සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විව
සිද්ධාර්ථ බෝසතුන් හා යශෝධරා දේවිය අතර විවාහය-
බෞද්ධ සමාජයට සමීපතාවයක් ඇති ග්‍රන්තයක ස්ත්‍රිය හුවා දක්වන ආකාරය
ආයිෂා තුමියගේ විවාහය පිළිබඳව ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් දැනට කරගෙන යන්නාවූ ඉතා පහත් ප්‍රචාරය ගැන අප බොහෝ සේ මවිතයටත් කනස්සල්ලටත් පත්ව ඇත්තෙමු. අපගේ බලවත්ම කණගාටුවට හේතුව මෙම ප්‍රචාර ගෙනයන්නේ බුදු දහමේ නාමයෙන් වීම නිසාය
එක් දහමකට අසත්‍ය තොරතුරු යොදාගනිමින් මඩ ගසන විට තමන්ට ද එහි ඵලය බුක්ති විඳින්නට සිදුවන බව යථාර්තයකි. නමුත් අසත්‍ය තොරතුරු අප ප්‍රයෝජනය ගෙන නොමැත. අප ඉදිරිපත් කොට ඇත්තේ නිවැරදි මුලාශ්‍රයන් ගෙන් උපුටා ගත් සත්‍යය තොරතුරු පමණි.
ආයිෂා තුමියට මඩ ගැසීම නැවත් වූ විගස මෙම ලිපිය ඉවත් කිරීමට අපි නියත වශයෙන්ම කටයුතු කරන්නෙමු. අල් කුරානයේ 6 වන පරිච්චේදයේ 108 වැනි වාක්‍යයෙන් උගන්වන්නේ කිසිම දහමකට අපහාස නොකරන ලෙසය. වෙබ් අඩවි විශාල ප්‍රමාණයක හා මුහුණු පොතේ දැනට ඉස්ලාමයට, නබිතුමාට, දෙවිඳුන්ට කරන්නාවූ අපහාසයන් කරුණාකර නවත් වන්න. මෙය සැමට යහපතක් වනු නොඅනුමානය.
දිනමිණ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා
අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ
දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශවල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනාවලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිලිබඳ අවධානය යොමුකර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශවවල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකිවූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහවීමේ ඉඩ ප්‍රස්ථා අහුරා ඇතැයි ද ඒ මහතා කීය.
උඩරට විවාහ හා දික්කසාද නීතිය.
උඩරට නීතිය අදාලවන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදුවන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියාපදිංචි කල හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල්පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහවීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැණු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)
අද අපට විශේෂයෙන්ම වෙබ් අඩවි මගින් ඉස්ලාමය සමච්චලයට හා විවේචනයට ලක්කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දක්නට ලැබේ. වාසනාවකට මෙන් මෙම වෛර ක්‍රියාවලියේ යෙදී සිටින්නන්ට ඉස්ලාමය පිළිබඳව හෝ බුදු දහම පිළිබඳව හෝ ගැඹුරු දැනුමක් ඇති බව දක්නට නොමැත. ඉස්ලාමයට එරෙහි කිතුනු වන්ගේ වෙබ් අඩවි වලින් කරුණු සොරා ගෙන ගිරවුන් මෙන් සිංහලෙන් ඉදිරිපත් කොට එමගින් ආත්ම තෘප්තියක් ඔවුන් ලබනවා විය හැක. මෙම මානසික විකෘත භාවයෙන් පෙලෙන උදවියගේ රෝගී තත්වය මනෝ චිකිත්සාවේ හඳුන්වන්නේ “Sadism” යනුවෙනුයි. මෙම වචනයට ශබ්දකෝෂ යෙහි යොදා ඇති සිංහල වචනය වන්නේ “පරපීඩාකාමිත්වය” යනුවෙනුයි. ඔවුන්ගේ රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අන් අයට පීඩාවක් ඇති කොට ආත්ම තෘප්තියක් ලැබීමයි. ඔවුන් ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත්කරන කරුණු මෙන්ම උපයෝගී කරගන්නා අසභ්‍ය භාෂා විලාසය ද ඔවුන් ගේ රෝගී තත්වය වඩාත් හොඳින් සනාථ කරවන්නකි. මෙම අවාසනාවන්ත හා රෝගී පිරිස පිලිබඳ කවි සංකල්පනාවක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ලිඳක් බොරවේද බොල් පිනි බෑවාට
කන්දක් පාත්වේද බලුකුක්කෙක් බිරුවාට
සඳේ කැළුම් අඩුවේද වලාවකින් වැසුනාට
ඇත්ත නැත්ත වේවිද බේගල් ඇද බෑවාට