනෙ.. චතුරගේ මුහුණෙහි ව්‍යාජත්වයෙන් නැගුණු කෝපය නැති කරමින් පැවසුවේය..

    මචං, සර් එනවා..ප න්තියේ ඉදිරිපස දොරටුව දෙස බලා හිදිමින් සිටි ප්‍රදීප්ගේ මුවින් නික්මුනු වචනයත් සමගම තුෂාරී ඉදිරියට හැරුණාය..

    සියලුම දෙනා අසුන් වලින් නැගිට එක හඩින් "ආයුබෝවන් සර්" යනුවෙන් ආචාර කළහ.. ගුරුතුමාට ආචාර කිරීමෙන් අනතුරුව සියලු දෙනාම දවසේ වැඩ ආරම්භ කිරීමට සූදානම් වුවත් චතුරගේ විවේචනාත්මක කටහඩ අවදිවන්නට වූයේ තම යහළුවන්ට ඇසෙන ඉසව්වට පමණි..

    බලපං මචං.. කැම්පස් ගුරුවරයෙක් කියලා මූට කියන්නත් පුලුවන්ද..? කිසිම මැනස් එකක් නෑ.. ළමයි ආයුබෝවන් කියලා කියනවා.. ඒත් මූ එක දවසක්වත් කියල තියෙනවද..? ඒ වුණාට දෙන මහ ලොකු හැදිච්ච උපදෙස්.. බල්ලන්ට හොදයි ඒවා..

    උඹගෙ කතාව නම් ඇත්ත චතුර.. කිසිම සිරිතක් විරිතක්, චාරිත්‍රයක් දන්නෙ නැති මිනිහෙක්.. බලපන්කො ඉන්න හැටි.. කොච්චරවත් නහය හාර හාර ඉන්නෙ.. කමීසයෙ බොත්තමක් හරියට නෑ.. කිසිම ප්‍රසන්න ගතියක් නෑ.. ප්‍රදීප් ඔහු විවේචනය කළේ ඔහුගේ ගති ස්වභාවයද පිළිකුල් කරමිනි..

    මේකනේ මචං.. සම්ප්‍රදායික දේවල් වලම ඇගී ගැලී හිටියාම ඔහොම වෙනවා.. කවමදාකවත් අලුත් විදියට හිතන්න උත්සාහ කරන්නෙ නෑ.. මොකද එහෙම කලොත් අවැඩක් වෙයි කියලා හිතෙනව ඇති.. මට නම් එපාවෙලා තියෙන්නෙ මේ හණමිටි ගුරාගෙ සිස්ටම් එක..

    මොනවා කරන්නද..? තව අවුරුද්දනෙ..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුරුදු පනස් පහක පමණ සිංහල සාහිත්‍ය පිළිබදව ආචාර්යවරයෙකු වූ මොහු නමින් හදුන්වනු ලැබුවේ ඩී.එම්.එච් අබේරත්න ලෙසටය.. මහ ඩහින් කෑ ගසමින් සෑම දිනකම දේශන පවත්වන මොහු කිසිම දිනක් හෝ මයික්‍රෆෝනයකින් තම කටහඩ ළමුන්ට ඇසෙන්නට කටයුතු නොකළේ එය තමාට නුහුරු බවක් ලසෙට දැනුණු හෙයිනි.. මෙය ළමුන්ට බරපතල ගැටලුවක් වුවත් එයට විසදුම වූයේ ද ඔහුගේ සුපුරුදු කටහඩට සවන් දීම පමණි..

    හොදයි.. අද අපි කතා කරන්න යන්නෙ සිංහල සාහිත්‍යයේ මුදුන් මල් කඩක් ලෙස සලකන ජාතක කතා පොත් වහන්සේ පිළිබදවයි.. තමා උගන්වන දේ පිළිබදව මූලික අවබෝධයක් ලබා දීම මොහුගේ පුරුද්දක් විය..

    අප්පෝ.. මචං, අද නම් එපා වෙයි.. මහ කම්මැලි හිතෙන පාඩමක්නෙ.. අනික කියන දේවල් හරියට ඇහෙන්නෙත් නෑනෙ.. ජාතක කතා පිළිබද අප්‍රියක් දක්වන ප්‍රදීප් එලෙස කීවේ මූණ බෙරි කරමිනි..

    කියලා වැඩක් නෑ බං.. මටත් එපා වෙනවා.. මේ.. මගේ රෙකෝඩර් එකෙන් රෙකෝඩින් කරගෙන නෝට් එක ලියා ගමු.. චතුර ද ප්‍රදීප්ට එකග වූයේ ඉගෙනීම එපා වෙලාම නොවේ..

    හොදට රෙකෝඩින් වෙයිද මචං..? කියන දේවල් හරියට ඇහෙන්නෙ නැති එකේ..

    අවුලක් වෙන එකක් නැතිවෙයි බං.. කවුරුත් සද්ද කරන්නෙ නෑනෙ..

    එහෙමනං ඉතිං ඕක ඔන් කරපං..

    ඉතාමත්ම උද්යෝගයකින් යුතුව දේශනයට සවන් යොමු කරමින් සිටි සනිරු සිය පෑන කටේ කෙළවරේ තබා ගනිමින් මදක් තම හිස පහතට නවා ගනිමින් සිටි අතර ඔහුගේ අම අවධානය පාඩමටමද කියා ප්‍රදීප්ට සැකයක් වූයේ ඔහු සිටි ඉරියව්ව නිසාමය..

    චතුර.. සනිරු දිහා පොඩ්ඩක් බලපං.. ප්‍රදීප්ට දකුණු පැත්තේ අසුනේ වාඩි වී සිටි චතුරට කකුලෙන් තට්ටුවක් දමා සනිරු දෙස බැලීමට කීවේ සංඥාවක් ද දෙමින්ය..

    මචං මූට මොකක් හරි වෙලා තියෙනවා.. නැත්නම් මූ මෙහෙම නෙවෙයිනෙ ඉන්නෙ.. අනික ඊයෙ මෙහෙම නෑනෙ.. හොදට හිටියනේ.. චතුර ද සනිරු දෙස බලමින් ප්‍රදීප්ට එලෙස කීවේ ආචාර්යවරයා දේශනය පවත්වමින් සිටින අතරතුරේදීමය..

    අනේ..! මං දන්නෙ නෑ බං සනිරුට මොනා වෙලාද කියලා.. මට නම් තේරෙන්නෙ නෑ.. මොකුත් ඇහුවට කියන්නෙත් නෑනෙ..

    බලමු.. බලමු.. අපිටදැන ගන්නම ලැබෙයි.. සනිරු අපිට මොකුත් හංගන්නෙ නෑනෙ.. චතුර සනිරුට නොඇසෙන ලෙසට කිවේය..

    සනිරුගේ කල්පනාව දිගින් දිගටම ගලා යන්නට විය.. ඔහුට එම කල්පනාවෙන් මිදී පියවි ලෝකයට එන්නට තරම් උනන්දුවක් එම මොහොතේ නොවීය.. එක වරම තම හිස බිත්තියේ තබා ගනිමින් මදක් හිස ඉහළට ඔසවා ගත් සනිරුගේ සිත තුළ ලැගුම් ගත් ඒ පුන් සදක් මෙන් දිදුලන ඇයගේ මුවමඩල ඔහු ඉදිරියේ සැරිසරන්නට පටන් ගත්තේය.. මැවී පෙනෙන ඇයගේ මුවින් සනිරුගේ මුළු හදවතම ඒකාලෝක කරන්නට තරම් සැනසුමක් දැනෙන්නට විය.. මොහොතකට හෝ තම නෙත් මානයෙන් එපිටට නොයා රැදී සැරිසරන්නට ඇගේ රුවෙන් සැරසුණු සොදුරු කල්පනාවෙහිම අතරමං වන්නට සනිරුට සිත් විය..

    මචං ආං.. බලපං, අරු ෆෑන් එක රවුම් කීයක් කැරකෙනවද කියලා ගණන් කරනවා.. සනිරු සිටි පේළියට පේලි දෙකක් පිටුපසින් සිටි තවත් අයෙක් සිනාසෙමින් අනේකාට කීවේය..

    ඔහුගේ ප්‍රකාශයෙන් ඔවුන්ට ඉදිරියෙන් සිටි පේලියේ සියලුම දෙනාද සනිරු දෙස බලන්නට විය.. මේ බව ප්‍රදීප්ට හා චතුරට දැනුණත් සනිරුට කිසිසේත්ම නොදැනුණේ ඒ තරමටම ඔහු කල්පනාව තුළ රැදී සිටි නිසාය..

    සනිරු.. සනිරු.. සනිරු ඇත්තටම උඹට පිස්සුද කියපං..

    සිහින වරුසාවක නැහැවෙමින් සිටි සනිරු බිත්තියෙහි තබාගත් හිස ඉන් ඉවතට ගැනුණේ ප්‍රදීප්ගේ කටහඩට තිගැස්සුණු හෙයිනි..

    ඇයි..? ඇයි..? ප්‍රදීප් මොකද..? සිහිනයේ ගිලී සිටි කිසිවක් නොදත් සනිරු ප්‍රදීප්ගෙන් ඇසුවාය..

    ඇයි..? බලපන් පිටිපස්ස.. සනිරු ප්‍රදීප්ගෙන් ඇසූ ප්‍රශ්නයට හිස මදක් පහතට ගෙන පිළිතුරු දුන්නේ චතුරය..

    තම යහළුවාගේ වචනයට පිටුපස බැලූ සනිරුගේ මුහුණ රතු පැහැ විය.. දෙනෙත් ගිනි බෝල දෙකක් වගේ දිස් විය.. ලැජ්ජාවෙන් මෙන් පියවි සිහියට ආ නමුත් එහු තුල කෝපයක් ඇති වූයේ ද ඔහුටම නොදැනිය..

    මොකද උඹලා මං දිහා දැකලා නෑ වගේ බලන් ඉන්නෙ..? මොළේ හෙල්ලිලාද..? සනිරු තමාට පිටුපසින් සිටි පේළි දෙකෙහි අයට බැණ වදින්නට විය..

    සනිරුගේ ආවේගශීලී කෝපයෙන් නික්මුණු වචන ඇසුනු තුෂාරි අවධානයෙන් සිටි දේශනයටද සවන් නොදී පිටුපසට හැරුණාය..

    අපේ නම් පොළේ හෙල්ලිලා නෑ.. ඒ වුණාට මොළේ හෙල්ලුණු පිස්සෙක් වගේ මනෝ ගහලා ඉන්නෙ කවුද දන්නෑ.. පිටුපස සිටි අයෙක් සිනාසෙමින් කීවේය..

    මොකක්ද උඹ කිව්වෙ..? ආයෙමත් කියපං බලන්න.. සනිරු පිටපසට හැරී ඔහුගේ කමීසයෙන් අල්ලා ගත්තේය..

    ඇයිඋඹට ඇහුණෙ නැද්ද..?

    නෑ, ඇහුණා.. පුලුවන් නම් තව සැරයක් කියපං බලන්න..

    සනිරු.. සනිරු.. ඉස්සරහට හැරියං.. සර් එනවා.. ප්‍රදීප් සනිරුගේ දකුණු උරහිස මිරිකමින් ඉදිරිය දෙස බලා කීවේය..

    පිටුපස බලා සිටි තුෂාරිද ඉදිරියට හැරුණේ ප්‍රදීප්ගේ කටහඩ ඇසෙත්මය.. කිසිත් නොකියා නොකර නිහඩව සිටි චතුර පිටුපස සිටි සියල්ලන් දෙස රවා බැලුවේ තම යහළුවාව හාස්‍යයට ලක් කිරීම නිසාය..

    සනිරු ප්‍රදීප්ගේ අණ පිළිගත් සේම මීට පෙර ගුරුවරුන්ගෙන් කිසිත් බැණුමක් අසා නොතිබුණු නිසා ඉදරියට හැරුණේය.. සියලුම දෙනා නිශ්ශබ්දව සිටියත් ගුරුතුමා එතැනට පැමිණ සිය ඇස් කණ්නාඩිය නළලට ගෙන දෙනෙත් යට කර රවා බලා ගියේය..

    12.45ට පමණ දේශනය අවසන් වූ අතර සියලුම දෙනා දිවා ආහාරයට සදහා එළියට එමින් සිටියහ.. සනිරු, ප්‍රදීප්, චතුර, තුෂාරි, දර්ශනි සහ තවත් ළමුන් කිහිපදෙනෙක් පමණක් ශාලාවෙහි ඉතිරි වෙන්නට අනෙක් සියලුම දෙනා ශාලාවෙන් එළියට ආහ..

    සොරි මචං.. ගණන් ගන්න එපා.. උදේ උඹට විහිලුවක් කළේ.. සනිරුට විහිළු කල අයගෙන් කෙනෙක් සනිරුගෙන් සමාව ගත්තේය..

    මචං මටත් සමාවෙයන්.. මටත් ඒ වෙලාවෙ ගොඩක් තරහ ගියා.. සනිරුද ඔවුන්ගෙන් සමාව ගැණුනේ නිහතමානී අයෙකු ලෙසිනි..

    ඇත්තටම මචං, ඔය තරමටම උඹ මොනවද කල්පනා කරේ..?

    නෑ මචං, මොකුත් නෑ.. මට හිසරදයක් තිබ්බා.. ඒකයි.. ඔවුන්ට මුසාවක් කීමට සනිරු පෙළඹුණේය..

    සනිරු, ප්‍රදීප් සහ චතුරට කෑම පාර්සලයක් ගෙන ඒම සිරිතක් නොවිය.. ඒත් සනිරු එදා කෑම පාර්සලයක් ගෙනාවේ අම්මාගේ බල කිරීම නිසාය.. තුෂාරිට හා දර්ශනීට කෑම පාර්සලයක් සෑම දිනකම ගෙන ඒම පුරුද්දක් විය..

    තව චුට්ටෙන් අද සනිරු හොදටම සර්ගෙන් බැනුම් අහනවා.. ඇයි මොකද වුණේ සනිරු..? කිසිවක් නොදත් තුෂාරි ඇසුවාය..

    මොකුත් නෑ තුෂාරි.. මගෝ ගගහා ඉදලා නෝන්ඩි වුණා.. වතුර බොමින් සිටි චතුර තුෂාරිගෙ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය..

    අනේ චතුර..! මගෙන් මුකුත් අහගන්න එපා.. අතට ගත් බත් මිට නැවතත් බත් එකට දමමින් සනිරු කීවේය..

    මේ චතුර.. කට පියාගෙන ඉන්නවකො.. මෙයාට කන්න දීලා.. තුෂාර සනිරුට පක්ෂපාතීව කතා කළාය..

    මම නම් කාලා ඉවරයි.. අත සෝදමින් උන් ප්‍රදිප් කීවේය..

    මමත් කාලා ඉවරයි.. මේ දෙන්නා තවම අල්ල අල්ලා ඉන්නවා.. තම කෑම කොළය නැවත ඔතා ඩස්බින් එකට දැමීමට යමින් උන් දර්ශනි පැවසීය..

    මේ.. ඒක නෙමෙයි සනිරු.. අනේ නංගි කෙනෙක් කැම්පස් සිලෙක්ට් වුණා.. ඊයෙ තමයි තනියෙම ඉස්සරෝම ආවෙ.. ගෙදර යන කොට හොදටම රෑ වෙලා.. එයාගෙ අම්මයි තාත්තයි හොදටම බය වෙලයි ඉදලා තියෙන්නෙ..

    අද එයාට දෙකට විතර ඉවර වෙනවා.. ඉතිං මම එයත් එක්ක යනවා.. ඔයාගෙ නෝර්ට් එක හෙට මට දෙන්න පුළුවන් වෙයි නේද..?

    හරි.. හරි.. දෙන්නම් තුෂාරි..

    ඔයාගෙ නංගිට රැගේ එකක් එහෙම දෙමු නේද..? චතුර තුෂාරිගෙන් ඇසුවේ ප්‍රදීප් දෙස බලමිනි..

    අයියෝ.. මගේ නංගියෙක් නෙමෙයි.. අපේ ගෙවල් ළග.. මාර විදියට එයාලට සල්ලි තියෙන්නෙ.. ඇස් දෙක ලොකු කරමින් තුෂාරි ඒ බව කිවේ ආඩම්බරයෙන් වගේය..

    අනික එයාලට රැග් කරන්නත් ඉන්නෙ ඉතින් අපිමනෙ..

    ඒ කියන්නෙ එයා ආර්ට් වලින්ද ආවෙ..? දෙන්නම් එයාටත් එහෙනම්.. චතුර තුෂාරිට කීවේය..

    මේ.. මේ.. එයාට මොකුත් කරන්න යන්න එපා.. තාත්තා මහ අමාරුකාරයෙක්.. ඇයගේ පියාගේ බලසම්පන්න බව තුෂාරි පැවසුවේ මුහුණේ බයක් සගවා ගත්තාක් මෙන්ය..

    ආ.. එහෙමද..? අපි එයාට මොකුත් කරන්නෙ නෑ.. අපි බය වුණා ඕන් ඈ.. තුෂාරිගේ වදන් විහිළුවකට ගනිමින් චතුර පැවසුවේය..

    කිසිවක් නොකියූ සනිරු ප්‍රදීප් හා දර්ශනි බලා සිටියේ තුෂාරිගේ සහ චතුරගේ සංවාදය අවසන් වනතුරුය..

    ආ.. ඉවරයිද..? යන්තම් ඇති.. තුෂාරි සහ චතුර හාස්‍යයට ලක් කරමින් ප්‍රදිප් කීවේය..

    ශාලාවෙහි සිටි ඔවුන් සියලු දෙනා අනතුරුව ඉන් පිටතට පැමිණි අතර තුෂාරි සහ දර්ශනි අසල අරලිය ගස යට වූ බංකුවක් මත වාඩි වූහ.. චතුරද එහි පැත්තකින් වාඩි වූවේය.. සනිරු සහ ප්‍රදිප් පොලොවට සමාන්තරව තිබුණු අරලිය ගසෙහි වූ අත්තක් මත වාඩි වූහ..

    ඊළග කෙල්චර් එක කීයටද..? දර්ශනී ඇසීය..

    2.00ට විතරනෙ..

    දැන් දෙකටත් ළගයිනෙ.. මම යන්නම්.. වනෙ වැඩ වගයකුත් කරගන්න තියෙනවා.. අර නංගිටත් අද දෙකට ඉවරයිනෙ.. තුෂාරි බංකුවෙන් නැගිට හදිසිය පෙන්වමින් කීය..

    අනෙකුත් සිසුන් ක්‍රම ක්‍රමයෙන් ශාලාවට ඇදෙමින් සිටි අතර සනිරු, ප්‍රදීප්, චතුර සහ දර්ශනීද කතා බස් කරමින්ම ශාලාව තුළට ගියහ..

    සෙනසුරාදා දවසක් නිසා එදා ලෙක්චර් 4.45ට පමණ අවසන් විය.. පෙර දිනයන්ට වඩා වේලාසනින් ලෙක්චස් අවසන් වීම සම්බන්ධයෙන් සනිරුට ගැටලුවක් වූයේ පෙර දිනයේ ඇය ගිය බස් රථයේ යාමට හෝරා දෙකහමාරක් පමණ බලා හිදීමට සිදුවන නිසාය.. පැය දෙකහමාර කෙසේ වෙතත් 7.10 ට මහකන්දේ සිට මහනුවරට යන බස් රථයේ යාමට සනිරු තීරණය කළේය..

    එහෙනං බං මම යනවා.. උඹලා එන්න වෙලා යයිනෙ.. බායි.. දර්ශනී ලෙක්චස් අවසන් වූ සැනින්ම තම යහළුවන්ට සමු දී යන්නට වූයේ පෙරදා යන බසයට ප්‍රථමයෙන් යන බසයේ යාම සදහාය..

    හරි.. හරි.. දර්ශනී.. බායි.. ප්‍රදීප් එලෙස ඇයට සමුදෙද්දී සනිරු සහ චතුර ඇයට අත වැණූහ..

    සනිරු සහ යහළුවන් දෙදෙනා කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග පැයකට ආසන්න කාලයක් පමණ කතාබහ කරමින් සිටියහ.. තාර පාරට තරමක් පහතින් පිහිටා තිබුණ ග්‍රවුන්ඩ් එක කෙළවරේ සිට හමාගෙන එන සවස් වරුවේ මද සුළග සනිරුගේ සහ යහළුවන් දෙදෙනාගේ උදෑසන සිට වේලෙමින් තිබුණු ගතට නැවුම් වූ සිසිලසක් දනවන්නට විය.. බටහිර අහස් කුසින් බැස යමින් තිබුණු සූර්ය තපය නිසා එම සිසිල් පවනෙහි උණුසුමක් නොතිබුණු තරම්ය..

    මචං.. මේ දවස් වල අලුතෙන් ළමයි එනවා.. මොනව හරි කරමුද..? අපිට දුන්නු ඒවා මතකනේ..? පළිගැනීමක් මෙන් චතුර එයප ැවසුවේ රැග් කිරීමේ අරමුණින්ම බව සනිරුට සහ ප්‍රදීප්ට ඔහුගේ මුහුණ දෙස බැලීමෙන්ම වැටහුණහ..

    මට නම් ඕවා එපාවෙලා තියෙන්නෙ බං.. අකමැත්ත පළකරමින් සනිරු කීවේය..

    අනේ නිකං හිටපං සනිරු.. උපාසකයෙක් වෙන්න හදන්න එපා.. චතුරගේ යෝජනාව ස්ථිරකරාක් මෙන් ප්‍රදීප් එයට කැමැත්ත පළ කළේය..

    උඹට මොකද බං වෙලා තියෙන්නෙ..? ඊයෙ අපිත් එකක් හිටපු එකාමද මේ ඉන්නෙ.. මේ වගේ ආතල් වැඩකටවත් උඹ කැමති නැද්ද..?

    නෑ.. නෑ.. මචං.. මගේ අකමැත්තක් නෑ.. කරන දෙයක් චාටර් නොවී කරමු.. තම යහළුවන් තුළ තමා කෙරෙහි ඇති වී තිබෙන සැකය තව තවත් වැඩි නොකරන්නට අවැසි වූ නිසා එලෙස පැවසුවේය..

    අන්න එහෙම කතා කරපං සනිරු.. අපි චාටර් වෙන විදියට මොකුත් කරන්නෙ නෑනෙ බං.. පොඩි ආතල් එකක් ගන්න පුලුවන් විදිහෙ මොනවා හරි කරමු.. මුවට මද සිනාවක් නගා ගනිමින් චතුර කීවේය..

    මේ.. තුෂාරිගෙ නංගි කෙනෙක් ඉන්නවා කිව්වා නේද..? අපි ඉස්සරෝම එයාට මොනව හරි කරමු.. මරු කුෂී ආතල් එකක් ගන්න පුළුවන්.. ප්‍රදීප් සනිරුගේ කරට අත තබමින් කීවේය..

    ඔව්.. නියමයි මචං.. දැක්කනේ තුෂාරි එයාගෙ මහ ලොකු තාත්තගෙ බල පුලුවන්කාරකම උජාරුවට කිව්ව හැටි.. තම අතැති කුඩා ගල් කැටය විසි කරමින් චතුර පැවසුවේය..

    හැබැයි.. තුෂාරිත් හිටියොත් තමා ප්‍රශ්නෙ..

    එයා නැති වෙලාවක අපි අපේ වැඩේ කරමු..

    කෝ.. බං සනිරු..?

    ප්‍රදීප් සහ චතුර තමන්ගේ ඉදිරි විනෝදජනක වැඩ පිළිවෙල සාකච්ඡා කරමින් සිටිය දී සනිරු අසල තිබුණු කුඩා පැතලි ගලක් මත වාඩි වී අනන්තය සොයා පා නගන මගියෙකු මෙන් කල්පනා කරමින් උන්නේය..

    ආං.. බලපං චතුරයා අරකා ආයෙමත් කල්පනා කරනවා.. මොනවා කල්පනා කරනවද දන්නෙ නෑ.. තමන්ගෙ කතාව පසෙක දමමින් සනිරු දෙස බැලූ ප්‍රදීප් කෝපය සගවාගෙන පැවසුවේය..

    මූට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රදීප්.. බලපන්කො.. අපි ඉන්නවද කියලා ගාණක්වත් තියෙනවද..?

    චතුර, අපි මූට මොකුත් නොකියා ඉමු.. මොනව හරි කිව්වොත් තවත් අප්සට් යයි..

    මට නම් තේරෙන්නෑ මූ මොන පිස්සුවක් හිතේ තියාගෙන ඉන්නවද කියලා..

    මචං.. දැන් යමං.. හිත රිදෙන්න මොකුත් නොකියා ප්‍රදීප් සනිරුටකීවේය..

    උඹලා පලයන් මම තව පොඩ්ඩකින් එන්නං..

    උඹේ මොලේ කචල්ද..? දැන් වෙලාව කීයද කියලා බලපං.. හයට කාලයි.. යමං.. යමං..

    මම කිව්වනේ උඹලා පලයන්.. සනිරු වාඩිවී සිටි ගල මතින් නැගිට කීවේය..

    උඹට මොකද වෙලා තියෙන්නෙ බං..? උඹ මෙහෙම කවදාවත් හවස් වෙනකම් ඉදලා නෑනෙ.. ඉතින් අද විතරක් මොකද මේ..

    මොකුත් නෑ බං.. මොකුත් නෑ.. මට තනියෙම ඉන්න දීපන්.. තම දෑත ගසා දමමින් සනිරු කීවේය..

    හුදෙකලාව ඉන්නටතරම් සැහැල්ලු නිසල පරිසරයක් සනිරුට අවැසි වන්නට වූයේ කුමක් හෝ දෙයක් මනසෙහි වද දෙමින් තිබෙන නිසා බව ප්‍රදීප්ට ඔහුගේ එම ප්‍රකාශයෙන්ම ප්‍රත්‍යක්ෂ විය.. එය පිළිබදව ඔහු නිතර කල්පනා කරනබවද ප්‍රදීප්ට වැටහෙන්නට විය.. එහෙත් මේ තරම් සුළු කාල පරාසයකදී මේ තරම් ප්‍රමාණයට මනසින් විදවන දෙය කුමක්ද යන්න පිළිබදව ප්‍රදීප්ටද අදහාගත නොහැකි විය..

    මූ එයි ප්‍රදීප්.. අපි යමු.. අන්න බස් එකක් එනවා.. සනිරු දෙස රවමින් චතුර ප්‍රදීප්ට කීවේ බසය නැවතීමට අත ද දිගු කරමිනි..

    පොඩ්ඩක් හිටපං චතුර.. උඹට හදිසි නම් උඹ පලයං.. සනිරු තමන් සමගම කැදවාගෙන යාමේ අදිටනින් ප්‍රදීප් චතුරට එලෙස කීවේ බසය තමන් අසල නතර කරමින් සිටියදීය..

    මට හදිස්සියක් නෑ බං.. ඒත් මූ මෙතන ඉදගෙන මොනවද කරන්නෙ..?

    ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.. යනව නම්නැග ගන්න.. හදිසිය පළ කරමින් බසය තුළ සිටි කොන්දොස්තරවරයා කෑ ගැසුවේය..

    හරි.. හරි.. අයියා යන්න.. බසයේ නොයන චතුර ප්‍රකාශ කළේය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සනිරු.. එහෙනම් අපි තුන් දෙනාම ගලහා හන්දියටප යින් යමං.. එතකොට උඹට තව පොඩ්ඩක් ඉන්න ඕනි කිව්ව වෙලාව නිකම්ම ගෙවිලා යයිනෙ.. තම යාළුවා කෙරෙහි අප්‍රමාණ මිත්‍රත්වයකින් හෙබි ප්‍රදීප් කෙසේ හෝ සනිරු තමත් සමගම කැදවාගෙන යාමට සමත් විය..

    සනිරු සහ යහළුවන් දෙදෙනා ගලහා හන්දියට පැමිණෙන විට සවස 6.30 ට පමණ විය.. පේරාදෙණියේ සිට මහනුවර දක්වා බස්රථ කිහිපයක්ම ධාවනය වුවද ඒවායෙහි යාමට ඔවුන් උනන්දුවක් නොදැක්වූහ.. කෙසේ හෝ පෙරදා ගියබසයේම යාමට සනිරුට අවශ්‍යව තිබුණත් තම යහළුවන් සමග යාමට සිදුවේදැයි කියා ඔහුට මොහොතකට සිතුණේ ඔවුන්ගෙන් තම සිතැති ආදරය සැගවීමටම නොවේ.. කෙසේ වෙතත් කුමන අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවත් එම බස් රථයේම යාමට සනිරු තීරණය කළේය..

    ඒ මචං, අර බස් එකේ යමං.. ඉදිරියෙන් ඇදෙන බසය දෙස බලමින් ප්‍රදීප් කීවේය..

    ප්‍රදීප්.. උඹලා පලයන්.. මම ඊළග බස් එකේ එන්නම්.. ප්ලීස්.. තරහා වෙන්න එපා..

    අනේ මංදා බං.. මෙච්චර වෙලාවක් ඉදලත් තවමත් මොකට ඉන්නවද මං දන්නෙ නෑ.. හරි කමක් නෑ.. උඹගෙ කැමත්තනෙ.. අපි යන්නම්.. ඉක්මනට ගෙදර පලයන්.. ප්‍රදීප් සහ චතුර බසයට ගොඩවූයේ සිත සතුටිකින් නොවේ..

    ප්‍රදීප් සහ චතුර ගලහා හන්දියෙන් යන විට වෙලාව හතට පමණ විය.. එවිට අන්ධකාරය ද වී තිබිණි.. සනිරුව අවශ්‍යව තිබුණු බසය පැමිණිමට තවත් විනාඩි පහළොවක් පමණ ඉතිරිව තිබිණි.. බස් හෝල්ට් එකේ තවත් මිනිසුන් කිහිප දෙනෙකු සිටි අතර සනිරු එකි කණුවකට හේත්තු වී සිටියේය..

    ආන්.. බස් එකක් එනවා.. හෝල්ට් එකේ සිටි අවුරුදු හතළිහක පමණ පිරිමි අයෙකු තම බිරිදට කියන බව ඇසුණු සනිරුද එම බසය දෙස බැලුවේය..

    තමා බලාපොරොත්තුවෙන් සිටි බසය එය බව සනිරු හදුනා ගත්තේ එහි සදහන් කර තිබූ නමින්ය.. දොරවල් දෙකේ බසයක් වූ එයට වෙනදා මෙන් නොව එදා ප්‍රථමයෙන්ම ඉදිරිපස දොරටුවෙන් සනිරු ගොඩවූවේය.. තමාට පුරුද්දක්ව තිබුණු ගැටඹේ පන්සලට නමස්කාර කිරීමට එදත් සනිරු අමතක නොකළේය.. පෙර දවසේ සේම එදත් අධික පිරිසක් බස් රථය තුළ සිටි නිසා සනිරුට සිටගෙන යාමට සිදුවිය.. ක්‍රමක්‍රමයෙන් බස් රථය ගැටමේ හන්දියට ළගාවිය.. ඒත් සමගම සනිරුගේ දෙනෙත් බස් රථය සිසාරා ගමන් කරන්නට විය..

    හදවතේ සේයා වී තිබෙන පෙරදා දුටු රුව ඇයගේ සොදුරු මුව මඩල බසය තුළ සිටින අය අතුරින් කොතනක සිටින්නේදැයි යන්න නොඉවසිල්ලෙන් මෙන් සනිරුගේ ප්‍රේමය පිරුනු ඇයගේ ජීවිතය දකින්නට පෙරුම්දන් පුරණ ඒ ආලවන්ත දෙනෙත් නිරීක්ෂණය කරන්නට වූයේය.. ඇසිල්ලක්වත් නොසලා තම හදවතේ මොහොතින් මොහොත මෝරා වැඩෙන ප්‍රේමයේ උරුමක්කාරිය තම නෙතු යුවලට නතු කර ගැනීමට මුළු බසයම සනිරු නිරීක්ෂණය කරන්නට විය..

    ඉදිරිපස දොරටුවෙන් බසයට ඇතුල් වූ සනිරු ක්‍රමයෙන් මිනිසුන් අතරින් තෙරපෙමින් බසය මැද්දට ආවේය..

    කොහෙද මල්ලි රිංගන්නෙ..? අපිත් ඉන්නෙ බොහොම අමාරුවෙන්.. පේන්නෙ නැද්ද..? බසය තුල සිටි මගියෙක් සනිරුට එලෙස ප්‍රකාශ කළේ තරමක කෝපයද ආරූඪ කරගෙනය..

    සොරි අයියෙ..! රත් වූ ගිනි බෝල දෙකක් මෙන් කෝපයෙන් බැබලුණු නෙතින් යුක්ත එම මගියාට සනිරුගේ එකී වදන නිසා සැහැල්ලු බවක් දැනුණු බව ඔහුගේ ක්ෂණික වෙනස් වීමෙන් පෙනුණි..

    බසය සුවසෙවන රෝහල අසලින් ගමන් කරනා විට රාත්‍රී 7.30 ට පමණ විය.. එහෙත් පෙර දවසේ සිට බලාපොරොත්තුවෙන් සිටි හෝරා ගණනාවක් තිස්සේ තම හදවත අපේක්ෂාවෙන් සිටි ඒ තරම්ම කාලයක් තම දෙනෙත් ඇය දකින්නට පෙරුම් පිරූ ඒ කුසුම් සුවද අප්සරාවිය බස් රථය තුළ නොසිටීම සනිරුගේ හදවතට පමණක් නොව මනසට පමණක් නොව මුළු ශරීරයටම වේදනාවක් ගෙන දෙන්නක් විය.. ඒ වේදනාව ඔහුගේ නහරයක් නහරයක් පාසා ගමන් කරන රුධිරය එක් තැනක නතර කොට මුළු ශරීරයම අඩපණ කරන්නට තරම් ප්‍රබල විය..

    එනමුත් ශරීරගතව දිවෙන එම වේදනාව පරයා ගිය සංතෘප්තිදායක හැගුමින් සනිරුගේ හදවත ප්‍රේමයේ අරුණැසිවාදී සිතුවිලි මුහුකුරා ගියේ ඇයගේ සෙනෙහෙබර කාරුණික නෙතින් දීප්තිමත් සුපුද් මුවමඩල තම සෑස් අභිමුඛ පෙනෙන්නට වූ නිසාය..

    ප්‍රේමණිය හැගුමින් මහමෙරක් තරමට සුපෙම් සිතුවිලි පොදි බැද ගත්තද තම මානසික සිහිනයේ දැවටී සිටින ඇයගේ රුව නොදැකීම නිසා තව තවත් තව තවත් සනිරුගේ හදවතේ නොමැකෙන නොමියෙන වේදනාව තීව්‍රර වන්නට විය.. ඉවරයක් නැති, කෙලවරක් නැති, අවසානයක් නැති තම හදෙහි උපදින වේදනාව මේ තරම්ම බලවත් වී පවතින්නේ, පබල ලෙසට දැනෙන්නේ ඒ තරම්ම ඇයට ආදරය පූජා කල නිසාය.. සෙනෙහස පාන නිසාය යන්න පිළිබදව සිතන විටත් සනිරුට ඇති වූයේ අවිහිංසක සතුටකි.. සැබැවින්ම එය වේදනාව තුළින් සැනසුම සොයන්නාක් මෙන් දැනෙන්නට විය.. පැය ගණනක් නොඉවසුම් බලාපොරොත්තුවෙන් තම හදවත සොරාගත් ඒ සිහින අප්සරාවිය දැක බලා ගැනීමට ගත කල මොහොත මතකය නැමති ග්‍රන්ථයෙහි අලුත් පිටුවක් තම හදවත අභ්‍යන්තරයට දෙනෙතින් ගලා ගිය කදුළෙන් සටහන් කළ බවක් ලෙසට සනිරුට හැගුණි..

    කෙසේ වෙතත් තම යෙහෙළිය වූ තුෂාරි දන්නා හදුණන නැගෙණිය පෙර දිනයේ සනිරු දුටු ඒ යුවතිය බව ඔහුට මොහොතකටවත් සිතන්නට තරම් කල්පනාවක් නොවිය.. එසේ සිතන්නට හෝ ඔහුට හේතුවක් නොමැති වීමද සාධාරණය.. මන්ද ඔහු ඇය පිළිබදව කිසිත් නොදත් බැවිනි.. ඇය එදින තුෂාරිත් සමග වේලාසනින් කැම්පස් එකෙන් ආ බවද සනිරුට නොහැගුනේ ඇය තුෂාරිගේ යහළුවෙකු බව නොදත් නිසාය..

    මහනුවරට පැමිණි සනිරු දිගන බසයක නැගී නිවසට එන විට රාත්‍රී 9.30 පමණ විය.. එදිනද තම මව පෙර සේම කුප්පි ලාම්පුවත් දෑතේ තබාගෙන දොර අද්දරට වී සනිරු එනතුරු බලා සිටියාය..

    අම්මේ.. මම කිව්වනේ.. අම්මට අහැරිලා ඉන්න එපා කියලා.. ඇයි නිදාගත්තෙ නැත්තෙ..?

    මට නින්ද ගියේ නෑ පුතේ.. ඒකයි උඹ එනකම් ඇහැරිලා හිටියෙ..

    අම්මා කෑවද..? බෙහෙත් බිව්වද..?

    ඔව්, කෑවා.. බෙහෙතුත් බිව්වා.. දැන් ඉතිං ගේ ඇතුළට වරෙන් පුතේ.. ඔය ප්‍රශ්න කොලා මැදෑ.. සනිරු අතැති බෑගය ගනිමින් මව කීවාය..

    තමා කොපමණ වේදනාවකින් සිටියත් තම ආදරණිය අම්මාගේ සිත රිදෙන කිසිත් වදනක් හෝ ක්‍රියාවක් කිරීමට සනිරු නොපෙළඹුණේය.. ඔහු සෑම දුකක්ම වේදනාවක්ම සිය හදවත තුළ පමණක්ම මනස තුළ පමණක්ම රදවා ගැනුණේ තම ආදරය අවංක නම්, සත්‍යයක් නම් නිසැකයෙන්ම ලැබෙනාබ ව විශ්වාස කල නිසාය..

    පුතේ කන්නෙ නැද්ද..? සනිරුගේ කාමරයට පැමිණි සිය මව ඇසුවාය..

    මූන සෝදගෙන මම කන්නම් අම්මෙ.. අම්මා දැන් ගිහින් නිදාගන්න..

    එහෙනම් මම නිදාගන්න යනවා පුතේ..

    හා.. හොදයි අම්මෙ..

    කෑම ගෙන අවසන් වූ සනිරු තම ඇදෙහි වැතිරුණේ ඇය පිළිබදව නොසිතන්නට සිතාගෙනය.. එහෙත් එලෙස සිය හදවත සිරකර තබන්නට තරම් ශක්තියක් ඔහුට නොතිබුණේ හදෙහි වූ සිව් කපාටයන්හීම ඇය තුළින් දුටු ජීවිතය විදින ආකාරය, සැරසෙන ආකාරය, සැනසුමින් පිරෙන ආකාරය ඉතිරී පිටාර ගලමින් තම හදවත පුබුදු කරන්නට වූ නිසාය.. සිය හදෙහි කොණකින් දුටු ඇය මේ තරම් ඉක්මනට තම මුළු හදෙහිම ජීවිතයේම කොටසක් වීම කෙරේ ඔහුට දැනුණේ දිවි දුටු පහන් කල හැගීමකි..

    Mage-Sandawath-Cover-3.jpg


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    03.png


    වෙනදාට වඩා වේලාසනින් සනිරු කැම්පස් එකට පැමිණියේ හදවතේ තිබෙන මහ සාගරය තරම් වූ ප්‍රේමයේ වේදනාව තව දුරටත් විඳදරාගත නොහැකිව එය තම යහළුවන්ට හෝ පවසා අල්ප මාත්‍රයක තරම් හෝ සැනසුමක් සිතට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තම යහළුවන් එනතුරු බංකුවක් මත වාඩි වී කල්පනා කරමින් උන්නේ තම හදෙහි ලැගුම් ගෙන සිටි මිහිරාවිය සදහටම සින්නක්කර හිමිකාරිය කර ගැනීමට හැකිවේදැයි සිතාය..

    ප්‍රදීප් අර බලපං.. අද අරූ කලින් ඇවිත් මනෝ ගහනවා.. ඈතින් පැමිණි චතුර සනිරු දැක ප්‍රදීප්ට කීවේ තම දකුණත ඉණෙහි තබාගෙනය..

    යකෝ.. මේකට මොනවද වෙලා තියෙන්නෙ..? මෙහෙම ගියොත් ඇත්තටම මූට පිස්සු හැදෙයිනෙ බං.. අද නම් කොහොම හරි මේ පිස්සුව මොකක්ද කියලා දැන ගන්න ඕනෙ.. වරෙන් යමං..

    සනිරුගේ කල්පනාවට බාධාවක් නොකළ ප්‍රදීප් සහ චතුර ඔහු සමීපයට පැමිණ විනාඩි දෙකක් පමණ නිශ්ශබ්දව සිටියහ.. එහෙත් ඔහුට තම යහළුවන් පැමිණ සිටින බව මොහොතකටවත් නොදැණුනේය.. ඒ තරමටම කල්පනාව බලවත් විය.. සනිරුගේ මෙම ක්ෂණික වෙනස් වීමට හේතුවය කුමක්ද යන්න ඔහුගෙන් දැන ගැනීම ගලකින් පට්ටයක් ගලවා ගන්නාක් මෙන් අසීරු බව ප්‍රදීප් සහ චතුර දැන සිටියත් එය කෙසේ හෝ ඔහුගෙන්ම දැන ගැනීමට ඔවුන් පෙළඹුණහ.. කෙසේ නමුත් ඔවුන් සිතූ තරම්ම එය අසීරු නොවුනේ ඒ පිළිබදව පැවසීමට සනිරු තීරණය කළ නිසාය..

    සනිරු මොකද මචං උඹට මේ වෙලා තියෙන්නෙ..? දැන් දවස් දෙකක් තිස්සෙ කල්පනා කරනවා.. ඔය තරම්ම කල්පනා කරන්න උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියපංකො..? ප්‍රදීප් ඔහු අසලින් වාඩි වෙමින් ඇසුවේය..

    බලපං.. අපි දැන් මෙතන්ට ඇවිත් විනාඩි දෙකකටත් වැඩියෙන් හිටියා.. ඒත් උඹට නිකමටවත් දැනුණද..? ඇත්තටම උඹ මේ පියවි සිහියෙන් ගිහිං කොහෙද අතරමං වුණේ බං..? චතුරද ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය..

    ඔව් මචං.. කියපං.. කියපං..

    උඹලා දන්නවනේ.. මම උඹලට මොකුත් හංගන්නෙ නෑ කියල..


    ඉතන් ඒකම තමයි අපිත් කියන්නෙ.. මොකක්ද ප්‍රශ්නෙ කියපං..? සනිරුගේ ප්‍රකාශයට ප්‍රදීප් පිළිතුරු දුන්නේය..

    මේකයි මචං.. පෙරේදා මම හවස බස් එකේ යනකොට ගෑනු ළමයෙක් මට එයාගෙ බෑග් එක දුන්නා.. මමත් ඉතින් ගත්තා..

    ඉතිං.. චතුර පුදුමයෙන් මෙන් ප්‍රශ්න කළේය..

    විහිළු කරන්න එපා බං..

    හරි.. හරි.. විහිළු නෙමෙයි මචං.. කියපංකො උඹගෙ කතාව..

    මචං, මට එයා කතා කලේ අය "අයියා" කියලා.. ඇත්තමයි.. මීට කලින් මට කිසිම කෙනෙක් එහෙම කතා කරලා නෑ.. ඒ වචනය මගේ හදවතේ දෝංකාර දෙනවා.. අනික දැන් හැම මොහොතෙම ඒ රූපය මගේ ඇස් දෙක ඉස්සරහ ඉන්නව වගේ පේනවා.. ඉතින් මචං.. දැන් මට පිස්සු වගේ.. කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..

    ඒ කියන්නෙ.. අපේ තපස් රැක්ක උපාසකතුමාගෙ හදවත දැන් පත්තු වෙලානේ ඒ කියන්නෙ.. පුදුමයකින් සහ සතුටකිත් චතුර ප්‍රකාශ කළේය..

    ඔව්.. ඔව්.. මචං පත්තු වෙලා නෙමෙයි.. අකුණු ගහලයි තියෙන්නෙ.. තවමත් මගේ හදවත පිච්චෙනවා..

    ඇත්තටම මචං.. ආදරය කියන්නෙ හිතා මතාම ඇතිවෙන දෙයක් නෙමෙයිනෙ.. කොයි මොහොතක හරි ඇතිවෙනවා.. දැන් බලපං.. එයාගෙ හෘරයාංගම වචනය උඹගෙ හදවතේ ඇති කරපු වෙනස.. උඹ හීනෙකින්වත් හිතුවද ඒ වගේ ආදරයක් ගැන.. ඒක තමයි කියන්නෙ.. ආදරය ජීවිත ජීවත් කරන ඹෞෂධයක් කියලා.. හැබැයි.. ඒ වගේම තමයි අනිත් පැත්තත්..

    උඹ එයාගෙ නම, ඉන්නෙ කොහෙද, මොනවද කරන්නෙ කියලවත් ඇහුවද..? සනිරුගේ හදවතේ ඇතිවී තිබෙන ආදරයට උද්යෝගයක් ඇති කරමින් ප්‍රදීප් ඇසුවේය..

    නෑ මචං.. බැරිවුණා.. එක පාරම එයා බස් එකෙන් බැහැලා කොහොට ගියාද කියල හොයාගන්න බැරිවුණා..

    දැන් මොකද කරන්නෙ..? ඇය සොයා ගැනීමට මෙන් චතුර කල්පනා කළේය..

    අනේ මං දන්නෙ නෑ බං.. මට තේරෙන්නෑ.. මම දැන් හොයන එකම දේ එයා වුණත් මට එයාව හොයා ගන්න පුළුවන් වෙයිද බං..?

    පුලුවන් වෙයිද නෙමෙයි, පුලුවන්.. ජීවිතයට මොකක් හරි ලබා ගන්න අවශ්‍ය වුණොත් ඒ ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙයන්.. ඒ දේ හීනයක් විදියට හැම මොහොතෙම දැකපන්.. ඒ හීනෙත් එක්ක ජීවත් වෙයන්.. ඒක භාවනාවක් විදියට විසි හතර පැයේම මෙනෙහි කරපන්.. ඒ දේ හිතේ දැඩි කර ගනින්.. එතකොට ඒ දේ ජීවිතයට ලැබෙනවාමයි.. සනිරුගේ සිත ප්‍රාණවත් කරන්නට තරම් ප්‍රදීප්ගේ වදන් ප්‍රබල වූයේය..

    ඒක නෙමෙයි සනිරු.. උඹ ඊයෙ පරක්කු වෙලා එන්න හිටියෙ ඇයි..?

    ඊයෙත් එයි කියලා හිතුණා.. ඉතින් ඒ බස් එකේ යන්න ඕන නිසයි මම උඹලත් එක්ක නාවෙ.. ඒත් වැඩක් වුණේ නෑ බං..

    ඇයි මොකද වුණේ..? බස් එක ආවෙ නැද්ද..?

    බස් එක නම් ආවා.. ඒත් එයා ආවෙ නෑ..

    හරි.. හරි.. කමක් නෑ.. ඒ අවස්ථාව නිෂ්ඵල වුණාට අනෙක් හැම අවස්ථාවක්ම උඹට සතුටත් ගෙනදෙයි සනිරු.. දුක් වෙන්න එපා.. අපේ ජීවිත වලට මග හැරෙන හැම දෙයක්ම ආපහු අපට ලබා ගනන් බැරි වුණත් ඒ දේ වලින් දැඩිව අපි පෙරුම් පුරපු බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටුවෙනවා.. ඉතින්.. උඹගෙ ආදරයත් උඹට ලැබෙනවා සනිරු.. හැම තිස්සෙම අවංකව ඒ ගැන උඹ හිතන නිසා..

    බංකුව මත වාඩි වී ප්‍රදීඵ් සමග කතා කරමින් උන් සනිරු ක්ෂණයකින් ඉන් නැගිට ඉදිරියට ඇදෙන ළමුන් දෙස ඉමහත් උනන්දුවකින් යුතුව තම දෙනෙත් ඒ වෙතට යොමා සිටියේ ශල්‍යකර්මයක් කිරීමට නිර්වින්දනය කොට සිටින රෝගියෙකු මෙන් නිසලව ඒ දෙස බලමිනි..

    ඒ චතුර.. සනිරු අර බලන් ඉන්නෙ කොහෙද..? ප්‍රදීප් චතුරගේ අතට තට්ටුවක් දමමින් සනිරු දෙස බැලිය..

    අනේ මන්දා.. බලපන්කො පිළිමයක් වගේනෙ..

    නිහඩව නිසලව ඉදිරියට ඇදෙන ළමුන් දෙස බලා සිටි සනිරු මොහොතකින් තම යහළුවන්ට කතා කළේය..

    ඒ.. ප්‍රදීප්.. ප්‍රදීප්.. මචං අරයා ගැන තමයි මම උඹලට කිව්වෙ.. උඹලට පේනවා නේද එයාව..? අර.. අර..

    කෝකද මචං..? අර තනියම එන එකද..?

    නෑ.. නෑ.. බං ඊට පිටිපස්සෙන් තව එක්කෙනෙක් එක්ක එන්නෙ.. අන්න එයා..

    කවුද අර අළු පාට කැප් එකක් දාගෙන එන බෝයිට ඉස්සරහයින් එන කෙනාද..? ප්‍රදීප්ටද ඇය හදුනා ගැනීමට ඉවසුමක් නොවිය..

    නෑ.. නෑ.. මචං අර මල් මල් දිග ගවුමක් ඇදගෙන එන ගර්ල් එක්ක ඉන්නෙ.. අර නිල් පාට කොට ස්කර්ට් එකයි රතුපාට බ්ලවුස් එකකුයි ඇදගෙන ඉන්නෙ.. අන්න එයයි.. සනිරු තම යහළුවන්ට ඇය පහසුවෙන්ම හැදින ගැනීම සදහා ඇය ඇද සිටි ගවුමද පාටද කීවේය..

    හරි.. හරි.. මචං මම දැක්කා.. ඉටි රූපයක් වගේ අහිංසක කෙල්ලෙක්නෙ.. ඇයගේ මද සිනාවත් දිගට වැටී තිබෙන තද නිල් පාට කොණ්ඩයත් සමේ පාටට කැපෙන ඇද සිටි ඇදුමෙහි පාටත් නිසා තව තවත් ලස්සන වී සිටි ඇයගේ සුන්දරත්වය සංයමයකින් යුතුව ප්‍රදීප් ප්‍රකාශ කළේය..

    ඒ කියන්නෙ සනිරු.. එයා අලුත් බැජ් එකේ කෙනෙක් වගේ.. මූණත් එක්ක ඇඹුල් කරගෙන එන හැටියෙන්ම කියන්න පුළුවන්.. ඇය දෙස බැලූ චතුර පැවසුවේය..

    ඔව්.. ඔව්.. මචං අලුත් බැජ් එකේ වෙන්නැති.. අපි දැන් මොකද කරන්නෙ..? කුමක් කරන්නේද යන්න කියා සනිරුට සිතාගත නොහැකි විය..

    පොඩ්ඩක් හිටපංකො.. හසිදි නොවී.. කල්පනා කරනකන්..

    කැම්පස් එකට අලුතෙන් පැමිණි බැජ් එකේ කෙනෙකු බව දැන ගත් චතුර ඇයත් සමග කතා කිරීමට උපක්‍රමයක් කල්පනා කරන්නට වූවේ ඒ තුළින් ඇයත් සමග කතා කිරීමට සනිරු හට අවස්ථාවක් ලැබේයැයි සිතාය.. සනිරුගේ ආදරය වෙනුවෙන් ඇය කෙසේ හෝ කතාවට යොමු කර ගැනීමට තම සිතෙහි අධිනිෂ්චය වූ එකම උපක්‍රමය වූයේ ඇයට සහ ඇයත් සමග සිටින යහළුවාට රැග් කිරීමය..

    ප්‍රදීප්.. මේ දෙන්නට රැග් එකක් දෙමුද..? එතකොට නිකංම කතාවට අල්ලගන්න පුළුවන්නෙ..

    නියමයි මචං.. නියමයි.. එහෙම කරමු..

    මේ.. මේ.. එපා බං.. බලපන්කො මූණෙ තියෙන බය.. අනික අහිංසකකම දැක්කාම මට නම් කිසිම දෙයක් කරන්න හිතක් නෑ.. කොහොමද මචං ඒ අහිංසක මූණ දිහා බලාගෙන රැග් කරන්නෙ.. ඇය කෙරෙහි හදෙහි උතුරා යන ප්‍රේමයටවත් වේදනාවක් නොදෙන්නට සූදානම් සනිරුට ඇයට රැග් කිරීම බලා හිදින්නට නොහැකි විය..

    මේ අහපං මෝඩයො.. රැග් කරන්නෙ නෑ.. ඒ මුවාවෙන් කතා කරන්නයි යන්නෙ.. උඹගෙ හිතේ තියෙන ආදරයට අපිට තේරෙනවා.. බය වෙන්න එපා.. හිත රිදෙන කිසිම දෙයක් නොකියා ඉමු.. හරිනෙ..

    චතුර පලයං.. ගිහිං දෙන්නම මෙතෙන්ට එක්කන් වරෙන්.. ඉක්මන් කරපං.. හදිසිය පලකරමින් ප්‍රදීප් පැවසුවේය..

    කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව චතුර ඇයට සහ ඇයගේ යහළුවාට කතා කිරීමට සූදානම් වූයේ වෙනත් ගැහැනු ළමයින්ට කතා කරනවාට වඩා හාත්පසින්ම සංයමයකින් යුක්ත තරමක රැඩිකල් ස්වභාවයෙනි.. රැග් කිරීමට පමණක් ඇයත් සමග කතා කිරීමට යන බව හැගවීමට එලෙස රැඩිකල් ස්වභාවයක් ආවේශ කරගත්තේය.. ඔවු ඔවුන් පැමිණෙන ඉදිරියට ගියේය..

    ආ.. අලුතෙන් වගේ.. මොනවද වටපිට බල බල දගලන්නෙ..? කොහෙන්ද මෙහාට සම්ප්‍රාප්ත වුණේ..? චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරක් දීමට සැරසුණු බවක් ඇයගේ අංග චලනයෙන් ඔහුට හැගී ගියේය..

    මේ.. මේ.. අපි ආවෙ.. ඇය චතුර ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දීමට වදන් පෙළගැස්සූ විගසම ඔහු ඊට බාධා කළේය..

    හා.. හා.. මෙතන ඉදන් කතා කරන්න බෑ.. ඇයි හැමෝටම සේල් වෙන්න ආසද..? අතන්ට.. අතන්ට.. චතුර සැලසුම් කළ ආකාරයටම ඔවුන් සනිරු සහ ප්‍රදීප් සිටි ස්ථානයට රැගෙන යාමට සමත් විය..

    තම අභියසට පැමිණි ඇය දෙස සනිරු බැලුවේ තරමක වේදනාවකිනි.. ඒ ඇය මුහුණ දීමට යන මොහොත බියපත්වී සිතෙහි ඇති බී තිබෙන තිගැස්ම ඇයගේ මුහුණින් සනිරුට දැනෙන්නට වූ නිසාය.. ඇයගේ මුහුණෙන් දනවන භීතිය සනිරුගේ හද ගැස්ම වේගවත් කරන්නට තරම් ප්‍රබල විය.. එහෙත් එම වේගවත් හද ගැස්ම සාමාන්‍යකරණයට පත් කිරීමට නම් කෙසේ හෝ ඇය තම ජීවිතයට සපැමිණි යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කළේය..

    හරි.. දැන් තමුන් ගැන කිව්වා නම්.. ඉක්මණින්.. ඉක්මණින්.. ඇයගේ යහළුවාට කතා කිරීමට ප්‍රථමයෙන්ම අවස්ථාව ලබා දුන්නේ සැණින් ඇය එතැනින් පිටමං කිරීමේ බලාපොරොත්තුව ඇතිවය..

    මගේ නම.. වසන්තිකා පෙරේරා..

    ඇයි සම්පූර්ණ නම කියන්න බැරිද..? චතුර තරමක කෝපයෙන් මෙන් ඇසුවේය..

    ඇය වෙවුළමින් පැවසුවේ වසන්තිකා පෙරේරා ඉද්දමල්ගොඩ යැයි තම සම්පූර්ණ නම පැවසීය..

    නවාතැන්පල පිහිටා තිබෙන්නේ මොන පළාතෙද..? ප්‍රදීප්ද ස්වයං තෘප්තියක් ලබමින් ප්‍රශ්න කළේය..

    මාතලේ ඉන්නෙ.. ඇය හිස පහතට කොට ප්‍රකාශ කළාය..

    ඇයි ලැජ්ජද කතා කරන්න..? හ්ම්.. හ්ම්.. ඔලුව උස්ස ගත්තා නම් හොදයිනේ..

    නෑ.. එහෙම දෙයක් නෑ.. හිස ඔසවමින් ඇය පැවසිය..

    ආ.. එහෙම නම් හොදයි.. ලැජ්ජාවක් නැති එකේ දැන් සිංදුවක් කියමු නේද..? චතුර ප්‍රදීප් දෙස බලා ගනිමින් ඇයට ප්‍රකාශ කළේය..

    අනේ..! මට සිංදු කියන්න බෑනෙ..

    මොනවද බැරි..? විකාර නැතුව කියනවා.. අපි ඉස්සරහ කියනවද..? නැත්නම් හතළිහක් පනහක් ඉස්සරහ කියනවද..?

    ඇය ගීතයක් ගායනා කිරීමට තීරණය කළේ සීමිත පිරිසක් ඉදිරියේ ගැයීම තමාගේ මානසිකත්වයට යෝග්‍ය යැයි සිතූ නිසාය..

    මම තාලයක් නම් හරියට දන්නෙ නෑ.. ප්ලීස් මොකුත් කියන්න නම් එපා..

    හරි.. හරි.. අපි තාලයක් දෙන්නම්.. බය වෙන්න එපා..

    මේ.. නගරය මා ඔබ මුණගැසුණු නගරයයි..
    මේ.. නගරය මා ඔබ වෙන්කෙරුණු නගරයයි..
    ...........................................................

    නියමයි.. අප්‍රමාණ සතුටුයි.. ඒත්.. නංගි බූට් එකක් කාලා වගේ ඉන්නෙ.. බයවෙන්න එපා.. මෙහෙ සැර බඹරුත් ඉන්නවා, සැර නැති බඹරුත් ඉන්නවා.. ඉතින් කැමති බඹරෙක් තෝරගන්න.. ලැජ්ජාවෙන් හිස නවාගෙන සිටි වසන්තිකාට ප්‍රදීප් පැවසුවේය..

    හරි, දැන් ඔයාට යන්න පුළුවන්.. ආ.. අපිට ජ්‍යෙෂ්ඨ උතුමාණනි කියල කතා කරනවද..? නැත්නම් නම කියල කතා කරනවද..? එහෙමත් නැත්නම් අපිට තියෙන කැම්පස් නම කියල කතා කරනවද..?

    ඔයාලා කියන දෙයක්..

    නෑ.. නෑ.. ඔයාම තීරණය කරන්න..

    එහෙම නම් නම කියල කතා කරන්නම්..

    හරි.. කමක් නෑ.. මම ප්‍රදීප්.. මේ චතුර.. අර ඉන්නෙ සනිරු.. දැන් හරිනෙ..

    හ්ම්.. හරි..

    වසන්තිකාට රැග් කරන විට ඊට සම්බන්ධ නොවූ සනිරු තම සිහින මන්දිරයේ රජකම් කරන ඒ දිව්‍ය රැජිණ නිසොල්මන්ව තැතිගෙන බණ්ඩි කුරක්කන් පැසී පහතට නැමී තිබෙන්නාක් මෙන් හිස පහතට නවාගෙන සිටින අවිහිංසකභාවය දෙසම පමණක් බලා සිටියේය..

    ආ.. දැන් ඔයාගෙ වාරෙ.. මොකද දැන්ම කැම්පස් එක එපා වෙලාද..? ඇය කතාවට යොමු කර ගැනීමට චතුර එලෙසින් පැවසුවේය..

    චතුර ඕනෙ නෑ මචං.. එයාට යන්න කියපං.. පව් මචං.. මොහතෙකටවත් වචනයකින් හෝ ඇයට දුකක්, වේදනාවක් දෙන්නට අකමැති වූ සනිරු ඇයට නොඇසෙන ලෙස කීවේය..

    පොඩ්ඩක් හිටපංකො.. මොකුත් කියන්නෙ නෑ.. නම, ඉන්නෙ කොහෙද කියල විතරයි අහන්නෙ.. එතනින් පස්සෙ උඹම කතා කරපං..

    ඉන්නෙ..? සනිරු සහ චතුර කතා කරමින් සිටිය දී ප්‍රදීප් ඇසුවේය..

    මා.. මාතලේ යැයි අදිමින් ප්‍රකාශ කළේය..

    යාළුවා ඉන්නෙත් මාතලේ කිව්වා නේද..?

    හ්ම්.. වචනයකින් පිළිතුරු නොදුන් ඇය ශබ්දයකින් පිළිතුරු දුන්නේය..

    හ්ම් නෙමෙයි.. ඔව් කියන්න කට අරින්න බැරිද..? උස් හඩින් චතුර එලෙස පවසද්දී ඇය තිගැස්සී ගොස් කොපුල් දෑල සහ දෙසවන් රත් පැහැ විය..

    චතුර.. උඹට පිස්සුද මචං..? ඇයගේ බියෙන් රත් පැහැ වූ දෙකොපුලින් පිටවුණු අනන්තයක් තරම් දුක් කන්දරාව තරංගයක් විලසින් පැමිණ සනිරුගේ හදවතෙහි පතිත වීමත් සමගම ඇති වූ ක්ෂණික වේදනාව හේතුවෙන් එලෙස උච්ච ස්වරයෙන් තම යහළුවාට කතා කරන්නට විය..

    සනිරුගේ ක්ෂණික කෝපයෙන් ඇතිවූ වේදනාවෙන් පිටමං වූ වදන් නිසා තිගැස්සුණු චතුර නිශ්ශබ්දව පසෙකට වී සනිරු මොන තරම් ඇයට ආදරේ කරන්නේ දැයි කියලා මොහොතකට කල්පනා කළේය..

    සනිරුගේ මැදිහත් වීම හේතුවෙන් ඇයට ලැබුණු අල්ප මාත්‍රයක තරම් වූ සැනසුම මොහොතකින් මහා සාගරයක් තරම් සුවිසල් සැනසුමක් බවට පත්වී ඇය තත්පරයක් දෙකක් සනිරු දෙස බලා හිදින්නට වූවාය.. කදුළු පිරී තෙත් වී ගොස් තිබූ ඇයගේ දෙනෙත් වලට සනිරුගේ මුව බොදව පෙනුණත් ඒ බොදව ගිය මුව ඇයට සුපැහැදිලි ලෙසට දැක ගන්නට කියා සිත ඇයුම් කළ නිසාදෝ ඔහු දෙසම ඇය බලා හිදින්නට වූවාය.. එක එල්ලේම ඇයගේ එම දෙනෙත් සනිරුගේ දෙනෙත් හා ගැටුණු විට ඔහු තුළ ඇය කෙරෙහි වූ ප්‍රේමය තවත් තීව්‍රර වන්නට විය.. ඇයගේ දෙනෙත් තුළින් ඇයගේ මුළු ආත්මයම විනිවිද දකින්නට හැකි වූවාක් මෙන් සනිරුට එම මොහොතේදී හැගී ගියේය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ දෙවියනේ..! මෙයාට මාව අදුරගන්න බැරිද..? මගේ රත්තරං.. මම එදා බස් එකේ හිටපු "අයියෙ" කියලා මට කතා කළේ ඔයා කියලා ඔයාට මොහොතකටවත් හිතෙන්නෙ නැද්ද..? සනිරු එලෙස මුමුණ මුමුණා ඇය දෙස බලා තම දෙනෙත් වෙනතකට යොමු කළේය..

    එදා රාත්‍රියේ සනිරු ඇයගේ මුහුණ දැක බලා ගැනීමට හැකි වුණත් ඇය බසයේ සිටගෙන සිටි නිසාත් මිනිසුන් අතරෙහි සිට තමාගේ බෑගය දුන් නිසාත් සනිරුගේ මුහුණ දැක ගැනීමට ඇයට නොහැකි විය..

    හරි.. ඔයාගෙ නම කිව්වෙ නෑනෙ.. ඇයගේ නම දැන ගැනීමේ උවමනාවෙන් ප්‍රදීප් විමසුවේය..

    ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට ඇය තමාගේ නම පැවසීමට තොල් පෙති සලසා ගත් විගසම ඈතින් මායා.. මායා.. මායා.. යැයි අමතමින් තුෂාරි අත වනනු ලැබුවේ කෑගසමිනි.. තුෂාරිගේ එම කටහඩ ඇසෙත්ම වික්ෂේපයට පත්වූ සනිරු, ප්‍රදීප් සහ චතුර ඇය දෙස පුදුමයෙන් මෙන් බලා සිටියහ..

    මොකද උඹලා මාව කන්න වගේ බලන් ඉන්නෙ..? ඔවුන් සමීපයට පැමිණ තුෂාරි විමසිය..

    තුෂාරි මේ.. ඔයාමේ.. මේ.. කිසිවක් නොකියූ චතුර තම හිසකෙස් පිරිමදිමින් පැවසීමට සූධානම්වූ දෙය අදින්නට වූයේය..

    සනිරු.. මොකක්ද චතුර මේ.. මේ.. කියන්නෙ..?

    මොකුත් නෑ තුෂාරි.. දන්නවනේ ඉතිං මෙයාගේ අමුතු අමුතු දේවල්නෙ තියෙන්නෙ.. සනිරුගෙන් ඇසූ ප්‍රශ්නයට ප්‍රදීප් පිළිතුරු දුන්නේ චතුර දෙස බලා කිසිවක් නොකියන ලෙසට ඉගි කරමිනි..

    හරි.. හරි.. ඒවයින් දැන් වැඩක් නෑ.. මායා ඔයා මොකද මෙතන කරන්නෙ..? සනිරු අසල සිටි ඇයගෙන් තුෂාරි විමසිය..

    කිසිවක් නොපැවසූ මායා තමාගේ සිතෙහි වූ තිගැස්ම පටපත් කොට තුෂාරි දෙස බලා මද සිනාවක් පෑවේය..

    මේ අය ඔයාට රැග් කළාද..? ගණන් ගන්න එපා.. අමානුෂික වුණේ නෑ නේද..? මේ තමයි මට ඉන්න යාළුවො.. තුෂාරි එලෙස පැවසුවේ ඔවුන් දෙසට තම අත දිගු කරමිනි..

    සනිරු මේ මගේ නංගිට මොකුත් කළේ නෑ නේද..?

    නෑ තුෂාරි මොකුත්ම කළේ නෑ.. ඔයා ආවනේ.. සනිරු තුෂාරිට පිළිතුරු දෙන විට මායා ඔහු දෙස බලා සිටියේ ඔහු නිසා තමාට කිසිවක් නොවුණේය යන හැගීම සිත තුළ ඇති කරගනිමිනි..

    මගේ නංගි කිව්වෙ තුෂාරි.. ඇය කවුරුදැයි කියා දැනගැනීමට සිතා ප්‍රදීප් විමසුවේය..

    ඇයි ඊයෙ මම කලින් යනවා කිව්වෙ මේ නංගිත් එක්කනෙ.. ඔයාලට මතක නැද්ද..? මම කිව්වා..

    තුෂාරි පැවසූ දෙය ඇසෙත්ම සනිරුගේ දෙනෙත් උඩ ගියේය.. ඔහුට එය අදහාගත නොහැකි වූවත් සිදුවී ඇත්තේ එයම බව ඔහුට දැන් දැන් වැටහෙන්නට විය.. එහෙත් පෙර දිනයේ ඇය වෙනුවෙන් තමා වේදනාවට පත්වූ ආකාරය සිහි වෙත්ම අදත් එය ඔහුට වේදනාවක් ලෙසට දැනෙන්නට විය..

    දෙයියනේ..! ඒ කියන්නෙ මෙයයි ඊයෙ තුෂාරිත් එක්ක ගිහිල්ලා තියෙන්නෙ.. මම කොච්චර හෙව්වද..? මොන තරම් ළතවුණාද..? සනිරු ඒ පිළිබදව පසුතැවෙන්නට වුවත් ඇය නිසා එය සැනසුමක් බවට පත් කර ගත්තේය..

    මතකයි.. මතකයි.. ඒත් අපි දන්නෙ නෑනෙ ඒ මෙයා කියලා..

    ඔව්, ඒකත් ඇත්තනෙ..

    හරි.. දැන් අපි අදුනගනිමුකො.. මේ තමයි මායා.. අලුත් බැජ් එකේ.. මායා මේ සනිරු.. මේ ප්‍රදීප්, මේ චතුර.. තුෂාරි තම යහළුවන්ට මායාත් මායාට තම යහළුවන්ද හදුන්වා දුණි..

    ආ.. මේ එන්නෙ දර්ශනී.. ප්‍රමාද වී පැමිණි තම අනෙක් යෙහෙළියද මායාට හදුන්වා දුනි..

    මායාගේ සිතෙහි තමා කෙරෙහි නිසැකයෙන්ම පැහැදීමක් ඇති බව දත් සනිරුට එය ආදරය නොවන බවත් එය හිතවත්කමක් පමණක් බවත් හැගී ගියේය.. කෙසේ වෙතත් එම හිතවත්මක කෙදිනක හෝ පූජනීය ආදරයකට පත්වන තුරු බලා හිදින්නට පසුබට නොවන බව තම හදවතේ දෝර ගලන සුපෙම් හැගුම් වලින් සනිරුට වැටහෙන්නට විය..

    මේ අතර චතුර සහ ප්‍රදීප්ගේ අදහස වූයේ තුෂාරිගේ මැදිහත් වීමෙන් සනිරුගේ සිතැති ප්‍රේමය ඔහුට ලබා ගැනීමට මහමෙරක් තරමට උදව්වක් වේයැයි කියාය..

    තුෂාරිගේ යහළුවෙක් වූ හෙයින් මායාගේ ආදරයට සනිරුට ලබා ගැනීමට පහසු වනු ඇතැයි සිතූ ප්‍රදීප් සහ චතුර ඒ බව කිසිවක් නොදත් තුෂාරිට පැවසීමට තීරණය කළහ.. එහෙත් ප්‍රදීප් ඊට තරමක අකමැත්තක් පෙන්නුම් කළේ සනිරු ඊට විරුද්ධ වෙතැයි සිතූ නිසාය.. නමුත් සනිරුගේ ජීවිතය වෙනුවෙන් ආදරය වෙනුවෙන් එම තීරණය නිවැරදියැයි සිතූ ප්‍රදීප් ඒ බව තුෂාරිට පමණක් පැවසීමට එකග විය..

    තුෂාරි.. ඔයාට පොඩි කාරණාවක් කියන්න තියෙනවා.. ඒ දේ ඔයාට නොකියම බෑ.. සනිරුගේ සිතැති ප්‍රේමය තුෂාරිට පැවසීමට පළමු වදන් පෙළ ප්‍රදීප් පෙළගැස්සුවේය..

    ප්‍රදීප් දැන් සර් එයිද දන්නෙ නෑ.. ශාලාව තුළ සිටි තුෂාරි ආචාර්යවරයා එතැයි සිතූ නිසා ප්‍රදීප් පැවසීමට සූදානම් වූ කාරණාව පසුවට ඇසීමට ප්‍රමාද කළේ එය ප්‍රතික්ෂේප නොකරය..

    බයවෙන්න එපා.. අද සර් එන්න ටිකක් පරක්කු වෙනවනෙ.. සනිරුගේ කතාව පැවසීමට අත්‍යවශ්‍ය නිසාත් හදිසිය නිසාත් එලෙසින් ප්‍රදීප් ප්‍රකාශ කළේය..

    මොකක්ද ප්‍රදීප් ඔය තරම්ම වැදගත් කාරණාව..? හරි.. කමක් නෑ.. එහෙම නම් අපි එළියට ගිහිං කතා කරමු..

    ඔව්, ඒක හොදයි තුෂාරි..

    ශාලාව තුළ සිටි ප්‍රදීප් සහ තුෂාරි ඉන් ඉවතට ගියේ එහි සිට නිදහසේ කතා කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවුණ නිසාත් අනෙකුන්ගේ දැඩි වූ ඝෝෂාකාරී වාතාවරණයත් නිසාය..

    මොකක්ද ප්‍රදීප්, ඔය තරම්ම හදිස්සියෙන් කියන්න තියෙන කාරණාව..? ප්‍රදීප්ගේ මුහුණේ ගැබ්ව තිබුණු හදිසි ස්වභාවය නිසා තුෂාරිටද එම කාරණාව දැන ගැනීමට උනන්දුවක් ඇතිවිය..

    තුෂාරි ඔයාට මතකද ගිය දවස් දෙක තුනේ සනිරු කල්පනා කර කර හිටිය කියලා..?

    ඔව්.. ඔව්.. මතකයි.. අපි ඇහුවට මොකුත් කිව්වෙත් නෑනෙ.. තුෂාරිද ගෙවී ගිය දවස් දෙක තුනෙහි සනිරු ගත කළ ආකාරය මතක් විය..

    මොකක්ද දන්නවද අපිට නොකියපු ඒ හේතුව..? ප්‍රදීප් තරමක් අදිමින් පැවසුවේය..

    මොකක්ද..? මම දන්නෙ නෑ.. ඉතින් ඉක්මණට කියන්නකො ප්‍රදීප්..? ප්‍රදීප්ගේ අත අල්ලා ගනිමින් ඇය අසන්නට වූවාවය..

    මේකයි තුෂාරි.. ඔයාගෙ අර නංගි කෙනෙක් අලුතෙන් ආවේ මායා කියලා.. ඉතින්.. සනිරු එයාට පිස්සු වැටිලා.. සනිරු එයාට ගොඩක් ආදරය කරනවා.. ප්‍රදීප් එකවරම එම වදන් පෙළ ප්‍රකාශ කළේය..

    මොකක්.. මේ අපේ සනිරුට ආදරයක් ඇතිවෙලා.. පුදුමයි.. උපාසකයටත් එහෙනම් ආදරය කරන්න හිතිලා.. අදහාගත නොහැකිව වික්ෂේපයට පත්වූ තුෂාරිගේ මුහුණ සැනින් අදුරු පැහැ විය..

    ඇයි මොකද තුෂාරි නිකං බයවෙලා වගේ..?

    මොකුත් නෑ ප්‍රදීප්.. ඒත්.. මතකද මම ඔයාලට කිව්වා එයාගෙ තාත්තා මහ අමාරුකාරයා කියලා.. ඒකයි මම බය වුණේ..

    හරි.. හරි.. ඒ තාත්තා දැන ගත්තොත්නෙ.. අනික දැන ගත්තත් මොකද..? ආදරය කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනිද තුෂාරි..? අනික ඒක මානව අයිතිවාසිකමක්.. මායාගේ පියාගේ බලසම්පන්න බව නොදත් ප්‍රදීඵ් ලෝකයේ පවතින සත්‍යය දේ පැවසුවේය..

    ඔව්.. ඔව්.. මම දන්නවා ප්‍රදීප්.. ඒත් ආදරය කරන එක අයිතිවාසිකමක් වුණත් කාගෙවත් අවසරයක් ගන්න ඕනෙ නැති වුණත් මායගෙ තාත්තට ඒ කිසිම දෙයක් තේරුම් ගන්න අවශ්‍යයක් නෑ.. මොකද එයා හිතන දේ විතරයි කරන්නෙ.. ඔයාම කියන්න ප්‍රදීප්.. මායා සනිරුට ආදරය කරත් ඒ ආදරය මේ වගේ තාත්තා කෙනෙක් නිසා දිගටම තියාගන්න පුළුවන් වෙයිද..?

    ඔයා කියන කතාව ඇත්ත තුෂාරි.. ඒත් ආදරයට මොන ලෝකයෙද මොන සමාජයෙද බාධා නැත්තෙ..? අතීතයෙත් තිබ්බා.. වර්ථමානයෙත් තියෙනවා.. අනාගතයෙදිත් තියෙයි.. ඔයා දන්නවනේ සාජාහන් මුන්ටාස් කතාව, සද්කොන් ප්‍රමිලා කතාව, රෝමියෝ ජුලියට් කතාව, රාමා සීතා කතාව.. ඒ අයට කොච්චර බාධා තිබ්බද.. ඒ බාධා නිසාම ජීවිතත් පූජා කළා.. ඒ ආදරය නිසයි තුෂාරි..

    මට තේරෙනවා ප්‍රදීප්.. ඒත් අපි කියලා මොනවද කරන්නෙ..?

    ඒක තමයි මටත් නොතේරෙන තැන.. සනිරු දුක් විදින එක යාළුවො හැටියට අපිට බලා ඉන්නත් බෑ.. අනේ මංදා..

    මගේ නම් කිසිම අකමැත්තක් නෑ ප්‍රදීප්.. සනිරු වෙනුවෙන් ඕනම උදව්වක් මම කරනවා.. තුෂාරිද සනිරුගේ ආදර කතාවෙහි උදව්කාර පාර්ශවයේ කොටස්කාරියක් විය..

    ඉතින් ප්‍රදීප් මායා මේ ගැන දන්නවද..? ඒ කියන්නෙ.. එයා සනිරුට ආදරෙයි කියලා..

    නෑ තුෂාරි, තවම නෑ..

    ඇයි ආදරෙයි කියලා කියන්න බයයිලුද..? නැත්නම් ලැජ්ජලුද..?

    නෑ.. නෑ.. ඔය දෙකෙන් එකක්වත් නෙමෙයි..

    එහෙනම්..?

    තවම කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ..

    සනිරුට අද කතා කරන්න තිබ්බනෙ.. අද තමයි නියම අවස්ථාව.. ඇයි කතා නොකර හිටියෙ..?

    කතා කරන්න තමයි හිටියෙ.. ඒත් බැරිවුණා.. හැබැයි මායගෙ මූණ දිහා නම් බලාන හිටියා..

    මටත් මතකයි ප්‍රදීප්.. මායත් සනිරු දිහා බලන් හිටියෙ.. මොකක් හරි දෙයක් හිතේ තියෙනව වගේ..

    වෙන්නැති.. වෙන්නැති.. මොකද චතුර පොඩ්ඩක් සැරෙන් මායට කතා කරපු නිසා සනිරුට තරහ ගිහින් චතුරට කෑ ගැහුවා.. ඉතින් එහෙම එකේ සනිරු දිහා මායා නොබල ඉදීයෑ..

    ඒකත් හොදට උනානම් එච්චරයි.. මම ඕන දේකට සනිරුත් එක්ක ඉන්නවා ප්‍රදීප්..

    එහෙනම් තුෂාරි අපි ඇතුළට යමු.. සනිරුයි චතුරයි ඇතුළෙ ඉන්නෙ..

    හරි.. හරි.. ඉක්මනට යමු.. දැන් සර් එනවත් ඇති..

    ශාලාව තුළට ගිය ප්‍රදීප් තුෂාරි පැවසූ සියල්ල එකක් නෑර සනිරුට සහ චතුරට ප්‍රකාශ කළේය.. තුෂාරිට එය පැවසීම සනිරු තුළ විරුද්ධත්වයක් ඇති නොවූ බව ඔහුගේ ප්‍රකාශයෙන් ප්‍රදීප්ට සහ චතුට වැටහුණහ..

    ප්‍රදීප්.. තුෂාරි මොකද කිව්වෙ..? චතුරට දකුණු පසින් සිටි සනිරු තම හිත පහත් කොට ප්‍රදීප්ගෙන් ඇසුවේය..

    අවුලක් නෑ මචං.. තුෂාරිත් ඕන සපෝර්ට් එකක් දෙන්නම් කිව්වා.. හැබැයි.. මායාගෙ තාත්තගෙන් නම් පරිස්සම් වෙන්න වෙයි.. තුෂාරි පැවසූ ආකාරයෙන්ම මායගේ තාත්තාගේ බලපුලුවන්කාරකම භිතියකින් නොපැවසූවේ සනිරුගේ සිත කැළඹීමට පත්වෙතැයි සිතූ නිසාය..

    එදා ඔවුනට විවේකය ලැබුණේ 11.30ට පමණය.. එහෙත් මායා අලුත් බැජ් එකේ අයෙකු නිසා ඔවුනට විවේකය ඊට පසුව ලැබුණි.. තම හදවතේ උත්පාදනය වන අසීමාන්විත ප්‍රේමයේ හැගුමන් වචන වලට පෙරළා ඇයත් සමග දොඩමළු වීමට අපේක්ෂාවෙන් සිටියත් විවේක කාලය ඊට හරස් විය.. තුෂාරිට එදා දිවා ආහාරයට ගැනීමට වඩා උනන්දුව තිබුණේ මායා පිළිබදව සනිරු සමග කතා කිරීමටය..

    සනිරු.. අද උදේ ප්‍රදීප් කිව්ව හැම දෙයක්ම ඇත්ත නේද..? සනිරුගේ හදවතේ මායා පිළිබදව තිබෙන ආදරය ඔහුගෙන්ම දැන ගැනීම සදහා තුෂාරි විමසිය..

    ඔව් තුෂාරි.. ඇයි ඔයාට මොකුත් සැකයක් තියෙනවද..? තුෂාරිගේ මුහුණ දෙස බලාගෙන සිටි සනිරු එලෙස ඇසුවේ තරමක පහත් හඩිනි..

    අපෝ.. නෑ.. නෑ.. සනිරු.. මට ඕන වුණේ ඒ ගැන ඔයාගෙ කටින්ම දැන ගන්නයි.. නැතුව ඔයාව විශ්වාස නොකර නෙමෙයි..

    මායා ඉන්නෙ තුෂාරිලගෙ ගෙවල් ළගද..?


    ඔව් සනිරු.. අපේ ගෙවල් වලට කිලෝ මීටර් භාගයක් විතර දුරින් ඉන්නෙ.. එයාලගෙ පවුලට ඉන්නෙ එයා විතරයි.. එයාගෙ අම්මා මායට ගොඩක් ආදරේ වුණත් තාත්තා ඒ තරම්ම ආදරයක් පෙන්නන්නෙන ෑ..

    ඒ මොකද..?

    අනේ මන්දා.. හැබැයි සමහර විට මායා විතරක් එයාට ඉන්න නිසා වෙන්න ඇති..

    මේ උඹලා දෙන්නා කන්නෙ නැද්ද..?

    සනිරුගේ සහ තුෂාරිගේ කතාවට බාධා කරමින් දර්ශනි ඇසීය..

    අපි පස්සෙ කන්නම්.. ඔයාලා කන්නකො.. තුෂාරි ඊට පිළිතුරු දුන්නාය..

    ඇත්තමයි සනිරු.. මායට ඇති තරම් සල්ලි තිබුණට අනෙක් ගෑනු ළමයි වගේ කිසිම උඩගුකමක් නෑ.. හරිම අහිංසක ළමයෙක්.. ඒ අහිංසකකම නිසාම එයා කාටවත් දුකක් දෙන්න කැමති නෑ.. ඒ වගේමයි.. එයා දුකින් ඉන්නත් කැමති නෑ.. ඒ නිසා ඔයා ඉස්සරෝම එයාගෙ යාළුවෙක් වෙන්න.. ඊට පස්සෙ හෙමීට ඔයාගෙ ආදරය එයාට දැනෙන්න දෙන්න..

    තුෂාරි.. මම අද මායට කතා කලොත් එයා කතා කරයිද..?

    අනිවාර්යෙන්ම කතා කරයි.. බය වෙන්න එපා.. එයා අද මගෙත් එක්කනෙ යන්නෙ..

    ඕ.. ෂිට්.. දැන් මොකද කරන්නෙ..?

    හරි.. හරි.. මෙහෙමකරමු.. ඔයා එයාට කියන්න, මම අද හදිසියක් වෙලා යාලුවෙක් එක්ක කලින් ගියා කියලා.. මම ටිකක් වෙලා ගිහින් එන්නම්.. එතකොට හරිනෙ..

    තෑන්ක්ස් තුෂාරි.. තුෂාරිගේ දෑත සනිරුගේ දෑතින් වෙලාගෙන ඇයට ස්තුති කළේය..

    ප්‍රදීප්, චතුර සහ දර්ශනි කෑම ගෙන අවසන් වී සනිරු සහ තුෂාරි සිටි ස්ථානයට පැමිණියේ නැවතත් ඔවුන්ට දිවා ආහාරයට ගැනීමට මතක් කිරීම සදහාය..

    උඹලා ඔය කතාව නවත්තලා දැන්වත් කාපන්කො.. මොකද බං උඹලට බඩගිනි නැද්ද..

    හරි.. හරි.. කන්නම්.. මේක දැන් අහපල්ලකො.. අද හවස සනිරු මායත් එක්ක කතා කරනවා.. ඉතින් අපි උන් දෙන්නට තනි වෙන්න දීලා කොහොම හරි මගඅරින්න ඕනෙ.. තේරුණානෙ..

    ඔව්.. ඔව්.. උඹ ඒ ගැන හිතන්න එපා.. උඹලා දෙන්නට බාධා වෙන කිසිම දෙයක් අපි කරන්නෙ නෑ.. උඹගෙ පහන කොහොම හරි පත්තු කරගනිං.. අපිට ඕනි එච්චරයි..

    මේ බලපන්කො.. අද සනිරුගෙ මූණෙ තියෙන එළිය.. ඊ‍යෙ කොහොමද තිබ්බෙ..? දර්ශනි සිනාසෙමින් පැවසීය..

    සූර්ය රශ්මියෙන් කුසුමන් පිබිදෙන්නා සේ චන්ද්‍ර රැස් ධාරාවන්ගෙන් අහස් කුස ප්‍රභාෂ්වර වන්නා සේ සනිරුගේ හදවතට අවැසිව පවතින මායාගේ ආදරය සෙනෙහස හිමි කරගැනීම තුළින් තම ජීවිතය ඒකාළෝක වන බව මොහොතින් මොහොත සනිරුට හැගෙන්නට විය.. එලෙස තම ජීළුිතය සරසවන ඒ හිමිකාරියගේ දිවි අරන පරසතු මදාරා කුසුමන්ගේ සරසා දිව්‍ය විමානයක වසන අප්සරාවක් සේ තම සුසුමෙහි සගවා ගන්නට තරම් අවැසිකමක් සනිරුට ඇතිවිය..

    එදා හවසට දහසකුත් දේ ඇයත් සමග දොඩමලු වීමට තිබුණත් ඒ සියල්ලෙන් එකදු වචනයක්වත් ඇයට පැවසීමට හැකි වේදැයි සිතමින් සනිරු කල්පනා කරන්නට විය..

    මොනවද සනිරු කල්පනා කරන්නෙ..? අද හවස ගැනද..? බයවෙන්න එපා.. මම කිව්වනේ එයා ගොඩක් හොද නෙකෙන් කියලා.. අනික ඔයාගෙ අහිංසක පෙනුමට එයා ඔයාට කතා නොකර ඉන්න එකක් නැති වෙයි.. තුෂාරි තව තවත් සනිරුගේ සිතට සැනසුමක් ලබා දුණි..

    බයක් නෙමෙයි තුෂාරි.. එයා ඉස්සරදි මට කතා කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ..

    හරි.. හරි.. උඹ ගොළුවෙක් වෙන්නෑ.. එයා ළගට ගියාම නිකම්ම කට ඇරෙයි.. ඒ ගැන වැඩිය හිතන්න එපා බං.. චතුර සනිරුගේ උරහිසට අත තබමිනි පැවසුවේය..

    සැබැවින්ම සනිරුගේ සිතෙහි ඇයත් සමග කතා කිරීමට බියක් නොතිබුණත් ඔහුගේ සිත එක්තරා ප්‍රමාණයකට පසුබෑමට ලක්වූයේ ඇය කුමනාකාරයේ ප්‍රතිචාරයක් දක්වයිද යන්න පිළිබදවයි.. වරෙක ඔහුට ඇය ප්‍රගතිශීලී ප්‍රතිචාර දක්වමින් සුහදව තමා සමග දොඩමලු වෙතැයි සිතුණත් තවත් වරෙක ඊට ඉදුරාම වෙනස් වූ ප්‍රගතිගාමී ප්‍රතිචාර දක්වමින් හැසිරෙන ආකාරයක් පිළිබදව ඔහුට සිතෙන්නට විය.. කෙසේ නමුත් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ඇය දැක්වූවත් තම සිතෙහි දැඩි වූ ආදරය නිසා ඒ සියලු දේ විදදරා ගැනීමට ඔහු තම සිතත් සමග එකග විය..

    දැන් හැම දෙයක්ම හරිනෙ.. ඉක්මණට කාලා ඇතුළට යමු.. කුසගින්නෙහි වූ තුෂාරිට තවත් එය ඉවසාගත නොහැකිව සනිරුට පැවසිය..

    ඉක්බිතිව සියලුම දෙනා ශාලාව තුළට පිවිසියේ සවස් වරුවේ වූ දේශනයට සහභාගි වීම සදහාය..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    04.png


    එදින දිවා ආහාරය ගත් අවස්ථාවේ සනිරු, තුෂාරි සහ අනෙකුත් යහළුවන් කතිකා කරගත් ආකාරයටම සනිරු මායාට කතා කිරීමට බස් නැවතුම්පළෙහි පෙරුම්පුරමින් සිටියේය.. එදා සවසද සුපුරුදු පරිදි මායා තුෂාරිත් සමග යාමට දිව ආවේ ඇය මග ඇරෙතැයි සිතූ නිසාය.. එහෙත් පෙර පරිදි කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග බස් නැවතුම්පළෙහි තුෂාරි දකින්නට නොලැබීම හේතුවෙන් මායාගේ මුහුණෙහි කලබල වූ ස්වරූපයක් සනිරුට දැක ගන්නට ලැබුණි.. සිත කලබලට පත් කර ගනිමින් තුෂාරි එතැයි සිතමින් මග බලා උන් මායාට බස් නැවතුම්පළ තුළ සනිරු සිටි බවක් දැක ගන්නට නොහැකි විය... කෙසේ නමුත් අවසානයේදී සනිරු මායාට කතා කරන්නට විය..

    එක්ස්කියුස්මී නංගි.. ඔයා තුෂාරි එනකම් නේද බලාන ඉන්නෙ..? ඇයගේ කටහඩ අවදි කර ගැනීමටම සනිරු මායාට පැනයක් නැගුවේය..

    එහෙත් ඇය කිසිත් නොපවසා නිහඩව සිටියේ ඔහු ඇසූ දෙයට පිළිතුරක් මුවින් විද්‍යාමාන කරමිනි..

    මේකයි නංගි.. එයා අද හදිස්සියක් වෙලා යාළුවෙක් එක්ක කලින් ගියා කියලා ඔයාට කියන්න කිව්වා.. සනිරු ඇයගේ මුහුණ දෙස බලා ගනිමින් ඒ බොරුව පැවසුවේ ඇයව රැවටීමේ අරමුණින්ම නොව ඇයත් සමග කතා කිරීමට අවැසි වූ නිසාමය..

    තෑන්ක්ස් අයියෙ.. ඔයා සනිරු නේද..? ඊයෙ මට රැග් කරන වෙලාවෙ පැත්තකට වෙලා හිටියෙ.. පෙර දිනයේ සිදුවූ සිදුවීම මායාගේ මතකයේ තැන්පත් වී තිබුණු බව ඇයගේ එම ප්‍රකාශයෙන් සනිරුට හැගුණි..

    ඔව් නංගි ඒ මම තමයි.. ඔයාට මගේ නම තාම මතකද..? සනිරු පුදුමයෙන් මෙන් ඇසුවේය..

    මොකද මතක නැත්තෙ අයියෙ.. ඒ වෙලාවෙ ඔයා මැදට පැන්නෙ නැත්නම් තව පොඩ්ඩෙන් මට ඇඩෙනවා.. ඔයා පුදුම කෙනෙක් අයියෙ.. අනිත් අය වගේ නෙමෙයි.. ඔයා හරිම අහිංසකයි.. මායාගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති වුණු පවිත්‍ර හිතවත්කම හැගුම්බරව ප්‍රකාශ කළේය..

    මමත් දැක්කා ඔයාගෙ ඇස් වල කදුළු පිරිලා තියෙනවා.. ඒකයි මං චතුරට කෑගැහුවෙ..

    ඇයි අයියෙ ඔයා ඒ වගේ දෙයක් කවුද කියලා දන්නෙවත් නැති මම වෙනුවෙන් කළේ..?

    මම ඔයාව නොහදුනන කෙනෙක් නෙමෙයි මායා.. ඔයා කවුද කියලා මම දන්නවා.. මට දැනෙනවා.. ඒ දන්නෙ මේ දවස් දෙක තුනෙන් නෙමෙයි.. ඇතත්ටම අපි දෙන්නා හදුනන්නෙ පෙර සංසාරයෙ ඉදලා.. ඉතින් ඔයා කවුද කියලා දන්නෙ නැති වෙන්නෙ කොහොමද..? ඇය ඉදිරියේ ඇයගේ දෙනෙත් අභියස තම දෙනෙත් ගැටෙන්නට හරිමින් සනිරු සිතන්නට වූවේය..

    මනවද කල්පනා කරන්නෙ අයියෙ..? සනිරුගේ දෙනෙතින් මිදී මායා ඇසුවේය..

    මොකුත් නෑ නංගි.. මේ.. මේ.. නිකං.. කල්පනා කරමින් සිටි සනිරු ඇය ඇසූ දෙයට තිගැස්සී ගොස් පිළිතුරු දුන්නේය..

    ආ.. එහෙම නම් කමක් නෑ.. මම හිතුවෙ මොකක් හරි ප්‍රශ්නයනක්කියලා.. මද සිනාවක් පාමින් සනිරු දෙස බලා නැවත බිම බලා නැවතත් ඔහු දෙස බැලීය..

    මායාගේ මුවින් පිටවුණු ඒ මද හසරැල්ල දවස් දෙක තුනක් ඇය වෙනුවෙන් ප්‍රේමණිය දුක් කන්දරාවෙන් පීඩා විද ගිනියම් වී තිබුණු සනිරුගේ හදවත සිසිල් දිය දෝතකින් සෝදා හැර සුවපත් කළ බවක් ලෙසට දැනෙන්නට විය.. අප්‍රාණික වී ගොස් තිබුණු ඔහුගේ ගත සිත යළි යළිත් සප්‍රාණික වී පිබිදෙන්නට විය..

    අයියේ.. ඔයා ගොඩක් වෙලාද මෙතනට ඇවිත්..

    නෑ නංගි විනාඩි හතලිහක් විතර ඇති..

    ඉතිං ගොඩක් වෙලානෙ අයියෙ..!

    මට දැනුණෙ නෑ..

    ඇයි දැනුණෙ නැත්තෙ..?

    මම ඔයා එනකම්ම නෙ හිටියෙ.. ඒ කිව්වෙ.. තුෂාරිගෙ පණිවිඩය ඔයාට කියන්නම ඕනෙ නිසයි.. නැත්නම් ඔයා මෙතන රස්තියාදු වෙනවනෙ..

    මම නිසා ඔයා කරදර වෙනව නේද..?

    මට මේවා කරදරයක් නෙමෙයි නංගි.. කවුරු හරි මොනවා හරි දෙයක් ආසාවෙන් කරනවා නම් ඒක කරදරයක් වෙන්නෙ කොහොමද..?

    හ්ම්.. ඒක නම් ඇත්ත.. ඒත් හැමෝම ඔයා වගේ නෙමෙයිනෙ අයියෙ.. ඔයා වගේ හිතන්නෙ නෑනෙ.. ඇත්තමයි අයියෙ.. ඔය විදියට හිතන පිරිමි ළමයෙක් මීට කලින් මම දැකලම නෑ..

    තමා පිළිබදව මායා සිතන ආකාරය කෙරේ මහමෙරක් තරමට සනිරු නිහතමානී තෘප්තියක් විද ගත්තාත් එය තමා කෙරෙහි දක්වන සෙනෙහසක් ලෙසට වරදවා තේරුම් ගන්නට ඔහු ආත්මාර්ථකාමී වූයේ නැත..

    එදා සවස මුළු අහසම අන්දකාරයෙන් වැසී තිබිණි.. වැහි වළාකුළු වලින් බර වී තිබුණු අහස් තලය මතින් වැහි ලිහිණියන් එකා දෙකා ඉගිලෙන්නට පටන් ගත්තේ තව ස්වල්ප මොහොතකින් වරුසාවක් වැටෙන්නට ඉඩ ඇති බවට අනාවැකි පල කරමිනි.. පරිසරය එවැනි වෙනසකට ලක් වුවත් තමන් හෝරාවකට ආසන්න කාලයක් කතා කරමින් සිටි බවක් ඔහුට දැනෙන්නට නොවිය..

    අයියෙ.. වෙලාව පහටත් ළගයි.. දැනුණෙවත් නෑ පහ වුණා.. අනික වහින්නත් වගේ.. මායාගෙ මුවින් නිරායාසයෙන්ම එම වදන් පෙළ පිට වූයේ ඇය තුළ බයක් ඇති බව නොපෙන්වමිනි..

    වෙලාව පහ වුවත් මුළු මහත් පරිසරයම අන්දකාර කරමින් වැස්සක් වැටෙන්නට ළං ළංව තිබුණත් මායාට අබ මල් රේණුවකවත් බියක් නොදැනුණේ තමන් සමීපයේ විශ්වාස කල හැකි අවංක අයෙකු සිටින නිසායැයි ඇයට හැගෙන්නට වූ නිසාම වන්නට ඇත..

    ඒක තමයි නංගි.. අද බසුත් අඩුයි වගේ.. ඔයාට යන්න වෙලා යනව නේද..?

    ඒකට කමක් නෑ අයියෙ.. ඒත් රෑ වුණොත් ටිකක් බයක් දැනෙනවා.. මායාගේ පුංචි ඇස් දෙක ලොකු කර ගනිමින් පැවසීය..

    එහෙනම් නංගි බස් එකක් එනකම් අපි හෙමීට පයින් යමු.. තව තවත් වෙලාව නොයවා රෑ වෙන්නට කලින් මායාට ගෙදර යාම සදහා සනිරු ගමන ඉක්මන් කළේය..

    හා.. අපි පයින් යමු.. ඒක ඇගටත් හොදයිනෙ.. සනිරුගේ යෝජනාවට මායාද එකග විය..

    දෙදෙනාම ගහල හන්දියට යාම සදහා පයින්ම ගමන් ඇරඹූ අතර මීටප් පහ හයක් යන තුරුම දෙදෙනා අතර නිශ්ශබ්දතාවයක් ඇතිවිය.. එම නිශ්ශබ්දතාවය තව තවත් රජ කරන්නට ඉඩ නොදී එකෙකු හෝ කතා කිරීමට ප්‍රථමයෙන් මුල පිරිය යුතු බව සනිරුට හැගී ගියේය.. ප්‍රත්‍යක්ෂයෙන්ම පිරිමිකම ඉක්මන් නොවන්න ඉසව්වකට ගැහැනුකම පෙර ගමන් යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථය සනිරු තුළ එම මොහොතේදී ඇතිවිය..

    නංගි ඔයා කැම්පස් එකට ආපු ඉස්සරෝම දවසෙ හවස නුවරට යනකොට රෑ හත හමාර වුණා නේද..?

    නිශ්ශබ්දතාවයෙන් සිටි මොහොතේ සනිරු ඇසූ ප්‍රශ්නයට මායා පිළිතුරු දුන්නේ එම හුදෙකලාව බවින් මිදී මහත් ඕනෑකමිනි..

    ආ.. මොහොතක් කල්පනා කරමින් සිටි මායා.. ඔව්.. අයියා දන්නෙ කොහොමද..? ඇය පෙරලා ප්‍රශ්න කළේය..

    මද සිනාවක් පෑ සනිරු නැවතත් ඇය දෙස බලා සිනා සී අනේ..! අනේ..! නංගි ඔයාට මතක නැද්ද..?

    අනේ සනිරු අයියෙ..? ඇයි ඔයා හිනා වෙන්නෙ..? මොනවද මතක නැත්තෙ කියලා මගෙන් ඇහුවෙ..? අනේ කියන්නකො.. පාරෙ ඉදිරියට ඇදෙමින් සිටි මායා සනිරු අභියසට ගොස් මදක් නැවතී ඔහුගේ දකුණු අත අල්ලා ගනිමින් පුංචි දැරියක මෙන් හුරතලින් ඇසීය..

    ජාති, කුල, ආගම්, භාෂා ආදී සෑම භේදයකින්ම සිමා බන්ධන නොමැති අවසානයක් නොමැති අනන්තය දක්වා බැදෙන අති උතුම් පාරිශුද්ධ අසීමාන්තික ප්‍රේමයේ පහස විදින්නට දෙනෙතින් කදුළු ගංගා හැලෙන්නට ඉඩ දෙමින් ඒ කදුළෙන් හදවතේ ගැඹුරුම කුටීරයේ අප්‍රමාණ වූ දුක් වේදනාවෙන් සිරකර ගනිමින් ජීවත්වන ප්‍රේමවන්තයෙකුට තමාට අවැසි ව සිටිනා මනු දිව්‍ය අප්සරාවියගේ සියුමැලි දෑතෙහි ගැබ්ව පවතින සංස්පර්ශයේ මිහිර මොන තරම් වූ සැනසුමක් ලබා දෙනවා ඇත්ද..? සත්තකින්ම ඒ සැනසුම මායාගෙන් සනිරුට ලැබුණු බව ඔහුගේ දෙනෙතින් නික්මුණු ආලවන්ත බැල්මෙන් මායාටද සගවන්නට නොහැකි විය..

    කියන්නකො..

    එදා ඔයා බස් එකේ යනකොට බෑග් එක දුන්නෙ කාටද කියල දන්නවද..?

    නැහැ..

    ඔයා ඒ බෑග් එක දුන්නෙ මටයි.. සනිරු ඒ බව මායාට පැවසුවත් ඇයට ඒ පිළිබදව සිතා ගැනීමටවත් නොහැකි විය..

    ඇත්තමද සනිරු අයියෙ ඔයා කියන්නෙ..

    ඔව් ඇත්තමයි..

    හෘර්දයාංගම ආමන්ත්‍රණය කෙනෙකුගේ ගත සිත සංතෘෂ්ඨියෙන් පුබුදුවාලන්නට තරම් ප්‍රබල වන්නේය. එය මොහොතන් මොහොත ඇසෙන්නට පටන් ගත්තාම, හදවතට දැනෙන්නට පටන් ගත්තාම පවතින ද්වීපාර්වික සබදසතාවයේ ශක්තිය තීව්‍රර කරන්නට තරම් සහේතුවක් වන්නේය.. මෙකී හැගීම සනිරු තුළ ප්‍රථමයෙන්ම සන්තානගත වූයේ අයියේ කියා මායා අමතන්නට පටන ්ගත් මොහොතේදීය.. එහෙත් මායාගේ ඉහවහා ගිය සතුටත් සමගම මුවින් පිටවූ සනිරු කියන තම නම පමණක් කියනවට වඩාත් ඔහු කැමති විය.. අයියේ කියන ආමන්ත්‍රණයේ සෙනෙහස, ආදරය අප්‍රමාණව තිබෙන බව දැනුණත් තම නම පමණක් ආමන්ත්‍රණය කිරීම තුළ ඊටත් වඩා ප්‍රේමයක්, සෙනෙහසක් ඇති බව සනිරුට හැගී ගියේය..

    නංගි මම ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරන්නද..? හැබැයි කැමති වෙනවද..? ඇය ඊට කැමති වේද, නොවේද යන සංශයෙන් සනිරු ඇසුවේය..

    ඉතින් කියන්නකො.. පුළුවන් දෙයක් නම් කැමති වේනනම්.. අමාරු දෙයක් නම් කල්පනා කරල කියන්නම්.. දෙපැත්තටම සරිලන සේ මායා පිළිතුරු දුනි..

    මීට පස්සෙ ඔයා මට.. කියමින් පැවසීමට ගිය දෙය මදකට අඩාල කළේ ඒ බව එකවරම පැවසීමට නොහැකි නිසාය..

    සිනරුගේ මෙම මන්දගාමී වචන තුන හතර ඇසූ මායා කලබලයට පත් වී හඩා වැලපෙන්නට ළංව ආදරයකින් මෙන් සනිරුට දොස් නගන්නට වූයේ ඔහු පැවසීමට ගිය දෙය සම්පූර්ණ කිරීමටත් ප්‍රථමයෙන් ඒ පිළිබදව ක්ෂණිකව තීරණයකට එළඹෙමිනි..

    හරි..හරි.. මට තේරෙනවා.. ඔයා කියන්නෙ මීට පස්සෙ ඔයත් එක්ක කතා නොකර ඉන්න කියලනේ.. ඇය පාරෙහි හුදකලාව ඉදිරියට ඇදුණි..

    ඔයාට පිස්සුද..? මම මේ කියන්න ගියේ වෙන දෙයක්.. ප්ලීස්.. ප්ලීස්.. ඔහොම නවතින්න.. ඉදිරියට යමින් උන් මායාට අත දිගු කරමින් සනිරු කතා කළේය..

    සනිරු සිටි ස්ථානයේ සිට මීටර් තුනක් පමණ ඉදිරියට ගිය මායා එකවරම නැවතුනේ සනිරු පැවසීමට ගිය වෙන දෙය දැන ගැනීමට සදහාය..

    මොකක්ද ඔයා කියන්න ගියේ..? ඉක්මනට කියන්න.. ව්‍යාජත්වයට මවා ගත් කෝපයකින් මෙන් මායා ඇසීය..

    අයියෝ.. මම එහෙම දෙයක් නෙමෙයි කියන්න ගියේ.. ඔයා ඇයි ඒ විදියට හිතුවෙ..? අනික ඔය තරම් ඉක්මනට.. මම කියන්න ගියේ මීට පස්සෙ මට සනිරු කියලා විතරක් කියන්න කියලා..

    මම හොදටම බය වුණා.. මම හිතුවෙ මීට පස්සෙ ඔයා මට කතා නොකර ඉදී කියලා.. ඒකයි මම ඒ විදිවට ඉක්මන් වුණේ.. ම්.. හරි.. සනිරු අයියෙ මම ඔයාට මීට පස්සෙ සනිරු කියල කතා කරන්නම්.. හැබැයි ඔයත් මට නංගි කියන්නෙ නැතුව මායා කියලා කාත කරන්න ඕනෙ හරිද..?

    හරි.. හරි.. අපි දෙන්නම නම් කියලා විතරක් කතා කරමු.. එම සම්මුතියට සනිරුද එකග විය..

    විශ්ව විද්‍යාලයත් ගලහ හන්දියත් අතර ඇති දුර ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවා පැමිණි සනිරුට සහ මායාට අවට පරිසරයෙන් පෙන්නුම් කල අනාවැකිය සනාථ කරමින් මහ වරුසාවක් වැටෙන්නට විය..

    ඕ.. ෂීට්.. මායා නංගි වහිනවනෙ.. දැන් මොකද කරන්නෙ..? දෙදෙනා එකග වූ සම්මුතිය මොහොතකින් සනිරුට අමතක විය..

    ඕන්.. ඉතින් ආයෙමත් නංගි.. මොකක්ද සනිරු..?

    සොරි සොරි සොරි මායා.. දැන් හරිනෙ.. දෙසවන පිනවන හදවත අවදි කරවන ඒ ආදරණිය නම සනිරු පැවසුවේ වැස්සේ තෙමීගෙනය..

    සනිරු ඔයා තෙමෙනවනේ.. පොඩ්ඩක් ඉන්න මං ළග කුඩයක් තියෙනවා.. මායා වැසේසෙ තෙමි තෙමි තමා ගැනද නොසිතා සනිරු වැස්සෙන් ආරක්ෂා කර ගැනීමට තම බෑගයෙන් කුඩය ඉවතට ගත්තාය..

    මායා බෑගයෙන් කුඩය ඉවතට ගන්නා විට දෙදෙනාම තෙමී ගොස් ඇදුම්ද තෙත් වි තිබිණි.. කෙසේ නමුත් මායා කුඩය ඉසලා ඒ තුළට පැමිණෙන ලෙසට සනිරුට කතා කරන විටද ඔහු වැස්සෙහි තෙමෙමින් උන්නේය..

    සනිරු කුඩේ යටට එන්න.. තවත් තෙමෙනවනෙ.. ඉක්මන් කරන්න සනිරු මොනවද බල බල ඉන්නෙ..? වැස්සේ තෙමෙමින් උන් සනිරුට මායා කතා කළාය..

    මායා ඇරයුම් කළ සැණින්ම සනිරු කුඩය යටට නොපැමිණියේ ලැජ්ජා නිසා නොව ඒ තුළට තමාද යාමෙන් ඇය තව තවත් තෙමී බසයක නැග යාමටවත් නොහැකි වෙතැයි සිතූ නිසාය..

    ඔයා කුඩය පුංචියිනෙ.. මම නිසා ඔයා තවත් තෙමෙයි..

    ඒකට කමක් නෑ.. අපි දෙන්නම සමානව තෙමෙමු.. ඔයා තෙමෙද්දි මම කොහොමද කුඩේ යටින් යන්නෙ..? කියන දේ අහලා කුඩය යටට එන්න සනිරු.. ආවෙ නැත්නම් කුඩය විසි කරලා මාත් තෙමෙනවා.. ඇඩ කුඩය විසි කිරීමට සැරසුණාය..

    හරි.. හරි.. එනවා.. දැන් යමුද එහෙනම්..

    හිතුවක්කාරයා..

    කවුද..? මම..

    ඔව් ඔයා තමා..

    තමාත් සමග ඇය හැසිරෙන ආකාරය පවසන සියුමැලි බොළද වදන් සැබැවින්ම පෙම්වතුන් නොවන ප්‍රමාණයට වඩා පෙම්වතුන් ලෙසට පත් කරමින් අරුණුසිවාදි සුපෙම් ලොවෙහි ගත කරන හෝරා කිහිපයක් ලෙසට පත් කර ඇතැයි යන හැගීමට සනිරු තුළ ඇතිවිය.. එම හැගීමෙන් ඔහු මොහොතකට පෙම්වතෙකු වුවත් එම මොහතෙ කල්පාන්තරයක් බවට පත් කර ගැනීමට ඇයගේ හදවතෙහි තමා ලෙසට රූපණය වී ඇත්ද යන්න දැන ගැනීමට සනිරු තුළ වූවේ පුදුමාකාර නොඉවසිල්ලකි..

    මායා හැද සිටි මල් මල් සුදු පාට දැලක් වාගේ බ්ලවුසය වැස්සට තෙමී ගොස් තිබීම නිසා ඇයගේ ශරීරයට එය ඇලී ගොස් තිබිණි.. එම නිසා ඇයගේ තුගු දෙළැම වඩා හොදින් මතුව පෙනෙන්නට විය.. සනිරුගේ දකුණු අතෙහි වැලමිට ඇයගේ වම්පස තන පුඩුවෙහි ස්පර්ශ වෙමින් තිබුණත් ඒ පිළිබදව වැඩි සැලකිල්ලක් ඇයට නොවිය.. වැස්සට තෙමී ගොස් තිබුණු මායාගේ දිගට කෙස් වැටිය සනිරුගේ දෑතෙහි ස්පර්ශ වෙත්ම තව තවත් තව තවත් පවිත්‍ර වූ කුළුදුල් ආස්වාදයක් ඔහුට දැනෙන්නට විය..

    මායා ඔයා එවලෙ බය වුණා කිව්වෙ ඇයි..?

    මේකයි සනිරු.. මීට කලින් මම පිරිමි ළමයෙක් මේ තරම් ඉක්මනින්න යාළුවෙක් විදියට පිළිගෙන ආශ්‍රය කරලා නෑ.. ඒත් ඔයා මේ තරම් ඉක්මනට මගෙ ජීවිතයට හොද යාළුවෙක් වුණා.. ඇත්තමයි.. මට ඒ ගැන හිතාගන්නවත් බෑ.. ඉතින් මම බය වුණා ඔයා මට නැති වෙයි කියලා.. ඒ කියන්නෙ.. කතා නොකර ඉදියි කියලා.. ඔයා මට පොරොන්දු වෙන්න හැමදාමත් මගෙත් එක්ක ඉන්නවා කියලා..

    බය වෙන්න එපා මායා, මම හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා..

    සනිරු අන්න.. බස් එකක් එනවා.. අපි ඉක්මනට එහා පැත්තට යමු.. දෙදෙනාම පාරේ දකුණු පස සිට වම් පසට දිව ගියේ බසයේ නැගීම සදහාය..

    මායා ඉක්මනට නගින්න.. කුඩේ මට දෙන්න.. ඇයගේ අතෙහි තිබුණු කුඩය සනිරු රැගෙන එය අකුලා අවසානයට ඔහු බසයට ගොඩ විය..

    බසයේ සිටි අවුරුදු තිස්පහක පමණ ගැහැණු අයෙක් තමන් දෙස රවා බැලුවේ ඔවුන් පෙම්වතුන් යැයි කියා බැලූ බැල්මෙන්ම තේරුම් ගත් නිසාවෙනි..

    සනිරු.. අර ගෑනු කෙනා අපි දිහා බලන් ඉන්නවා.. පිස්සුද මං දන්නෙ නෑ.. බලන්නකො බලාගෙන ඉන්න හැටි.. බසයේ සිටගෙන සිටි සනිරුට මුවා වී තමන් දෙස බලමින් සිටි ගැහැනු කෙනා පෙන්වමින් කීය..

    ගණන් ගන්න එපා මායා.. අපි එයා දිහා නොබල ඉමු.. එතකොට හරිනෙ.. බස් රථය මහනුවරට පැමිණෙන විට සවස 6.40 ටප මණ විය.. එවිට වැස්සද නතර වී තිබිණි.. ඉක්මන් ගමනින්ම සනිරු මායාව මාතලේ බස් නැවතුම්පළට රැගෙන ආවේය..

    මායා ඔයා මාතලේ ඉන්ටර්සිටි බස් එකක යන්න.. එතකොට ඉක්මනට යන්න පුළුවන්නෙ.. රෑ වෙන්න කලින් මායාට නිවසට යාම සදහා සුඛෝපභෝගී බසයක යාමට සනිරු පැවසුවේය..

    හරි.. හරි.. සනිරු මම යන්නම්.. ඔයා යන්නෙ.. කියමින් ඇය සනිරු ගැන වද වෙන්නට විය..

    දිගනට යන බස් හැම වෙලේම තියෙනවනේ.. බය වෙන්න එපා මම යන්නම්..

    ඒක නෙමෙයි මායා.. ඔයා හෙට උදේ නුවරට එනකොට කීය විතර වෙනවද..? හදිසියෙන් මෙන් සනිරු ඇසීය..

    අට විතර වෙනවා..

    එහෙනම් මම එනකම් මෙතන ඉන්නවද..?

    හා.. හා.. ඉක්මනට එන්න.. මායා සිටි බසය යාමට ස්ටාට් කල නිසා ඒ බව ඉක්මනින්ම ඇය පැවසීය..

    මායාට සමු දී දීගන බසයක නැග සනිරු තම නිවසට යන විට 7.45 පමණ විය.. තම අම්මා විසින් පිළියෙල කර තිබූ ආහාර ඇයත් සමගම අනුභව කොට හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග අම්මා කතා කරමින් උන්නේ ඔහුගේ අධ්‍යාපනික කටයුතු පිළිබදවය..

    එදින රාත්‍රියේ සනිරු මායා පිළිබදව කල්පනා කරන්නට වූයේ සිත් තැවුලෙන් ගත කළ පෙර දිනයන්ට වඩා හාත්පසින්ම වෙනස් වූ සැනසුම්දායක සතුටකිනි.. මේ තරම් ඉක්මනට මායා තමාත් සමග හිතවත් වීම පිළිබදව සනිරුට අදහාගත නොහැකි විය.. සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ආශ්‍රය කළ අයෙකු මෙන් සබදතාවයක් ඇති කර ගැනීම ඇය කෙරෙහි උපන් ආදරයක බලා ගැනීමට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇතැයි සනිරුට සිතුනි.. එපමණක් ද නොව ඇය පැවසූ දේවල් යළි යළිත්, යළි යළිත් ඔහුගේ දෙසවන් තුළ රැව් දෙමින් එය නිරායාසයෙන්ම හදවතට කිදාබැස නොමියන නොමැකෙන මතකයන් ලෙසට තැන්පත් වන්නට විය.. මුළු රැය පුරාම ඇය පිළිබදව සිතමින් සොදුරු බලාපොරොත්තුත් පොදි බැද ගනිමින් පසුදා උදෑසන යළිත් ඇය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් යහනෙහි වැතිරුණු සනිරුට රැය පහන් වූ බවක් සත්තකින්ම නොදැනුණි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    05.png


    පෙර දිනයේ සවස සනිරු සමග කතිකා කරගත් ආකාරයටම මායා සුපුරුදු වේලාවටත් වඩා පැය 1/2 ට ප්‍රථමයෙන් මහනුවරට පැමිණියේ ඔහුත් සමග කැම්පස් එකට යාම සදහාය.. මායා සමග ඇයගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණි අතර ඇය මහනුවරට ආ සැණින් කැම්පස් එකට යාමට වූයේ පෙර දිනයේ අතපසු වූ පාඩම් කොටසක් සම්පූර්ණ කර ගැනීම සදහාය..

    මායා මම ඉක්මනට යන්නං.. ඊයෙ කර ගන්න බැරි වුණු වැඩ වගයක් තියෙනවා.. ඔයා සනිරුත් එක්ක එන්න.. එහෙනම් මම යනවා.. බායි..

    ඒකට කමක් නෑ වසන්තිකා.. ඔයා යන්න.. බායි..

    තමාගෙන් වෙන්ව වසන්තිකා ගිය පසුව විනාඩි පහළොවක් පමණ සනිරු එනතුරු මායා මග බලාගෙන සීටිහ.. කිහිප වරක්ම තම අත් ඔරලෝසුව දෙස බලමින් වරෙක ක්ලෝක්ටවර් එක දෙස බලමින්ද සනිරු එනතුරු මායා නොඉවසිල්ලෙන් බලා සිටියාහ.. මායා තුළ වූ නොඉවසිල්ල සැනසිල්ලක් බවට පත් වූයේ කහ ඉර මැදින් පාරේ මෙහා පැත්තට විත් මාතලේ බස් නැවතුම්පළ දෙසට පැමිණෙන සනිරු දැකීමෙන් පසුවය..

    ඇයි සනිරු ඔයා එන්න වෙලා ගියේ..? මම කොච්චර වෙලා බලාගෙන හිටියද..?

    ඉතින් මායා.. මම එනවා කිව්වෙ අටටනෙ.. දැන් වෙලාව බලන්න කීයද කියලා.. සනිරු පැවසූ පරිදි හරියටම අටට පැමිණි බව මායාට පැවසුවේ අත් ඔරලෝසුවේ වේලාව අට වී තිබූ බව පෙන්වමිනි..

    හරි.. හරි.. මම ආවෙ 7.30 ට.. ටිකක් කලින් ආවෙ ඔයා මග ඇරෙයි කියලා.. ඉතින් ඔයාටත් ටිකක් කලින් එන්න තිබ්බනෙ.. මායා තුළ තමා කෙරෙහි ඇති උනන්දුව, පැහැදීම කොතෙක්ද යන්න මෙයින්ද වටහා ගැනීමට සනිරුට හැකි විය..

    මට සමාවෙන්න මායා.. ඇතත්ටම මටත් තිබුණෙ ටිකක් කලින් එන්නයි.. ආයෙ එහෙම වෙන්නෙ නෑ.. සත්තකටම හොදද..? දැන්වත් පොඩ්ඩක් හිනාවෙන්නකො.. ප්ලීස්.. සනිරු මායාගෙන් සමාව ගැණුනේ ඔහු ඇයට ආදරය පාන තරමටම ඇයද මිතුරෙකු ලෙසට එම ප්‍රමාණයටම හෝ ඉන් එහාට තමා ඇසුරු කිරීමට මුල පුරා ඇති බැව් අවබෝධ වුණු හෙයිනි..

    අනේ සනිරු..! ඔයා මට සමාවෙන්න.. ඇත්තටම ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්.. වැරැද්දක් කරලා නැති වුණත් සමාව ගන්නවා.. මෙතන මමයි වැරැද්ද කළේ.. ඒත් ඔයා.. මට සමාවෙන්න සනිරු.. සැබැවින්ම සනිරුගෙන් ඇය සමාව ගැනීමට තරම් බරපතල වරදක් නොකලත් ඇය දෙවරක්ම ඔහුගෙන් සමාව ගැණුනේ ඇය තුළ මිත්‍ර සබදතාවයකට වඩා ඉක්ම ගිය සංසාරගත සෙනෙහෙවන්ත සැබැදියාවක් ඇති බව උද්දීපණය කරමිනි..

    දැන් සමාව ගැනිල්ල නතර කරමු මායා.. මෙතන අපි දෙන්නම වැරදිනෙ..

    මේ ඇත්තමයි සනිරු.. ඇත්..තමයි.. ඔයා වගේ යාළුවෙක් ලැබෙන්න මම ගොඩා..ක් වාසනාවන්තයි.. ඇයගේ සුපුරුදු හසරැල්ල යළිත් මතුවිය..

    තැන්ක්යූ මායා..

    ඇයි ඒ..?

    ඔයාගෙ හිනාවට..

    ඔයාගෙ අහිංසකකමට මගේ මේ හිනාව ඔයාට තෑග්ගක්.. තියා ගන්නවද..?

    ඔව්, හැමදාටම..

    සනිරු පවසන පුංචි පුංචි දේවල් හී පුදුමාකාර ළෙංගතුකමක් තමා තුළ ඇති කරන බව මායාට දැනෙන්නටප ටන් ගැනුණත් ඒ ළෙංගතුකම තමාට ඇරයුම් කරන්නේ කුමකටද යන්න කෙරේ ඇය තුළම වික්ෂේපයක් කරන්නට විය.. තමා තුළ මෙවැනි ළෙංගතුකමක් ඇති කරන්නට තරම් සනිරු පවසන දේවල් හී ගැව්බ ඇත්තේ මොනවද..? කිසිදාක නොසිතපු, නොදැනුණු ආකාරයේ සැහැල්ලු බවක්, සතුටක්, නැවුම්බවක් ඒ පවසන දේවල් වලින් දැනෙන්නට ගන්නේ ඇයි..? සනිරුගේ වදන් මායාගේ සිත කල්පනාවට යොමු කරන්නට විය..

    හලෝ.. මොනවද කල්පනා කරන්නෙ..? පරක්කු වෙනවා.. ඉක්මනට යමු..

    කල්පනා කරමින් උන් යාමා එකපාරටම හරි.. හරි.. කියමින් සනිරු සමග පැණිදෙනිය බස් නැවතුම්පළට ගියහ..

    සරසවිගම බසයකට ගොඩවුණු සනිරුට සහ මායාට හිද ගැනීමට අසුනක් තිබුණේ බසයේ දකුණු පස අසුන් පෙළෙහිය.. බසයේ යාම සදහා ටිකට් පත් බලා ගැනීමට සූදානම් වූ සනිරුට මායා දික්කල පනහේ නෝට්ටුව ඔහුගේ අතේම තැබීය..

    මායා ඔයාට පිස්සුද..? මම ටිකට් ගන්නම්.. ඔයා සල්ලි තියාගන්න.. සනිරු මායාගේ මුදල් ප්‍රතික්ෂේප කළත් අවසානයේදී ඇයගේ බල කිරීම නිසාම එම මුදල් ඔහුට ගැනීමට සිදුවිය..

    නෑ.. නෑ.. ඔයා මගේ සල්ලි වලින්ම ටිකට් ගන්න ඕනි.. නැත්නම් මම ඔයත් එක්ක තරහ වෙනවා..

    හරි හරි දෙන්නකො.. ඇත්තටම ඔයා මගෙත් එක්ක තරහා වෙනවද..? එහෙම වුණොත් මට මාවත් එපා වෙයි මායා.. සනිරු බසයේ ජනේලයෙන් එපිට බලා ගනිමින් එලෙස කීවේ මායා දෙස නොබලා බලමිනි..

    ඇයි සනිරු ඔයා එහෙම කියන්නෙ..? සනිරුගේ සිතේ යමක් සගවී ඇත්ද එය දැන ගැනීමේ අදහසින් මායා ඇසීය..

    නෑ නෑ මායා, මොකුත් නෑ.. ඔයා මගේ යාළුවනේ.. ඉතින් ඔයා තරහ වුණොත් මගේ හිතට දුකක් දැනෙයිනෙ.. ඒකයි එහෙම කිව්වෙ..

    ඔයාගෙ හිතට දැනෙන දේමයි මටත් දැනෙන්නෙ සනිරු.. ඔයා වගේ යාළුවෙක් මට නැති වුණොත්.. ඇතත්මයි ආයෙ ඔයා වගේ කෙනෙක් මට ලැබෙන්නෙ නැති වෙයි..

    මට සමාවෙන්න මායා.. ඇත්තටම මම බොරුකාරයෙක්.. ඇත්තම කිව්වොත් මම ඔයාව රවට්ටනවා මායා.. ඒ රවට්ටන්නෙ ඔයාගෙ ජීවිතයට බලපෑමක් කරන්න නෙමෙයි.. ඔයාට මම ආදරය කරන නිසා.. මම එහෙම හැසිරෙන්නෙ මායා.. මට බයයි මගේ හදවත ඉල්ලන ආදරයට ඔයාගෙ ප්‍රතිචාරය මගේ මුළු ජීවිතයට අදුරු කරයි කියලා.. ඒකයි මගේ හදවතේ තියෙන ආදරය හංගගෙනම යත් එක්ක මෙහෙම හැසිරෙන්නෙ.. ඒත්.. මට මගේ ආදරය තවත් හිතේ හිරකරගෙන ඉන්න බෑ.. මම ඔයාට ඉක්මනටම කියනවා මායා.. ඒ මගේ ආදරය.. බසයේ ඉදිරිය දෙස බලා හිදිමින් සිටි නසිරු තම සිතැගි හැගුමන් වදනට පෙරලා හදවතින්ම මිමිණුවේය..

    නිසල ඉරියව්වෙන් කල්පනා කරමින් උන් සනිරු දෙස බැලූ මායා ඔහුමේ තරම් දුරට කල්පනා කරන්නට යම් හේතුවක් වේද එය කියැමි කියා උපකල්පනය කිරීමට උත්සාහයක් දෙසට ඇයද මොහොතකට ඒ පිළිබදව සිතන්නට වූවාය..

    ඇත්තටම සනිරු මගේ හිතේ හිතට නිරායාසයෙන්ම ආව ඒ ප්‍රබෝධමත් පැහැසර සිතුවිලි.. මේ විදියට සනිරු කල්පනා කරමින් හිතන ඒ දේත් එක්ක මොකක් හරි බැදීමක් තියෙනවද..? ඒ මොකක්ද..? දෙවියනේ..! ඇයි මට මෙහෙම දැනෙන්නෙ..?

    දෙදෙනාම කල්පනාකාරී සිතුවිලි වලින් සිත පුරවාගෙන බසයෙන් බැස විශ්ව විද්‍යාලය තුළට යන විට තම යහළුවන්ද පැමිණ සිටියහ..

    ප්‍රදීප්.. අර බලපන් අද දෙන්නා එකටම එනවා.. වැඩේ හරිද දන්නෙ නෑ.. තමන් දෙසට පැමිණෙන සනිරු සහ මායා දෙස බලමින් චතුර එලෙස පැවසුවේ ඔවුන් කතා කරමින් සිටි කතාවද පසෙකට දමාය..

    නියම කපල් එක බලපන්කො.. මායාගෙ මුහුණෙ තියෙන ඉහවහා ගිය සතුට විතරක්.. අසීමාන්තික සංතෘපත්තියෙන් විකසිත වූ මායාගේ මුහුණෙ ප්‍රබෝධය දැක ප්‍රදීප් ලතම යහළුවන්ට පෙන්නුවේය..

    සනිරු සහ මායා තම යහළුවන් සමීපයට පැමිණි සැණින් සියලුම දෙනා ඔහුට සහ ඇයට ගුඩ් මෝර්නිං කියා ඇමතුවේ මද හසරැල්ලක්ද එක් කරමිනි..

    ගුඩ් මෝර්නිං.. ගුඩ් මෝර්නිං.. ඔවුන්ටද පැවසූහ..

    පෙර දිනයේ තුෂාරි මායාත් සමග යාමට නොහැකි වූ නිසා ඒ පිළිබදව විමසීමට ඇයට අමතක නොවීය..

    ඇයි තුෂාරි අක්කෙ ඔයා ඊයෙ මට නොකියම ගියේ..

    අනේ මායා..! මම දර්ශනිත් එක්ක පොඩි හදිස්සියක් වෙලා කලින් ගියා.. ඔයාට සනිරු කිව්වෙ නැද්ද..? මායාට පෙනෙන්නට සනිරු දෙස රවා බලමින් තුෂාරි ඇයගෙන් ඇසීය..

    නෑ.. නෑ.. සනිරු මට හැම දෙයක්ම කිව්වා.. ඒත් ඔයා කිව්වෙ නෑනෙ.. ඒකයි මම ඇහුවෙ.. ඊයෙ මම එනකම් සනිරු ගොඩක් වෙලා බලාගෙන ඉදලා.. මගේ ළගට ඇවිත් කතා කරනකම් මම දන්නෙම නෑ.. තුෂාරි සනිරුට බැණ වදිතියි සිතූ නිසා ඒ බව මායා ඉක්මණින් පැවසීය..

    ඇයි මායා ඔයා බය වුණාද මම සනිරුට කෑගහයි කියලා..?

    තුෂාරි ඇසූදෙයට මායා කිසිත් නොපවසා නිහඩව හිස පහතට කර ගත්තාය.. සැබැවින්ම සනිරුට විරුද්ධව යමෙකු කතා කිරීමට ඇයගේ සිත පසුතැවිලි වීමට තරම් හේතුවක් වූයේ ඒ තරමටම ඇය ඔහු කෙරෙහි මිතුරෙකු විලසින් හෝ ඉන් එපිටට බැදුණු වෙනත් ළෙංගතු සබැදියාවකින් ඇසුරු කරනන්ට වූ නිසාය..

    මායා.. අදත් මට ඔයත් එක්ක හවස යන්න වෙන්නෙ නෑ.. මොකද අදත් දර්ශනිත් එක්ක යන්න වෙනවා.. පෙර සේම සනිරු පැවසූ එම බොරුව තුෂාරිද පැවසීය..

    කමක් නෑ තුෂාරි අක්කෙ.. වසන්තිකා ඉන්නවනෙ.. අනික සනිරුත් ඉන්නවනෙ.. සනිරු දෙස මායා තම ඇස් දෙක යටට කර බලමින් පැවසීය..

    ඔයා කොහොමද දන්නෙ මායා සනිරු ඉදියි කියලා.. සනිරු දෙස බලමින් චතුර පැවසීය..

    එයා ඉන්නවා කියලා මම දන්නවා.. මොකද එයා මගේ යාළුවා.. ඔයා ඉන්නවා නේද සනිරු..? සනිරු පිළිබදව දැඩි විශ්වාසයකින් මායා සිටියත් ඒ මොහොතෙහි ඔහු කුමක් පවසාවිදැයි යන අවිශ්වාසයෙන් බියට පත්වූවාය..

    චතුරු දෙස බැලූ සනිරු ඇය කියූ දෙයට පිළිතුරක් ලෙසට හසරැල්ලක් පා කළේ ඇය තුළ තමා කෙරෙහි ඇති විශ්වාසය නොබිදමිනි..

    දැක්කනේ.. සනිරු දෙස බැලූ මායා තුටු සිතින් චතුරට පැවසීය..

    හරි.. හරි.. අපිත් දන්නවා සනිරු ඉන්නවා කියලා.. විහිළුවක් කළේ ගණන් ගන්න එපා.. ඒ වුණාට පුදුම යාළුකමක්.. හම්බ වෙලා දවස් කීයද..?

    ඇයි හොද කෙනෙක් යාළුවෙක් විදියට පිළිගන්න සති ගාණක් මාස ගාණක් අවුරුදු ගාණක් ඕනද..? මට නම් එක මොහොතක් ඇති.. ඒකනේ මට සනිරු වගේ කෙනෙක් ලැබුණෙ..

    අම්මෝ.. මෙයාට හිතෙන දේවල්.. මම නම් හිතුවෙ නෑ මායා ඔය තරමටම හිතනවා කියලා.. ඇතත්ටම මායා ඔය විදියට බහිතන්න ගත්තෙ කවද ඉදලද..? පුදුමයෙන් මෙන් තුෂාරිගේ වදන් පෙළ පිටවිය..

    ඇයි එහෙම අහන්නෙ තුෂාරි අක්කෙ..? මගේ හදවතට අවංකවම දැනෙන දේ තමයි මම මේ කියන්නෙ..

    හරි.. හරි.. මායා මම දන්නවා ඔයා ගොඩක් අවංකයි කියලා.. ඒත් ඔයා දැන් ඊටත් වඩා අවංක වෙලා කියලා මට හිතෙනවා.. ඇත්තමයි..

    අනේ අම්මේ.. හොදටම වෙලා ගිහින්.. දැන් මම යන්නම්.. වසන්තිකා බලාගෙනත් ඇති.. සනිරුට යන්නම් නොකීවත් මායාගේ හදවතින් එය පැවසූ බව ඇයගේ ඉරියව් වලින් සනිරුට හැගී ගියේය..

    ටික දුරක් ගොස් නැවත ආපසු හැරී මායා තම දෙනෙත් පා කළේ වෙන කිසිවෙකුටත් නොව සනිරු වෙතට බව ඔහුටත් ඔහුගේ යහළුවන්ටත් තේරුම් ගියහ.. ආපසු හැරී මායා නැවත තමන් දෙස බැලීම සනිරු බලාපොරොත්තුවෙන් සිටි බව ඔහුගේ මුවින් පිළිබිඹු විය..

    සනිරු ඊයෙ මොක වුණේ..? මායා තමන්ට පොනෙනී යන්නටත් ප්‍රථමයෙන් ප්‍රදීප් එලෙස ඇසුවේ පෙර දිනයේ සිදු වූ දේවල් දැන ගැනීමටය..

    ම්.. ගොඩක් දේවල් වුණා මචං.. කොතනින් පටන් ගන්නද කියලා මට තේරෙන්නෙ නෑ.. පෙර දිනයේ මායාත් සමග කතා කළ දේවල්, සිදුවුණු දේවල් තම යහළුවන්ට පැවසීම සදහා ආරම්භයක් ගැනීමට පවා සනිරුට අපහසු විය..

    මොනවා හරි කියපන්කො බං.. ඔවුන් දෙදෙනා අතර සිදුවුණු දේවල් වලින් ඇබිත්තක් හෝ දැන ගැනීමේ අදහසින් චතුර ඇසුවේය..

    හා.. මම එයාට කිව්වා මීට පස්සෙ සනිරු කියලා කතා කරන්න කියලා.. එයත් කිව්වා මායා කියලා කතා කරන්න කියලා.. ඒ මොහොතේ සිහියට නැගුණු එක් මතකයක් පමණක් සනිරු තම යහළුවන්ට පැවසුවේය..

    ඒක තමයි අද කට පුරාම සනිරු සනිරු සනිරු කියලා කිව්වෙ..

    ඒක ඇත්ත දර්ශනී..

    නියමයි මචෝ.. උඹ කෙළින්ම ට්‍රැක් එකට පැනලා.. උඹට ඕනම උදව්වක් අපි කරන්නම්.. ප්‍රදීප්ගේ එම උද්යෝගී ප්‍රකාශයෙන් සනිරුට තව තවත් ධෛර්යයක් ලැබුණි..

    ඒ වුණාට මචං මම මායව රවට්ටනවා කියලා මට හිතෙනවා..

    ඔයාට පිස්සුද සනිරු..? යාළුවෙක් විදියට ආශ්‍රය කරලා ඔයාගෙ ආදරය එයාට කියන එක රැවටීමක් වෙන්නෙ කොහොමද..? අනික මායාට දැන් දැන් තේරෙනවා ඇති ඔයා කියන දේවල් වල, කරන දේවල් වල මොකක් හරි දෙයක් තියෙනවා කියලා.. මොකද එයාටත් කල්පනා කරන්න මනසක්, හිතන්න හදවතක් තියෙනවා සනිරු..

    තුෂාරි කියන දේ සියයට සීයයක් හරි.. උඹ වැරදි නෑ මචං.. මේ හැම දෙයක්ම උඹ කරන්නෙ මායට තියෙන ආදරේ නිසානෙ..

    ඔව්, ඒත්..

    ඒත් මොනවද..? මේ අහපන්.. උඹ බොරුකාරයෙක්වත්, රැවටිලිකාරයෙක්වත් නෙමෙයි, උඹ මචං.. අවංක පෙම්වතෙක්.. තමා පිළිබදව අවතක්සේරුවෙන් සිතූ සනිරු නිවැරදි යැයි කියා සනාථ කිරීමට ප්‍රදීප් උත්සුක විය..

    චතුර මොනවද කල්පනා කරන්නෙ..?

    මේකයි තුෂාරි.. හවස මායත් එක්ක වසන්තිකා යනවනේ..

    ඉතින් අපි එයාට මේක කියමු..

    එහෙනම් ප්‍රදීප් ඔයා එයාට කියනවද..?

    අනිවා මූ හින්දා කියන්නම වෙනවනේ..

    අනතුරුව සනිරු සහ අනෙකුත් යහළුවන් දේශන වලට ගිය අතර ප්‍රදීඵ් තනියම වසන්තිකා හමුවීමට ඔවුන් සිටි ස්ථානයට ගියේය.. සනිරුගේ වාසනාවට වගේ එම මොහොතේ වසන්තිකා පමණක් එතැන සිටියාය..

    වසන්තිකා.. පොඩ්ඩක් මෙහාට එනවද..? පණිවිඩයක් කියන්න තියෙනවා.. පොතක් බලමින් සිටි වසන්තිකාට ප්‍රදීප් පැත්තකට කතා කළේය..

    ඇයි ප්‍රදීප්, මොනවද කියන්න තියෙන්නෙ..?

    මේකයි.. ඔයා සනිරුගෙ කේස් එක දන්නවනේ..?

    ඔව් එදා මට දර්ශනී අක්කා ඒ ගැන ටිකක් කිව්වා.. ඉතින්.. කියමින් ඇය ප්‍රදීප් පැවසීමට ගිය දෙය පිළිබදව විමසන්නට විය..

    අද හවස මායා ඔයත් එක්කනෙ යන්නෙ.. ඉතින් ඔයා කොහොම හරි එයාව මග හරින්නන ඕනෙ.. මොකද අද සනිරු හැම දෙයක්ම මායට කියන්නයි යන්නෙ.. අපි හිටියොත් දෙන්නටම ඩිස්ටර්බ්නෙ.. ඔයාට තේරෙනවනේ වසන්තිකා..

    හරි.. හරි.. මම කොහොම හරි ඒක කරන්නම්.. බය වෙන්න එපා..

    ඉනික්බිතව ප්‍රදීප්ද තම දේශන වලට සහභාගී වීම සදහා ඉක් ඉක්මන්ව ශාලාවට දිව ගියේය..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    06.png


    එදින සවස දේශනය අවසන් වීමෙන් අනතුරුව සනිරු තම යහළුවන්ට සමු දී පෙර දිනයේ පරිදිම බස් නැවතුම්පළට වී මායා එනතුරු බලා සිටියේය.. විනාඩි විස්සක් පමණ මායා එනතුරු බලා සිටි මොහොතේ කෙසේ හෝ තම හදවතේ ඇයට තිබෙන ආදරය පැවසීමට සනිරු අදිටන් කර ගත්තේය.. තව තවත් හදවතේ පමණක් ආදරය සගවා තබා ගැනීමෙන් ඵලක් නොවන බැව් තේරුම් ගත් සනිරු තම ආදරය ඇයට ප්‍රකාශ කිරීමට තීරණය කළේය.. ඔහුගේ එම තීරණය පාරෙහි දකුණු පසින් බස් නැවතුම්පළ දෙසට පැමිණෙන මායා තම නෙත ගැටීමෙන් තව තවත් දැඩි වන්නට විය..


    සනිරු මම එන්න වෙලා ගියේ නෑ නේද..?


    එච්චර වෙලා ගියේ නෑ මායා.. අනික ලෙක්චස් ඉවර වෙනකම් ඉන්න එපෑය..


    බලන්නකො.. අදත් තුෂාරි අක්කා එන්නෙ නෑ කිව්වා.. වසන්තිකත් අද මාමලගෙ ගෙදර යනවා කිව්වා.. කමක් නෑ, මොනවා කරන්නද..? ඔයා ඉන්නවනේ.. ඒ හින්දා හොදයි.. නැත්නම් මම තනියෙමනෙ..


    බයවෙන්න එපා මායා.. ඔයාට මං වගේ යාළුවෙක් ඉන්නකන් තනිවෙන්න දෙන්නෙ නෑ.. එහෙම තනි වුණත් කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.. මේ ඇත්තමයි මම කියන්නෙ.. සනිරුගේ හදවතේ ගැඹුරුම තැනික් ඇති වූ එම පවිත්‍ර හැගීම මායාගේ සිත ආයේමත් ආයේමත් ඔහුගේ හදවත හා බැද තබන්නට තරම් ප්‍රාණවත් විය..


    ඔයා ඔය කියන දේවල් වලින් මගේ හිත පිරෙනවා සනිරු.. මට අමුතුම සතුටක් දැනෙන්නෙ.. ඇතත්මයි ඔයා ඔය කියන අමුතු අමුතු දේවල් හරිම ලස්සනයි සනිරු.. වා අහගෙන ඉන්නකොට මගේ ජීවිතේට, අනේ මන්දා මොකක්දෝ වගේ දැනෙනවා.. ඒක මට වචන වලට පෙරළන්න තරම් තේරුමක් නෑ සනිරු..


    යාළුවෙකුට වඩා මායා තම හදවතෙහි ආත්ම ගණනාවක සිට ජන්මයෙන් ජන්මයට බැදී එන උරුමක්කාරියක ලෙසට නැතිනම් සහකාරියක ලෙසට එසේත් නැතිනම් ආදරවන්තියක ලෙසට නවාතැන් ගෙන පැවත එන බවට දැනෙන්නට වූවෙන් එවැනි අමුතු අමුතු දේවල් පිට වෙන්නේයැයි සනිරුට සිතෙන්නට විය..


    මායා.. අපි අර අරලිය ගහ යටට යමුද..? පාරෙන් එපිට තිබුණු විශාල සෙවණකින් යුක්ත අරලිය ගස පෙන්වමින් සනිරු පැවසුවේය..


    අනේ..! ෂෝක්.. සනිරු එතන කූල් ඇති.. අපි යමු.. මායාගසෙිත සතුටින් ඉපිළ ගියේ සනිරු කියූ සැණින් පාරෙහි අනෙක් පැත්තට දෙපැත්ත නොබලා යාමට සැරසෙමිනි..


    මායා.. මායා.. බලාගෙන.. ඔන්න වාහනයක් එනවා.. සනිරු කෑ ගසා දිව ගොස් මායාගේ දකුණත අල්ලා ගනිමින් පාරේ අනෙක් පැත්තට තල්ලු කළේ ඔහුද ඇද වැටෙමිනි..


    මායා ඔයාට පිස්සුද..? මොනව හරි වුණා නම්..


    බයවෙන්න එපා සනිරු.. මොකුත් වුණේ නෑනෙ..


    නෑ තමයි.. කියමින් මායා නැගිට්ටුවා අරලිය ගස යට වූ බංකුව මත සනිරු වාඩි වූයේය..


    මට සමාවෙන්න සනිරු.. මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ.. අනික වාහනයක් එනවා මම දැක්කෙ නෑ..


    සමාව ඉල්ලලා හරියනවද මායා..? බැරි වෙලාවත් ඔයාට මොනවා හරි වුණා නම්..


    එහෙනම් මට ඔයාගෙන් සමාව ගන්නවත් බැරි වෙයි නේද සනිරු..? මොකද මම..


    විකාර දොඩවන්න එපා මායා..


    ඇත්තමයි සනිරු.. ඔයා මං ළග හිටිය නිසා මට බයක් දැනුණෙ නෑ.. අඩුම තරමෙ පාර දෙපැත්තවත් බලන්න මතකයක් තිබුණෙ නෑ.. සනිරුගේ අත අල්ලා ගනිමින් මායා ඔහු සමීපයේ වාඩි වූළුාය..


    ඔය තරම්ම මාව විශ්වාස කරන්න එපා මායා.. මොකද පැය විසි හතරෙම මට ඔයා ළගින් ඉන්න පුළුවන් වුණත් එක තත්පරයක් හරි ඔයාව මග ඇරුණොත් වෙන්න ඕනි උපරිම විනාශය වෙන්න පුලුවන්.. ඔයාම දැන් ඒක දැක්කනේ.. අනිත් එක අපිත් එක්ක ඉන්න අපේ ළගින් ඉන්න හෙවණැල්ල පවා අපිට නැති වෙන වෙලාවල් තියෙනවනෙ මායා..


    දෙනෙතෙහි කදුළු පුරවා ගත් මායා සනිරුගේ උරහිස මත තම හිත තබා හඩමින් දොඩන්නට වූවාය..


    ඇත්තටම සනිරු මං ගැන මේ තරම් දුරට හොයලා බලන්න කවුරුවත් නෑ.. කොටින්ම කියනවා නම් අම්මා තාත්තටවත් මං ගැන ගාණක් නෑ.. ඒත් ඔයා.. මේ තරම් උනන්දුවෙන් මේ තරම් කැපවීමෙන් මං ගැන හිතන එක මට දරාගන්න බෑ සනිරු.. ඔයාගෙ ජීවිතේ ගැනවත් නොහිතා මගේ ජීවිතේ බේරග්නන තරම් ඔයාගෙ හදවත මොන තරම් කරුණාවන්තද..? මොන තරම් නිහතමානීද.. වෙන කොල්ලෙක් නම් මේ වගේ කැපවීමක් කරන්න තියා හිතන්නෙවත් නැතිවෙයි.. ඒත් ඔයා ඒ දේ කරලම පෙන්නුවා.. ප්ලීස් සනිරු.. මං හින්දා මේ විදියට කැපවීම් කරන්න එපා.. හදිසියේවත් ඔයාට මොනව හරි දෙයක් වුණා නම්.. මම කොහොමද ඉවසන්නෙ සනිරු..? ඔයා වගේ යාළුවෙක් මට නැති කර ගන්න බෑ.. ඇතත්මයි.. මට මගේ නෑදෑයන්ට වඩා අනෙක් යාළුවන්ට වඩා ඔයාව වටිනවා සනිරු..


    මායාගේ කොපුල් තල මතින් නොකඩවා කඩා වැටෙමින් තිබුණු කදුළු බින්දු එකිනෙක සනිරුගේ අත්ල මත එකතු වන්නට විය.. සත්තකටම මේ ගලාගෙන යන කදුළු බිදු වල මුසුව තිබෙන්නේ මායාගේ හදවතට මා වෙනුවෙන් මිතුරෙකු ලෙසට හෝ පෙම්වතෙකු ලෙසට දැනුණු සෙනෙහසේ වේදනාවමනේද..?


    මායාගේ හිතේ තිබෙන දුක් කන්දරාව ඇයව වැළදගෙන සිප ගනිමින් නැත්තටම නැති කරන්නට තරම් සනිරුගේ හදවතට සුසංවේදී අවැසිකමක් දැනුණත් එය ඇයගේ වේදනාව තව තවත් වැඩි කරන්නට හේතු වෙතැයි යන හැගුම එලෙස ඔහු තුළ උපන්නේය.. එබැවින් ඇයගේ දුක අංශු මාත්‍රයක් හෝ නැති වන තුරුම ඇයට හඩන්නට සනිරු බාධා නොකළේය.. පිරිමියෙකුගේ උරතලය මත ගැහැනියෙකුගේ හිස තබා ගනිමින් ඇයගේ දුක් දොම්නස් විලාප දෙමින් පවසන්නට තරම් ඔහු ඇයට ශක්තියක් වේ නම් එය ඇයගේ තැවෙන හදවත, බිදුණු මානසිකත්වය යළි සොම්නසින් දළුලන්නට සහේතුවක් වන බව දැඩි සේ සනිරු විශ්වාස කළේය..


    සනිරු මට සමාවෙන්න.. මම ඔයාට එන්න එන්නම කරදරයක් වෙනවා නේද..? සනිරුගේ උර තලයෙන් හිස ඉවතට ගනිමින් මායා පැවසීය..


    යාළුවෙකුට යාළුවෙක් කරදරයක් වෙන්නෙ කොහොමද මායා..? ඔයා මගේ යාළුවා.. ඉතින් ඔයා මට කරදරයක් වෙන්න බෑනෙ..


    මද සිනාවකින් මායාගේ මැළැවුණු මුහුණ යලිත් විකසිත වන්නට පටන් ගැණුනේ සනිරු දෙස බලා හිදිත්මය..


    මෙම මොහොත තම ආදරය මායාට පැවසීමට සුදුසුම අවස්ථාව නොවුණත් නැවතත් මෙවැනි අවස්ථාවක් උදා නොවෙතැයි සිතූ සනිරු ඒ බව ඇයට පැවසීමට තීරණය කළේය..


    මායා මම ඔයාගෙ පවුලේ විස්තර මොකුත් දන්නෙ නෑනෙ..


    ඔයාට මොනවද දැනගන්න ඕනෙ සනිරු..?


    ඔයා කැමති ඕනම දෙයක් කියන්න මායා..


    මට කැමතියි අකමැතියි කියලා දෙයක් නෑ සනිරු.. මම ඔයාට හැම දෙයක්ම කියන්නම්.. මගේ තාත්තා සල්ලි හම්බකරන්න ආස කෙනෙක්.. එයා හැම බිස්නස් එකක්ම කරනවා.. ලොකු ලොකු අය තමයි ආශ්‍රය කරන්නෙ.. වෙලාවකට මට එයාගෙ වැඩ එපාත් වෙනවා..


    එතකොට අම්මා..


    අම්මා ටීචිං කරේ.. දැන් රිටයර් වෙලා ගෙදර ඉන්නවා.. හැබැයි අම්මා නම් තාත්තා වගේ නෙමෙයි..


    අයියෝ.. සනිරු, ඔයාගෙන් මම මොකුත් ඇහුවෙ නෑනෙ.. ඉතින් ඔයත් කියන්නකො ඔයා ගැන..


    මම සාමාන්‍ය පවුලක හැදුනු දුප්පත් කොල්ලෙක් මායා.. සනිරු ඒ බව මායාට පැවසුවේ ඒ තුළින් ඇයගේ අනුකම්පාව දිනා ගැනීමට නොව තම සත්‍ය තත්වය ඇයට පැවසීම අවැසි වූ බැවිණි..


    මම ඇහුවද ඔයා දුප්පත්ද පොහොසත්ද කියලා සනිරු..? නෑ නේද..? එහෙනම් ඇයි ඔයා අපේ යාළුකම අතරට ඔය වගේ වැඩකට නැති පවුරක් බදින්න හදන්නෙ..? සල්ලි වලින් නෙමෙයි මිනිස්සු මනින්නෙ සනිරු.. හදවතයි යහපත් දේවල් වලින් පොහොසත් වෙන්න ඕනි.. අපේ තාත්තට වඩා ඔයා ගොඩක් පොහොසත් සනිරු.. ඒ නිසයි මම ඔයාට කැමති.. තේරුණාද..?


    සනිරු මායාගේ පවුලේ විස්තර දැන ගැනීමට උවමනාවක් නොතිබුණත් තම සිතේ සිතෙබ ආදරය ඇයට එකවරම පැවසීම අපහසු නිසා එවැනි දේවල් අසන්නට සිත්විය.. නමුත් තවත් ඔහුට තම ආදරය හදවතේ සගවා තබා ගැනීමට නොහැකි විය..


    මායා මම ඔයාට ඇත්තම ඇත්තක් කියන්නද..? ඔයා පිළිගත්තත් නැතත් ඒක තමයි ඇත්තම ඇත්ත..


    ඉතින් සනිරු කියන්න.. මම ඇසයි ඒ ඇත්තම ඇත්ත සත්තකටම දැනගන්න..


    මායා මම.. ඔයාට.. ගොඩක් ආදරය කරනවා.. තම සිතැගි ප්‍රේමය සැණින් ඇයට පැවසීමට නොහැකි වූවත් කෙසේ හෝ අවසානයේදී ඒ බව සනිරු ප්‍රකාශ කළේය..


    සනිරු ඔයා මොනවද මේ කියන්නෙ..? මේකද ඔයාගෙ ඇත්තම ඇත්ත.. මට නම් හිතාගන්නවත් බෑ.. සනිරුත් සමග වාඩි වී සිටි බංකුවෙන් නැගිට ඔහු දෙස නොබලාම මායා එලෙස පැවසීය..


    ප්ලීස් යාමා.. මාව විශ්වාස කරන්න.. මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරය කරනවා.. ඇත්තටම ඒ ආදරය වචනයෙන් කියන්න බැරි තරම් මායා..


    සනිරු තමාගේ ජීවිතයටත් වැඩියෙන් මායාට ආදරය කරන බව ඇයට අමුතුවෙන් පවස්නනට තරම් දෙයක් නොවීය.. වාහනයට හැපෙන්නට නොදී සනිරුගේද ජීවිතය නොසලකා ඇයගේ ජීවිතය බේරා ගැණුනේ සැබැවින්ම ඔහුගේ ජීළුිතයට වඩා තමාට ආදරය කරන නිසාම දැන් දැන් මායාට හැගෙන්නට විය.. සනිරු වාගේ අහිංසක යහපත් කොල්ලෙකු අවංක ආදරය ලැබීමට තරම් මායා වාසනාවන්තියක් නොවුණේ ඇයගේ පියා තුළ වූ මුදල් තන්භාව, නම්බුව නිසා බව එම මොහොතේ දී හැගෙන්නට විය..


    පෙර දිනයන්හී සනිරු පැවසූ දේවල් හැසිරුණු ආකාරයෙන් පිළිබිඹු වූ දේවල් වලින් එය ප්‍රේමය යැයික ියා මායාට නොහැගුණේ ඒ බව ඔහු සෘජුවම නොපැවසූ නිසාය.. එහෙත් ඇයගේ හදවතෙහි එක් තැනක හෝ සනිරු තමාට ආදරය කරන බව ඇයටද නොදැනීම ගැබ්ව තිබිණි.. නමුත් ඇය ඒ බව නොවිමසා නිහඩව උන්නේ තම අසරණකම නිසාමය..


    මම දන්නවා සනිරු.. ඔයා මට ගොඩක් ආදරය කරනවා කියගා.. මහමෙරක් තරමට ඔයාගෙ හදවතේ තියෙන ඒ ආදරය හැම මොහොතකදීම මට දැනෙනවා සනිරු.. ඒත් ඒ ආදරය විදගන්නට තරම් මම වාසනාවන්තියක් නෙවෙයි රත්තරන්.. ඔයාගෙ හදවතේ හංගගෙන කියපු දේවල් මොනවද කියලා මම දන්නවා සනිරු, මම දන්නවා.. ඔයා මට මොන තරම් ආදරය කරනවද මමත් ඊටත් වැඩියෙන් ඔයාට ආදරය කරනවා මගේ සනිරු.. ඒත් මම අසරණයි සනිරු.. දෙනෙතෙහි කදුළු පුරවා ගනිමින් තම හදවත තමාටම කතා කරන්නට විය..


    සනිරු මායාට ආදරය කරන ප්‍රමාණයටත් වැඩියෙන් මායාද සනිරුට මේ මිහිතලය මත තිබෙන වැලි කට තරමට, මහ සයුරේ ඇති ජලස්කන්දය තරමට, අහස් කුසෙහි පායන තරුකැට තරමට ආදරය කරන බව සගවා ඉන්නේ තම ආත්මාර්ථකාමී පියාගේ අණසකට කීකරුවීමක් වශයෙනි.. එහෙත් විස ඇති තුඩකින් ශරීරගත වූ සියමු වේදනා දහරාවකින් මෙන් දුක් විදීමට සිදුව ඇත්තේ සොදුරු ප්‍රේමයේ මිහිරියාව විද ගැනීමට නොහැකිව ළතැවෙන අවිහිංසක හදවත් දෙකකටය..


    සනිරු සහ මායා කතා කරමින් සිටි මොහාතේ සුදු පාට මෝටර් රථයක් තරමක් ඔවුන් පසු කොට ගොස් නතර කර ඔවුන් දෙස බලා සිටි අතර ඒ බවක් සනිරුවත් මායාවත් නොදත්හ..


    ඒ.. මචං අර මායා නේද.. කොල්ලෙක් එක්ක ඉන්නෙ..?


    ඔව්මයි මචං.. රකිතයට මේකිව හදාගන්න බෑනෙ..


    යමං රකිතට ගිහින් කියමු.. නැත්නම් ඌට හුළං තමයි..


    මායා විවාහ කර දීමට සිටින රකිතගේ යහළුවන් දෙදෙනෙක් සනිරු මායාත් සමග කතා කරමින් සිටි බව දුටු අතර එය තවත් සනිරුගේ ආදරයට බාධාවක් ලෙසට ආරම්භ විය..


    තව තවත් සනිරුගේ හදවතෙහි මෝරා වැඩෙන අවංක ආදරයේ සිතිවිලි අසන්නට තරම් මායාට ධෛර්යයක් නොවීය..


    සනිරු මම යනවා.. ඇය හඩමින් කීවාය..


    ඇයි මායා අද විතරක් හදිසි..? ඊයෙ ඔයාට මෙහෙම හදිසික් තිබුණෙ නෑනෙ..


    මට හදිසියක් නෑ සනිරු.. ඒත් මට යන්න ඕනි.. මොකද මට බෑ.. ඔයාගෙ කටින් පිටවෙන දේවල් අහගෙන ඉන්න..


    එහෙම අහගෙන ඉන්න බැරි නම් ඇයි මේ ඇස්වල කදුළු..? ඇයි මේ ඔයා අඩන්නෙ..? මට කියන්න මායා.. මට කියන්න..


    මං දන්නෙ නෑ.. මං දන්නෙ නෑ.. සනිරු කෙරෙහි තිබෙන ආදරය ඇය සගවා ගැනීමටම උත්සාහ දැරීය..


    ඔයාදන්නවා මායා ඔයා දන්නවා.. ඔයා මට ආදරයක රනවා කියලා.. පුළුවන් නම් මගේ ඇස් දෙක දිහා බලාගෙන ඔයා මට ආදරය කරන්නෙ නෑ කියලා කියන්න..


    මට බෑ සනිරු, මට බෑ.. මම යනවා.. හඩා වැළපෙමින් ඇය පාරේ අනෙක් පැත්තට දිව ගියේ සනිරුගේ මුහුණ දෙස බලා කිසිදු දෙයක් පැවසීමට නොහැකි වූ නිසාය..


    මායා පොඩ්ඩක් ඉන්න.. මාත් එනවා.. සිත් වේදනාවෙන් මායාට කුමක් හෝ අනතුරක් වේදැයි සිතූ සනිරු බියට පත්විය..


    එපා.. එපා.. මම තනියම යන්නම්..


    සනිරුගේ මුහුණ දෙස බැලීමට තරම්වත් ශක්තියක් නොතිබුණු මායා ඒ මොහොතෙහි පැමිණි බසයට නැග ගන්නට වූවාය..


    එදා රාත්‍රියේ මායාගේ පේමයේ වියෝවෙන් දැවෙන සනිරුගේ හදවතට මොහොතකටවත් සැනසිල්ලක් උදා නොවීය.. සැරින් සැරේ ඇයත් සමග ගත කළ කෙටිකාලයේ සොදුරු මතකයන් එකිනෙක පෙළගැස්වී මැවී පෙනෙන්නට විය.. එම මතකයන් තුළින් ඇය සිනාසුණු ආකාරය, ඉගිබිගි කළ ආකාරය, දෙනෙත් අඩවන් කරමින් තම හදවතට නැවුම් ප්‍රබෝධයක් බලා දුන් ආකාරයට ඔහුට මැවෙන්නට විය.. ඇදෙහි දකුණැලයට හැරුණත් වම් ඇලයට හැරුණත් මුණින් අතට හැරුණත් ඒ සෑම මොහොතකම අන්ධකාරය තුළින් ඇයගේ මුව මඩල තම දෙනෙත් අභියස මැවී පෙනෙන්නට විය.. එදා රාත්‍රිය සනිරුට නොනින්ද රැයක් විය..


    සනිරුගේ ආදරය පිළිගැනීමට මායා තුළ කිසිදු විරුද්ධත්වයක් නොවීය.. නමුත් ඇයගේ අසරණකම නිසා එම ආදරයට ඇයට පිටුපාන්නට සිදුවිය.. කෙසේ වෙතත් මොහොතින් මොහොත සනිරුගේ ඡායාම මායා තුළ මායාවක් මෙන් සැරිසරන්නට විය.. එදා රාත්‍රියේ සනිරුගේ මෙන්ම මායාගේද නින්ද සොරා ගැනුණේ එකිනෙකා කෙරෙහි ඇති මහා සාගරය තරම් වූ ආදරය විසින්මය..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    07.png


    ඇස් පිහාටු තුළ පුංචි වැලි කැටයක් රැදී ඇති විටෙක දැනෙනා සියුම් වේදනාවටත් වඩා අති සියුම් ලෙස ඉතාමත්ම වේදනාත්මකව එදා රැය පහන් කළ සනිරු පසුදා විශ්ව විද්‍යාලයට පැමිණියේ ද එම සිතු තැවුළ හදවත තුළ තබාගෙනය.. සිමාවක් නොමැති කෙළවරක් නොමැති එම වේදනාව ඔහුගේ මුවින් පිට වෙත්ම එය ඔහුගේ මිතුරන්ටද තේරුම් ගැනීමට හැකි විය..

    සනිරු මොකද මචං වුණේ..? ඊයේ උඹලගෙ මූණෙ තිබ්බ එළිය අද නෑනෙ මචං.. සනිරුගෙ මුහුණ දෙස බැලූ ප්‍රදීප් අනෙකුත් යහළුවන් දෙස බලමින් ඇසුවාය..

    ප්‍රදීප් ඇසූ ප්‍රශ්නයට කිසිවක් නොපැවසූ සනිරු නිහඩව උන්නේ මහ සයුරේ ගිලෙන්නට යන නෞකාවක් බේරා ගැනීමට නොහැකිව අසරණ වු නැවියෙකු මෙනි..

    ඇයි සනිරු මොකක්ද ප්‍රශ්නෙ කියපන්කො.. ඊයෙ මොකද වුණේ..? ප්ලීස් මචං.. හිතේ තියා ගන්නෙ නැතුව කියපන්.. සනිරුගේ සිතැති සිත් තැවුල දැන ගැනීමට චතුර ඇසුවේය..

    සනිරු තම යහළුවන්ට කිසිම දෙයක් නොසගවන නිසාත් ඔවුන් තමාගේ සම්පතම මිතුරන් නිසාත් පෙර දින සැන්දෑවේ සිදු වූ සෑම දෙයක්ම එකක් නෑර පැවසුවේය.. හඩන්නට තරම් සනිරුගේ දෙනෙත් තුළ කදුළු පිරී තිබුණත් ඔහුගේ ප්‍රේමණිය ඉවසීම නිසා එකම කදුළු බින්දුවක්වත් පිටතට ගලන්නට ඉඩ නොදුණි.. එහෙත් ඔහුගේ සෑම කදුළු බිදුවකම මායා යෙනුවෙන් උපන් ආදරයේ වේදනාව හදවත අභ්‍යන්තරයට ගලා ගොස් තව තවත් වේදනා සයුරක් ඔහුගේ හද පත්ලේ පිරෙන්නට විය..

    අනේ සනිරු ඔයා දුක් වෙන්න එපා.. තව පොඩ්ඩක් ඉවසන්න.. අනික මායා ඔයාට කැමතියි කියලා අපිටත් තේරෙනවා.. ඒත්.. කියමින් තුෂාරි නතර කළේ ඒ කියන දේවල් වලින් තව තවත් සනිරු දුකට පත්වන බව දැනුණු නිසාය..

    මේ අහපං සනිරු, මායාගේ හිතේ උඹට ආදරයක් නැත්නම් මේ තරම් ළගින් උඹව ආශ්‍රය කරයිද..? එහෙනම් අපිත් එක්කත් ඔය විදිහට ඉන්න එපෑය.. මායා උඹට ආදරෙයි සනිරු.. ඒක ඉරහද වගේ විශ්වාසයි..

    ඒක මාත් දන්නවා ප්‍රදීප්.. ඒත් එයා ඇයි ඒ දේ නොකියා ඉන්නෙ..?

    මචං කෙල්ලට පොඩි ලැජ්ජාවක් ඇති ඒ දේ උඹට කියන්න.. අනික උඹත් කොච්චර ළතැවි ළැතැවිද ඔය දේ කිව්වෙ..

    නෑ චතුර, මායගෙ හිතේ ලැජ්ජාවක් නෙමෙයි තියෙන්නෙ.. ඊයෙ මම කියපු දේවල් වලට කිසිම දෙයක් කිව්වෙ නෑ.. අඩ අඩා හිටියා මිසක්.. ඒ ඇස්වල තිබ්බෙ ආදරය සෙනෙහස.. ඒ මැලවුණු මූණෙන් පෙන්නුම් කළේ මොකක්දෝ... අසරණකමක්.. මට ඒක දැනෙනවා තේරෙනවා..

    මායා උඹට ආදරය කරනවා කියලා ඔය තරම්ම විශ්වාස කරනවා නම් ඒ ආදරය උඹට ලැබෙනවාමයි.. ඒ දේ කාටවත් නතර කරන්න බෑ.. මොකද ලෝකයේ හැම දෙයක්ම බිහි වුණේ බිහි වෙන්නෙ මේ විශ්වාසය කියන දේත් එක්කයි..

    ඇත්ත ප්‍රදීප්.. ඔයා කිව්ව දේට මාත් එකගයි.. මොකද විශ්වාසය මතයි මේ හැම දෙයක්ම පැවතෙන්නෙ..

    තුෂාරි අන්න.. මායා එනවා.. තමන් වෙතට එන මායා සහ වසන්තිකා දෙස බලමින් චතුර පැවසුවේය..

    චතුර එලෙස පවසනවාත් සමගම තුෂාරි සමීපයේ සිටි සනිරු තම කලිසම් සාක්කුව තුළ තිබූ හතරට නැමූ කොළයක් තුෂාරි අතට දුන්නේය..

    තුෂාරි.. ඔයා මේක මායාට දෙන්න.. අපි යමං.. තුෂාරි හැරෙන්නට අනෙක් සියල්ලම ශාලාව තුළට ගියහ..

    තමා මග හැර යන සනිරු දුටු මායාගේ දෙනෙත් තුළ කදුළු පිරුණේ ඉබේටමය.. පෙර දින සන්ධ්‍යාවේ සිට සිරව තිබුනු තම හුස්ම පොද තව තවත් සිරවෙන්නට වුවාය.. ඇයගේ හදවත පුරා පැතිරුණු වේදනාව සැණින් දෙනෙතින් පිට වුයේ කදුළුත් සමගය.. සත්තකින්ම මේ කදුළු සනිරු කෙරෙහි තිබෙන අනන්තය තරම් වූ සෙනෙහස පූජා කිරීමට නොහැකිව විදින වේදනාවේ සාක්ෂියක් බව මායා තාමාටම පසවා ගත්හ..

    මායා ඇයි මේ කදුළු..? මායා දෙස බැලි වසන්තිකා පැවසීය..

    නෑ.. මේ නිකං..

    නිකං කදුළු එන්නෙ කොහොමද මායා..? ඔයා ඔයාටම බොරු කර ගන්න එපා.. ඒකෙන් වේනනෙ අන්තිමට ඔයාටම දුක් විදින්නයි.. තේරුණාද..?

    වසන්තිකා පැවසූ දෙයට කිසිවක් නොපැවසූ මායා තම ලේන්සුව රැගෙන ඇස් වල තිබුණු කදුළු පිසදා ගනිමින් තුෂාරි සමීපයට පැමිණියාය..

    මායා මම යන්නම්, ඔයා එන්න..

    හා.. මම එන්නම් වසන්තිකා.. මායා තුෂාරි වෙතට ගියාය..

    තුෂාරි සමීපයට පැමිණි මායා තත්පරයක් දෙකක් යන තුරුම කිසිම වචනයක්වත් නොපවසා නිහඩව සිටියේ තව සිතේ තිබෙන දුක නිසා තුෂාරි වැළදගෙන හඩා වැළපෙන්නට සිදුවේ යැයි සිතුණු හෙයිනි.. එහෙත් එම නිහඩ බව වැඩි වේලාවක් පවතින්නට තුෂාරි ඉඩ නොතැබීය..

    මායා මම හිතුවේ ඔයාට කෙනෙකුගේ හැගීම් තෙරුම් ගන්න පුළුවන් වෙයි කියලා.. ඒත්.. මම හිතපු විදිහ වැරදියි.. බලන්න.. ඔයා නිසා සනිරු මොන තරම් දුකක්ද විදින්නෙ කියලා.. ඇයි ඔයා එයාට එහෙම කරන්නෙ..? ඇයි ඔයාට එයාව තේරුම්ගන්න බැරි..? ඇයි සනිරුගෙ ආදරයට පිටුපාන්න හදන්නෙ..?

    ඔව් තුෂාරි අක්කෙ.. ඔයා කිව්වා හරි.. මට කාගේවත් හැගීම් තේරුම් ගන්න බෑ.. මොකද මගේ හදවත ගලක් වෙලයි තියෙන්නෙ.. එහෙම වුණේ මගේම තාත්තගෙ තීරණ නිසයි.. ඇය ඉකිබිදිමින් හඩා වැළපෙන්නට වූවාය..

    මායාගේ වැළපීම තුෂාරි තුළද වේදනාවක් ඇති කරන්නට විය.. ගැහැනියෙකුගේ වේදනාව තවත් ගැහැනියෙකුට මිස වෙනත් කවරෙකුටවත් හොදින් තේරුම් ගැනීමට නොහැකි බැව් වටහා ගත් තුෂාරි මායාව තුරුළු කරගෙන අසල තිබූ බංකුව මත වාඩි වූහ..

    මායා අඩන්නෙ නැතුව ඔයාට තියෙන ප්‍රශ්නෙ කියන්න.. මේ තරම් අසරණ වෙන්න මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් තියෙන්න ඕනි.. තුෂාරි මායාගේ හිස පිරිමදිමින් ඇයගේ කදුළු පිස දැමීය..

    තුෂාරි අක්කේ මගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔයාට කියන්නම්.. හැබැයි.. සනිරුට කියන්න මම නිසා දුක් විදින්න එපැයි කියලා.. ප්ලීස්..

    හරි.. හරි.. මම කියන්නම්.. ඔයාගෙ ප්‍රශ්නය මට කියන්නකො.. මායාගේ සිත මේ තරම් ගැඹුරට විදවන කාරණය දැන ගැනීමට තුෂාරිට ඉවසුම් නොවීය..

    තුෂාරි අක්කෙ, ඔයා දන්නවනේ අපේ තාත්තා ලොකු ලොකු අයත් එක්ක ආශ්‍රය කරන්නෙ කියලා.. ඉතින් එයාගෙ යාළුවෙක් ඉන්නවා සූරියවංශ කාරියවසම් කියලා.. එයා මන්ත්‍රී කෙනෙක්.. මයා බංකුවෙන් නැගිට ඉදිරියට ආවාය..

    ඉතින් මායා.. එයත් එක්ක මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? තුෂාරිද බංකුවෙන් නැගිට මායා පිටුපසට වී ඇසීය..

    එයත් එක්ක නෙමෙයි අක්කෙ ප්‍රශ්නෙ තියෙන්නෙ.. මායා මුහුණ හකුළ ගනිමින් තුෂාරි දෙසට හැරී පැවසීය..

    එහෙනම් කාගෙත් එක්කද..?

    එයාගෙ පුතත් එක්කයි තුෂාරි අක්කෙ..

    ඒ කිව්වෙ මායා..?

    මේකයි අක්කෙ.. අපේ තාත්තා මාව එයාට බන්දලා දෙන්නයි හදන්නෙ.. මොකද එයා තාත්තගෙ යාළුවගෙ පුතානෙ..

    මායා නැවතත් හඩන්නට වූයේ ඒ සිද්ධිය සැරින් සැනේ ඇයගේ මනසට වද දෙන අමිහිරි කටුක දෙයක් බව යන්න ප්‍රකාශ කරමිනි..

    තුෂාරි අක්කෙ.. එයා මට මහ කරදරයක්.. හැම වෙලේම මගේ පස්සෙන් එනවා.. ෆෝන් කරනවා.. දැන් ටිකක් හරි බේරිලා ඉන්නෙ මම කැම්පස් යන නිසා.. මට ජීවිතේම එපාවෙලා තියෙන්නෙ අක්කෙ.. මායා තම දෑසින් ගලා ගිය කදුළු පිස දමමින් පැවසීය..

    ඒ කියන්නෙ.. ඔයා එයාට කැමති නෑ කියන එකද ඔය කියන්නෙ..? තුෂාරිගේ යටි සිතෙහි ඇති වුණු පුංචි සතුටක්ද සමගින් ඇසීය..

    ඔව්.. ඔව්.. අක්කෙ.. මම එයාට පොඩ්ඩක්වත් කැමති නෑ.. එයාව දකින කොටත් මට මගේ මුළු ආත්මයම ගිනි ගන්නවා වගේ දැනෙනවා..

    තුෂාරි තුළ ඇති වුණු පංචි සතුට මහා සතුටක් බවට පත් වූවේ මායාගේ එම ප්‍රකාශයත් සමගය.. ඇයගේ සිතෙහි ඔහු කෙරෙහි තිබෙන අපැහැදීම, කලකිරීම සනිරුගේ සිතෙහි දැඩි වූ අරමුණ වෙතට යාමට ප්‍රත්‍යක්ෂ හේතුවක් වන බවත් මායා සනිරුට කිසිත් නොකියා නිහඩව සිටියේ ඇයගේ මෙම අසරණකම නිසා බවත් තුෂාරිට තේරුම් විය..

    එහෙනම් මායා ඇයි සනිරුට අකමැති වෙන්නෙ..?

    අක්කේ.. මම සනිරුට කැමති වුණොත් රකිත එයාට මොනවා කරයිද කියලා දන්නෙ නෑ.. එයා මහ චන්ඩියෙක්.. එයා හිතන්නෙ සල්ලි වලින් හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා.. මට බෑ අක්කෙ.. සනිරුගෙ ජීළුිතයට විනාශයක් වෙනවා බලන් ඉන්න.. නිසැකයෙන්ම මායා සනිරුට ආදරය කරන බව ඇයගේ වදන් වලින් තුෂාරිට වැටහිණි..

    ඒ කියන්නෙ මායා ඔයා සනිරුට ආදරෙයි නේද..? පහතට කරගෙලන සිටි මායාගේ මුහුණ ඉහළට ඔසවමින් තුෂාරි ඇසීය..

    ඉහළට එසවූ මායාගේ මුහුණ නැවතත් පහත් කර ගනිමින් තුෂාරි ඇසූ ප්‍රශ්නයට සෘජුවම ඔව් නොකියා තමා සනිරුට ආදරය කරන බව හිස සොලවමින් ප්‍රකාශ කළේය..

    එහෙනම් පිස්සියේ ඇයි සනිරුට ආදරෙයි කියලා නොකියන්නෙ..? අප්‍රමාණ වූ සතුටකින් තුෂාරි තම දෑත මායාගේ දෙඋර මත තබා ගනිමින් ඇසීය..

    අක්කෙ මට බයයි.. මම නිසා සනිරුට මොකුත් වෙයි කියලා.. මම කැමති නෑ මම නිසා සනිරු දුක් විදිනවට.. සනිරුගේ ජීවිතයට මොනවා හරි වුණොත්.. මට මගේ ජීවිතයෙන් වැඩක් නෑ අක්කෙ.. සමහර විට එයා මට ආදරය කරනවට වඩා මම එයාට ආදරය කරනවා.. ඒ ආදරය මෙච්චර දවසක් මගේ හිතේ හැංගිලයි තිබුණෙ අක්කෙ.. මායාගේ සිතෙහි සනිරු කෙරෙහි තෙරපෙමින් පැවති අප්‍රමාණ වූ ආදරය තුෂාරිට පැවසුවේ තම සිතෙහි තිබුණු දුක් වේදනාවන් සියල්ල සහමුලින්ම අමතක වී ඇති බවක් තමාට ආරූඪ කර ගනිමිනි..

    කාටවත් බයවෙලා ආදරය කරන්න බෑ මායා.. අනික ආදරය කරන අයට බාධාවන් නැත්තෙ කොහෙද..? අනන්තවත් බාධා තියෙනවා.. ඒවාට මූණ දීගෙන ජීළුිතය ජයගන්න ඕනි.. ඉතින් ඔයාටත් මේ දේට මූණ දෙන්න වෙනවා මායා..

    එක එක දේවල් නිසා ඔයාගෙ හදවතේ සනිරුට තියෙන ආදරය වැළලෙන්න දෙන්න එපා මායා.. ඒක ඔයාට සාපයක් වෙයි.. ඔයාගෙ හිතේ ඇති වුණු ආදරයට ජීවත් වෙන්න දෙන්න මායා.. සදහටම.. එතකොට ඔයාට දැනෙයි ජීවිතය කියන්නෙ මොන තරම් වටින දෙයක්ද කියලා.. ආදරය කියන්නෙ මොන තරම් උතුම් දෙයක්ද කියලා..

    අක්කෙ මගේ හිතේ බයක් තියෙන්නෙ සනිරුගේ ජීවිතය ගැන.. නැතුව වෙන බලපෑම් වලට බයක් මට දැනෙන්නෙ නෑ.. තුෂාරි අක්කා කිව්වා හරි.. මම මගේ ආදරය වැළලෙන්න දේනනෙ නෑ.. ඒ ආදරයට හැමදාම ජීවත් වෙන්න පුලුවන් විදියට මම අලුත් පණක් දෙනවා අක්කෙ..

    සනිරු තුෂාරිට දුන් ලියුම මායාට දීමට ඇය මැළි වූයේ එහි සනිරු මොනවා ලියා ඇත්දැයි කියා තුෂාරිගේ සිත තුළ ඒ පිළිබදව වකිතයක් ඇති වූ නිසාය.. කෙසේ වෙතත් එය මායාට නොදී සිටීම තමා සනිරුට කරන අසාධාරණයක් යැයි සිතූ තුෂාරි එය ඇයට දීමට තිරණය කළාය..

    මායා මේක සනිරු ඔයාට දෙන්න කිව්වා.. තම අතෙහි හතරට නවා තිබූ කොළය මායා වෙතට දිගු කරමින් තුෂාරි පැවසීය..

    මොකක්ද තුෂාරි අක්කෙ..?

    දන්නෙ නෑ.. ඔයාම බලන්න.. අනික ඔක්කෝටමත් බලන්න බෑනෙ.. මද සිනාවකින් යුතුව තුෂාරි පැවසීය..

    හ්ම්.. කියමින් මායා එය පසුවට බැලීමට තම් බෑගය තුළට දැමීය..

    එහෙනම් ඔයා අද දවල්ට හැම දෙයක්ම සනිරුට කියන්න.. තවත් පරක්කු කරන්න එපා.. තුෂාරි පැවසූ දෙයට මායා සවන් යොමු කොට සිටියේ ඉමහත් සතුටිනි..

    මායා දැන් මම යන්නම්.. වෙලා ගිහින් තියෙන්නෙ..

    මායාටද යන්නට හදිසිය තිබුණත් සනිරුගේ ලියුම බලන තුරු ඉවසිල්ලක් නොවිය.. එම නිසා තම බෑගය තුළ තිබුණු ලියුම එළියට ගෙන බලන්නට දිහ හැරීය.. එම කොළය දෙස බැලූ මායාගේ දෙනෙත් යළිත් කදුළින් තෙත් වූවේ සනිරුගේ දුක වේදනාව ලියුමක සදහන් කරනවාට වඩා වෙනස් අයුරින් කවි පද ලෙසට ලියා තිබීමතම හදවත සසල කරන්නට තරම් එය හැගීම්බර වූ නිසාය..


    මට වඩා පෙම් කළේ නුඹටයි කියා
    කවුරුත් නොදන තරම්
    ඒ ප්‍රේමය අද කදුළක් විලසට
    මගේ හද රිදවන බොහෝ තරම්
    හදුනන්නේ නෑ තවමත් ඔබ මා
    සිත පුරනා පෙම් සයුර මගේ
    ලස්සනයි මට තවත් නෑ මට ඇත්තමයි
    නුඹ තරම් කෙනෙක්
    ළං වෙලා හිද පෙම් කරන් මට
    තුන් සිතින් දෙව්දුවක් වෙලා
    ජීවිතේ මගෙ ඔබම කියා
    ඇයි තව නොසිත හදින් ඉන්නේ
    ඔබම පමණයි මං පතන්නේ
    තවත් නෑ නුඹ තරම් කෙනෙක්
    රෝස පාට ලවනත මුහුණනවා
    මිණිනිල් නෙතගින් බලා
    තවම මට පේනවා
    කියන්න තේරෙන්නෑ මට
    වැටහෙන් නෑ
    මොනවද සගවා පවසන්නේ
    මගේ රත්තරන්
    සිත් පුරා පින් පෙම් හැගුම්
    මගේ දෝර ගලනවා
    කොදුර කොදුරා රෑ සිහිනෙන්
    කියනා නොවිසිලි කතා නිසා
    ආදරේ නෑ නොකියා මගේ
    හදවත පෙළන්නෙපා
    සිතැත්තියේ
    පව් පිරෙයි දිවිය පුරාවට ඔයාට
    හෘදයේ මගෙ හෘදයේ
    ගැහෙනා හඩ ඔයාම කියා
    නොදන්නේ ඇයි රත්තරන්
    එන්න මගේ ළගටම එන්න විත්
    සිසිවන වුවන මගේ ළමැදේ හොවා
    පෙම් සුව විදින්න මගෙ තාරකාවියේ
    බෝ පතක් වගෙ නුඹ හද දැක මා
    නිසල වූයෙමි දෙව්ලියේ
    සත්සර නගනා සුමිහිරි වදනින් මා
    මුසපත් වුමි දෙව්ලියේ
    දෙනයින් නික්මුණු ආල දහරින් සිත මා
    සැනසුම් නොවුමි දෙව්ලියේ
    මුසාවක් නොවේ දිව්රන්නම් මං
    ආල වුමි නුඹට දෙව්ලියේ

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    08.png


    මව් කුසක් තුළ මොහොතින් මොහොත වර්ධනය වන දරු කළලයක් සේ මායාගේ හදවතෙහි තත්පරයක් තත්පරයක් පාසා සනිරු කෙරෙහි මුහුකුරා මෝරා වැඩෙන ප්‍රේමය පැවසීමට නොඉවසිලිව පෙරුම් පුරමින් සිටි අතර එදා දවසේ විවේකය උදා වීමට කල්පයක් ගත වූ බවක් ලෙසට ඇයට දැණුනේ පෙර දිනයේ අතපසු වූ විෂය කරුණු කිහිපයක් ඉගැන්වීමට ගත් අතිරේක අඩහෝරාව හේතුවෙනි..

    නියමිත වේලාවට විවේකය ලැබුණු සනිරු තුෂාරිගේ සංතෘප්තිදායක ආරංචියෙන් මග බලාගෙන තත්පර ගනිමින් උන්නේ මායාගේ ආදරය ඇයගේ කට හඩින්ම දැන ගැනීමේ නොනිම් ආශාව සිත තුළ සමාධිගත කරගෙනය..

    පොඩ්ඩක් හදිසි නැතුව හිටපං.. දැන් එයි.. සනිරුගේ මුහුණෙහි තිබුණු සතුට දැක චතුර ප්‍රකාශ කළේය..

    තුෂාරි.. ඇයි දන්නෙ නෑ නේද මායා එන්න පරක්කු..?

    මෙච්චර වෙලා හිටපු එකේ තව චුට්ටක් ඉන්න සනිරු.. මායා ඉක්මනට එයි..

    මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ මේ විනාඩි ගාණ මූට ඉවසන්න බැරිද..?

    එහෙම තමයි ප්‍රදීප්.. මේක තමයි උච්චතම අවස්ථාව.. ඉතින් හදිස්සියක් නැතුව තියෙයිද..? සනිරු දෙස බලමින් දර්ශනී පැවසීය..

    දැන් ඉතින් මායාගෙත් ගින්න ඇවිළිලා ඇත්තෙ.. එයාටත් එනකම් ඉවසුමක් නැතුව ඇති.. නැද්ද තුෂාරි..?

    ඒක නම් ඇත්ත චතුර.. ඒත් ඇයි දන්නෙ නෑ මෙච්චර වෙල පරක්කු..?

    සමහර විට ලෙක්චස් තවමත් ඉවර නැතුව ඇති..

    සනිරු සහ තම යහළුවන් කතා කරමින් සිටියදී ඔවුන් අභියසට වෑන් රථයක් පැමිණ නතර කරවිය.. ක්ෂණයකින් ඉන් කොණ්ඩය කොටට කපා සිටි කිහිප දෙනෙක් සහ හිස් වැසුමක් පැළද සිටි කෙනෙකු තමන් වෙතට පැමිණියහ..

    මචං.. මෙතන ඉන්නවද ඌ..? හිස් වැසුම පැළද සිටි පුද්ගලයා තම අනෙක් සගයෙකුගෙන් ඇසුවේය..

    ඔව් රකිත.. ඔය ඉන්නෙ ඔය කෑල්ලට එහා පැත්තෙ.. ඔහු සනිරු දෙසට අත දිගු කළේ තුෂාරිද හාස්‍යයට ලක් කරමිනි..

    රකිත යන නම ඇසෙනවාත් සමගම තුෂාරි සනිරුගේ අත අල්ලා ගනිමින් වෙවුලන්නට වූවාය.. මායා පැවසූ සෑම දෙයක්ම තුෂාරි සනිරුට පැවසුවත් මදාවියෙකු මෙන් සිටින රකිත දැකීම නිසා තුෂාරි තුළ අමුතුම බියක් ඇතිවිය.. එම මොහොතේ එකවරම සනිරු ඉදිරියට ගියේ ප්‍රශ්නයක් ඇත්නම් ඔහුත් සමග කතාබහ කොට විසදා ගැනීමේ අරමුණ ඇතිවය..

    මමයි සනිරු.. ඇයි මොනවද මගෙන් දැනගන්න අවශ්‍ය..? කිසිදු රැඩිකල් ස්වරූපයක් සනිරුගෙන් දිස් නොවීය..

    අවශ්‍ය නෙමෙයි යකෝ.. තොට මගේ ගෑනිත් එක්ක පෙම් කෙළින්ට හයියක් ආවෙ කොහොමද..? උඹ හිතුවද මට මේවා ආරංචි වේනනෙ නැති වෙයි කියලා..? රකිත සනිරුගේ කමීසයේ කොළරය අල්ලා ගත්තේය..

    කමීසයේ කොළරයෙන් අත ඇරපන්.. මට උඹත් එක්ක රණ්ඩු වෙන්න උවමනාවක් නෑ.. සනිරුගේ සාමකාමී සිත රැඩිකල් වෙන්නට ගැනුණේ රකිතගේ මදාවි ක්‍රියා කලාපය හේතුවෙනි..

    ඇයි අත ඇරියෙ නැත්නම් උඹ මට මොනවා කරන්නද..? ඈ යකෝ.. උඹ දන්නවද මම කවුද කියලා..? රකිත සනිරුගේ කම්මුලට පහරවල් කිහිපයක් ගැසුවේය..

    උඹ මට කවුරු වුණත් මොකද..? සනිරු රකිතගේ අත අල්ලා ගනිමින් පැත්තකට තල්ලු කළේය..

    ඒ.. අඩෝ තොපි හිතුවද අපි ගෑනු කියලා..?

    රකිතගේ මුහුණට චතුර පහරවල් දෙක තුනවක් ගසමින් ඇසුවේය..

    චතුරගේ අතපය රකිතට විරුද්ධව ක්‍රියාත්මක වෙත්ම රකිතගේ අනෙකුත් සගයක් පැමිණ චතුරට සහ සනිරුට පහර දුන් අතර ඔවුන් බේරා ගැනීමට ගිය ප්‍රදීප්ටද පහර දුන්හ.. කෝපයෙන් ඇවිළුණු රකිත නැවතත් සනිරුට තම වෑන් රථයේ තිබුණ යකඩ බටයකින් හිසට සහ උදරයට පහර දුන් අතර ඉන් බරපතල ලෙස තුවාල වූ සනිරු බිම ඇද වැටුණේ ඔහුට සිටගෙන සිටීමටවත් ශක්තියක් නොවුණු නිසාය..බිම ඇද වැටී සිටි සනිරුට අමනුෂ්‍ය වෙසින් සිහි විකල් වූ රකිත සිතෙහි වූ කෙළවරක් නොමැති කෝපය අවසන් වන තුරුම පහර දුන්නේය.. එහෙත් ඔහු එයින් සෑහීමකට පත් නොවූ අතර අවසානයේදී තම සගයන් ලවාද සනිරුට පහර දුන්හ..

    මූට නැගිටින්න බැරිවෙන්න කෑම දීපන්.. එතකොට මම කවුද කියලා තේරෙයි..

    තුෂාරි සහ දර්ශනී කෑ ගසමින් හඩා වැළපුණත් විශ්ව විද්‍යාලයේ කිසිවෙකු සනිරු බේරා ගැනීමට මැදිහත් නොවුණේ ඔවුන්ගේ ජීවිත වලටද පසුව එය බලපෑමක් වේයැයි සිතූ නිසාය.. තම විශ්ව විද්‍යාලයේ සිටින සාමාජිකයෙකුට මෙවන් ආකාරයට සාහසික ලෙසට වෙනත් පුද්ගලයින් පිරිසක් විසින් පහර දීම සම්බන්ධයෙන් ඔවුන් තුළ වූයේ බලවත් ශෝකයකි.. දුකකි.. එහෙත් ඔවුන් එම දුකෙන් ඇතිවන කෝපය වාවාගෙන උන්නේ බියගුලුකමකට නොව අසරණකමකටය.. නමුත් එම අසරණකමට සියලු දෙනාම වහල් වූයේ නැත..

    රකිත, අර බලපං.. කොල්ලො සෙට් එකක් එනවා මචං..

    ඇයි උඹලා බයද..? ආපුදෙන්..

    උඹලා හිතන්නෙ අපිටත් අතපය හොලවන්න බෑ කියලද..? මේක අහපං.. මේක ඇතුලෙත් පණ නැති එවුන් ඉන්නවා.. ඒත් උඹලා හිතන්න එපා හැමෝම ඒ වගේ කියලා.. අපි එකතු වුණොත් උඹලගෙ කෑලි අහුලන්නත් බැරි වෙයි.. තේරුණාද..? දැන් ඉතිං බල්ලො වගේ පලයල්ලා..

    ඇයි ඇහුණෙ නැද්ද..? පලයන් ඉතිං..

    හරි බලාගමු.. උඹලා හිතන්න එපා බයකට යනවා කියලා.. රකිත ඇගිල්ල දිගු කරමින් කීවේය..

    සනිරුගේ හිසින්ද, කන් වලින්ද, නාසයෙන්ද ලේ ගනන්නට විය.. අතපය සොලවමින් ලේ ගලමින් බිම වැටී උන් සනිරු වෙතට දිව ගිය තුෂාරිද දර්ශනීද ලේ වලින් නැහැවී තිබුණු හිස තම ඔඩොක්කුව මත තබා ගනිමින් වටපිට බලා කෑ ගසන්නට වූවාය.. රකිතට විරුද්ධව හඩ නැගූ සිසුන් රැසද සැණින් එතැනට දිව ආහ..

    අනේ..! ඉක්මනට මෙයාව හොස්පිටල් එකට ගෙනියමුකො.. තුෂාරි හඩමින් පැවසීය..

    තුෂාරිගේ හා දර්ශනීගේ කෑ ගැසීම නිසා බිම වැටී සිටි චතුර සහ පුදීප් කෙසේ හෝ වේදනාවෙන් නැගිට ඔවුන් හිදි තැනට හැකි ඉක්මනින් ආහ.. එවිට සනිරු රෝහලට ගෙන යාම සදහා අනෙක් සිසු පිරිස කටයුතු කරමින් උන්නාහ..

    මචං ත්‍රීවිල් එකක් එනවා අත දාපන්..

    හරි.. හරි..

    ප්‍රදීප් කකුල් දෙකෙන් අල්ලපන්.. සනිරුගේ හිස පෙදෙසින් අල්ලා ගත් තවත් සිසුවෙකු පැවසුවේය..

    මචං.. මායි චතුරයි හොස්පිටල් එකට යන්නම්.. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් උඹලා බලා ගනිං.. ත්‍රීරෝද රථය තුළ සිටි ප්‍රදීප් අනෙක් සිසුන්ට කීවේය..

    බය වෙන්න එපා.. අපි ඒ ගැන බලා ගන්නම්..

    ඔයාලා මායා එක්කරගෙන හොස්පිටල් එකට එන්න.. ත්‍රීරෝද රථය යන අතරතුරේ දී චතුර පැවසුවේය..

    හරි.. හරි.. ඔයාලා ඉක්මනට යන්න.. අපි එන්නම්..

    විවේකය ලැබුණු මායා සනිරු මුණ ගැසීමේ දැඩි වූ ආශාවෙන් තුෂාරි සහ දර්ශනී වෙතට දිව ආවාය.. අප්‍රමාණ වූ සතුටක් හදවතෙහි සිර කරගෙන ඇය පැමිණියේ සනිරුත් සමග එම සතුට සම සිතින් විදගෙන එය මුළු ජීවිත කාලයටම දෙදෙනා තුළ රදවා තබා ගැනීමේ අපේක්ෂාව සස්ථිර කර ගැනීමේ දිවුරුම එකිනෙකා විසින් පවසා ගැනීම සදහාය.. එහෙත් ඇය හඩා වැළපෙමින් සිටි තුෂාරි සහ දර්ශනී දෙස අදහාගත නොහැකිව බලා උන්නේ එම සතුට සිත තුළ යටපත් කරගෙනය..

    ඇයි තුෂාරි අක්කෙ අඩන්නෙ..? කියන්නකො.. මොකද වුණේ.. මායා තුෂාරිගේ දෑත අල්ලා ගනිමින් ඇසීය..

    කිසිවක් නොපැවසූ තුෂාරි මායා වැළදගෙන හඩා වැළපෙන්නට වූවාය.. සනිරුට වූ අවාසනාවන්ත සිද්ධිය මායාට පැවසීමට තරම් ශක්තියක් නොමැති වූ තුෂාරි තව තවත් හඩන්නට වූවාය.. ඇයගේ වැළපීම නිසා මායාගේ දෑසට ඉබේම කදුළු එන්නට විය.. කිසිවක් සගවා තබා ගැනීමෙන් ඵලයක් නැතැයි තේරුම් ගත් දර්ශනි සනිරුට සිදු වූ සියල්ලම මායාට පැවසීය.. දර්ශනි පැවසූ දෙයින් වික්ෂේපයට පත් වූ මායා එය ඉවසාගත නොහැකිව මහ හඩින් හඩන්නට වූවාය..

    දෙයියනේ.. මගේ සනිරුට ගොඩක් අමාරුද..? ගොඩක් තුවාලද..? මම කිව්වා නේද තුෂාරි අක්කෙ මම නිසා සනිරුගෙ ජීවිතයට බලපෑම් වෙයි කියලා..? සනිරුට මොනවා හරි වුණොත් මම කොහොමද ජීවත් වෙන්නෙ..?

    ප්ලීස් මායා.. කලබල වෙන්න එපා.. සනිරු හොස්පිට්ල් එකට අරන් ගියානෙ.. අනික සනිරුට කිසිම දෙයක් වෙන්නෙ නෑ..

    අනේ අක්කෙ.. අපි ඉක්මනට හොස්පිට්ල් එකට යමු.. මට සනිරුව බලන්න ඕනි..

    තුෂාරි සහ දර්ශනී මායාත් සමග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට දහවල් 1.00 ට පමණ විය.. ඒ වන විට සනිරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේ හිස පෙදෙසට තදබල ලෙස පහර වැදීම් හේතුවෙනි..

    චතුර, මට මගේ සනිරු බලන්න යන්න දෙන්න.. ප්ලීස්.. මට සනිරු බලන්නෙ නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ.. මායා චතුරගේ බෙල්ලේ එල්ලෙමින් කෑ ගසන්නට වූවාය..

    මායා.. මායා.. පොඩ්ඩක් ඉවසන්න.. තවම සනිරුට සිහිය නෑ.. ඉක්මනටම සිහිය එයි.. අපිට ඔයාගෙ දුක තේරෙනවා.. පොඩ්ඩක් ඉවසන්න මායා.. චතුර කොතෙකුත් ඇය සනසන්නට උත්සහ කරත් ඇය පාලනය කිරීමට නොහැකි විය..

    මම කොච්චර අවාසනාවන්තියක්ද..? පව්කාරියක්ද..? ආත්මාර්ථකාමියිද..? අද සනිරු මේ විදියට දුක් විදින්නෙ මම නිසයි..කොහෙවත් නැති කෙල්ලෙක් නිසයි.. මම නසිරුට කොච්චර දුකක්, වේදනාවක් දුන්නද..? ඊයෙ මම ඔයාගෙ හදවත කොච්චර රිදෙව්වද සනිරු..?

    ඔය දේවල් මතක් කරලා දැන් තේරුමක් නෑ මායා.. ඒකෙන් වේනනෙ ඔයාගෙ හිත රිදෙන එක..

    රිදෙද්දෙන් තුෂාරි අක්කෙ.. මට මෙහෙම හරි දුකක් විදින්න දෙන්න.. එතකොට මට දැනේවි වේදනාව කියන්නෙ මොකක්ද කියලා.. මට ඒ වේදනාව සනිරු වෙනුවෙන් විදින්න දෙන්න.. මගේ සනිරු වෙනුවෙන් එතකොටවත් මගේ හදවතට සැනසීමක් ලැබෙයි..

    මටත් ලස්සන හීනයක් තිබ්බා.. ඒ සනිරුත් එක්කයි.. මගේ අහිංසක සනිරුත් එක්කයි.. ඒත්.. ඒ හීනය මගේ හදවතේ මටත් හොරෙන් හැංගිලයි තිබුණෙ.. සැරින් සැරේ සනිරු කියපු වචන වලින් ඒ හීනය අවදි වෙන්න ගත්තත් මගේ ආත්මාර්ථකාමී අසරණ හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඇයි මගේ හිත ඒ තරම් දරුණු වුණේ.. ඒත් දැන් මම ඒ හීනයත් එක්ක හැබෑවටම ජීවත් වෙනවා..

    හදවත හඩවා දෙනෙත් තෙත් කර මනස කළඹා මායා පවසන දහසකුත් දුක් වේදනා විලාපයන් හුදකලාවම ඇයට විදවන්නට ඉඩනොදී එහි කොටස්කාරියක් වී ඇයගේ තැවුල් වේදනා අඩු කිරීමට උත්සහයක් වශයෙන් තුෂාරි ඇයව වැළද ගත්තේය..

    දැඩිසත්කාර ඒකකයේ දොරටුව විවෘත කරමින් එළියට පැමිණ වෛද්‍යවරයා වෙතට සියල්ලෝම දිව ගියහ.. නමුත් වෛද්‍යවරයා සතුටුදායක ආරංචියක් පවසන බවක් ඔවුනට දැන ගන්නට නොලැබුණි..

    ඩොක්ටර්.. ලෙඩාට කොහොමද..?

    මේකයි ප්‍රශ්නෙ.. පේෂන්ගෙ ඔලුවෙන් ගොඩක් ලේ පිටවෙලා තියෙනවා.. ඒක නිසා එයාට ලේ දෙන්න වෙයි.. වෛද්‍යවරයා හදිසිය පෙන්වමින් එලෙස ප්‍රකාශ කළේ සනිරු බේරා ගැනීමට ඉක්මන් විය යුතු බව හගවමිනි..

    ඩොක්ටර්.. සනිරුගෙ ලේ වර්ගය මොකක්ද කියලා කියන්න පුළුවන්ද..? ප්‍රදීප් තම රුධිරය දීමට සූදානම්ව ඇසුවේය..

    වෛද්‍යවරයා අතැති වූ ෆයිල් එක දෙස බලමින් ඕ නෙගටිව් යැයි පැවසූවේය..

    දැඩි සත්කාර ඒකකය නැමැති සංග්‍රාම භූමියේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවැසිව පවතින රුධිර වර්ගය තම යහළුවන් කිසිවෙකුත් සතු නොවීය.. එවැනි අභාග්‍ය සම්පන්න මොහොතක කතරක ගමන් කරන්නෙකුට හමු වූ ක්ෂේම භූමියක් වෙන් සනිරුට රුධිරය දීමට මායා සූදානම් වූයේ ඔහුට අවශ්‍ය ලේ වර්ගය ඇය සතු වීම නිසාය..

    තම ශරීරයේ දිවෙන ලේ බිදුවකට වඩා සනිරුගේ ජීවිතයට ආදරය කරන මායා ඔහුට ජීවත් වීම සදහා තම ශරීරයේ තිබෙන සෑම ලේ බිදුවක්ම වුවද පූජා කිරීමට කැමැත්ත ප්‍රකාශ කළාය.. තමා සනිරුගෙන් වෙන් කිරීමට කිසිම කෙනෙකුට මේ ආත්මභාවයට පමණක් නොව මතු ආත්ම භවයන්හිදී ද නොහැකි බව ඇයට හැගුණේ දෙදෙනාගේම ශරීර එකම ලෙයින් පවා බැදී දිවෙන බව දැණුනු හෙයිනි..

    අනතුරුව වෛද්‍යවරුන් විසින් මායාගේ ශරීරයෙන් බලා ගත් සෑම ලේ බිදුවක්ම සනිරුගේ ශරිරයට ලබා දුන්හ.. සනිරුට ලේ බලා දුන්නද සිහිය පැමිණිමට හෝරා කිහිපයක්ම ගතවිය..

    මායා දැන් බය වෙන්න දෙයක් නෑනෙ.. දැන්වත් මායා මොනවා හරි කන්නකො..

    මට බඩගිනි නෑ.. සනිරුට සිහිය ආවම මම කන්නම්.. කෑමක් බීමක් පවා ගැනීමට මායාට අමතක වූයේ සනිරුට ඇයගේ හදවතේ තිබෙන ආදරය නිසාම බව තුෂාරිට වැටහිණ..

    මායාත් සමග කතා කරමින් සිටි තුෂාරි අසලට පැමිණි හෙදියක් සනිරුට සිහිය ආ බව පැවසීය.. එම සුභ ආරංචිය මායාගේ දෙසවන්හී වැදෙත්ම නැවතත් ඇයගේ හෘදස්පන්දනය සප්‍රාණික විය.. එවිට සියලු දෙනාම සනිරු සිටි කාමරයට ගිය අතර මායා දොර සමීපයට විත් බිත්තයට හේත්තු වී තම හිස ඔසවා දිගු සුසුම් පොදක් හෙළීය..

    මචං.. උඹට දැන් කොහොමද..? චතුර සනිරුගේ හිසෙහි වෙලා තිබුණු සුදු පාට වෙලුම් පටි මත අත තබාගෙන ඇසුවේය..

    ඔලුව රිදෙනවා මචං.. හරියට නිකං ඉදිකටු වලින් අනිනවා වගේ.. හිස ඔසවා සියලු දෙනා දෙස බලා සනිරු කීවේය..

    හරි.. හරි.. මචං උඹ ඔහොම රෙස්ට් එකේ හිටපං.. වැඩිය කතා කරන්න එපා..

    කාමරය තුළ මායා නොසිටි නිසා ඉන් එළියට පැමිණි තුෂාරි මායාද සමග යළිත් කාමරය තුළට ගියහ.. එවිට සනිරු සිටි ආකාරය දුටු මායාගේ දෙනෙත් වලින් කදුළු පිටවන්නට වූවාය..

    එහෙනම් සනිරු අපි යන්නම්.. ආයෙ හෙට උදේ තමයි එන්නෙ.. මායාට සහ සනිරුට හුදෙකලාව ඉන්නට දී යළුලුවන් ඉන් පිටව ගියහ..

    මායාගේ කොපුල් තල මතින් ගලා හැළෙන කදුළි බිදු සනිරුගේ මාපටගිල්ලෙන් පිස දැමුවත් ඇයගේ එම කදුළු පිටවීම නතර වූයේ නැත..

    ඇයි මායා ඔයා අඩන්නෙ..? අඩන්න එපා.. ඔයා අඩනකොට මටත් ඇඩෙනවා.. ප්ලීස්.. අඩන්න එපා..

    මට අඩන්න දෙන්න සනිරු.. ඇති වෙනකම් මට අඩන්න දෙන්න.. මේ දවස් දෙකට මම ඔයාට මොන තරම් දුකක් දුන්නද..? ඉතින් මට ඒ දුක විදින්න දෙන්න සනිරු.. සනිරුගේ දෑත මායාගේ ළමැද මත තබා තදකර ගනිමින් පැවසීය..

    ඔයා හිතලා නෙමෙයිනෙ එහෙම කළේ.. ඔයාගෙ අසරණකම හින්දනේ.. මම ඒවා අමතක කරලා දාලා ඉවරයි මායා.. ඔයත් ඒවා අමතක කරන්න.. ඒවා අතීතයට භාර දෙන්න.. මායාගේ ළමැදේ තිබුණු අත සනිරුගේ දෑත ඉවතට ගෙන ඇයගේ මුහුණ පිරිමදිමින් පැවසුවේය..

    සනිරු ඔයා ඊයෙ කිව්වා නේද පුලුවන් නම් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාට ආදරේ කරන්නෙ නැහැයි කියලා කියන්න කියලා.. ඔව්, මට බෑ සනිරු එහෙම කියන්න.. කවමදාකවත් බෑ.. මොකද.. මං ඔයාට ආදරෙයි සනිරු.. මේ මිහිතලය මත ඉන්න කිසිම කෙනෙක් ඔයාට ආදරය කරන්නෙ නැති තරමට මම ඔයාට ආදරෙයි මගේ රත්තරං.. ඒ ආදරය මේ ආත්මයට විතරක් නෙමෙයි.. පෙර ආත්ම වලත් තියෙන්නෙ ඇති.. මතු ආත්ම වලත් තියේවි.. අපේ ආදරය සංසාරගත බැදීමක් සනිරු..

    ඔව් මායා.. මගේ හදවත හැම මොහොතෙම කිව්වෙත් කියන්නෙත් ඔයා කිව්ව දේමයි.. ඇත්තටම අපි මේ ආත්මයට විතරක් හමුවුණු දෙන්නෙක් නෙමෙයි මායා..

    මායා තම දෙනොළින් සනිරුගේ නළලත සිපගෙන ඔහුගේ පපුව මත තම හිස තබමින් තමා කෙරෙහි උපන් සෙනෙහස පිරී සනිරුගේ ළය පෙදෙස සිපගන්නට වූවාය.. එදා මුළු රාත්‍රියේම සනිරුත් සමග මායාට ගත කිරීමට හැකි වුවත් පැය ගණනක් ඔහුත් සමග හිද ගෙදර ගියේ සිය දෙමාපියන්ගේ අණසකට ගරු කිරීමක් වශයෙනි..

    සනිරුට මුහුණපෑමට සිදුවූ මෙම හදිසි සිදුවීම සිය මවට සගවා සිට නැවත එය ඇයට ආරංචි වීම ඇය සිටින රෝගාතුර තත්වයට නුසුදුසු යැයි සිතූ සනිරු එය තම මවට දන්වන ලෙසට පෙරදා රෝහලේදී මායාට කීවේය.. සනිරුගේ එම ඉල්ලීම පිළිගත් මායා පසුදා උදෑසනම තුෂාරිත් සමග සනිරුගේ නිවසට ගියේ ඔහුගේ මවට එය දැන්වීම සදහාය..

    ගෙදර කවුද..? තුෂාරි දෙපැත්ත වසන දොරටුවට තම ඇගිලි වලින් කිහිපවරක්ම තට්ටු කළාය..

    නිවස තුළ සිටි සනිරුගේ මව උගුර පාදමින් හැද සිටි මල් මල් චීත්තය පිළිවෙලකට සකසුරුවම් කර ගනිමින් දොර විවෘත කළාය.. මායා සහ තුෂාරි දුටු සනිරුගේ මව තම දෑසෙහි නිදි ගැට මරමින් ටික වේලාවක් තම අභියස සිටි තරුණියන් දෙදෙනා දෙස බැලීය..

    අම්මේ.. අපි මේ සනිරුගෙ යාළුවො.. තමන් දෙස බලමින් සිටි සනිරුගේ මවට තුෂාරි පැවසීය..

    හා.. මම ඉතින් මීට කලින් දූලා දැකලත් නෑනෙ.. මෙතනින් වාඩි වෙන්න.. අසල වේවැල් කැඩී ගොස් තිබුණු දිග පුටුවක් පෙන්වමින් ඈ පැවසීය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොදයි අම්මෙ.. තුෂාරි සම මායා එම පුටුවෙහි වාඩි වූහ..

    සනිරුගේ නිවස මොන තරම් දුප්පත් වුණත් තමන් වාඩි වී සිටින පුටුව මොන තරම් දුප්පත් වුණත් සනිරුගේ ශිෂ්ටසම්පන්න හැදියාවේ තිබෙන කාරුණිකබව, නිහතමානිබව, හදවතේ තිබෙන අප්‍රමාණ වූ සෙනෙහස, දයාව මොන තරම් පොහොසත්ද යන්න මායාගේ හදවතට දැනෙන්නට වූවාය..

    පුතේ..! අපේ කොල්ලා ආවෙ නැද්ද..? ඊයෙ එන්නෙත් නෑ කියලා නිකමටවත් මට කිව්වෙ නෑනෙ.. ඊයෙ සනිරු නේවාසිකාගාරයෙද හිටියෙ පුතේ..? සනිරුගේ මව තුෂාරිගේ සහ මායාගේ නිහඩ මුහුණු දෙස බලමින් ඇසීය..

    ඒක තමයි අම්මෙ අපි මේ කියන්න ආවෙ.. පුටුවේ වාඩි වී සිටි තුෂාරි ඉන් නැගිට සනිරුගේ මව සමීපයට ගොස් පැවසීය..

    මොක්කද පුතේ කියන්නයි ආවෙ කිව්වෙ..? තුෂාරිගේ මුහුණ දෙස බලමින් ඇය ඇසීය..

    මේකයි අම්මෙ.. එකවරම කියා ගත නොහැකිව තුෂාරි මායා දෙස බැලීය..

    අනේ පුතේ..! මොකක්ද.. මේකයි.. මේකයි කියන්නෙ..?

    අම්මෙ.. අපි මේ කියන දේ අහලා කලබල වෙන්න එපා.. අනික දැන් කලබල වෙන්න දෙයකුත් නෑ.. මොකද දැන් ඒ තරම්ම අමාරුවක් නෑ සනිරුට..

    අමාරුවක් කිව්වෙ.. මගේ කොල්ලට.. කියන දෙයක් වහෙන්ඔරොව නැතුව කියපල්ලා පුතේ..! ඇය බැගෑපත් වූවාය..

    අමේමෙ.. ඊයෙ සනිරුට පොඩි කරදරයක් වුණා.. කැම්පස් එකේ ඉදලා.. ඒත් දැන්නම් බය වෙන්න දෙයක් නෑ අම්මෙ.. මායා සනිරුගේ මව සමීපයට පැමිණ ඇයගේ අතදෙක අල්ලා ගනිමින් පැවසීය..

    දෙයියනේ..! මගේ අහිංසකයට මොකද වුණේ..? මායා විසින් අල්ලා ගැනුණු ඇයගේ දෑත් ඉන් ඉවතට ගෙන තම මුහුණෙහි තබාගෙන වැළපෙන්නට වූවාය..

    අම්මෙ.. දැන් බයවෙන්න එපා.. ඒක අම්මගෙ සෞඛ්‍ය තත්වයට හොද නෑනෙ.. අනික සනිරුට දැන් එච්චරම අමාරුවක් නෑ.. ඇයගේ වැළපීම වැලැක්වීමට මායා වෑයම් කළාය..

    ඔව් අම්මෙ, ඩොක්ටර්ලත් කිව්වා බයවෙන්න දෙයක් නෑ කියලා..

    ඒත් පුතේ.. සනිරුට මොකද වුණේ..? මේ විදිහට ඉස්පිරිතාලෙ නවතින්න තරම්.. සනිරුට සිදුවූ කරදරය කුමක්ද යන්න පිළිබදව දැන ගැනීම සදහා ඇය ඇසීය..

    ඇය සිටින රෝගාතූර තත්වය හේතුවෙන් සනිරුට සිදු වූ අවාසනාවන්ත ඛේදවාචකය එලෙසින්ම බරපතල ලෙස පැවසීම ඇයගේ ජීවිතයට අවධානමක් වේයැයි සිතූ තුෂාරි එය ඉතාම සැහැල්ලු ආකාරයෙන් පැවසීය.. එහෙත් එවැනි සිදුවීමක් වීමට හේතුව සනිරුගේත් මායාගේත් ආදරය බව ඇයට නොපැවසුවේ එය සනිරු විසින්ම තම මවට පැවසිය යුතු නිසාත් එය පැවසීමට මායාටත් තුෂාරිටත් ශක්තියක් නොතිබුණු නිසාත්ය..

    අනේ..! මගේ කොල්ලට මේක කරපු එවුන්ට හොදක් නම් වෙන්න එපා දෙයියනේ..! කාටවත් කරදරයක් හිරිහැරයක් කරන්නේ නැති හින්දද මේ වගේ අපරාධයක් මගේ කොල්ලට කරේ.. සනිරුගේ මව ඔවුන්ට ශාප කළේ තම දෑත් අහස දෙසට දිගු කරමිනි..

    ඔව් අම්මෙ.. සනිරුට මේ දේ කරපු අයට දෙවියන්ගෙන් විතරක් නෙමෙයි, නීතියෙනුත් ගැලවීමක් වේනනෙ නෑ.. තම මුවට ආවේශ වූ කෝපයත් සමග මායා පැවසීය..

    මගේ කොල්ලා දැන් ඉන්නෙ මොන ඉස්පිරිතාලෙද..?

    පේරාදෙණියෙ එකේ අම්මෙ..

    කෑම එහෙම කනවද මන්දා මගේ කොල්ලා..

    ඒ ගැන හිතන්න එපා අම්මෙ.. ඒ හැම දෙයක්ම සනිරු වෙනුවෙන් අපි කරනවා..

    අනේ..! මගේ කොල්ලා මට බලන්ට යනට ඕනි පුතේ..

    අම්මා කරදර වෙන්න එපා.. සමහර විට හෙට සනිරුගෙ ටිකට් කපයි.. අනික අපි හැමෝම ඉන්නවනේ.. ඇයගේ රෝගාතූර තත්වට පිළිබද සිතමින් තුෂාරි එලෙස පැවසීය..

    ඒත්.. මට මගේ දරුවව බලන්නෙ නැතුව ඉන්න බෑ පුතේ..

    අපිට තෙරෙනවා, අම්මගෙ හිතේ තියෙන දුක.. ඒත් අම්මා ගැනත් පොඩ්ඩක් හිතන්නකො අම්මෙ.. අපි කිසිම අඩුවක් සනිරුට කරන්නෙ නෑ..

    දූලා වගේ ගුණ යහපත් යාළුවො අපේ සනිරුට ඉන්න එක මොන තරම් එකක්ද..? ඇය මායාත් තුෂාරිත් පැවසූ දේවල් කෙරේ පැහැදීමට ලක්වූවාය..

    මායා අපි දැන් යමුද..?

    ඔව් තුෂාරි අක්කෙ, අපි යමු..

    එහෙනම් අම්මෙ.. අපි දැන් යන්නම්.. සනිරු බලන්නත් ඕනි.. අම්මා බයවෙන්න නැතුව ඉන්න..

    පරිස්සමින් යන්න පුතේ..

    සනිරුගේ මවගේ දෙපා නැමැද මායා සහ තුෂාරි නිවසින් එළියට පැමිණියේ සිතෙහි දුකක්ද රදවාගෙනය.. ඒ තමන්ටවත් දරාගත නොහැකි දුක්ක ඇය අම්මා කෙනෙකු වශයෙන් කෙලෙස උහුලා ඉන්නේද යන හැගීම පිළිබද ඔවුන්ට සිතෙන්නට වූ නිසාය..

    පේරාදෙණියට පැමිණි මායා සහ තුෂාරී සනිරුට සිදු වූ සිදුවීම පිළිබදව පැමිණිල්ලක් කිරීම සදහා පේරාදෙණිය පොලීසියට යාමට තීරණය කළහ..

    තුෂාරි අක්කෙ, අපි මේ ගැන පොලීසියට පැමිණිල්ලක් කරමුද..? නැත්නම් ආයෙමත් සනිරුට කරදරයක් වෙන්න පුළුවන්.. රකිත කියන්නෙ මහ නරුමයෙක්.. මොනවා හරි දෙයකින් එක පාරකින් දෙපාරකින් සෑහීමකට පත් වෙන්නෙ නැති තිරිසනෙක්..

    ඒක හොදයි මායා.. අපි මෙහෙම හරි දෙයක් නොකරොත් උගේ චණ්ඩිකම් කවදාකවත් නතර වෙන්නෙ නෑ.. තුෂාරිද මායාගේ තීරණයට එකග විය..

    එහෙනම් අපි පොලීසියට යමු නේ..

    ඒත් මායා.. ඔයාට ප්‍රශ්නයක් වෙයිද..? නැවතත් තුෂාරී ඉදිරිය ගැන සිතන්නට වූවාය..

    ඌ මට මොනවා කරන්නද..? මම ඌට බය නෑ.. ඒත් සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් තේරුමක් නෑ අක්කෙ.. සනිරු ජීවත් වුණොත් විතරයි මට මේ ලෝකෙ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙන්නෙ.. ඉතින් ඒ වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. කාටවත් බය වෙන්නෙ නෑ..

    පොලීසිය තුළට පැමිණි මායාගේ සහ තුෂාරිගේ හදවත නොසන්සුන් අයුරින් හෘර්දස්පන්දනය වූයේ කිසිදිනක පොලීසියට පැමිණ නොමැති වීමෙන් ඇති වූ නුපුරුදු බිය නිසාය.. එහෙත් තමන් පැමිණි අරමුණ ඉටු කර ගැනීම වස් කෙසේ හෝ සිත දැඩි කොට ගනිමින් සිදු වූ සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම පැමිණිලි සටහන් කරමින් උන් පොලිස් නිලධාරියාට පැවසූහ..

    ඔය කියන්නෙ.. සූරියවංශ කාරියවසම්ගෙ පුතා ගැන නේද..? රකිතගේ නම ඇසූ පමණින් පොලිස් නිලධාරියා මායාගෙන් සහ තුෂාරිගෙන් විමසිය..

    ඔව් සර්.. එයා තමයි.. එයා විතරක් නෙමෙයි එයාගෙ යාළුවොත් මේකට සම්බන්ධයි.. මායා තුළ රකිත කෙරෙහි තිබෙන වෛරය නිසා පොලිස් නිලධාරියා ඇසූ දෙයට විගසින් පිළිතුරු දුණි..

    ඒත් මේ වගේ දෙයක් වෙන්න හේතුව මොකක්ද..?

    මේකයි සර්.. මායාගෙයි සනිරුගෙයි අතර සම්බන්ධයක් තියෙනවා.. ඉතින් ඒකට ඔය රකිත කැමති නෑ.. මොකද මායා කසාද බන්දලා දෙන්න යන්නෙ එයාට.. ඒත් මායා එයාට කැමති නෑ.. ඒ නිසයි මේ විදියට මෙයාලට කරදර කරන්නෙ..

    හරි.. හරි.. මට දැනුයි තේරෙන්නෙ.. කාරියවසම් පරම්පරාවෙම පුරුද්දක් තමයි.. හැම දෙයක්ම බලෙන් අයිති කරගන්න යන එක.. ඔයාලා බයවෙන්න එපා.. අපි මේ ගැන බලාගන්නම්..

    ප්ලීස් සර්.. මොනවා හරි කරන්න.. රකිත කියන්නෙ යක්ෂයෙක් වගේ මිනිහෙක්.. මායා නැවත නැවත රකිතගේ නොමිනිස්කම පිළිබද කියන්නට වූවාය..

    අපිත් දන්නවා ඒක.. මිනිහා මහ අමාරුකාරයා.. තාත්තට දෙවනි නෑ.. ඒත් අපේ රාජකාරිය අකුරටම කරනවා.. ඔයාලා බයවෙන්න එපා.. අපි දැන්ම හොස්පිට්ල් එකට ගිහින් ලෙඩාගෙන් කට උත්තරයක් ගන්නම්..

    තැන්ක් යූ වෙරි මච් සර්.. පොලිස් නිලධාරියාගෙ අපක්ෂපාතී ප්‍රකාශ වලට ගරු කිරීමක් වශයෙන් මායා ඔහුට ස්තුති කළාය..

    පොලීසියට ගිය මායා සහ තුෂාරී ඉක්මන් ගමනින් රෝහලට ගියේ සනිරු දැක ගැනීම සදහාය.. ඔවුන් යන විට ප්‍රදීප්, චතුර දර්ශනි සහ මායාගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණ සිටියහ..

    අන්න.. මායා එනවා.. දර්ශනී පැවසීය..

    සනිරු දැන් ඔයාට කොහොමද..? ඊයෙ රෑ ඔයාට නින්ද ගියාද..? අසලින් වාඩි වූ මායා ඔහුගේ හිස පිරිමදිමින් ඇසීය..

    දැන් නම් අමාරුවක් නෑ මායා.. ඇයගේ අත අල්ලා ගනිමින් සනිරු පිළිතුරු දුන්නේය..

    ආ.. සනිරු, අපි මේ ගැන අම්මට කිව්වා.. ඒ බව පැවසීමට අමතක වී සිටි තුෂාරි එක පාරටම පැවසීය..

    අම්මා බය වුණාද..? ඇඩුවද..? සිය අම්මාගේ තත්වය දැන ගැනීම සදහා සනිරු තුළ බියක් ඇතිවිය..

    බය වුණා විතරක් නෙමෙයි සනිරු.. හොදටම ඇඩුවා.. ඒත් කොහොම හරි අම්මගෙ හිත හැදුවා.. අම්මා එන්නත් ලෑස්ති වුණා.. බොහෝම අමාරුවෙන් නතර කරගත්තෙ..

    පව්.. මගේ අසරණ අම්මා.. මොන තරම් වේදනාවක් දැනෙන්න ඇත්ද..?

    ඒ මම නිසයි සනිරු..

    එහෙම කියන්න එපා මායා.. මේක අපි දෙන්නගෙම ප්‍රශ්නයක්..

    වෙන්න පුලුවන් සනිරු.. ඒත්..

    ඒත් නෙමෙයි.. එහෙමයි.. තේරුණාද..?

    හ්ම්..

    ඒක නෙමෙයි සනිරු.. අපි මේ ගැන පොලීසියට කිව්වා.. ඔයාගෙන් කට උත්තරයක් ගන්න ආවාම හැම දෙයක්ම කියන්න..

    ඇයි මායා පොලීසියට කිව්වෙ..? ඔයාට මගෙන් අහන්න තිබුණනෙ..

    ඔයාගෙන් ඇහුවනම්, එපා කියන නිසයි මම එහෙම කළේ..

    ඒත්.. මායා, ඔයාට අර තිරිසනා මොනවා නොකරයිද..? මට මං ගැන නෙමෙයි බය.. ඔයා ගැනයි..

    මට මොකුත් වෙන්න නෑ සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකම්.. මායා සනිරුට ගෙන ආ සුප් එක හැන්දකින් පොවමින් පැවසීය..

    හෝරාවකට ආසන්න කාලයක් සනිරු ළග සිටි මායා ඇතුළු අනෙකුත් යහළුවන් විශ්ව විද්‍යාලයට යන්නට සූදානම් වූයේ නැවත සනිරු බැලීමට පැමිණෙන බව පවසමිනි..

    ඔවුන් රෝහලෙන් පිටවී පැය දෙකකට පමණ පසු පොලිස් නිලධාරීන් දෙදනෙක් සොයමින් රෝහලට පැමිණියේ මායා කළ පැමිණිල්ල හා සනිරුගෙන් කට උත්තරයක් ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය..

    ඔයාද සනිරු ගුණසිංහ කියන්නෙ..? පැමිණ පොලිස් නිලධාරියෙකු ඇසීය..

    ඔව් සර්, මමයි..

    ඊයෙ ඔයාට රකිත කාරියවසම් මේ විදිහට පහර දීම සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නෙ..?

    පොලිස් නිලධාරියා ඇසූ ප්‍රශ්නයට සනිරු කිසිම දෙයක් නොසගවා සෑම දෙයක්ම ඒ අයුරින්ම පැවසුවේය.. තමාත් මායාත් එකිනෙකාට ආදරය කරන බව පැවසූ සනිරු මායාගේ දෙමාපියන් බලහත්කාරයෙන්ම රකිතට මායා කසාද බන්දා දීමට උත්සාහ කරන බවද ප්‍රකාශ කළේය.. රකිත කෙරෙහි මායා තුළ අපැහැදීමක් තිබෙන නිසාත් තමා මායාට ආදරය කරන නිසාත් මෙවැනි දෙයක් සිදු වූ බව සනිරු පොලිස් නිලධාරියාට අවසානයෙදී පැවසුවේය.. තුෂාරි පැවසූ පැමිණිල්ලෙහි සදහන් වූ දේත් සනිරු දුන් කට උත්තරයේත් කිසිදු පරස්පරයක් දක්නට නොමැති බව තේරුම් ගත් පොලිස් නිලධාරියා ඒ පිළිබදව නීතිමය පියවර ගන්නා බවට සනිරුට ප්‍රකාශ කර සිටියේය..

    එදා සවස සනිරු බැලීමට රෝහලට පැමිණිමට අවස්ථාව ලැබුණේ මායාට පමණි.. මායා විශ්ව විද්‍යාලයේ සිට බසයක නැග පේරාදෙණිය රෝහලට පැමිණෙන විට සවස 4.30 ත් පසු වී තිබිණි.. එදා දහවල් ද සනිරු බැලීමට එන්නට නොහැකි වූ මායා ඉක්මනින්ම සනිරු සිටි වාට්ටුවට ගියාය..

    සොරි සනිරු.. මට එන්න විදියක් තිබුණෙ නෑ.. අද එක දිගටම ලෙක්චර්ස් තිබුණා..

    ඒකට කමක් නෑ මායා.. ඔයාගෙ ලෙක්චර්ස් මග හැරගන්න එපා.. දවල් ප්‍රදීපුයි චතුරයිත් ආවනෙ..

    ඒ අයත් අද මට හම්බවුණේ නෑ..

    සනිරු ඔයාට බඩගිනිත් ඇති නේද..? මම එන්නත් වෙලා ගියා.. ඔහු ළගින් වාඩි වූ මායා ගෙන ආ පාර්සලයක් දිග හරිමින් කීය..

    ඔයා මගේ ළගට වෙලා ඉන්නවා නම් මට බඩගින්නක් දැනෙන්නෙ නෑ මායා..

    හා.. හා.. දැන් කතාව නවත්තලා මේ ඉදි ආප්ප ටික කන්න.. තමන්ගේ අතින්ම ඇනූ ඉදි ආප්ප මායා සනිරුට කැව්වේ පුංචි දරුවෙකුට කවන්නට මෙනි..

    මායා ඔයාත් කන්න..

    ඉස්සරෝම ඔයා කන්නකො.. ඊට පස්සෙ තමා මම කන්නෙ..

    අනේ මායා..! දැන් නම් ඇති.. හොදටම බඩ පිරිලයි තියෙන්නෙ.. මායාගේ අත අල්ලා ගනිමින් සනිරු පැවසුවේ ඇත්තටම බඩ පිරී තිබූ නිසාය..

    එහෙනම් ඒ ටික ඔයා කන්න.. දැන් මම කාලා ඉවරයිනෙ..

    හ්ම්.. මම කන්නම්.. හැබැයි ඔයා මට කවන්න ඕනි.. නැත්නම් කන්නෙ නෑ..

    මායා මිනිස්සු ඉන්නවනෙ.. වටපිට බැලූ සනිරු මුවට නැගුණු මද සිනාව සගවා ගනිමින් පැවසුවේය..

    ඇයි ඔයාට ලැජ්ජද සනිරු..? ලැජ්ජ වෙන්න එපා.. මම ඔයාට කැව්වෙ.. අනික ඔයා කැමති නෑ නේද ඔයාගෙ අත දෙකෙන් මට කවන්න.. සනිරු දෙස බලමින් සිටි මායා තම මුහුණ ඉන් ඉවතට ගෙන පුංචි තරහක් පෙන්විය..

    අම්මේ.. මේ අහිංසක ආඩම්බරකාරිට තරහ ගියා නේද..? මම විහිළුවක් කළේ.. ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. මායා අත ඉතිරි වී තිබුණු ඉදි ආප්ප පාර්සලය ගෙන තමන්ගේම අතින් සනිරු මායාට කැව්වේය..

    ලෙඩුන් බැලීමට වෙන් කර තිබූ පැයක පමණ කාලය අවසන් වීමට තවත් විනාඩි පහක පමණ සුළු වේලාවක් ඉතිරි වි තිබිණි.. මායාට සනිරු තනිකර දමා යන්නට හිත ඉඩ නොදුන්නත් කෙසේ හෝ එය කිරීමට සිදුවූයේ එය පිරිමි වාට්ටුවක් නිසාත් තම පියාගේ සැර පරුෂ බව නිසාත්ය..

    සනිරු.. මම දැන් යන්නද..? ඔහු ළගින් වාඩි වී සිටි මායා හෙමීට ඇසීය..

    මායාගේ අත් දෙක අල්ලා ගත් සනිරු පරිස්සමෙන් යන්න මායා යැයි පැවසීය..

    දොරටුව ළගට පැමිණි මායා නැවතත් ආපසු හැරී සනිරු දෙස බලා ඉක්මනින්ම රෝහල ඉදිරිපිට වූ බස් නැවතුම්පළට පැමිණියාය.. විනාඩි කිහිපයක්ම බස් රථයක් එනතුරු බලා සිටි මායා අභියසින් සුදු පාට කාරයක් ඉදිරියට ගොස් නැවතත් එය ආපස්සට පැමිණ මායා සමීපයට විත් නතර කළේය.. එම කාරයේ රියදුරු ආසනයේ වාඩි වී සිටි පුද්ගලයා ඉන් බැස මායා සමීපයට පැමිණියේය.. එලෙස බැස ආ පුද්ගලයා දුටු මායාගේ මුහුණ ගිනි පුපුරක් මෙන් රත් පැහැ වී නළියන්නට විය.. ඒ වෙන කිසිවෙකුත් නොව රකිත විය..

    තමුසෙ මොකද මෙතන කරන්නෙ..? අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා බලන්න ආවද..? රකිත මායාට කෑ ගැසුවේ ඇය ඔහුට සන්තක බූදලයක් මෙන් සිතාය..

    තමුසෙට වැඩක් නෑනෙ මම කොතන හිටියත්.. ඔව්, මම ආවෙ තුට්ටු දෙකේ වුණාට මගේ හදවතේ ඉන්න සනිරුව බලන්න තමයි.. තමුසෙගෙ වැඩක් තමුසෙ බලාගන්නවා රකිත.. මායාද රකිතට බැණ වැදුණේ තම සිතේ තියෙන කෝපය පාලනය කර ගැනීමට නොහැකි වූ නිසාය..

    ආ.. එහෙමද..? බලමුකො තවය කොච්චර කල් මේ නාඩගම නටයිද කියලා..

    ඇයි තමුසෙ මට මොනවා කරන්නද..?

    මොනවා කරන්නද..? මම මේ හැම දෙයක්ම තමුසෙගෙ තාත්තට කියනවා.. එතකොට බලමුකො.. රකිත මායාට තර්ජනය කළේ ඇයගේ පියාද තමාට පක්ෂපාතී බව දත් නිසාය..

    කියනවා ඉතිං.. මම බය වෙන්නෙ නෑ.. තමුසෙ දැන් පොලිස් කූඩුවෙ ළගින්න බලාගෙන ඉන්නවා.. මායා රකිතට විරුද්ධව පොලීසියට ගිය බව ඉබේටම ඇගේ මුවින් පිටවිය..

    මායා පැවසූ දෙයින් රකිතගේ මුහුණෙහි ගැබ්ව තිබුණු මදාවි උද්දච්ච ස්වභාවය ඔහුටත් නොදැනිම ලිස්සා යන්නට විය.. චන්ඩිකම තම මුහුණ බබළවා ගනිමින් සිටි රකිතගේ මුහුණ අන්ධකාර කරන්නට තරම් මායා පැවසූ දෙය ප්‍රබල විය.. එසැණින්ම පැමිණ බස් රථයට ගොඩ වූ මායා යන්නට වූයේ රකිතත් සමග කතා කිරීමට පවා අකමැති වූ හෙයිනි..

    මායා කසාද බැදීමට රකිත මේ තරම් උනන්දුවක් දක්වන්නේ ඇයට තිබෙන ආදරය නිසා නොව පවුලේ සෑම දේපළක්ම මායාට අයිති වන බව දැනගත් නිසාය.. කෙසේ වෙතත් ඇය පැවසූ දෙය රකිත තුළ තිබෙන කෝපය උත්සන්න කිරීමට ප්‍රබල විය.. මායා කෙරෙහිත් සනිරු කෙරෙහිත් ඔවුන්ගේ ආදරය කෙරෙහිත් තම සිතෙහි රෛය පුරවාගෙන රකිත සිය නිවසට පැමිණෙන විට රාත්‍රි හතට පමණ විය..

    නිවසට ඇතුළු වූ රකිතගේ කෝපය නැති වූවේ නිවස තුළ සිටි පොලිස් නිලධාරීන් දැකීමෙන් ඇති වූ බිය නිසාය.. මායා සදහන් කළ පැමිණිල්ල නිසාත් සනිරුගේ කට උත්තරය නිසාත් පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහූ රකිත අත්තඩංගුවට ගැනීමට පැමිණ සිටියහ..

    සනිරුට සහ ඔහුගේ යහළුවන්ට පහර දීම සම්බන්ධව වැරදිකරුවන් ලෙසට සාක්ෂි සහිතව ඔප්පු වූ රකිතට සහ ඔහුගේ යහළුවන්ට මාස තුනක සිර දඩුවමක් හිමි විය.. රකිතගේ පියා මන්ත්‍රීවරයෙකු වුවත් නීතිය සියතට ගෙන තම පුතාව සහ ඔහුගේ යහළුවන් නිදහස් කර ගැනීමට නොහැකි විය.. මේ නිසා රකිත තුළත් ඔහුගේ පියා තුළත් මායා සහ සනිරු කෙරෙහි වූයේ මහත් කෝපයකි..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    09.png


    කසාද බැදීමට තීරණය කර තිබෙන ගැහැනු ළමයෙකු තවත් කොල්ලෙකු සමග හාදකම් පවත්වමින් අකීකරු ලෙස හැසිරීම සම්බන්ධයෙන් රකිතගේ පියා තුළ පැවතියේ අප්‍රමාණ කෝපයකි.. එපමණක් නොව ඇයගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් තම පුතණුවන්ට සිරගත වීමට සිදුවීම සූරියවංශ කාරියවසම්ට දරාගත නොහැකි විය.. එබැවින් තව තවත් ඇයට හිතුමතේ ස්වාධිනව කටයුතු කිරීමට ඉඩ නොදී එය වැළැක්වීම සදහා සෑම දෙයක්ම ඇයගේ පියාට පැවසීමට කාරියවසම් තීරණය කළේ සිය පුතා මෙන්ම තමන්ද මායාගේ දේපළ වෙනකෙකු සතු වීම බලා හිදින්නට බැරිම වූ නිසාය..

    මායාගේ කැරැට්ටුව ඇයගේ දෙමාපියන් තුළ අවමානයට ලක් කිරමින් ඇයගේ නිදහස සීමා කර දැමීමේ බලාපොරොත්තුවෙන් කාරියවසම් මායාගේ නිවසට පැමිණියේ ඉමහත් උනන්දුවකිනි..

    හා.. එන්න.. එන්න.. කාරියවසම්.. මොකද මේ හදිසියේම මේ පැත්තෙ.. මායාගේ පියා කාරියවසම්ගේ උරහිසට අත තබමින් සිනා සී තම නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..

    කෝ.. මායා දුව නැද්ද ජයවර්ධන..? නිවසට ඇතුළු වෙමින් කාරියවසම් මහතාගේ පියාගෙන් ඇසූවේය..

    මායා අද උදෙන්ම කැම්පස් ගියා.. දැන් ඉතිං එයා උදේට යනවා හවසට එනවා.. ජයවර්ධන කාරියවසම් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ දෙදෙනාම පුටුව මත වාඩි වෙමිනි..

    ඉන්ද්‍රානි.. ඉන්ද්‍රානි.. මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා.. නිවස තුළ සිටි මායාගේ මවට ජයවර්ධන කතා කළේය..

    ඉතින්.. කොහොමද කාරියවසම්..? මේ දවස්වල දේශපාලන කටයතු එහෙම කොහොමද..? ජයවර්ධන කාරියවසම්ගේ වෘත්තිමය තොරතුරු පිළිබදව අසන්නට විය..

    එවා නම් හොදින් කෙරෙනවා ජයවර්ධන.. එත්.. කියමින් ඔහු පැවසීමට ගිය දෙය අඩාල කළේ එය කුමක්දැයි කියා ජයවර්ධන අසන තුරුය..

    මොකක්ද ඒ කිව්වෙ කාරි..? ප්‍රශන්යක් නම් කියන්න.. අනික දැන් අපි නෑදෑයො වෙන්නනෙ යන්නෙ.. කාරියවසම්ගෙ මුහු‍ණෙන් පෙන්නුම් කළ ව්‍යාජ කනස්සල්ල නිසා ජයවර්ධන ප්‍රශ්න කරන්නට විය..

    ආ.. මේ කාරියවසම්නෙ.. නිවස තුළ සිටි ඉන්ද්‍රානි ආලින්දයට පැමිණෙමින් ප්‍රකාශ කළාය..

    මායා පිළිබදව තමා පැවසීමට ගිය දේ ඇයගේ දෙමාපියන්ට පැවසීමට නියම මොහොත මෙය යැයි සිතා කාරියවසම්ට හැගුණේ ඇයගේ දෙමාපියන් දෙදෙනාම තමන් සමීපයේ සිටි හෙයිනි.. ඔහු තත්පරයක් වුවද ප්‍රමාද නොකර එය ප්‍රකාශ කිරීමට උගුර පෑදුවේ ඇය කෙරෙහි තමා තුළ අප්‍රමාණ වූ තරහක් තිබූ නිසාය..

    මේකයි.. ප්‍රශ්නෙ ජයවර්ධන.. ඔයාලා දන්නවනේ මායාගෙයි රකිතගෙයි විවාහය ගැන..

    ඔව්, ඉතින්.. ඒක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයිනෙ කාරි..

    ඉතින්.. එහෙම දෙයක් වෙන්න තියෙද්දි මායා දුව වෙන කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පවත්වන එක හරි නෑ නේද..? කාරියවසම් පුටුවෙන් නැගිට ජයවර්ධන සමීපයට පැමිණියේය..

    මේ මොනවද කියන්නෙ කාරි..?

    මම දන්නවා ඔයාලට මේක විශ්වාස කරන්න බැරි බව.. ඒත් ඒ දේ කොහොම හරි ඔයාලට විශ්වාස කරන්න වෙනවා..

    මේක බොරුවක් වෙන්න බැරිද කාරි..?

    මේක බොරුවක් නෙමෙයි ජයේ.. මායා, සනිරු කියලා කැම්පස් එකේම කොල්ලෙකුට ආදරය කරනවා.. අනික ඌ කැම්පස් කොල්ලෙක් වුණාට සාමාන්‍ය එකෙක්..

    මේ දේවල් මිනි්සසු දැන ගත්තොත් එහෙම මම කොහොමද රටට මූණ දෙන්නෙ..? මගේ තත්වයට මොකද වෙන්නෙ..? කාරියවසම් මදක් උස් හඩක් ගෙන ප්‍රකාශ කළේය..

    පුටුවෙහි වාඩි වී සිටි ඉන්ද්‍රාණි සිය දෑත් නළලෙහි තබාගෙන හිස පහත් කොට කල්පනා කළේ කාරියවසම් පැවසූ අදහාගත නොහැකි දේවල් තම දෙසවනේ දෝංකාර දෙන්නට පටන් ගත් නිසාය.. එහෙත් ඇයට මොහොතකින් මායා ගත් තීරණය නිවැරදි යැයි සිතෙන්නට විය.. ඇයගේ නිදහස, ස්වාධීනත්වය සීමාකර ජයවර්ධනගේ ඒකාධිපති තීරණ වලට යටත් වී කටයුතු කළ තම දියණිය එවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඉන්ද්‍රාණි පසුතැවිලි වූවේ නැත.. ඉන්ද්‍රාණිගේ සිතෙහි මෙතුවක් කල් පැවති පසුතැවිල්ල වූවේ රකිත වැනි අධර්මිෂ්ඨයෙකුට මායා දීමට සිදුවීම පිළිබදය..

    කාරියවසම් පැවසූ ආකාරයට මායා ආදරය කරන කෙනා දුප්පත් කෙනෙක් වුවත් සාමාන්‍ය අයෙකු වුවත් ඉන්ද්‍රාණිට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොවීය.. බුදු දහම අදහන ඈ තරයේම විශ්වාස කළේ කෙනෙකු පොහොසත් විය යුත්තේ භෞතික සැප සම්පත් වලින් නොව ආධ්‍යාත්මික ගුණ ධර්ම විල්න බවයි.. එබැවින් ඇයට පුද්ගලයෙකුගේ තරාතිරමට වඩා ගුණ යහපත්කම වැදගත් විය.. නමුත් තම සැමියා ඊට ඉදුරාම සිතන, පතන කෙනෙක් නිසා කිසිසේත්ම මායාගේ කැමැත්තට ඉඩ නොදෙන බවද ඇය තරයේම දැන සිටියාය..

    කාරියවසම් පැවසූ සෑම දෙයක්ම සත්‍යයක් වූවත් ඒ සියලු දෙයක්ම කිසිසේත්ම බැරෑරුම් නොවීය.. ඔහුගේත් රකිතගේත් එකම බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ මායාගේ දේපොළ තමන් සතු කර ගැනීමටයි.. ඒ නිසාම තම ආත්මාර්ථකාමී කුහක අපේක්ෂාවන් ඉටුකර ගැනීමට සනිරුගේ සහ මායාගේ ආදරයට බලපෑම් කරන්නට පෙළඹීය.. කෙසේ වෙතත් මායාගේ ජීවිතය බලාපොරොත්තු වන කිසිම දෙයක් රකිතගෙන් නොලැබෙන නිසාත් ඒ සෑම දෙයක්ම සනිරුගේ ජීවිතයෙන් තමන්ට නිසැකයෙන්ම ලැබෙන නිසාත් මායා සනිරුගේ ජීවිතයේම කොටසක් වන්නට විය..

    කාරියවසම්.. ඔයා මේවා දැනගත්තෙ කොහොමද..? කල්පනා කරමින් සිටි ඉන්ද්‍රාණි එලෙස ඔහුගෙන් විමසුවේ තව තවත් ඒ පිළිබදව ඇත්ත නැත්ත දැන ගැනීම සදහාය..

    ඔය සනිරු කියන කොල්ලත් එක්ක රකිත මේ ගැන කතා කරලා තියෙනවා.. එතනදි කැම්පස් එකේ කොල්ලො රකිතට ගහන්ට ගිහිං පොඩි රණ්ඩුවක් වෙලා.. එදා සිදු වූ දේවල් සගවා තම පුතණුවන් නිවැරදි යැයි කියා පැවසීමට කාරියවසම් හිතට ආ බොරු වැලක් කියන්නට විය..

    ඉතින්.. කියමින් ජයවර්ධන කාරියවසම්ගේ රැවටිලි වදනට හසුවිය..

    ඊට පස්සෙ මායා පොලීසියට ඇන්ට්‍රියක් දාලා.. සිතෙහි තිබෙන කෝපය නොපෙන්වමින් කාරියවසම් පැවසුවේය..

    මොනවා.. මේ අපේ මායා..? වික්ෂේපයට පත් වූ ජවර්ධනගේ මුහුණට අන්ධකාරයක් එක්විය..

    ඔව්.. ඔව්.. ඔයාලගෙ මායා තමයි.. කාරියවසම්ගේ සැග වී තිබුණ කෝපය ඉබේටම එළියට ආවේය..

    ඉතින්.. කාරියවසම් දැන් පුතා කොහෙද..?

    ඔයාලටම පුදුම හිතෙයි.. දැන් පුතා ඉන්නෙ හිරේ.. මේ හැම දෙයක්ම වුණේ මායා නිසයි.. එයාට පොඩ්ඩක් මේ ගැන තේරුම් කරලා දෙන්න..

    හරි.. හරි.. කාරියවසම්.. ඔයා කලබල වෙන්න එපා.. අපි මේ හැම දෙයක්ම මායාට තේරුම් කරලා දෙන්නම්..

    අපේ යාළුකම නිසයි මම මෙහෙම ඉන්නෙ.. වෙන කෙනෙක් එහෙම මේ දේ කරා නම්.. මොනවා වෙලාද දන්නෙ නෑ..

    මායාගේ නවස තුළ ගිනි ඇවිළ වූ කාරියවසම් එහි උණුසුම උත්සන්න කර නිවසින් එළියට බැස්සේ නැවතත් ජයවර්ධන සහ ඉන්ද්‍රාණි දෙස බලමිනි..

    කිසිකලෙක තම පරම්පරාව මෙවැනි අවනම්බුවකට, අපහාසයකට ලක් නොවූ බව සිතූ ජයවර්ධනගේ සිත තුළ ඉමහත් ලැජ්ජාවක් ඇති වූයේ මායා කෙරෙහි පියෙකු තුළ ඇති නොවිය යුතු වෛරයක් ඇති කර ගනිමිනි.. ඔහුගේ මනස තුළ කාරියවසම් පැවසූ දේවල් සංග්‍රාම භූමියක දෙපිරිසක් යුධ කරන්නාක් මෙන් දැනෙන්නට විය.. ඔහුට එය වේදනාකාරිය.. ඒ වේදනාව ඔහු තුළ කෝපය තීව්‍රර කරන්නට තරම් ප්‍රබල විය..

    එදින සවස රෝහලට ගොස් සනිරු බලා නැවත නිවසට මායා පැමිණෙන විට රාත්‍රී 7.45 ට පමණ විය.. ඇය පැමිණෙන තුරු ජයවර්ධන සහ ඉන්ද්‍රාණි මග බලාගෙන සිටියේ දහවල් කාරියවසම් පැවසූ දේවල් සත්‍යයක්ද අසත්‍යයක්ද යන්න පිළිබදව දැන ගැනීමේ හදිසිය ඇතිවය.. එහෙත් ඉන්ද්‍රාණිට එය අසත්‍යයක් වනවාට වඩා සත්‍යයක් වනවාට මුළුමනින්ම කැමැත්තක් විය..

    ඔය.. ඔය.. එන්නෙ රෑට රෑ වෙලා.. මායා ගේට්ටුවෙන් ඇතුළට එනවාත් සමගම ජයවර්ධන පැවසීය..

    ඇයි මායා අද පරක්කු වුණේ..? කිසිදු විශේෂත්වයක් නොපෙන්වමින් ඉන්ද්‍රාණි ඇසීය..

    බස් එන්න පරක්කු වුණා අම්මෙ.. කියමින් මායා තම කාමරයට යන්න විය..

    ඔහොම හිටපං මායා.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිටිමින් ප්‍රකාශ කළේය..

    ඇයි තාත්තෙ.. මට මහන්සියි.. පස්සෙ කතා කරමු.. තම පියා දෙස බැලූ මායා සමීපයේ තිබුණු උස මල් පෝච්චිය අල්ලා ගනිමින් පැවසීය..

    පස්සෙ නමෙයි.. දැන්ම උඹත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා.. උඹ හිතුවෙ අපිට මේ උඹගෙ කිසිම නාඩගමක් ආරංචි වෙන්නෙ නැති වෙයි කියලද..?

    සනිරු සහ තමා අතර තිබෙන සම්බන්ධය නිසැකයෙන්ම රකිතගේ පියා තම පියාට වමාරන්නට ඇතැයි මායා තුළ ක්ෂණිකයෙන් සැකයක් ඇතිවිය..

    ඇයි උඹට මම මේ කියන දේ ඇහෙන්නෙ නැද්ද මායා..? ජයවර්ධනගේ තරහා වැඩිවන්නට විය..

    මොන නාඩගමක් ගැනද තාත්තා මේ කියන්නෙ..? තම සිතෙහි සැකය රදවා ගනිමින් මායා ඇසීය..

    මගෙන්ද උඹ අහන්නෙ නාඩගම මොකක්ද කියලා..? මායාට ගහන්නට අත ඔසවමින් ජයවර්ධන කෑ ගැසුවේය..

    ජයේ.. ඔයාට පිස්සුද..? ප්‍රශ්නයක් තියෙනවා නම් හෙමීට විසදගමු.. මායාගේ මව ජයවර්ධනගේ ඉහළට එසවූ අත අල්ලා ගනිමින් පැවසීය..

    ඉන්ද්‍රාණි.. ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න නැතුව ඉන්න.. අනික මේවා හෙමීට විසදගන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි..

    මම කොහොමද මැදිහත් නොවී ඉන්නෙ..? මම මායාගෙ අම්මනේ.. අනික ඔයාට වගේම මටත් අයිතියක් තියෙනවා මායා ගැන..

    මම ඒක දන්නවා ඉන්ද්‍රාණි.. ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.. ඔයා තමයි මායාගෙ අම්මා..

    ප්ලීස් ජයේ.. මේ ගැන අපි හෙට උදේට කතා කරමු.. දැන් එයාට යන්න දෙන්න..

    නෑ.. ඉන්ද්‍රාණි.. දැන්ම මට මේ ගැන ඇත්ත නැත්ත දැනගන්න ඒනෙ..

    මායා.. උඹ අර සනිරු කියලා එකෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියන්නෙ ඇත්තද..? මට ඇත්ත කියපං..

    ඔව්, ඔව් තාත්තෙ තියෙනවා.. මම සනිරුට ගොඩක් ආදරය කරනවා.. එයත් එහෙමයි.. මායා අඩමින් පැවසීය..

    උඹට ලැජ්ජ නැද්ද මායා..? උඹ අර කාරියවසම්ගෙ පුතත් එක්ක බදින්න නේද යන්නෙ..? මම ඒ අයට මූණ දෙන්නෙ කොහොමද..?

    තාත්තෙ.. මම මුලින්ම කිව්වනේ රකිතට කැමති නෑ කියලා.. ඉතින්, ඇයි ඒ තියෙද්දි බලෙන් බන්දලා දෙන්න හදන්නෙ..? මට බෑ තාත්තෙ මම අකමැති කෙනෙක් එක්ක යන්න..

    එහෙනම් උඹට යන්න ඕනෙ අර තුට්ටු දෙකේ කැම්පස්කාරයා එක්කද..?

    ඔව්, තාත්තෙ ඔව්.. තුට්ටු දෙකේ කෙනෙක් වුණාට මම එයාට ආදරෙයි.. රකිතට සල්ලි තිබුණ පලියට තාත්තා කැමති වුණාට මම කැමති නෑ.. මම කැමති තාත්තා ඔය කියන තුට්ටු දෙකේ කැම්පස් කාරයට විතරයි..

    සනිරු දුප්පත් වුණාට එයා ළග හැම ගතිගුණයක්ම තියෙනවා.. එයා ළග මනුෂ්‍යත්වය තියෙනවා.. ඒකයි මම එයාට කැමති වෙන්නත් රකිතට අකමැති වෙන්නත් හේතුවා.. ඉතින්.. ඇයි තාත්තෙ ඒ දේ තේරුම් නොගන්නෙ..?

    උඹ මොනවා ගොතලා කිව්වත් මායා අපේ පවුලට ගැලපෙන්නෙ නැති හිගන්නෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක හොදට මතක තියාගනිං.. අඩමින් උන් මායාට අත දිගු කරමින් ජයවර්ධන පැවසීය..

    එයා හිගන්නෙක් වුණාට හොද හදවතක් තියෙන කෙනෙක්.. රකිත වගේ චණ්ඩියෙක් නෙවෙයි.. තාත්තත් ඉතින් කැමති ඒ වගේ අයටනේ.. මායා වේගයෙන් කීය..

    තමාගේ ජීවිතයටත් වඩා ආදරය කරන හිතවතාට හිගන්නෙක් යැයි කියා පැවසීම මායාට ඉවසුම් නැතිවිය.. සනිරුගේ හදවතේ තිබෙන උතුරා යන ප්‍රේමයේ, සෙනෙහසේ, කාරුණික බවේ පොහොසත්කම තක්සේරු කිරීමට තම පියාගේවත් රකිතගේවත් මුදල් වලට නොහැකි බව මායාට ඒ මොහොතේ සිතුණි.. මිනිසුන්ගේ අභ්‍යන්තරික ගති පැවතුම් තේරුම් ගෙන යහපත් අයහපත් පුද්ගලයන් කවුරුන්ද යන වග තෝරා බේරා ගැනීමට තරම් උසස් මනසක් තම පියාට නොමැති වීම පිළිබදව මායා තකුළ වූයේ ඉමහත් කණගාටුවකි, ලැජ්ජාවකි..

    රකිත චන්ඩියෙක් හින්දද කැම්පස් එකේ එවුන් රකිතට ගහන්න ගියේ..? කාරියවසම් පැවසූ බොරු වදන් ජයවර්ධනගේ මුවින්ද පිට විය..

    මොකක් තාත්තෙ..? රකිතට කැම්පස් එකේ අය ගහන්න ගියා.. පුදුමයෙන් මෙන් මායා ඇසීය..

    ඇයි උඹ දන්නෙම නෑ.. නිකං බොරුවට රගපාන්න හදන්න එපා..

    තාත්තෙ.. රකිතට කවුරුවත් ගහන්න ගියේ නෑ.. එයයි එයාගෙ යාළුවො ටිකයි තමයි සනිරුටයි එයාගෙ යාළුවන්ටයි හොදටම ගැහුවෙ.. සනිරු තවම ඉස්පිරිතාලෙ ඉන්නෙ.. මායා තම අම්මා ළගට පැමිණෙමින් පැවසීය..

    ඇයි තාත්තෙ..! කවුරුවත් කියන දේවල් ඔය තරම් විශ්වාස කරන්නෙ..?

    උඹ කියන්නෙ මේ හැම දෙයක්ම විශ්වාස නොකර ඉන්න කියලද..? එතකොට කාරියවසම් බොරුද කිව්වෙ..?

    තාත්තෙ, ඒ හැමදෙයක්ම ඇත්ත නෙමෙයි.. මම සනිරුට ආදරය කරන එක ඇත්ත.. ඒත්.. සනිරුටයි රකිත ගැහුවෙ..

    මට ඒවායින් වැඩක් නෑ.. උඹ නිසයි අද රකිත රිමාන්ඩ් එකේ ඉන්නෙ.. උඹ ඒකත් නෑ කියනවද..?

    ඔව් තාත්තෙ.. මමයි පොලීසියට හැම දෙයක්ම කිව්වෙ.. ඒ සාධාරණය වෙනුවෙන්.. නැතුව වෙන දෙයකට නෙමෙයි.. රකිත කරපු දේට දඩුවම් විදින්නම ඕනි.. එතකොට තමයි දැනෙන්නෙ වැරදි කරන එකේ බරපතලකම..

    උඹ කියන කතා උඹ ළගම තියාගනිං මායා.. හැබැයි මේක හොදට මතක තියාගනිං.. මීට පස්සෙ උඹට කැම්පස් යන්න ඕනෙ නම් ඔය සම්බන්ධය නවත්තපං.. දන්නවනේ මම මොකුත් දෙපාරක් කියන්නෙ නෑ කියලා.. ජයවර්ධන එලෙස ප්‍රකාශ කරමින් කාමරය වෙතට ගියේ ඉන්ද්‍රාණි දෙසද නොබලාය..

    අනේ.. අම්මෙ..! මාව පොඩ්ඩක් තේරුම් ගන්නකො.. ඇයි මගේ කැමැත්තට තාත්තා ඉඩ නොදෙන්නෙ..? මටත් කියලා ජීවිතයක් තියෙන්නෙ ඕනි නේද..?

    මම කොහොමද සනිරු නැතුව ජීවත් වෙන්නෙ..? මගේ ජීවිතේට සනිරු නැතුව තේරුමක් නෑ අම්මෙ.. මට සනිරුව අමතක කරන්න බෑ.. මායා තම මව වැළද ගනිමින් අඩන්නට වූවේ සනිරු තම ජීවිතයෙන් අමතක කරන්නට තරම් ශක්තියක් ඇය හද තුළ නොමැති බැවිනි..

    මේ අහන්න මායා.. මම ඔයාගෙ අම්මා.. මට ඔය වේදනාව තේරෙනවා.. ඉතිං අපි එන දේකම මූණ දෙමු.. ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ..

    ඒත්.. අම්මෙ.. තාත්තා සනිරුට මොනවා හරි කළොත් එහෙම.. මට බයයි අම්මෙ..

    බයවෙන්න එපා මායා.. තාත්තා ඒ වගේ දෙයක් කරන්නෙ නෑ.. මට ඒක විශ්වාසයි..

    අම්මෙ.. ඔයා කොහොමද එහෙම කියන්නෙ..? තාත්තා කාරියවසම් එක්ක එකතුවෙලා මොකුත් කරොත් එහෙම.. මායාගේ සිත බියෙන් පිරෙන්නට විය..

    මායා.. ඔයා මේ මොනවද කියන්නෙ..? කාරියවසම් දේශපාලඥයෙක් වුණාට එයාලටත් නීතියක් කියලා එකක් තියෙනවා..

    ඒක නම් ඇත්ත තමා අම්මෙ.. ඒත්, සමහර වෙලාවට නීතියත් තියෙන්නෙ එයාලගෙ අතේනෙ..

    අනේ..! මං දන්නෙ නෑ මායා.. ඔයා මේ කියන දෙවල් වලට මට නම් දෙන්න උත්තර නෑ.. මේ අහන්න මායා.. සනිරුට මොකුත්ම වෙන්නෙ නෑ.. ඕනම දේකට මේ අම්මා ඉන්නෙ ඔයා එක්කයි.. තේරුණාද..?

    මායා දැන් ගොඩක් රෑ වෙලා.. ඔයා තවම ඇදුම් මාරු කලෙත් නෑ.. ගිහින් ඇදුම් මාරු කරලා කෑඹ කන්න.. මට නිදිමතයි.. එහෙනම් මායා.. ගුඩ් නයිට්..

    ගුට් නයිට් අම්මෙ..

    සිය ආදරණීය අම්මාගේ කාරුණික බව මායාට සැනසිල්ලක් උදාකර දෙන්නට තරම් වාසනාවක් විය.. මායාගේ නිවස තුළදී ඇයගේ සෑම දුකක්ම වේදනාවක්ම හැදීනගෙන ඇය ළගින්ම සිටි එකම තැනැත්තිය වූවේ අම්මාය..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10.png


    සනිරුත් සමග තිබෙන සම්බන්ධය නතර කිරීමට ජයවර්ධන මායාට අවවාද කළත් එය ඔවුනගේ සංසාර ගත ප්‍රේමය මොහොතකට හෝ බිද දැමීමට තරම් ශක්තියක් නොවුණේ දෙදෙනා තුළ වූ නොබිදෙන බැදීම නිසාය.. නිරන්තරයෙන්ම මායාත් සනිරුත් මුණ ගැසීම, කතාබහ කිරීම, ගමන් බිමන් යාම සම්බන්ධයෙන් ජයවර්ධන පසු වූයේ ඉමහත් කෝපයෙනි.. එය ඔහුට දරාගත නොහැකි වූයේ තම පරම්පරාවෙන් පැවත එන අභිමානවත් නම්බුවට කැළලක් වේදැයි නිරතුරුම සිතෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් තම සිතට වද දෙන එම කාරණාව සැනසීමකට පත් කර ගැනුණේ මායා විශ්ව විද්‍යාලයට යාම තහනම් කිරීමට තීරණය කිරීමෙනි..


    මම උඹට කී පාරක් කිව්වද ඔය සම්බන්ධය නවත්තපන් කියලා..? ඒත්.. උඹ සත පහකට ගණන් ගත්තෙ නෑ නේද..? දැන් ඉතිං, මම කියන දේ අහලා ඔය කැම්පස් යන එක නතර කරපන්.. ගෙදරට වෙලා ඉදපන්.. ඔය ඉගෙන ගත්තා හොදටම ඇති..


    තාත්තා.. මොනවද මේ කියන්නෙ..? මම කොච්චර මහන්සි වෙලාද විභාගෙ පාස් වුණේ..? මට නම් ඒක කරන්න බෑ.. මම කැම්පස් යනවා..


    මායා.. උඹ මං කියන දේ අහපං.. මම උඹගෙ තාත්තා.. උඹ කැම්පස් යන්නෙ එක එකත් එක්ක නටන්නනෙ.. ඒක නිසා ගෙදරට වෙලා හිටපං..


    අනේ..! අම්මේ.. තාත්තට තේරුම් කරලා දෙන්නකො.. මම කොහොමද මේ ගෙදරට වෙලා තනියෙම ඉන්නෙ..? මට පිස්සු හැදෙයි.. මායා අසල සිටි තම අම්මාට එලෙස පැවසූවේ සිය පියා විසින් පැන වූ තහංචිය ඉවත් කර ගැනීමට හැකි වෙතැයි සිතාගෙනය..


    ඔව්.. උඹට පිස්සු හැදෙයි.. මටත් ඒක තේරෙනවා.. අරකගෙ මූණ බලන්නෙ නැතුව උඹට ඉන්න බැරි බව මම දන්නවා.. උමට පිස්සු හැදුණත් නැතත් මගේ තීරණේ වෙනසක් නෑ.. ඒක මතක තියාගනිං..


    ජයේ.. ඔයාට මේ මොකද වෙලා තියෙන්නෙ..? අපිට ඉන්නෙ මේ දරුවා විතරයි නේද..? ඉතිං.. ඇයි මෙහෙම සලකන්නෙ.. ඉන්ද්‍රාණි මායා තම තුරුලට ගෙන පැවසීය..


    ඒක නිසාම තමයි මාත් මේ කෑ ගහන්නෙ.. ජයවර්ධන උස් හඩින් පැවසීය..


    ඇයි තාත්තෙ..! සනිරුට ඔය තරම් වෛර කරන්නෙ..? එයා දුප්පත් නිසාද..? එයාගෙ වැරැද්ද මොකක්ද..? ප්ලීස්.. අපි දෙන්නා වෙන් කරන්න හදන්න එපා.. පිං සිද්ධ වෙයි..


    උඹ කොච්චර ගෙදිරි ගෑවත් දුවේ.. අපේ පරපුරට ගැලපෙන්නෙ නැති කෙනෙකුට මම උඹව දෙන්නෙ නෑ.. ඒක මගේ ප්‍රතිපත්තියක්..


    අම්මේ.. මායා තම මව වැළදගෙන හඩන්නට විය..


    දැන් ඉතින් ඇඩුවට වැඩක් වෙන්නෙ නෑ.. මම උඹට කලින්ම කිව්වනේ ඕක නතර කරපන් කියලා.. කෝ ඇහුවද..? හෙට ඉදන් කැම්පස් යාම තහනම්.. තේරුණානෙ.. ජයවර්ධන ඇගිල්ල දිගු කරමින් ප්‍රකාශ කළේය..


    අඩන්න එපා දුවේ.. මම කියලා මොනවා කරන්නද..? දන්නවනේ තාත්තා මොනවා හරි කිව්වොත් ආයෙ දෙපාරක් හිතන්නෙ නෑ කියලා.. කිසිවක් කිරීමට නොහැකිව අසරණ වූ අම්මා පැවසීය..


    ඒත්.. අම්මේ.. මම දැන් සනිරු හම්බවෙන්නෙ කොහොමද..? එයාට කතා කරන්නෙ කොහොමද..? අනේ.. අම්මෙ මොනවා හරි කරන්නකො..


    මට සමාවෙන්න මායා.. මට තාත්තාගෙ තීරණ වලට විරුද්ධව මොකුත් කරන්න බෑ.. එහෙම වුණොත් තාත්තා මොනවා කරයිද දන්නෙ නෑ.. ඉන්ද්‍රණි මායාගෙන් වෙන්ව කාමරයට පිය මැණුවේ කිසිත් කිරීමට නොහැකි වූ බැවිනි..


    තම පියාගේ ඒකාධිපති තීරණ වලට, තහංචි වලට මැදි වූ මායා හට නිවසින් එළියට යාමට සම්පූර්ණයෙන්ම තහනම් විය.. ඇය සිරමැරදිරියකට එක්තැන් වූ රැදවියක ලෙස නිවසට කොටු විය.. තමන් සමග තම දෙමාපියන් සිටින බව දැනුණත් නෑදෑ හිත මිතුරන් සිටින බව දැනුණත් හදවතට දැනෙන පාළුව, තනිකම, හුදෙකලා බව ඒ කිසිවෙකුට නිවාලන්නට තරම් හැකියාවක් නොතිබුණි.. හදවත අභ්‍යන්තරයේ උපදින ඒ තනිකම ඇය තුළින් සියුම් වේදනාවක් කෙමෙන් කෙමෙන් බිහි කරන්නට තරම් ප්‍රබල විය..


    හදවතට අවැසිව පවතින ආදරය, සෙනෙහස සංසාරය පුරාවටම විද ගැනීමට හිමිකම් කී ඒ උරුමක්කරුගෙන් වෙන්ව හුදෙකලාව සිටීම මායාට විදදරා ගැනීමට තරම් ධෛර්යක් නොවීය.. තම ජීවිතයට අරුණාලෝකයක් විත් සපැමිණි ඒ පෙම්බරාත් සමග එකදු වදනක් හෝ දෙඩීමට නොහැකිව ළතැවෙන ඇයගේ චිත්තාභ්‍යන්තරයෙහි තනිකම පාළුව හැරෙන්නට වෙනත් කිසි සංතෘප්තිදායක සිතිවිල්ලක් පිබිදෙන්නට තරම් ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි..


    හදවතේ දැවෙන විසල් අග්ලි ජාලාවෙන් කොටසක් හෝ නිවා දමන්නට හැකියාවක් ඇත්තේ තුෂාරිට සහ වසන්තිකාට බව මායාගේ මනස තුළ සටහන් විය.. ඇය සැණින් තුෂාරිගේ නිවසට දුරකථන ඇමතුමක් ගැනුණේ තම පියා විසින් පැන වූ තහංචිය පිළිබද පැවසීම සදහාය..


    හලෝ.. ආන්ටි.. තුෂාරි අක්කා ඉන්නවද..? මම මායා කතා කරන්නෙ.. මායා හෙමීට කටහඩ පාලනය කළේ තම පියා නිවසේ සිටි හෙයිනි..


    හා.. මායා දුවද..? පොඩ්ඩක් ඉන්න.. මම තුෂාරිට කතා කරන්නම්..


    ආ.. මායා මොකද මේ හදිසියෙම..? මොකක්ද ප්‍රශ්නෙ..?


    තුෂාරි අක්..කේ.. මායා හඩන්නට විය..


    ඇයි මොකද මායා මේ අඩන්නෙ..? ප්ලීස්.. අඩන්නෙ නැතුව මොකද වුණේ කියලා කියන්නකො..


    තුෂාරි අක්කෙ.. මට ආයෙ කැම්පස් එන්න වෙන්නෙ නෑ.. කවදාවත්ම.. මම ගෙදරට හිරවුණා තුෂාරි අක්කෙ..


    මායා ඔයා මේ මොනවද කියන්නෙ..? ඇයි එන්න වෙන්නෙ නැත්තෙ..? කවුද ඔයාට තහංචි දැම්මෙ..?


    තාත්තා අක්කෙ තාත්තා.. මට ගෙදරට වෙලා ඉන්නලු.. අනේ..! අක්කෙ.. මම දැන් මොනවද කරන්නෙ..?


    මායා.. තාත්තට මේ එකපාරම මොකද වුණේ.. මට නම් හිතාගන්නවත් බෑ.. අංකල් ඔය තරමටම ආත්මාර්තකාමී කෙනෙක් කියලා..


    එයාගෙ හිත කළු ගලක් වගේ දරුණුයි අක්කෙ.. සනිරුගෙයි මගෙයි සම්බන්ධෙ නැති කරන්නයි එයා එහෙම දෙයක් කළේ..


    අම්මා මොකද කියන්නෙ මායා..?


    අම්මට මොකුත් තීරණයක් ගන්න බෑ තුෂාරි අක්කෙ.. එයා ගොඩක් අසරණයි..


    ඉතින්.. මායා දැන් මොකද කරන්නෙ..? සනිරු දැන ගත්තාම ගොඩක් දුක් වෙයි.. අනික දැන් සනිරු ඉන්න තත්වය දැක්කාම.. මට නම් තේරෙන්නෙ නෑ මායා..


    ඒක තමයි අක්කෙ.. මටත් බය.. සනිරුට මොනවා හරි වුණොත් මට මගේ ජීවිතෙන් වැඩක් නෑ තුෂාරි අක්කෙ..


    ඕන්.. ඕන්.. ආයෙමත් අඩන්න පටන් ගත්තා.. චුට්ටක් ඉවසන්න මායා.. මොකක් හරි විසදුමක් මේ ප්‍රශ්නෙට තියේවි..


    මට අඩන්න ඇරෙන්න වෙන දෙයක් කරන්න ඉතුරු වෙලා නෑ අක්කෙ..


    හරි.. හරි.. මායා මට තේරෙනවා.. ඔයා බයවෙන්න එපා.. මම කොහොම හරි සනිරුගෙ හිත හදන්නම්.. එයාට මේ හැම දෙයක්ම තේරුම් ගන්න පුලුවන් වෙයි..


    ඒක නෙමෙයි මායා.. මම ඇවිත් අංකල් එක්ක මේ ගැන කතා කරන්නද..? සමහර විට එයාගෙ තීරණේ වෙනස් කරන්න පුළුවන් වෙයි..


    අනේ.. තුෂාරි අක්කෙ..! ඒක කොච්චර ලොකු දෙයක්ද..? හැබැයි අක්කෙ දැන්ම එපා.. තව දවස් දෙක තුනකින් එන්න..


    ම්.. හරි, මම බදාදා එන්නම්..


    අක්කෙ..! සනිරුට කියන්න මම කොහොම හරි ඉක්මණට කැම්පස් එනවා කියලා.. මායා හෙමීට තුෂාරිට මිමිණිය..


    හරි.. හරි.. පිස්සි.. මම කියන්නම්.. කලබල නොවී ඉන්නකො..


    ආ.. තුෂාරි අක්කෙ.. මම හෙට අපේ ලෙටර් බොක්ස් එකට ලියුමක් දාන්නම්.. ඒක වසන්තිකාට අරගෙන සනිරුට දෙන්න කියලා කියනවද..?


    ඇයි සනිරුත් එක්ක දවසක්වත් කතා නොකර ඉන්න බැරිද..? තුෂාරි මද සිනාවක් මුසු කරමින් ඇසීය..


    දවසක් නෙමෙයි තුෂාරි අක්කෙ.. එක තත්පරයක්වත් ඉන්න බෑ.. ඇත්තටම අක්කෙ.. ඒ තරමටම මගේ ජීවිතය සනිරුට බැදිලයි තියෙන්නෙ..


    අම්මෝ.. පුදුම ගැඹුරු ආදරයක්නෙ.. හරි.. ඒකත් මම කියන්නම්.. දැන් හරිනෙ.. එහෙනම් මායා මම දැන් තියන්නම්.. ගුඩ් නයිට්..


    ගුඩ් නයිට් තුෂාරි අක්කෙ..


    තම කාමරයේ එක් ජනෙල් පියනක් විවර කර එහි කම්බි කූරු තම දෑතින් අල්ලාගනෙ තාරකාවන්ගෙන් ආලෝකමත් වී තිබුණු අඹර දෙසට තම නෙතු පියන් යොමු කිරීඹට මායාට දැඩි සේ සිත් විය.. චන්ද්‍රයාගේ සොමි කැලුම් ක්ෂිර මගක් මෙන් මහ පොළවට පතිත වී එහි තුරු මුදුන් සිසාරා දැවටී තිබුණත් ඒ ප්‍රභාෂ්වර ආලෝකය තත්පරයෙන් තත්පරය අඩු වී යන්නට ගැනුණේ වළාකුළු රැසකින් සද ආවරණය වන්නට පටන් ගත් හෙයිනි..


    සද රැසින් ආලෝකමත් වී චමත්කාරයෙන් පිරී තිබුණු පරිසරයේ සුන්දරත්වය සතුරෙකු විලසට පැමිණි වළාකුළු වලින් නැති කර දැමුවාක් මෙන් ආදරයේ සංතෘප්තියෙන්, මිහිරියාවෙන් ඉපිළ ගිය තම හදවත අන්ධකාරවෙන් පුරවාලන්නට සැරසෙන අප්‍රමාණ වූ බාධක කෙරේ මායා තැවුණත්, වේදනා වින්දත් එය ධෛර්යක් කර ගැනුණේ තම ආදරේ පැවැත්ම සදා කාලයක්ම පවත්වා ගැනීඹට අවැසි වූ බැවිනි..


    සැණින් මායා තම මේසය වෙතට පැමිණ එහි පුටුවෙහි වාඩි වූවේ සනිරු වෙත යැවීම සදහා සිතා ගත් ලියුම ලිවීම සදහායි.. ඇය පෑන සහ කොළයක් රැගෙන ටික වේලාවක් කල්පනා කර ඉනික්බිතිව ලියුම ලිවීමට පටන් ගත්තාය.. තම හදවතට ගලාගෙන පැමිණෙන සියල් හැගීම් වචන වලට පෙරළා එකිනෙක සීරුවට පෙළගැස්වීමට මායා උනන්දුවක් දැක්විය.. වරෙක ඇය පෑන කොළය මත තබා තම හිස මේසය මත තබා ගනිමින් සුසුම් පොදක් හෙළීය.. තවත් විටෙක හදවතේ ගැබ්ව පැවති තනිකම කැටුව උපදින හැගීම් සමුදාය සටහන් කරමින් තිබුණු පෙම් හසුන තම ළයට තුරුළු කර ගත්තීය..


    අකුරෙන් අකුර, වචනයෙන් වචනය, පේළියෙන් පේළිය, ජේදයෙන් ජේදය.. ලියැවුණු ලියුම සම්පූර්ණ වීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගතවිය.. එපමණක කාලයක් ගත වූ බවක් මායාට නොදැනුණේ සනිරු ඇමතීමට ඇති එකම මාර්ගය ලියුමක් ලිවීම හැර වෙනත් ක්‍රමයක් නොතිබුණු බැවිනි.. එදින රාත්‍රියේම මායා එම ලියුම ගේට්ටුවේ සවිකර තිබූ ලියුම් පෙට්ටියට දැමීමට තීරණය කළේ පසුදා එය වසන්තිකාට ගැනීම සදහාත් තම පියාගෙන් ඒ බව සගවා ගැනීම සදහාත්ය..


    මායා.. කොහේද මේ මහ රෑ එළියට යන්නෙ..? අවදියෙන් සිටි ඉන්ද්‍රාණි පැවසීය..


    අම්මෙ මං.. මේ කියමින් ඇය තම අතෙහි හතරට නවා තිබුණු ලියුම දෙස බැලුවාය..


    ආ.. මේකයි එහෙනම් එළියට යන්න හැදුවෙ.. ඉන්ද්‍රාණි මහත්මිය මායාගේ අතේ තිබුණු ලියුම දෙස බලමින් පැවසීය..


    දුවේ..! මට මොකුත් හංගන්න හදන්න එපා.. ඇයි මාත් තාත්තා වගේද පේන්නෙ..?


    නෑ අම්මෙ.. කවදාවත් මම එහෙම හිතන්නෙ නෑ.. අම්මගේ කරුණාව නිසයි මම මෙහෙම හරි ඉන්නෙ..


    හරි.. ඒවායින් වැඩක් නෑ.. ඉක්මනට ඔය ලියුම බොක්ස් එකට දාලා නිදාගන්න යමු.. අර.. එකොළහටත් ළගයි.. අනික දැන් තාත්තා එහෙම නැගිට්ටොත් අපි දෙන්නට විසුමක් වෙන්නෙ නැතිවෙයි..


    හා.. හොදයි අම්මෙ.. ඉක්මනට යමු..


    එදින රාත්‍රියේ ජයවර්ධනගේ නිදි සුවය මොන තරම් සැපදායකද යන්න පවසනවා නම් මායා සහ ඉන්ද්‍රාණි අවදියෙන් සිටි බවක් පසුදාද නොදත්ය..


    පසුදා තුෂාරි සනිරු බැලීමට රෝහලට ගියේ ජයවර්ධන විසින් මායාට පැනවූ තහංචිය පැවසීමටද බලාපොරොත්තු ඇතිවය.. එහෙත් සනිරුට එය පැවසීමට තුෂාරිගේ සිත එක එල්ලේම කැමති නොවුණේ ඔහුගේ ශරීර සෞඛ්‍යය එතරම් සුව මට්ටමක නොමැති වූ නිසාය.. නමුත් කෙසේ හෝ එය පැවසීමට තුෂාරි අදිටන් කර ගත්තේ මායාද එය සනිරු හට පැවසීමට කියූ හෙයිනි..


    ආ.. තුෂාරි එන්න.. කෝ.. අද අනිත් අය ආවෙ නැද්ද..? වටපිට බැලූ සනිරු ඇසීය..


    නෑ සනිරු.. අද මට කවුරුවත් හම්බවුණේ නෑ.. ඒක නිසා මම තනියෙමයි ආවෙ..


    ආ.. එහෙමද..? මායත් තවම ආවෙ නෑ.. ඇයි දන්නෙ නෑ පරක්කු..


    මේ.. සනිරු, පොඩි ප්‍රශ්නයක්.. තුෂාරි සනිරු නිදාගෙන සිටි ඇදෙහි යකඩ කම්බිය අල්ලා ගනිමින් පැවසීය..


    ඇයි මොකක්ද ප්‍රශ්නෙ තුෂාරි..?


    මේකයි, මායගෙ තාත්තා.. තුෂාරි වචන එක දෙක මිමුණුවාය..


    ඔව්.. මායාගෙ තාත්තා.. මොකක්ද තුෂාරි ප්‍රශ්නෙ..?


    ජයවර්ධන අංකල් මායාට කැම්පස් යන්න එපා කියලා.. ගෙදරට වෙලා ඉන්න කියලා..


    මොකක්.. මේ මනුස්සයට පිස්සු හැදීගෙන එනවද..? ඇයි තුෂාරි එහෙම තීරණයක් අරගෙන තියෙන්නෙ..?


    ඔයාගෙයි, මායාගෙයි සම්බන්ධය නිසා සනිරු..


    අනේ..! මං දන්නෙ නෑ තුෂාරි.. මම නිසා ඒ කෙල්ලගෙ ඉගෙනීමත් ඉවර වෙන්නයි යන්නෙ..


    තුෂාරි.. මායට කොහොමද දැන්..? එයා හොදින් ද..?


    හොදින් නම් තමා.. ඒත්.. ඔයා ගැන හිත හිතා හැම වෙලේම අඩනවා.. මායා එයාගෙ ජීවිතේට වඩා ඔයා ගැනයි හිතන්නෙ සනිරු..


    ප්ලීස් තුෂාරි.. තවත් මොකුත් මට කියන්න එපා.. තුෂාරිගේ වදන් සනිරුගේ හදවතට දරා ගන්නට නොහැකි විය..


    ආ.. අන්න වසන්තිකා එනවා.. කොරිඩෝවේ සිට තමන් දෙසට පැමිණෙන වසන්තිකා දුටු තුෂාරි පැවසීය..


    තුෂාරි අක්කෙ.. දැන්ද ආවෙ..? ඇය පළමුවෙන්ම තුෂාරිට ඇමතුවාය..


    ඔව්, නංගි.. දැන් ටිකකට කලින් ආවෙ.. තුෂාරි ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු බැන්දාය..


    ඉතින්.. සනිරු දැන් කොහොමද..?


    දැන් නම් හොදයි වගේ වසන්තිකා..


    තුෂාරි පෙර දින රාත්‍රියේ පැවසූ ආකාරයටම වසන්තිකා මායාගේ නිවසට ඇතුළු වන ගේට්ටුවෙහි සවිකර තිබූ ලියුම් පෙට්ටියෙහි දමා තිබුණු ලියුම සනිරුට දීම සදහා රැගෙන ආවාය..


    ආ.. සනිරු, මේ ලියුම මායා ඔයාට දෙන්න කියලා කිව්වා..


    වසන්තිකා ඔයා ඒක ගෙනාවද..? මම හිතුවෙ ඔයාට ඒක ගන්න බැරිවෙයි කියලා.. මොකද මායාගෙ තාත්තා උදෙන්ම ඉන්නෙ ගේට්ටුව ළගනෙ..


    ඉනික්බිතව වසන්තිකා විසින් ගෙන ආ ලියුම සනිරුට ලැබීමට කටයුතු සිදුකළ ආකාරයට තුෂාරි විසින් සුපැහැදිලි කළාය.. එබැවින් මායා මොන තරම් දුක් වේදනාවක් නිවසට සිරවී හුදෙකලාව විදදරා ගන්නවාද යන්න කෙරේ පිළිබද සනිරුගේ හදවත කම්පාවට පත්වූවේය..


    එහෙනම් සනිරු, අපි දැන් යන්නම්.. ඔයා කලබල වෙන්න එපා.. මේ හැම දෙයක්ම විසදෙයි.. බයවෙන්න එපා.. වසන්තිකා සනිරුගේ සිතට ධෛර්යක් එක් කළාය..


    ආ.. සනිරු මට කියන්න අමතක වුණා.. මායා කොහොම හරි ඉක්මනටම එනවා කියලා කියන්න කිව්වා..


    තුෂාරිත් වසන්තිකාත් ගිය සැණින් මායා එවූ ලිපිය බැලීමට සනිරු දිග හැරියේය.. ඔවු වචන සංයමයකින් යුක්තව දෙතොලින් මුමුණන්නට පටන් ගත්තේය..



    2012.02.06
    සද නැති තරු නැති රැයක

    මගේම සනිරු,


    මට සමාවෙන්න සනිරු මේ විදියට ඔයාව ලිපියකින් ඇමතීමට වුණ එක ගැන.. ඒත් මං කියලා මොනවා කරන්නද සනිරු..?


    අහස පුරාවටම එළිය කරන් දුන්නු සද අදුරු පාට වළාකුළු වලින් මොහොතකින් වැහිලා ගියා.. මම එතකොට හිටියෙ ජනේලය ළග.. මුළු පළාතම අන්ධකාරයෙන් වැහෙන්න ගත්තා.. ඒත් පුංචි පුංචි තරු කැට නිසා මද එළියක් තිබුණා.. ඒ එළිය මට ආලෝකයක් විදියට පෙනුණෙ නෑ සනිරු.. මට ඕනි.. හද එළියෙ ප්‍රභාෂ්වර ආලෝකයයි.. නැතුව තරු කැට නෙමෙයි.. සත්තයි මගේ රත්තරන්..! මට ඔයා නැතුව පාළුයි.. මං තනි වුණා කියලා මට දැනෙනවා.. ඉතින් කවුරු හිටියත් මට මගේ ජීවිතය දැනෙන්නෙ හුස්ම ගැනෙනවාද කියලා දැනෙන්නෙ ඔයා හිටියොත් විතරයි සනිරු.. ඉතින් සද නැතුව දාහක් තරු තිබුණට මට ඵලක් නෑ මගෙ සනිරු..


    මම මේ විකාර දොඩවනවා නෙමෙයි සනිරු.. මගේ හදවතට දැනෙන හැගීම් තමයි මේ විදියට ලියවෙන්නෙ.. අපි දෙන්නා අපේම වෙන්න මේ ලෝකෙයේ පුංචිම පුංචි ඉඩක් තිබුණට අපි දෙන්නව වෙන් කරන්න මේ මුළු මහත් ලෝකයම බලාගෙන ඉන්නෙ සනිරු.. මට ඒක හොදටම දැනෙනවා.. ඒකෙ ආරම්භය මගේ තාත්තා තමයි පටන් ගන්නෙ.. ඇයි සනිරු මේ විදියට අපෙන් පළිගන්න හදන්නෙ..?


    මාව ගෙදරට මේ විදියට එක්තැන් කරලා හිර කරලා තිබ්බට මගේ හදවතට අගුල් දාලා හැගීම් නැති කරන්න කාටවත් බෑ සනිරු.. මේ හදවතේ උපදින හැගීම් තේරුම් ගෙන සෙනෙහස පුදන්නත් ඒ හදවතම සදහට නිසල කරන්නත් අයිතියක් තියෙන්නෙ එකම එක හිමිකාරයෙකුට විතරයි.. ඒ සනිරු කියන ඔයාටම විතරයි මගේ රත්තරන්..


    අපේ තාත්තගෙ මේ තහංචිය කවදා වෙනකම් මට බලපායිද කියලා දන්නෙ නෑ.. ඒත් මට ඒ තහංචියට විරුද්ධ වෙලා ඔයා ළගටම එන්න පුළුවන්කම තිබුණත් ඒක අපේ ආදරයට තවත් ශාපයක් වෙයි නේද සනිරු..? මම මේ හැම දෙයක්ම කොහොම හරි ඉවසන්නම්.. හැබැයි වසදෙනවා නම් විතරමයි.. නැත්නම් මගේ ජීවිතයම මට එපාවෙයි..


    අපේ තා්තතා ඔයාට වෛර කරන තරමට මම ඔයාට ආදරය කරනවා.. මම මගේ මුළු ආත්මයම මගේ සකල පන්චේන්ද්‍රියම ඔයාට පූජා කරලයි තියෙන්නෙ.. ඒ කිසිම දෙයක් ආයේ කවදාවත්ම මගේවත් කරගන්න බැරි වෙයි සනිරු.. ඒ තරමටම මම ඔයාට ආදරය කරනවා..


    මම ඉක්මනටම එනවා සනිරු.. අපේ ආදරයට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා නම්, අපේ ආදරය සත්‍යයක් නම්, අපේ ආදරය ජීවමාන නම් ඉක්මණමට තාත්තාගෙ තීරණය වෙනස් වේවි සනිරු.. එහෙම වුණොත් අපිට කියත හැකියි අපේ ආදරය අමරණීයයි කියලා.. එහෙම නේද..?


    හැබෑවට අපි දෙන්නා ළංව නොසිටියත් ගෙවෙන හැම තත්පරයක් පාසාම මම ඔයා ළගයි.. ඔයා මගේ ළගයි.. අපි දෙන්නා අපි ළගයි.. ඒ හදවතින් සනිරු.. ඒක ඔයාටත් මටත් දැනෙන සත්‍යයක්, විශ්වාසයක්.. ඉතින් මම දැන් නවතින්නම්..


    බුදුසරණයි!
    මීට,
    ඔයාගෙම ආදර,
    මායා.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇදෙහි හානිසි වී ලියුම කියවා අවසන් වූ සනිරු එය පපුවට තුරුළු කර ගැනුණේ එහි ලියැවී තිබුණු ඇයගේ වේදනාවන් හදවත සසල කරන්නට තරම්, හෘදස්පන්දනය වේගවත් කරන්නට තරම් කම්පනයක් ඇති කරන්නට ඉවහල් වූ හෙයිනි.. ඔහුගේ හදවතෙහි ඇති වූ වේදනාත්මක කම්පනය මොහොතකින් සකල ශරීරය සිසාර ාගමන් කරන්නට විය.. මස්, නහර, ඇට, මිදුලු හරහා ගමන් ගත් එම කම්පනය සැනින් නළියන්නට ගැනුණේ වේදනාව සපිරුණු රතු පාට ඇස් වලින් කදුළු බිදු නොකඩවා කඩා වැටෙන්නට පටන් ගත් සමගමය..

    සනිරු එදා රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර අතරමං වී ගන්දබ්බයෙකු විලසින් රැය පහන් කළේ තම ශරීර සෞඛ්‍යය පිළිබදවද නොසතමිනි..


    කැම්පස් නොයා ගෙදරට වී දවස් තුනක් පමණ මායා උන්නාය.. ඇයට තවත් එය ඉවසා ගත නොහැකි වූයේ තම අනාගතය හිතා මතාම විනාශ වන බව හොදාකාරවම දැනෙන්නට පටන් ගත් හෙයිනි.. එබැවින් ඇයට සිය පියාගේ දැඩි වූ තීරණයට විරුද්ධ වී ඉන් ඔබ්බට ගොස් ස්වාධීනව නිදහසේ තීරණ ගැනීඹට දැඩි සේ සිත් විය..


    අනේ... අම්මෙ..! මට තවත් නම් මේක ඉවසන්න බෑ.. මම කොහොමද මෙහෙම ගෙදරට වෙලා ඉන්නෙ..? මම කැම්පස් යන්නම් අම්මෙ..!


    මට මොකුත් තීරණය කරන්න බෑ මායා.. මේ ගෙදර හැම තීරණයක්ම ගන්නෙ තාත්තා.. ඉතිං.. මම කොහොමද මේදේට විතරක් තීරණයක් දෙන්නෙ..?


    අම්මෙ.. මම මෙහෙම ගෙදරට හිර කරලා තිබ්බට සනිරුට තියෙන ආදරය කවමදාකවත් නැති වෙන්නෙ නෑ.. ඇයි ඒ දේ තාත්තා තේරුම් නොගන්නෙ..?


    මම ඒක දන්නවා දුවේ.. ඒත්.. ඒත්.. තාත්තට ඒක තේරෙන්නෙ නෑ.. මොකද එයා සල්ලි මත්තෙම ජීවත්වෙන කෙනෙක්..


    ඔව් අම්මෙ.. සනිරුටත් හොදට සල්ලි තිබුණා නම් මේ විදියට මට දුක් විදින්න වෙන්නෙ නෑ..


    තුෂාර මායාට පැවසූ ආකාරයටම දවස් තුනකින් පමණ ඇයගේ නිවසට පැමිණියේ කෙසේ හෝ ජයවර්ධනගේ තීරණය වෙනස් කිරීමේ බලාපොරොත්තු ඇතිවය.. ජයවර්ධනගේ දැඩි වූ තීරණ වෙනස් කිරීමට ඉන්ද්‍රාණිට පවා නොහැකි බව තුෂාරි දැන සිටියත් සනිරුගෙන් මායා දුරස් කිරීම වැළැක්වීම සදහාත් මායාගේ ඉගෙනීම අඩපණ වීම වැළැක්වීම සදහාත් තුෂාරි විසින් එම භාරධූර කාර්යය බාර ගැනිණි..


    ආ.. අම්මෙ.. තුෂාරි අක්කා එනවා.. එන්න අක්කෙ එන්න.. මායා තුෂාරි හට නිවස තුළට පැමිණෙන ලෙසට ඇරයුම් කළේය..


    ඉතින් දුවේ..! කොහොමද..? ගොඩ දවසකටප ස්සෙ.. ඉන්ද්‍රාණි තුෂාරිට කතා කළාය..


    වරදක් නෑ ඇන්ටි.. හොදින් ඉන්නවා.. තුෂාරි මායාගේ වම ඇසූ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් කෙටියෙන් දුන්නාය..


    කතා කර කර ඉන්නකො.. මම බොන්න මොනවා හරි අරගනෙ එන්නම්.. ඉන්ද්‍රාණි මුළුතැන්ගෙය වෙතට පිය මැන්නාය..


    මායා.. කෝ.. තාත්තා නැද්ද..? පේන්න නෑනෙ.. තුෂාරි වටපිට බලමින් මායාගෙන් ප්‍රශ්න කළාය..


    ඉන්නවා අක්කෙ.. ගේ ඇතුළෙ.. දැන් එළියට එයි.. මේ ඔයා කොහොම හරි තාත්තාගෙ තීරණය වෙනස් කරන්න බලන්න.. කොහොම හරි..


    හරි.. හරි.. ට්‍රයි කරලා බලමු.. මොනවා හරි වෙයිනෙ.. ඔයා බය නැතුව ඉන්න.. මායා ළගින් වාඩි වී උන් තුෂාරි පැවසීය..


    අක්කේ.. ඔයා ඊයෙ සනිරු බලන්න ගියාද..? මේ ගැන ඔයා එයාට කිව්වද..? සනිරු ඔයාට මොනවද කිව්වෙ..? මායා එක වරම තුෂාරිගෙන් ප්‍රශ්න කිහිපයක්ම විමසුවේ ඊට සැණින් පිළිතුරු ලබා ගැනීමේ අපේක්ෂාව ඇතිවය..


    අයියෝ.. මායා එක එක ප්‍රශ්නෙ අහන්නකො.. පුදුම හදිසියක්නෙ තියෙන්නෙ.. තුෂාරි තම ඔලුවට අත තබා ගනිමින් පැවසුවාය..


    ම්.. සනිරුට මේ හැමදෙයක්ම කිව්වා.. ඉතිං.. එයා ගොඩක් දුක් වුණා.. ඒත්, සනිරුගෙ හිත ගොඩක් ධෛර්යයි මායා.. මට හිතෙන්නෙ සනිරු මේ හැම දෙයක්ම ඉවසන්නෙ ඔයා නිසයි කියලා..


    ආ.. ඔයා ලියපු ලියුමත් වසන්තිකා සනිරුට දුන්නා.. තත්පර දෙකක් කල්පනා කරමින් තුෂාරි පැවසීය..


    ම්.. එච්චර තමයි මායා..


    පුටුවෙහි වාඩි වී සිටි මායා සහ තුෂාරි එක වරම ඉන් නැගිට්ටේ කාමරයේ සිටි ජයවර්ධන තමන් වෙත එමින් උන් නිසාය.. ජයවර්ධන පැමිණෙනවාත් සමගම මායා තම කාමරය තුළට ගියේ ඔහුත් සමග සිත් අමනාපයෙන් සිටි බැවිනි..


    ආ.. තුෂාරි දුව.. මොකද මේ හදිසියෙම මේ පැත්තෙ..? කාමරය තුළට යමින් සිටි මායා දෙස බලමින් ජයවර්ධන ඇසීය..


    වාඩිවෙන්න.. වාඩිවෙන්න දුව.. ජයවර්ධන පුටුවෙහි වාඩිවෙමින් තුෂාරිට පැවසුවේය..


    පේනවද දුව.. මායාගේ හැසිරීම..? මේ දවස් වල මගෙත් එක්ක වචනයක්වත් කතා කරන්නෙ නෑ.. අඩුම තරමෙ මූණවත් බලන්නෙ නෑ..


    අංකල්.. මම මෙහෙම අහනවට තරහා ගන්න එපා.. අනික මම මෙහෙම අහන්නෙ මායාගෙ යාළුවෙක් නිසයි..


    මොනවද මේ අහන්නෙ තුෂාරි දුව..? මට නම් තේරෙන්නෙ නෑ.. තම තීරණය පිළිබදව තුෂාරි ප්‍රශ්න කිරීමට පෙළඹෙතැයි කියා ජයවර්ධනට සිතුණේය..


    මේකයි අංකල්.. ඇයි මායාට කැම්පස් යන්න එපා කියන්නෙ..? මායාට හොදට ඉගෙන ගන්න පුළුවන්.. ඉතින්.. ඇයි ඒ දේ නැති කරන්න හදන්නෙ..? තුෂාරි වචන එක දෙක වැඩි කරගනිමින් ජයවර්ධන සමග කතා කරන්නට විය..


    ඔව් දුව, මම දන්නවා මායාට හොදට ඉගෙනගන්න පුළුවන් කියලා.. ඒත්.. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන් හිතුවක්කාර විදියට වැඩ කරනකොට බලාගෙන ඉන්න පුළුවන්ද..?


    ඇයි අන්කල් එහෙම කියන්නෙ..? මායා හිතුවක්කාර ගෑනු ළමයෙක් නෙමෙයි.. මායා සනිරු කියලා කෙනෙකුට ආදරය කරන එක ඇත්ත.. ඒකෙ වැරැද්දක් නෑ නේද අංකල්..?


    වැරැද්දක්.. කියමින් කෝපයෙන් මෙන් ජයවර්ධන පුටුවෙන් නැගිට්ටේය..


    තුෂාරිට මේක තේරෙන්නෙ නෑ.. අපේ පවුලට කොහෙත්ම ගැලපෙන්නෙ නැති එකෙකුට මට කැමති වෙන්නද කියන්නෙ..? නෑ.. නෑ.. ඒක කොහෙත්ම වෙන්නෙ නෑ..


    හරි, අංකල්.. ඒත් මායාට කැම්පස් යන්න දෙන්න.. ඒ දේ මායගෙන් උදුර ගන්න එපා.. මොකද ඒ මායාගේ අනාගතය නේද..?


    දරුවො.. මායා කැම්පස් යන්න ග්තතොත් ඔය සම්බන්ධය කවදාවත්ම නතර වෙන්නෙ නෑ.. ඒකයි මම එහෙම තීරණයක් ගත්තෙ.. නැතුව මායාගෙ අනාගතය විනාශ කරන්න නෙමෙයි..


    අනේ අංකල්..! පිං සිද්ධ වෙයි.. ඔය විදියට ආත්මාර්ථකාමී වෙන්න එපා.. මායාට කැම්පස් යන්න දෙන්න.. ප්ලීස්.. තුෂාරි ජයවර්ධන ඉදිරිගේ බැගෑපත් විය..


    තම තීරණය වෙනස් නොකිරීමට ජයවර්ධන දැඩි සේ අදිටන් කරගෙන සිටියත් එය මායාගේ ඉගෙනීමේ කටයුතු වලට බලපාන බැව් දැනෙන්නට ගත් නිසා එය වෙනස් කිරීමට තරම් ඔහුගේ සිත මොළොක් විය..


    හරි.. තුෂාරි දුව, මම මායාට කැම්පස් යන්න දෙන්නම්.. හැබැයි.. මේ සම්බන්ධය නතර කරන්න කියලා කියන්න.. මම මේ තීරණය ගත්තෙ එයාගෙ ඉගෙනීම ගැන හිතලයි..


    හොදයි අංකල්.. කියමින් මායා සිටි කාමරයට ඇය ගියාය..


    අක්කේ.. තාත්තා මොකද කිව්වෙ..? කාමරයට පැමිණි තුෂාරිගේ අත්දෙක අල්ලා ගනිමින් මයා ඇසීය..


    අම්මෝ.. පුදුම තාත්තා කෙනෙක් තමයි.. ආපහු කැම්පස් යන්න නම් පුලුවන්.. ඒත්.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න කිව්වා.. නැත්නම්.. කියමින් තුෂාරිත් කිසිත් නොකියා ඇද වත වාඩි වූවාය..


    නැත්නම් කිව්වෙ අක්කෙ..? මායාද තුෂාරි අසලින් වාඩි වූවාය..


    නැත්නම් කිව්වෙ.. සනිරුත් එක්ක තියෙන සම්බන්ධය නතර නොකළොත් සනිරු ගැන බලාගන්නවා කිව්වා..


    අනේ අක්කෙ..! මම කොහොමද සනිරුට තියෙන ආදරය නැති කර ගන්නෙ..? ඒක නම් මේ ආත්මයෙ තියා මතු ආත්මයකදිවත් කරන්න බෑ..


    ඒත්.. තාත්තා සනිරුට මොනවා හරි කළොත්.. මම කොහොමද දරා ගන්නෙ..? මායා තුෂාරිගේ උරහිස මත හිස තබා ගනිමින් පැවසීය..


    දැන් මායා තාත්තට කිසිම දෙයක් දැනගන්න තියන්න එපා.. පුලුවන් තරම් පරිස්සමින් ඉන්න.. මොනාවා හරි දැන ගත්තොත් එහෙම.. ඒක සනිරුගේ ජීවිතයටයි බලපාන්නෙ..


    ආ.. ඇන්ටි එන්න.. කාමරයට පැමිණි ඉන්ද්‍රාණි දුටු තුෂාරි පැවසීය..


    අම්මේ.. කියමින් ඉදිරියට පැමිණි ඉන්ද්‍රණි මායා විසින් වැළද ගත්තේ නිහතමානි වූ පුංචි සතුටක් සිතෙහි රදවාගෙනය..


    මම තුෂාරිගෙයි තාත්තගෙයි කතාව අහගෙන හිටියෙ මායා.. තාත්තා එහෙම හරි තීරණය වෙනස් කරපු එක ගැන දූට සතුටු නැද්ද..?


    සතුටුයි අම්මෙ සතුටුයි.. ඒත් බයකුත් හිතේ තියෙනවා..


    ජීවිතය කියන්නෙ ප්‍රශ්න ගොඩක් මායා.. අපිට ඒ ප්‍රශ්න එක්කයි ජීවත් වෙන්න වෙලා තියේනනෙ.. ඉතින් ඔයාටත් මේ හැම දේකටම මූණ දෙන්න වෙනවා.. ඒ ගැන හිතලා බයවෙන්න එපා..


    තුෂාරි දුව.. ඔය තේ එක බොන්න.. දැන් නිවිලත් ඇති..


    ආ.. හරි ඇන්ටි.. මේසය උඩ තිබූ පීරිසිය සහිත තේ කොප්පය අතට ගනිමින් තුෂාරි පැවසීය..


    තේ කොප්පයෙන් උගුරු දෙක තුනක් පානය කළ තුෂාරිගේ වේළි තිබුණු දිවකට සැණින් තෙත් වන්නට විය.. ඇය තේ කෝපපය මේසය උඩ තබමින් යාමට සූදානම් වූයේ මායා හට තවත් කාරණාවක් පවසමිනි..


    මායා.. ඔයා හෙට උදෙන්ම එන්න සනිරු බලන්න හොස්පිට්ල් එකට යන්න.. මොකද ඔයාට ආපහු කැම්පස් යන්න ලැබුණ එක දැන ගත්තාම සනිරුට ගොඩක් සතුටු හිතෙයි..


    එහෙනම් ඇන්ටි මම යන්නම්.. මායා මම යනවා.. හෙට උදේන්ම යන්න..


    හොදයි තුෂාරි අක්කෙ..! ඔයාට කොහොම ස්තුති කරන්නද මංදා.. තැන්ක්යූ වෙරි මච් අක්කේ..


    මේ.. මේ.. පිස්සුද මායා ඔයාට..? ඇයි මට තෑන්ක්ස් කරන්නෙ..? මම ඔයාලගෙ යාළුවෙක් නෙමෙයිද..?


    එහෙනම් මම යනවා.. බායි..


    බායි තුෂාරි අක්කේ..


    දවස් තුනක් පමණ සනිරු බැලීමට නොහැකි වූ මායා පසුදා රෝහලට ගියේ ඉමහත් උනන්දුවකිනි.. උද්යෝගයකිනි.. මේ මිහිතලය මත තිබෙන අප්‍රමාණ වූ සප්‍රාණික, අප්‍රාණික දේ වලින් තම දෑසට වඩාත්ම පිය මනාප වූ, සුන්දර වූ, ලෙන්ගත් වූ, ආදරණීය වූ, සෙනෙහෙවන්ත වූ, අමිල වූ, ජීවමාන වස්තුව ලෙසට මායාගේ හදවතේ සේම මනසෙහිද අධිනිශ්චය වී තැන්පත්ව පැවතියේ එකම එක ප්‍රාණයක් පමණි.. ඒ ඇයගේ පෙම්බරා සනිරුය..


    මායා.. මායා.. මේ ඔයාමද..? තමං ඉදිරියේ මායා සිටියත් එය සනිරුට අදහාගත නොහැකි විය..


    ඔව්.. සනිරු.. මම මායා.. ඔයාගෙම මායා.. ඇයි ඔයාට විශ්වාස නැද්ද මම ඔයා ළග ඉන්නවා කියලා.. මේ බලන්න.. මම ඔයා ළගයි ඉන්නෙ.. ඇය තම දෑතින් සනිරුගේ මුව ස්පර්ශ කරමින් ප්‍රකාශ කළාය..


    මායා මට නම් මේක හීනයක් වගෙයි.. ඇත්තමයි.. මේ දවස් තුනේ මම හිටියෙ කොහොමද කියලවත් මට හිතාගන්න බෑ..


    මටත් එහෙමයි සනිරු.. මේ දවස් තුන මට හරියට අවුරුදු තුනක් වගේ.. මගේ ජීවිතේටම ඒ දවස් තුන මහා නපුරු කාලයක් වගේ දැනුණෙ.. කොටින්ම කියනවා නම් ඒ දවස් තුනේ මම හුස්ම ගත්තද කියලවත් මතක නෑ..


    මායා ඔයා අර ලියපු ලියුමේ කියලා තිබුණා නේද අපි දෙන්නා ළංව නොසිටිවත් ගෙවෙන හැම තත්පරයක්ම අපි හදවතින් එකට ළංවයි ඉ්නනෙ කියලා.. ඇත්තටම ඒක කොච්චර ඇත්තක්ද..? මේ දවස් තුනේ ඔයාව මට දකින්න නොලැබුණත් ඒ හැම මොහොතකම ඔයා හිටියෙ මගේ හදවතෙයි මායා..


    ඔය ඇත්තමද සනිරු කියන්නෙ..? මායා හෙමීට මිමිණුවාය..


    ඔව්, මගේ මායා.. ඇත්තමයි.. අපිට පිහිට වෙන්න බුදුන් ගැන මම දිවුරන්නම්, දෙවියන් ගැන දිවුරන්නම්..


    දිවුරන්න ඕන නෑ සනිරු, ඒක මට විශ්වාසයි..


    සනිරු දැන් ඔයාට අමාරුවක් නෑ නේ..? තවම ඔලුව රිදෙනවද..?


    දැන් මාරුවක් නෑ මායා.. දැන් නම් හොදටම හොදයි.. හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා කිව්වා..


    මායා හෝරාවකට ආසන්න කාලයක් සනිරුත් සමග දොඩමලු වී කැම්පස් එකට ගියේ පෙර දිනයන්හී අතපසු වූ පාඩම් කොටස් තම යහළුවන්ගෙන් අසා දැන ගැනීමේ අපේක්ෂාව ඇතිවය..



    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.png


    දින කිහිපයක්ම රෝහල්ගතවී සිටි සනිරු රෝහලෙන් පිටවී සිය නිවසට පැමිණියේ පැවති අසාධ්‍ය තත්වයෙන් බොහෝ දුරට සුවයක් ලබාගෙනය.. එහෙත් වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඔහුගේ මනස එතරම් වෙහෙසට පත් නොකළ යුතු බව අවධාරණය කර තිබිණි.. කෙසේ නමුත් නිවසට පැමිණි සනිරු වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිගත්තද ඔහුගේ මනස එක් දෙයකින් තරමක් නොසන්සුන් තත්වයක පැවතුණි.. ඒ තම ආදරයය සිය අම්මාගෙන් සැගවීම පිළිබදවයි.. නමුත් අවසානයේදී සනිරු ඒ බව තම අම්මාට පැවසුවේ එය අම්මාට සැගවීමෙන් තේරුමක් නැති බැව් තමාටම තේරුම් වූ හෙයිනි..

    අම්මේ.. අම්මේ.. පොඩ්ඩක් මෙහාට එන්නකො.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම අම්මාට කතා කළේය..

    කුස්සියේ සිටි අම්මා.. එනවා.. එනවා.. කියමින් සනිරුගේ කටහඩ ඇසී ඔහු සිටි කාමරයට ආවාය..

    ඇයි පුතේ..! මොනවද උඹට ඕනෙ..? ඇය ඇද සිටි චීත්තය ඉණට තද කර ගනිමින් ඇසීය..

    මොකුත් නෑ අම්මෙ.. මට පොඩි කාණාවක් කියන්න තියෙනවා.. ඒක නිසා පොඩ්ඩක් මෙතැනින් වාඩි වෙන්නකො.. සනිරු තම අම්මාගේ අත අල්ලා ගනිමින් පැවසීය..

    කාරණාවක්.. මොකක්ද පුතේ..? සනිරුගේ ඇදෙහි වාඩිවෙමින් ඇය විමසීය..

    අම්මේ.. අර එදා අපේ දිහා තුෂාරිත් එක්ක ආපු ගෑනු ළමයව මතකද..? සනිරු කෙළින්ම තම ආදරය අම්මාට පැවසීමට පැකිළුණේ නැත..

    කවුද..? මේ.. අර.. කොණ්ඩේ දිග සුදු ගෑණු ළමයා ද උඹ ඔය කියන්නෙ..? සනිරුගේ මව කල්පනා කරමින් ඇසීය..

    ඔව් අම්මෙ.. අන්න හරි.. එයා තමයි.. ඇදෙහි දිගා වී සිටි සනිරු තම කොට්ටය බිත්තියට තබා එහි හේත්තු වී මහත් ඕනෑ කමින් පිළිතුරු දුන්නේය..

    ඉතින්.. කියන්ට තියෙනවා කිව්ව කාරණාව කියපංකො..

    අම්මේ.. එයාගෙයි.. මගෙයි.. සනිරු අදිමින් කියන්නට විය..

    ඉතින් කියපන්කො එයාගෙයි මගෙයි මොකක්ද කියලා.. සනිරුගේ අම්මා තරමක් උස් හඩින් ඇසීය..

    අම්මේ අපි දේනනා අතරෙ සම්බන්ධයක් තියෙනවා.. සනිරු ලැජ්ජාවෙන් මෙන් තම මුහුණ පහතට හරවා හෙමීට අම්මාට පැවසූවේය..

    මට නිකමට වගේ හිතුණා උඹ එහෙන් මෙහෙන් ඇඹරි ඇඹරි කියන්ට යනකොට.. ඒ ළමයා කොහේ කෙනෙක්ද..? සනිරුගේ මව මායා පිළිබදව විස්තර අසන්නට විය..

    එයා මාතලේ ඉන්නෙ අම්මෙ.. තුෂාරි ඉන්නෙ.. අන්න එහේ..

    පෝසත් පවුලක ළමයෙක් වගෙයි.. ඕවා කෙරෙයි කියලා කවුද දන්නෙ..? අපිටම තමයි අන්තිමට දුක් වෙන්න සිද්ධවෙන්නෙ..

    හැබැයි හරිම අහිංසක ළමයෙක්.. එදා මගේ කකුල් දෙක අල්ලලා වදිනකොට මට පුදුම පැහැදීමක් ඇතිවුණේ එළමයා ගැන.. සනිරුගේ මව මායාගේ යහපත්කම වර්ණනා කළේ සනිරු තුළද කිසියම් ආඩම්බරයක් ඇති කරවමිනි..

    සිය අම්මා තුළද මායා කෙරෙහි ප්‍රසාදයක් ඇතිවීම පිළිබද සිනරු ඉමහත් සේ සතුටට පත්විය.. අම්මාගේ නිර්මල ආශිර්වාදය සනිරුගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගැන්මට හැකිවන පැතුමක් වන බව සනිරු නිරතුරුවම සිතුවේය..

    සතියක් පමණ කැම්පස් යාමට නොහැකි වූ සනිරු එදා කැම්පස් එකට ගියේ සුවිශාල ප්‍රබෝධයකිනි.. පෙර දිනයේ මායා තමාට රෝහලේ දී හමු වුවද ඉන් එපිට දින දෙක තුනක්ම දෑසින් ඇයව ඈත් වූයේ ජයවර්ධනගේ දැඩි වූ තීරණය නිසාවෙනි.. එබැවිස් ඇයත් සමග කතාබහ කිරීඹටද සනිරුට ඉවසුමක් නොවීය..

    හලෝ.. සනිරු ගුඩ් මෝනිං.. ප්‍රදීප් සහ චතුර එකවරම සනිරුට ආමන්ත්‍රණය කළහ..

    ගුඩ්මෝනිං.. ගුඩ්මෝනිං.. මචං.. සනිරුද තම යහළුවන්ට සිනා සී ආමන්ත්‍රණය කළේය..

    ඉතින් සනිරු.. දැන් කොහොමද..? අමාරුවක් එහෙම නෑනෙ.. ප්‍රදීප් සනිරුගේ තුවාල වූ හිස දෙස බලමින් ඇසුවේය..

    නෑ මචං.. දැන් නම් අමාරුවක් නෑ.. ඒත් බෙහෙත් දිගටම ගන්න වෙයි..

    ඔව් මචං ඔය බෙහෙත් නතර නොකර දිගටම ගනිං.. නැත්නම් ආයෙම පස්සට තමා අමාරුව.. චතුර ප්‍රදීප් දෙස බලා සනිරුට පැවසූවේය..

    ටික වේලාවක් කතා කරමින් සිටි සනිරු, ප්‍රදීප් සහ චතුර අක්බාල් පාළම ළගට ගියේ ලෙක්චස් වලට යාමට තවත් පැයක පමණ කාලයක් ඉතිරිව තිබූ නිසාවෙනි.. සනිරුගේ ජීවිතය ජීවත් කරවීමට, නැවත අලුත් ප්‍රාණයක් ලබා දීමට යාමා මැදිහත් වූ බවක් කිසිවෙකුවත් සනිරුට නොපැවසූවේ මායාගේ ඉල්ලීම නිසාය.. නමුත් මායාගේ එම උත්තරීතර පරිත්‍යාගය සනිරුට වසන් කිරීමට ප්‍රදීප්ට රිසි නොවුණේ මායා කොතරම් සනිරුට ආදරය දක්වනවාද යන්න පිළිබද සනිරුට පැවසීමට උවමනා වූ හෙයිනි..

    සනිරු උඹට අපි යමක් හැංගුවා.. එහෙම කළේ තවත් කෙනෙකුගෙ ඉල්ලීමක් නිසයි.. ඒත්.. මට උඹට ඒක කියන්නම ඕනි.. ප්‍රදීප් පාළමේ හරස් ලීයට හේත්තු වී බිම බලා පැවසුවේය..

    ප්‍රදීප්.. උඹට පිස්සුද..? අපි පොරොන්දු වුණා නේද මායාට..? චතුරට ඉබේටම මායාගේ නම කියවුණේ එම රහස ප්‍රදීප් සනිරුට පැවසීමට ගිය නිසාය..

    මොනවද උඹලා මායාට පොරොන්දු වුණේ..? මොනවද මගෙන් හංගන්න තියෙන ඔච්චරම වටින දේ..? සනිරු ප්‍රදීප්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු දෙස බලා ඇසුවේය..

    මොකුත් නෑ මචං.. අපිට මොනවද උඹගෙන් හංගන්න තියෙන්නෙ.. තව තවත් එය වසන් කිරීමට චතුර උත්සාහ කළේය..

    චතුර ප්ලීස් මචං.. මගේ ජීවිතේට බලපාන දෙයක් නම් ප්‍රදීප් කියන්න යන දේ කියන්න දිපන්..

    සනිරුගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍යව තිබුණු ලේ වර්ගය කිසිවෙකුවත් සමීපයේ නොතිබුණු හෙයින් එම ලේ වර්ගය මායා විසින් සනිරුට ලබා දුන් බව ප්‍රදීප් සනිරුට පැවසුවේය.. ප්‍රදීප්ගේ මුවින් මායා විසින් කළ එම අමරණිය පරිත්‍යාගය පිළිබදව කියවෙන විට ඉහළට පහළට හෙළමින් සිටි සනිරුගේ ඇස් පිල්ලම් එක් තැනට විත් නතර විය..

    ප්‍රදීප්.. උම මේ ඇත්තක්ද කියන්නෙ..? මට ඇත්ත කියපං.. දෑසෙහි කදුළු පුරවාගෙන සනිරු ප්‍රදීප්ගෙන් ඇසුවේය..

    ඔව් සනිරු.. ප්‍රදීප් කිව්වෙ බොරු නෙමෙයි.. ඒ හැම දෙයක්ම ඇත්ත.. මායායි උඹට ලේ දුන්නෙ.. සනිරුගේ දෑසින් කදුළු ගලා හැලෙද්දී චතුර ඔහුගේ දෙඋර අල්ලා ගනිමින් ප්‍රකාශ කළේය..

    ඇයි මචං.. මේ තරම් මායා මං වෙනුවෙන් කැපවීම් කරන්නෙ..? පාළම මැද සිටි සනිරු එහි අනෙක් පැත්තට යමින් තම යහළුවන්ගෙන් විමසුවේය..

    ඒක තමයි ආදරේ කියන්නෙ මචං.. මායා උඹට එයාගෙ පණටත් වැඩියෙන් ආදරය කරනවා.. ප්‍රදිප් සනිරු දෙසට පසුපසින් ඉදිරියට ඇදෙමින් කීවාය..

    තිදෙනාම පාළමෙහි එගොඩට පැමිණ අසල තිබූ බංකුවක් මත වාඩි වූහ.. මෙම අක්බාල් පාළමේ සුවිශේෂත්වය වූයේ එක් පසෙක සිට යමෙකු පැමිණෙණ විට එකවරම ඔහු නොපෙනී පළමුව හිස පමණක් පෙනී ක්‍රමයෙන් සම්පූර්ණයෙන්ම දිස් වීමයි.. මෙය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විසින් ඉදිකර ඇති අතර ඔහුගේම නාමයද මීට යොදා තිබීම තවත් විශේෂත්වයකි.. එබැවින් මෙම අක්බාල් පාළම පේරාදෙණිය විශ්ව විදයාලයට ඇති සුවිශේෂි වූ සම්පතකි.. එය විශ්ව විද්‍යාලයේ සිසුවියන්ගේ නිවාඩු පාළුව ගත කිරීමටවෙන් වුණු කදිම ස්ථානයකි..

    මචං.. මායා නේද එන්නෙ..? මායාගේ මුහුණ දුටු ප්‍රදීප් කීවේය..

    ඔව්.. ඔව්.. මායා තමයි.. චතුරද පාලමේ කෙළවර දෙස බලමින් කීවේය..

    ප්‍රදීප් සහ චතුරගේ මුවින් මායාගේ ආදරණිය නම පිට වෙනවාත් සමගම සනිරු හිද සිටි බංකුවෙන් නැගිට මායා පැමිණෙන ඉදිරියට දිව ගියේ මොහොතකට පෙර ප්‍රදීප් පැවසූ දෙයින් සනිරුගේ හදවත තව තවත් තව තවත් මායා කෙරෙහි බැදුණු නිසාවෙනි.. මායා සමීපයට දිව ගිය සනිරු තත්පයක් දෙකක් යන තුරු ඇය දෙස බලාගෙන හිද සැණින් ඇය වැළදගන්නට විය.. අත හරින්නට බැරි තරම් මහත් ලෝභකමකින් යුතුව තුරුළු කර ගත්තේය.. සනිරුගේ හදවත මත මුව හොවා ගනිමින් සිටින මායාගේ සවනට ඔහුගේ සෙනෙහසේ රාවය ඇසෙත්ම ඇයද තව තවත් තම දෑතීන් සනිරු තමාට ළං කර ගත්තේය.. ගැඹුරු සොරබොර වැවේ නිසල දිය මෙන් සස්ථීරව සනිරු තුළත් මායා තුළත් පවතින ආදරය නිසාම එකම සීරුවක් සේ දෙදෙනා වෙලී සිටියහ.. නිරායාසයෙන්ම සනිරුගේ දෑසින් කදුළු බිදු ගිලිහී මායාගේ පිට මත පතිත වීමත් සමගම දැනුණු සිසිලස නිසා සනිරුගෙන් මායාගේ දෑත් ලිහිල් විය..

    සනිරු.. ඇයි මේ ඇස් වල කදුළු පිරිලා..? ඔහුගේ ඇස් දෙක දෙස බලමින් මායා පැවසීය..

    මේ කදුළු වැටෙන්නෙ ඔයාගෙ ආදරය නිසයි මායා.. ඇයි ඔයා මේ තරම් මට ආදරය කරන්නෙ මායා..? සනිරු මායාගේ අත්දෙක අල්ලා ගනිමින් පැවසීය..

    ඒ මොකද දන්නවද සනිරු.. ඔයාගෙ මේ කදුළු වල තියෙන අවංකකම නිසයි මගේ පණටත් වැඩියෙන් මම ඔයාට ආදරය කරන්නෙ.. සනිරුගේ දෑසින් වැටුණු කදුළු තම අත්ල මතට ගත් මායා එය ඔහුට පෙන්වමින් පැවසීය..

    ඔය තරම් ආදරය කරන්න එපා මායා.. මොකද අපි අපිට අයිති නොවුනොත් එහෙම ඔයාට මොනවා වෙයිද..? ඔයා කොහොමද ජීවත් වෙන්නෙ..?

    එහෙම වුණොත්.. එදාට මගේ ජීවිතේ නැතිවෙයි සනිරු.. එදාට මම මුළු ලෝකයත් එකක්ම තරහා වෙනවා.. මම මගෙත් එක්කම තරහා වෙනවා.. ඉහළට ගත් සුසුම් පොත තද කරගෙන සිට එක පාරටම එය පහළට හෙලමින් පැවසීය..

    ප්ලීස්.. මායා.. ඔය වගේ දේවල් කියන්න එපා.. මට විශ්වාසයි අපිට හැමදාමත් එකට ඉන්න ලැබෙනවා කියලා.. හැමදාමත්..

    හැමදාමත්..

    ඔව්.. හැමදාමත්.. සදාකාලයටම..

    සනිරු සහ මායා අතරට බාධාවක් වෙන්න නොසිතූ ප්‍රදීප් සහ චතුර එතැනින් යන්නට වූයේ එම මොහොතේ ඔවුන්ට හුදෙකලාව වෙසෙසින්ම අවැසි බව දැණුනු හෙයිනි..

    සනිරු.. අපි යන්නම්.. ඉක්මණට වරෙන්..

    තම යහළුවන් ගිය පසුව සනිරු සහ මායා අසල තිබූ බංකුව මත වාඩි වූයේ තව තවත් කතා කර කර සිටීමේ අවශ්‍යතාවය තිබුණු හෙයිනි.. විශ්ව විද්‍යාලය තුළදී සනිරුත් සමග කතාබස් කිරීම තම පියාට දැන ගැනීමට ඇති ඉඩකඩ ශූන්‍ය බව දැනගත් මායා ඔහුත් සමග නිදහසේ දොඩමලු වීමට අමතක නොකළේය.. කාරියවසම්ද තමා පිළිබද විපරමෙන් ඉන්නා බැව් දන්නා මායා ඔහුගෙන්ද බේරී සනිරුත් සමග නිදහසේ සිටීමට විශ්ව විද්‍යාලය පිටුවහලක් කර ගත්තත් තම ඉගෙනීමේ කටයුතු අදුරු කර ගැනීමට කිසිත් ඉඩ නොදුන්නේය..

    සනිරු.. දවස් තුනක් මට කැම්පස් එන්න බැරි වුණා.. ඒ පාඩම් ටික කොහොම හරි කවර් කරගන්න ඕන.. නැත්නම් පස්සට තමයි අමාරුව..

    මේ හැම දෙයකටම වග කියන්න ඕනි මමයි මායා.. මොකද මම නිසානෙ ඔයාට කැම්පස් එන්න බැරි වුණේ.. ඔයාගෙ පෙර පිනකටද කොහෙදෝ ආපහු කැම්පස් එන්න ලැබුණෙ..

    ඇයි සනිරු.. ඔයා වග කියන්න ඕනි කියන්නෙ..? එහෙම බලනවා නම් මමත් වැරදියි..

    නෑ.. නෑ.. මායා.. බැරි වෙලාවත් ඔයාගෙ තාත්තා ගත්ත තීරණය වෙනස් නොකළා නම් එහෙම.. අපි කොහොමද මෙහෙම හරි මුණගැහෙන්නෙ..

    ඒකනම් ඇත්ත තමයි සනිරු.. අපි අද මෙහෙම ඉන්නෙ තුෂාරි අක්කා නිසයි.. තුෂාරි අක්කා අපේ තාත්තට කතා කරපු නිසයි එයාගෙ තීරණේ වෙනස් වුණේ..

    මොනවා.. තුෂාරි.. පුදුමයෙන් මෙන් සනිරු ඇසුවේය..

    ඔව් සනිරු.. තුෂාරි අක්කා ඊයෙ අපේ දිහා ඇවිත් තාත්තට කතා කළේ නැත්නම් අදත් මම ගෙරද..

    තුෂාරි නම් පුදුම යාළුවෙක්.. අපිට කොච්චර කියලා උදව් කරනවද..?

    ඒක තමයි සනිරු.. එයා මගේම සහෝදරියක් වගෙයි දැනෙන්නෙ..

    ඒක නෙමෙයි මායා.. ඔයාලගෙ ගෙදරට ආරංචි වුණොත් එහෙම ඔයා මට ලේ දුන්නා කියලා.. ඔයාට මොනවා වෙයිද..?

    ආරංචි වුණදෙන් සනිරු.. කවුරු මොනවා කිව්වා කළත් ඔයා වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා.. අනික දැන් ගෙදරට හැම දෙයක්ම ආරංචි වෙලයි තියෙන්නෙ..

    ඒ කිව්වෙ මායා..

    රකිත රිමාන්ඩ් කරපු තරහට එයාගෙ තාත්තා හැම දෙයක්ම අපේ ගෙදරට කියලා.. බංකුව මත වාඩි වී සිටි සනිරුට තුරුළු වූ මායා සිදු වූ සෑම දෙයක්ම පැවසීය..

    ඉතින්.. මායා තාත්තා ඔයාට ගැහුවද..? බැන්නද..? ජයවර්ධන මායාට කළේ කුමක්දැයි කියා දැන ගැනීමේ උනන්දුවෙන් සනිරු ඇසුවේය..

    මම හැම දෙයක් ගැනම ඇත්ත කිව්වා සනිරු.. ඒ ඇත්ත අහලා තාත්තට හොදටම කේන්ති ගියා.. මට හොදටම බැන්නා.. ගහන්නත් ගියා.. අම්මා හිටපු නිසයි බේරුණේ..

    ඇයි සනිරු.. අපිට අපේම කියලා ලස්සන ලෝකයක නිදහසේ ඉන්න දෙන්නෙ නැත්තෙ.? සනිරුගේ තුරුලේ සිටි මායා අඩමින් සනිරුගෙන් ප්‍රශ්න කළේ ඔවුන්ටම නිදහස් වුණු සුන්දර ලෝකයක් නැතිද යන ප්‍රශ්නය මතු කරමිනි..

    තියෙනවා මායා.. ඇත්තටම ඔයා කියන විදිහෙ සුන්දර ලෝකයක් තියෙනවා.. ඒත්.. අපි ඒ ලෝකයේ ලස්සනට සතුටින් ඉන්නවට මේ සමාජය කැමති නෑ..

    ඇයි එහෙම කියන්නෙ සනිරු..? කවමදාකවත් අපිට ඒ ලෝකයට යන්න බැරිද..?

    පුළුවන් මායා.. හැබැයි මම සල්ලිකාරයෙක් වුණා නම්.. මමත් පෝසත් කොල්ලෙක් වුණා නම් ඔයාගෙ තාත්තා මට නිකම්ම කැමති වෙයි.. ඒත් මම දුප්පත්නෙ මායා..

    ප්ලීස්.. සනිරු.. මීට පස්සෙ ඔය දුප්පත් කතාව ඇදලා ගන්න එපා.. මොනවා කියන්න ගියත් දුප්පත්.. දුප්පත්.. දුප්පත්.. අනික ඔයා දුප්පත් වුණාට අපේ ආදරය දුප්පත් නෑනෙ.. සනිරුට තුරුළු වී සිටි මායා ඉන් ඉවතට විත් තරමක් උස් හඩින් පැවසීය..

    ජයවර්ධන තමාට අකමැති වීමට ප්‍රධානම හේතුව තමා දුප්පත් බව යන්න සනිරුට සුපැහැදිලිව අවබෝධ කරගත හැකි වූවත් මායා ඊට එකග නොවන්නේ ඔහු සතු ගුණ යහපත්කම, ආචාරශීලී බව, මානුෂිය හැගීම් මොන තරම් පොහොසත්ද යන්න පිළිබදව තම මනස තුළ නිරතුරුවම තර්ක කිරීමට පෙළඹෙන බැවිණි..

    හරි.. හරි.. මායා සොරි.. මීට පස්සෙ එහෙම කියන්නෙ නෑ.. ඒ වගේ පොඩි දෙයකින් වුවත් මීට පස්සෙ මම ඔයාගෙ හිත රිද්දන්නෙ නෑ.. සත්තයි..

    ආ.. ඒක නෙමෙයි.. මම ඔයා ගැන අපේ අම්මට කිව්වා.. එයා ඔයාට ගොඩක් කැමතියි.. මායාගේ සිතෙහි ඇති වූ දුක නැති කිරීම සදහා සනිරුට එය මතක් විය..

    මං ගැන කිව්වේ.. ඇයි ඔයා ගැන කිව්වෙ නැද්ද..? සනිරු පැවසූ දෙයින් සතුටට පත්වූ මායා කට කොණින් සිනාසෙමින් පැවසීය..

    ඔව්.. ඔව්.. ඔයාගෙයි මගෙයි ආදරේ ගැන තමයි.. සනිරු මායාගේ පුංචි සිනාව දෙස බලමින් පැවසීය..

    ඉතින්.. ඉතිං.. සනිරු මොනවද අම්මා කිව්වෙ..?

    ම්.. ඔයා අම්මට වදිනකොට ඔයා ගැන ලොකු පැහැදීමක් ඇතිවුණාලු.. අනික මායා ඔයාගෙ හැඩරුව අම්මට සෑහෙන්න මතකයි.. ඔයාගෙ දිග කොණ්ඩය.. ඔයාගෙ පාට.. මේ හැම දෙයක්ම..

    අනේ.. සනිරු..! ඔයාගෙ අම්මත් හරියට ඔයා වගේමයි.. හරිම අහිංසකයි..

    නැතුව.. නැතුව.. මම ඉතින් අපේ අම්මගෙ එකම පුතානෙ..

    ම්හ්.. හැබැයි අම්මගෙ විතරක් නෙමෙයි.. මටත් ඔයාව අයිතියි.. එහෙම නේද..?

    දන්නෙ නෑ මායා.. සිනාසෙමින් කීවේය..

    මොනවද දන්නෙ නැත්තෙ.? මම අහන්නෙ ඔයා මටත් අයිතියි නේද..? නේද..? නේද..? ඇය පුන පුනා ඇසීය..

    ඔව්.. ඔව්.. ඔව් මායා.. මම ඔයාගෙම තමයි.. හැමදාටම ඔයාගෙම තමයි..

    සනිරු මට පොරොන්දු වෙන්න මොන ප්‍රශ්නයක් ආවත් අපි දෙන්නා එකටම ඉන්නවා කියලා.. මායා සනිරුගේ අත තම හිසෙහි තබා ගනිමින් පොරොන්දු විමසීය..

    ඔව් මායා.. මම පොරොන්දු වෙනවා.. කවමදාකවත් ඔයාගෙන් මමත් මගෙන් ඔයාවත් වෙන් වෙන්නෙ නෑ කියලා.. හැබැයි ඔයාගෙ ඔලුවෙ අත තියලා විතරක් පොරොන්දු වුණාට මගේ හිත පිරෙන්නෙ නෑ.. සනිරු මායාගේ කම්මුල් තම දෑතින් අල්ලාගෙන පැවසුවේය..

    එහෙනං.. සනිරු ඔයාගෙ හිත පිරෙන්න ඔයාට මොනවද කරන්න ඕනි..? මායා තම දෑස් පහතට කොට නැවත සිනරු දෙස හොරහින් බලා විමසීය..

    දැන ගන්න ඕනිද මායා..? මායාගේ නිකට තම දකුණතේ ඇගිලි වලින් මදක් ඔසවා සනිරු ඇසුවේය..

    ඔව් සනිරු.. කියමින් මායා ලැජ්ජාවෙන් මෙන් නැවත ඇස්දෙක පහතට හරවා ගත්තේය..

    ඇස් දෙක පහත් කොට ගනිමින් ලැජ්ජාවෙන් මෙන් මායාගෙන් පද්දීපනය වූ ප්‍රතිචාරය සනිරු ඇයගෙන් බලාපොරොත්තු වූ දෙයට කැමැත්ත ප්‍රකාශ කිරීමක් ලෙසට සනිරුට ඒත්තු ගැන්විණි.. සනිරු පළමුවෙන්ම මායාගේ ඇස්දෙක සහ කම්මුල් දෑල තම දෙතොලින් සිපගෙන පොරොන්දු වූයේ කිසිම දවසක තමා ඇයගෙන් වෙන් නොවන බවට මතක සටහන් තැන්පත් කරමින්.. අනතුරුව සනිරු මායාට පොරොන්දු වූවේ තම දෙතොලින් ඇයගේ රෝසපාට තොල් පෙති නොරිදා මල් පෙත්තකටත් වඩා සංස්පර්ශයෙන් සිපගෙනය.. සනිරුගේ හදවතේ මායා කෙරෙහි තිබෙන අසීමාන්තික ආදරය ඔහුගේ ගතේ උණුහුමින් දැනෙන්නට පටන් ගත්තම මායා සනිරු හැද සිටි කමිසය තම දෑතේ ඇගිලි වලින් අදිමින් ඔහුගේ උණුසුම අත් විදීය..

    ඉනික්බිතිව මායා ද තම තොල්පෙති වලින් කුළුදුල් සිප ගැනීම සනිරුට පූජා කරමින් පොරොන්දු වූයේ තමා තමාටම අමතක වුවත් තම ජීවිතයෙන් සනිරු කිසිම කලෙකවත් අමතක නොකරන බවට සහතික කරමිනි..

    එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය, සෙනෙහස විශ්වාසය සහතික කර ගනිමින් ගිවිසුම් ගත් සනිරු සහ මායා අතරෙහි කිසිදු රහසක්, අවිශ්වාසයක් ඇති නොවන්නට කටයුතු කිරීමටද පොරොන්දු වූහ..

    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    12.png


    ආර්ට් සෙක්ෂන් එකේ අභ්‍යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්‍යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් නොමැති වූ නිසාමය..

    මුන්ට පිස්සුද දන්නෙ නෑ.. ළමයි ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. විභාග වලට තව මාස කීයද..? තුෂාරිට ආවේශ වූ ආවේගයත් සමගම එම වචන ටික නිරායාසයෙන්ම පිටවුණි..

    කියලා වැඩක් නෑ බං.. ඇත්තටම අපේ අධ්‍යාපනය මහ පිස්සුවක්.. දර්ශනී තුෂාරිගේ කියමන සනාථ කළේ තමන් ලබන අද්‍යාපනය පිළිබද කලකිරීමෙනි..

    ඔව් දර්ශනී.. ඔයා කිව්වා හරි.. අපේ අධ්‍යාපනය පිස්සුවක් වෙලා තියෙන්නෙ නිකම්ම නෙමෙයි.. ඔය ලොකු ලොක්කො හින්දයි..

    තමන්ට මුහුණ දීමට සිදුවන ඛේදවාවක වලට සනිරු දොස් පැවරුවේ බලධාරීන්ටය..

    අපිටත් තියෙන්නෙ පාරට බැහැලා මේවට විරුද්ධ වෙලා කෑ ගහන්ටයි.. නැතුව මේවා නතර වෙන්නෙ නෑ.. එතකොට හරි තේරෙයිනෙ.. රැඩිකල් වදනින් ප්‍රදීප් මුව විවර කළේය..

    පිස්සුද ප්‍රදීප්..? අපිටම තමයි තවත් වල කැපෙන්නෙ.. දැක්කනේ ගිය පාර වුණ දේ..? දර්ශනීට අතීතයේ සිදු වූ සිදුවීම් පෙළක් මතකයට නැගුණි..

    එහෙම නම් ඉතිං.. අපිට බලාගෙන ඉන්න තමා වෙන්නෙ.. ප්‍රදීප් කලකිරීමෙන් මෙන් පැවසුවේය..

    ඔව්, ඉතිං වෙන මොනවා කරන්නද.? දර්ශනී පැවසීය..

    හරි.. හරි.. දැන් ඕක නවත්තපල්ලා.. දැන් කොහොමත් ඉතින් නිවාඩුනේ.. අපි මොනවා කරන්නද..? ආතල් එකේ ඉමු.. නැද්ද ප්‍රදීප්..? නිතරම සැහැල්ලුවෙන් සතුටෙන් ඕනෑම දෙයක් ගැන සිතන චතුර පැවසුවේය..

    ඔව් බං.. චතුරගෙ කතාව ඇත්ත.. මේකෙ අපේ වැරැද්දක් නෑනෙ..

    ආං.. මායා එහෙමත් එනවා.. එයාලට මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඉතිං එයාලගෙ පළමු අවුරුද්දනෙ.. මායා සහ වසන්තිකා පැමිණෙන දෙස බලමින් තුෂාරි පැවසීය..

    මොකද ප්‍රශ්නයක් නැත්තෙ..? මායට තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ.. චතුර සනිරු දෙස බලා සිනාසෙමින් පැවසුවේ සනිරුට මායා මුණගැසීමට මෙය බාධාවක් වන බව ඉගි කරමිනි..

    තම යහළුවන් පැවසූ දේවල් සත්‍යයක් බවට සනිරුට වැටහුණත් එය එතරම්ම ඔහුට ප්‍රශ්නයක් නොවුණේ දෙදෙනා තුළ ඇති අප්‍රමාණ වූ ගැඹුරු බැදීම නිසා සෑම මොහොතකම එකිනෙකා තුළ එකිනෙකා ජීවමානව ජීවත් වන බව ඔහුත් ඇයත් හොදාකාරවම ද්නනා බව දත් නිසාය.. සෑම මොහොතකම සජීවීව දෙනෙතට එකිනෙකා නොගැටුණත් ඒ හැම තත්පරයකම හෙළන හුස්ම පොදෙන් ගැහෙන හදවතේ රාවයෙන් ඔහුත් ඇයත් එකට ළංව සිටියහ.. එකට බැදී සිටියහ..

    එන්න.. එන්න.. මායා.. අපි මේ ඔයා ගැන තමයි කතා කර කර හිටියෙ.. මාර අප්සට් එක නේද..? නිවාඩුනේ.. තුෂාරි මායාගේ මැළවුණු මුහුණ දෙස බලමින් පැවසීය..

    හ්ම්.. මොනවා කරන්නද..? මායා සනිරුගේ මුහුණ දෙස බලා නැවත තුෂාරිදසෙ බලමින් පැවසීය..

    අම්මෝ.. සනිරු.. නිවාඩුයි කියලා කිව්ව වෙලාවෙ ඉදලා මායා හිටියෙ පිස්සුවෙන් වගේ.. වසන්තිකා තුෂාරි ළඝට යමින් මායාට කොනිත්තා පැවසුවාය..

    නැතුව.. නැතුව.. පිස්සු හැදෙන්නෙ නැති වෙයිද..? අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඕනි.. නැද්ද මචං..? ප්‍රදීප් චතුරට පැවසුවේය..

    මේ.. මේ.. මට හොද අදහසක් ආවා.. අපි දවස් දෙකකට විතර දර්ශනීලගෙ ගෙදර යමු.. නිතරම විනෝදයට බරව කටයුතු කරන චතුර යෝජනාවක් කළේය..

    ඒ කියන්නෙ.. නුවරඑළියෙ නේද..? අනේ..! නියමයි චතුර.. ඔයාගෙ අයිඩියා එක.. දර්ශනීගේ පිටුපසින් සිටි වසන්තිකා ඇයව වැළද ගනිමින් පැවසුවේ ඉමහත් ප්‍රීතියකිනි..

    මාත් කැමතියි ඒකට.. තුෂාරිද එයට කැමැත්ත පළ කළාය..

    මාත්.. කියමින් ප්‍රදීප් තම කැමැත්ත පළ කළාය..

    චතුරගේ යෝජනාවට සියලුම දෙනා කැමැත්ත ප්‍රකාශ කළත් මායාගේ මුහුණින් ඊට අකමැත්තක් පිළිඹිබු වූවේ තම දෙමාපියන්ගෙන් ඊට කැමැත්ත ගැනීම අපහසුවක් බව දැනුණු හෙයිනි.. ජයවර්ධනගේ පීතෘ ආධිපතීත්වය හමුවේ මායාට තම ජීවිතය පිළිබදව කිසිත් තීරණයක් ගැනීමට නොහැකි විය..

    ඇයි මායා යන්න කැමති නැද්ද..? මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නෙ..? මායාගේ මුහුණින් විද්‍යමාන වූ කනස්සල්ල දුටු සනිරු ඇයගෙන් ඇසුවේය..

    සනිරු.. මගේ නම් කිසිම අකමැත්තක් නෑ.. මොකද ඔයත් මගෙත් එක්ක යනවනෙ.. ඒත්.. අපේ ගෙදරින් මම කොහේවත් යනවට කැමති නෑ.. අනික අපි ගැන හැම දෙයක්ම ගෙදරිනුත් දන්නවනෙ.. මායාගේ කනස්සල්ලට හේතු වූ කාරණය සනිරුට පැවසුවේ එවැනි දෙයකටවත් තමාට නිදහසක් නැති බව ප්‍රකාශ කරමිනි..

    මායා ඔයා බයවෙන්න එපා.. මම අංකල්ට මේ ගැන කියන්නම්.. අනික.. එතද් මම කියපු නිසානෙ ඔයාට ආපහු කැම්පස් එන්න ලැබුණෙ.. නැත්නම් තවම ඔයා ගෙදරනෙ.. තුෂාරිට ජයවර්ධනගේ කැමැත්ත ලබා ගත හැකි බවට ප්‍රත්‍යක්ෂ විය..

    ඒ එදානෙ තුෂාරි අක්කෙ.. තාත්තා අනිවාර්යෙකන්ම දැන් දන්නවා සනිරුත් යනවා කියලා.. ඒක නිසා මට නම් ෂුවර් එකක් නෑ..

    මොකද ෂුවර් නැත්තෙ..? මට නම් ෂුවර්ම ෂුවර්..

    අනේ මංදා.. හුස්මක් හෙළමින් මායා මිමිණිය..

    එදින සවසම තුෂාරි මායාගේ නිවසට ගිගේ මේ පිළිබදව ජයවර්ධනත් සමග කතිකා කර ගැනිමටය.. ඉන්ද්‍රාණි නිසැකයෙන්ම මීට කැමති වන බව මායාත් තුෂාරිත් දැන සිටියත් ජයවර්ධන ඊට කැමති වීම පිළිබදව ඔවුන් තුළ සැකයක් පැවතියේ ඔහුගේ දැඩි වූ තිරණ නිසාය.. කෙසේ වෙතත් ඔවුන්ගේ එක සැකය නැති කර දමමින් ජයවර්ධනගේ කැමැත්ත ඊට ලැබුණේ මායාගේ භාරකාරත්වය තුෂාරිට පැවරූ බව හගවමිනි..

    හොදයි.. තුෂාරි දුවත් යන නිසා මම මායාට යන්න දෙන්නම්.. හැබැයි එකක් තියෙනවා දුවේ.. ජයවර්ධන මායා දෙස බලමින් පැවසුවේය..

    ඒ මොකක්ද අංකල්..?

    මේකයි.. දුව, අපේ මායා දුව ගැන විපරමෙන් ඉන්න ඕනෙ.. අනික අර සනිරු කියන හාදයා එහෙම ගියොත් දන්නවනේ..

    නෑ.. නෑ.. අංකල් එයා යන්නෙ නෑ.. තුෂාරි ඉක්මන් වචනයෙන් පැවසුවේ සනිරුද ඔවුන් සමග යන බව සගවාගෙනය..

    ජයවර්ධනගේ කැමැත්ත ලබා ගැනීම ගලකින් පට්ටයක් ලබා ගන්නා තරම් අසීරු කාර්යයක් බැව් තුෂාරිට මුල දී හැගුණත් එය එතරම් අසීරු නොවුණේ සනිරු නොයන බවට පැවසූ බොරුව නිසා බය ඇයටත් මායාටත් ඉනික්බිතිව වැටහෙන්නට විය..

    පසුදා මහනුවරට රැස් වූ සියලු දෙනාම නුවරඑළියේ යාම සදහා ඉන්ටර්සිටි බස් එථයකට ගොඩවූවේ ගම්න පහසුව නිසාත් ගමන ඉක්මන්වීම නිසාත්ය.. සනිරු සහ මායා බස් රථයේ පිටුපස ආසනයට ඉදිරියෙන් වූ දකුණුපස ආසනයෙහි වාඩිවූහ.. සෙසු අය පිටුපස ආසනයේ වාඩිවූවේ සියල්ලන්ටම එකට යාමට අවශ්‍ය වූ නිසාය..

    කීයටද මචං මේ බස් එක යන්නෙ..? ප්‍රදීප් චතුරගෙන් විමසුවේය..

    තව විනාඩි දහයකින් විතර යයි බං..

    චතුර පැවසු විනාඩි ගණනින් අනතුරව බස් රථය ගමනාන්තයේ යෙදීමට එන්ජිම පණගන්වන්නට විය.. පැයක පමණ කාලයෙන් පසුව බස් රතය ගම්පොළ නගරය පසු කරමින් නුවරඑළිය මහ මාර්ගයට ප්‍රවිශ්ට වන්නට විය.. ගිරි දුර්ග ගෙවා දමමින් තේ වතු මධ්‍යෙය් සිට තේ දළු නෙළන කතුන්ගේ දර්ශනය නෙත ගැටෙමින්ද කදු මුදුන් සිසාරා තැවරුණු ශ්වේත මීදුම් දහරින් වැසී ගිය පර්වත පෙළද ගමනාන්තයේ යෙදුණු සියල්ලන්ගේ සිත ගත ආනන්දජනක හැගුමින් පුරවාලන්නට තරම් චමත්කාරයක් විය.. බස් රථය තලවාකැළේට ළගා වෙත්ම අධික සීතලක් දැඩිව මායාට දැනෙන්නට විය.. ඇතැම් විට මෙම සීතල බාහිර පරිසරයේ දේශගුණය නිසාත් බස් රථයේ යාම නිසාත් සෙනෙහසේ උණුසුම උත්සන්නව සනිරුට මායා හට කැප කිරීඹට නොහැකිව අසරණව ළතැවෙන නිසාත් ඇයට මෙලෙස සීතලක් ගතට මෙන්ට සිතටද දැනෙන්නට ඇත.. ඇය හැද සිටි කර කැපූ බ්ලවුසය හේතුවේන තව තවත් ඇයට දැඩිව සීතල දැනෙන්නට විය..

    අනේ සනිරු..! මට සී..තලයි.. මායා අදිමින් මිමිණිය..

    ඉතින්.. මගේ ළගට එන්නකො.. තම පපුවට තුරුළු කර ගනිමින් සනිරු පැවසුවේය..

    දැන් හරිද..?

    නෑ..

    දැන්..?

    තවම නෑ..

    දැන්..?

    කිසිත් නොකියූ මායා සනිරු දෙස බලා ඔහුගේ ලය මත මුව හොවා ගත්තාය..

    සනිරුගේ පපුවට තුරුළු වූ මායාගේ දකුණු උරහිස සනිරු තම දකුණතින් පිරිමදිමින් ඇයගේ ගත උණුසුම් කරන්නට විය.. ඇයගේ දෑගිලිද සනිරු විසින් පිරිමදිනු ලැබුවේ වඩ වඩාත් ඇයගේ ගත උණුසුම් කිරීමටය.. ඇයගේ පිරිපුන් ළමැදට ඔහුගේ ළයෙහි උණුසුම දැනෙන්නට ඉඩ හැරියේය.. මායාද සනිරුගේ උණුසුමේ දැවටී තව වෙවුලන ගත සිත සෙනෙහසේ උණුහුමින් සනසා ගත්තාය..

    බස් රථය නුවරඑළිය බස් නැවතුම්පළට ළගාවන විට උදෑසන එකොළහට පමණ විය.. ඒ වන තුරුත් මීධුම යන්තමින් යන්තමින් වගේ පෙනෙන්නට තිබිණි.. නුවරඑළියේ සිටි දර්ශනීගේ නිවස පිහිටා තිබූ ස්ථානයට යාමට කිලෝමීටර් හයක පමණ දුරක් විය.. එම මාර්ගයේ බස් ධාවනය අඩුවෙන් සිදුවන නිසා ඔවුන් කුලී රථයකින් ඇයගේ නිවසට යන්නට වූහ..

    අපි වෑන් එකක යමුද තුෂාරි..? මේ වෙලාවට අපේ පාරෙ බස් නෑ.. දර්ශනී පැවසීය..

    ඒකට කමක් නෑ.. එහෙම කරමු..

    කුලී රථයකින් දර්ශනීගේ නිවසට පැමිණෙන විට දහවල් දොළහට පමණ විය.. වෑන් රථය දර්ශනීගේ නිවස සමීපයට ළගා වෙත්ම ඇයගේ කටහඩ අවදි විය..

    ඔන්න යාළුවනේ.. අපි අපේ පුංචි බංගලෝ එකට ආවා.. ලස්සනයිද..? දර්ශනී තම නිවස පෙන්වමින් පැවසීය..

    අනේ..! හරිම ලස්සනයි දර්ශනී අක්කෙ.. මට නම් හිතා ගන්නවත් බෑ නුවරඑළිය මේ තරම් ලස්සනයිද කියලත්.. අවට පරිසරයේ තිබෙන අනේකවිද මල් වල පාට, ගස් කොළන් වල හැඩහුරුව, බටිත්තන්ගෙන් නොකඩවා ඇසෙන කිචි බිචි නාදය, මීදුම අතරින් ඉගිල්ලී යන කුරුළු පැටවුන්ගේ දසුන් සේම මුළු මහත් පරිසරයේ තිබෙන චමත්කාරය තම දෙනෙතට එකිනෙක පෙනෙන්නට පටන් ගත්තාම මායා තුළ නැවුම් ප්‍රබෝධයක් ඇති කරන්නට විය..

    සනිරු, බලන්න.. මායා මොන තරම් සතුටින්ද ඉන්නෙ කියලා.. මම නම් මීඨ කලින් මායා මෙහෙම ඉන්නවා දැකලා නෑ.. ඇත්තටම මට නම් හිතෙන්නෙ මේ හැම දෙයක්ම ඔයා නිසය් එයාට ලැබුණෙ කියලා.. තුෂාරි මායා විදින සතුට බලමින් සනිරුට පැවසීය..

    ඔව් තුෂාරි.. ඔයා හරි.. මායා සතුටින් ඉන්නෙ මං නිසා වගේම මමත් සතුටින් ඉන්නෙ මායා නිසයි.. ඉතිං.. මම ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාමත් අපේ ළග තියෙන්න කියලා..

    බයවෙන්න එපා සනිරු.. ඔය දෙන්නගේ මේ සතුට කාටවත් උදුර ගන්න බෑ.. එහෙම කරන්න හැදුවත් ඒක එච්චර ලේසි වෙන්නෙ නෑ.. මොකද.. ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයිනෙ..

    සනිරු තුෂාරි පැවසූ දේවල් පිළිබදව සිතමින් මායා සමීපයට ගොස්, මායා.. මායා.. දැන් ඔය බැලුවා ඇති.. අපි ප්සසෙ ඇවිදින්න යමු කියමින් මායාද සමග නිවස තුළට යාමට සැරසුණහ..

    මේ.. ඔයාලට බඩගිනි නැද්ද..? එන්න කෑම කන්න.. අපි පස්සෙ ඇවිදින්න යනවනේ.. නිවසෙහි දොර ළග සිටි දර්ශනී තම යහළුවන්ට කතා කළේ දිවා ආහාරය ගැනීමට පරක්කු වූ බව හගවමිනි..

    එනවා එනවා.. අපිත් හිටියෙ කතා කරනකම්.. ඉන්න බෑ බඩගිනියි.. චතුර සිනාසෙමින් පැවසීය..

    නිවසෙහි කෑම කාමරය තුළට පැමිණ එහි මේසය වටා හිද ගත් සියලු දෙනාම තම අම්මාට හා තාත්තාට හදුන්වා දීමට දර්ශනීට සිදුවූවේ තම දෙමාපියන් ඒ පිළිබදව විමසූ නිසාය..

    පුතේ..! මේ ඉන්නෙ ඔයාගෙ යාළුවො කියලා නම් අපි දන්නවා.. ඒත් කවුද කියලා කිව්වෙ නෑනෙ.. තම මව අසල සිටගෙන සිටි දර්ශනීගෙන් තාත්තා ඇසුවේය..

    ඒක තමයි.. දර්ශනීගේ මවද තාත්තා පැවසූ දෙය වචන දෙකකින් අනුමත කළේ දර්ශනීගේ මුහුණ දෙසට තම හිස ඔසවා බලමිනි..

    ම්.. මේ ඉන්නෙ ප්‍රදීප්.. දර්ශනී ප්‍රදීප් දෙස බලමින් තම දෙමාපියන්ට හදුන්වා දුන්නාය.. මේ චතුර හරිම පිස්සෙක්.. දර්ශනී සිනාසෙමින් පැවසීය.. මේ තුෂාරි.. මේ වසන්තිකා.. ෆස්ට් ඉයර් එකේ නංගි කෙනෙක්..

    එතකොට පුතේ මේ දෙන්නා.. කියමින් දර්ශනීගේ පියා තම මුහුණෙහි යමක් සගවාගෙන මෙන් විමසුවේය..

    මේ දෙන්නා නේද තාත්තේ.. දර්ශනී සනිරු සහ මායා සමීපයට ගොස් මේ ඉන්නෙ සනිරු මේ මායා.. මේ දෙන්නා.. බදින්නයි ඉන්නෙ තාත්තේ කියමින් තම තාත්තා ළගට දිව ආවාය..

    අනේ අංකල්..! දර්ශනි අක්කා ඔය කියන්නෙ.. කියමින් මායා දර්ශනී පැවසූ දෙය බොරුවක් බව පැවසීමට ගොස් එකවරම හදවත නතර වූයේ කෙදිනක හෝ එය සත්‍යක් වන බව හැගුණු නිසාත් එය බොරුවක් යයි පැවසූවොත් සනිරුට ඉන් වේදනාවක් ඇති වේයැයි සිතුණු නිසාත්ය..

    ඉතින් මොනවද කියන්නෙ මායා..? ඇත්තනේ.. ලැජ්ජ වෙන්න එපා.. අපේ තාත්තා මොකුත් හිතන්නෙ නෑ.. දර්ශනී තම පියා අසල තිබූ පුටුවෙහි වාඩි වෙමින් පැවසීය..

    ඔව් පුතේ..! ආදරය කරනවා නම් ඒ දෙ කියන්න පැකිළෙන්න එපා.. බයවෙන්න එපා.. අනික ඔය දෙන්නා බිම බලාගෙන ඉන්නකොට මට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා.. දර්ශනීගේ පියා සනිරු සහ මායා දෙස බලමින් ප්‍රකාශ කළේය..

    හරි.. හරි.. දැන් ඔය කතාව නවත්තන්න.. පස්සෙ කතා කරන්න බැරියෑ.. දැන් මේ ළමයින්ට හොදටම බඩගිනි ඇති.. අනේ පුතේ..! ඔයාලා කන්න යැයි කියමින් දර්ශනීගේ මව සහ පියා ආලින්දයට ගියහ..

    දිවා ආහාරය ගත් සියලු දෙනා පැය භාගයකට පසුව පමණ ගමන් විඩාව මග හරවා ගැනීම සදහාත් අවට සුන්දර පරිසරයේ චමත්කාරය ආශ්වාදනය කර ගැනීම සදහාත් දර්ශනීගේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඈතින් වූ නෙළුම් මලින් පිරී තිබුණු වැවක් සමීපයට ගියේ සීතලෙන් වැළකීම සදහා අවශ්‍ය වූ කබායන් ද හිස් වැසුම් ද රැගෙනය..

    සනිරු.. අර බලන්න, අර නෙළුම් මල් දිහා.. හරිම ලස්සනයි නේද..? මායා තම දකුණත සනිරුගේ ඉණ වටා දමාගෙන වැවෙහි එකම උසට සුපිපුණු නෙළුම් මල් දෙසට තම වමත දිගුකර පෙන්වමින් පැවසීය..

    ඔව් මායා.. ඇත්තටම ලස්සනයි ගොඩක්..

    මායාගේ දෙනෙත් ප්‍රබෝධමත් කර දෑසට සිසිලසක් ලබා දුන් ඒ නෙළුම් මල් දෙස බැලූ සනිරුට හැගුණේ ටිකෙන් ටික හිරු රැස් නෙළුම් පත් මත පතිත වී එක එක පෙත්ත ගානේ හෙමීට හෙමීට දිග හැරී සහසක් පතින් පිරිපුන්ව විකසිත වී මෙලෙස දහසක් දෙනාගේ හදවත් වලට ආශ්වාදයක් ලබා දෙන්නාක් මෙන් තමාගේත් මායාගේත් උත්තුංග ආදරයට සැනසුම, සතුට පුංචි දිය පාරක් මෙන් ගලාගෙන විත් මහා සාගරය තරම් විසල්ව ප්‍රේමයේ කූඨ ප්‍රාප්තිජනක අසිරිය කෙදිනක හෝ උදාවන්නේ නම් මොන තරම් භාග්‍යක්ද යන්න පිළිබදවයි..

    මොනවද සනිරු කල්පනා කරන්නෙ..? වැවෙහි නෙළුම් මල් දෙස බලමින් සිටි සනිරුගෙන් මායා ඇසීය..

    මොකුත් නෑ මායා.. ඔයා කිව්ව අර ලස්සන නෙළුම් මල් දිහයි බලාන හිටියෙ.. මායා ඇසූ දෙයට පිළීතුරු දුන්නේ නැවත වැව දෙස බලමිනි..

    ඇත්තමයි සනිරු.. ඔයා මගේ ළගින් ඉන්නකොට මට හිතෙන්නෙ මේ ලෝකයේ තියෙන හැම සතුටක්ම හැම සැපතක්ම මට ලැබුණා කියලා.. මට බයයි, ඒ සතුට කවුරු හරි මගෙන් උදුර ගනියි කියලා සනිරු.. අසල කොටයක් මත වාඩි වී සිටි සනිරු සමීපයෙන් වාඩි වූ මායා ඔහුගේ කකුල් දෙක මත තම හිස තබා ගනිමින් ප්‍රකාශ කළේය.

    ඇයි මායා ඔයා ඔහොම හිතන්නෙ..? අපි අතර ආදරය, විශ්වාසය හැමදාටම තියෙනකන් කාටවත් අපිව වෙන් කරන්න බෑ.. අපේ සතුට උදුරගන්න බෑ.. සනිරු මායාගේ හිසෙහි පැළද තිබූ හිස් වැසුම ගලවා ඇයගේ සිනිදු කෙස් කෙල් කළඹ පිරිමදිමින් පැවසුවේය..

    ඇත්තමයි සනිරු.. දැනුයි මට ජීවිතය දැනෙන්නෙ.. ජීවිතය විදිනවා කියලා දැනුයි තේරෙන්නෙ.. එහෙම ජීවිතය විදින්න සතුට දුන්නෙ ඔයයි.. ඒ සතුට හැමදාමත් හැම මොහොතේම මට දෙන්න සනිරු.. මගේම ළගට වෙලා ඉදලා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම හැම මොහොතකම ඉන්නෙ ඔයා ළගයි මායා.. ඔයාගෙ හදවත ළගයි.. ඔයාගෙ ඇස් දෙක ළගයි... ඔයාට ඒක දැනෙනවද..? පේනවද..?

    මට දැනෙනවා සනිරු.. පේනවා.. ඔයා මගේ ළගම ඉන්නවා කියලා.. මගේ හදවතට විතරක් නෙමෙයි.. ඇස් දෙකට විතරක් නෙමෙයි මගේ මුළු ඇගටම දැනෙනවා..

    ඔය ඇත්තමද මායා..?

    ඇයි ඔයාට අවිශ්වාසද..?

    නෑ.. නෑ.. මායා මට මගේ ජීවිතයටත් වැඩියෙන් ඔයාව විශ්වාසයි.. ඇත්තමයි..

    අනේ සනිරු..! එහෙම කියන්න එපා.. මම ඔයාගෙ ජීවිතයට ගොඩක් ආදරයි.. ඒ ආදරේ ඇති වුණේ මට ඔයාව විශ්වාස නිසයි.. ඉතින් මට ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනවා..

    මායා.. මගේ ජීවිතය ඔයාට වටිනවා වගේම මටත් ඔයාගෙ ජීවිතය වචනයකින් කියලා නිම කරන්නන බැරි තරම් වටිනවා.. ඉතින්.. ඒ ජීවිතයට අබ මල් රේණුවකින්වත් දුකක්, වේදනාවක් දැනෙනවට මම කැමති නෑ.. මොකද මගේ හුස්ම පොද රැදිලා තියෙන්නෙ එතනයි..

    සනිරු.. මායා මිමිණිය..

    මායා..

    අපි දැන් යමුද සනිරු..? සනිරුගේ දෙපය මත හිස තබා ගනිමින් සිටි මායා සැණින් තම හිස එසවූවේ දර්ශනීගේ කටහඩ ඇසෙත්මය..

    ඔවුන් නිවසට යන විට හවස පහට පමණ විය.. ක්‍රමයෙන් අදුර වැටී අහසෙහි තරු කැට එක දෙක පායන්නට විය.. උදෑසන සිට සවස් වනතුරුම එහේ මෙහේ පියාසර කරමින් සෙල්ලම් කරමින් මල් මුදුන්හී මල් පැණි බොමින් සිටි සමනලයින්, බට්ටිත්තන් තම තම කැදලි කරා ඇදෙමින් සිටිතී.. මොහොතකින් මුළු අහසම තරු වලින් කළ සැරසිල්ලක් ලෙසට ඒකාලෝක කරන්නට පටන් ගත්තම සොමි කැලුම් දහරද තුරු ලතාවන් සිසාර පතිත වෙමින් සුන්දර රාත්‍රියක් උදාවන්නට විය..

    සදරැස් තණ පත් මුදුන් හී ඇති පිනි බිදු හා පතිත වී බැබළෙන්නට පටන් ගත්තාම තව තවත් චමත්කාරජනක දසුන් පෙළක් එදින රාත්‍රියට එකතු විය.. සද රැසින් නැහැවුණු පරිසරයෙන් නැගුණු ආලෝකයෙන් කොතැනකවත් අදුර විදක්වත් නොපෙන්නෙන්නට වූවේ පුන්සද මඩල පායන්නට වූ හෙයිනි.. චන්ද්‍රයා වටා විහිදී පැවතියා වූ දීප්තිමත් ආලෝක ධාරාව ක්‍රම ක්‍රමයෙන් විශාල වී වැඩිවන්නට පටන් ගැනුණේ මුළු රාත්‍රිය පුරාවටම එයම ආකාස තලයේ තැන්පත්ව තිබෙන බවට ඉගි කරමිනි..

    රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව දර්ශනී තම යහළුවන් රැගෙන ගියේ නිවස තුළ තිබූ ගිනි මැළය වෙතටය.. සීතල නිවා ගැනීම සදහා සාදා තිබූ එම ගිනි මැළයට වෙවුලමින් සිටි ඔවුන්ගේ ශරීරය සීතලෙන් නිවාලන්නට හැකි විය.. පිරමීඩාකාරයට තනා තිබූ එම ගිනි මැළය වටා හිද ගත් සියලු දෙනා තම දෑත් ඒ වෙතට දිගු කොට ගනිමින් ගත උණුසුම් කර ගත්හ..

    කොහොමද.. තවත් සීතල දැනෙනවද..? පිළිතුරක් බලාපොරොත්තුවෙන් දර්ශනී විමසීය..

    අපෝ.. දැන් නම් එච්චර නෑ.. වසන්තිකා ඊට පිළිතුරු දුන්නීය..

    දර්ශනී මේ විදියට හැම ගෙදරකම ගිනි මැළයක් තියෙනවද..? වැඩි යමක් දැනගැනීම සදහා තුෂාරි විමසීය..

    හැම ගෙදරකම නෑ.. ඒත් බොහොමයක් ගෙවල්වල තියෙනවා..

    මොකද අර දෙන්නා කතා නැත්තෙ..? සීතලට ගල් වෙලාද..? නිහඩව සිටි සනිරු සහ මායා දෙස බලමින් චතුර පැවසුවේය..

    ඒක තමයි.. මාත් බලාගෙන හිටියෙ වචනයක්වත් එළියට දාන්නෙ නෑනෙ.. ප්‍රදිප් ද චතුර පැවසූ දෙයට එකගව තවත් යමක් කීවේය..

    නෑ.. නෑ.. මොනවා කියන්නද ඉතිං.. මායා චතුර සහ ප්‍රදීප් පැවසූ දෙයට කෙටි පිළිතුරක් ලබා දුන්නාය..

    එහනෙම් තුෂාරි, අපි දැන් නිදා ගන්න යමුද..? අම්මයි තාත්තයි හොදට නිදි.. ඕන්.. ඇහෙනවා නේද ගොරවන සද්දෙ..?

    ඔව්නේ.. හෙට ඇවිදින්න යන්නත් තියෙනවනෙ.. වසන්තිකා පැවසීය..

    මෙයාට නම් ඇවිදින්නමයි ඕන.. කකුල් දෙකේ මීටරයක් බැන්දා නම් කොච්චර දුර ඇවිද්දද කියලා දැන ගන්න තිබ්බා.. තුෂාරි මද සිනාවකින් යුතුව කීය..

    නැතුව තුෂාරි අක්කෙ.. මේ පැත්තෙ කොච්චර දේවල් බලන්න තියෙනවද..?

    මායාගේ මුහුණ දෙස බැලූ සනිරු, අපි දේන්නා තව ටිකකින් නිදා ගන්නම් යැයි පැවසුවේය..

    ඒකට කමක් නෑ.. හැබැයි ඉක්මනට නිදාගන්න.. නැත්නම් හෙට උදේට ඔය දෙන්නට වතුර ගහන්න වෙයි..

    එහනෙම් අපි යනවා.. ගුඩ් නයිට් සනිරු.. ගුඩ් නයිට් මායා..

    ගුඩ් නයිට් ෆ්‍රෙන්ඩ්ස්.. සනිරු සහ මායා ඔවුන්ටද සමු දුන්හ..

    තම යහළුවන් යන විට ගිනි මැළය දෙපස සිටි සනිරු සහ මායා පසුව එක් පැත්තකට වී මද වේලාවක් යන තුරු නිහඩව සිටියහ.. ගිනි මැළය සමීපයේ සිටියත් මායාට දැඩිව සීතල දැනුණේ ඇය හැද සිටි නිරාවරණ සහිත රාත්‍රී ඇදුම නිසාය.. ඇයගේ දණහිස ළගට පමණ කඩා හැළෙන සුදුපාට ලේස් දෙකකින් පමණක් උරහිස් මතින් රැදී තිබුණු එම ඇදුමින් ඇයගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වී නොතිබුණත් සනිරු සමීපයේ ආගන්තුකයෙකු ලෙස නොසිටියේ දෙදෙනා තුළ වූ සමීපතම බැදීම නිසාය.. එම මොහොතේ ඔහුගේ මුවින් නැගුණු නිහඩ බවින් පැතිරුණු හුදෙකලා බව මායාගේ සිත අභ්‍යන්තරයේ සොදුරු හැගුම් සමුදායක් ඇතිවෙන්නට මුල පිරීය.. මායා සනිරුගේ දෙනෙත් දෙස බලා හිදිමින් තම සිත තුළ පිබිදෙන සිතුවිලි නිරායාසයකින් යුතුව ඉපදෙන්නට හඩ හැරීය..

    "නොකියා රහසේ තියන් ඉන්නෙපා
    ආදරේ
    විදින්න දෙන්න මට කියා දෙන්නම්
    ආදරේ
    හුදෙකලා කුමරාණ
    තනි රකින්නම් ඔයාට මං ආදරේ දැනෙන තුරා
    ළගින් ඉන්න ඈතට නොයා මොහොතක්
    දැනේවි ප්‍රේමයේ අබිදම් කුමරෝ
    වස්සනායේ මල් පිපිලා පොද වැස්ස වැටී
    හිම වැටෙනා මේ සෞම්‍ය රාත්‍රියේ
    දැනෙනවා ද ඔයාට දැන්
    නැතිවම බැරි ආදරේ රත්තරන්
    බිදින්න තනිකම ඔයාගෙ, මම
    සෙනෙහස පාන්නේ ආදරේ හින්දයි
    දැන් ඉතින් පාන්න සෙනෙහස මට
    හුදෙකලා නොකර තවත් මගෙ ජීවිතේ
    රත්තරන්"

    මොනවද හිතන්නෙ මායා..? නිසල ඉරියව්වෙන් සිටි මායාගෙන් සනිරු ඇසුවේය..

    අනේ! සනිරු මාව ඔයාගෙ තුරුළට ගන්නකො.. මට සීතලයි.. දෙදෙනා අතර වූ නිහඩ බව බිදින්නට මායා සමත්විය..

    ඉතින් ඕක හිත හිතා ඉන්න දෙයක්ද..? කෝ ඉතින් එන්න.. සනිරු තම දෑතින් මායා තුරුළට ගත්තේය..

    සනිරු ඔයා ළග රස්නෙයි.. මායා සනිරුගේ පපු පෙදෙස පිරිමදිමින් පැවසීය..

    ඉනික්බිතව සනිරු තම දෑතින් මායා ඔසවාගෙන අසල තිබූ දිගු පුටුවක් මත තබා ඇය කිට්ටුවටම වී හිද ගත්තේය.. සනිරුගේ දෙනෙත් දෙස බලා සිටි මායා ඔහුගේ මුහුණ තමා වෙතට පහත් කොට ඔහුගේ දෙතොල් සිපගන්නට වූවාය.. විනාඩි දෙකක් පමණ ඇයගේ තොල් පෙති අතරෙහි ඔහුගේ දෙතොල් සිරකර තබා ගැනුණේ සනිරුගේ ගතේ දැවෙන උණුසුම මායා වෙත ලබා ගැනීම සදහාය..

    සනිරුගේ හදවතේ විඡ්ජූලතාවන් වාගේ පුපුරුම් දෙන ප්‍රේමයේ උත්කර්ශ හැගුම් සමුදාය මායාගේ හරීරය අභ්‍යන්තරයේ මුදාහරින්නට යැයි ඇයගේ මුවින් ඇවටිලි කළත් ඇය විසින් ආයචනා කරන එම ක්ෂනික සංහිදියාව පසුවට ඇයට විපතක් වනවාට අකමැති වූ සනිරු ඇයගේ එම අවිහිංසක ඉල්ලීම් සියල්ල ඇයට නොදැනෙන්නටම පාලනය කළේ අඹුසැමි කඩඉම තවම ඔවුන් පසුකොට නොමැති නිසාත් දෙදෙනාම තවම ඉගෙන ගන්නා නිසාත්ය..

    සනිරු.. මට කවමදාකවත් දැනුණෙ නැති අමුතුම සතුටක් අද දැනෙනවා.. ප්ලීස් සනිරු, මාව තව තුරුළු කරගන්න.. මට ඔයා ළගම ඉන්න ඉඩ දෙන්න..

    ඔයා ඉන්නෙ මගේ ළගම තමයි මායා.. මේ බලන්න.. අපි දේනනා කොච්චර ළං වෙලාද ඉන්නෙ..

    ඔව් ඒක ඇත්ත සනිරු.. මට ඕනි මීටත් වැඩියෙන් ළංව ඉන්නයි.. මට ඔයාගෙන් වෙන්ව ඉන්න බැරි තරමටම..

    මායා..

    පුටුවෙහි වාඩි වී සිටි සනිරුගේ තුරුලෙහි වූ මායා ඉන් ඉවතට විත් පුටුවෙහි වාඩි වූ විට ඔහු ඇයගේ නිතඹ පෙදෙස තම දෑතින් අල්ලාගෙන ඔසවා ගත්තේය.. මායාගේ දෙළැම සනිරුගේ පපුවට ස්පර්ශ වෙත්ම ආයේමත් ආයේමත් සනිරුද මායාගේ තොල් පෙත් සිප ගත්තේය.. ඔහුගේන ඇයට ලැබෙන පහස නිසාමදෝ ඇයගේ දෙකකුල සනිරු වටා දමා තදකර ගත්තාය..

    මුළු රාත්‍රියම නිහඩය.. නිසලය.. එදා රාත්‍රියේ සනිරුට මායාගෙනුත් මායාට සනිරුගෙනුත් වෙන්ව හිදීමට අපහසුවක් වූවත් දර්ශනීගේ දෙපාපියන් තුළ තමන් කෙරෙහි අපැහැදීමක් ඇති නොකරන්නට අවැසි වූ නිසා දෙදෙනාම යහළුවන් සමග වෙන වෙනම නිදා ගන්නට ගියහ..

    ගුට් නයිට් මායා..

    ගුට් නයිට් සනිරු..

    රාත්‍රී එකට පමණ ඉමහත් වේදනාවකින් කෙදිරිගාමින් මායා කෑ ගසන්නට විය.. ඇයගේ කෑ ගැසීම නිසා සනිරුත් අනෙකුත් යහළුවනුත් දර්ශනීගේ දෙමාපියනුත් අවදි වූවේ ඇයගේ වේදනාත්මක අදෝනාව හේතුවෙනි..

    ඇයි මායා ඔයාට මොකද..? මොකක්ද අමාරුව..? අපිට කියන්න.. දර්ශනි මායාගෙන් එලෙස ඇසුවේ ඇය කෑ ගැසීමට හේතුව නොදත් නිසාය..

    ඇයි තුෂාරි මායාට මොකද..? සනිරුද බියට පත්වෙමින් ඇසුවේය..

    ඒක තමයි සනිරු.. අපිත් මේ මායාගෙන් අහන්නෙ.. අනේ මන්දා.. එකපාරටම..

    ඇයි..? ඇයි..? දුව.. මොකද මේ හදිසියෙ මායා දුවට වුණේ..? හවස හොදට හිටියනේ.. දර්ශනීගේ පියා වික්ෂේපයට පත්ව විමසුවේය..

    තුෂාරි අක්කේ.. මගේ බඩ.. බඩ.. කියමින් තව තවත් මායා වේදනාවෙන් තම උදරය අල්ලාගෙන හඩන්නට වූවාය..

    ඔයාට මොකද වුණේ මායා..? මට කියන්න.. මායා වැතිර සිටි ඇදෙහි හිද ගත් සනිරු ඇයගේ අත්දෙක අල්ලා ගනිමින් ඇසුවේය..

    සනිරු.. සනිරු.. සනිරු.. කිසිත් පැවසීමට ශක්තියක් නොවූ මායා තෙවරක්ම සනිරුගේ නම කීවාය..

    පුතේ..! මේක බල බලා ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි.. මෙයාව ඉක්මණට අපි හොස්පිට්ල් එකට අරගෙන යමු.. ඉක්මණට මෙයාව වාහනයට අරන් යන්න.. දර්ශනීගේ පියා හැද සිටි කමීසයේ බොත්තම් දමමින් පැවසුවේය..

    හරි.. තාත්තේ..

    විනාඩි විස්සකින් පමණ නුවරඑළිය මහ රෝහලට මායා රෑ ගෙන ගිය අතර එසැණින්ම වෛද්‍යවරුන් විසින් ඇයව පරික්ෂා කරන්නට පටන් ගත්හ.. මායාගේ කෑ ගැසීම මධ්‍යයේ වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කළද ඇයගේ රෝගී තත්වය නිසියාකාරයෙන් සොයා ගැනීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් රෝහලේ නොමැති වූවේ සියලු යන්ත්‍රෝපකරණ අඩපණ වී තිබූ නිසාවෙනි..

    ඇයි ඩොක්ටර්.. මෙයාට මොකක්ද තියෙන අමාරුව..? දර්ශනීගේ පියා සංයමයකින් යුක්තව ඇසුවේය..

    මේකයි.. පේෂන්ට නම් ගොඩක් අමාරුයි.. ඒත් අපි ළග කිසිම පහසුකමක් නෑ.. මෙයාට වෙලා තියෙන තත්වය දැන ගන්න.. ඒක නිසා අපි දැනට මේ බෙහෙත විදින්නම්.. ඔයාලා හොස්පිටල් ඇම්බියුලන්ස් එකෙන් පුලුවන් ඉක්මණට මෙයාව නුවර හොස්පිට්ල් එකට ගෙනියන්න.. කිසිවක් කිරීමට නොහැකි වූ වෛද්‍යවරුන් ඉතාමත්ම අසරණතාවයකට පත්ව ප්‍රකාශ කළේය..

    අපි නර්ස්ලා දෙන්නෙකුත් එවනවා.. යන්න පුළුවන් අය ඉන්නවා නම් අම්බියුලන්ස් එකේම යන්න..

    හා.. හොදයි ඩොක්ටර්..

    පුතේ දැන් යන්නෙ කවුද..?

    අංකල්.. අපි සනිරුත් එක්ක යන්නම්.. දර්ශනි, ඔයා හෙට එන්න.. ගිලන් රථයට ගොඩ වූ ප්‍රදීප් එලෙස පැවසුවේ මායාත් සමග සනිරු තනිවම යැවීම නොකළ යුතු දෙයක් බවට හැගුණු නිසාය..

    ඔව් දර්ශනී.. ඔයා හෙට එන්න.. අපි දැන් යන්නම්.. තුෂාරි පැවසීය..

    මායාගේ ශරීරයට ලබා දුන් ඉන්ජෙක්ෂන් එක හේතුවෙන් තාවකාලිකව ඇයගේ වේදනාව යටපත් වුවවත් යන අතර මග ඉදහිට යළිත් යළිත් කෑ ගසන්නට වූවාය..

    මායා චුට්ටක් ඉන්නකො.. තුෂාරි බැගෑපත් ලෙසින් පැවසීය..

    අනේ මට ඉවසන්න බෑ තුෂාරි අක්කෙ.. රිදෙනවා.. ඉන්න බෑ.. ඇය නොනවතින හැඩුමකට අවතීරණ විය..

    නර්ස් පොඩ්ඩක් බලන්නකො.. සනිරු හෙදියකට ආයාචනා කළේය..

    දැන් ඉන්ජෙක්ෂන් එකක් දීලනේ තියෙන්නෙ.. හෙදියක පැවසීය..

    මායාගේ වේදනාවේ දුක්මුසු රාවය පිරුණු ගිලන් රථය මහනුවරට පැමිණෙන විට පාන්දර හතර පමණ විය..


    Mathusambandai.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    13.png


    මහනුවර රෝහලට රැගෙන ආ මායා වෛද්‍යවරුන් විසින් කඩිනමින් පරික්ෂා කළේ තව තවත් ප්‍රමාද වීමෙන් ඇයගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩකඩ පැවති නිසාය.. වෛද්‍යවරුන් විසින් මායා ඉස්කෑනින් රූම් එකට රැගෙන යනු ලැබුවේ ඇයගේ උදරය අභ්‍යන්තය පරික්ෂා කිරීම සදහාය.. පැයක පමණ හෝරාවකින් අනතුරුව වෛද්‍යවරුන් ඉස්කෑනින් රූම් එක තුළින් ඉවතට පිවිසියේ වැදගත් කාරණයක් පැවසීමට බව ඔහුගේ මුවින් විද්‍යමාන විය..

    මේ පේෂන් ඔයාලගෙ නෑදෑයෙක් එහෙම වෙනවද..? එළියට පැමිණි වෛද්‍යවරයා ඉස්කෑනින් රූම් එක දෙසට අත දිගු කරමින් ඇසුවේය..

    නැහැ ඩොක්ටර්.. එයා අපේ යාළුවෙක්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? තුෂාරි මායාට කිසිම අනතුරක් නැතැයි යන පිළිතුර බලාපොරොත්තුවෙන් වෛද්‍යවරයාගෙන් ඇසීය..

    මේකයි.. වෙලාවෙ හැටියට මේක ඔයාලට කියන්න ම වෙනවා.. නැත්නම් එයාගෙ ජීවිතයට.. කියමින් වෛද්‍යවරයා විසින් පැවසීමට ගිය දෙය නතර කළේ සනිරු මැදිහත් වූ නිසාය..

    ඇයි ඩොක්ටර්..? මායාට මොකද වෙලා තියෙන්නෙ..? ප්ලීස් ඩොක්ටර් කියන්න.. ප්ලීස්.. වෛද්‍යවරයාගේ දෑත අල්ලා ගනිමින් සනිරු මායාගේ තත්වය විමසුවේය..

    සනිරු පොඩ්ඩක් ඉවසපං මචං.. බයවෙන්න දෙයක් නෑ.. ඩොක්ටර්ස්ලා ඉන්නවනේ.. අනික මායාට මොකුත්ම වෙන්නෙ නෑ.. සනිරුගේ කැළඹිලිසහගත සිත මදකට හෝ සනසන්නට ප්‍රදීප් උත්සාහ දැරුවේ වෛද්‍යවරුන්ට එය බාධාවක් වන හෙයිනි..

    ඩොක්ටර්.. අපිට සමාවෙන්න..

    ඒකට කමක් නෑ..

    එයාට ඔපරේෂන් එකක් කරන්න වෙනවා.. හැබැයි ඒක කරන්න නම් ළගම නෑදෑයෙක් මේ පේපස් වලට අත්සන් කරන්න ඕන.. ඉතින්.. පුළුවන් ඉක්මණට එයාගෙ දෙමාපියන්ට මේ ගැන දැනුම් දෙන්න.. ප්ලීස්.. ඔයාලා විනාඩියක්වත් අපතෙ යව්නන එපා.. මොකද ඒක පේෂන්ගෙ ජීවිතයට බලපාන්න පුලුවන්.. වෛද්‍යවරයා අතැතිව තිබුණු ලියකියවිලි පෙන්වමින් ඔවුන්ට පැවසුවේය..

    වෛද්‍යවරයා නැවත මායා සිටි කාමරයට ගිය අතර තුෂාරි මේ ගැන මායාගේ දෙමාපියන්ට පැවසීමට බිය වූයේ ඇයගේ පියා රෝහලට පැමිණ සනිරුත් සමග ආරවුලක් ඇති වීමට තුඩු දෙතැයි යන සංශය තම සිතට දැඩිව දැණුනු හෙයිනි.. ජයවර්ධනගේ සිතෙහි සනිරු කෙරෙහි ඇති අප්‍රමාණ වූ වෛරයක් කෝපයක් ඇති බැව් තුෂාරි හොදාකාරවම දන්නීය.. කිසි දිනක සනිරු කවුරුන් ද යන්න නොදැක උන් ජයවර්ධන හට ඔහු හැදින ගැනීමට මේ මොහොත කදිම අවස්ථාවක් වන බව තුෂාරිට හැගුණි.. එහෙත් මායාගේ ජීවිතය ජීවත් කරවීමට ඇයගේ දෙමාපියන් කැදවිය යුතුම බවද තුෂාරි දන්නීය.. ඇය දන්නීය.. ඇය අවසානයේ තීරණයකට එළඹිය.. ඇය මායාගේ ජීවිතය වෙනුවෙන් සනිරුගේ ජීවිතය වෙනුවෙන් එසේත් නැත්නම් දෙදෙනාගේම ජීවිත වෙනුවෙන් කෙසේ හෝ මෙය මායාගේ දෙමාපියන්ට පැවසීමට තීරණය කළේය..

    වසන්තිකා.. ඔයාගෙ ෆෝන් එක ඉක්මනට දෙන්න.. මායාගේ ගෙදර නම්බර් එක තියෙනවා නේද..?

    ඔව්.. ඔව්.. තියෙනවා.. සනිරු සමීපයේ සිටි වසන්තිකා තම ජංගම දුරකථනය තුෂාරි අතට දිගු කරමින් පැවසීය..

    තුෂාරි.. ඉක්මනට මායාගෙ තාත්තාට කතා කරලා මේ ගැන කියන්න.. මායාගේ පියා තමාට අප්‍රමාණ ලෙස වෛර කරන බව දැන දැනත් ඇයගේ ජීවිතය වෙනුවෙන් තමා ගැන නොසිතා ජයවර්ධන හට කතා කරන්නට සනිරු පැවසුවේය..

    රින්ස් යනවා.. රින්ස් යනවා.. තුෂාරි දුරකථනය කනෙහි තබා ගනිමින් පැවසීය..

    හලෝ අංකල්.. මම තුෂාරි කතා කරන්නෙ.. අංකල්.. තුෂාරි ඒ ගැන එක වරම පවසන්නට තරම් ශක්තියක් නොවීය..

    ආ.. තුෂාරි දුව.. මේ පාන්දරම..? මායා තවම නිදිද..? ජයවර්ධන සුහදශීලීව කතා කළේය..

    අංකල් පොඩි ප්‍රශ්නයක්.. පුළුවන් තරම් ඉක්මනට නුවර හොස්පිටල් එකට එන්න.. අනේ පරක්කු වෙන්න නම් එපා..

    නුවර හොස්පිට්ල් එකට..? ඔයාලා ගියේ නුවරඑළියෙ නේද..? ඇයි මායාට මොකද වුණේ..? තුෂාරි පැවසූ දෙයින් කුමක් හෝ දරුණු දෙයක් සිදුවී ඇතැයි සිතූ ජයවර්ධන මදක් කලබල වී ඇසුවේය..

    අංකල් මොකුත් කිය කිය ඉන්න වෙලාවක් නෑ.. ඉක්මණට එන්න.. ඇන්ටිත් එක්ක එන්න.. තුෂාරි දුරකථනය විසන්ධි කළේ තව තවත් පරක්කු වීමෙන් මායාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවිය හැකි නිසාවෙනි..

    මායාගේ දෙමාපියන් ඉක්මනින් පැමිණීම අපේක්ෂාවේන බලා උන් සියලු දෙනාම මායා හට කුමක් වේද නොවේද යන්න පිළිබදව චණ්ඩ මාරුතයකට හසු වූ කුරුලු පිහාටුවක් මෙන් කැළඹිලි සහගතව එකිනෙකාගේ මුහුණ දෙස බලමින් උන්නාහ..

    රකිත සිරගතවීම සම්බන්ධයෙන් ජයවර්ධන තුළ ද වූවේ සනිරු කෙරෙහි අමතක කළ නොහැකි තරමේ වෛරයකි.. කෝපයකි.. එය ඔහු තුළ මොහොතින් මොහොත ඇවිළෙමින් පවතින්නේය.. එබැවින් සනිරුගේ අවාසනාවකටවත් මායාගේ පියා ඔහු හදුනා ගතහොත් ජයවර්ධනගේ කෝපය ඇතැම් විට සනිරුගේ ජීවිතයෙන් කෙළවර වන්නට ඉඩ ඇතැයි සිතූ ප්‍රදීප් ඔහුගෙන් මගහැර ඉන්නට සනිරු හට ප්‍රකාශ කළේය..

    සනිරු, මේ අහපං.. මායාගෙ තාත්තා ආවාහම උඹ එයාට පේන්නෙ නැති වෙන්න හිටපං.. උඹව දැක්කොත් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නෑ..

    මොනවා වෙන්නද ප්‍රදීප්..? ඕනෙ නම් මට චණ්ඩිකම් පෙන්නයි.. අනික කවදා වෙනකම් මං හැංගිලා ඉන්නද..? සනිරු තම දෑත මිටි කොට බිත්තියට ගසමින් කීවේය..

    සනිරු.. මේ වෙලාවෙ හැටියට පොඩ්ඩක් හිතපං, ආයෙමත් උඹට මොනාව හරි වුණොත් මායාට මොනවා වෙයිද..? මායා ගැන හිතපං..

    දන්නවනේ.. මායා උඹ ගැන ඕනවටත් වැඩිය හිතනවා කියලා.. ඉතින් ඒකිට තවත් දුකක් දෙන්න එපා මචං..

    මට තේරෙනවා මචං.. උඹ කියන දේ.. මම කොහොම හරි මායාගෙ තාත්තා මග ඇරලා ඉන්නම්.. මට මගේ මායාගෙ ජීවිතය මේ හැම දේකටම වඩා වටිනවා..

    තමන් වෙතට පැමිණි හෙදියක එක්ස්කියුස්මී, ඔයාලගෙන් සනිරු කියන්නෙ කවුද..? ඇතුලෙ ඉන්න පේෂන් එයාට කතා කරනවා යැයි පැවසීය..

    බිත්තියට ඔලුව තබා ගනිමින් සිටි සනිරුට හෙදිය පැවසූ දෙය තම දෙසවනෙහි වැදෙත්ම දෑසෙහි වූ කදුළු පිස දමා ගනිමින් මායා සිටි කාමරයට යන්නට සැරසුණේය.. මායා සමීපයට ගිය පසුව ඇය කුමන ප්‍රශ්නයක් අසයිද ඒවාට කුමනාකාරයේ පිළීතුරක් දෙන්නට තමාට හැකි වේද යන්න සම්බන්දයෙන් සනිරු තුළ යම් පසුබෑමක් ඇති විය.. එහෙත් තම පසුබෑම පසෙක දමා මායා වෙතට යාමට සනිරුට දැඩි සේ සිත් විය..

    සනිරු ඉක්මණට එන්න.. දැන් මායාගෙ තාත්තා එහමෙත් එනවා ඇති.. නසිරු ළගට දිව ගිය තුෂාරි පැවසීය..

    තුෂාරිට කිසිත් නොපැවසූ සනිරු නිහඩවම මායා සිටි කාමරය දෙසට ඇදුණේය..

    මායාට ශල්‍යකර්මයක් කරන බව පැවසුවහොත් නිසැකයෙන්ම ඇයගේ සිත කැළඹීමට පත් වන බැව් දැන් සනිරු කාමරයේ දොර එකවරම විවෘත නොකර ටිකෙන් ටික විවර කළේ මායා ඇදෙහි වැතිර සිටින ආකාරය තම දෑසට එක වරම බලන්නට තරම් ධෛර්යයක් නොතිබුණු නිසාය.. එබැවින් ස්වල්ප වේලාවක් සනිරු දොර අභියසට වී සිටියේය..

    ඇයි සනිරු.. ඔයා ඔතන ඉන්නෙ..? මගේ ළගට එන්න.. මට බයයි සනිරු.. ඇදෙහි වැතිර සිටි මායා නැගිටින්නට වෙර දරමින් පැවසීය..

    මායා නැගිටින්න එපා.. ඔහොම ඉන්න.. මායා ළගට පැමිණි සනිරු නැවත ඇයව ඇදෙහි දිගා කරමින් ප්‍රකාශ කළේය..

    ඇයි සනිරු ඔයා දොර ළගට වෙලා හිටියෙ..?

    නෑ.. මායා මම දොර ළගට වෙලා හිටියෙ නෑ..

    බොරු කියන්න එපා සනිරු.. මම දැක්කා ඔයා ඉන්නවා..

    හරි.. හරි.. ඒකට කමක් නෑ..

    සනිරු දොර ළගට වී සිටි බවට හේතු සාධක දැන ගැනීමට මායාට අනවශ්‍යය විය.. සත්තකටම සනිරු දොර ළගට වී සිටියේ මයාගේ වේදනාත්මක මුවෙහි ස්වරූපය දැකීමට තම දෑසට නොහැකි බැවිණි..

    අනේ සනිරු.. මගේ බඩ.. මායා එකපාරටම කෑ ගසන්නට විය..

    ඇයි මායා ඔයාට අමාරුද..? පොඩ්ඩක් ඉන්න.. මම ඩොක්ටර්ට කියන්නම්..

    එපා.. එපා සනිරු.. එකපාරටම මෙහෙම වෙනවා.. ඔයා.. ඔයා මගේ ළගට වෙලා ඉන්න මගේ සනිරු.. ඇය වේදනාව සගවාගෙන පැවසීය..

    මගේ රත්තරන්.. ඔයාට කොච්චර වේදනාවක් තියෙනවද කියලා ඔයාගෙ ඇස් දෙකෙන් මට පේනවා.. ඒ වේදනාව මගෙන් ඔයාට හංගන්න බෑ මායා..

    ඔයා අඩනවද සනිරු..? අනේ!! අඩන්න එපා.. ඔහුගේ දෑත තම දෑතින් වෙළා ගනිමින් මායාද හැඩුම් මුසුව පැවසීය..

    මම අඩන්නෙ නෑ මායා.. මේ කදුළු එන්නෙ ඉබේටම.. මගේ හදවත ගලක් කර ගන්න හැදුවත් ඔයා මෙහෙම ඉන්නකොට මට දරා ගන්න බෑ මායා.. සනිරුගේ කම්මුල් දෑල මතින් කදුළු බිදු නොනැවතී කඩා හැලුණි..

    සනිරු.. මට හැමදාටම ඔයාගෙ වෙලා ඉන්න බැරි වෙයි ද..? මට මොනාව හරි වුණොත්..

    මායා මොනවද මේ ඔයා කියවන්නෙ..? පිස්සුද..? එහෙම මොනවා හරි වුණොත් මගේ ජීවිතයත් ඒත් එක්කම අවසන් වෙයි.. ඔයා නැතුව මේ ලෝකයේ මට ජීවත් වෙන්න බෑ මායා..

    මායාගේ ප්‍රකාශයෙන් සනිරුගේ සප්‍රාණික හදවත අප්‍රාණික විය.. සුසුම් හෙළන්නට බැරිව සිර විය.. ඉහළට ගත් සුසුම් පොද පහළට හෙළන්නට තරම් ශක්තියක් නොවීය.. රුධිර ගමනාගමනය නතර වූවාක් මෙන් දැනෙන්නට විය..

    ආ.. මායා දැන් ඔයාගෙ තාත්තා එහෙමත් එනවා ඇති..

    ඇයි සනිරු ඔයාලා ගෙදරට කිව්වෙ..? අනික තාත්තා ඔයාව අදුන ගත්තොත්.. දන්නවනෙ එයාගෙ හැටි..?

    ඔව් මායා මම දන්නවා.. ඒත්.. ඒත් ඔයාගෙ ගෙදරට කියන්නම වුණා.. බයවෙන්න එපා.. ඔයාට මොකුත් වෙන්නෙ නෑ මායා.. සනිරු මායාගේ නළලත තම දෙතොලින් සිපගෙන පැවසුවේය..

    ඇයි සනිරු කියන්න වුණා කිව්වෙ..? මායා ප්‍රශ්න කරන්නට විය..

    මේකයි.. මායා ඔයා හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කරපු එක ගෙදරට නොකියා ඉන්න එක හරි නෑනෙ.. ඒකයි කිව්වෙ.. සනිරුගේ මුවට ආ බොරුව කීවේය..

    ඩොක්ටර්ස්ලා මොනවද කියන්නෙ සනිරු..? මාව ස්කෑනිං හිටන් කරා.. මට මොකුත්ම කිව්වෙ නෑ..

    ම්.. තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. මම හිතන්නෙ.. ඊඪට පස්සෙ මොනවා හරි කියයි.. ශල්‍යකර්මයක් කරන බව නිකමටවත් ඇයට හැග වූවේ නැත..

    මායා මම දැන් එළියට යන්නම්.. දැන් තාත්තා එනවා ඇති..

    එළියට ගියාට යන්න එපා සනිරු..

    මම කොහෙවත් යන්නෙ නෑ පැටියො.. ඔයාට හොද වෙනකම්ම මම ඔයාගෙ ළගමයි ඉන්නෙ..

    සනිරු දොර සමීපයට විත් නැවත මායා දෙස බලා එළියට යන්නට විය..

    අම්මෝ.. ඇති යන්තම් සනිරු එළියට ආවා.. එළියට පැමිණි සනිරු දුටු වසන්තිකා පැවසීය..

    මම හිතුවෙ ඔයා මායාගෙ තාත්තා ආවට පස්සෙ එයි කියලා.. තුෂාරිත් ඉක්මන් වචනයෙන් කීවාය..

    මට මායා ළගින් එන්න හිතක් නෑ තුෂාරි.. ඇත්තටම මායා නැතුව මගේ ජීළුිතය හරියට හබලක් නැති ඔරුවක් වගෙයි.. මට ඒක හොදට දැනෙනවා තුෂාරි..

    ඔයාගෙ හිත පුළුවන් තරම් ශක්තිමත් කරගන්නන උත්සාහ කරන්න සනිරු.. එහෙම නොවුනොත් මායාගෙ හිත තවත් කඩා වැටෙන්න පුළුවන්..

    අනික අපි මායාට මොනවද වෙලා තියෙන්නෙ කියලා තවම දන්නෙත් නෑනෙ..

    ඔව් තුෂාරි.. ඔයා කියන දේ හරි..

    මායාගේ දෙමාපියන් පැමිණෙන තුරු සියලු දෙනාම නොඉවසිල්ලෙන් බලා උන්නාය.. පැයක පමණ හෝරාවක් ගෙවී යාමෙන් අනතුරුව මායාගේ දෙමාපියන් රෝහලට පැමිණියහ.. ඔවුන් තවත් හෙදියක්ද සමග තුෂාරි සහ අනෙකුත් අය සිටි තැනට ඉක්මන් ගමනින් ආහ..

    තුෂාරි.. තුෂාරි.. අර එන්නෙ මායාගෙ තාත්තද..? කොරිඩෝවේ කෙළවරින් පැමිණෙන උස මහත පුද්ගලයා පෙන්වමින් චතුර ඇසුවේය..

    ඔව්.. ඔව්.. එයාලා තමයි.. සනිරු ඔයා වැඩිය නෝට් වේනනෙ නැතුව ඉන්න.. තමන් දෙසට ඉක්මන් ගමනින් පැමිණෙන ඔවුන් දෙස බැලූ තුෂාරි සනිරු දෙස බලා පැවසුවේය..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුෂාරි දුවේ මොකක්ද ප්‍රශ්නෙ..? කෝ අපේ මායා..? එයාට මොකද..? මායාගේ අම්මා බිම බලා උන් තුෂාරිගෙන් විමසීය..

    තුෂාරි කිසිත් නොපැවසුවාය..

    ඇයි මායාට මොකද වුණේ කියන්නකො දුව.. ඉන්ද්‍රාණි ඇස් දෙකෙහි කිසියම් වූ භිතියක් රදවා ගනිමින් ඇසීය..


    ඇයි තුෂාරි.. මොකුත් නොකියන්නෙ..? ජයවර්ධනගේ කටහඩ අවදි වූයේය..

    අංකල්.. මායාට එකපාරටම.. තුෂාරි පැවසීමට ගිය දෙය නතර කළේ වෛද්‍යවරයා එතැනට පැමිණිමත් සමගය..

    ඔයාලද මායාගෙ දෙමාපියන්..? වෛද්‍යවරයා ඔවුන් දෙස බලමින් ඇසුවේය..

    ඔව් ඩොක්ටර්.. අපි තමයි මායාගේ දෙමාපියන්.. එයාට මොකද වෙලා තියෙන්නෙ..? කරුණාකරලා අපිට කියන්න ඩොක්ටර්.. මායාගේ දෙමාපියන් බැගෑපත් වන්නට විය..

    කරුණාකරලා ඔයාලා මගෙත් එක්ක එන්න.. වෛද්‍යවරයා මායාගේ දෙමාපියන් ඔහුගේ කාමරයට රැගෙන ගියේය..

    ඩොක්ටර්, දැන්වත් කියන්න මායාට මොකද වෙලා තියේනනෙ කියලා..? වෛද්‍යවරයා ඉදිරියේ පුටුවෙහි වාඩි වූ ජයවර්ධන ඇසුවේය..

    ඇත්තටම මම මේ කියන්න යන දේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට කොහොමවත් දරාගන්න බෑ.. ඒත් මායාගෙ ජීවිතය වෙනුවෙන් කියන්නම වෙනවා.. වෛද්‍යවරයා හිස පහත් කර ගනිමින් පැවසුවේය..

    අනේ! ඩොක්ටර්.. මගේ දුවට ඒ තරම් අමාරු වෙන්න මොනවද වෙලා තියෙන්නෙ..? ඉන්ද්‍රාණි හැඩුම් මුසුව ඇසීය..

    ඔව්.. ඩොක්ටර්, අපේ මායාට මොකක්ද තියෙන ලෙඩේ..? අපි දැනුවත්ව නම් මායාට කිසිම ලෙඩක් තිබුණෙ නෑ.. ජයවර්ධන පැවසුවේය..

    වෙන්න පුළුවන් මිස්ටර් ජයවර්ධන.. බාහිරට නොපෙනෙන කිසිම ලෙඩක් මායාට නොතිබෙන්න ඇති.. ඒත්.. ඇග ඇතුළෙන් ලෙඩක් තිබිලා තියෙනවා..

    මේ.. මොනවද ඩොක්ටර් කියන්නෙ..? අපිට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.. පුටුවෙහි වාඩි වී සිටි ජයවර්ධන ඉන් නැගිට පැවසුවේය..

    හර්.. මම තවත් ප්‍රමාද කරන්නෙ නැතුව මායාට වෙලා තියෙන දේ කියන්නම්.. හැබැයි ඔයාලා කලබල වෙන්න එපා..

    මේකයි අම්මෙ.. මායාගේ ගර්භාසයේ (වූම් - Woom) ගෙඩියක් තියෙනවා.. ඒක දැන් හොදටම මෝරලයි තියෙන්නෙ..

    මේ මොනවද ඩොක්ටර් කියන්නෙ..? වික්ෂේපයට පත් වූ ඉන්ද්‍රාණි වෙව්ළමින් ඇසීය..

    ඔව් අම්මෙ.. ඉක්මණටම ඔපරේෂන් එක්ක කරලා ඒක අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයා හිද සිටි පුටුවෙන් නැගිට තම දකුණත මේසය මත තබා ගනිමින් පැවසුවේය..

    ඉතින් ඩොක්ටර්.. ඔපරේෂන් එක ඉක්මනට කරන්න.. සල්ලි ගැන වද වෙන්න එපා.. මට මගේ දුව වෙනුවෙන් ඕන තරම් වියදම් කරන්න පුලුවන්.. ගලක් වගේ හිතක් තිබෙන ජයවර්ධන මුදලින් හැමදෙයක්ම කරන්නට හැකියැයි සිතා පැවසුවේය..

    මේකයි මිස්ටර්.. මෙතන සල්ලි ගැන නෙමෙයි ප්‍රශනෙ තියෙන්නෙ..

    එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ ඩොක්ටර්..? නැවතත් ජයවර්ධන ඇසීය..

    අපිට මායාගේ ජීවිතය බේර ගන්න නම්.. එයාගෙ ගර්භාසය (වූම් - Woom) අයින් කරන්න වෙනවා.. වෛද්‍යවරයාට කෙසේ හෝ පැවසීමට අවශ්‍යව තිබූ වචන ස්වල්පය තව තවත් ප්‍රමාද නොකර අසීරුතාවයෙන් මෙන් පැවසුවේය..

    අනේ දෙයියනේ..! මගේ කෙල්ලට මොකද මේ වුණේ..? ඩොක්ටර් වෙන ක්‍රමයක් නැද්ද මගේ කෙල්ලව බේරගන්න.. ඉන්ද්‍රාණි වෛද්‍යවරයාගේ දෙඅත් අල්ලා ගනිමින් හැඩුම් මුසුව ප්‍රශ්න කරන්නට විය..

    නැහැ.. කිසිම පිලියමක් කරන්න බැහැ.. මේක තමා එකම දේ කරන්න තියෙන.. තව තවත් අපි පරක්කු වුණොත් ඒක ලෙඩාට බලපාන්න පුළුවන්.. ඒක නිසා ඔයාලා ඉක්මනට මේ පේපස් වලට අත්සන් කරන්න..

    වෛද්‍යවරයා විසින් තමන් වෙතට ඉදිරිපත් කල ලියකියවිලි අතට ගත් ජයවර්ධන ඒ සියල්ලටම අත්සන් කළේ මායාගේ ජීවිතය හෝ බේරා ගැනීමට වාසනාව ලැබීම පිළිබදව සිතා වේදනාව යටපත් කරගෙනය..

    ලියකියවිලි වලට අත්සන් කිරීමෙන් පසුව මායා ශල්‍යාගාරයට රැගෙන ගිය අතර ඒ පිළිබදව කිසිත් ඇය නොදැන සිටියාය..

    ජයේ.. අපේ මායාට මේ මොකද වුණේ..? මොන වරදක් කළාටද මේ වගේ දඩුවමක් ලැබුණෙ..? අනේ මගෙ දරුවා.. ඇය හඩන්නට විය..

    දැන් අඩලා වැඩක් නෑ ඉන්ද්‍රාණි.. අපි හිතපු දෙයක්ද මේ වුණේ..? ඉන්ද්‍රාණිගේ සිත සැනසීමට ඔහු සිනිදු ස්වරයෙන් පැවසුවේය..

    අපි කොහොමද දැන් මේක මායාට කියන්නෙ..? අනිත මායා මේ දේ දැන ගත්තාම කොහොම ඉවසා ගනියිද..? එයාට මේක දරාගන්න පුලුවන් වෙයිද..? ඉන්ද්‍රාණිගේ වැළපුම් මුසු වදන් දිගින් දිගටම පිටවිය..

    ඒක තමයි මාත් මේ කල්පනා කළේ.. තවම ජීවිතය පටන් ගත්තා විතරයි.. මොන ශාපයක්ද මේක.. ජයවර්ධන සිය නළලට දෑත තබා ගනිමින් පැවසුවේය..

    අපේ එකම දරුවට මෙහෙම වෙන කොට අපි කොහොම වාව ගන්නද..? මගේ පපුව පැලෙන්න වගේ..

    මගෙත් එහෙම තමා ඉන්ද්‍රාණි.. මායා මගේ දුව.. ඉතින් මටත් වේදනාව දුක දැනෙනවා.. තේරෙනවා..

    ජයේ.. ඉන්ද්‍රාණි ජයවර්ධන වැළද හඩන්නට වූවාය..

    ගැහැනියකගේ ජීවිතයට සතුට සැනසිල්ල වාසනාව එක් කරන දරු සම්පතක් පවා ලැබ එහි අසිරිය විදින්නට තරම් මායාට මේ ආත්ම භවයටම, ප්‍රාණය රැදී තිබෙන මේ ජීවිතයටම වරම් අහිමි විය.. සනිරුගේ ආදරය මූර්තියක් කර කැදැල්ලක් කතන්නට තරම් ඇයගේ දෛවයේ ලියැවී නොතිබුණේ මේ අවාසනාවන්ත ඛේදවාචකය ඇයට උරුම වී තිබුණ නිසාම වන්නට ඇත..

    ගැහැනු සිතකට ආදරය දැනුණාම ප්‍රෙමය දැනුණාම සෙනෙහස දැනුණාම එම අවැසි ප්‍රේමය තම ජීවිතයට බද්ධ කර ගැන්මට විද ගන්නට මුළු ආත්මයම පමණක් නොව සත් ආත්මයක් නොව සහස් ආත්මයක් වුවද බලා හිදින්නට නොපසුබට වන්නීය.. ඒ ඇයගේ හදවත අභයන්තරයේ මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය මෝරා වර්ධනය වන පාරිශුද්ධ වූ පෙම් හැගුම් නිසාවෙනි.. එවැනි හැගුම් වලින් සපිරුණු ගැහැනු පෙම් සිතකට නවාතැන්පළක් වන්නට සෙවණැල්ලක් වන්නට කාරුණික වූ ප්‍රගතිශීලී අවංක පිරිමි සිතක් ඈ ප්‍රාර්ථනා කරන්නීය.. එලෙස දහසකුත් පාරමිතාවන් පුරමින් මෙනෙහි කරමින් ලැබ ගත් ආදරය සර්වප්‍රකාරයෙන් සමෘද්ධිමත් කරන්නට ඒ පෙම් සිතට වරම් නොලැබේ නම් ආශිර්වාද නොලැබේ නම් මොන තරම් වූ කළකිරීමක් තම ජීවිතය කෙරේ දැනේවිද..? සත්තකින්ම මෙකී හැගීම මෙකී වේදනාව මායාටද දැනෙන්නීය.. එයින් ඇය ජීවිතය විදවන්නීය.. දැවෙන්නීය..

    Mathusambandai.gif