ඉසුරුමුණිය-පෙම්_යුවල

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉසුරුමුණිය-පෙම්_යුවල

    THE PEOPLE THOSE WHO ARE NOT BELIEVE IN REAL HELA HISTORY,
    PLEASE DON’T READ THE ARTICLE,;);)



    image005.jpg
    image006.jpg


    ;);)



    source: e-Mail msg
    thnx- E-MailSriLanka E-Mail Group
     
    • Like
    Reactions: Danurp and cresendo

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත් යෑයි පිළිගැනෙන වත්මන් ඉසුරුමුණිය යනු ඉසුරුමත් පවුල් වලින් පැවදි වූවන් උදෙසා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් කරවනු ලැබූ විහාර කර්මාන්තයෙකැයි බොහෝ දෙනා පිළිගනිති. විශේෂයෙන් ම මහින්දාගමනයත් සමග ඇතිවූ ආගමික පුනරුදය කරණකොට ගෙන බිහිවූ විහාර හා ලෙන් පූජා "රැල්ල" සමගින් බිහිවූ විහාරයක්‌ ලෙසින් මේ විහාරය හඳුන්වනු ලැබේ. දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ඉදිකරවන ලද විශාල වාරි කර්මාන්තයක්‌ වූ තිසා වැවට දකුණින් පිහිටා ඇත. තිසා වැවත් රන්මසු උයනත් අතර භූමියෙහි පිහිටා ඇති මේ විහාරය, මෑතකදී කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් මූලාශ්‍රයන්හි එන "දක්‌�ණ මේඝගිරි" නම් විහාරයක්‌ ලෙස හදුනාගනු ලැබිණි. මේ විහාරය පිහිටා ඇත්තේ රන්මසු උයනේ සීමාවේ හෙයින් මෙම විහාර භූමියද රන්මසු උයනටම නතුව තිබෙන්නට ඇත. අප "ඉසුරුමුණිය" යෑයි වරදවා හඳුන්වන "දක්‌�ණ මේඝගිරි විහාරය" ද දේවානම්පියතිස්‌ස සමයේ කරවනු ලැබූවකි. එසේම සැබෑ ඉසුරුමුණිය විහාරය නොහොත් "ඉස්‌සරමනා වෙහෙර", වෙස්‌සගිරිය වශයෙන් ද හඳුනාගෙන ඇත. එම වෙස්‌සගිරිය අනුරාධපුර කුරුණෑගල පාරේ තිසා වැවට නුදුරු බිමක පිහිටි අක්‌කර විස්‌සක පමණ වපසරියකින් යුත් බිමකි. මේ ගැටලුව විසඳීමට ඉතිහාසඥයන්ට හැකි වී ඇතත්, ඒ බව දැන දැනම වරදවා කතා කිරීමට අප හුරුවී ඇති නිසාම මින් මතු ද මේ දක්‌�ණ මේඝගිරි විහාරය, ඉසුරුමුණිය ලෙසම හැඳින්වෙනු ඇත.

    වංශ කතා අනුව ඉසුරුමුණිය විහාරය පන්සියයක්‌ භික්‍ෂුන් වහන්සේ උදෙසා වෙන්වී තිබී ඇත. විහාරය පර්වතයක්‌ ආශ්‍රය කරගනිමින් නිර්මාණය කර ඇති අතර පරිවතය පාමුල පොකුණකි. මෙම විහාරයේ ඉතිහාසය ගවේෂණයේ දී ඉළනාග (ක්‍රි.ව. 35-44) රජුගේ පුත් චන්ද්‍රමුඛසීව (ක්‍රි.ව. 44 - 52) රජු විසින් "මණිකාරගාමයෙහි" ආදායම ද විහාරයේ නඩත්තුවට පූජා කොට ඇතැයි හෙළි වෙයි. වසභ රජුතුමා විසින් මෙම ඉසුරුමුණියට උපෝසථාඝරයක්‌ ද, වෝහාරිකතිස්‌ස රජු විසින් විහාරය වටා පවුරක්‌ ද බඳවා සඟසතු කොට ඇත. ඒ අනුව අප නිගමනය කරන පරිදි මෙම විහාරය ක්‍රි.ව. දෙවැනි ශත වර්ෂය තෙක්‌ම උපරිම රාජානුග්‍රහය ලබා ඇත. රසවාහිනියේ එන පරිදි දුටුගැමුණු පුත් සාලිය කුමරු මෙම විහාරයේ ශීලය සමාදන් වී ඇති අතර දුටුගැමුණු රාජානුග්‍රහයෙන් විහාරය විශාල කරවා ඇත. අටමස්‌ථාන පූජා භූමි අතරින් එකක්‌ ලෙස ද බහුමානයට පත්ව ඇති මෙහි පැරැණි විහාර පර්වතයේ නැගෙනහිර කොටසේ, පර්වතය හෑරීමෙන් පසු කුඩාවට නිමවා ඇත. විහාරයේ ද්වාර උළුවස්‌ස හා මකර තොරණ ශෛලමය නිර්මාණ වන අතර මකර තොරණේ කැටයම් අනුව කිතු වසින් දසවන ශතවර්ෂයට අයත් බවට ඉතිහාසඥයෝ තහවුරු කර ඇත. ඉසුරුමුණි විහාරයේ වෝහාරිකතිස්‌ස (ක්‍රි.ව. 214-236) රජු කරවන ලදැයි සැලකිය හැකි පවුරේ තිබෙන්නට ඇතැයි සැලකෙන අගනා නිර්මාණ සම්බන්ධයෙන් වන නව ප්‍රස්‌තුතයක්‌ මෙම පරිච්ඡේදයෙන් ප්‍රකට වෙයි.

    නාලිනී ද ලැනරෝල් ගේ මතයට අනුව ඉසුරුමුණියේ සුප්‍රකට පෙම් යුවල හා රජ පවුල යන නිර්මාණ ද්වය කාශ්‍යප රජ සමයට අයත් යෑයි "දස රජ පුවත" නම් කෘතියෙහි දී දක්‌වා ඇත. බොහෝ විට ඉසුරුමුණිය කාශ්‍යප විසින් කරවූ බවට එන "වෙස්‌සගිරි" ලිපිය එම මතයට පාදක වෙන්නට ඇතැයි සිතිය හැකි නමුත් "බෝ උපුල්වන් කසුප්ගිරි රද්මහ වෙහෙර" යනුවෙන් කාශ්‍යප 1 විසින් කරවූයේ මේ ඉසුරුමුණිය නොවේ. වෙස්‌සගිරියේ ප්‍රතිසංස්‌කරණයකුයි.

    "පස්‌වනුව මහ සෑ තන්හි සෑ බිම යහපත් ගල්ටැමැ මොනවට පිහිටුවීමද බුදුහු ශිව ධාතුව පිහිටුවීමද සවෙනිව ඉසුරුමුණි විහාරය පිsහිටුවීමද, සත්වනුව තිසා වැවද....." (මහාවංශය.)

    ඉසුරුමුණිය සම්බන්ධව කතා කිරීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතුය. මන්ද ඉසුරුමුණි විහාර දෙකක්‌ පවතින හෙයිනි. යම් තැන්වල වෙස්‌සගිරියට කරන ලද පූජා ද ඉසුරුමුණියට කරන ලද පූජා ලෙස හඳුනාගත හැකි වීම නිසා ඉතිහාසය වෙනස්‌වීමේ අවදානමක්‌ ද පවතියි. ඉසුරුමුණිය ලෙසින් අප කතා කරන විහාරයේ ප්‍රසිද්ධිය කෙරෙහි බලපා ඇති ප්‍රධානතම සාධක මෙසේ ඉදිරිපත් කළ හැක.

    1. දිය කෙළින ඇත් රූප.

    2. "පෙම් යුවල" කැටයම.

    3. "සඳ කිඳුරු" කැටයම.

    4. "රජවාසල දර්ශනය" කැටයම.

    5. "අශ්ව හිස හා මිනිස්‌ රුව" කැටයම.

    මෙම නිර්මාණ පල්ලව හා ගුප්ත යන කලා සම්ප්‍රදායන්ට නෑකම් දක්‌වන ස්‌වභාවයක්‌ ප්‍රකට කරන අතර බොහෝ විද්වතුන් මේ නිර්මාණ සම්බන්ධයෙන් විවිධාකාරයේ අර්ථකථන සපයා ඇත. ඒ පිළිබඳ පූර්ණ අර්ථකථනයක්‌ සිදු කිරීම තුළින් නව ප්‍රස්‌තුතයක්‌ ඉදිරිපත් කිරීම අපගේ අපේක්‍ෂාවයි.

    දිය කෙළින ඇත් රූප
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඉසුරුමුණි පර්වතය පාමුල ඇති ජල තටාකයේ ගිලෙමින් සිටින හස්‌තීන් නිරූපණය කෙරෙන මෙම කැටයම පර්වතයේම අර්ධ උන්නතව නිර්මාණය කර ඇත. ඇතුන් සිව් දෙනකු මෙහි නිරූපණය කර ඇති අතර ඔවුන් විවිධාකාරයේ ඉරියව් ප්‍රකට කරයි. නෙළුම් පත්‍ර හා කැකුළු ද ඒ අතරම නිර්මාණය කර තිබේ. සජීවී බව නිර්මාණයට අරෝපණය කිරීමට ශිල්පියා දක්‌වන ලද උත්සාහය ඉන් ස්‌ඵූට වෙයි. මේ හා සමාන ම හස්‌ති රූ රන්මසු උයෙන් ද දැක ගත හැකිය. එහිද පොකුණක නෙළුම් මල් මධ්‍යයේ දිය කෙළියේ යෙදෙන හස්‌ති රූප වෙයි. ශිල්පීය ලක්‍ෂණ අනුව පල්ලව නිර්මාණ කුසලතාවන් ප්‍රකට කෙරෙන අතර මහාචාර්ය පරණවිතානයන් මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් ඉන්ද්‍ර දෙවියන්ගේ රථය වන ජලයට අධිපති ඓරාවණ නම් හස්‌තියා නිරූපණය කිරීම මෙහි අභිප්‍රාය බව සඳහන් කරයි. ඉන්දියාවේ මහා බලිපුරම්හි ද මෙවැනිම හස්‌ති රූප ඇත. එම නිර්මාණයක්‌ ක්‍රි.ව. 7-8 සියවස්‌වලතදී රජ කළ පල්ලව රජෙකු වූ නරසිංහ වර්මන්ගේ යුගයට වැටෙයි. ඒ අනුව පල්ලව සම්ප්‍රදායේ ආභාෂය ඇති "දිය කෙළින ඇතුන්" ක්‍රි.ව. 6-7 සියවස්‌වල නිර්මාණය කරන ලදැයි පිළිගැනීමට සිදුවේ. මේ අනුව මෙය 6-7 සියවස්‌හි ලා ගිණිය හැක. එහෙත් මෙයින් ගම්‍ය වන අර්ථය විමසිය යුතුය. මහාචාර්ය පරණවිතාන ඇතුළු විද්වතුන් දරන අදහස වන "ඓරාවණ" මතය තහවුරු කළ නොහැකිය. "ඓරාවණ" සංකේතවත් කළ යුතු වූයේ නම් එක්‌ ඇතෙක්‌ පමණක්‌ නිර්මාණය කළ යුතුව ඇත. රන්මසු උයනේ ඇත් රූපවලින් ද ඓරාවණ නිරූපිත බව කිව නොහැක්‌කේ එහි ද ඇතුන් කිහිප දෙනකුම නෙළා ඇති නිසාය.

    මේ අනුව අප විසින් ඉදිරිපත් කරනු ලබන අදහස වන්නේ එම හස්‌ති රූප මගින් ස්‌වාභාවික අලංකරණයක්‌ නිරූපණය කිරීම අපේක්‍ෂා කරන ලද බවයි. ස්‌වභාවිකත්වය වඩාත් ඔප නැංවීමට ශිල්පියා දක්‌වා ඇති ප්‍රයත්නය අනුව ඉන් සජීවී බව මතු කිරීමේ තැත හෙළිවෙයි. ජලයට වැද තුටු වෙන ඇත් රූ මගින් සෞභාග්‍ය අපේක්‍ෂා කිරීමත්, කලාත්මක අගය රඳවා තැබීමත් අපේක්‍ෂා කොට ඇත. විශේෂයෙන්ම ඇත් රූ මගින් බලාපොරොත්තු වන සෞභාග්‍ය, ජලයත්, සමග එකතු වීමෙන් බහුල වන ආකාරය ඉන් ප්‍රකට කෙරෙයි.

    අනෙකුත් නිර්මාණ සහ "දිය කෙළින ඇත්තු" කිසිදු සබඳතාවක්‌ නොදක්‌වන බව පෙනී යයි. රන්මසු උයනේ "ඇත් රූ" ද මෙම නිර්මාණය හා සමකාලීන වන අතර ජලය ඇති තැන් වල ඇත් රූ නෙළීමේ සම්ප්‍රදායක්‌ පැවතුනේ දැයි කල්පනා කර බැලීම අගනේ ය.

    පෙම් යුවල

    ඉසුරුමුණිය සම්බන්ධයෙන් මීළඟට ඉදිරිපත් කෙරෙන ප්‍රස්‌තුතය දියත් වන්නේ පෙම් යුවළ කැටයම අනුසාරයෙනි.

    අඩි 3 අඟල් 01 ක උසින් ද, අඩි 02 අඟල් 03 පුළුලින් ද, යුක්‌ත වන "ඉසුරුමුණි පෙම් යුවළ" ලෙසින් සුපතළ කලා නිර්මාණය අද ඉසුරුමුණියේ කෞතුකාගාරයක තැන්පත් කර ඇත. මෙම නිර්මාණය කෞතුකාගාරයට ලැබුණේ විහාරය වටා වූ ප්‍රාකාරයේ තිබියදී බව දැනගන්නට ඇත. කාල නිර්ණය අනුව මේ කලා කෘතිය ක්‍රි.ව. 6 වැනි ශතවර්ෂයට අයත් බව තහවුරු කොට ඇත. නිර්මාණයේ කලා ලක්‍ෂණ අනුව ගුප්ත අධිරාජ්‍ය සමයේ භාරතයේ පැවති කලා සම්ප්‍රදාය ප්‍රකට වෙයි. ශිල්පියා සජීවී බව ආරක්‍ෂා කරගැනීමට බොහෝ සෙයින් තැත් කොට ඇති ආකාරය නිර්මාණයේ ඉරියව් වලින් ගම්‍ය වේ. නිර්මාණයෙන් නිරූපිත පුරුෂයා තුළින් ප්‍රතාපවත් බවක්‌ ප්‍රකට වන අතර ඔහුගේ හිඳ ගැනීම් විලාසයද තේජාන්විත බවක්‌ ප්‍රකට කරයි. පුරුෂයාගේ දකුණු බාහුවට ඉහළින් කග පතක මිටක්‌ හා පළිහක්‌ නිර්මාණය කර ඇත. දැඩි කාය ශක්‌තියකින් යුක්‌ත බව පුරුෂ රුව තුළින් ප්‍රකට වෙයි. එසේම ස්‌ත්‍රී රූපය ස්‌ත්‍රී කෝමලත්වයෙන් යුක්‌තව ලැඡ්ජාශීලී අයුරින් නිරූපණය කොට ඇත. වළලුකර දක්‌වා සළුවක්‌ හැඳ සිටින අතර, උඩුකය දුහුල් වස්‌ත්‍රයකින් වසා ඇති බව සිතිය හැක. ආභරණ පළ¹ ඇති අතර පුරුෂයා හා ප්‍රේමයෙන් වෙලෙන අවස්‌ථාවක්‌ නිරූපණය වේ. දකුණත පුරුෂයාගේ සිරුරේ ස්‌පර්ශ වන සේ තබාගෙන ඇති අතර එම අතින් ත්‍රිපාතක මුද්‍රdව නිරූපිතය. මෙම ස්‌ත්‍රියගේ හා පුරුෂයාගේ කැටයමින් ප්‍රකාශිත මුද්‍රා පිළිබඳව "කලාව ඇගයීම" නම් කෘතියේ දී සිරි ගුණසිංහ මෙසේ සඳහන් කරයි.

    1. පුරුෂයාගේ ශීර්ෂයෙහි නිහංචිත මුද්‍රාව - ස්‌ත්‍රියට ආදරය කරන බව.

    2. පුරුෂයාගේ දකුණතේ මයුර මුද්‍රාව - ස්‌ත්‍රිය නිසා ආඩම්බර වන බව.

    3. ස්‌ත්‍රියගේ හිසේ අංචිත මුද්‍රාව - ආලයෙන් සිටින බව.

    4. ස්‌ත්‍රියගේ දකුණතේ ත්‍රිපාතක මුද්‍රාව - අභිරමණයට කැමති බව.

    5. ස්‌ත්‍රියගේ ඇස්‌වල නිමිලිත මුද්‍රාව - පුරුෂයාට අයත් වන බව.

    මෙම කලා නිර්මාණය සම්බන්ධයෙන් විවිධාකාර මත පළවී ඇත. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පරණවිතානයන් ඉදිරිපත් කරන ලද අදහස වන්නේ සාලිය - අශෝකමාලා නිරූපිත බවයි. සාලිය කුමරුට අශෝකමාලා මුණ ගැසී ඇත්තේ ද මේ අවට ප්‍රදේශයේ තිබුණු අශෝක උයනකදී ය. ඒ බව පිහිටට ගෙන පරණවිතාන මහතා ඉන් සාලිය හා අශෝකමාලා මුණගැසුණු අවස්‌ථාව බව ප්‍රකාශ කරයි. නමුත් සාලියට එම අවස්‌ථාවේ ආයුධ කුමක්‌ පිණිස ද? මේ සම්බන්ධයෙන් පරණවිතාන මහතා අදහසක්‌ සපයා නැත. එසේම මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් මෙම නිර්මාණය මගින් යුද්ධයට ගොස්‌ පැමිණි සෙබළෙකු සිය බිරිඳ අස්‌වසාලන ආකාරය ස්‌ඵුට කරතැZයි කියයි. නමුත් ස්‌ත්‍රියක්‌ සනසමින් සිටින පුරුෂයෙකුගේ කැටයමක්‌ විහාරයකට කුමකට ද? විහාරස්‌ථාන වල චාරිත්‍ර සම්බන්ධයෙන් ආදි සංස්‌කෘතික මතවාද සහිත මාර්ටින් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වා නැත.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    එසේම මෙම නිර්මාණය මගින් ශිව හා පාර්වතී නිරූපණය වෙතැයි ද කියතත් බෞද්ධ පූජ්‍යස්‌ථානයක හින්දු සංකල්ප තබා ගැනීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ ද යන ගැටලුව පැන නගී.

    තවත් මතවාදයකට අනුව මෙම නිර්මාණය මගින් ප්‍රකට කෙරෙන්නේ මතු බුදුවන බවට විශ්වාස කෙරෙන මහායානික බෝධිසත්වයන් වහන්සේ වන මංජු ශ්‍රී ගේ එක්‌ අවතාරයක්‌ වන ස්‌ථêරචක්‍ර නම් බෝධිසතුන් සහ තාරා දෙවඟන වන බවයි. බෝධිසත්ව සංකල්පයක්‌ මින් නිරූපිත නම් අනිවාර්යයෙන්ම අවි ආයුධ වලින් සන්නන්ධ කොට සිටින්නේ බෝසතුන්ය. මෙය අතිශයෙන්ම විය නොහැකි ක්‍රියාවකි. අප විසින් මේ නිර්මාණය පිළිබඳ තහවුරු කරන ප්‍රස්‌තුතය වන්නේ මින් නිරූපණය කරන සිද්ධාර්ථ කුමාරයා සහ යශෝදරා දේවිය වන බවය.

    ගුප්ත සම්ප්‍රදායේ නිර්මාණකරුවන් විශේෂයෙන්ම බෞද්ධ සම්ප්‍රදායක්‌ අනුව නිර්මාණකරණයේ යෙදුණු පිරිසක්‌ විය. මෙම නිර්මාණය ද එලෙසම බෞද්ධ සම්භවයක්‌ සහිත නිර්මාණයක්‌ බව සැක කළ හැකිය. විහාර භූමියක පෙම්වතුන්ගේ කැටයම් තිබීම අද්භූතජනක දෙයකි. නිර්මාණයේ පුරුෂයාගේ ඉරියව් ද ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට කරයි. අපගේ විශ්වාසය නම් මේ නිර්මාණය සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දැක්‌වීමෙන් ඉක්‌බිතිව යශෝදරා කුමරිය මුණගැසුණු අවස්‌ථාවක්‌ විය හැකි බවයි. පළිහ සහ කග පත ශිල්ප ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව සමග ගළපා ගත හැකිය. ස්‌ත්‍රී රුව තුළ පෙනෙන ලැඡ්ජාශීලී ස්‌වභාවය අනුව ඔවුහු විවාහක අඹු සැමියන් විය නොහැක. ඔවුහු ප්‍රේමයෙන් සිටින දර්ශනය මින් ප්‍රකට වෙයි. ඒ අනුව ඉසුරුමුණියේ පෙම් යුවළ වශයෙන් පිළිගන්නා නිර්මාණය, සිද්ධාර්ථ බෝසතුන් හා යශෝදරා කුමරිය ප්‍රේමයෙන් ගෙවූ කාලය සිහි කරවන නිර්මාණයක්‌ බවට ප්‍රකාශ කළ හැකිය.


    නිමේෂ තිවංකර සෙනෙවිපාල

     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    76728_1692233789527_1348247237_1828270_7103502_n.jpg



    ඔබ මොවුන් දෙදෙනා දැක තිබේද? ඔබේ අසල්වැසියෙක්ද? ඔවුන් දෙදෙනා පිළිබඳ තොරතුරු වහාම දැනුම් දෙන්න... ඔවුන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාල වෙබ් අඩවි වල තිබී හමු වී ඇත. ඔබව ඔවුන්ගේ සමාජ ජීවිතය මරා දමා කෲර වින්දනයක් ලබන්නට මහඟු අවස්ථාවක් ලැබී ඇත. අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න..

    මෙය අනුරාධපුර යුගයේ රජ කළ කිසියම් කුපාඩි සිංහල රජෙකුගේ වැඩකි. ඒ මදිවාට බුද්ධාගමට අපහාස කිරීම සඳහා මෙය අඹවා ඇත්තේද ඉසුරුමුනි විහාරයේය. ශත වර්ෂ ගණනාවක් පුරා බිළියන ගණනාවක් දෙස් විදෙස් ජනයා මෙය නරඹා සිය මනස් විකෘති කරගෙන ඇත.

    මෙවැනිම අසභ්‍ය චිත්‍ර සීගිරියේදීද දැකිය හැකිය. ඊට අමතරව සීගිරි කැටපත් පවුරේ කුණු හරුප කුරුටු ගීද ඇත.

    මේ අසභ්‍ය නිර්මාණ කළ අය දැන් මියගොස් ඇතත් මේ නිර්මාණ හෝ විනාශ කර දැමීම සඳහා ‍පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මේ පිළිබඳව දැණුම් දෙන්න

    148853_1692155107560_1348247237_1828177_5383903_n.jpg


    සීගිරියේ බිත්ති වල සිටින අසභ්‍ය චිත්‍රවල පෙනීසිටි "ලලනාවන්" ගේ අනන්‍යතාව සොයාගැනීම සඳහා ලංකාවේ එක්තරා කාර්‍යන්ශයක් මහ ජනතාවගේ සහය පැතීමට තීරණය කර ඇත... ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ අවසන් වනතෙක්, කරුණාකර ඔබේ දරුවා සීගිරිය නැරඹීමට කැටිව යාමෙන් වළකින්න...


    හොද නම් රෙප් ඔනා..
    හුදෙක් ෆන් එක සදහා පමනි...

    නෝ හාර්ඩ් පීලින්ග්ස්...