කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කේන්දරේ කොටු 12 සම්පූර්ණ ලිපිය

    ඔන්න කොටු දොළහ විස්තර කලා.ඊළඟ ලිපියෙන් ඒ ඒ ග්‍රහ පිහිටීම් ගන සලකා බලමු.:D

    හබැයි මේ ලිපියට ප්‍රතිචාර මදි වගේ තේරුනොත් ඊළඟ ලිපිය ලියන එක ගැන සලකා බලනව.අඩුම ගානේ කමෙන්ට් 200වත් පනින්ඩ ඕනෙ.
    :dull:


    53058925.jpg


    1 වන භාවය-( කේන්ද්‍රයේ පළවෙනි කොටුව )

    ලග්න භාවයයි.චරිතය,ක්‍රියාකරිත්වය,ඤාණය,ශරීර තත්වය,ආයුෂ,දුක,සැප,ජයග්‍රහණ,නින්දා,ප්‍රශංසා,සෘජු චපල බව,උසස් පහත් බව (සම්පූර්ණ ජිවිත කාලය කොහොමද කියා බලීමට ලග්නය බලා කියවන්ඩ ඕනේ)

    ශ්‍රරීර ස්ථාන වශයෙන් හිස,මුහුණ උඩ කොටස,හිසකෙස්ය(කොහොම වුනත් කාගේ හෝ ශරීරයක් විග්‍රහ කිරීමට ලග්නයෙන් කියවන එක තමා වැඩිය හොඳ )

    ජන්මියා සහ ප්‍රශ්නකරු සම්බන්දව කියවේ.



    2 වන භාවය - (2 වෙනි කොටුව )

    කුටුම්භ ස්ථානය (පවුල ) , ධන අයස්ථානය යනුවෙන්ද හැඳින්වේ.දනය, චංචල දේපල,බැංකු මුදල්,ඔප්පු තිරප්පු,ස්වර්ණාබරණ,ශක්තියෙන් උපයන දේ,උරුම හිමිකම්,අයිතිවාසිකම්,ණයට ගනීම්,ආහාරපාන, වාග් ශක්තිය පිළිබන්දව විග්‍රහ කරයි.

    ශරීර ස්ථාන වශයෙන් පිරිමින්ගේ දකුණු ඇස සහ ගැහැණුනෙගේ වම් ඇස, ,මුහුණ,නාසය ,බෙල්ල, කට

    අඹුදරුවන්, සහ දෙවන විවාහය පිළිබඳ කියවේ.

    විවාහයෙන් පසුවන ගතවන කාලය සම්බන්ද විස්තර ,ගෘහ ජීවිතය,මරණය ආදිය දෙවන්නෙන් බැලිය යුතුයි.

    දෙවන්න මාරක ස්ථානයක් ලෙසද සැලකේ.


    3 වන භාවය - (3 වෙනි කොටුව )

    වික්‍රම ස්ථානයයි.වික්‍රමය,ආත්මාභිමානය,වීර්ය,ධ්‍යීර්ය,චිත්ත බලය,සහජ ඥාණය,දූෂ්‍යමාණ ආරංචි,ජනප්‍රවාද කේලම්,ගිවිසුම්,අත්සන් කිරීම්,ලිපිලේඛන,ගමන් බිමන්,පොත්පත්,

    ශරීර ස්ථාන වශයෙන් ශරීරයේ බාහු දෙක හා පපුවේ උඩ කොටසද,ස්නායු ගනද කියවේ.

    පියාගේ මාරක ගැනද කියවිය හැක.


    4 වන භාවය - (4 වෙනි කොටුව )

    ගෘහ ස්ථානය ,මාතෘ සිථානය,සුබාස්ථානය යන නම් වලින් හඳුන්වනු ලබේ,මවුපියන්ගෙන් ලබෙන උරුම කම් (දේපල ),යාන වාහන,ගේ දොර ,ඉඩකඩම්,නිශ්චල චංචල දේපල,මව් හා මවු පාර්ශවයේ නෑදෑයන් පිළිබඳ විස්තර 4න් කියවිය යුතුය.

    උදාහරණ ලෙස ගුරු 4රේ නම් ස්ථිර වාසස්තානත් ජීවිතයේ අග කොටස ප්‍රීත්යෙන් වාසයත්,ශනි 4රේ නම් චංචල වාසස්ථානත් ජිවිතයේ අගකොටස කළකිරුණු ජීවිතය එපා වූ දුක් සහිත ජීවිතයක් වේ.
    ඔබේ ලග්නයේ 4 අදිපති 8 නම් දිපල හානියටත්,4 අදිපති 10 නම් දේපල වර්ධනයටත් හේතු වේ.

    ජීවිතයේ අවසාන භාගය කෙසේ ගතවේද යන්නද හතරෙන් කියවිය යුතුය.කෙනෙකුගේ හිත පිළිබඳ විස්තරද 4න් කිව හකිය.හිත පිළිබඳ ස්ථානය වේ.

    ශරීර ස්ථානය පපුව වේ.



    5 වන භාවය - (5 වෙනි කොටුව )

    ඥාණ ශක්තිය,ධාරණ ශක්තිය,දුර දක්ණා ණුවන,චිත්ත ස්වභාවය,අධ්‍යාපනය,ආගම් හා දර්ශන පිළිබඳ ඥාණ, ආලය පිළිබඳ තත්ව,දරුවන් ලැබීම නොලැබීම පිළිබඳව හා දරුවන්ගේ තත්ව ,තරඟ විභාග,රහස් කටයුතු ,ණය ගැනීම් සහ ගෙවීම් ගැන කියවනු ලැබේ.

    ශරීර ස්ථාන වශයෙන් පපුවෙන් පහල බඩ ප්‍රදේශයද ,හර්දය




    6 වන භාවය - (6 වෙනි කොටුව )

    රෝග ස්තානය,සතුරු ස්තානය වශයෙන් පිළිගැනේ.ලෙඩ රෝග,කෑම ගනීඉමෙන් අතිවන රෝග,ඇස්වහ කටවහ,ප්‍රතිශක්තිය,සතුරන්,උගස් සහ සින්න වීම්,මෙහෙකරුවන්,නැන්දා සහ මාමා හා ඒ පාර්ශවයේ නෑදෑයන් පිළිබඳව හයෙන් බැලිය යුතුය,

    ශරීර ස්ථාන වශයෙන් යටිබඩ,උකුල,දෙඇල පිළිබඳව කියවේ.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    7 වන භාවය - (7 වෙනි කොටුව )

    කලත්‍රස්ථානය හෙවත් මංගල භාවයයි.මාරක ස්ථානයක් ලෙසද ගැනේ.යාමිත්‍ර ස්ථානය ලෙසද ගැනේ.පුරුෂයෙක් නම් භාර්යාව පිළිබඳ විස්තරද ස්ත්‍රියෙක් නම් පුරුෂයා පිළිබඳව විස්තරද දෙදෙනාගේ සමාන අසමානකම් ද 7 කොටුවෙන් බැලිය යුතුය.මහජන ප්‍රසාදය,ධන හානි,රැකියාවේ ස්ඨිරත්වය හා ස්වභාවය ද 7 කොටුවෙන් බැලිය යුතුය.ණයට ගැනීම ,දන් ලැබීම,හිඟමන් යෑම,දික් කසාද,හොරාගේ ස්වභාවය ගැන කියවිය හැක.

    ශරීර ස්ථාන ලෙස ශරීරයේ උකුල හා ඒ අවට ප්‍රදේශය වැදගත් වේ.

    කාමය හා කාම ශක්තියද ඒ ද්වාරයන්ද හතට අයත්ය.හතේ උච්ච ශුබ ගරහයකු හෝ හත්වැන්නාදිපති උච්චව 4 හෝ 10 සිටී නම් උසස් විවාහයක් වෙයි.නීචව 6,8,12 නම් එසේ නොවේ.

    7 යනු මාරක ස්ථානයකි.



    8 වන භාවය - (8 වෙනි කොටුව )

    බාධක ස්ථානයයි,මාරක ස්ථානයයි.ජීවත්වන ආයුශ ගනණ අටෙන් බලිය යුතුය.මරණය කෙසෙ සිදුවන්නේද යන්න අටෙන් බැලිය යුතුය.ආයුෂ,මරණ්යට හේතුව,මරණයේ ස්වබාවය,මරණින් පසු අවසාන කටයුතු,මරණීය දණ්ඩනය,සියදිවි නසා ගැනීම්,හදිසි තුවාල,රෝග පීඩා,හිත පිළිබඳ අවුල්,පිස්සු වැටීම් ද අටෙන් බැලිය යුතුය.විවාහයෙන් දායද බලීම හෝ නොලැබීම,කොටස් ව්‍යාපාර වලින් ලාබ ලැබීම නොලැබීම,විවාහයෙන් පසු භාර්යාවගේ අසනීප,විශ්‍රාම වැටුප් යනාදියද අටෙන් බැලිය යුතුය.

    ශරීර ස්ථාන ලෙස මළ බොක්ක,අර්ශස්,ශ්‍රීර ඉන්ද්‍රියන් හානි පිළිබඳව කියැවේ.

    කේන්ද්‍රයේ අශුබ ස්ථානය අට වෙයි.අටට කිසිම ග්‍රහයකු සුභ නැත.කොටින්ම අටේ කිසිම ග්‍රහයෙක් නොසිටන තරමටම හොඳයි.



    9 වන භාවය - (9 වෙනි කොටුව )


    දර්ම ස්ථානයයි.පුණ්‍යස්ථානය ,ධර්ම ස්ථානය,ශුභාස්ථානය ලෙසද හැඳින්වේ.පියාට සැලකීම,නීතිගරුකත්වය,දේව ආගමික භක්තිය,පුද පූජා,කල්‍යාණමිත්‍ර සේවනය,උසස් අධ්‍යාපන,පර්යේශණ,නව නිර්මාණ,නව සංකල්ප,ප්‍රභූ ඇසුර,දරුවන්ගේ උසස්වීම්,ආදිය සලකා බැලෙයි.8 කේන්ද්‍රයේ අශුභ ස්ථානය මෙන් 9 කොටුව කේන්ද්‍රයේ ශුබ ස්ථානය ලෙස සැලකේ.නියම පාපයකු නීචව අටේ සිටියහොත් සමහර විට අශුභපල දෙයි.ඒත් ඒ ග්‍රහයාට අයිති ස්ථානය හා සම්බන්ධ කරුණු පමණක් හානි කරයි.

    උදාහරණ-
    රාහු 9 නම් පියා සමඟ බේද කරයි.එහෙත් සැප හා ධනය ලැබේ.

    කේතු 9 නම් සැප හා ධනය නොදෙයි.එහෙත් ඉගෙනීම උසස් කරයි.

    කුජ 9 නම් ආගමික භක්තිය අඩු කරයි.එහෙත් කුජගේ රෞද්‍ර ගති නතිවේ.

    ශනි 9 නම් තපසට පිය කරයි.

    රවි 9 නම් පවුලේ හා වර්ගයාගේ ප්‍රධානියා කරයි.පියාට ඉතා හිතවත් වේ.එහෙත් පියාගෙන් වස්තුව නොලැබේ.

    මෙලෙස ගත්කල 9 ග්‍රහයකු පිහිටීම හොඳයි.අශුබයකු වුවත් නියම අශුබ පල නොදේ.


    10 වන භාවය - (10 වෙනි කොටුව )

    කර්ම ස්තානයයි.රැකියාව,ර්‍කියාවේ ක්‍රියාකරිත්වය,තනතුරු ලාබ,කීර්තිය,ජන ප්‍රසාදය,උසස්වීම්,නම්බුනාම,ස්වාදීන වෙළඳ ව්‍යාපර,ආගමික ව්‍යාපාර 10න් බැලේ.

    ශරීර ස්ථාන ලෙස දණහිස සහ දෙකකුල් දහයට අයත් වේ.
    රවි 10 නම් මහත් බලයකි.


    11 වන භාවය - (11 වෙනි කොටුව )

    අයස්ථානය,ලාභ ස්ථානය,භවත් ස්තානය නම් වේ.සමාජ මිත්‍ර ඝනත්වය,සහෝදර සහෝදරියෝ,ප්‍රධාන ආදායම් සියලු ලැබීම් 11 න් කිව යුතුය.මරණය සම්බන්දව 11 වග කියයි.සිකුරු 11 මිත්‍රයන් අතිකරනවා මෙන්ම කුජ 11 මිත්‍රයන් නැතිකරයි.විවාහය සම්බන්ධවද 11 වග කියයි.
    ශරීර ස්තාන ලෙස කෙන්ඩා,පාදයේ වළලු කර,විලුඹ 11ට අයිතිය.


    12 වන භාවය - (12 වෙනි කොටුව )

    12 වැය ස්තානය වේ.දුක,ඊර්ශ්‍යාව,ව්ද බන්දන,සිර අඩස්සි,රහස් කටයුතු ,ආත්ම විනාශය,ආදී නරක දේවලට බල පවත්වන ස්ථානයයි.පිට රට යාමද දොළහෙන් කියවේ.

    උදාහරණ-

    12 නරක ග්‍රහයින් සිටින්නා හට සකසුරුවමෙන් බඩු භාණඩ භාවිතා කල නොහැක.
    කුජ 12 නම් බඩු කැඩෙයි.බිඳෙයි.නැත්නම් නැති වෙයි.

    ආරොඉග්‍යශාලා,සිර ගෙවල්,සාත්තු නිවාස ආදියේ සෙවය පිණිස යෙදීමට සිත්වෙයි.කරදර හා එවනි අවස්ථාවල ගම රට හර යාම ද 12න් කිව යුතුය.




    අවවාදයයි

    රාශි 12 ගුණ අගුණ බලීමේදීරාශි නාමයෙන්ද බලිය යුතු බැවිනේ ඒ ස්ථානයට ඒ රාශිය ගැලපේද ස්ථානයට අයිති කරුණු රාශියටත් අයිති රාශි අදිපති ටත් ඒ කරුණු ගලපේද බලා රාශිය පෙනෙන ග්‍රහයින් බලාඔවුන්ගේ උච්ච නීච තත්වයන් සලකිල්ලට ගනිමින් කියවිය යුත්තකි.

    යම් දෙයක් දුටු සැටියේ කිසිම විස්තරක් නොකීමට වග බලා ගත යුතුය.යමක් නොකීවාට වරදක් නැති බැවින්කියා වැරදුනොත් බරපතල වරදක් බවත් නිතර සිහි තබා ගත යුතුය.
    :nerd::nerd:



    සැලකිය යුතුයි.
    මෙලෙස කරුණු කැටිකර ලිවීම අපහසු බැවින් හා කිසිම පුද්ගලික ලාබ අපේක්ශාවෙන් නොලියන දෙයක් බවින් කිසිම පුද්ගලික වෙබ් අඩවියක හෝ පුද්ගලික බ්ලොග් එකක මේ ලියන ඒව පලකිරීම සපුරා තහනම්.ඒ කිසිම තැනක මේව පළකරල මට අහුවුනොත් මම ආයේ මේව පළ කරන එක නතර කරනව.එහෙම පළකරල වෙන හානියට මම වග කියනු නොලැබේ.:angry:
    pawusi
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පවුසියා දැන් මුතුමිණගෙ ජොබ් එක බාරඅරගෙන වගේ:lol::lol::lol::lol:
    බැරිද මචං කේන්දරේ බලල මං මැරෙන දවස කියන්න
    :P:P:P:P

    Rep++ දෙන්න ඕනෙ උනාට දෙන්න බෑ කියනව
     
    Last edited: