පිස්සු හැදෙනවා..

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    පිස්සු හැදෙනවා..

    දුවගේ පැටිකිරිය අසා මවට දෙවියන් සිහිවෙලා


    සැමියා මළ පසු ඔහුගේ යහළුවකු සමග දෙවන වරටත් විවාහ වූ කාන්තාවක් තම දරුවාගේ අයිතිය පිළිබඳව කී අපූරු කතාවක් පසුගිය දා අසන්නට ලැබුණේ කෑගල්ල ප‍්‍රදේශයෙනි.


    අනුරාධපුර ප‍්‍රදේශයේ හමුදා භටයකු සමග විවාහ වූ ඇය එහි පදිංචියට ගොස් වසර දෙකකට පසු සැමියා හදිසි අනතුරකින් මියගිය නිසා එක් දරුවකු සමග තනිවූවාය. මවුපියන් ඇයට යළි තම නිවසට එන ලෙස කීවත් ඇය අනුරාධපුරයේම ජීවත් වූවාය.


    ඒත් පසුගිය දා ඇය කෑගලූ ගියේ මියගිය සැමියාගේ යහළුවකු සමග ඇය යළි විවාහ වන බව මවුපියන්ට කීමටය. මවුපියෝ ඊට අකමැත්තක් නොදැක්වූහ. ඒත් මව ඇසුවේ ”දුවත් එක්කම පොඩි දරුවාත් බාර ගැනීමට ඔහු කැමතිද?” කියාය.


    ”බාර නොගෙන කොහොමද? ඒ දරුව එයාගෙම තමයි අම්මේ. අරය බඳින්න කලින් මෙයත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණා.” ඇය කී විට අම්මාට දෙවියන් සිහිවුණාලූ.


    :rofl::rofl::rolleyes::rolleyes::rolleyes::angry::angry:


    උපුටා ගැනීම ලංකාදීපය


     
    • Like
    Reactions: Mr.Truth