අනෙකාගේ වැරදිවලට අච්චු විදින අච්චුවේලි හ

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අනෙකාගේ වැරදිවලට අච්චු විදින අච්චුවේලි හ

Jaffna-Achchuweli-Child%20With%20Mother.jpg



මේක ආරාධනයක්. එන්න ‍පුංචි ගමනක් යන්න. ටිකක් වෙනස් විධියෙ ගමනකට ගොඩවෙන්න. කිව යුතුම දෙයක් තියනවා. ඔබ දෙවුන්දර තුඩුවෙ ජීවත්වෙන කෙනෙක් නම් මේ ගමනට ඔබට වැයවෙන පැය ගණන ටිකක් වැඩියි. ඒත් නිකමට හරි ඔබ මේ වෙලාවෙ ඉන්නෙ ලංකාවෙ මුල්ම රාජධානිය පිහි‍ටි පලාතෙ නම් ඒ කියන්නෙ අනුරාධපුරයෙ හරි ඒ අවට නම් මේ ගමනට ඔබට එතරම් ම පැය ගාණක් වැයකරන්න වෙන්නේ නැහැ. මේ ආරාධනය තුල කියවෙනවා ඔබ ලංකාවේ කොයි පලාතේ ජීවත් වුනත් නියත වශයෙන්ම මේ ගමනට සහභාගිවීම වැදගත් කියලා. මොකද මේ අපි යන්න හදන්නේ අපේම රටේ අපේම මිනිසුන්ව දැක බලාගන්නයි. ඔවුන්ගේ ජීවිත දැකගන්නයි. ඔවුන්ගේ හදවත් කියවන්නයි.

එන්න දෙවුන්දර තුඩුවෙන් ඉගිල්ලී පේදුරු තුඩුවට පියාඹන්න. එන්න යුද්ධයෙන් ඔත්පල වුණු, කඳුළු අතර ගිලී ගිය මිනිසුන්ගේ ඇට මස් ලේ නහර වලට බද්ධවී ඇති විඳවීම් වලින් පිරි ජීවිත කියවන්න. එන්න යාපනය අර්ධද්වීපයේ ඈත කොනක තනිවුන ගම්මානයක මිනිස් ජීවිත ගෙවෙන හැටි දකින්න. එන්න, අපි ‍කොළඹ හෝ දකුණේ හෝ ජාතිවාදී ‍හෝ සිතුවිලි වලින් මිදී මිනිස් හදවතකින් සැරසී උතුරේ ජීවිත කියවන්න යන ගමන පටන් ගමු.

අපි මුලින්ම යාපනයට යමු. කිළිනොච්චියේ පෙරලලා දාපු වතුර ටැංකිය ඒ විධියට ම පෙරලිලා තියෙද්දි ඒ ළඟ ඉඳන් ‍‍පින්තූර අරගෙන ඒ‍ පින්තූර වල ආස්වාදයෙන් කුල්මත් නොවී යාපනයට යමු. අලිමංකඩ ඉදිකර ඇති හසලක ගාමිණී ස්මාරකය ළඟ ස්මරණයන් ඡායාරූපගත නොකර මනසේ රික්තකයන් ඡායාරූපවලින් පුරවාගන්නේ නැතිව අපි යාපනයට යමු. මේ යෝජනාව තුළ ඇත්තේ උතුරේ කිසිදු තැනක් ඡායාරූපගත නොකළ යුතුයි යන අදහස නෙමෙයි. ඔබේ කැමරාවේ ඉඩ ඉතුරු කරගන්න. ඡායාරූපගත කරන්නට බොහෝ තැන් තියනවා. කැමරාව පරිස්සම් කරගන්න.

යාපනයට පැමිණි විගස ගමන් විඩාව නිවාගන්නත් එක්ක සයිවර් කඩයකට ගොඩවෙලා කමු ඉට්ලියක්. උළුදු වඩේ එකක්. මසල වඩේ එකක්. බොමු උණුවෙන් එළකිරි වීදුරුවක්. පටන් ගමු ආයෙත් ගමන. නොදන්න භාෂාවක් කතා කරන මිනිසුන්ට ආගන්තුක නොවී ඒ මිනිස්සු ඉස්සරහා බොරු පොෂ් බවක් ආරූඪ කරගන්නේ නැතුව ඒ මිනිසුන්ගේ ම මිනිසුන් වෙමින් යමු ඉස්සරහට. මේ ගමන තුළ අපේ අරමුණ චෙල්වනායගපුරම් ගමට පිවිසීම යි. ඒ නිසා අපි යමු යාපනය පේදුරුතුඩුව පාරේ. පේදුරු තුඩුව පාරේ සෑහෙන දුරක් ගමන් කරන විට අපිට හමුවෙනවා වැල්ල පාර. වැල්ල පාරේ ගිහින් අපි ළඟා වෙන්නේ අච්චුවේලි හන්දියටයි. අච්චුවේලි හන්දියෙන් පලාලි පාරේ ටික දුරක් ගියාම අපි පිවිසෙන්නේ තෙන්මුලෛ හන්දියටයි. ‍තෙන්මුලෛ හන්දියෙන් වමට හැරිල ටික දුරක් ගියාම අපි අපේ ඉලක්කගත ගම්මානයට පිවිසෙනවා. ඔන්න පාර වරද්දගන්නේ නැතුව අපි ආවා අ‍පේ අරමුණට. ගමට පි‍විසෙන විට තියෙන කුඩා පිට්ටනිය අසල රැදී සිටින පුංචි කොලු ගැටවුන්ගෙ අතේ තියෙන සරුංගලයේ නූල ‍ඉල්ලාගෙන සරුංගලය ඈත කෙළවරේ තිතක් වෙලා එක තැනම නතරවෙලා තියෙන හැටි ටික වෙලාවක් බලං ඉදලා එහෙනං අපි ඇතුල්වෙමු ගමට.

Jaffna-Achchuweli-Children.JPG


මේ චෙල්වනායගපුරම් ගම්මානය යි. මේ යුද්ධය නැති රටේ යුද්ධය විසින් සඟවා දැමූ ජීවිත, කඳුළු වලට සින්නවුනු මිනිසුන්ගේ ‍වේදනාව අභියස කවුරුත් එකඟතාවයෙන් ක්‍රියාකරන වර්තමානයේ කාටත් පෙනෙන නො පෙනෙන දුක්ඛදායක‍ අද්දැකීම්වලින් ගහන මිනිසුන්ගේ ගම්මානයයි. මේ කිරිගරුඬ පැහැ සමරු ඵලකයක් මත ‍අච්චුවේලි නිවාස යෝජනා ක්‍රමය ලෙස සටහන් තබා ඇති වර්ෂ 1968 තරම් ඈතට දිවෙන ගල් කණුවක් මතට නැග කුඩා දරුවන් සරුංගල් ගුවනේ රඳවන ගම්මානයයි. මේ සමරු ඵලකයකට පමණක් සීමාවූ නිවාස ව්‍යාපෘතියකට හිමිකම් කියන, නිවාස නැති ඉඩම් ඇති, ඉඩම් නැති මිනිසුන් ඇති, උතුරුකරයේ සැඟව පවතින, දුප්පත් ගම්මානයයි. මේ දෙමළෙන් කතා කරන ඒත් භාෂාවකින් පෙරා හුස්ම නො ගන්නා පහත් කුලයකට අයත් යයි කියන අහිංසක මිනිසුන් වාසය කරන දිළිඳු ගම්මානයයි. චෙල්වනායගපුරම් ගම්මානයයි. එදා මෙදා තුර දේශපාලන පොරොන්දු වලින් රැවටුන, එදා මෙදා තුර ‍යුද්ධයේ සෘජු මෙන්ම වක්‍ර පහර කෑමට ලක්වුන, තල් ගස් කරටිවලින් අහස ආවරණය වී පවතින, සිහින මියෙන උපදින මිනිස් ගම්මානයයි. එන්න, අපි දැන් ටිකක් ගම ඇතුලට යමු.

දැන් ඔබට මුණගැසෙන්නේ දමිළ භාෂාව කතා කරන, දෙවියන් වදින්න කෝවිල් යන, උගත් නොවන මිනිස් කොට්ඨාශයක්. පිටින් පැමිණෙන මිනිසුන්ට බියක් දක්වන, සාමාන්‍ය දෙමළ මිනිස් කොට්ඨාශයක්. මේ මිනිසුන් මුලසිට ම ඔබට දුරස්ථ සම්බන්ධතා ‍දක්වන්නට උත්සහ කරනවා. ඔබ පිළිබඳ විශ්වාසයක් හෝ වටිනාකමක් ඔවුන් තුළ ජනිත වෙන්නේ නැහැ. ඒ ඉතිහාසයේ එක් එක් පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් පිළිබඳ තබන ලද තම විශ්වාසයන් තමන්ට විනකල අයුරු ඔවුන්ගේ මතකයේ තිබෙන නිසා වෙන්න පුළුවන්. තමන් පිළිබඳව ‍හෝ වටිනාකමක් නොමැති නිසා වටිනාකම යනු කුමක්ද යන්න ඔවුන් නොදන්න නිසා වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඔවුන් ඔබට දුරස්. ඔ‍වුන් සමග ටිකක් වැඩිපුර වෙලා කාලය මිඩංගු නො කලොත්, ඔවුන්ගේ ගෙවල් දොරවල් දැකබලා ගන්න ඔබ පියවර නො තැබුවොත් නියත වශයෙන්ම ඔබට ඔවුන් මගහැරෙනවා. ඒ නිසා අපි යමු මේ මිනිසුන්ගේ ජීවිත වලට එබී බලන්න මේ මිනිසුන්ගේ දෙපා මුලට.

Jaffna-Chelvanayagapuram-Sign_Board-Village.JPG


දැන් ඔබට පේනවා මිනිස් වාසයට කිසිසේත්ම නුසුදුසු එමෙන්ම තුනටිය කෙළින් කරගෙන ඇතුල්විය නොහැකි කුකුළ් කූඩු වැනි නිවාස පිරි බිමක්. ඒ වගේම ඔබේ නෙත ගැටෙනවා එක්සත් ජාතින්ගේ සංවිධානයේ විවිධ ව්‍යාපෘති හරහා මේ ගමේ මිනිසුන්ට. ලබා දී තිබෙන ටෙන්ට් රෙදි මේ පැල්පත් නිවාස වල සමහර වහලයනට එලා ඇති ආකාරය. ඒ වගේම ඔබට පේනවා සියලු පැල්පත් නිවාස අසල නොවුනත් සමහර නිවාස අසල කළු ගලෙන් බදින ලද සිමෙන්ති අත්තිවාරම්. ‍ගෙවල් තනන්නට ඉදිකල අත්තිවාරම් බිත්ති නොමැතිව අව්වේ කරකුට්ටම් වෙමින් වල් බිහිවෙමින් තිබෙන අයුරු. බිත්ති ඉදිවෙන සේයාවක් හෝ නැතිව අත්තිවාරම් අභියස පැල්පත් නිවාස වල ජීවිත දියවෙන ආකාරය ඔබේ නෙත ගැටෙනවා. සාලයක් කුස්සියක් කාමරයක් වෙන් ‍නොවුනු හත් අට දෙනෙක් ජීවත් වන පවුල් පිරි නිවාස ඔබේ නෙත ගැටෙනවා. මූලික මිනිස් අවශ්‍යතාවයන්ට අවම හෝ පහසුකම් සපයා නොදෙන තත්වයක පවුල නැමති ඒකකය නාමමාත්‍රිකව නියෝජනය වන සංස්කෘතික බැඳීම්වලින් බැටකමින් දිවි ගෙවන මිනිසුන්ගේ අ‍ඳෝනා පිරි මුහුණු පැහැදිලිව කියන කතාන්දරය ඔබේ නෙත ගැටෙනවා. මතකද මම ඔබට මුලින්ම කිවුවා විනෝදයෙන් පිරි හදවතෙන් යුද්ධයේ නටඹුන් ඡායාරූපගත නොකර කැමරාව පරිස්සම් කරගන්න කියලා. දැන් ඒ කැමරාව අතට ගන්න. ඡායාරූපගත කරන්න මේ මිනිසුන්ගේ මුහුණු. ලේ බිඳක් නැති ඒත් නොකා නොබී හරි දරුවන්ට කන්න බොන්න දෙන්න, මැරෙනකම් කොහොමහරි ජීවත් වෙන්න වෙර දරන මිනිසුන්ගේ අවපැහැ ගැන්වූ මුහුණු ඔබේ කැමරාවේ සටහන් කර ගන්න. මව්වරුන් ඇකයේ සිට සොයුරියන් ඇකයේ සිට ඔබ දෙස අමුතු විධියට බලන අවම පෝෂණ තත්වයකට හෝ හිමිකම් කියන්නට නොහැකි දරුපැටවුන්ගේ ඒ මුහුණු සටහන් කර ගන්න. පුළුවන් නම් කැමරාව පසෙකින් තියලා හදවතේ ම සටහන් කරගන්න. යුද්ධයේ සෘජු මෙන්ම වක්‍ර නිර්මාතෘවරුන් විසින් සින්නක්කරවම උරුමකොට දී ඇති පීඩාවන්ගෙන් ‍බැටකමින් මිරිකෙමින් හුස්ම ගන්න මේ මිනිසුන්ගේ ජීවිත ගැඹුරින් සටහන්කර ගන්න.

Jaffna-Achchuweli-Woman_in_Hut.JPG

දුප්පත් කමේ පතුලටම ගිලී ඇති මේ මිනිසුන්ගේ ජීවිතවලට කාලකන්ණිකම තෑගි කලේ කවුරුන් විසින් ද? මේ පැණය මම ඔබට ඉදිරිපත් කරනු ලැබුවොත් ඔබේ කටින් බොහෝ අවස්ථාවලදී පිටවන්නට නියමිත පිලිතුර වනුයේ ප්‍රභාකරන් සහ එල් ටී ටී ඊ සංවිධානය කියා විය හැක. අවුරුදු තිහක යුද්ධය විසින් මේ මිනිසුන්ව දුක නැමති කුරුසියේ ඇණ ගසන ලද්දේ යයි ඔබ මට ඒත්තුගන්වන්න උත්සහා කරන ආකාරය මට පෙනෙනවා. ඒත් ඔබේ පිළිතුර එය වුනොත් මගේ අදහස ඔබට විරුද්ධ එකක්. මම යෝජනා කරනවා නෑ ඒක එහෙම ම නෙමෙයි කියලා. මේ මිනිසුන්ගේ ජීවිත විඳවීම් වල බැඳ තබන ක්‍රියාවලියේ අපි නො දන්නා තව පැතිකඩවල් දැකගන්න මම ඔබට ආරාධනා කරනවා. ඒ දැක්ම ඔබ‍ට ළඟා කර දෙනු වස් මම ඔවුන්ගේ අවනඩුව ඔබට මේ විධියට දිගහරිනවා.

මේ පැල්පත් නිවාස වල දිවි ගෙවන මිනිසුන් මේ සා දුක් විදින්නේ 1997 ජය සිකුරු මෙහෙයුමෙන් මුදා ගත් යාපනය අර්ධද්වීපයේ ඉහලින් පිහිටි භූමි ප්‍රමාණයක සිටයි. ඒ කියන්නේ අවුරුදු 14 ක් පමණ යුද්ධය නො පැවතුන බිමක සිටයි. එනම් එල් ටී ටී ඊ සංවිධානයේ පාලනයෙන් මිදී ආණ්ඩු පාලනයට නතු වී අවුරුදු 14ක් ගෙවාදමා තිබෙන වටපිටාවකයි. එතකොට යුද්ධයේ බර අවි වලින් මිදී වසර එක හමාරක් ගෙවා දමා ඇති මේ ගමට සංවර්ධනයේ සේයාවක් හෝ නොපෙනෙන්නේ ඇයි? මොනවද මේ ගමේ මිනිසුන්ගේ ඉල්ලීම්? මොනවද මේ ගමට අවශ්‍ය ?

චෙල්වනායගපුරම් ගමේ මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවය ජීවත්වන්නට ‍නිවසක්. වර්ෂ 1968 දී අච්චුවේලි නිවාස ව්‍යාපෘතිය ලෙස මුල්ගල තබන ලද ඒ මුල්ගල මුල් අල්ලා ඇති බිමේ තම තමන්ගේ ශක්ති ප්‍රමා‍ණයෙන් මෙන්ම විවිධ සංවිධානවල ආධාරයෙන් තමන්ටම කියා ජීවත්‍ ඉදිකරගත් වන්නට නිවාසයක්. සුපිරි මන්දිර නොව වැස්සෙන් අව්වෙන් බේරීමටත් එමෙන්ම ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගැනුමට කාමරයක් කුස්සියක් සහිත නිවාසයක්. ඒත් මේ ගමේ ජීවත්වන මිනිසුන්ට තමන්‍‍ගේම කියා බිම් කැබලි නැහැ. මේ ගමේ ඉඩම්වලින් ඉඩම්කැබලි 22 ක පමණක් අයිතිය ජනතාව සතු අතර ඉතිරි ඉඩම් වල අයිතිය ඇත්තේ රජයටයි. ඒ නිසා යුද්ධය පැවති කාලයේ විනාශයට පත් වූ තම නිවාස නැවත ඉදිකිරීමට තමන් සන්තකව මුදල් නොමැති දුප්පත් ගම් වැසියන් මුහුණ දී සිටින්නේ මහත් දුෂ්කරතාවයනට. පශ්චාත් යුධ සමයේ ගම්මාන නැවත නගාසිටු‍වීමේ අරමුණ ඇතිව උතුරේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන හරහා මෙම නිවාස තනවා ගන්නට ගම්වාසීන් උත්සහ කලත් එම උත්සහයන් ව්‍යර්ථ වන්නේ ඉඩම් වල අයිතිය නිවාස අපේක්ෂාකරන්නන්ට නොමැති බැවින් එම සංවිධාන නිවාස ඉදිකරදීමට ඉදිරිපත් නොවන නිසායි. රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ තම තමන්ට ඔප්පු හිමි ඉඩම්වල පමණක් නිවාස ඉදිකිරීමට තම සංවිධානවලට අනුමැතිය ලැබී ඇති බවයි. එමෙන්ම මේ වන විට මේ ප්‍රදේශවලින් ඉවත්ව වෙනත් ප්‍රදේශවල විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාලපරිච්ඡේදය පැවති ප්‍රදේශවලට යාමට එම සංවිධාන මේ වනවිට පියවර ගනිමින් සිටිනවා. මේ නිසා ඉඩම්වල අයිතිය තමන් සතු නොවන හැම තත්පරයකම මේ මිනිසුන්ගේ නිවාස සිහිනය බොඳවෙන්න හේතු නිර්මාණය වනවා. මේ නිසා ‍යුද්ධය නිමාවී වසර දෙකක් ගතවී ඇති මේ මොහොත වන විටත් චෙල්වනායගම්පුර මිනිසුන් තම අවනඩුව දෙවියන්ට කියමින් දුක දරා කදුළු මත ජීවිත ගෙවා දමමින් සිටිනවා. තවද මේ ගම ආසන්නයේ පිහිටි කර්මාන්තපුරය ද යුද්ධයේ ඵලයක් ලෙස බිමට සමතලා වී තිබෙන තත්වයක මේ මිනිසුන්ගේ ආර්ථික පෙකණිය සහමුලින්ම කපාදමා තිබිම විසින් තව තවත් කරුමක්කාර ජීවිතයක් ඔවුන්ට උරුමකරදී තිබෙනවා. ඒ නිසා වෙන්ම ඔවුන් තමන් සන්තකව ඇති එදා මෙදා තුර විවිධ දේශපාලනඥයින් ලබාදුන් පොරොන්දු තමන් අමතා පැවැත්වූ කතා වල ඡායාරූප ගෙවල් ඉදිකරන්නට එකල අනුමත කල සැලසුම් ඉඩම්වල හිමිකම තමන්ට පවරනු ලබන බවට ඒ ඒ රජයන් විසින් සකස් කළ ලිපි ලේඛණ ප්‍රවේශම්සහගතව තබාගෙන ඒ තුළින් ‍හෝ නෛතික රැකවරණයක් අපේක්ෂා කරනවා. ඒවා රැගෙන විවිධ ආයතනවලට කකුල් ගෙවෙන තෙක් ඇවිදිනවා. නමුත් අවාසනාවක මහත අද වන තෙක් ඔවුන්ට සිදු වී ඇති යහපතක් නැහැ.

Jaffna-_Achchuweli-Electricuty_Disconnection_Letter.JPG


යුද්ධය නිමාවී මුළු රටේම අයිතියට හිමිකම් කියන ජාතියක් පිළිබඳ උදම් අනන අපට මේ චෙල්වනායගපුරම් ගමේ මිනිසුන්ගේ හදවත්වල කැසකවන ප්‍රශ්නය හමුවේ කියන්නට ඇත්තේ කුමක්ද? මේ මිනිසුන්ගේ මේ විඳවීම් වලට උත්තර සැපයීමේ හැකියාව පවතිද්දීත් ඇස් කන් පියාගෙන සිටින පාලකයින් මේ මිනිසුන්ට කියමින් සිටින්නේ 'නුඹලා‍ගේ වගකීම අප සතු නොවේ' කියාද? මේ ගෙවෙමින් තිබෙන නිමේෂයේ උතුරේ වැසියනට සිතෙනවානම් අපි තනිවෙලා කියා, අපි තව තවත් අසරණ වෙලා කියා, අපිට අපේම කියා නායකයින් නෑ කියා, අපේ වේදනාවට සංවේදී ‍වන නායකයින් නෑ කියා, අපිට තවදුර‍ටත් ජීවිත පිළිබඳ සුබ සිහින දකින්නට අයිතියක් නෑ කියා එහි ඵලය කුමක් වනු ඇද්ද?

චෙල්වනායගපුරම් ගම්මානයේ සැරිසැරූ චාරිකාව නිමා කර ඒ ගමෙන් නික්මෙන්නට මොහොතකට පෙර ‍මට මෙහෙම හිතෙනවා. 2009 මැයි 19 වෙනි දා රටේ මිනිස්සු කිරිබත් කාලා සතුටු වුනේ එල් ටී ටී ඊ සංවිධානය විනාශ කරපු ප්‍රීතියට නම් ඒ තුළ ගම්‍ය වුනේ මෙතනින් එහාට දකුණේ බෝම්බ පුපුරන්නේ නැහැ කියන සතුටද? නැතිනම් පර දෙමළා ආයෙත් ඔලුව උස්සන්නෙ නෑ කියන ජාතිවාදී සතුටද? එහෙම නැත්තම් යුද්ධය නැති රටේ මිනී මැරෙන්නේ නැහැ කියන සතුටද? නැත්තම් රට බෙදන්න අධිරාජ්‍යවාදීන්ට තවදුරටත් ඉඩක් නෑ කියන සතුටද? නො එසේනම් දමිළ ජනයාද වෙසෙන ප්‍රදේශ ද ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් නිසා ඒ සහෝදර ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වන්නට අපට අවකාශ සැලසෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් හටගත් සතුටද? ඇත්තෙන්ම කිරිබත් කාලා අපි සැමරුවේ මොන සතුටද?

Achchuweli-Poor_House.JPG


නිකමට හරි අපේ හිතේ හටගත් සතුට වූයේ දමිළ ජනයා ද වෙසෙන ප්‍රදේශ ද ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත් නිසා ඒ සහෝදර ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වන්නට අපට අවකාශ සැලසෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් හටගත් සතුට නම් ඒ සතුට පිරි හදවත් පුළුල් චින්තනයකට හිමිකම් කියනවා යන විශ්වාසයෙන් මම මෙහෙම කියන්නම්. දමිළ ජනයා ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගත්තා නම් ඒ ජනයාට වඩා හොද ජීවිතයක් උරුම කර දීමද අප සතු වගකීමක්. අපේ යුතුකමක්. ඒ වගකීම ඒ යුතුකම නොසලකා හැර ජීවත්වන්න අපට අයිතියක් නැහැ. මොකද අපි අති මානුෂික ජාතියක් පිලිබද පාරම්බාන වර්තමානයකට අයිති උදවිය නිසා මෙන්ම අතිශයෝක්තියෙන් එහෙම කිවුවත් ඒ තරමටම නොවුනත් තෙතමනයක් ඇති හදවත්වලින් ‍යුත් මිනිසුන් නිසා. ඒ වගේම ඉතිහාසය එකම තැනක නතර කර තබන්න අපට හැකියාවක් නෑ වාගේම අතීතයේ වූ‍ ‍නරක දේවල් නැවත සිදු නොවෙයි කියන විශ්වාසය ඇතිකරගන්නත් අපිට බැහැ. ඒ නිසා කාට කාටත් තම හදවත අවදි කර රට දෙස තියුණු බැල්මක් හෙලන්නට, සිදුවෙමින් පවතින දේවල් පිලිබදව ගැඹුරු විශ්ලේෂණයක යෙදෙන්නට, ඉතිහාසය බලකරන මොහොතට අපි අවතීර්ණ වි ඇති බව මගේ හිත කියනවා. තවමත් චෙල්වනායගපුරම් ගමේ පය ගසා සිටින මගේ හිත ඔබට විවෘත කරන්නට මගෙ හිත මට බල කරනවා. මේ කුරුටු ගෑම ‍ඒ වෙනුවෙන්.

Quot from Boondi.lk
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
 

jhony009

Member
Aug 2, 2012
1
0
0
A father once proudly said to me, "My son has finished his education". He did not mean to be funny; but he was. Of course he meant that his son has taken his degree and left college; as though it is only in schools and colleges that education is to be had. "Finished his education!" Why, he had only just begun it.
"Education" means the drawing-out, or development of the faculties. This begins in school and college; indian porn but it does not end there. At school and college one learns the rudiments, and gains a smattering of knowledge on various subjects. More important, one learns there how to learn the best methods of acquiring knowledge. School and college education trains the mind (or should do), and makes it accustomed to continuous application and study. But this is not the whole of education; in a sense, it is but a preparation for education. Our education should never be "finished" at any rate so far as this life is concerned, until we die.