ජීවිතය දිනන්නේ මෙහෙමයි
තමන්ගේ ජීවිතය දෙස මොහොතක් හැරී බලන්න. ඔබ ජීවත් වෙන්නේ අභියෝග පිරුණු ලෝකයක. ඉපදීමේ සිට මරණය දක්වා මිනිසා විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. මුලින්ම බැලුවොත් ජීවත්වීම තමයි ලොකුම අභියෝගය. කෙනෙකුගේ ජීවිතය සාර්ථකද අසාර්ථකද කියලා මනින්නේ ඔහු/ඇය කොතරම් හොඳින් අභියෝගයන්ට මුහුනදනවාද කියන එකෙන්. ජීවිතයේ විවිධ අවස්ථාවල එන අභියෝග වලට සාර්ථක ලෙස මුහුන දෙන්න අවශ්ය කරුණු ටිකක් මම අද ඔබට කියන්නම්. මේවා පිළිපැදීමෙන් මගේ ජීවිතය යම් ආකාරයකට ආලෝකමත් වූවා වාගේ මෙම ලිපිය කියවන ඔබ සැමගේ ජීවිත සාර්ථක වෙනු දැකීම මාගේ සතුටයි.
ජීවිතයට යතාර්ථවාදී ඉලක්කයක් තබාගන්න
තමන් අනාගතයේ සමාජයේ සිටිය යුත්තේ කුමන ආකාරයෙන්ද කියා මුලසිටම සැලැස්මක් සාදාගන්න. කුඩාකාලයේ සිටම එය පුරුදු වන්න. සැලස්මක් හ ඉලක්කයක් ඇතිකරගැනීමේදී එය තාමාට ලංවිය හැකි එකක් විය යුතුයි. කෙදිනකවත් ලබාගන්නට බැරි තානාන්තර මුදල්, යානවාහන ආදිය ගැන පමණට වැඩිය නොසිතා තමන්ගේ ශක්ති ප්රනමාණයට ගැලපෙන ලෙස අනාගත සිහිනයන් තබාගන්න. උදාහරණයකට ඉතාම ලස්සන, මුදල් හදල් ඇති, සමාජයේ ඉහල තලයක සිටින තරුණියක් කෙරෙහි දුප්පත්, පහත් සමාජ මට්ටමක තරුණයෙකු බලාපොරොත්තු තබාගැනීමට යාම මෝඩකමක්. තමන්ගේ ජීවිත කාලය ඉතා කෙටි බව මතක තබාගෙන ඉතාම අවශ්ය දෙවල් ලබාගැනීමට පමණක් උතසාහවන්ත වීම නුවණැත්තන්ගේ ලක්ෂණයක්. තමගේ තරමට ඉලක්ක තබාගැනීම නිසා යතාර්ථයට මුහුන දෙමින් අනාගතයේ කටයුතු කිරීමට ඔබට හැකිවේ. ප්රාධාන ඉලක්කයක් තබාගැනීම වාගේම එක ඉලක්කයට ලංවීම සඳහා කුඩා ඉලක්ක තබාගෙන එක මොහොතක එම කුඩා ඉලක්කයක් ගැන පමණක් අවධානයක් යොමුකර එය සාර්තක කරගැනීමට වෙහොසෙන්න. ඔබට අනාගතයේ ඉජිනේරුවෙක් වීමට අවශ්යනම් තමන්ගේ ප්රෙධාන ඉලක්කය ලෙස ඉංජිනේරු වෘත්තිය තබාගෙන එහි කෙටි ඉලක්ක ලෙස උසස්පෙල සමත්වීම, සරසවියේ පළමු වසර, දෙවන වසර, .... මේ ආදී ලෙස කඩයිම් වලට කෙටි ඉලක්ක තබාගන්න. එම ඉලක්ක සම්පූර්ණ කරගතයුතු කාලය පවා සටහනක් කරන්න. සෑම විටම ප්රඉධාන ඉලක්කයේ දුශ්කරතා ගැන සිතනවාට වඩා තමන්ගේ කාලයට අදාල කෙටි ඉලක්කය ගැන පමණක් අවධානය යොමුකොට එය සාර්ථක කරගැනීමට සම්පූර්ණ කැපවීම යොදන්න. සෑම ඉලක්කයක්ම අභියෝගයක් ලෙස දකින්න. අනාගත ලෝකයට අවශ්ය Target Oriented මිනිසෙක් ඔබ තුලින් බිහිකරන්න.
වැඩ කිරීමෙන් සතුටුවන්න
අනාගත ලෝකය ඇත්තේ වැඩකරන මිනිසාටයි. ඔබට ජීවතය ජයගන්න අවශ්ය නම් කළයුත්තේ අප්ර්තිහත ධෛර්යයේන් අභියෝග හා ඉලක්ක ජයගැනීමට ක්ර්යාකිරීමයි. වැඩකරනවා වාගේම වැඩවලින් සතුටක් ලැබීමට පුරුදුවිය යුතුයි. “Winners are those people who make a habit of doing the things loosers are uncomfortable doing” ලෙස Ed Forceman වරක් ප්රැකාශ කරා. වෙහෙසවී වැඩකිරීම අපි සැමටම අපහසු වන්න පුලුවන්. විවේකයෙන් විනෝදයෙන් සිටීමට අපි සෑමදෙනාම කැමතියි. නමුත් අපහසුවෙන් හෝ පුරුදු කරගත්තොත් අනෙක් අයට වඩා ඔබ පියවර ගණනක් ඉදිරයට ගිහින්. කෙසේ වෙතත් මිනිසුන් ශරීරය, මනස වෙහෙස වීම වේදනාවක් ලෙස දකිනවා. යම් කාරයයකින් ඔබ තෘප්තියක් ලබනවානම් එය කොතරම් අපහසු වුනත් කල් නොදමා සිදුකිරීමට අප පෙලඹෙනවා. දුක හා සතුට ඇත්තේ සිතේ බව මතක තබාගන්න. අප උත්සාහ කරන ඉලක්කය ගැන ප්ර්සන්න හැඟීමක් ඇතිකරගත්තොත් වෙහෙසවී වැඩකිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි
පීඩනයට හා වේදනාවට මුහුනදෙන්න
මෙය ඉතාම වැදගත්. අප ජීවිතයේ නොයෙකුත් පීඩන, දුක්, කම්කටොලු විදිනවා. ඇත්ත වශයෙන්ම සලකා බැලුවොත් අපි ජීවිතය විඳිනවාට වඩා කරන්නේ විඳවන එක. ජීවිතය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පවා වදාරා තියෙනවා. තමන් ජීවිතයට ඇතිකරගත් ඉලක්කයට ගමන්කිරීමේදී කායික, මානසික පීඩනයන්ට හා දුක් කම්කටොලු වලට මුහුන දෙනවා. ඒවා දැක පලායාමට වඩා ධෛර්යවත්ව මුහුනදීම වැදගත්. මුලින්ම තමන්ට තමන්ගේ ජීවිතයේ දුක්වලට, වේදනාවන්වලට ජීඩනයන්ට මුහුනදෙන්නට සිදුවෙන බව හා ඒවා නොවැලැක්විය හැකිබව සිතට ගන්න. දුක පිලිගන්න, පීඩනයට ඔරොත්තු දෙන්න. විවේචන ඉවසන්න. කායික පීඩාවලින් නොසැලෙන්න. තමන් සුවිශේෂී පුදගලයෙක් නොවේ. අනෙක් අයට මුහුනදෙන්නට සිදුවන සෑම දේටම තමන්ටත් මුහුනදෙන්නට සිදුවෙනවා. "පැමිනි දුක් පැනි රසයි" යැයි සිතා දුශ්කරතාවයන්ගේන් නොසැලී තමන්ගේ අරමුණ කරා යන්න. එක වතාවක් තමන් අසමත් වුනත් නැවත, නැවත උතසාහ කරන්න. මූලිකවම තමන්ට දුකක්, පීඩාවක් ඇතිවුනුවිට බොහෝ දෙනා කරන්නේ එයින් මිදිමට වෙහෙස වීමයි. දුක් වේදනා ඉවසාගෙන සිටීමට ඊට වඩා බොහෝ අසීරු වෙනවා. නමුත් එය අනාගතයට වඩා ඵලදායක වෙනාවා. “No pain no gain“ ලෙස දැක්වන පරිදි වේදනාවකින් තොරව දියුණුවක් ලැබිය හැකි නොවේ. ඒනිසා ඔබ කලයුත්තේ හැකිතරම් වේදනාව මැඩගෙන අභියෝග ජයගැනීමයි.
වෙනස්වීම වලට මුහුනදෙන්න
ලෝකයේ සියලු දේ වෙනස්වනවා. භෞතික දෙවල්, ශක්තීන්, මිනිසුන් හා සිතුවිලි පවා කාලයත් සමග වෙනස්වෙනවා. වෙනස්වන ආර්ථිකය, සමාජය, දේශපාලනය හා මිනිසුන් යන කාන්ඩ අපේ ජීවිතවලට මහත් බලපෑමක් කරනවා. සමහරු වෙන්ස්වීමට බයවෙනවා, එය ප්රතතික්ශේප කරනව. නමුත් දියුණුවන තැනැත්තා වෙනස්වීම වලට මුහුනදී ඒවාට අනුගතවී කෙසේ හෝ තම ඉලක්කය සපුරාගන්නවා. සමහරවිට ඉලක්ක ආදියත් වෙනස්වෙනවා. එවිට සිදුවන අපේක්ශා භංගත්වයට මුහුනදී එය මැඩගැනීම දියුනුවේ ලක්ෂණයක්. මිනිස් චරිත පවා වෙනස් වනවා. තම ආයතන ප්රයධානියා, මිතුරන්, පෙම්වතිය හා බිරිඳ වැනි අපි ඇසුරු කරන පුද්ගලයන් ඍනාත්මක විදිහට වෙනස්වනවිට එයින් තමන්ට ඇතිවන පීඩනය දරාගැනීම වැඩගත් වෙනවා. රැකියාව මාරුකිරීම, වෙනත් රටක පදිංචියට යාම, දික්කසාදය, පෙම්වතියගෙන්/පෙම්වතාගෙන් වෙන්වීම ... මේ ආකාරයේ නොයෙක් ජීවිත පෙරළි හමුවේ ගල් කුලක් සේ නිසලව සිටින තැනැත්තා, තම ඉලක්කයට ලංවීම කාටවත් නතර කර නොහැක.
මේ ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතුවා. මේකේ තියෙන කාරණා ගැන ගැඹුරට හොයා බලලා ඒවා ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න මගෙන් සුභපැතුම්