බුදු සසුන සුරැකීමේ මහා වගකීම!!

Sep 16, 2012
38
30
0
බුදු සසුන සුරැකීමේ මහා වගකීම!!


buddhastars1.jpg



මීට වසර 2601 කට පෙර බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රී ලංකා ගමන හා ඉන් පසුව උන්වහන්සේ දෙවරක්‌ම වැඩම කිරීම නිසාත් වසර 2320 කට පෙර දේවානම්පියතිස්‌ස රජු සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කර රජු හා වැසියන් ද බුදු දහමට අනුගතකරවීම නිසාත් එදා සිංහල දේශය නමින් හැඳින් වූ අද ශ්‍රී ලංකාව නමින් හැඳින්වෙන අපගේ මවුබිම ලොවපුරා ප්‍රසිද්ධව ඇත්තේ බෞද්ධ රටක්‌ ලෙසයි. අන්‍යාගමික හා අන්‍යජාතික බලපෑම් නිසා මෙරට බෞද්ධ ජන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවී යතත් අතිවිශාල බෞද්ධ ජන අනුපාතයක්‌ ඇති තායිලන්තය, මියන්මාර් වැනි ථෙරවාදී බෞද්ධ රටවල් මෙන්ම මහායාන බෞද්ධ රටවල් හා වෙනත් බොහෝ රටවල් ද ශ්‍රී ලංකාව බෞද්ධයන්ගේ මූලස්‌ථානය ලෙස පිළිගනිති. එහෙත් මෙරට බොහෝ දේශපාලකයන්ටද, ඇතැම් උගතුන්ටද මෙය බහු ආගමික රටක්‌ වීම අරුමයකි. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු ප්‍රධාන හා වැදගත් දේ කුමක්‌ දැයි කවුරුන් හෝ ඇසුවොත් ඊට නුවණින් දෙන පිළිතුර විය යුත්තේ බුද්ධ ශාසනය යන්නයි. මෙරට බුද්ධශාසනය රැකෙන විට රැකිය යුතු සියල්ලක්‌ම ආරක්‍ෂා වන බවද කිව යුතුය.


පෙර සිංහල රජවරු බුදු සසුන සුරැකීමට මුල්තැන දී ක්‍රියා කළහ. විශේෂයෙන් "මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය පිණිසය" යන තේමා පාඨය තම සටන් පාඨය කරගෙන පර සතුරන් සමග යුද වැදුණු දුටුගැමුණු මහරජතුමාගෙන් පසුව මෙරට සියලුම රජවරු (නුවර යුගයෙහි සිටි වඩුග රජවරු පවා) බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම තම මූලික කටයුත්ත ලෙස සළකා ක්‍රියා කළහ. දුටුගැමුණු මහරජතුමාගෙන් ඉහත දැක්‌වූ සටන් පාඨය ඒ සඳහා මහා බලපෑමක්‌ ඇති කළාට කිසිදු සැකයක්‌ නැත. එය කොතරම් බලවත්වීද යත් ඉංග්‍රීසින් විසින් රට අත්පත්කර ගැනීමට වර්ෂ 1815 දී අත්සන් කරනු ලැබූ සිංහලයේ ගිවිසුමෙහි පවා බුද්ධාගම රකින බවට සටහන් කිරීම හා එය පිළිගැනීමට ඉංගී්‍රසීන්ට ද සිදුවිය. වර්තමාන ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි ද බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බවත් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීම බවත් සඳහන් කර ඇත. බෞද්ධයෝ ආක්‍රමණශීලි නොවෙති. එහෙත් අන්‍යාගමිකයන් ආක්‍රමණශීලීහු වෙති. බුදු දහමෙහි හරවාගැනීම්ද නොමැත. අන්‍යාගමිකයෝ බලහත්කාරයෙන් හා විවිධ උපක්‍රම මගින් ආගමට හරවා ගැනීම්ද කරති. එබැවින් බෞද්ධයන්ගෙන් අන්‍යාගමිකයන්ට අනතුරක්‌ නොමැති අතර අන්‍යාගමිකයන්ගෙන් බුද්ධ ශාසනයට අනතුරක්‌ ඇත. මෙම තත්ත්වය මෙරට පාලකයන් හොඳින් වටහාගත යුතුවේ.

එහෙත් මෙම ව්‍යවස්‌ථාපිත කරුණ අද බොහෝ දේශපාලකයන්ට මෙන්ම බොහෝ බෞද්ධයන්ටද අමතක වී හෝ අමතක කර දමා ඇති බව කිව යුතුය. බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීම නීතිගත කර තිබුණද බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි නීත්‍යනුකූලව අර්ථකථන දී නොමැත. ඒ සඳහා දේශපාලකයන් හෝ නීති විශාරදයන් සිත් යොමුකර නොමැත්තේ ඒ පිළිබඳව උවමනාවක්‌ හෝ ගරු කිරීමක්‌ නොමැති නිසා විය යුතුය. ශාසනභාරධාරි මහතෙරුන් වහන්සේලා මෙන්ම බෞද්ධ සමිතිද ඉඳහිට බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීම ගැන අදහස්‌ ප්‍රකාශ කරති. දේශපාලකයෝද තම දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීම සඳහා බුද්ධ ශාසනය ගැන කතා කරති. ඒ අතරතුර විජාතික, විදේශික හා අන්‍යාගමික බලපෑම්වලට හසුවී ක්‍රම ක්‍රමයෙන් බුද්ධ ශාසනය පරිහානියට පත්වෙන බව පෙනී යයි. බුද්ධ ශාසනය යනු කුමක්‌දැයි පැහැදිලිව අප වටහාගත යුතුය. බුදුදහම, බෞද්ධ භික්‌ෂුව, බෞද්ධ ජනතාව, බෞද්ධ ආයතන හා සිද්ධස්‌ථාන හා සියල්ලේම සංයුතිය වූ බෞද්ධ සංස්‌කෘතිය යන මේ සියලුම අංගෝපාංග එක්‌ වූ විට බුද්ධ ශාසනය යෑයි හැඳින්විය හැකිය. එසේ සඳහන් කළ කිසියම් කොටසකට හානි පැමිණේ නම් එය බුද්ධ ශාසනයට හානි වීමක්‌ ලෙස සැලකිය යුතුය. ඉතා හොඳින් විමසා බැලුවොත් අද වන විට ඉතා සියුම් ලෙස බුද්ධ ශාසනයට හානි සිදුකරමින් සිටින බව කාහට නමුත් පැහැදිලි වනු ඇත.

මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි ආගමික තර්ජන මෙන්ම ආක්‍රමණද රටපුරාම ක්‍රියාත්මක වෙයි. මෙරට සිටින එම ආගමිකයන්ගේ විදේශ නියෝජිතයන් හා මෙරට නියෝජිතයන්ද එක්‌වී එය ක්‍රියාත්මක කරන බව පෙනේ. විශේෂයෙන් මූලධර්මවාදී ක්‍රිස්‌තියානි කණ්‌ඩායම් බෞද්ධ ගම්මානවලට රිංගා යාඥ මඩු පවත්වමින් බෞද්ධයන් හරවා ගැනිමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන බව රහසක්‌ නොවේ. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් විදේශ රටවලින් මුදල් ලැබේ. මුස්‌ලිම් ආක්‍රමණයද එලෙසින්ම ක්‍රියාත්මක වේ. දිනපතා පුවත්පත්වල මුස්‌ලිම් නම් ගත් කලින් බෞද්ධයන්ව සිටි අය පිළිබඳව දැන්වීම් හොඳින් විමසා බැලුවොත් මුස්‌ලිම් ආක්‍රමණය කොතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වේද යන්න වටහා ගත හැකිය.

1976 නොබැඳි සමුළුවට පැමිණි ලිබියානු නායක ගඩාෆි කොළඹ සහිරා විද්‍යාලයට හා හොලිඩේ ඉන් හෝටලයට එදා ලංකාව පුරාම සිටි මුස්‌ලිම් නායකයන් කැඳවා දේශන පවත්වා කරුණු 03 ක්‌ අවධාරණය කළේය.

01. ශ්‍රී ලංකාවේ දේපළ හා ඉඩම් මිලදී ගත යුතුය.

02. ශ්‍රී ලංකාව පුරාම මුස්‌ලිම් පල්ලි ඉදිකළ යුතුය.

03. තමාගේ මුණුපුරා මේ රටට එනවිට මේ රට මුස්‌ලිම් රටක්‌ විය යුතුය.

මේ සියලු කටයුතු සඳහා ඔහු මුදල් ලබා දෙන බවද ප්‍රකාශ කර ඇත. මුස්‌ලිම් වෙස්‌ ගෙන එම රැස්‌වීම්වලට ගිය මේ තොරතුරු හොඳින් දන්නා කෙනෙක්‌ අදත් ජීවතුන් අතර සිටි. එදා ගඩාෆි අවධාරණය කළ කරුණු මේ වන විට මුස්‌ලිම්වරුන් කොතරම් දුරට ක්‍රියාත්මක කර ඇත්දැයි රටපුරා සංචාරය කරන විට පෙනී යනු ඇත. නැගෙනහිර පළාතම මුස්‌ලිම් ආක්‍රමණයට ගොදුරු වෙමින් පවතී. තැන් තැන්වල ස්‌ථාවර මුස්‌ලිම් තොරණ ඉදිකර ඇත. මේ තොරණවල අරාබි අකුරින් වැකි සටහන් කර ඇත.

මේවා ගැන මෙසේ කියන විට ආගම් භේද ඇති කිරීමට උත්සාහ දරතැයි අපේම උගතුන් හා දේශපාලකයන් අපට දොස්‌ නගනු ඇත්තේ යථාර්ථය නොදැන හෝ යථාර්ථයට පිටුපෑම නිසා මිස වෙනත් කරුණක්‌ නිසා නම් නොවේ. ඉරානය, ඉරාකය, ඉන්දුනීසියාව වැනි බෞද්ධ රටවල්වලට අද අත්වී ඇති ඉරණම මෙරට බෞද්ධයන් මෙන්ම දේශපාලකයන් ද හොඳින් වටහා ගත යුතුය. පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් මෙරටට නොපැමිණියා නම් ඒ වන විටත් මෙහි පැමිණ සිටි මුස්‌ලිම් වෙළෙන්දන් මගින් මෙරට මුස්‌ලිම් ආක්‍රමණයකට හසුවන්නට ඉඩ තිබුණැයි ඇතැමුන් කියන කතාව ඉවත දැමිය නොහැක. සියලුම දුක්‌ගැහැට විඳිමින් අපේ අතීත මුතුන් මිත්තන් අපට රැකදී ඇත්තේ බුදු සසුනයි. "මිහිඳු හිමියන් මගින් දුන් දායාදය රැකදීම පිළිබඳ ඉන්දියාව ලංකාවට ණය ගැතිය යෑයි මහාචාර්ය භාරතසිංහ උපාධ්‍යාය පඬිතුමන් තම පාළි සාහිත්‍ය ඉතිහාස කෘතියෙන් කරන සඳහන ඉන්දියාවට ද පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවත් එහි බුද්ධ ශාසනය ආරක්‍ෂා විය යුතු බවත් සත්‍ය ගරුකරන කවුරුන් වුවද පිළිගත යුතුය. එම සත්‍යය දැන ඊට ගරු කළා පමණක්‌ නොව එය ප්‍රකාශයට පත් කළ කෙනෙකි, මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමාගේ හදවතින්ම නැගුණු කවි සංකල්පනා මගින් ඒ බව මෙසේ අවධාරණය කළේය.

zවෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන්a - බැලු බැලු හැමතැනම වෙහෙරක්‌ පෙනීයන්

ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් - දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්

උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් - වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්

යම්විට යම් කොත් සුන් වී ඇති හොත් - යළි නංවනතුරු කන්න එපා බත්Z

පියතුමා මුල් කවියෙන් කියන්නේ රට පුරා බැලු බැලු හැමතැනකම පන්සල් හැදිය යුතු බවයි. එමගින් දෙන පණිවිඩයෙන් සියලු වැසියන්ගේ සිත් සිල් ගැන්වීම එතුමාගේ අදහස විය. දෙවැනි කවියෙන් අවධාරණය කරන්නේ කැඩී බිඳීගිය වෙහෙර විහාර පිළිසකර කළ යුතු බවයි. විශේෂයෙන් නටබුන් වූ දාගැබ් පිළිසකර කොට කොත් පැළඳවිය යුතු බවයි. කුසගින්නේ ඉදිමින් හෝ එය කළ යුතු බව එතුමා අවධාරණය කරයි.

බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව පිණිස අද මෙවැනි අදහස්‌ දරන හා ප්‍රකාශ කරන අන්‍යාගමිකයන් තබා සිංහල බෞද්ධයන්ද සොයා ගැනීම අසීරු කරුණක්‌ බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නීතිය සකස්‌ කළේ සුද්දන්ය. දිගු ඉතිහාසයක්‌ නොමැති ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ රටවල්වල මෙන්ම ඔවුන් යටත්කරගෙන සිටි රටවල්වලද නටබුන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්‌කරණය නොකොට තහවුරු කිරීමටයි. සුද්දාගේ නීතිය අදත් කළු සුන්දන් විසින් මැනවින් ආරක්‍ෂා කරනු ලැබේ. දාගැබ් වැනි නටබුන් සුද්දන්ට අවශ්‍ය වූයේ බැලීමට මිස වෙනත් දේකට නොවේ. ඒ සඳහා පෞරාණික ස්‌වභාවය ආරක්‍ෂා කර තැබීමට ඔවුහු පුරාවිද්‍යා නීති සැකසූහ. එහෙත් සිංහල රජවරු එම පූජනීය ගොඩනැගිලි නැවත නැවත අලුත්වැඩියා කළහ. මෙරට බෞද්ධයන්ට ඒවා අවශ්‍ය වූයේ බැලීමට පමණක්‌ නොව වන්දනා කිරීමටත්ය. නටබුන් ස්‌වරූපයෙන් තිබෙන විට බලනු මිස වැදීමට සිත් නොවේ. රුවන්වැලි සෑයද නටබුන්ව තිබුණා නම් බෞද්ධයන් පමණක්‌ නොව අබෞද්ධයන් පවා අද එතැනට ගොස්‌ ලබන මානසික සහනය ලැබිය හැකිද? යන කරුණ අඥන පුරාවිද්‍යාඥයන් විසින් තම නොදැනුම ටිකක්‌ මගහරවාගෙන විමසා බලන්නේ නම් මැනවි.

බුදු සසුන බැබලීමට නම් දීඝවාපිය, ගිරිහඬුqසෑය, ඡේතවනය, අභයගිරිය මෙන්ම යාපා පටුනෙහි තිබෙන පෞරාණික දැගැබ්ද පිළිසකර කොට සුණු පිළියම් කර සුදොa සුදු පැහැයෙන් බැබලවීමට සැලැස්‌විය යුතුය. එය රටට ද ආලෝකයක්‌ මෙන්ම ආශිර්වාදයක්‌ ද වනු නිසැකය. ඒ වෙනුවෙන් පුරාවිද්‍යා නීතිය වෙනස්‌කර ගැනිමට ද අප පසුබට විය යුතු නැත.

වර්තමානයේ පිරිවෙන්, බෞද්ධ අධ්‍යාපන ආයතන වශයෙන් නොසලකා හැරි ආයතන බවට පත්වී තිබේ. ඒ පිළිබඳ වගකිම් දරන පිරිවෙන් පාලක මණ්‌ඩලයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයටද ඒවා නගා සිටුවීමට අවශ්‍යතාව නොමැති බව පෙනේ. සෑම පන්සලක්‌ම පිරිවෙනක්‌ය යන උතුම් සංකල්පනාවෙන් පිරිවෙන් නගා සිටුවීම කළහොත් එය බුදු සසුන සුරැකීමට ප්‍රබලම හේතුවක්‌ වනු ඇත. බෞද්ධ පොත පත ප්‍රචලිත කිරීම හා ඒවා බෞද්ධ අබෞද්ධ හැම දෙනාටම කියවීමට සැළසීමෙන් තම ජීවිත සකස්‌කර ගැනීමට මග හැදීමද අවශ්‍යම දෙයකි. මේ උතුම් කාර්යයෙහි වැදගත්කම වටහා ගෙන මහා කැපවීමකින් යුතුව ක්‍රියා කරන පූජ්‍යපාද කිරම විමලජෝති හිමිපාණන්ගේ මහා මෙහෙවර කෘතවේදීත්වයෙන් යුතුව මෙහිලා සඳහන් කළ යුතුය.

බෞද්ධ පෙරහැර හා බෞද්ධ උත්සව මෙන්ම පිංකම්ද පැවැත්වීම සංස්‌කෘතික පැත්තෙන් බලන විට මෙන්ම ශ්‍රද්ධාව ඇතිකරලීමෙහිලාද වැදගත් වෙයි. එහෙත් බුදු සසුන සුරැකීමට ඒවා පමණක්‌ ප්‍රමාණවත් නොවත බව කිව යුතුය. පෝය දිනට සීල ව්‍යාපාර පැවැත්වීම, පිණ්‌ඩපාත චාරික සංවිධානය කිරිම වැනි දේ මතුපිටින් බලන විට ඉතා ආකර්ශනීය වුවද එවැනි කටයුතුවලින් පමණක්‌ ද බුදු සසුන ආරක්‍ෂා නොවන බව ද කිව යුතුය. ගිහි පැවිදි සම්බන්ධය තහවුරු කරනු වෙනුවට අද බෞද්ධයන් මෙන්ම භික්‍ෂුන් පවා දේශපාලන පක්‍ෂ අරමුණු මත ක්‍රියා කිරීමට යොමුවීමෙන් බුදු සසුනට ඇති වී තිබෙන තර්ජනය බලලෝභී හා ධනලෝභී හැඟීමෙන් තොරව විමසා බැලිය යුතු කරුණකි.

කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැයකරමින් මාළිගා තනමින් හා තමන්ට මහා පිරිසක්‌ ඇතැයි ලොවට පෙන්වමින් තමන් පමණක්‌ හරියට බණ කියතැයි ප්‍රචාරය කරමින් ක්‍රියාත්මක වන භික්‍ෂුන් හා ඔවුන් පසුපස යන දායකයන්ද නිසා බුදු සසුන රැකේaය යන්න සිතුවොත් එය මුලාවකි. පිටතින් එන උවදුරුවලට වඩා ඇතුළතින්ම එන කඳපණු උවදුර බුදු සසුනට බරපතළ හානියක්‌ වන බව වටහා ගත යුතුය. ශ්‍රී ලංකාවෙන් ලොවට දියහැකි උතුම්ම හා වටිනාම පණිවිඩය බුදු දහමේ පණිවිඩයයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බුදු සසුන ආරක්‍ෂා විය යුතුය. ඒ උතුම් වගකීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් මෙන්ම පාලකයන් ද වටහා ගෙන නුවණින් ක්‍රියා කළ යුතුය. ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරක්‍ෂා කිරීමේ මහා වගකීම ඉටු වුවහොත්, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂා විය යුතු සියල්ල ආරක්‍ෂා වන අතර ශ්‍රී ලංකාවෙන් වෙනත් කිසිදු රටකින් දිය නොහැකි වැදගත්ම දෙයක්‌ ලෝකයටද ප්‍රදානය කළ හැකිවනු ඇත. ශ්‍රී ලංකා රජය මෙන්ම ශ්‍රී ලංකාව රටවැසි කරගත් බෞද්ධ අබෞද්ධ හැම දෙනාම ඒ උතුම් වගකීමට බැඳී සිටිති.

පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්
http://www.divaina.com/2012/08/31/feature01.html
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සම්පූර්ණ ඇත්ත. නමුත් බෞද්ධ බොහෝ දෙනෙක් මේවා නොසලකා හරිනවා. ඒකයි දුක :(
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බෞද්ධයන් මත ඉදගෙන, බෞද්ධාගමත් සමග ගැටෙන පහත සදහන් නිවටයන් නිසාත් බෞද්ධාගමට හානීවේ.


    ela
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    අන්ධ භක්තියෙන් වරදට බැඳිලා. තර්ක කරන්න ඇවිත් චා වෙලා දැන් කරගන්න දෙයක් නැති උනාම, සිරිවර්ධන කියලා මෙම්බර්ස්ලට ලේබල් ගහන්න හදන, හැංගිලා ඉඳං වීරයො වෙන්න හදන උයාලා වගේ අය දකින්නත් ලැජ්ජයි ..
    .
    .
    llrajitha
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif



    mechcharakal mama budun wandinna, mal poojakaranna giye pansal walata machan... :rolleyes:

    mokakda mama kiyala thiyena waradi de? :) mama othana sandahan karala thiyenne ithama tikai... mata thawa ona tharam kiyanna puluwan... thawa karunu... :yes:

    Meke Chithya athule nikan christmas ekata wage pini muwo hai karala dala thiyenne... "jingle bells... jingle bells.... " wage neda?:no:

    ..
    .

    polwattacom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif


    පවු මුට
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    http://www.divaina.com/2012/08/31/feature01.html

    පුජ්‍ය බෙංගමුවේ නාලක හිමි
    දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම්


    ඉහත භික්ෂුවත් දේශප්‍රේමී භික්ෂු පෙරමුන නමින් පක්ෂයක් හාදාගෙන ඇයි.
    අහන්නේ දැන ගැනීමටයි.