Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

    Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)
    158501.png
    මම කාලයක් මේ වැඩේ කරන විදිය හොයා හොයා ඉදලා සෑහෙන්න කට්ටක් කාලා තමයි මේ වැඩේ හරියට කරන හැටි හොයා ගත්තේ.
    කොහොම හරි අන්තිමට මම andrid දා ගත්ත Sony Ericsson Xperia X1 එකට.
    පොඩි රිසක්‌ එකක් තියෙනවා වැඩේ කරද්දී. එත් මෙමරි කාඩ් එකෙන් (වින්ඩෝස් තියෙද්දී ) රන් වෙනවට වඩා හොදට ස්පීඩ් වැඩ කරනවා.
    වැඩේ කරන්න නම ෆෝන් සම්බන්දව තරමක දැනුමක් ඕනේ.එක පාරක් හරි රොම් අප්ඩේට් කරලා තියේනම් ඒ දැනුම හොදටම ඇති.
    හැබැයි ෆෝන් මෙමරි එකේ තියෙන ඔක්කොම ඩේටා හබක්...ඒවා බැකප් කරන්න.
    මොකද මැෂින් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දානවා වගේ වැඩක් තමයි කරන්න යන්නේ.
    අව්ලක් වුනොත් ආපහු ඔයාලට වින්ඩෝස් වලට යන්න පුළුවන් ඕනෙම වෙලාවක.(Vol- සහ power key මෙතඩ් එකෙන්,)
    වැඩේ කරන්න බය කට්ටිය ඉනනවානම් ඉස්සෙල්ලා Fat32 රොම් එකෙක් දාලා බලන්න (සර්ච් පාරක් දාන්න)www.xda-developers.com එකේ තියෙනවා ගොඩක් ෆෝන් වලට ඇන්ඩෝයිඩ් දාන හැටි.
    මගේ ෆෝන් එකේ Run වෙන විදිය තමයි මේ.මොකද මම ටෙස්ට් කරලම තමයි ඔයාලට කියන්නේ

    මේක දැක්කම හිතේ තියෙන බය ගිහිල්ල android වලට බහින්න හිතුන නේද.
    screen shot ටිකක් දාන්නම ආසාව වැඩි වෙලා බය නැති වෙන්නම
    screenshot1344852125893.png

    screenshot1344852073120.png

    screenshot1344852279167.png
    මම ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් Xperia X1 එකට Android දාන විදිය.
    අනිත් HTC,Sony වින්ඩෝස් ෆෝන් වලත් මීට සමාන ක්‍රම වලින් තමයි දාන්න තියෙන්නේ.XDA එකේ කරන හැටි තියෙනවා.හැබැයි ත්‍රෙඩ් කීපයක් බලන්න.
    එකෙක් දාපු ත්‍රෙඩ් එකක් බලල මම දවස් දෙකක් සිම් ඒක වෙන ෆෝන් එකක දාගෙන හිටියා ඇන්ඩෝ වින්ඩෝ මුකුත් නැතුව ෆෝන් ඒක බුට්‌ වෙන්නේ නැතුව ගිහින් . තව ටිකෙන් Android එපාම වෙලා යනවා.(ඒ දවස් දෙකේම අර ත්‍රෙඩ් එක දාපු එකාට හචිං යන්න ඇති)
    ඔන්න පස්සේ වෙන කෙනෙක් ගේ ත්‍රෙඩ් එකක තිබුන හරි විදිය (ඊට පස්සේ අර ත්‍රෙඩ් එක දාපු එකාගේ ගෙදර අයටත් හචිං යන්න ඇති)
    ඔන්න මම තව ටිකකින් Xperia X1 එකට ඇන්ඩෝ දාන හැටි කියල දෙනවා. එතකන් ඒ මොඩල් එකේ ෆෝන් තියෙන Android වලට බහින්න කැමති අය ඉන්නවනම් මේ ටික ඩවුන්ලෝඩ් වෙන්න දාන්න.
    1 - IceDroid V8 with BEATS හෝ වෙන NAND Romඑකක් .zip විදියට එන්නේ අන්සිප් කරන්න ඕනේ නෑ.
    2- මේ ගැජමැටික් ටිකත් ඕනේ
    දාපු කට්ටිය ඉන්නවනම් හොද නරක කතා කරමු.මොකද සමහර ෆීචර්ස් නැති වෙනවා.හොද වගේම නරකත් තියෙනවනේ..

    මේ ලිපිය මගෙන් අහන්නේ නැතුව කොපි කරන්න එපා.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම මෙතනින් කොපි පේස්ට් පාරක් දාලා එඩිට් කරලා ගත්තේ වෙලාව නැති නිසා
    WARNING:If you install this ROM, you will erase ALL your data on your phone and replace your WM with Android
    You can always switch back to any windows mobile ROM by flashing the official or a custom windows mobile ROM just like when you had windows mobile using the Official Sony Ericsson ROM Update utility or SD Card KOVSIMG method as the SPL or windows mobile bootloader will not be effected
    This ROM has several bugs but with last modifications it can be used as daily ROM.
    Install instructions
    • මුලින්ම HardSPL කරන්න ඕනේ (මේක කරන්නේ කස්ටම් රෝම් එකක් අප්ඩේට් කරන්න පුළුවන් වෙන්න,කලින් කරලා නම ඕනේ නෑ)
    • කලින් ඩව්න්ලෝඩ් කරපු android.zip ෆයිල් එක අන්සිප් කරන්න
    • LKBootloader.zip එක අන්සිප් කරලා kovsimg.nbh ෆයිල් එක මෙමරි කාඩ් එකේ ROOT එකට (ෆෝල්ඩර නැතුව මුලටම) කොපි කරගන්න
    • කලින් ඩවුන්ලෝඩ් කරපු රෝම් ෆයිල් එකත් මෙමරි කාඩ් එකේ මුලටම අන්සිප් නොකර කොපි කරන්න
    • KovskyAdvancedRUU.zip අන්සිප් කරලා Kovsky Advanced RUU රන් කරන්න
    • "Task 29 only" කියන එක තෝරලා කියන විදියට කරගෙන යන්න
      kovskyruu161.jpg
    • බැටරිය ගලවල ආපහු දාන්න , නැතුව ඔෆ් කරන්න බෑ
    • Go into HTC Bootloader (KEEP PRESSED volume down+power button)ඉංග්‍රීසියෙන්ම තිබ්බ (පාට 3 ක ස්ක්‍රීන් එකක් එයි මේක කරාම )
    • ඉන්ස්ටෝල් කරන්න පවර් බටන් එක ඔබන්න කියාවි (පට ගාල ඉන්ස්ටෝල් වෙයි )
    • වැඩේ ඉවර වුනාම බැටරිය ගලවල ආපහු දාන්න
    • fastboot.zip අන්සිප් කරන්න
    • ෆෝන් එක USB cable එකෙන් කනෙක්ට් කරලා Google Windows USB driver ෆෝල්ඩර එකේ තියෙනdrivers ඉන්ස්ටෝල් කරන්න (ඔන්න මට හචිං යනවා, බනින්න එපා ඩොස් මෝඩ් තමා යන්නේ )
    • Fastboot folder එකේ තියෙන Recovery.bat එක රන් කරන්න (බයිට්ස් කීයක්ද රයිට් වුනා කියල ෆෝන් එකේ වැටෙයි)
    • දැන් බැටරිය ගලවල ආපහු දාන්න
    • ෆෝන් එක ඕන කරලා කැමරා බටන් එක බාගෙට් එබුවම ෆෝකස් වෙන ගාන දන්නවනේ අන්න ඒ ගානට දිගටම ඔබ ඔබ ඉන්න (like focusing camera in WM)
    • You will go in CWM Recovery, where you will navigate using the d-pad/volume buttons (රිකවරි මුද් එකට යාවි , ආයෙත් හචිං යනවා .බනින්නේ නැතුව ෆෝන් එක උඩ යට මාරු කරලා ගන්න. ඔය මුද එක උඩ යට මාරු වෙලා තමා එන්නේ )
    • Go to Install ZIP from SD card>Choose Zip from SD card
    • Locate your ZIP file (ROM itself) and choose it(දැන් රිකවරි කරන්න ඔයා දාපු සිප් ෆයිල් එක පෙන්නන්න)
    • When install is finished press power button several times until you see the CWM Recovery main menu
    • Choose Reboot System now
    • Wait for Android to boot.(පලවෙනි පාට පට්ට ස්ලෝපස්සේ හරියනවා)
    • Restartකරන්න
      මට මේ ටික කරන්න උනේ නෑ
      ------------------------------------
    • ONLY IF GAPPS NOT INCLUDED IN ROM
    • Go again in CWM recovery (Turn on phone and continuously press several times camera button JUST HALFWAY)
    • Go to Install ZIP from SD card>Choose Zip from SD card
    • Locate gappsxxxxxx.xxxxxx.zip and select it
    • When install is finished press power button several times until you see the CWM Recovery main menu
    • Choose Reboot System now
    -----------------------------------
    IceDroid V8 with BEATS රෝම් එකේනම පොඩි අව්ලක් මගේ එකේ අවා මෙමරි කාඩ් එක තියෙද්දී බුට්‌ වෙන් නෑ..
    එක හදාගන්න (අන්තිමට කාඩ් එක ෆෝමැට් කරන්නත් වෙනවා ඉස්සෙල්ල බැකප් කරගන්න)

    [
    If you have doubts watch this:
    http://youtu.be/K316cYJEgVM - part 1
    http://youtu.be/AF0qszjFDjU - part 2
    Main Advantages: Android boots after pressing power button, it is VERY FAST, and currently more people are interesting in it, it becomes more and more stable at each update.
    Main Disadvantages: It has a few bugs which not permit using it at full capacity, battery life is reduced, there is NO 3D HW acceleration.
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙන්න මේ ලෙඩ ටික නම් අවා එත් තියෙන වැඩ එක්ක එක ගානක් නෑ.
    1 ඔෆ් කරලා චාර්ජ් කරන්න බෑ.
    2 කැමරාව ෆෝකස් වෙන්නේ නෑ..

    මේ ලින්ක් වැදගත් වෙයි
    [TUTORIAL] Replace Windows Mobile with Android NAND ROMs
    [NAND] IceDroid V8 with BEATS [FINAL] [10/7/12]
    [GUIDE] MicroSD card ROMs and NAND ROM(s) installation instructions on HTC Kovsky
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    good post

    mage laga locked wechcha HTC ekak tiyanawa. eke japan windows os ekak tiyenne. country lock ehema wetila tiyenne. ekata danna berida danen ne.

    rep ++++
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    good post

    mage laga locked wechcha HTC ekak tiyanawa. eke japan windows os ekak tiyenne. country lock ehema wetila tiyenne. ekata danna berida danen ne.

    rep ++++

    ඉස්සෙල්ල අන්ලොක් කරන්න
    නැත්නම් ඇන්ඩෝයිඩ් තියා වෙන වින්ඩෝස් රෝම් එකක්වත් දාන්න දෙන්නේ නෑ
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    අපිනම් කොහොමත් ඇන්ඩ්‍රො මචන්, වින්ඩෝස් එවුන්ට වැදගත්. +
     
    • Like
    Reactions: wasangaama

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඉස්සෙල්ල අන්ලොක් කරන්න
    නැත්නම් ඇන්ඩෝයිඩ් තියා වෙන වින්ඩෝස් රෝම් එකක්වත් දාන්න දෙන්නේ නෑ

    ඔය ළඟ HTC අන්ලොක් කරන ගජමැටික්ස් තියනවද.
    මං ටිකක් හොයල බැලුව නෙට් එකේ. හොයා ගන්න බැරිඋනා.