බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය

    [FONT=&quot]බෙන්තොට ගලපාත පුරාණ රජ මහා විහාරය[/FONT]
    [FONT=&quot]සටහන හා ඡායාරූප[/FONT]
    [FONT=&quot]බර්ටි ලයනල්[/FONT] [FONT=&quot]උඩුගම්පොළ[/FONT]

    mail
    [FONT=&quot]ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කළ දුටුගැමුණු මහා රාජයාණන්ගේ සොහොයුරු[/FONT] [FONT=&quot]සද්ධාතිස්ස නරේන්ද්‍රයන් විසින් කරවන ලද්දක් යැයි ජනමතයේ සඳහන් වන[/FONT] [FONT=&quot]ගලපාත රජමහා විහාරය වූ කලි[/FONT], [FONT=&quot]දකුණු පළාතේ[/FONT], [FONT=&quot]පිහිටා ඇති[/FONT], [FONT=&quot]දිගු ඉතිහාසයක්[/FONT] [FONT=&quot]ඇති සුප්‍රසිද්ධ පින්බිමකි.[/FONT]

    [FONT=&quot]ආරම්භයේ දී මහරහතන් වහන්සේ පවා වැඩ සිටි බව කියන මෙම ශුද්ධ භූමිය[/FONT], [FONT=&quot]පෙර[/FONT] [FONT=&quot]රජ පැමිනි දෙවනපෑතිස්[/FONT], [FONT=&quot]නිශ්ශංකමල්ල[/FONT], [FONT=&quot]මහා පරාක්‍රමබාහු[/FONT], [FONT=&quot]දෙවන[/FONT] [FONT=&quot]පරාක්‍රමබාහු[/FONT], [FONT=&quot]වීරවික්‍රම[/FONT], [FONT=&quot]හයවන පරාක්‍රමබාහු[/FONT], [FONT=&quot]කීර්ති ශ්‍රී රාජසිංහ[/FONT] [FONT=&quot]ආදී රජවරුන් විසින්ද මහේන්ද්‍රාධිකාරී ප්‍රතිරාජදේව මහාමාන්‍යවරුන්[/FONT] [FONT=&quot]විසින් ද පුදන ලදුව මූලායතන පදවි ලාභයෙන් පෝෂිත වූ බැවින්[/FONT] ‘[FONT=&quot]සේලාන්තරමූලය[/FONT]’, ‘[FONT=&quot]සෙලාන්තරායතන්[/FONT]’, ‘[FONT=&quot]ගලතුරු මූලය[/FONT]’ [FONT=&quot]යන නම්වලින් මෙම[/FONT] [FONT=&quot]ස්ථානය හඳුන්වා ඇති බව මහා වංශාදී ග්‍රන්ථයන්හි හා ශිලා ලේඛනවල සඳහන්[/FONT] [FONT=&quot]වී ඇත. පාලි චූල වංශයේ භීමතිත්ථ යනුවෙන් හඳුන්වා ඇත්තේ ද[/FONT], [FONT=&quot]මෙම විහාරය[/FONT] [FONT=&quot]යි.[/FONT]
    mail

    [FONT=&quot]සර්වඥයන් වහන්සේගේ මහා පාංශුකූල චීවරය දැරූ කෙළෙස් ධ්‍රතාංගධාරී[/FONT] [FONT=&quot]භික්‍ෂූන් අතරින් අගතැන් පත්[/FONT], [FONT=&quot]බුදුරදුන්ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ[/FONT] [FONT=&quot]ලෙසින් පිදුම් ලද මහා කාශ්‍යප මහරතන් වහන්සේගේ එක් දළදාවක් මෙම ස්ථානයේ[/FONT] [FONT=&quot]වැඩම සිටින බව සඳහන් වීම මෙහි පූජනීය බව රඳා පැවතීමට විශේෂ කාරණයක්[/FONT] [FONT=&quot]වෙයි.[/FONT]
    1568 [FONT=&quot]වන විට පර සතුරු උවදුරු වලින් විනාශ වී[/FONT], [FONT=&quot]ශතවර්ෂ කිහිපයක් මේ[/FONT] [FONT=&quot]විහාරස්ථානය වනගතව පැවතියේ ය.[/FONT]
    [FONT=&quot]එහෙත් ධාතූන් වහන්සේ සහිත මෙහි ස්තූපය[/FONT], [FONT=&quot]විවෘත[/FONT], [FONT=&quot]උස් වූ ස්ථානයක පැවතිය ද[/FONT] [FONT=&quot]නිරුපද්‍රිතව පැවතීම ආශ්චර්යයක් බව සැමඟේ පිළිගැනීමයි.[/FONT]
    mail

    [FONT=&quot]ඒ අතර ලක් බුදු සසුන නැවත ඇති කර වදාළ අසරණ සරණ සරණංකර සංඝරාජයාණන්[/FONT] [FONT=&quot]වහන්සේගේ ශිෂ්‍ය දේද්දුව ශ්‍රී ධම්මානන්දාභිධාන මාහිමියන් වහන්සේ මෙහි[/FONT] [FONT=&quot]වැඩමවා බෙම්තොට[/FONT], [FONT=&quot]ඉඳුරුව[/FONT], [FONT=&quot]පහළගම් හය යන පළාත් වාසීන්ගේ හා අවට පළාත්[/FONT] [FONT=&quot]වාසීන්ගේ ආධාරෝපකාර ඇතිව විහාරස්ථානය යළි දියුණුවට පත් කළහ.[/FONT]
    [FONT=&quot]එදා සිට ශේෂව පවතින පුරා වස්තුවක් ලෙස ආරක්‍ෂිතව පවතින[/FONT], [FONT=&quot]ලියකම් සිලින්[/FONT] [FONT=&quot]අලංකෘත වූ ශෛලමය උළුවස්ස දැකුම්කළු නිර්මාණයකි. එලෙසින්ම විශේෂ කළුගල්[/FONT] [FONT=&quot]වර්ගයකින් නිර්මාණය කර ඇති ජල පෙරහන ද අගනා පුරා වස්තුවකි.[/FONT]
    [FONT=&quot]ආනන්ද ප්‍රතිමාලය සහ පුරාණ විහාරයන්හි ඇති මහනුවර කලා ලක්‍ෂණ විදහා පාන[/FONT] [FONT=&quot]සියුම් සිවුරු රැළි සහිත වූ බුද්ධ ප්‍රතිමා ද මෙහි විශේෂ නිර්මාණය. මහා[/FONT] [FONT=&quot]බ්‍රහ්ම[/FONT], [FONT=&quot]ශක්‍ර දේව[/FONT], [FONT=&quot]සුමන[/FONT], [FONT=&quot]කඳකුමරු[/FONT], [FONT=&quot]ශිව යන දේව ප්‍රතිමා ඇතුළු බිතු[/FONT] [FONT=&quot]සිතුවම් රාශියක් විනාශ වෙමින් පවතිනු දක්නට ලැබීම[/FONT], [FONT=&quot]ශෝකාකූල ය. විහාර[/FONT] [FONT=&quot]මන්දිරය තුළ ඇති සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කරන ලද වර්ණාලේපිත ස්තූපය[/FONT] [FONT=&quot]ද විශේෂත්වයකි.[/FONT]
    [FONT=&quot]ගලපාත විහාර භූමියේ පසෙක රහස් උමං මාර්ගයක ශේෂයන් දැකගත හැකි ය.[/FONT]
    [FONT=&quot]මෙම රහස් මාර්ගය ගලපාත විහාරය අවට ඇති වනවාස විහාරය[/FONT], [FONT=&quot]බෙන් විහාරය[/FONT], [FONT=&quot]බෝධිමළු විහාරය සහ උඩකොටුව යන ස්ථාන හා බැඳී පවතින්නට ඇත යනුවෙන් ද[/FONT] [FONT=&quot]මතයක් පවතී. මෙවැනි පෞරාණික වස්තු හා විහාරස්ථාන ආරක්‍ෂා කිරීම ඒ[/FONT] [FONT=&quot]පිළිබඳ වගකිව යුතු අයගේ යුතුකමය.[/FONT]
    mail

    [FONT=&quot]පෙර රජ දරුවන් විසින් නිර්මාණය කරන ලද[/FONT], [FONT=&quot]සියපතින් සුසැඳි ජල තඩාගය[/FONT], [FONT=&quot]අතීත[/FONT] [FONT=&quot]විහාර වාසීන්ගේ ජල අවශ්‍යතා ඉටු කළ තැනක් බව විශ්වාස කළ හැකි ය.[/FONT]
    [FONT=&quot]විහාරස්ථානයට නුදුරින් ඇති වාසලවත්ත නමින් හැඳිවෙන ප්‍රදේශ අතීතයේ[/FONT] [FONT=&quot]රජදරුවන් පූජෝපහාර පැවැත්වීමට පැමිණ රැඳී සිටි තාවකාලික වාසලක් තැනූ[/FONT] [FONT=&quot]ස්ථානයක් බවද කියැවෙයි. මෙම විහාරස්ථානයේ විහාරාධිපති සීගිරියේ අනෝම සහ[/FONT] [FONT=&quot]විහාරාධිකාරී බෙම්තොට අස්සජී හිමිවරුන් ද ගෞරවාභිමානයෙන් යුතුව [/FONT]
    mail
    [FONT=&quot]මෙහිදී[/FONT] [FONT=&quot]සිහිපත් කරමු.[/FONT]











    [FONT=&quot]බුදු සරණ අන්තරජාල කලාපයේ පළ වූ ලිපියකි[/FONT]








     
    • Like
    Reactions: laknath123